Sunday, May 23, 2010

Employee of the season

අනෙක් ආරක්ෂක සේවා එක්ක ගත්තහම පොලීසිය ලබන්නෙ අඩු පඩියක්....අපි පොලීසියට බනිනව අපිට දඩ ගහනකොට...ඒත් ඒ අය දිවා රෑ නොබල කරන සේවයට අදාල ගෙවීම් ලැබෙනවද කියල අපි හොයන්නේ නෑ...ඔබ අපි දන්න විදිහට මිලිටරි හා ආරක්ශක අන්ශ වල වැඩකරන අයට වර්ජනය කරන්න පුලුවන් කමක් නෑ...මොකද එයාලට ඒක නීතියෙන් තහනම් නිසා...

දැන් වේග සීමා ආයෙත් බලාත්මක කරල...ඒත් ඒකට වග කියන්න ඕනි නීතිය...යන්ත්‍රයේ සටහන් වෙලත් එයට දඩුවම් නොකර ඉන්න පොලීසියෙ මහත්වරුන්ට බෑ විශේෂ හේතු නැතිව...නීති හදන්නෙ පාර්ලිමේන්තුව..ඒ වැව මැද තියෙන උත්තරීතර හරක් ගාලෙ තීරන තමා නීති පොත්වලට එන්නෙ...මේ ලගදි ඒක ට පත්වුන හරකුන්ගෙ වැඩක් වෙන්න ඇති මේ අලුත් නීතිය.....

වායු දූෂනය නිසා වැඩිපුරම බැටකන ජාතියෙ කෙනෙක් තමා අපේ ට්‍රැෆික් පොලිස් මාම..මීට වසර 2-3කට එපිට ඔවුන් යොදාගෙන කල පරීක්ෂන වලදි එලිවෙලා තියෙනව ස්වසන හා අනිකුත් වායු දූෂනය හේතුවෙන් ඇතිවෙන රෝග බොහොමයක් වැලඳීමේ ප්‍රවනතාවය ඔවුන්ට වැඩියි කියල...සාමාන්‍යයෙන් සේවකයෙක් අවදානම් සහගත රැකියාවල නිරත වෙනවනම් ඒ සඳහා විශේෂ දීමනා හෝ ක්‍රියාමාර්ග ගතයුතුය්...ඒත් මා දැනුවත්ව ට්‍රැෆික් මාමලට ඒ වාගෙ විශෙෂ දීමනාවක් ලබන්නෙ නෑ..

මට මතක විදිහට කොළඹ නගර සඳහා cctv කැමරා භාවිතා කිරීමේ වැඩපිලිවෙලක් තිබුනා මන්සන්දීවල..එතකොට එක්තරා මන්සන්දි කීපයක සවිකරන කැමරා මඟින් අපේ පොලිසියට පුලුවනි දත්ත ලබාගන්න...ඔය තාක්සනෙ වැදගත් කම මම උදාහරනෙකින් කියන්නම්...ඔන්න අපි හිතමු මාලයක් කඩාගෙන හොරෙක් ගියා බයිසිකල් එකක කියල එතකොට අපිට පුලුවනි හොරා ගිය පාර අනුමානයෙන් බලාගන්න හැම කලර් ලයිට් 1ක් ලඟම කැමරා තිබුනොත්...ඒත් තාම අවුරුදු 3-4ක් තිස්සෙ ඒ ගැන කතාව විතරයි...

මගේ කටාර්(quatar) වල වැඩකරන යාලුවෙක් කිව්ව එහෙදි වේගසීමා(speed limit) පැන්නොත් එහෙම මාර්ගවල සවිකරල තියෙන සන්වේදක(detecter) මඟින් ඩිටෙක් කරල වාහනෙත් අඳුනගෙන ඒ ජාලයෙන්ම(throw the network) මු‍ද්‍රිත කොපියක්(printed copy) සකස් වෙලා දඩකොලේ ගෙදරටම එනවලු...ඒ කිව්වෙ ඒ රටෙ හයි ස්පීඩ් ගියොත් සන්වේදක තියෙන තැනකින් ,පොලීසිය එක්ක වාතවෙන්න දෙයක් නෑ තැපෑලෙන් දඩකොලේ ගෙදර...වාහනේ මග නවත්තන්න වෙන්නෙත් නෑ....ඔය මීට අවුරුදු 5-6 කට පෙර් කටාර් වල තත් වෙ අපේ රට කොයි තරම් ඉබ්බ මාක් ද කියල හිතන්න කියල මම මේ ලිපිය කියවන ජාතික අභිමානී ප්‍රේක්ශක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා....

No comments:

Post a Comment