Sunday, May 30, 2010

Tear of the.......



වලාකුල් මත තැනූ මාලිග.. ඔහේ තැන තැන විසිරිලා..
සිහින් හිරිකඩ පොදක් පමණක් මගේ නෙතු අග නැවතිලා

සලා දිය රැල් පලායන ඒ... සයුරු වෙරලේ තනිවෙලා...
බලා ඉමි මා ඔබේ සුසුමන් කෙදින හෝ යලි එයි කියා...

මලානික රැස් කෙමෙන් ගිලිමින් ක්ෂිතිජ ඉමකට පාවෙලා..
වලාමත ලූ මගේ මතකය කෙසේ ඔබ අමත කලා....

අරා දෙනයන වරා මලකට ඈතයන හැටි පාවෙලා..
සිරාවට නෑ ඇවිත් තටු මට ඈත යන්නට ඉවතලා..

මරා මස්කර උරා ලේබී මාගෙ කුනුකය ඉවතලා...
ඉරාගත හැකිනම් ඔබේ පෙම අරන් යනු මැණ පැමිණිලා...

That is What

මේකෙ ඉංග්‍රීසි ගුරෙක් හිටිය එයා මේ දවස්වල නෑ...මම නිකමට වැඩබලන්න තීරණය කලා

That is what.....( යම්කිසි ක්‍රියාවක් කිරීමේදී හෝ කර අවසානයේ ඒක තමයි යන්න කීමට මෙය භාවිතා වෙයි..)
අපි පාඩමට කලින් යෙදෙන තැන් බලමු...ඔයාල ඉන්ග්‍රීසි කියවන්න දන්නව කියල හිතල ප්‍රොනවුන්ස් දැම්මෙ නෑ...මේව ගොඩක් වෙලාවට කතාවෙ තමා භාවිත වෙන්නෙ...
1.That is what I told you.
ඒක තමා මම ඔයාට කිව්වෙ...
2.That is what happend.
ඒක තමයි සිද්ද උනේ...
3.That is what we wanted to do.
අපිට කරන්න ඕනි උනේ ඒක තමා..
4.That is what I meant by it.
ඒක තමයි මම ඒකෙන් අදහස් කලේ....
5.That is what they decided at last.
ඒක තමා ඔවුන් අන්තිමේදි තීරණය කලේ..
6.That is what we have been looking for.
අපි සොයමින් සිටියෙ ඒක තමා..
7.That is not what do were asked to do.
ඔයාට කරන්න කීවෙ ඒක නෙමෙයි..
8.That is what you have to do.
ඒක තමයි ඔයාට කරන්න තියෙන්නෙ...
9.That is what I wanted to tell you.
ඒක තමා මට ඔයාට කියන්න අවැසි උනේ..
10.That is what I got at last.
ඒක තමයි අන්තිමේදි මට ලැබුනෙ...
දැන් ඔයාල දන්න කියන වාක්‍ය කීපයක් තනියම හදල බලන්න ....
ඒක තමයි දැන් රනිල් යන්නයි තිබුනෙ..
ජයසූරියට කරන්න තිබුනෙ ඒක නෙමෙයි...
ඒක තමයි අලිය දිව්වෙ පෙරහැරේ..
ඔය වාගෙ දෙක තුනක් තනියම ට්‍රයි කරල බලන්න....

Friday, May 28, 2010

අපි කොහොමද ලොකු වෙන්නෙ....

ලන්කාවෙ ජන්ගම දුරකතන පාරිභෝගික සංඛ්‍යාව මිලියන 6ක් විතර වෙනවා...ඒ අතරින් ෆේස්බුක් වැනි ගෝලීය සමාජ ජාල සහ අන්තර්ජාල පහසුකම් විඳින පිරිස මිලියන .5 වගේ අගයක් වෙනව.....ඔය කන්ඩායමෙන් මූනුපොතේ (ෆේස්බුක් ) ඉන්න ගණන.....ලක්ශ 2ක් විතර එයිනුත් සිංහල බ්ලොග් ලියන්නෙ කීයෙන් කී දෙනාද කියවන්නෙ කොයිතාරම් අඩු පිරිසක්ද....මම හිතන්නෙ ඉරිද දිවයින පත්තරෙ විකිනෙන තරමවත් අපේ බ්ලොග් අවකාශේ ඇක්ටිව් අය ඉන්නව ඇති කියල..

මගේ ඉහත කී ඔක්කොම සංඛ්‍යාලේඛන සක්‍රිය පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් පමණි...උදාහරණ ලෙස මාසෙට 1 වතාවක් පිටරටින් එන කෝල් එකක් බලාගෙන ෆෝන් එක මාසෙම චාජ් කරගෙන ඉන්න සමහර අසරණ අය දුරකතන භාවිතා කරන සක්‍රිය චරිත විදිහට මම දැකල නෑ....

ලංකාවෙ අන්තර්ජාල පාරිභෝගිකයින් වැඩිවුනා ඉතාම සීග්‍රයෙන් පහුගිය කාලෙ ඒකට හේතු ලෙස
*අන්තර්ජාල පිවිසුම් සහිත ජංගම දුරකතන මෝස්තරයක් වීම...
*3ජී සහ එ ච් එස් ඩී පී ඒ උපාංග මිල අඩුවීම....
*ටීවී එක රේඩියෝව..වැනි විසිතුරු බඩුවක් ලෙසත් ළමුන්ට මෙවලමක් ලෙසත් අඩුමිල පරිගණක ලාංකීය නිවාස තුලට රිංගීම....
*තරඟකාරී වෙළඳපොල තුල අන්තර්ජාල පහසුකම් ගාස්තු සීඝ්‍ර ලෙස අඩුවීම..
*ඊ මේල්, ස්කයිප්,ගූගල් ටෝක්,නිවුස් බැලීම වැනි වියදම අඩු සන්නිවේදන මාධ්‍යක් ලෙස අන්තර්ජාලය ජනප්‍රිය වීම.....
*අසභ්‍ය වීඩියෝ මොබයිල් ෆෝන් ව්ලිනුත්...සීඩී ලෙසත් ප්‍රචාරය වීම නීති මඟින් වැලැක්වීම නිසා..ඇසැබි දේ බැලීම පිණිස අන්තර්ජාලය භාවිත වීම....
*උසස් අධ්‍යාපනය තුල එසයින්මන්ට් ලිවීම නෝට් එකතු කිරීමට අන්තර්ජාලය පහසු තැනක් වීම....
*ඉන්ටර්නෙට් එකෙන් හිඟාකෑමට ලස්සන නමක් එකතුකොට ඉන්ටර්නෙට් මනි යනුවෙන් ජනප්‍රිය වීම...
*උයන් වතු....මූදු වෙරල....මඟතොට සදාචාර කරුවන් ආක්‍රමනය කොට ඇති හෙයින් පෙම්වතුන්ට සයිබර් අවකාශය මාධ්‍යක් වීම..
දැක්විය හැක....මෙහිදී හැලුනු බොහොදේ ඇතැයි ඔබ සිතනු ඇත එහෙත්...සත්‍යය නම්...ක්ලවුඩ් කම්පියුටින්....ඊ ලර්නින්....ඊ මාකටින්...ඊ බෑන්කින්..සඳහා ලන්කාවේ ඉන්ටර්නෙට් ලබාගත් පාරිභෝගිකයින් ඉතාම අඩු බවය....

මා මෙම බ්ලොග් අවකාශ තුල කියවන්නන් ගණන මිලියන.2 ක් වන අවස්තා ඇති බ්ලොග් දැක නොමැත....මිලියන .2ක් යනු හීනයක් උවත් ශ්‍රී ලංකාවේ පමණක් සිංහල කතාකරන ජනතාව ප්‍රමාණය මිලියන 15ක ආසන්න අගයක් වන බව ඔබට මතක් කිරීමට කැමැති වෙමි...මෙම තත්වය තුල ඉතා රසවත් දේ කීපයක් මා දකිමි....
*තමන්ගේ වෙබ් අඩවි තුල ලියන්නැයි ආරාධනා.....
*බ්ලොග් කියවන අතර ගැටීම්...(මත ගැටීම් නම් පරුෂ වචන අවැසි නැත )
*ඇඩ් ඔබන ලෙස ඉල්ලා වැලපීම්...
*අනුන්ට කොමෙන්ට් ඒම...ඔවුන්ගේ ගනන වැඩිවීම නොඉවසන්නන්ගේ කුණුහරුප හුවමාරු....
*ගැහැණු පරාණවල කොමෙන්ට් වැඩිවීම නොරුස්සන සමහරු බැන අඬගසා ගැනීම්...
*ආගම ප්‍රචාරය කිරීම්.....
*නිර්දය ලෙස ආගම විවේචනය කිරීම්....

මාද එකෙකු වන මේ ලිං ගෙම්බන් රැල අමතක කල එක සත්‍යක් වෙයි...එනම් සිංහල බ්ලොග් බලන ක්‍රියාකාරිකයින් සංඛ්‍යාව ඔලුගෙඩි 10,000 වත් නොවෙන බව.....ඔබ සන්ඩේ ඔබ්සවරය දැක ඇත එයට එන ඇඩ් ප්‍රමාණය අපේ වෙබ් අවකාශයට එනවානම් කොයි තරන් සුන්දරද කියා මඳක්ට හිතන්න......අපේ බ්ලොගක පලවූ කාරණාවක් වැරදි බවකියා රජයේ මාධ්‍ය සාකච්චාවක දෙස් තැබීම කොයි තරම් වින්දනීයද කියා සිතන්න.....සිංහල බ්ලොග්ක පලවූ කාරණාවකට සමාජයේ මිනිසුන් අතින් පයින් වලිදමා ගැනීම කොයි තරම් හීනයක්ද කියා සිතන්න....

ඔබට අපි නියෝජනය කරන අල්පතර සමාජ තීරුව අවබෝද වී යැය් මා සිතමි....අඩුතරමේ අපිට මූනුපොතෙ සිටින උන් ටිකවත් අද්ද ගන්න පුලුවන් නම් හොඳ බව මාගේ අදහසයි....සිංහල භාෂාව ජනප්‍රිය කිරීමට රාජ්‍යය තොරතුරු තාක්ෂන සම්පත්වල උනන්දුව මදි ආකාරයක් පෙනී යය්...
*ලන්කාවේ අලෙවි කරන සොෆ්ට්වෙයාර් සහිත පරිගණක අතලොස්සටවත් සින්හල ඉන්ස්ටෝල් කර අලෙවි කරන්නේ නම් හොඳය...(චීනයේ මෙන් )
*උබන්ටු වින්ඩෝස් වැනි ඕ එස් වල සින්හල ෆොන්ට් එනේබල කර එවන ලෙස ඉල්ලා සිටිය හැක....(මෙය ඉහල පුටුවකින්ම විය යුතුයි..)
*රාජ්‍ය සේවය පිණිස මිලදී ගන්නා පරිගණකව්ල අනිවාර්ය ලෙසම සින්හල තිබිය යුතු යැය් චක්‍රලේඛ නිකුත් කල හැක....
*රජයේ අධ්‍යාපන විෂය නිර්දේශවල තොරතුරු තාක්ෂණයේ සින්හල භාවිතා ගැන කාලච්ඡේදයක් එකතු කල හැක....
*රජයේ කොටස් සහිත සමාගම්වල වෙබ් අඩවි සින්හල භාෂාවෙන්ද එවන මෙන් ඉල්ලිය හැකිය...

සින්හල බ්ලොග් ජනප්‍රිය වීමට පලමු ඉන්ග්‍රීසි නොදැනීම කොම්පියුටරවලට ගැටලුවක් නොවෙයි යන්න ජනප්‍රිය විය යුතුයි...මා දැන් ටයිප් කරන යුනිකෝඩ් එසැන පරිවර්ථකය ...අඩුමතරමේ ෆයර්ෆොක්ස්වලවත් දිගින් දිගට දීර්ඝ ලිපි ලිවිය නොහැකි ගැටලුව පවතින බවත්...මෙය 2006න් පසු යාවත්කාලීන නොකර ඇති ආකාරයක් පෙන්නුම් කරන බවත් සතුටින් දැනුම් දෙමි....එසේම ඕපන් සෝස්..ක්ලවුඩ් කම්පියුටි න් ගැන කතාකරන වියතුන්ට....උබන්ටු සංස්කරණ 4ක් පුරාවට මා දැක ඇති මූලික යුනිකෝඩ් ෆොන්ටයේ වැරදි 10.04 වලදිත් සකස් නොවී ඇති බවත් කීමට කැමැත්තෙමි...

මෙය කියවූ ඔබටත් මෙය බලා ආණ්ඩුවට හා නිලධාරින්ට දෙස් තැබීමේ ෆන් එක ගැනීමට ප්‍රථම කලහැකි බොහෝ දේ ඇති බව කීමට කැමතිය මට හිතුනු දේ කීපයක් පහත දක්වා ඇත....
*ඊ මේල් සඳහා හැකි සෑම විටම සින්හල භාවිතා කිරීම.....( ටොප් ලෙවෙල් එකේ සිට ලේබර් දක්වා කඩු වනන්නන් බලාපොරොත්තු වන දීන එන්වරමන්ට් ඇති සින්හල කොම්පැනිවල ,,බොදු උපාසක ටොප් මැනේජරයන්ට මෙය නොදිරවිය හැකිඋවත් මදක් උත්සාහ කොට බලන්න..)
*මූනොපොත, බzස්,ටුවිටර වැනි දේවලඔබේ යහලුවන් සින්හල දන්නා අය වෙයිනම් සින්හල භාෂාඅවෙන්ම ටයිප් කරන්න....සින්ග්ලිශ් කියවීමට වඩා මා නම් සින්හල කියවීමට ආසා කරමි..එසේම සින්ග්ලිශ් වලට වඩා ශුද්ධ සින්හල පහසුවෙන්ම කිය්විය හැකි බව මාගේ අදහසයි...
*නිවුස් හා අනෙකුත් ලාංකීය වෙබ් අවකාශ සින්හලෙන් වෙයි නම් ෆොන්ටය කුමක් උවත් කොමෙන්ට් හෝ ටෙක්ස්ට් එකහු කරන විට සිංග්ලිශ් හා යුනිකෝඩ් යන දෙකම භාවිත කරන්න...
*ඔබට සින්හලෙන් යන වැදගත් අධ්‍යාපනික දේශනයක් ලැබූනොත් සින්හල ෆොන්ට් හා යුනිකෝඩ් ගැන දැනුවත් කරන්න..(ටියුශන් ගුරුවරයෙක්,,,දේශකයෙක්,,,අනුශාසකයෙක් ,,,සීනියර් පොරක් හෝ පොරියක් වුවොත් ඔබට මේ සම්බන්ධයෙන් දැනුවත් කල හැක )
ඉන්න 1000ට නිකම් ගහ බැන ගන්නෙ නැතිව අලුත් අය මේ පැත්තට ගේන්න අලුත් අයිඩියා ඔයාලටත් හිතුනොත්....කියන්න.... ඔබට කොමෙන්ට් හෝ ඔබේ බ්ලොග් අවකාශ භාවිතාකරන්න පුලුවනි....


අනේ කුණුහරුප කොමෙන්ට් නම් දමන්න එපා මොකද මම ගොඩක් කුණුහරුප දැනටමත් දන්නවා...

Thursday, May 27, 2010

මගේ ලව (කවි බණ )

පෙර දිනයක අප නෙතු හමු වූවා.....
දහසක් කැල්මන් විකසිත වූවා......
නෙත් තුල ඇති පෙම හදවත ගාවා.....
ඇවිත් මගේ සිත වල් මත් වූවා.....

මගේ සියලු දේ ඔබේම කරලා....
මගේ දිවිය ඔබ හට පුද කරලා.......
ඇගේ සවන් අග මී බිඳු තියලා....
ඈ සුව වෙනුවෙන් මම ගී ගැයුවා...

වැහි ඇති දිනයක අකුනක් ව්ලසින්....
එන්නේ කෝලක් ඇගේ අංකයෙන්....
නවතා අපි ඉමු යාලුවො විලසින්....
කීවා ඈ මා දෙකන් පෙරලමින්...

සොඳුරු වලාපට අහසින් හැරදා....
යන්ට ගියා ඈ මා සිත පරදා......
කී දේ කල දේ අපි 2 (දෙක )පෙරදා....
එනමුදු මතකින් යන්නෑ කිසිදා......


ඈ මා හා මේ මොකද කරන්නේ....
මගේ සිතැගි නෑ තේරුම් ගන්නේ....
මල්ටිබැරල් එස් එම් එස් යන්නේ.....
කතාව කෙලවර,, බව වැටහෙන්නේ....

හිතවත් චතුවෝ ඔබ මොකද කරන්නේ....
ඇයි ඔබ මාහා නිහඬව ඉන්නේ....
කියමින් මාගෙන් යලිත් අසන්නේ....
මගෙ සිත යලි උනුවීගෙන එන්නේ....


ඈ හා අක්කා කාරයෙ යනවා...
මා ඒ අතරෙදි ඈ අමතනවා....
අලුත් කතාවක් ඇදිලා එනවා....
අක්කගෙ හොඳ දැන් නංග කියනවා........

Wednesday, May 26, 2010

සාර්ථක මිනිසා සහ අසාර්ථක ගැහැනිය....

සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියක් සිටිනවා කියන කතාව අලුත් විය යුතු බව පෙන්නන එක තමා මගේ බ්ලොගේ අරමුණ.......

අපි ගනිමු මහා දාර්ශනිකයින් වන ඇරිස්ටෝටල් ප්ලේටො සහ සොක්‍රටීස් අපි ඔවුන්ගෙ නම් අහල තිබුනට අපි කවද්ද එයාලගෙ වයිෆ්ල ගැන අහල තියෙන්නෙ..එක්කො ඒ අය වයිෆ් කියන වර්ගය ඩිසේබල් කරගෙන ඉඳල නැත්නම් වයිෆ්ල ගැන කියන්න තරම් විශේෂත්වයක් නැතිව ඇති....ආකිමිඩීස්,පයිතගරස් වාගෙ ගොඩක් අයගෙ වයිෆ්ල ගැනත් නෑ..ඒ වාගෙ අයට ඔය වාගෙ දේවලට වෙන්කරන්න වෙලාව නැතිව ඇති....

දැන් අපි ලංකා ඉතිහාසෙ බලමු පොත්වල තියෙන කතා ඇත්තනම් විජය කරල තියෙන්නෙ නරක වැඩක් එයා ලන්කාව අල්ලන්න මෙවලමක් සහ පෞද්ගලික අවශ්‍යතාවයට විතර්ක්ම යි නෙව කුවේනි තියන් ඉඳල තියෙන්නෙ...එතනින් පස්සෙ නම් අපේ ස්ත්‍රී පාර්ශවේට ලකුනු පාරක් හම්බ වෙනවා මොකද උන්මාදචිත්‍රා දාසිය වාගෙ එය ඒ කතාවෙ ප්‍රධාන චරිත කරපු නිසා.....

අපි දැන් වර්ථමාන විද්‍යාව හා තාක්සනේට උරදීපු දෙතුන් දෙනෙක් සලකල බලමු එයාලට ගැහැනු සපෝට් කලාද කියල...
නිවුටන්-ඇපල් වැටුන තැන් පටන් බොහෝ භෞතික විද්‍යා ක්ශේත්‍ර වල සලකුනු තියාපු නිවුටන් බැඳල නෑ....ඒ වාගෙම එයාට තිබිල තියෙන්නෙ සීමිත ගෑනු සම්බන්ද විතරයි...මම අහල තියෙන විදිහට එයාට කන්න උයල දීල තියෙන්නෙත් නෑ කමක් තියෙන ගෑනු කෙනෙක්....
අයින්ස්ටයින්-20 වෙනි සියවසේ මහා විද්‍යාඥයෙකු විදිහට විරුදාවලි ලබාපු අයින්ස්ටයින්ගෙ පවුල් ජීවිතෙ මහා අසාර්තකයි...අවුරුදු 19දි එතකොට කුරුල්ල වාගෙ හිටපු අයින්ස්ටයින් විවාහ උනා...එතකොට ඉගනීම සම්පූර්ණ කරගෙන නොසිටි අයින්ස්ටයින් එයාගෙ පෙම් පලහිලව්ව නිසා බොහොම කරදර වින්ද....ඒත් එයාගෙ විද්‍යා දිවියට නම් එයාගෙ පවුලගෙන් ලැබුන සහයෝගයක් නැති තරම්....

මුලු විද්‍යා ක්ෂේත්‍රයම ගත්තොත් විද්‍යාඥවරියො ඉන්නෙ බොහොම අඩුවෙන්...එයින් ප්‍රසිද්ධ කෙනෙක් තමා මාරි කියුරි..රේඩියම් හොයාගත්තෙ එයා...ඒත් එයා උනත් ස්වාධීනවම විද්‍යාඥවරියක් උනේ නෑ...පියරේ කියුරි සමඟ කල පරීක්ෂණ වලින් යුරේනියම් හොයාගෙන පියරේ කියුරිගේ හදිසි අභාවයෙන් නොසැලී කල පරීක්ෂණ වල අග්‍රඵලයක් විදිහට තමා රේඩියම් නිෂ්පාදනය උනේ...

දැන් අපි දේශපාලනේ ගමු ...ඒකෙදිනම් මනමේ කතන්දර ගොඩාක් තියනවා...ඒව කියන්න නම් මට කොටන්ට බෑ....අපි චරිත කීපයක් නිකමට අරගෙන බලමු එයාලගෙ වයිෆ්ල ගැන....
බිල් ක්ලින්ටන්-බිල් විසින් ගොඩනගා ගතපු මහා චරිතය විනාස කරන්න මොනිකා නම් වූ ලෙවෙන්ස්කිය සමත් උනා..කොයි තරම් සිද්දිය දරුනු උනාද කියනවනම් තාමත් ඉටි රූපෙ වාගෙ ඉන්න හිලරි නැන්ද අපේ බිල් අය්යව කාමරේට ගත්තෙත් නෑ ලු ඔය නඩුව යනකොට....ඒත් මටනම් හිතෙන්නෙ අද අපේ හිලරි නැන්ද බිල්ගෙ කාඩ් එකත් එක්කම කනව කියල...

ලන්කාවෙ දේසපාලනේ උනත් වයිෆ්ල කෑම උයල දෙනව වාගෙ වැඩකට ඇරෙන්න වෙන දේකට සුදුසු නෑ කිය්ල පෙන්නුව......කරලින් බර ස්වයංපෝෂිත ලන්කාව ප්‍රථම වතාවට සමූපකාර ඉදිරියෙ පෝලිම් ගස්සවන්න අපේ ලෝකෙටම ප්‍රථම අගමැතිනිය උන සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමත් උනා...එයා කියල තිබුන ඉස්සර එයා ස්ටේජ් නැග්ගම බයටම ඇඬෙනව...ඒ කඳුලුවලට මිනිස්සු ඡන්දෙ දුන්න කියල...

1994-2004 කාලෙ ගත්තොත් මහා පතෝල යුගයක් කියලයි මම දකින්නෙ...කිසිම දෙයක් නොවුනු මෙලෝ රහක් නැති කාලයක්...නියම නායකයෙකුට හොඳ හෝ නරක නාමයක් ඇතිකරගන්න ඔය කාලය හොඳටම ප්‍රමාණවත්...ඒත් අද හැමෝටම අමතක උන චරිතයක් බවට පත්වෙලා තියෙන්නෙ එයාගෙ කාලෙ එයා කල වැඩ නිසයි.....

කලින් සඳහන් කරපු දෙන්නම සෙනේබර මව් වරු උනාට බිරිඳ කියන චරිතය හරියට කලේ නෑ කියල මම දකින්නෙ....විජය කියන කෙනාට චන්ද්‍රිකා හොඳ වාගෙම නරකත් උනා එයාගෙ දේශපාලන ජීවිතේට,.....

දැන් අපි ප්‍රේමදාස ආර්යාව සහ වර්ථමාන මහරජ ආර්යාව ගමු...අර ඇඩ් එකට එහෙට මෙහෙට කුදලහගෙන ගියාට ඒ දෙකම කිසි තේරුමක් නැති පිලිම වාගේ...ලංකාවෙ කොහොමත් තියෙන නිසා කාන්තා නිදහස ගැන ඒ තරම් අවුලක් නෑ...තිබුනත් මේ අය අනේ අපි මොනා කරන්නද කියල බලාන ඉඳී....
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි....සෑම සාර්ථක මිනිහෙකුට ගැහැනිය දක්වා ඇත්තේ නොගැනිය හැකි තරම් කුඩා දායකත්වයකි....

Sunday, May 23, 2010

Employee of the season

අනෙක් ආරක්ෂක සේවා එක්ක ගත්තහම පොලීසිය ලබන්නෙ අඩු පඩියක්....අපි පොලීසියට බනිනව අපිට දඩ ගහනකොට...ඒත් ඒ අය දිවා රෑ නොබල කරන සේවයට අදාල ගෙවීම් ලැබෙනවද කියල අපි හොයන්නේ නෑ...ඔබ අපි දන්න විදිහට මිලිටරි හා ආරක්ශක අන්ශ වල වැඩකරන අයට වර්ජනය කරන්න පුලුවන් කමක් නෑ...මොකද එයාලට ඒක නීතියෙන් තහනම් නිසා...

දැන් වේග සීමා ආයෙත් බලාත්මක කරල...ඒත් ඒකට වග කියන්න ඕනි නීතිය...යන්ත්‍රයේ සටහන් වෙලත් එයට දඩුවම් නොකර ඉන්න පොලීසියෙ මහත්වරුන්ට බෑ විශේෂ හේතු නැතිව...නීති හදන්නෙ පාර්ලිමේන්තුව..ඒ වැව මැද තියෙන උත්තරීතර හරක් ගාලෙ තීරන තමා නීති පොත්වලට එන්නෙ...මේ ලගදි ඒක ට පත්වුන හරකුන්ගෙ වැඩක් වෙන්න ඇති මේ අලුත් නීතිය.....

වායු දූෂනය නිසා වැඩිපුරම බැටකන ජාතියෙ කෙනෙක් තමා අපේ ට්‍රැෆික් පොලිස් මාම..මීට වසර 2-3කට එපිට ඔවුන් යොදාගෙන කල පරීක්ෂන වලදි එලිවෙලා තියෙනව ස්වසන හා අනිකුත් වායු දූෂනය හේතුවෙන් ඇතිවෙන රෝග බොහොමයක් වැලඳීමේ ප්‍රවනතාවය ඔවුන්ට වැඩියි කියල...සාමාන්‍යයෙන් සේවකයෙක් අවදානම් සහගත රැකියාවල නිරත වෙනවනම් ඒ සඳහා විශේෂ දීමනා හෝ ක්‍රියාමාර්ග ගතයුතුය්...ඒත් මා දැනුවත්ව ට්‍රැෆික් මාමලට ඒ වාගෙ විශෙෂ දීමනාවක් ලබන්නෙ නෑ..

මට මතක විදිහට කොළඹ නගර සඳහා cctv කැමරා භාවිතා කිරීමේ වැඩපිලිවෙලක් තිබුනා මන්සන්දීවල..එතකොට එක්තරා මන්සන්දි කීපයක සවිකරන කැමරා මඟින් අපේ පොලිසියට පුලුවනි දත්ත ලබාගන්න...ඔය තාක්සනෙ වැදගත් කම මම උදාහරනෙකින් කියන්නම්...ඔන්න අපි හිතමු මාලයක් කඩාගෙන හොරෙක් ගියා බයිසිකල් එකක කියල එතකොට අපිට පුලුවනි හොරා ගිය පාර අනුමානයෙන් බලාගන්න හැම කලර් ලයිට් 1ක් ලඟම කැමරා තිබුනොත්...ඒත් තාම අවුරුදු 3-4ක් තිස්සෙ ඒ ගැන කතාව විතරයි...

මගේ කටාර්(quatar) වල වැඩකරන යාලුවෙක් කිව්ව එහෙදි වේගසීමා(speed limit) පැන්නොත් එහෙම මාර්ගවල සවිකරල තියෙන සන්වේදක(detecter) මඟින් ඩිටෙක් කරල වාහනෙත් අඳුනගෙන ඒ ජාලයෙන්ම(throw the network) මු‍ද්‍රිත කොපියක්(printed copy) සකස් වෙලා දඩකොලේ ගෙදරටම එනවලු...ඒ කිව්වෙ ඒ රටෙ හයි ස්පීඩ් ගියොත් සන්වේදක තියෙන තැනකින් ,පොලීසිය එක්ක වාතවෙන්න දෙයක් නෑ තැපෑලෙන් දඩකොලේ ගෙදර...වාහනේ මග නවත්තන්න වෙන්නෙත් නෑ....ඔය මීට අවුරුදු 5-6 කට පෙර් කටාර් වල තත් වෙ අපේ රට කොයි තරම් ඉබ්බ මාක් ද කියල හිතන්න කියල මම මේ ලිපිය කියවන ජාතික අභිමානී ප්‍රේක්ශක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා....

Thursday, May 20, 2010

ආදරණීය වස්සානය

ඉන්දියාවෙ ගිහිපු සමහර අය ඇවිත් කියන්නෙ උදේට එහෙ හරිම අප්පිරියාවක් දැනෙනව කියල...මොකද ඒ රටේ මිනිස්සු වැසිකිලිය විදිහට මහාමාර්ග පාවිච්චි කරන නිසා...ඒත් අපේ සමාජයේ සමහර ක්ෂේත්‍ර බැලුවහම මට දැනෙන්නෙ උදේ පාන්දර මල ජරාව පාගගෙන වැඩට යනවට වඩා ලොකු අප්පිරියාවක්...උදාහරන විදිහට අපේ සමාජයෙ ගැහැනු පිරිමි සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමය අපි බලමු..ඒක කොයි තරම් කැතද???..මම කීවෙ විවාහ වීමට පෙර ඒ සඳහා සුදුසු සහකරුවෙකු තෝරා ගැනීම..

දැන් අපි මාර ජනප්‍රිය වෙලා තියෙන ආදර සම්බන්ධතා සලකමු..ඉස්සර ආදරවන්තයො ප්‍රාර්ථනා කලේ සසර සැරි සරන තෙක් ඔබ මගේ කියල ඒත් අද එහෙම නෑ...කිසිම හෙට දවසක් නෑ..මේ සතිය විතරයි ප්‍රෝග්‍රැම් එක..ඊලඟට වෙන කැච් එකක්..එහෙම උනා කියල අපේ දෙමාපියො දරුවන්ගෙ ගිනුමට සමාජෙ ගිණුමට ඒ ඔක්කොම බැර කරල බැන බැන ඉන්නවා..ඔවුන්ගෙ හනමිටි ආකල්ප කර තියාගෙන..

තාවකාලික ප්‍රේම කතා ඇති වෙන්නෙ මොකද??ඇත්තටම පවතින ප්‍රේමය තුල තෘප්තිය නැති වීම හෝ ස්ථාවර වීමට නොහැකිවීම...සි0හලෙන්ම කීවොත් අද අපේ ඉන්න වැඩිහිටි පරම්පරාවගෙ ලෝකෙ තියනා අටෝ රාසියක් කොන්දේසි උඩ විවාහ වීමට සිදුවීම...කුල ප්‍රස්න...දෑවැදි ප්‍රස්න...තරාතිරම..ජාතිය...වයස..ඉතින් කොයි තරම් ප්‍රේමය ප්‍රබල උනත් ඒව අතු ඉති දමල එනකොට ගෙදරින් කොක්ක.. අවසානෙ නවතින්නේ...ඔයා මොනා කීවත් මම කෝමද අවුරුදු 20 ගනනක් කන්න දීපු දෙමාපියො අමතක කරන්නෙ කියලයි..ඔයාලත් දෙමාපියො වෙලා දරුවො අවුරුදු 20 දිවත් අත අරින්න පුරුදු වෙන්න...උන් ගිහින් ඇනගනී..හැබැයි ඒ අය ඒ අයට ඕනි ලෝකෙ ගොඩනගාගනී...මේ ලඟදි මම අහපු රැකියා විරහිත අවුරුදු 26ක පොරක්ගෙ කතාවකින් මම කතාව ඉවර කරන්නම්.."අම්මල අපි හැදුවනම් ඉන්නකම් කන්න දෙන්න පුලුවන් වෙන්න ඕනි" දැන් හිතින් ඒ යෝදයට බනින්නෙ නැතිව හිතන්න එයාට එහෙම හිතුනෙ ඇයි???

Wednesday, May 19, 2010

මේ දිනවල පමණක් ලැබෙන විශේෂ දීමනාවක්

මේක මේ දවස්වල තියෙන විෂේශ දීමනාවක් ගැන තමා මේ දැනුම්දීම..ඒ තමා පැපොල් හොඳින් ඉදුනු පැපොල්..රස්සාවට යන එන ගමන් හරි ගෙදර යන එන ගමන් හරි ඔය පිටකොටුව පැත්තෙන් යන කෙනෙකුට මැනි0 වෙළඳ පොලට ගොඩවෙලා අගේ ඇති පැපොල් ගෙඩියක් අරගෙන යන්න පුලුවන් බොහොම පහසු මිලට..රුපියල් 25/= පැපොල් කිලෝවම..මම අද ගිහින් දවාලෙ ගෙඩි 2ක් ගත්ත තරමක් විසාල සයිස් එකෙන් රුපියල් 60යි ගියේ..

ගස්ලබු කියන්නෙ හොඳ පලතුරක් වැවෙන්නෙ වියලි ශුෂ්ක කලාපෙ...සාමන්‍යයෙන් නිවර්ථන කලාපීය පලතුරු වැහි කාලෙට බෝම ඉක්මනින් ඉදෙනව ඒ නිසා මම හිතන්නෙ කෙසෙල් අඹ එහෙමත් ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි..ඒ වාගෙම ඔයාල පොඩ්ඩක් හිතන්න ප්‍රවාහන කුලී..ඉදීමෙන් හා ප්‍රවාහනයෙන් නාස්තිවීම ..අතරමැදියන්ගෙ තීරු කැපිල යනකොට ගොවියට ලැබෙන්නෙ ඉතා සුලු මුදලක්..මම අත්දැකීමෙන් දන්නව මේ දවස්වල ඇඹිලිපිටිය දඹුල්ල පැත්තෙ පැපොල් කිලෝවක් වෙන්නෙ රුපියල් 10 විතර වෙන්න ඕනි උපරිම මිල....

ගොඩාක් අය ගමේ යනකොට ඇපල් මිදි තමා ගෙනියන්න පුරුදුවෙලා තියෙන්නෙ ඒත් ඔය නුවර හැටන් තලවකැලේ මාතලේ වාගෙ පැතිවල පැපොල් වැවෙන්නෙ නැති නිසා ඒ පැතිවල සුලභ ලාභදායී පලතුරක් විදිහට ගස්ලබු නැතිව ඇති..ඉතින් වෙනදට ඇපල් දොඩම් ගෙනියන අයට පැපොල් ගෙනියන්න පුලුවන් වෙය් වෙනසකටත් එක්ක..අපි මහාලොකු ටොපික් කරතියාගෙන දේශානුරාගය පාරම්බානවට වඩා පුලුවන් හැම වෙලාවෙම අපේ රටේ දේවල් ආහාරයට ගැනීම උතුම් කියලය් මම දකින්නෙ....

දැන් සමහරු හිතය් ඔය ලාභ තැලුන ඒව වෙන්න ඇති කියල ඒත් එහෙම නෑ හොඳම එක තමා මම ගත්තෙත් කිලෝව 25ට්...ගස්ලබු වල රසයනම් වැහි කාලෙට ටිකක් අඩු වෙනව..ඒත් දැන් ගොඩක් වෙලාවට ල0කාවෙ වවන ගස්ලබු තායිවාන හෝ ඉන්දියානු වැඩිදියුනු කරන ලද දෙමුහුන් විශේෂ නිසා..ගොඩාක් වෙලාවට මදය රතු සහ ඉතා ප්‍රනීත රසයක් ගොඩාක් ගෙඩිවල තියනවා....

.ගස්ලබු කෙදිසහිත පලතුරක්..දැන් එහෙම කිව්වම පොල් ගෙඩිය වාගෙ කියල හිතය්ද දන්නෙ නෑ...කෙදි කිව්වෙ ආහාර දිරවීමට අවශ්‍යවන ස0ඝටකයක්..ගස්ලබු සීතල පලතුරක් විදිහට තමා ආයුර්වේදය දකින්නෙ....


දැන් මාතර අම්පාර තිරිකුනාමලේ යාලුවො හිතයි අපි කෝමද මේව ගන්න මැනි0 මාකට් එන්නෙ කියල..ඒත් ඔයාලගෙ පැතිවල පොලවල්වලත් ඇති මේ දවස්වල පලතුරු ගොඩක් ලාබෙට...සමහරවිට මෙහෙට වැඩිය ලාබෙට නැවුම් පලතුරු ගන්නත් පුලුවන් වෙයි..

.සමහර අය නම් පලතුරු ගන්නෙ ෆුඩ් සිටි වාගෙ සුපිරි වෙළඳ සැල් වලින්..ඒ අය හිතනව ඇති ඒ වයෙ තියෙන ශීතාගාර පද්ධති නිසා පලතුරු නැවුම්ව ගන්න පුලුවන් කියල..

ඒත් ලන්කාවෙ බොහොමයක් සුපිරි වෙළඳ සැල් ඒ ඒ පලතුරු වලට අවශ්‍ය වෙන උෂ්ණත්ව පාලනය කරගෙන යන්නෙ නෑ...උදාහරන විදිහට...සාමාන්‍ය ශීතාගාර උෂ්ණත්ව වල කෙසෙල් තියන්නෙ නෑ..කෙසෙල් වලට අවශ්‍ය කරන ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය නෙමෙයි ගස්ලබු වලට සපයන්න ඕනි..මම ඕනි තරම් දැකල තියනව ලන්කාවෙ සුපිරි වෙළද සැල් වල හැම එකම ඔබල තියෙන ශීත පද්ධති...ඉතින් වැඩිහොඳට කියල වැඩිගනන් දීල ගත්තට සමහරවිට නැති ලෙඩ ඇතිවෙන්න ඔය සුපිරි මිල පලතුරු හේතු වෙන පුලුවන්..ඒ වාගෙම ඔය සුපිරි වෙළඳසැල් බෝමයක සීත පද්ධත් රාත්‍රියට ක්‍රියා විරහිත කරනව...සාමාන්‍ය තත්ව යටතේ කවදාවත් එන්නෙ නැති ක්ෂුද්‍ර ජීවින් ඔය පලතුරුවල ඉන්න පුලුවන්.

.ඒ වාගෙම කියන්න ඕනි ඔය ප්‍රචාරනය කලාට කාබනික වගාගැන සමහර වෙලාවට ඔය මහ වෙළදසැලටය් මැනි0 මාකට් 1ටයි එන්නෙ එකම කොරටුවෙ පලතුරු...ගොවියා බඩු දෙන්නෙ අතර මැදියට එයා තමා තීරනය කරන්නෙ මොන කෑල්ලද මැනි0 මොන එකද මහරගම සහ කොයි එකද සුපිරි සාප්පුවට යැවෙන්නෙ කියල...ඒත් සම හරක් හිතාන ඉන්නෙ සුපිරි තැන්වලට වැඩිපුර මුදල් දෙන්න වෙන්නෙ ඒ අය කොටුවටම ගිහින් අස්වනු නෙලාගෙන එන නිසා කියල....මතක් තියාගන්න...ගස්ලබු මිල කාලගුනේ හොඳ වෙනකල් රු 25යි..වැඩිම උනොත් 30යි .හොඳම බඩු ඕපන් මාකට් එකේ...

Tuesday, May 18, 2010

politics for flood

අද වැස්ස..අද උදේ දත කට මදින්න යන ගමන් අපේ බෝඩිමෙ අන්කල් මීට් උනා..ඉතින් අන්කල් තනි නිලා..මා හින්ද මොනව කලත් එයාට හොඳා..මමත් උදේ පාන්දර උන්දැගෙ නට් එකක් අල්ලන්න කියල හිතල ඇදල ගතපි මේ පිටාර ගලන වරුසාව..
මා:අන්කල් මහරජ ශක්‍රයට වැඩිපුර සල්ලි බැඳල වාගෙ නේද කරටි කැඩෙන්න වහින්නෙ..
අන්කල්: උන්දැ නෙවෙ ඔය දහදුරා වැඩකරන්නෙ අර රටවල් ගානෙ ගිහින් රට විකුනල හරි පුටුව ගන්න දඟලන එකා...ඕක ගෙ වැඩෙ තැන්තැන්වල් ගිහින් අපි ගැන කේලම් කියන එක නෙව..ඔය යෝදය කරන්නෙ..මම හිතන්නෙ පහු ගිය කාලෙ ඉන්දියාවෙ ගිහින් ආවනෙ,.. ඒවයෙ ප්‍රථිපල තමා මේ ලැබිල තියෙන්නෙ...ස අජිතුත් කියල තිබුන ලොක්ක රටට ආදරේ කලේ නෑ කියල...
මම: හ්ම් ඇත්ත තමයි ඔය ර අනිල් ගෙ තියෙන්නෙ මහ යටිකූට්ටු වැඩනෙ කියා මා මාරුවිය...

ඊයෙ හවස කැන්ටිමට යන අතරමඟ වැස්සට සෙට් උන නිසා පොඩ්ඩක් හෙවනට වී කනුව අල්ලන් ඉන්නකොට දෙස් තැබීමක් ඇසිනි..හිටපු ගමන් දේවලයක් වත් මෙහි ඉන්ස්ටෝල් වී ඇත්දැයි බැලීමට මාගේ රබර් කණ ඒ දේස යොමු කලෙමි...අර රත්තර0 මනුස්සය හිරකොරගෙන මුන්...මඟුල් කන්න හැදුවෙ..ඔය දීල තියෙන්නෙ යසට..ගෝල් ෆේස් එක නෙමෙ රජ මාලිගෙත් යට වේවි මේ වහින වරුසාවට...මුන්ට විලි ලැජ්ජ නෑ නෙව...අර මනුස්සය ඇතුලෙ දාගෙන ඔව්ව සමරන්න..මම කියන්නෙ අර මනුස්සය නිදහස් කරනකම් පායන්නෙ නෑ මේ වරුසාව..ඔන්න බලමු මම කියන්නෙ බොරුද කියල..

මම ඔය සිද්දි 2ක උදේ ඔපිස් ඇවිත් මිස්ට කියනව පැනිදමල රස කරකර..ඔන්න අපේ සර් 1 ආව..මිනිහ පානදුරෙ අඩුවට ගෙයක් අරගෙන..ඕන වැස්සකට ගෙදර ඇතුලෙ වතුර..ඉස්සර අපේ පැත්තෙ මහ වගුරක් තිබුන වතුර බහින්න..දැන් ඔය කර්මාන්ත පුරේ තියෙන්නේ ඒ වතුර උරාගතපු වගුරු බිම උඩ...ඉතින් කෝමද නොගල තියෙන්නෙ..මට මතකයි පුන්චිකාලෙ ඔය හැමතැනින්ම වාගෙ මූදට කානු කපල තිබුන මූදට වතුර බහින්න..දැන් සමහර ගෙවල් තියෙන්නෙ ඔය ඉස්සර වතුර බැහැපු කානු උඩ...ඔය මොකා වැස්සුවත් හරියට ප්ලෑනින් සහ කානු සිස්ටම් තිබුනනම් මීට වඩා වැස්සකට උනත් ඔරොත්තු දෙනව...පායන කාලෙ ලාබෙට ගෙයක් අරගෙන වැස්සට ගෙදර වතුර අයිකරන්න නිවාඩු හාෆ්ඩේ ෂෝට් ලිව් දමන අපේ සෑර් ප්ලනින් වල දුර්වල්තාවය එහෙම කිව්වම අපි සයිලන්ස් උනා...

Monday, May 17, 2010

අවසාන ලිපිය....

ආදරණීය යූ වෙත ලියමි...

මට මතකයි ඉස්සර ඔයා එස් එම් එස් වල යූ කියල අකුර විතරක් ටයිප් කරල එවාපුහම මම ඒක ඌ කියල වැරදියල කියවල ඔයාට බැන්න..ඒක පස්සෙමමත් පාවිච්චි කලා මොකද ඔයා කියනකොට අකුරු 3යි යූ කීවම 1 අකුරයි..මම හිතන්නෙ ඔයා ගොඩක් දුකෙන් ඇති..මොකද මම අද උදේ ඔයාට මැසේජ් එක ක් එව්වා අපි ආයෙ කතා නොකර ඉමු කියලා..
ඔයා මට රිප්ලයි කරලත් තිබුනා..කලින් ටිකම දමල,.ඒකෙ ඉතින් සාරා0ශය ඔයාට මම ගැන ලව් කියන වර්ගයෙ දෙයක් හිතෙන්නෙ නෑ කියන එක..ඉතින් ඔයා කියන දේ හරිනම් මට වඩා ඔයාට මාව අමතක කරන්න ලේසියි..මොකද ඔයා මට ලව් කරල නෑ..තිබුනෙ යාලුකමක් විතරයි..ඔයා කියල තිබුන ඔයා 1 පාරක් ආදරය කරන්න ගිහින් ගොඩාක් වේදනා වින්ද ඒ නිසා ආයෙ ආදරය ගැන කාලාන්තරයක් යනකල් හිතන්න බෑ කියල..ඒක ඇත්ත වෙන්න පුලුවනි....
ඒත් ඔයා හොඳටම දන්නව ඔයාගෙ තියන මොන හෝ ගුනයකට මම ඔයාට කැමති උනාම මගේ තිබුනු අනෙක් සියලු සබඳකම් හිරුදුටු පිනි වාගෙ නැති වෙලා ගියා කියල..ඔයා ඒ දවස්වල කිව්වෙ මට හැමතැනම කෙල්ලො ඒ නිසා ඔයාට බයයි මා එක්ක යාලු වෙන්න කියල..මම ගොඩක් කල් යාලුවො විදිහට කතා කරපු අක්කල පවා මම අතහැරිය ඔයා ඉස්සරහ මගෙ කාඩ් 1 හොඳා කියල පෙන්නන්න..ඔයාලගෙ අක්ක පවා මාව නරක් කෙනෙක් විදිහට දැකල තිබුනෙ ඒ කාලෙ..
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..ඔබෙ සුවඳ පමණි මිහිපිට ඇති 1ම සම්පත...ඔය සින්දුව මම ගොඩාක් ආස 1ක්..ඔතන තරු අත් අකුරු කීවට මටනම් මතක් වෙන්නෙ ඔයාගෙ ලස්සන ඇස්...මම ඔයා 1ස්ට් ටයිම් මීට් උනෙ ඔයාලගෙ ගෙදරදි..මම ආවෙ අක්කව මීට් වෙන්න ඒත් ගෙනාපු චොකොලට් එක දුන්නෙ ඔයාට..ඔයා පස්සෙ කාලෙක කිව්ව මම ඒ වෙලාවෙ දුන්නු නිල්පාට චොකො 1ට ඔයා ගොඩාක් ආසනිසා මම එක්ක කතා කරන්න කැමති උනා කියල....
ඊට පස්සෙ අර බෝනික්කෙකුත් අර0 ආපු ගමන..කොම්පීටරෙ හදන්න ආපු ගමන..ඇයි අපි ගාලු ගිය ගමන වාගෙ ගොඩක් ගමන් වල මට හොඳට මතක් දෙයක් තමා ඔයාගෙ තරු ඇස් 2..මාව දැක්ක ගමන් ඔයාගෙ ඇස් දිලිසෙන ලස්සන බලන්න මම හරි ආසයි..ඒක ඔයාගෙ ඇස් වල තියෙන සාමාන්‍ය දෙයක් වෙන්න ඇති..ඒත් මේ ගොන් අලිය ඒකත් හිතුවෙ ඔයා මට තිබුනු ලව නිසා ඇති උන දෙයක් කියල..හනේ මන්ද එහෙම හිතුවොත් මට වැරදුනු ගොඩාක් තැන් තියනව..

මම ඔයාව මීට් වෙන්න අඬ අඬ ඉන්න කොට ඔයා තමා ඔයාගෙ යාලුවෙකුත් එයාගෙ පිරිමි ලමය මීට් වෙන්න සෙට් වෙනව කියල මමත් කතාකරගෙන පලමු හා අවසාන අපේ තනිව හමුවීමට මුල පිරුවෙ..එදා අපි බස් 1ක ගිහින් විනාඩි 10ක් ගාල්ලෙ ඉඳල ආපු ගමන පුරාවට අපි සිරාවට ගොඩක් දේවල් කතා කලා ඒ මම කතාකරපු සමහර අනාගතේ සම්බන්ධ සමහර දේ වලට ඔයා අකමැති උන බව මම දැක්ක..ඒත් ඒ හැම දේම ඇදිල ආවෙ ඔයාට මම ගැන ගොඩාක් බයක් තියනව කිව්වට පස්සෙ නේද??/
අපි ගොඩාක් සතුටින් ගතකරාපු ඒ ගමන බස් එකේම උනත් අපිට හරිම විසාල හැඟීම් ගොනු කරගන්න උදව් උනා කිය්ල මට හිතුනේ..ඒත් එදාම රෑ ඔයා කතාකරල කීවම චතූ අපි මේක කලින් විදිහට යාලුකමක් විතරක් තියාගමු කියල...මට මීටර් උනා ඔයා දවල් තියල තියෙන්නෙ පරීක්ෂණයක් බවත් ඒ පරීක්ෂාවෙන් මා අසමත් වී ඇති බව්ත්..මම ගොඩාක් දුක් වින්ද ඒ සිදුවීම නිසා..මම වෙනදට අවුරුද්ද්ට රට වටේ ගියත් මේ පාර 16 ම කොළඹ ඇවිත් පෙරෝගෙන නිදාගන්න 12 වෙනිද උන අපේ හමුවීම ඉවහල් උනා...
අපේ තියෙන යාලුක තියාගමු කියන ඔයා මට වෙන කෙල්ලෙ කතා කරනවට හිනාවෙනවටවත් කැමති නෑ..අපේ සයිට් 1කට ආපු ලේඩි ට්‍රේනර් කෙනෙක් ගැන මම කීවම ඔයා ස්ටක් උන හැටි මට තාම මතකයි...ඔයා කියන විදිහට ඔයාට කලින් කෙනා අමතක කරන 1 හරිම ප්‍රස්නයක් වෙන්න පුලු වනි..ඒත් ඔයාම දවසක් කිව්ව මම නිසා එයා නැති උන දුක දැනුනෙ නෑ කියල..ඔයා කියන විදිහට ඔයාට කාලයත් එක්ක ඔයාගෙ කලින් බෝයි 1ට තිබුන ආදරේ අඩු උනා
ඉන්පස්සෙ ඔයා තීරනය කලා ඔයාගෙ ආදර කතාව නවත්තල දමන්න..ඉන් පස්සෙ ගොඩාක් කල් ඒ පිරිමි ලමය යාලුවෙක් විදිහට ආශ්‍රය කලා..ඒත් අවසාන වරට එයා ගැන කියාපු වෙලාවෙ ඔයා කීවෙ ඔයාට එයා ඊට ප්ස්සෙ කීප වතාවක් ආදරේ ඉල්ලල කරදර කලා කියල..ඉතින් දැනට මම ඔයාගෙ යාලුවෙක් වෙලා හිටිය කියල මගේ හිතේ තියන ආදරය කියන දේ වැඩි වෙනව මිස අඩු වෙන්නෙ නෑ..ඔයාට තියෙන දැනීම අනුව ඔයාට පුලුවන් වෙයි මේක යාලුකමක් විදිහට තියාගන්න..
ඒත් ඔයා හොඳින්ම දන්නව මම කී වතාවක් මහ පල් හිඟන්නෙක් වාගෙ ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ලල ආවද කියල..කොච්චර යාලු ලේබලෙ ගැහුවත් ටික දවසක් යනකොට මගෙ ආදරෙ කියන සතා මහ කැත විදිහට එලියට පැනල ඔයාගෙ ලස්සන හිතත් එක්ක බෝම නරක විදිහට සෙල්ලම් කරනව..මම ඔයාට ආදරේ දැනෙන්නෙ නෑ කීවහම කී වතා වක් බැනල තියනවද??මට ඔය සෙල්ලම ඇතිවෙලා ඔයා කොයි තරම් කීවත් මාව ඔයාට ඇතිවෙලා නෑ කියල..මම කැමති නෑ මාව තව කෙනෙකුට ඇනයක් වෙනවට....
සමහර විට මෙහෙම කාලයක් අපි යාලුවො විදිහට ඉන්න කොට ඔයාට මට බෑ කියන්න බැරි තත් වෙට පත්වෙයි..ඊට පස්සෙ අර තමන්ටත් නෝන්ඩි දමයි කියල බයෙ බස් එකෙ විරිදු කාරයට සල්ලි දෙන ගෑනු වාගෙ ඔයත් මට කැමති වෙයි..අර සින්දුවක පදයක් තියෙන්නෙ..හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට් කියල අන්න ඒ වාගේ...මට ඒතරම් පහත් තත්වෙට වැටෙන්න බෑ.. හරකෙක් උනත් ගෙදර ඉස්සරහ හැමදාම බැඳල තියනකොට ඌට ආදරයක් ඇති වෙනව..ඒ වාගෙ කාලයක් මම ටෙලිෆෝන් එකෙන් දිනපතා උම්බෑ කිවුවත් කාලයක් යනකොට ඒ උම්බෑ 1 අහන්න නැතුව ඉන්න බැරි වෙනව..මම ඒ ෆෝමැට් 1න් ලව් කරන්න ආසනෑ...
අපිට තිබුන මොකක් හරි හේතුවකට අපි අපේ ගොඩාක් පෞද්ගලික දේවල් පවා එකිනෙකා අතර හුවමාරු කරගත්ත..මට මතකයි 1 දවසක් උදේ ඔයා ඉන්න බෑ බඩේ අමාරුව කියල මැසේජ් 1ක් එවල මටත් හවස බඩ රිදෙන්න ආවහම මම බැනල මැසේජ් 1ක් දැම්ම ඔයා එස් එම් එස් වලින් බඩේ අමාරුව බෝ කලා කියල..ඔයා මට ආයෙ හොඳවයින් 2ක් කියල තව අත් බේත් ලොට් 1ක් ලියල එවල තිබුන..
මම කනෙක්ෂන් 1 නවත්වන්න තීරනය කලාට පස්සෙ ඔයා එවපු මැසෙජ් 2-3 කට උත්තර දීලම මම ලිපිය අවසාන කරන්නම්...මම ලියපු එස් එම් එස් 1ක තිබුනාපි දෙන්න ඉන්නෙ ලෝක 2ක කියල..ඒ කීවෙ මම හිතනකොට අපි කවදාහරි +වෙයි කියල ඔයා හිතන්නෙම අපි යාලුවො විතරක් වෙයි කියල..ඉතින් ඔයා කියල තිබුන ලෝක 2ක අපි ඉන්නවනම් සමනල පාලමක් ගහල වැටක් දමල බර වාහන තහනම් බෝඩ් 1ක් ගහල අපි ඒකෙ ඉමු කියල..ඒත් මම මවාගෙන ඉන්න සිහිනලෝකෙ කැරකෙන වේගෙට ඔයාගෙ කල්පිත පාලම කැඩිල යයි බෝම වේගෙන්...
හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන් නෑ කියා කියන ඒ සින්දුව ඔයා මැසේජ් කරල තිබුන බෝම යසට...ඒත් ඒ වේදනාව ඔයාට දැනෙන්නෙ නැති නිසා ඔයාගෙ ඇස් වලට කඳුලු එන්නෙ නැතිව ඇති..ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් නොඅඬන ටයිප් එකේ මම ඔයා නිසා ඇඬුව කියල කිසි විලි ලැජ්ජවක් නැතිව කියන්න කැමතියි...මොකද ආයෙ එහෙම අඬන 1ක් නෑ කියල මට ෂුවර් 1ක් තියෙන නිසා...
මම අවසාන වශයෙන් යමක් කියන්න කැමතියි..මගේ යාලුවො මේ සිදුවීම දකින ආකාරය ගැන..මට ඔයා කවදාවත් කැමති නෑ කියලත් නෑ..මාව වදයක් කියලත් නෑ කියන 1ම දේ ඔයා කියන විදිහෙ දෙයක් මට කරන්න බෑ...කාලයක් ගෙදරින් ප්‍රස්න කියනව..තව කාලයක් ඔයාට ස්ථාවර වෙන්න ඕනි කියනව..තව දවසක් අවුරුදු 22 ඔයා තාම පොඩ්ඩියි කියනව..තව දවසක් කලින් කෙනා අතහරින්න තව කල් ඉල්ලනව..මෙහෙම තියේන හේතු බලල මගෙ සැට් එකේ එවුන් කියන්නෙ ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඇති කියල..ඉතින් මටත් ඕක නොහිතුනාම නෙමෙ..ඒත් එහෙම හිතන්න මම කැමති උනේ නෑ..එහෙම එකක් තියනවනම් ඒක ඔයා පතන විදිහටම සාර්තක වෙන්න කියල මම මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
මාස 6ක කාලය ඉතාම සතුටි හිටියා අපි අමු වෙලා ලයිව් කතාකල කාලය පැය 5-6කට සීමා උනත් අපි හැමදාම ටෙලිෆෝන් හරහා + උනා...මේක නවත්වන වේදනාව,, මිතුරුකමක් විතරක් ගෙනියපු ඔයාට වඩා ඒක අස්සට ලව් දමන්න ගිහින් චාටර් උන මට ගොඩාක් වැඩියි...ඔයාගෙ වචනෙකින්ම ලිපිය නවත්වන්නම්...ඔයා එක්ක කතා කරල මෙහෙම දෙයක් වෙනව කියල දන්නවනම් කවමදාවත් මේ වාගෙ කතාවක් පටන්ගන්න තියා හිතන්නෙවත් නෑ.....ඔබට ඔබේ සියලු විස්වාස පලදරන හෙටක්...

මම හැමදාම ඔයාගෙ...මෝඩ ගොන් තකතීරු ....චතූ

Today

අද වාගෙ දවස් ගිය අවුරුද්දෙත් තිබ්බ මතකයි.....එදා මෙහෙට නැති උනත් උතුර දිහාට හොඳට වැහැල තිබුණ...ඇයි අපේ ප්‍රභාකරන් මැරිල තිබුන....ප්‍රභා කියන් මනුස්සය හිත අවසාන මොහොතෙදිවත් වෙනස් කරගන්න එයාට පුලුවන් උනා නම් එයාලට ජීවත් වෙන්න තිබුන අදත් හොඳට....හරියට කරුණා අම්මාන් ,පිල්ලෙයාන්,දයා මාස්ටර්,ජෝජ් මාස්ටර්,කේ පී වාගෙ...සමහරු ඒ දවස්වල තමන්ගේ මියගිය සෙබලු බෝම්බ ගැන හිතල තාම වෛර බැඳගෙන ඉන්නවා...එහෙම අය තමන්ට සි0හල බෞද්ධ කියල නමකුත් දමාගෙන..ඉන්නවා...ඒත් මිනිස්සු 999ක් මරල තමාව මරන්න පස්සෙන් ආව අ0ගුලිමාලට කරුණාව දැක්කුව අපේ ශාන්තිනායක බුදුරජානන් වහන්සේගෙ ධර්මයෙ කොතනද යුද්ධය හෝ වෛරය සාධාරනීකරනය කරල තියෙන්නෙ කියල් මම අහන්න කැමතියි ඔය සි0හල බෞද්ධයන්ගෙන් .....දෙමල මිනිස්සු බහුතරය ස්වභාවයෙන්ම සි0හල අයට වඩා කාර්යශූර බුද්ධිමත් අය...ඒ අයට අපේ රටෙ නියම ස්ථානයක් නොදීම මම හිතන්නෙ මිනීමරු ත්‍රස්ථවාදයට අවැසි වටපිටාව නිර්මාණය කලා...එක්තරා කාලයක ල0කාවෙ,නීතීඥ,වෛද්‍ය,ඉ0ජිනේරු වාගෙම සිවිල් සේවාවෙ ගොඩක් ඉහල හිටියෙ දෙමල මිනිස්සු..ඒකට 1 හේතුවක් තමා ඉ0ග්‍රීසින් සිය අධ්‍යාපන වරප්‍රසාද වැඩිපුර දෙමල ප්‍රදේශ වලට ලබාදීම...

Sunday, May 16, 2010

දොස්තර මහත්තයාගෙ ලියමන

හා ඊලග කෙනා එන්න ,ඇටෙන්ඩන්ගෙ කෑගැසීමෙන් පසු පියෝරිස් සීයා ඇතුලට ගොඩවිය..කලින් වතාවන් 2-3 කදීමට හමු වී ඇති නිසාමට පියෝ සීයාගේ නම මතක ඇත..ඉතින් කෝමද?? සාමාන්‍ය්යෙන් වයසක අය සමඟ කතා කරනවිට ආරෝපනය කර ගන්නා උස් හඬින් මා ඔහුගේ සුවදුක් විමසීමි...එවිට මෙතෙක් ඔහුගේ අතමත තිබූ පාර්සලය පසෙකින් තබමින්..මහත්තයට පින් සිද්ද් වෙන්න ඇස් 2 නම් හොඳට පේනව..යැය් කීය...එතකොට දැන් මොකද කේස් එකමොකුත් නෑ මහත්තයො ඔහෙ ඉන්නවා....එහෙනම් බෙහෙත් ගන්න ආවෙ..මට වැඩ අධික දිනක් උවත් ලෙඩක් නැතිව බෙහෙත් ගන්නේ කුමටදැයි ඇසීමට මට සිත් නොදීය....සීය පනුබෙහෙත් හෙම ගන්නද ආවෙ....නැත්නම් සිස්ටම් එකේ මොනාහරි අවුලක්ද....අවුලක් නම් කියන්න මම මේ ඇටෙන්ඩන් 1ට යන්න කියන්නම්...දොස්තර මහතෙකු ලෙස පොලීසියෙන් මෙන් ප්‍රස්න කිරීමක් මාගේ නොවීය...ඔවුන්ගේ බාසාවෙන්ම වාගේ දෙයක් ඇසූ විට ඔවුන් ලෙඩ කීමට මැලි නොවෙති...බොහෝ වේලාවක් මාදෙස ලජ්ජාවෙන් ඇඹෙරෙමින් සිටි පියෝ සීයා කතාව ඈරඹීය...කලින් මහත්තය කිව් විදිහටම මම මහ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත..ඒ දොස්තර මහත්තය මහත්තයගෙ නම කීවම හොඳට බැලුව හෙව්ව....මාගේ බැජෙකු වූ අනුර මගේ රෝගින්ට සාමාන්‍ය්යෙන් හොඳින් සලකයි....සීයාට ඇවැසි බෙහෙත් මෙම රෝහලේ නැති උවත්මහ රෝහලක් වු එහි ඇති බැව් මා සිතීමි..එය එසේම වී ඇත..මහත්තය මගෙ ඇස් 2 පෙනෙන්න සැලැස්සුවට බෝම පින්...යැයි ඔහු හදවතින්ම මට පින් දෙන්නට විය...ඇසේ සුද පැවතීමෙන් මද පමන පෙනීමකට ලක්වූ ඔහු සිතා ඇත්තේ.එක්කෝ ඇස් අඳ වෙයි කියා හොඈ නැතිනම් කන්නාඩි දැමීමට වෙයි කියා වෙන්ට ඇත...බොහෝ නාගරිකයින් කන්නාඩි දැමීම මෝස්තරයක් ලෙස සැලකුවත් සමහර ගැමියන් නම් එය මහා දරුනු කරුමයක් ලෙස දකිති....හරි දැන් සීයට එහෙනම් දැන් අසනීපයක් නෑ...නෙ..එහෙනම් මොකොටද උදේ ඉඳන් තුන්ඩුවක් අරන් ආවෙ..සීය දන්නව නෙ අද පොල දවසෙ බෙහෙත් ගන්න කට්ටිය වැඩියි කියල...ඉතින් මහත්තයො..මට පොලේ එන එක ලෙහෙසි අද වාගෙ දවසක තමා..නැත්නම්..අපේ පාරෙ බස් එකයි නෙව යන්නෙ....කියමින් ඔහු මල්ල ඇද මම මහත්තයටම කියල කිරි ටිකක් මුදව්න් ආව..ඉන්පසු ඉතා සිහින් හඬින්...අර ගෑනි යනකල් හිටියෙ නැත්නම් ඒක මුලු ගමට්ම කියය් මහත්තය ගැන කතන්දර...එවිට මට මොහු ගෑනි යැය් හැදින්යූයේ ඇටෙන්ඩන් යැයි සිහිවිය....ඉන්පසු මම පැය 2ක පමණ තුන්ඩු ලබාගැනීමටත්...ඉන්පසු තවත් වේලාවක් මා හමුවීමටත් බලා සිටි මොහු ගැන පුදුම සිතිනි....
.හරි එහෙනම් සීය ගිහින් එන්න ආයෙ එහෙම මුකුත් අර0 එන්නෙ එහෙම නෑ..හරිද...ලෙඩක් තියනවනම් ඇවිත් යන්න,,,අනිත් දවසෙ මම අර තුන්ඩු ලියන නර්ස් කෙනාට කියන්න ඕනි ලොකු පාර්සල් තියෙන අයට තුන්ඩු ලියන්න ඒපා කියල...එහෙනම් ම0 යන්නන් කීමට සැරසී සිටි...ඔහු සිනාසී..එතකොට මහත්තයො..අපි බෙහෙත් ගන්න එනකොට බඩු තියන්න තැනක් තියන්න වෙයි...අර ටවුමෙ මහ රෙදි කඩ වල වගෙ.....අ0ක කාඩ් ටිකකුත් එක්ක..
..ඔහු යන්න ගිය අතර ඔහු රැගෙන ආ කිරි ගානට රත් වී සීරුවට මිදී තිබුනි...අපේ දුව පැවසූයේ අයිස් ක්‍රීම් වාගෙ කියලය් ඒ කිරි වලට...පොලට ගොස් බඩු රැගෙන මලු සමඟ පෝලිමේ සිටින රෝගින් දුටුවිට මට පියෝ සීයාගේ කතාව මතක් වෙයි..ඉන්පසු මා ගමට යන විට රැගෙන යෑමට කිරි හට්ටි කීපයක් මුදවා ගැනීමට සීයා හමුවන්ට ගියෙමි...එවිටත් තැඹිලි..අඹ ආදියෙන් ස0ග්‍රහ කොට..මගෙ මරුතියේ ඩිකිය පුරවාදමීමට ඔහුගේ කාරුණික සිත බලවත් විය...ඉතින් මා ඔහුට කීවේ මින්පසු රස්තියාදු වීමට අවැසි නැති බවත් පැමින මගේ නිවසින්ම බෙහෙත් ගන්නා ලෙසයි...
.ඔහුත් මමත් බොහෝ කලක් එකට රෝහලදී හමු වී ඇති මුත් කිසිදිනක් ඔහු පෝලිම පැන පැමින නැත..කිරි ගෙන ඒමට සහ බොහොදේ පිණිස අපනිවසට පැමිණ ඇති මුත් බෙහෙත් ගැනීමට නිවසට පැමිණ නැත....එසේම මමත් බිරිඳත් බොහෝ උත්සාහ කර ඇතිමුත් ඔහු සතයකුදු මගෙන් ඔහුට ගිය ගමන් වියදමවත් ලබාගෙන නැත.....එසේම දිනක් පෝලිමේ සිටින පියෝ සීයා දැක ඔහුට එන්ට කියා පණිවිඩ ඇරියත්..ඔහු පැමිණියත් ඔහු පැවසූයේ මට එය හොඳ නැති බවත් තවත් එසේ නොකරන ලෙසත්ය....

16 morning

නිහඬ පරිසරය සසල කරන්න
සසල මගේ හිත සිසිල කරන්න
විසල් අපේ ලොව එකලු කරන්න
එන්න ම්ගේ ලොව එලිය කරන්න....

අද මම වෙසක් පොහොය සම්බන්ධ වැඩ සටහනකට යන්න හිටියෙ..ඒත් අවාසනාවට බෙල් 1 තියල තියෙන්නෙ පස්වරු වලට..යන්න තැනකුත් නෑ කරන්න දේකුත් නෑ..හනේ මන්ද..ජීවිතේ නීරසද මෙතරම් කියල මේ වාගෙ වෙලා වට හිතෙනව..සමහරු ඔපිස් ඇරෙනකම් ඉන්නෙ ගෙදර දුවන්න..ඒත් මටනම් හිතෙන්නෙ අදත් ඔපිස් ත්බුනනම් කියල...කොළඹට වැහැල..මම ඊයෙ ගෙවල් පැත්තෙ ගියා එහෙට පායනව හෝ ගාල....දැන් ඇට හිටවල සති තුනක් විතර තාම පැල පාත්තිවල.කෙනෙක් හිතයි ඇයි යකෝ පැල පාත්තිවල නැතිව අපේ ලිබ්බොක්කෙ තියෙනනද කියල..ඒත් එහෙම නෙමෙ මගෙ පියා හිටවපු ඒව වැල් දුවන බෝග..ඒකීවෙ කරිවිල පතෝල වැටකොලු වාගෙ එඇව නියම කලට වැස්ස ආවනම් දැන් පැල නෙමෙ වැල් තමා පාත්තිවල තියෙන්න ඕනි..
හ්ම් උදේම මගෙ යාලුවෙක් කතාකලා ස අකුරෙන් පටන්ගන්න..මගෙ ඔපීසිය තියෙන පැත්තෙලු එයා දැන් වැඩ මම ඉතින් සතුටු උනා ගොඩක් උන් ජොබ් නැතිව නස්තාර වෙලා ඉද්දි ඌට ජොබ සෙට් වෙලා..මිනිහ අහනව ඒ පැත්තෙ කෑම කන්න කඩයක් තියනවද අඩුවට හොඳට...ඉතින් මම කිව්ව නෑ..මම කන්නෙත් කැන්ටිමෙන් කියල..ඉස්සර ඔය යෝදයය් මමයි විතරයි හොස්ටල් එකෙ නිවාඩු දවසට..එහෙම ඉන්න අමහර දවසට අපි කම්මැලි කම යන්න ගෝල් ෆෙස් ෆිල්ම් එහෙම බලන්න යනවා..ඔය 1 දවසක අපෙ වෙන යාලුවෙක් කෙල්ලෙක් එක්ක ගෝල්ෆේස් ඉඳල මිනිහ හිතල අපි ඌව දැක්ක කියල..අපි දැක්කෙ නෑ මිනිහව..ඒත් ඒ යෝදය තැන්වල කියල තිබුන අපි කපල් එක වාගෙ ගෝල්ෆේස් ඇවිදිනව කියල..හම්මෝ කයි ගගහ ඉඳල බෑ දවාට උයන්නත් එපාය එහෙනම් මම යනවා බායි....

Thursday, May 13, 2010

sPort fasion

ආඳා මාලු ඉරට්ටෙන් කෑම..ඒ කිව්වෙ උපමාවක්..ආඳා ලිස්සන සුලු මාලුවෙක් නිසා ආඳා කන්න නියම ටූල් එක ඉරට්ට නෙමෙයි..ඔය වගෙ සOස්කෘතික සභ්‍ය වාගෙ වචන ගොඩක් දමල අපෙ අය සාරිය ඇන්දට ඒකට අපෙ ස0ස්කෘතිය තුල ලැබෙන තැන ලැබෙනවද ක්යන එක බලන්න ඕනි..දැන් ඔය හිතේ හැටියට නටන්න කාරිය කෙනෙක් හිතාගෙන පාටියකට යනවනම් ඉතින් සාරිය හොඳ නෑ,,මොකද ඒක බලන අයට හරි කැතයි..
ඒ වාගෙම ඔය සමහර න0ගිල හා හපුරා කියල ඉන්ටව් 1කට ගාටනකොට පොඩ්ඩක් 3 පැත්ත පේන කන්නාඩියකින් බලල යන එක හොඳා..ඔබ යන රැකියාව මොකක් උනත් ඔබ සම්මුඛ පරීක්සාවට ලක්කරන පුද්ගලයා ඉදිරියේ ඔබෙ වෘත්තීය පෞරුෂය පෙන්නනව මිසක් ඒ පුද්ගලය ඉදිරියෙ නිලියක් වෙන්න යන්න එපා..
ඔයාලට ඉතෙන දේ කොමෙන්ට් 1ක් දමන්න..හොඳේ..

kathawa episode 2

මගෙ ඔෆිස් ෆෝන් එකට පි0 සිද්ද වෙන්න අපි හැමදාම වාගෙ කතාකරන්න පුරුදු උනා..ඒත් මෙතනදි අපිට ලොකු මිස් මැච් එකක් එනව..එතකොට ටී හිටිය පරිසරය ගොඩක් පිරිමි ළමයි..ඒත් මම හිටියෙ සහරා කාන්තාරෙ වාගෙ හදිස්සියකට පේන්න ඔටු දෙනක්වත් නෑ..කෙනෙක් හිතයි මෙතන මම යනුවෙන් හැඳින්වෙන පුද්ගලය කුකුලෙක් කියල..ඒත් අපි පෘතග්ජන මිනිස්සු විදිහට බෙහෙතකටවත් මොඈඩ ජෝක් එකක් දමන්න ගර්ල් 1ක් නැති උනාම හරිම පාලුයි..
එක දවසක් ෂාරුක් ගෙ ෆිල්ම් එකක් බලන්න අපේ ටීට ආසාවක් ඇතිවෙලා ..ඒත් එයාලගෙ යාලුවො සෙට් එක සෙට් කරගන්න බැරිවෙලා..ඉතින් මට කතාකලා ඒ ෆිල්ම් එක බලන්න යන්න..මොකක්දෝ කතාවක ඉබ්බෙක්ට දඬුවම් දෙන්න හිතාපු පොරක් ඉබ්බව දියෙ දැම්මම ඉබ්බට දැන්න ෆන් එක වාගෙ එකක් මගෙ හිතට ආව.. දවස් 2කට පස්සෙ දවසක් අපි දමාගත්ත..මමත් කොළඹ අවුරුදු 2ක් හිටියත් ලොකු හෝල් එකක ෆිල්ම් එකක් බලල තිබ්බෙ නෑ ඒ වෙනකොට...

ඔය ග්මනගැන හීන බල බල ඉන්න මට අපේ ලොක්ක 1 පාර කතා කලා..මගෙන් ඇහුව උඩවලව තනමල්විල වැඩක් තියනව යනවද කියල..හප්පේ මට ආව ප්‍රොබ් 1..හෙට ෆිල්ම් 1 එක අතකින් අනික් අතින් ට්‍රිප් එක..එතන රාජකාරි ගමනක් උනත් ටිකක් දිග එකක් නිසා ඒක නොමිලෙ හම්බුවෙන ට්‍රිප් 1ක් කිව්වොත් මම වැරදි නෑ..වාහනේට නැගල ඔහෙ අපෙ සර් ගෙ පචවලට තව බොරු + කරකර යන්න තියෙන්නෙ..ගියාම අපෙ කොන්තරත් කාරය වැඩකරනව අපි බලනව..
මීට කලින් ළඟ ගමන් ගිහින් තිබ්බත් දුර 1ක් සෙට් වෙලාම නෑ..ඉතින් අපෙ සර්ට මීටර උඅනා මෙතන පොඩි අවුලක් වාගෙ.. to b cont....

Tuesday, May 11, 2010

kathawa

මම දන්න යාලුවෙක් හිටිය ටී කියල ..එයා වැඩ කලේ කොළඹ..අපි යාලුවො උනෙ 2006 විතර..ටී සහ මම යන දෙන්නම එක වැඩසටහනකට සම්බන්ධ උනා කෙ කියන නගරෙ තිබ්ය..නායකත්ව සOවර්ධනය තමා එම වැඩමුලුවෙ මාතෘ කාව..අපි ඒකෙදි යාලුවො බවට පත් උනා...ටී කියන්නෙ ගෑනු ළමයෙක් මම පිරිමි ලමයෙක් සී කියල..ඒ වැඩසටහනට පස්සෙ අපෙ යොවුන් සමාජෙ තිබුන ඉ0ග්‍රීසි ප0තියටත් අපි සම්බන්ධ උනා..
අපි අතර ෆෝන් නම්බර මාරුවකුත් උනා...කාලයක් අපි කතාකලා..කාලයක් කතානොකරත් හිටිය,,,එයාගෙ සිදුවීම් මම ගොඩක් දැනගෙන හිටියෙ නෑ..ඒත් මගෙ දෙවල් ගොඩාක් එයා දැනගෙන හිටිය..මම ගොඩක් නැතත් ටිකක් වැරදි කලා..එඇ දේවල් ඔක්කොම එයා දැනගෙන හිටිය..මමනම් කොතන ගියත් ටිකක් ජනප්‍රිය වෙන කෙනෙක් එඇ ජනප්‍රිය බව ඇති වුනෙ ඇයි ක්යල ..එඇත් එඇ නිසා මම සම්බන්ධ ගැහැනු ලමය් ගොඩාක් හිටිය..ඉන් සමහර අය ගොඩක් ස්පෙෂල් බවට පත් උනා...කොයි තරම් ස්පෙෂල් උනත් එඇ කිසිම කෙටි කතාවක් නව කතා බවට පත් උනෙ නෑ..මට එඇ කිසිම ගෑනු ලමයෙක් වැදිල තිබුනෙ නෑ..සමහරවිට ටී ත් මට කාලයක් සහ මම එයාට කාලයක් ප්‍රේම කියන ජාතිය කරන්න ඇති...එඇත් අපි එකම වකවානුවක ප්‍රේම නොකල නිසා හමු වීමක් ඇති උනෙ නෑ..
අපි සමහර කාලවල දිගටම දවසක් නෑර කතා කලා ..සමහර කාලවල කතා නොකරම හිටිය..ඔය අතර මම කාර්මික පාඨමාලාවකට කොළඹ එනව..ඒ කාලෙදිත් ටී ජොබ් හොයනව..අවසානෙ එයා ජොබක් හොයා ගන්නව..දැන් එයා ජොබ හොයා ගන්න කාලෙදි මගෙ කාර්මික පාඨමාලාව අහවර වෙලා මම රස්සාවකට ගිහින්...අපි ටෙක් ඉගනගද්දි ත් අපි එක්කම නැති උනත් විහිලුවක් කරන්න හරි ගැහැනු ලමයි හිටිය,,
ඒත් මම ජොබට ගියාම කෙල්ලෙක් දකින එකත් උදේ බස් 1ට සීමා උන දෙයක් උනා..ඉතින් මට ඔපිස් ෆෝන් එකක් දීල තිබුනෙ..මට ඉතින් තටු ලැබුන වගෙ,,අපිටකතා කරන්න ගොඩක් දේවල් තිබුන..ටී එක්ක..ටීට එඇ වෙනකොට ස් තිර පිරිමි ලමයෙක් හිටියෙ නෑ.ඉතින් කාලය අපි + කලා..ඒත් ටී හිටපු පරිසරය ඒ තරම් සුන්දර එකක් නෙමෙ..කොල්ලො ගොඩායි..මම ඉතින් හැමදාම ටැලිෆොන් කලා විතරයි..රස්සාවට ආපු මුල් කාලෙ නිසා නිවාඩු හමු උනෙ අඩුවෙන්.....to be cont

Sunday, May 9, 2010

Gal wandhanawa

මම මේ පින්තූරෙ පෙන්නන්නෙ හුදෙක් ආතල් පිනිසම නෙමෙයි..පොඩ්ඩක් හිතන්න අද මේව අපෙ ජීවිතේට කොච්චර කඩාඇනලද කියල...මෙව්ව දැන් ඕනි නෑ කියල මේ ජනාධිපතිතුමා ඔටුනු පැලැන්ද කාලෙම වැඩසටහනක් ආව"මතට . කියල"ඒක කොයි තරම් දුරට සාර්ථක වෙලාද අද වෙනකොට.......බාර් වල අරක්කු මිල වැඩි වෙනකොට,,ස0ස්කෘතිය රකින්න බාර් වහනකොට මිනිස්සු වෙන විකල්ප වලට යොමු වෙනව...එතකොට කරිඤ්ඤ0 වල කසිප්පු වල අගය වැඩිවෙලා ප්‍රමිතියක් නැති එක මිනිස්සුන්ට අමතක වෙලා ඒවට කට්ටිය සෙට් වෙනව..ඕන දෙයක් වැඩි වෙලා හිතේ තියාගන්නෙ නැති රැම් එක අඩු ජාතියක් වෙන අපෙ අයට අරක්කු මිල වැඩි වෙලා විකල්ප වලට සෙට් වෙනකොට මතක් වෙන්නෙ නෑ...එතනොල් වල මෙතනෝල් කලවම් වෙලා කැකණදුර වාගෙ පැත්වෙල කට්ටිය පලාත් පිටින් මැරුණ හැටි..තව පිරිසක් වෙනමම ආතල් එකක් ගන්නව පැණි කියල වර්ගයකින්.. ෆාමසි වල තියෙන විවිධ අවුසද දවසට මේස හැඳි 3ක් ගන්න තියෙන ඒව ගිලිනව..බෝතලේම 1 පාරට...වෙලාවකට හිතෙනව මේ වාගෙ අය ටැලන්ට් ස්ටාර් වාගෙ තරඟයකට පුරුදු වෙනවද කියලත්..මේ හැම දේම ගන්නෙ මොකටද මත් වෙන්න..මත් වෙන්නෙ මොකටද??ඒකට හේතු ගොඩායි...අපෙ තියෙන උත්සවව්ලට මත් පැන් ගැනීම ගැන දක්වන අදහස් කීපයක් කියන්නම්..මෙව්වත් අර රූපවාහිනී චැනල් වල ප්‍රවෘත්ති වල මහජනයාගෙ අදහස් වාගෙ නම් කමෙන්ට් එකක් දමල බනින්න නිදහස තියනව ඕනි කෙනෙකුට
මල ගෙවල් වල----දුක බෙදා ගැනීම,,කලකින් හමුවන නෑයින්ට සැලකීම
මඟුල් ගෙවල් වල---සතුට බෙදා ගැනීම,,මිතුරු මිතුරියන් හා සෙට් වීම
සාද වලට---සින්දු කීමට අවැසි ගැම්ම ගැනීමට හා නැටීමට පෙර නැටුම් තෙල් ලෙස......
දාන වලට---කෑමට පෙර ගන්නා ඔසුවක් ලෙස..බොන්ඩින් මැටීරියල් එකක් ලෙස ...මෙම උත්සව වල සෙට් වීමට අවැසි දෙයක් සහ මිතුරනට දෙන ස0ග්‍රහයක් ලෙස මෙය බොහෝ අය සලකති..ඔබ මිතුරන්ට ස0 ග්‍රහ ලෙස මත් වතුර සමඟ ලබා දෙන රෝග ගැනත් සිත යොමු කිරීම වටී..

Saturday, May 8, 2010

Jack & Post

ජැක්-බස් වලටත් වාහන වලදිත් ගහනව...දුර ගමනක් යනකොට ටයර් මාරු කරන්න ජැක් ගන්නවා..ඔව්ව හයිඩ්‍රොලික් සහ ඉස්කුරුප්පු කියල වර්ග 2ක් තියනව..හයිඩ්‍රොලික් වලට හුලO ගහන්න ඕනි....ඉස්කුරුප්පු එක නම් කරකවන්න ඕනි භාවිතා කරද්දි.


ජැක්-කියල කොස් වලට කියනවා...එතකොට පොලොස් වෙන්නෙ ස්මෝල් ජැක්ද කියල හොයල බලන්න ඕනි...ඕල්ඩ් ජැක් වලට නම් නම් නමක් තියනව .....අර පිටකොටුවෙන් ගනිපු පිOතූර පොතේ පලතුරු සෙක්සන් එකේ බලන්න ඕනි තියනවද කියල......

ජැක් -මැකරල් එහෙම සාඩින් ජාහියක් තිබ්බ කඩේ..ඉස්සර..සාඩින් කිව්වෙ ටිOමාලු...


ජැක්-කියල චරිතයක් තිබ්බ ටයිටැනික් ෆිල්ම් එකේ....මිනිහ ටිකක් ලැජ්ජකාරය කියල තමා එයා 1 පාරක් යාලුවෙලා හිටපු ගෑනු ලමය පත්තරේට කියල තිබුනෙ...කැච් මී ඉෆ් යූ කැන් එකේ නම් ජැක් මාරයි කියල මා දකින්නෙ.....

ජැක් -එකකට උන බOබුවක් ගහල තිබ්බ කෙහෙල් ගහකට අපේ සීය...වෙසක් එකට කූඩු හදන්න බට මදිවෙලා ඒකට පරණ පරාලයක් සැට් කොරල අපේ අයිය වෙසක් කූඩු හදන්න බOබුව ගත්ත...අය්ය සීයගෙන් බOබුවට පර්මිට් ගන්න ගෙහුO ඇඹරිලා කාරිය වාඩිවෙලා ඇහුව සීයෙ කූඩුවට් බම්බු මදිවෙලා අර ජැක් එකට ගහපු එක ගන්නද???මොක උනත් වෙසක් එකටනෙ කියල දෙයි කියල හිතුවට...තොපිට වෙසක් කූඩු එක්ක බම්බු ගහන්න ඕකම ඕනිද කියල තමයි රිප්ලයි එක ආවෙ....

ජැක් -පොට් එහෙම සූදුවක් හෝ සෙල්ලමක් ආව ලOකාවට 1992 දි...එවකට හිටිය රජයෙ ප්‍රබල පුද්ගලයො ඒකට සපෝට් කලත්..ඉතා සීඝ්‍ර විදිහට තරුණ පරපුර අතර ජනප්‍රිය වෙන්න ගත්ත හින්ද වැඩේ නවත්තන්න උනා...දැO වාගෙ කොම්පීටර ගේම් තිබුනෙත් නෑ ඒ කාලෙ.....



ජැක්-සන් අමතක වෙනව තව ඩිOගෙන්....ගතිගුණවලින් වලත්තය උනත්...පොප් ලොවේ කිරුල හිමි රජු...මයිකල් ජැක්සන්....

Friday, May 7, 2010

Sri Padhaya


ශ්‍රි පාදස්ථානය කියන්නෙ බොදු ජනතාවට සිය මුදුන්මල්කඩ වැනි ස්ථානයක් දැන් ඉතිO සමහරු හිතයි මේ කියවන්න යන්නෙ සිරී පාදෙ උඩ තියන මල් කඩ ගැන කියල..නෑ මුදුන්ම්ල්කඩ කිව්වෙ දොහොත් මුදුන් තිය්ල දෙදන බිම ඔබල අපේ බුදුන් අපිට වදින්න ලැබෙන ගොඩක් අනුහස් එහෙම තියන තැනක්.සිරීපාදෙදි මට හමු උන 1 පුද්ගලයෙක් කියපු විදිහට සිරීපාදෙට තියෙන දේව බැල්ම ග්‍රහ බලපෑම් නිසා ශ්‍රී පාදෙ වඳින්න යන අයට අත්වෙන සෙත් ශාන්තිය තරමක් වැඩිය්ලු..ඒත් සිරීපාද වන අඩවියට නම් බැතිමතුන් කියන්නෙ ඒ තරම් හිතකර වර්ගයක් නෙමෙ..මේ ලෝකෙන් සිරීපාද අඩවියට විතරක්ම ආවේනික ජීවින් බොහොමයක් ඉන්නවා..අවාසනාවකට මටනම් එකෙක්වත් මතකනෑ..මට මේ ලඟදි සිරීපාදෙ ගියපු අය ගැන අවාසනාවන්ත ආරOචියක් ආව..ඒක ඔයාල දන්නව ඇති මයෙ හිතෙ..මම අවසාන වරට පත්ත්‍රේ බලනකොටත් එක ලමයකුගෙ මිනියවත් හොයාගෙන තිබුනෙ නෑ..නාන්න වතුරමල් ගොඩක් හදල දීල තිබුනත් මොන උවමනාවකට හරි ළමයි එක්ක වතුරට බැහැල සමහරු හැම එකටම ආණ්ඩුවට බනින එකේ ඕකටත් ආණ්ඩුවටම දෙස් තියයි..ඒත් බෝම ළඟදි සිරිපා කරුනා කරපු කෙනෙකු විදිහට දන්නව,බොන්න වතුර ඩිOගක් හොයාගන්න සිරීපාදෙ උඩහරියෙ තැනක් නැති උනාට නාන අයට නම් ගොඩාක් තැන් තිබුන ආරක්ෂිතව.පහල.ශ්‍රී පාදස්ථානය කලින් ගිනිකන්දක් වෙන්න ඇති කියල සමහර භූගෝල විද්‍යාඥයො අදහස් ප්‍රකාශ කරල තියනව..ශ්‍රී පාදයටම ආවේනික ජීවී විශේෂ ගනනාවක් සිටීම එක හේතුවක් විදිහට ඒ අය දකිනව..

Thursday, May 6, 2010

hai

Anarkali in future


මේ ඉන්නෙ කවුද ???? වෙන කවුද ඉතින් අනර්කලී අක්ක 2050 දි...රූපO ජීරති නාමගොත්තO නජීරති....