Sunday, May 30, 2010

Tear of the.......



වලාකුල් මත තැනූ මාලිග.. ඔහේ තැන තැන විසිරිලා..
සිහින් හිරිකඩ පොදක් පමණක් මගේ නෙතු අග නැවතිලා

සලා දිය රැල් පලායන ඒ... සයුරු වෙරලේ තනිවෙලා...
බලා ඉමි මා ඔබේ සුසුමන් කෙදින හෝ යලි එයි කියා...

මලානික රැස් කෙමෙන් ගිලිමින් ක්ෂිතිජ ඉමකට පාවෙලා..
වලාමත ලූ මගේ මතකය කෙසේ ඔබ අමත කලා....

අරා දෙනයන වරා මලකට ඈතයන හැටි පාවෙලා..
සිරාවට නෑ ඇවිත් තටු මට ඈත යන්නට ඉවතලා..

මරා මස්කර උරා ලේබී මාගෙ කුනුකය ඉවතලා...
ඉරාගත හැකිනම් ඔබේ පෙම අරන් යනු මැණ පැමිණිලා...

2 comments:

  1. ඇත්තටම හරිම ලස්සනයි මේ පද පෙල.

    ReplyDelete
  2. ස්තූතියි නංග මාව දිරිමත් කලාට.....
    යම් කෙනෙකුට මෙක තාලයක් සෙට් උනොත් හොඳා....

    ReplyDelete