Friday, May 7, 2010

Sri Padhaya


ශ්‍රි පාදස්ථානය කියන්නෙ බොදු ජනතාවට සිය මුදුන්මල්කඩ වැනි ස්ථානයක් දැන් ඉතිO සමහරු හිතයි මේ කියවන්න යන්නෙ සිරී පාදෙ උඩ තියන මල් කඩ ගැන කියල..නෑ මුදුන්ම්ල්කඩ කිව්වෙ දොහොත් මුදුන් තිය්ල දෙදන බිම ඔබල අපේ බුදුන් අපිට වදින්න ලැබෙන ගොඩක් අනුහස් එහෙම තියන තැනක්.සිරීපාදෙදි මට හමු උන 1 පුද්ගලයෙක් කියපු විදිහට සිරීපාදෙට තියෙන දේව බැල්ම ග්‍රහ බලපෑම් නිසා ශ්‍රී පාදෙ වඳින්න යන අයට අත්වෙන සෙත් ශාන්තිය තරමක් වැඩිය්ලු..ඒත් සිරීපාද වන අඩවියට නම් බැතිමතුන් කියන්නෙ ඒ තරම් හිතකර වර්ගයක් නෙමෙ..මේ ලෝකෙන් සිරීපාද අඩවියට විතරක්ම ආවේනික ජීවින් බොහොමයක් ඉන්නවා..අවාසනාවකට මටනම් එකෙක්වත් මතකනෑ..මට මේ ලඟදි සිරීපාදෙ ගියපු අය ගැන අවාසනාවන්ත ආරOචියක් ආව..ඒක ඔයාල දන්නව ඇති මයෙ හිතෙ..මම අවසාන වරට පත්ත්‍රේ බලනකොටත් එක ලමයකුගෙ මිනියවත් හොයාගෙන තිබුනෙ නෑ..නාන්න වතුරමල් ගොඩක් හදල දීල තිබුනත් මොන උවමනාවකට හරි ළමයි එක්ක වතුරට බැහැල සමහරු හැම එකටම ආණ්ඩුවට බනින එකේ ඕකටත් ආණ්ඩුවටම දෙස් තියයි..ඒත් බෝම ළඟදි සිරිපා කරුනා කරපු කෙනෙකු විදිහට දන්නව,බොන්න වතුර ඩිOගක් හොයාගන්න සිරීපාදෙ උඩහරියෙ තැනක් නැති උනාට නාන අයට නම් ගොඩාක් තැන් තිබුන ආරක්ෂිතව.පහල.ශ්‍රී පාදස්ථානය කලින් ගිනිකන්දක් වෙන්න ඇති කියල සමහර භූගෝල විද්‍යාඥයො අදහස් ප්‍රකාශ කරල තියනව..ශ්‍රී පාදයටම ආවේනික ජීවී විශේෂ ගනනාවක් සිටීම එක හේතුවක් විදිහට ඒ අය දකිනව..

4 comments:

  1. ගිනි කන්දක් නම් වෙන්න වෙදිහක් නැහැ මගේහිතේ........බුදුහාමුදුරුවා...එහෙම තැනක සිරි පතුල පිහිටවයිද?

    ගිනි කන්දක්නම් අයෙමත් සක්ක්‍රිය වෙන්නත් පුලුවන්නේ....

    ReplyDelete
  2. මේක බෝම කල්පකාලයකට එපිට සක්‍රිය වුන එකක් වෙන්න ඇති කියලයි කියන්නෙ....මේ ශ්‍රී පාදස්ථානෙ හැඩේ උනත් ඒ වාගෙ කියල මම අහල තියනව..බුදුහාමුදුරුවො මේකෙ සීල් කලා වාගෙ සිරිපතුල තියල නෑ......උන්වහන්සෙ එතනට ඇවිත් අධිෂ්ඨාන කරන්න ඇති....දැනට ඒ ලාOඡනය මැණික් ආස්තරයකින් වහල තියනවලු.....ඒ මැණික් වල සහ ඒ පූජනීය ස්ථානෙයෙ ආරක්සාවට ඔය ගල් ලෑල්ල තියනව කියල කියනව......ගිනි කන්දක් උනානම් සිදුර කෝ .....ඒකත් මට ආපු ප්‍රොබ් 1ක්...

    ReplyDelete
  3. කාන්තාවන් දෙන්නා සහ දැරිය සැඩපහරට ගසා ගෙන යාම ගැන නම් කනගා‍ටුවෙන් වුනත් කියන්න තියෙන්නේ විහින් කර ගත් දෙයක් නේ.
    සිරිපතුළ ගැන මට හිතෙනදේ කිව්වොත් හතර වටින් ගුටි කන්න වෙනවා.
    බුදුන්වහන්සේ වදාළ ධර්මය අමතක කළ අපේ භික්ෂූන් වහන්සේලා අසරණ බොදුණුවන් නොමග යවනවා.
    අඩුම තරමින් ත්‍රිපිටකය සරළව කියලා දෙනවා නම් බොදුනුවන්ට මීට වඩා යහපත්වේවි.
    සිරිපතුළ නොවැන්දාට බොදුනුකමට හානියක් නොවන්නසේම වැඳීමෙන් පමණක් ලබන්නාවූ ඵලයක්ද නොමැත

    ReplyDelete
  4. කියන්න තියනවනම් බෙල්ල ගියත් ඒක කියන්න....එතකොට තමා ජීවත් වෙනව කියල දැනෙන්නෙ....ම්O පන්ඩිතකම් කිව්වට ඔයාට එපා නම් කියන් එපා....

    ReplyDelete