Sunday, May 16, 2010

දොස්තර මහත්තයාගෙ ලියමන

හා ඊලග කෙනා එන්න ,ඇටෙන්ඩන්ගෙ කෑගැසීමෙන් පසු පියෝරිස් සීයා ඇතුලට ගොඩවිය..කලින් වතාවන් 2-3 කදීමට හමු වී ඇති නිසාමට පියෝ සීයාගේ නම මතක ඇත..ඉතින් කෝමද?? සාමාන්‍ය්යෙන් වයසක අය සමඟ කතා කරනවිට ආරෝපනය කර ගන්නා උස් හඬින් මා ඔහුගේ සුවදුක් විමසීමි...එවිට මෙතෙක් ඔහුගේ අතමත තිබූ පාර්සලය පසෙකින් තබමින්..මහත්තයට පින් සිද්ද් වෙන්න ඇස් 2 නම් හොඳට පේනව..යැය් කීය...එතකොට දැන් මොකද කේස් එකමොකුත් නෑ මහත්තයො ඔහෙ ඉන්නවා....එහෙනම් බෙහෙත් ගන්න ආවෙ..මට වැඩ අධික දිනක් උවත් ලෙඩක් නැතිව බෙහෙත් ගන්නේ කුමටදැයි ඇසීමට මට සිත් නොදීය....සීය පනුබෙහෙත් හෙම ගන්නද ආවෙ....නැත්නම් සිස්ටම් එකේ මොනාහරි අවුලක්ද....අවුලක් නම් කියන්න මම මේ ඇටෙන්ඩන් 1ට යන්න කියන්නම්...දොස්තර මහතෙකු ලෙස පොලීසියෙන් මෙන් ප්‍රස්න කිරීමක් මාගේ නොවීය...ඔවුන්ගේ බාසාවෙන්ම වාගේ දෙයක් ඇසූ විට ඔවුන් ලෙඩ කීමට මැලි නොවෙති...බොහෝ වේලාවක් මාදෙස ලජ්ජාවෙන් ඇඹෙරෙමින් සිටි පියෝ සීයා කතාව ඈරඹීය...කලින් මහත්තය කිව් විදිහටම මම මහ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත..ඒ දොස්තර මහත්තය මහත්තයගෙ නම කීවම හොඳට බැලුව හෙව්ව....මාගේ බැජෙකු වූ අනුර මගේ රෝගින්ට සාමාන්‍ය්යෙන් හොඳින් සලකයි....සීයාට ඇවැසි බෙහෙත් මෙම රෝහලේ නැති උවත්මහ රෝහලක් වු එහි ඇති බැව් මා සිතීමි..එය එසේම වී ඇත..මහත්තය මගෙ ඇස් 2 පෙනෙන්න සැලැස්සුවට බෝම පින්...යැයි ඔහු හදවතින්ම මට පින් දෙන්නට විය...ඇසේ සුද පැවතීමෙන් මද පමන පෙනීමකට ලක්වූ ඔහු සිතා ඇත්තේ.එක්කෝ ඇස් අඳ වෙයි කියා හොඈ නැතිනම් කන්නාඩි දැමීමට වෙයි කියා වෙන්ට ඇත...බොහෝ නාගරිකයින් කන්නාඩි දැමීම මෝස්තරයක් ලෙස සැලකුවත් සමහර ගැමියන් නම් එය මහා දරුනු කරුමයක් ලෙස දකිති....හරි දැන් සීයට එහෙනම් දැන් අසනීපයක් නෑ...නෙ..එහෙනම් මොකොටද උදේ ඉඳන් තුන්ඩුවක් අරන් ආවෙ..සීය දන්නව නෙ අද පොල දවසෙ බෙහෙත් ගන්න කට්ටිය වැඩියි කියල...ඉතින් මහත්තයො..මට පොලේ එන එක ලෙහෙසි අද වාගෙ දවසක තමා..නැත්නම්..අපේ පාරෙ බස් එකයි නෙව යන්නෙ....කියමින් ඔහු මල්ල ඇද මම මහත්තයටම කියල කිරි ටිකක් මුදව්න් ආව..ඉන්පසු ඉතා සිහින් හඬින්...අර ගෑනි යනකල් හිටියෙ නැත්නම් ඒක මුලු ගමට්ම කියය් මහත්තය ගැන කතන්දර...එවිට මට මොහු ගෑනි යැය් හැදින්යූයේ ඇටෙන්ඩන් යැයි සිහිවිය....ඉන්පසු මම පැය 2ක පමණ තුන්ඩු ලබාගැනීමටත්...ඉන්පසු තවත් වේලාවක් මා හමුවීමටත් බලා සිටි මොහු ගැන පුදුම සිතිනි....
.හරි එහෙනම් සීය ගිහින් එන්න ආයෙ එහෙම මුකුත් අර0 එන්නෙ එහෙම නෑ..හරිද...ලෙඩක් තියනවනම් ඇවිත් යන්න,,,අනිත් දවසෙ මම අර තුන්ඩු ලියන නර්ස් කෙනාට කියන්න ඕනි ලොකු පාර්සල් තියෙන අයට තුන්ඩු ලියන්න ඒපා කියල...එහෙනම් ම0 යන්නන් කීමට සැරසී සිටි...ඔහු සිනාසී..එතකොට මහත්තයො..අපි බෙහෙත් ගන්න එනකොට බඩු තියන්න තැනක් තියන්න වෙයි...අර ටවුමෙ මහ රෙදි කඩ වල වගෙ.....අ0ක කාඩ් ටිකකුත් එක්ක..
..ඔහු යන්න ගිය අතර ඔහු රැගෙන ආ කිරි ගානට රත් වී සීරුවට මිදී තිබුනි...අපේ දුව පැවසූයේ අයිස් ක්‍රීම් වාගෙ කියලය් ඒ කිරි වලට...පොලට ගොස් බඩු රැගෙන මලු සමඟ පෝලිමේ සිටින රෝගින් දුටුවිට මට පියෝ සීයාගේ කතාව මතක් වෙයි..ඉන්පසු මා ගමට යන විට රැගෙන යෑමට කිරි හට්ටි කීපයක් මුදවා ගැනීමට සීයා හමුවන්ට ගියෙමි...එවිටත් තැඹිලි..අඹ ආදියෙන් ස0ග්‍රහ කොට..මගෙ මරුතියේ ඩිකිය පුරවාදමීමට ඔහුගේ කාරුණික සිත බලවත් විය...ඉතින් මා ඔහුට කීවේ මින්පසු රස්තියාදු වීමට අවැසි නැති බවත් පැමින මගේ නිවසින්ම බෙහෙත් ගන්නා ලෙසයි...
.ඔහුත් මමත් බොහෝ කලක් එකට රෝහලදී හමු වී ඇති මුත් කිසිදිනක් ඔහු පෝලිම පැන පැමින නැත..කිරි ගෙන ඒමට සහ බොහොදේ පිණිස අපනිවසට පැමිණ ඇති මුත් බෙහෙත් ගැනීමට නිවසට පැමිණ නැත....එසේම මමත් බිරිඳත් බොහෝ උත්සාහ කර ඇතිමුත් ඔහු සතයකුදු මගෙන් ඔහුට ගිය ගමන් වියදමවත් ලබාගෙන නැත.....එසේම දිනක් පෝලිමේ සිටින පියෝ සීයා දැක ඔහුට එන්ට කියා පණිවිඩ ඇරියත්..ඔහු පැමිණියත් ඔහු පැවසූයේ මට එය හොඳ නැති බවත් තවත් එසේ නොකරන ලෙසත්ය....

5 comments:

  1. හදවතට දැනුන කතාවක් සංවේදීවම ලියලා. දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  2. හැම දෙ ගැනම හොදට හිතල වැඩ කරන මිනිස්සු නැතුවම නෙමෙයි
    මෙ වගේ ලිපි පුළුවන්නම් අපේ පෝරම් එකෙත් ලියන්න www sriwow info

    ReplyDelete
  3. මාගේ කතාව කියවා කොමෙන්ටුවක් දැමීමට් කාරුණික වූ ඔබට මාගේ ස්තූ...තිය......

    ReplyDelete
  4. නියම කතාවක් ... ඇත්තටම වෙච්ච එකක්ද??

    ReplyDelete
  5. මම දවසක් එස්පිරිතාලෙ ගියාම ඔය කිරිහට්ටි දෙන දර්ශනේ වාගෙ 1ක් ඇත්තටම දැක්ක එතෙනදි දොස්තර ඇහුවෙ ඇස් පේන එක ලෙඩක් නෙමෙයිනෙ..පේන්න තමා ඇස් තියෙන්නෙ කියල....

    ReplyDelete