Sunday, May 30, 2010

That is What

මේකෙ ඉංග්‍රීසි ගුරෙක් හිටිය එයා මේ දවස්වල නෑ...මම නිකමට වැඩබලන්න තීරණය කලා

That is what.....( යම්කිසි ක්‍රියාවක් කිරීමේදී හෝ කර අවසානයේ ඒක තමයි යන්න කීමට මෙය භාවිතා වෙයි..)
අපි පාඩමට කලින් යෙදෙන තැන් බලමු...ඔයාල ඉන්ග්‍රීසි කියවන්න දන්නව කියල හිතල ප්‍රොනවුන්ස් දැම්මෙ නෑ...මේව ගොඩක් වෙලාවට කතාවෙ තමා භාවිත වෙන්නෙ...
1.That is what I told you.
ඒක තමා මම ඔයාට කිව්වෙ...
2.That is what happend.
ඒක තමයි සිද්ද උනේ...
3.That is what we wanted to do.
අපිට කරන්න ඕනි උනේ ඒක තමා..
4.That is what I meant by it.
ඒක තමයි මම ඒකෙන් අදහස් කලේ....
5.That is what they decided at last.
ඒක තමා ඔවුන් අන්තිමේදි තීරණය කලේ..
6.That is what we have been looking for.
අපි සොයමින් සිටියෙ ඒක තමා..
7.That is not what do were asked to do.
ඔයාට කරන්න කීවෙ ඒක නෙමෙයි..
8.That is what you have to do.
ඒක තමයි ඔයාට කරන්න තියෙන්නෙ...
9.That is what I wanted to tell you.
ඒක තමා මට ඔයාට කියන්න අවැසි උනේ..
10.That is what I got at last.
ඒක තමයි අන්තිමේදි මට ලැබුනෙ...
දැන් ඔයාල දන්න කියන වාක්‍ය කීපයක් තනියම හදල බලන්න ....
ඒක තමයි දැන් රනිල් යන්නයි තිබුනෙ..
ජයසූරියට කරන්න තිබුනෙ ඒක නෙමෙයි...
ඒක තමයි අලිය දිව්වෙ පෙරහැරේ..
ඔය වාගෙ දෙක තුනක් තනියම ට්‍රයි කරල බලන්න....

2 comments:

  1. වැඩේනම් හොඳයි.ගුරා එනකන් දිගටම වැඩ බලන්න.

    ReplyDelete
  2. ඉස්තූතියි ඔබට.....

    ReplyDelete