Friday, May 28, 2010

අපි කොහොමද ලොකු වෙන්නෙ....

ලන්කාවෙ ජන්ගම දුරකතන පාරිභෝගික සංඛ්‍යාව මිලියන 6ක් විතර වෙනවා...ඒ අතරින් ෆේස්බුක් වැනි ගෝලීය සමාජ ජාල සහ අන්තර්ජාල පහසුකම් විඳින පිරිස මිලියන .5 වගේ අගයක් වෙනව.....ඔය කන්ඩායමෙන් මූනුපොතේ (ෆේස්බුක් ) ඉන්න ගණන.....ලක්ශ 2ක් විතර එයිනුත් සිංහල බ්ලොග් ලියන්නෙ කීයෙන් කී දෙනාද කියවන්නෙ කොයිතාරම් අඩු පිරිසක්ද....මම හිතන්නෙ ඉරිද දිවයින පත්තරෙ විකිනෙන තරමවත් අපේ බ්ලොග් අවකාශේ ඇක්ටිව් අය ඉන්නව ඇති කියල..

මගේ ඉහත කී ඔක්කොම සංඛ්‍යාලේඛන සක්‍රිය පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් පමණි...උදාහරණ ලෙස මාසෙට 1 වතාවක් පිටරටින් එන කෝල් එකක් බලාගෙන ෆෝන් එක මාසෙම චාජ් කරගෙන ඉන්න සමහර අසරණ අය දුරකතන භාවිතා කරන සක්‍රිය චරිත විදිහට මම දැකල නෑ....

ලංකාවෙ අන්තර්ජාල පාරිභෝගිකයින් වැඩිවුනා ඉතාම සීග්‍රයෙන් පහුගිය කාලෙ ඒකට හේතු ලෙස
*අන්තර්ජාල පිවිසුම් සහිත ජංගම දුරකතන මෝස්තරයක් වීම...
*3ජී සහ එ ච් එස් ඩී පී ඒ උපාංග මිල අඩුවීම....
*ටීවී එක රේඩියෝව..වැනි විසිතුරු බඩුවක් ලෙසත් ළමුන්ට මෙවලමක් ලෙසත් අඩුමිල පරිගණක ලාංකීය නිවාස තුලට රිංගීම....
*තරඟකාරී වෙළඳපොල තුල අන්තර්ජාල පහසුකම් ගාස්තු සීඝ්‍ර ලෙස අඩුවීම..
*ඊ මේල්, ස්කයිප්,ගූගල් ටෝක්,නිවුස් බැලීම වැනි වියදම අඩු සන්නිවේදන මාධ්‍යක් ලෙස අන්තර්ජාලය ජනප්‍රිය වීම.....
*අසභ්‍ය වීඩියෝ මොබයිල් ෆෝන් ව්ලිනුත්...සීඩී ලෙසත් ප්‍රචාරය වීම නීති මඟින් වැලැක්වීම නිසා..ඇසැබි දේ බැලීම පිණිස අන්තර්ජාලය භාවිත වීම....
*උසස් අධ්‍යාපනය තුල එසයින්මන්ට් ලිවීම නෝට් එකතු කිරීමට අන්තර්ජාලය පහසු තැනක් වීම....
*ඉන්ටර්නෙට් එකෙන් හිඟාකෑමට ලස්සන නමක් එකතුකොට ඉන්ටර්නෙට් මනි යනුවෙන් ජනප්‍රිය වීම...
*උයන් වතු....මූදු වෙරල....මඟතොට සදාචාර කරුවන් ආක්‍රමනය කොට ඇති හෙයින් පෙම්වතුන්ට සයිබර් අවකාශය මාධ්‍යක් වීම..
දැක්විය හැක....මෙහිදී හැලුනු බොහොදේ ඇතැයි ඔබ සිතනු ඇත එහෙත්...සත්‍යය නම්...ක්ලවුඩ් කම්පියුටින්....ඊ ලර්නින්....ඊ මාකටින්...ඊ බෑන්කින්..සඳහා ලන්කාවේ ඉන්ටර්නෙට් ලබාගත් පාරිභෝගිකයින් ඉතාම අඩු බවය....

මා මෙම බ්ලොග් අවකාශ තුල කියවන්නන් ගණන මිලියන.2 ක් වන අවස්තා ඇති බ්ලොග් දැක නොමැත....මිලියන .2ක් යනු හීනයක් උවත් ශ්‍රී ලංකාවේ පමණක් සිංහල කතාකරන ජනතාව ප්‍රමාණය මිලියන 15ක ආසන්න අගයක් වන බව ඔබට මතක් කිරීමට කැමැති වෙමි...මෙම තත්වය තුල ඉතා රසවත් දේ කීපයක් මා දකිමි....
*තමන්ගේ වෙබ් අඩවි තුල ලියන්නැයි ආරාධනා.....
*බ්ලොග් කියවන අතර ගැටීම්...(මත ගැටීම් නම් පරුෂ වචන අවැසි නැත )
*ඇඩ් ඔබන ලෙස ඉල්ලා වැලපීම්...
*අනුන්ට කොමෙන්ට් ඒම...ඔවුන්ගේ ගනන වැඩිවීම නොඉවසන්නන්ගේ කුණුහරුප හුවමාරු....
*ගැහැණු පරාණවල කොමෙන්ට් වැඩිවීම නොරුස්සන සමහරු බැන අඬගසා ගැනීම්...
*ආගම ප්‍රචාරය කිරීම්.....
*නිර්දය ලෙස ආගම විවේචනය කිරීම්....

මාද එකෙකු වන මේ ලිං ගෙම්බන් රැල අමතක කල එක සත්‍යක් වෙයි...එනම් සිංහල බ්ලොග් බලන ක්‍රියාකාරිකයින් සංඛ්‍යාව ඔලුගෙඩි 10,000 වත් නොවෙන බව.....ඔබ සන්ඩේ ඔබ්සවරය දැක ඇත එයට එන ඇඩ් ප්‍රමාණය අපේ වෙබ් අවකාශයට එනවානම් කොයි තරන් සුන්දරද කියා මඳක්ට හිතන්න......අපේ බ්ලොගක පලවූ කාරණාවක් වැරදි බවකියා රජයේ මාධ්‍ය සාකච්චාවක දෙස් තැබීම කොයි තරම් වින්දනීයද කියා සිතන්න.....සිංහල බ්ලොග්ක පලවූ කාරණාවකට සමාජයේ මිනිසුන් අතින් පයින් වලිදමා ගැනීම කොයි තරම් හීනයක්ද කියා සිතන්න....

ඔබට අපි නියෝජනය කරන අල්පතර සමාජ තීරුව අවබෝද වී යැය් මා සිතමි....අඩුතරමේ අපිට මූනුපොතෙ සිටින උන් ටිකවත් අද්ද ගන්න පුලුවන් නම් හොඳ බව මාගේ අදහසයි....සිංහල භාෂාව ජනප්‍රිය කිරීමට රාජ්‍යය තොරතුරු තාක්ෂන සම්පත්වල උනන්දුව මදි ආකාරයක් පෙනී යය්...
*ලන්කාවේ අලෙවි කරන සොෆ්ට්වෙයාර් සහිත පරිගණක අතලොස්සටවත් සින්හල ඉන්ස්ටෝල් කර අලෙවි කරන්නේ නම් හොඳය...(චීනයේ මෙන් )
*උබන්ටු වින්ඩෝස් වැනි ඕ එස් වල සින්හල ෆොන්ට් එනේබල කර එවන ලෙස ඉල්ලා සිටිය හැක....(මෙය ඉහල පුටුවකින්ම විය යුතුයි..)
*රාජ්‍ය සේවය පිණිස මිලදී ගන්නා පරිගණකව්ල අනිවාර්ය ලෙසම සින්හල තිබිය යුතු යැය් චක්‍රලේඛ නිකුත් කල හැක....
*රජයේ අධ්‍යාපන විෂය නිර්දේශවල තොරතුරු තාක්ෂණයේ සින්හල භාවිතා ගැන කාලච්ඡේදයක් එකතු කල හැක....
*රජයේ කොටස් සහිත සමාගම්වල වෙබ් අඩවි සින්හල භාෂාවෙන්ද එවන මෙන් ඉල්ලිය හැකිය...

සින්හල බ්ලොග් ජනප්‍රිය වීමට පලමු ඉන්ග්‍රීසි නොදැනීම කොම්පියුටරවලට ගැටලුවක් නොවෙයි යන්න ජනප්‍රිය විය යුතුයි...මා දැන් ටයිප් කරන යුනිකෝඩ් එසැන පරිවර්ථකය ...අඩුමතරමේ ෆයර්ෆොක්ස්වලවත් දිගින් දිගට දීර්ඝ ලිපි ලිවිය නොහැකි ගැටලුව පවතින බවත්...මෙය 2006න් පසු යාවත්කාලීන නොකර ඇති ආකාරයක් පෙන්නුම් කරන බවත් සතුටින් දැනුම් දෙමි....එසේම ඕපන් සෝස්..ක්ලවුඩ් කම්පියුටි න් ගැන කතාකරන වියතුන්ට....උබන්ටු සංස්කරණ 4ක් පුරාවට මා දැක ඇති මූලික යුනිකෝඩ් ෆොන්ටයේ වැරදි 10.04 වලදිත් සකස් නොවී ඇති බවත් කීමට කැමැත්තෙමි...

මෙය කියවූ ඔබටත් මෙය බලා ආණ්ඩුවට හා නිලධාරින්ට දෙස් තැබීමේ ෆන් එක ගැනීමට ප්‍රථම කලහැකි බොහෝ දේ ඇති බව කීමට කැමතිය මට හිතුනු දේ කීපයක් පහත දක්වා ඇත....
*ඊ මේල් සඳහා හැකි සෑම විටම සින්හල භාවිතා කිරීම.....( ටොප් ලෙවෙල් එකේ සිට ලේබර් දක්වා කඩු වනන්නන් බලාපොරොත්තු වන දීන එන්වරමන්ට් ඇති සින්හල කොම්පැනිවල ,,බොදු උපාසක ටොප් මැනේජරයන්ට මෙය නොදිරවිය හැකිඋවත් මදක් උත්සාහ කොට බලන්න..)
*මූනොපොත, බzස්,ටුවිටර වැනි දේවලඔබේ යහලුවන් සින්හල දන්නා අය වෙයිනම් සින්හල භාෂාඅවෙන්ම ටයිප් කරන්න....සින්ග්ලිශ් කියවීමට වඩා මා නම් සින්හල කියවීමට ආසා කරමි..එසේම සින්ග්ලිශ් වලට වඩා ශුද්ධ සින්හල පහසුවෙන්ම කිය්විය හැකි බව මාගේ අදහසයි...
*නිවුස් හා අනෙකුත් ලාංකීය වෙබ් අවකාශ සින්හලෙන් වෙයි නම් ෆොන්ටය කුමක් උවත් කොමෙන්ට් හෝ ටෙක්ස්ට් එකහු කරන විට සිංග්ලිශ් හා යුනිකෝඩ් යන දෙකම භාවිත කරන්න...
*ඔබට සින්හලෙන් යන වැදගත් අධ්‍යාපනික දේශනයක් ලැබූනොත් සින්හල ෆොන්ට් හා යුනිකෝඩ් ගැන දැනුවත් කරන්න..(ටියුශන් ගුරුවරයෙක්,,,දේශකයෙක්,,,අනුශාසකයෙක් ,,,සීනියර් පොරක් හෝ පොරියක් වුවොත් ඔබට මේ සම්බන්ධයෙන් දැනුවත් කල හැක )
ඉන්න 1000ට නිකම් ගහ බැන ගන්නෙ නැතිව අලුත් අය මේ පැත්තට ගේන්න අලුත් අයිඩියා ඔයාලටත් හිතුනොත්....කියන්න.... ඔබට කොමෙන්ට් හෝ ඔබේ බ්ලොග් අවකාශ භාවිතාකරන්න පුලුවනි....


අනේ කුණුහරුප කොමෙන්ට් නම් දමන්න එපා මොකද මම ගොඩක් කුණුහරුප දැනටමත් දන්නවා...

17 comments:

  1. ගෑණු පරාණ වලට කොමෙන්ට් වැඩි වෙනව කියන එකනම් ඇත්ත කතාව. අපි කොච්චර මැරීගෙන ලිවුවත් කොමෙන්ට් 4යි 5යි. මොකියක් හරි පැටික්කියක් එහෙම නැත්තන් අහුලන්නියක් මොකක් හරි බයිලාවක් ලියපු ගමන් අපේ අයියලගෙන් කොමෙන්ට් 50යි 60යි. හොඳ ලේඛකයො ගොඩක් හැලෙන්නෙ කොමෙන්ට් නැති හින්දා


    වැප් ලියපු මේකත් මේකත් කියවන්න

    http://wapnishantha.blogspot.com/2010/05/blog-post_28.html

    ReplyDelete
  2. ඔය කියන ලිපිය බලල තමා මම මගේ ලිපිය දැම්මේ...කොමෙන්ට් 1කට ලොකු වැඩි නිසා..මගේ අදහසත් දැම්ම.....ඒක ඇත්ත මේ ලඟදි ගෑනු ලමයෙක්,, ලැප්ටොප් 1ක් ලැබිල දාපු පින්තූරෙටම කොමෙන්ට් ගොඩක් ලැබිල තිබුන .......ලැජ්ජ නැතිව කියනව මමත් කවියකින් කොමෙන්ට් 1ක් දැම්ම අමාරුවෙන් ගොතල...ඒ අනුව බලනකොට පැණි හැලීමත් අපේ ආවේනික ගතියක් වෙලා.....

    ReplyDelete
  3. අධෛර්ය වෙන්න එපා.කමෙන්ට් බලාගෙන ලියන්නත් එපා.ඔයාගෙ බ්ලොක් එක බලල සමහරු කමෙන්ට් නොදා යනව වෙන්නත් පුලුවන්නෙ.බලන අයට ගොඩක් වැදගත් වන ලිපියක් නම් ගොඩ දෙනෙක් බලයි. ගැහැණු ලමයින්ටනම් ඉතින් කට්ටිය කොහොමත් වැඩි සැලකිල්ලක් තියනවනෙ.අපේ දේවල් හැම දෙයක්ම සිංහලෙන් තියනවනම් කොච්චර අගේද?ඒත් කව්ද ඔය ව්‍යාපෘති වලට කෝටි ගනන් මුදල් යොදවන්නෙ.

    ReplyDelete
  4. අපි දන්සැලක් දානව එන්නෙ ටික දෙනයි....ඉතින් ඒ ආතල් 1ට වෙන්නෙ මොකක්ද??අන්න එහෙම දෙයක් තමා මෙතන මගේ ප්‍රස්නෙ..කොමෙන්ට්ම නෙමෙ....අපි ලියන දේවල් සමාජෙ හැමෝටම ඕනිනෑ...වැඩිපුරම ලිපිය වැදගත් වෙන කිසිම කෙනෙක් බ්ලොග් බලන්නෙ නැත්නම් මොකටද අපි උඩදාගෙන ලියල......

    ReplyDelete
  5. ලිපි කියවලා comments නොදා යන එක අපි කවුරුත් අඩු වැඩි වශයෙන් කරන නරක වැඩක් තමයි. අපි වගේ නිකංම නිකං බ්ලොග් ගල් කරුවො විතරක් නෙවෙයි මහා ලේඛකයොත් තමන්ගෙ නිර්මාණ ගැන අනුන් අදහස් දක්වනවනම් කැමතියි.

    මම සමහර වෙලාවටනම් කම්මැලිකම, වැඩ වැඩිකම නිසා comments නොදා යනවා. ඒත් ලිපි ගැන කියන්න මොකක් හරි ටිකක් ලොකු අදහසක් එන්නෙ නැති කම තමයි මගේනම් ඔය නරක පුරුද්දට ප්‍රධානම හේතුව. ලිපියක් ගැන ඇත්තටම මොකක් හරි කියන්න හිතුනොත්නම් ගෑණුද? පිරිමිද ? කියල බලන්නෙ නැතුව මම comments දානාවා. ඒත් බලහත්කාරයෙන් අමාරුවෙන් comments/කවි හදාගෙන දාන්නෙනම් නෑ
    :-p

    මොකුත් කියන්න නැති කමට දාන නිකන්ම නිකන් තනි වචනෙ "පට්ට" "එළ" "හිකිස්" වගේ කොමෙන්ට්ස් වලට වඩා ඇත්තටම අදහසක් දක්වන කොමෙන්ට් වලට තමයි මමනම් කැමති.

    ලබන ආත්මෙදි වැඩි වැඩියෙන් කොමෙන්ට් ලැබෙන්න , මේ ආත්මෙදි වැඩි වැඩියෙන් කොමෙන්ට් කරන්න !!!

    ReplyDelete
  6. පවත්නා යදම් රැහැනි බිද දමා නව අයුරකින් ප්‍රවේශයක් ගැනීමට ඔබගේ අදහස ඉතා හොදයි..

    ජපානය දෙවන ලෝක යුද්දෙන් පැරදිලා බීදුවට වැටිලා ඉන්න වේලාවේ ...ජපන් අධිරාජයා මිනිස්සුන්ට කිව්වේ..ජපානෙට නොව ලෝකයට නිශ්පාද්නය කරන්න කියලයි..

    ඒ වගේ මෙතනත් තියෙන්නේ වෙලදපොල විශාලත්වය ගැන ගැටලුවක්..මොනවා උනත් ලOකාවේ අන්තර්ජාල පහසුකම් දියුනු කිරීම තමයි මෙකට උත්තරය කියලයි මට හිතෙන්නේ..

    නිතී රීතී වලින් හාවිතය පුලුල් කිරීම ගැන නම් මගේ එච්චර විශ්වාශයක් නැ..

    ReplyDelete
  7. 2 yasela & chanaka
    අපි හිතමු සියඹලාන්ඩුවෙ බුවෙක්ට ඉන්ටර්නෙට් තියනව කියල...එයාට ඕනි කොළඹ තියෙන ලොකු ඔෆීසියකට ලිපියක් යවන්න...තමන්ට අවැසි දෙයක් සම්බන්ධයෙන් බොහොම ඉක්මනින්....උදාහරන විදිහට ඔහු මිලදීගෙන තිබෙන බීජ වර්ගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත එකක්ද කියල වගෙ එකක්....ඕක තැපෑල හරහා යැව්වොත් වැහි කාලෙ ඉවරයි උත්තර එනකොට...කෝලක් දුන්නොත් වරුව ඉවරයි නියම ආයතනය සහ පුද්ගලය හොයාගන්න...ඒ ගොයි මහත්තයට සින්හලෙන් ඊමේල් යවන්න,බ්ලොග් ලියන්න පුලුවන් උනානම් තමන්ගෙ කාරනය ආයතන කීපයක නිලධාරින් ගානකට 1 පාර යොමු කරන්න තිබුන...කොමෙන්ට් හෝ රිප්ලයි හරහා අදහස් ගනනාවක් ගන්නත් තිබුන...

    ReplyDelete
  8. කමෙන්ට් වලින් දෙයක් මනින්න පුළුවන්ද කියලත් හිතෙනවා, මගෙ වටෙ ඉන්න පිරිස අනුව බොහො අය මෙ ගැන දන්නෙ නැහැ. නමුත් සිංහල බ්ලොග් කරනය ගැන ලොකු කතිකාවතක් යටින් යන එකනම් පැහැදිලියි..

    ReplyDelete
  9. කමෙන්ට් ඇත්නම් දිරි ගැන්වෙන බව පැහැදිලියි.

    නමුත් වටිනා දෙයක් ඉදිරිපත් කරනවා නම් .... කවුරුත් ඇවිත් බලනවා .... හැබැයි ලිපිය පල කරපු දවසේම නොවෙන්න පුලුවන් ...

    ReplyDelete
  10. කථාව නම් බොහොම ඇත්ත..... සිංහල කියන්නෙ කොච්චර වැදගත් භාෂාවක්ද කියල දැන් මේ රටේ මිනිස්සුන්ටම අමතක වෙලා...... වැදගත් වගෙම අලංකාර නිර්මාණ බිහි කරන්න හැකි කලාත්මක භාෂාවක් නෙව අපේ හෙළ බස... ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේට 100% ම ගන්න අපේ සහෝදර පරපුරට සිංහල ප්‍රශ්න පත්තරේට ගොඩක් වෙලාවට ලැබෙන්නෙ 60%ක් 70% ක් විතර ලකුණු....

    සිංහල රටේ ජීවත් වෙන සිංහල මිනිස්සු විදියට සිංහල භාෂාව අගය කරන්න ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එකයි ගැටලුව.

    මූණු පොතේ සිංහලෙන් කවියක් දැම්මත් ඒව රස විඳින්න දන්නෙ නෑ... නිසඳැසක් දැම්මොත් කියන්නෙ "අපෝ,අපිට ඔය දාර්ශනවාදී බරපතල අදහස් තේරෙන්නෙ නෑ....".

    භාෂාව ජනතාව අතරට ගෙනියන්න කොතනින්ද පටන් ගන්නෙ????

    ReplyDelete
  11. ඔයා ලිපියම කියවල තියෙන එක ගැන සතුටුය් සුදු රෝස...ඉංග්‍රීසි නැතිව එන්ගලන්තෙ ඉන්න පුලුවනි..ඒත් ලංකාවෙ බෑ....හින්දි විතරක් දන්න ඉන්දියන් කාරයො..වගේ ගොඩාක් ඉන්ග්‍රීසි නොදන්න පිරිසක් එන්ගලන්තෙ ඉන්නවා..ඒත් අපි.....

    ReplyDelete
  12. අපේ සහෝදර පරපුරට තේරෙන දාර්ශනවාදී අදහස් "මට කොත්තුත් ඕනේ...මට ලයිමුත් ඕනේ......" හෝ "රතු පාට දම් පාට බියුටිෆුල් මල්......" වගෙ දේවල් වලට සීමා වීම තමයි තියෙන බරපතලම ප්‍රශ්නෙ....... :D :D :D

    ReplyDelete
  13. මචන් උඹේ මේ ලිපියත් හෙන වටිනවා. මෙහෙමයි . . කවුරු වුනත් හොඳ දෙයක් ලියනවනම් කාලයක් ගිහින් හරි ඒකට නියල වටිනාකම ලැබෙනවා. මේ ලිපියත් උඹේ බ්ලොග් එකත් ඒකට හොඳම උදාහරනයක් වෙනවා සිකුරුයි. ඒක නිසා අධෛර්‍යවෙනන් එපා . . දිගටම මේ වගේ වැදගත් ලිපි ලියන්න . . රාජකාරෙ වැඩ අඩුවෙන වෙලාවල් වලදී වත් කොහොම හරි වෙලාව හදාගෙන එන්නම් . .

    ReplyDelete
  14. sinhalen liyanna aasai kiyawannath aasai.
    habai mobile eken aapu nisa engrresiyenma liyanna wenawa :-(
    me blog eka kiyawana palaweni dawasa ada.
    antharjaaledi apee kama kiyana eka godak watinawa.
    sinhala kiyanne lassana baashawak. eeka ape saadambara urumayak. sinhala baashawa anith hama ekakatama wada uthum kota salakana eka godak watinawa, ada lankawe ithin 1st langaue eka english 2nd eka thama sinhala, mama eeka kohethma anumatha karanne na.

    namuth sinhala katha karanne lokenma lankawe witharai. prathishathayak widiyata gaththath saahenna adui.

    mage adahasa widiyata antharjaaledi sinhala bhashawa bawitha karana eka apiwa looken kon wenawa kiyala mama hithanawa.

    mokada engreesi kiyana eka wishweeya bashawa kiyana eka akamaththen hari apita piligannama wenawa. mage adahase hatiyatanam. pariganakaya sahamulinma sinhalakaranaya ( os, softwares, and even blogs) weema nisa yantham pariganakaya athapatha gaana ape nangila mallilawa thawa duratath engreesi kiyana wishweeya bhashawen aath karanawa. mokada web eka engreesiya igenaganna thiyena pahasuma maargayak. ee wageema sinhalen liyana ape dewal loketa yanne nathi ekath prashnayak wenna puluwan. antharjaalaya kiyanne rata ratawal walata seema wechcha deyak una nam ada apita mehema inna labenne na. eeganath poddak hithanna.

    mee wage hethu nisa mama pc eka sampurnayenma sinhala karanayata wiruddai. mama methanadi sinhala bhashawatawath lankawata wath oyage blog ekatawath kisima awamanayak karanna adahas kale na.

    ee harath sinhala blog ekak kiyawanna unicode support nathi godak phone waladith amarui. srilankawe salakiyayuthu prathishathayak mobile eken web brows karana nisa rss feed ekak unath sinhalen ganna godak karadara widinna wenawa.

    mamath sinhala blog ekak patan gaththa. thama eka lipiyak wath liwe na. mepara A/L exam eken passe sirawatama bahinnai inne. eeth sinhala gana mama kiyapu dewaluth poddak hithala balanna. amaruwen singlish kiyewwata isthuuthi

    ReplyDelete
  15. මිනිහෙක් බාෂා 2ක් 3ක් දැනගෙන ඉන්න එක හොඳා හරි අපි හිතමු..පොරක් දෙමල ජර්මන් කියන භාෂා 2 ඉගන ගන්නවා..ඉතින් එයාටසිහලට අමතරව ඒ භාෂා 2 පුලුවන්නම් ඔය කොම්පීටර ඕනි දෙයක් ඉගන ගන්න ලේසියෙන්ම පුලුවන්....නිකමට හිතමු අපි මුස්ලිම් පාසල් වල ඉන්ග්‍රීසි උගන්වන්නෙ නැතිව අරාබි ඉගැන්නුව කියල මුලු ලෝකයේ ගොඩක් අය ඉගනගන්න වැදගත් භාෂාවක් වෙන අරාබි වලින් ලියපු වෙබ් ,පොත් හොයාගන්න බැරිද??/ලෝකෙ ගොඩක් රටවල කී බෝඩ් එකෙවත් ඉංග්‍රීසි අකුරක් නෑ...ඒ ත් අපේ රටේ ඉන්ග්‍රීසි නැත්නම් චූ කරන්නත් බෑ...මා කියන්නෙ දෙවන බස කියන එක ඕනිම විසාල කුඩා බාසාවක් කරගන්න ....ඕක ඉන්ග්‍රීසිම වෙන්න ඕනි නෑ...කොරියන් යන අයට ඉන්ග්‍රීසි බලනවද නෑ නෙව...ජපන් චීන ජර්මන් රුසියන් යුක්‍රේන් අරාබි බ්‍රසීල් මම ගොඩාක් ඇප්ලිකේශන්ස් ඔයවාගෙ භාශාවලින් දැකල තියනව...

    ReplyDelete
  16. බට්ටා බුකියේ ෂෙයාර් කොරලා තියෙනවා දැකලා මේක කියවන්න ගත්තේ.මේ කතාව නම් ඇත්ත තමයි හැබැයි බොහෝ දුරකට.මම බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මම තියෙන හිට්ස් ගාන බලාගෙන ඊට පස්සේ පෝස්ට් එක දානකොට බලනවා ගිය සැරේට වඩා කී දෙනෙක් කියවලද කියලා.දාපු කොමෙන්ට් ගාන නෙමේ බලන්නේ මොකද කියවන හැමෝම කොමෙන්ට් කරන්නේ නෑනේ.හැබැයි ටිකක් දෙපැත්ත කැපෙන මාතෘකා දැම්මාම හිට්ස් වැඩිවෙනවා කියන එක තේරෙනවා.ඔයාගේ ලිපි නම් බොහෝ දුරට හරවත්.හරිම අමුතු කතා වගේම හිනා කාලා මැරෙන සයිස් කතාත් තියෙනවා....ලිපියක් කොයිතරම් පැරනි උනත් කවුරුවත් නොකියවා ඉන්නේ නෑ.

    තව දෙයක් තමා අයියේ දැන් නම් උබුන්ටු එක්ක සිංහල භාවිතය සෑහෙන්න ලේසියි.සිංහල ටයිප් කරන්න sinhala tamil IM භාවිතා කරන්න පුළුවන් වින්ඩෝස් සමග.උබුන්ටු වල නම් ibus.ඒවා siyabas.lk එකෙන් ලේසියෙන්ම ගන්නත් පුළුවන්.මේ ලිපියට ගොඩාක් කල් ගතවෙලා නිසා මම හිතනවා අයියා දැන් ෆුල් ස්පීඩ් ටයිප් කරනවා ඇති කියලා

    ReplyDelete
  17. http://ikmanland.blogspot.com/2013/12/ikman-land-sale.html

    ReplyDelete