Thursday, May 27, 2010

මගේ ලව (කවි බණ )

පෙර දිනයක අප නෙතු හමු වූවා.....
දහසක් කැල්මන් විකසිත වූවා......
නෙත් තුල ඇති පෙම හදවත ගාවා.....
ඇවිත් මගේ සිත වල් මත් වූවා.....

මගේ සියලු දේ ඔබේම කරලා....
මගේ දිවිය ඔබ හට පුද කරලා.......
ඇගේ සවන් අග මී බිඳු තියලා....
ඈ සුව වෙනුවෙන් මම ගී ගැයුවා...

වැහි ඇති දිනයක අකුනක් ව්ලසින්....
එන්නේ කෝලක් ඇගේ අංකයෙන්....
නවතා අපි ඉමු යාලුවො විලසින්....
කීවා ඈ මා දෙකන් පෙරලමින්...

සොඳුරු වලාපට අහසින් හැරදා....
යන්ට ගියා ඈ මා සිත පරදා......
කී දේ කල දේ අපි 2 (දෙක )පෙරදා....
එනමුදු මතකින් යන්නෑ කිසිදා......


ඈ මා හා මේ මොකද කරන්නේ....
මගේ සිතැගි නෑ තේරුම් ගන්නේ....
මල්ටිබැරල් එස් එම් එස් යන්නේ.....
කතාව කෙලවර,, බව වැටහෙන්නේ....

හිතවත් චතුවෝ ඔබ මොකද කරන්නේ....
ඇයි ඔබ මාහා නිහඬව ඉන්නේ....
කියමින් මාගෙන් යලිත් අසන්නේ....
මගෙ සිත යලි උනුවීගෙන එන්නේ....


ඈ හා අක්කා කාරයෙ යනවා...
මා ඒ අතරෙදි ඈ අමතනවා....
අලුත් කතාවක් ඇදිලා එනවා....
අක්කගෙ හොඳ දැන් නංග කියනවා........

2 comments:

  1. හානේ වෙච්චි දෙයක්. මොනවද දැන් ඔය අක්ක ගැන කියන හොඳ.

    ReplyDelete
  2. මල් වට්ටිය වගේ අතේ ගිහිපු අක්කගෙ චරිතෙ තියන හොඳ( අර ගිහිපු කතා නැතුව ) සහ අක්ක සහ මා හා ඇති ගැලපීම.....

    ReplyDelete