Wednesday, May 26, 2010

සාර්ථක මිනිසා සහ අසාර්ථක ගැහැනිය....

සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියක් සිටිනවා කියන කතාව අලුත් විය යුතු බව පෙන්නන එක තමා මගේ බ්ලොගේ අරමුණ.......

අපි ගනිමු මහා දාර්ශනිකයින් වන ඇරිස්ටෝටල් ප්ලේටො සහ සොක්‍රටීස් අපි ඔවුන්ගෙ නම් අහල තිබුනට අපි කවද්ද එයාලගෙ වයිෆ්ල ගැන අහල තියෙන්නෙ..එක්කො ඒ අය වයිෆ් කියන වර්ගය ඩිසේබල් කරගෙන ඉඳල නැත්නම් වයිෆ්ල ගැන කියන්න තරම් විශේෂත්වයක් නැතිව ඇති....ආකිමිඩීස්,පයිතගරස් වාගෙ ගොඩක් අයගෙ වයිෆ්ල ගැනත් නෑ..ඒ වාගෙ අයට ඔය වාගෙ දේවලට වෙන්කරන්න වෙලාව නැතිව ඇති....

දැන් අපි ලංකා ඉතිහාසෙ බලමු පොත්වල තියෙන කතා ඇත්තනම් විජය කරල තියෙන්නෙ නරක වැඩක් එයා ලන්කාව අල්ලන්න මෙවලමක් සහ පෞද්ගලික අවශ්‍යතාවයට විතර්ක්ම යි නෙව කුවේනි තියන් ඉඳල තියෙන්නෙ...එතනින් පස්සෙ නම් අපේ ස්ත්‍රී පාර්ශවේට ලකුනු පාරක් හම්බ වෙනවා මොකද උන්මාදචිත්‍රා දාසිය වාගෙ එය ඒ කතාවෙ ප්‍රධාන චරිත කරපු නිසා.....

අපි දැන් වර්ථමාන විද්‍යාව හා තාක්සනේට උරදීපු දෙතුන් දෙනෙක් සලකල බලමු එයාලට ගැහැනු සපෝට් කලාද කියල...
නිවුටන්-ඇපල් වැටුන තැන් පටන් බොහෝ භෞතික විද්‍යා ක්ශේත්‍ර වල සලකුනු තියාපු නිවුටන් බැඳල නෑ....ඒ වාගෙම එයාට තිබිල තියෙන්නෙ සීමිත ගෑනු සම්බන්ද විතරයි...මම අහල තියෙන විදිහට එයාට කන්න උයල දීල තියෙන්නෙත් නෑ කමක් තියෙන ගෑනු කෙනෙක්....
අයින්ස්ටයින්-20 වෙනි සියවසේ මහා විද්‍යාඥයෙකු විදිහට විරුදාවලි ලබාපු අයින්ස්ටයින්ගෙ පවුල් ජීවිතෙ මහා අසාර්තකයි...අවුරුදු 19දි එතකොට කුරුල්ල වාගෙ හිටපු අයින්ස්ටයින් විවාහ උනා...එතකොට ඉගනීම සම්පූර්ණ කරගෙන නොසිටි අයින්ස්ටයින් එයාගෙ පෙම් පලහිලව්ව නිසා බොහොම කරදර වින්ද....ඒත් එයාගෙ විද්‍යා දිවියට නම් එයාගෙ පවුලගෙන් ලැබුන සහයෝගයක් නැති තරම්....

මුලු විද්‍යා ක්ෂේත්‍රයම ගත්තොත් විද්‍යාඥවරියො ඉන්නෙ බොහොම අඩුවෙන්...එයින් ප්‍රසිද්ධ කෙනෙක් තමා මාරි කියුරි..රේඩියම් හොයාගත්තෙ එයා...ඒත් එයා උනත් ස්වාධීනවම විද්‍යාඥවරියක් උනේ නෑ...පියරේ කියුරි සමඟ කල පරීක්ෂණ වලින් යුරේනියම් හොයාගෙන පියරේ කියුරිගේ හදිසි අභාවයෙන් නොසැලී කල පරීක්ෂණ වල අග්‍රඵලයක් විදිහට තමා රේඩියම් නිෂ්පාදනය උනේ...

දැන් අපි දේශපාලනේ ගමු ...ඒකෙදිනම් මනමේ කතන්දර ගොඩාක් තියනවා...ඒව කියන්න නම් මට කොටන්ට බෑ....අපි චරිත කීපයක් නිකමට අරගෙන බලමු එයාලගෙ වයිෆ්ල ගැන....
බිල් ක්ලින්ටන්-බිල් විසින් ගොඩනගා ගතපු මහා චරිතය විනාස කරන්න මොනිකා නම් වූ ලෙවෙන්ස්කිය සමත් උනා..කොයි තරම් සිද්දිය දරුනු උනාද කියනවනම් තාමත් ඉටි රූපෙ වාගෙ ඉන්න හිලරි නැන්ද අපේ බිල් අය්යව කාමරේට ගත්තෙත් නෑ ලු ඔය නඩුව යනකොට....ඒත් මටනම් හිතෙන්නෙ අද අපේ හිලරි නැන්ද බිල්ගෙ කාඩ් එකත් එක්කම කනව කියල...

ලන්කාවෙ දේසපාලනේ උනත් වයිෆ්ල කෑම උයල දෙනව වාගෙ වැඩකට ඇරෙන්න වෙන දේකට සුදුසු නෑ කිය්ල පෙන්නුව......කරලින් බර ස්වයංපෝෂිත ලන්කාව ප්‍රථම වතාවට සමූපකාර ඉදිරියෙ පෝලිම් ගස්සවන්න අපේ ලෝකෙටම ප්‍රථම අගමැතිනිය උන සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමත් උනා...එයා කියල තිබුන ඉස්සර එයා ස්ටේජ් නැග්ගම බයටම ඇඬෙනව...ඒ කඳුලුවලට මිනිස්සු ඡන්දෙ දුන්න කියල...

1994-2004 කාලෙ ගත්තොත් මහා පතෝල යුගයක් කියලයි මම දකින්නෙ...කිසිම දෙයක් නොවුනු මෙලෝ රහක් නැති කාලයක්...නියම නායකයෙකුට හොඳ හෝ නරක නාමයක් ඇතිකරගන්න ඔය කාලය හොඳටම ප්‍රමාණවත්...ඒත් අද හැමෝටම අමතක උන චරිතයක් බවට පත්වෙලා තියෙන්නෙ එයාගෙ කාලෙ එයා කල වැඩ නිසයි.....

කලින් සඳහන් කරපු දෙන්නම සෙනේබර මව් වරු උනාට බිරිඳ කියන චරිතය හරියට කලේ නෑ කියල මම දකින්නෙ....විජය කියන කෙනාට චන්ද්‍රිකා හොඳ වාගෙම නරකත් උනා එයාගෙ දේශපාලන ජීවිතේට,.....

දැන් අපි ප්‍රේමදාස ආර්යාව සහ වර්ථමාන මහරජ ආර්යාව ගමු...අර ඇඩ් එකට එහෙට මෙහෙට කුදලහගෙන ගියාට ඒ දෙකම කිසි තේරුමක් නැති පිලිම වාගේ...ලංකාවෙ කොහොමත් තියෙන නිසා කාන්තා නිදහස ගැන ඒ තරම් අවුලක් නෑ...තිබුනත් මේ අය අනේ අපි මොනා කරන්නද කියල බලාන ඉඳී....
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි....සෑම සාර්ථක මිනිහෙකුට ගැහැනිය දක්වා ඇත්තේ නොගැනිය හැකි තරම් කුඩා දායකත්වයකි....

12 comments:

  1. ඔබේ කටේ මසුරම් දමන්න වටිනවා!

    ReplyDelete
  2. මට පෙනෙන හැටියට නම් බොලං, තමුන්නාන්සෙ බිරිඳත් එක්ක හොඳ කොක්කක් දාගෙන මේ දවස් වල.
    හැබැයි කථාවට කියන්නෙ හැම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණියක් ඈත කියල මිසක් බිරිඳක් ඈත කියල නෙවෙයි.

    ඕක "හැම මිනිසෙකු පිටුපසම ගැහැණියක් ඈත" කියල වෙනස් වුනත් අවුලක් නෑ මං හිතන්නෙ.

    ReplyDelete
  3. ඔය හැම සාර්තක මිනිහෙක් පිටිපස්සේ ම ගැහැනියක් අන්නවයි කියන එකෙන් ..ඒ ගැහැනු කෙනා හැම තිස්සෙම ‍යශොදරාවක් වන බව ඈහ්හස් කරන්නේ නැ..

    අහලා නැද්ද කතාවක්ට් තියෙනවා..ඔබට හොද බිරිදක් ලැබුනොත් ඔබ ප්‍රිතීමත් විවාහයක් ගත කරනවා..නරක බිරිදක් ලැබුනොත් ඔබ දාර්ශනිකයෙක් වෙනවා කියලා.. මම හිතන්නෙ සොක්‍රටීසිගෙ ඉදන් අයින්ස්ටියින් සද්ක්වාම වෙලා තියෙන්නේ ඔය දේවන කාරනයයි..

    එහම ගත්හ්ටම අර කියමන හරි නේද..

    ReplyDelete
  4. 2 ඉලන්දාරියා,. & yasela
    ඔයාලට අදහස් තියනව ..ඒක හොඳා...නැත්නම් පාලු ගෙය් වලං බිඳිනව වාගෙ මෙලෝ රහක් නෑ..මම ඔයාලට රසවිඳින්න පොඩි පැණි කවියක් දෙන්නම්,,,,

    නෙතු වියන් යටින්........,
    මගෙ දෑස ලඟින්.......,
    දොර කවුලු පියන්......,
    ඔබ වසා ඉඳින්නේ.....,
    අඇයිද කියන් මා සයුරියේ.....

    ReplyDelete
  5. අදහසනම් බලාගෙන යද්දි ඇත්ත තමා. සොදයි සොදයි.. ඒ මොනව වුනත් මට පේන විදිහට නෝන එක්ක ලොකු ජල්ලියක් අලල. නැත්නම් boot එකක් කාල... අව්ලක් නෑ. අදහස ටොප්...

    ReplyDelete
  6. අදහසනම් බලාගෙන යද්දි ඇත්ත තමා. සොදයි සොදයි.. ඒ මොනව වුනත් මට පේන විදිහට නෝන එක්ක ලොකු ජල්ලියක් අලල. නැත්නම් boot එකක් කාල... අව්ලක් නෑ. අදහස ටොප්...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @ Yasela Sumanasinghe

    අනේ බන් මට නම් දර්ශනිකයෙක් නම් වෙන්න ඔනේ නැහැ....හැබැයි මේ කියන කථාවේ වැරැද්දක් නැහැ ....මොකද අහල නැද්ද ගැහැණු හරියට නුවරඑළියේ කාලගුණේ වගේ කියලා හැම තිස්සේම තැරු තැරැව....

    ReplyDelete
  9. ඉන්දි මම මෙහෙම සාර්තක මිනිසුන් දෙවර්ගයක් දකිනවා.
    එක වර්ගයක් ඉන්නවා, මෙ අය කලින් නිර්මාණය කරපු දෙයක්, එහෙමත් නැත්නම් ලොකෙ පවතින දෙයක් ඉගෙන ගෙන නැවත් නැවතත් එයම ඉතා සාර්ථකව කරනවා, එ අය සම්බන්දයෙන් නම් පුරාණ කතාව සත්‍යයි, එ අය ගැහැනු කෙනෙකුගෙන් ලැබෙන සිසිලස හෙතු කොටගෙනත් යම් යම් ආකාරයෙන් කලින් සොයාගත් දෙම බාවිතා කොට තමුන්ගෙ සාර්ථකත්වය සකසා ගන්නවා.

    මෙ අතර අනිත් කොට්ටාසය ඉන්නවා මෙ අය හැමවිටම මානසිකව ලොකු අසහනකාරි ජිවිත ගෙවන්නෙ, එක්කො සහකරුවා හො සහාකාරිය නිස, නැත්තම් තමුන්ට ඇති ආබාදයක් නිසා, හො කිසියම් ආකාරයකින් මෙ මිනිස්සු මානසිකව සාමාන්‍ය පුද්ගලයෙකුගෙ මට්ටම තුල නැති අය. හොදට බලන්න ඔනැම කේෂ්ත්‍රයක ගොඩාක් නිර්මාණශීලි උදවිය, අලුතෙන්ම යමක් දැනුම පතයට එකතු කරපු උදවිය, මෙ ආකාරයායි, සංගිතය, කලාව , ගණිතය, විද්‍යාව මෙ කොතන බැලුවත් මෙ අයව මුණ ගැසිමෙ සම්භාවිතාවය වැඩියි,

    මෙතනට ගැහැනුත් සම්භන්දයි, සාර්තකත්වය යන තැනට.නමුත් සාර්ථකත්වය කියන්නෙ මොනවගෙ දෙයක්ද කියන එක අපි කල්පනා කරන්න ඔනා, මම ඔබගෙ ලිපිය කියවපු වාට පසුවත් මම හිතන්නෙ ගැහැනියගෙ දායකත්වය සාර්ථක මිනිසෙකුට ඉතාම රුකුලක් බවයි, අයින්ස්ටයින්, නිව්ටන්, මාරි කියුරි , එහෙමත් නැත්තම් මහින්ද රාජපක්ෂ, ප්‍රෙමදාස යනු මගෙ ඇසින් සාර්ථක මිනිසුනෙ නොවෙ, දක්ෂ මිනිසුන්ය..

    ReplyDelete
  10. 2 ශ්‍රී,රසික & රවා ඔයාලගෙ අදහස් එකතුකලාට් මගේ කෘතඤ තාවය පලකරමි...
    ඔයාල අහල ඇති ක්‍රිස්ටෝපර් කොලම්බස් කසාද බැඳල තිබුනනම් කවදාකවත් අමෙරිකාව හොයාගන්න බැරි කතාව...ඒ මොකද එයාට මේ ප්‍රස්නවලට උත්තර නැති නිසා...
    *දැන් ඕකට ඔයාම යන්න ඕන්ද???
    *වෙන කෙනෙක් යවන්න බැරිද????
    *මොකද්ද ඕකෙන් තියෙන වැඩේ???
    *ගමනට තව ගෑනු එනවද???
    *ඔය අලුතින් යන්න ඉන්න තැන්වල ගෑනු ඉන්නවදන්නෑ නේද???
    *ඔය එක එක ගොඩබිම් හොයාගත්ත කියල මොකක්ද ඇති පලේ...
    *අලුත් තැන්වල ගියාම කෝමද නවාතැන් කෑම බීම...
    *ඔය හොයාගෙන යන තැන්වල මොක්කු (ගෝත්‍රිකයින් )ඉන්නවද දන්නෙ නෑ...?...oya kiipayak witharayi...

    ReplyDelete
  11. කාලෙකින් දැක්ක නියම විග්‍රහයක්. බලන් යනකොට ඇත්තකුත් තියෙනවා

    ReplyDelete
  12. පට්ට කතාව ඕයි :D

    ReplyDelete