Sunday, June 13, 2010

තවත් එක පිටුවක්(in my real diary)

ආදරය ලන්සුවකි විවාහය වෙළඳාමකි...

මීට වසර 3කට පෙර සිරිසේන සහ මා දෙදෙනාම එකම ඩිප්ලෝමාව හදාරන අය විය..අපදෙදෙනාගේ බොහෝ අදහස් එක සමාන විය..විදේශ අධ්‍යාපනය සඳහා එන්ගලන්තයට යෑමේ උවමනාවක් අප දෙදෙනාටම විය..අදහසක් විනා ඒ සම්බන්ධ පැහැදිලි සටහනක් අප දෙදෙනාටම නොවීය..අප ඉගනගත් පන්තියේම රූපයෙන් ඉතා ලස්සන හැඩරුව ඇති යෞවනියක වූවාය..ඇය නමින් දයාවතී වූ අතර සීනියර් මෙන්ම සම වයසේ බොහෝ ආදර ඉල්ලීම් ඇය වෙත යොමුව තිබුනි..

ඇය ඉතා දුප්පත් බවත් ඇයගේ පියා සෙකියුරිටි ඔෆිසර කෙනෙකු බවත් අප දැන සිටියෙමු..බොහෝ ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කලත් මා හා ඇය යම්කිසි වූ මනාප සිතක් ඇතිබව මට යන්තමින් වාගේ වැටහිනි..ඒ සමඟම සිරිසේන කෙරෙහිත් එවැනිම නැඹුරුවක් දයාවතී කෙරෙන් දිස් විය..එවකට හොඳ යහලුවන් වූ අප මා ඇය ගැන කීමට ප්‍රථම සිරිසේන ඔහු සිත ඈ වෙත යොමු වී ඇති බව මට පැවසීය..ඉතා ලස්සන ගැහැනු ලමයෙකු වූ නිසා මාද මදි නොකියා තිබූ ලකුනු අනුව පැනි හැලීමට පටන් ගෙන තිබුනි..

බොහෝ දෙනෙකුට එල්ලවූ ඉතා රලු ප්‍රතිචාර අප දෙදෙනාට හිමි නොවීය..එහෙත් කතාවක් පටන් ගත්තේද නැත..කුකුල් කේන්තිකරුවකු වූ මා ඉස්සර විය..මා ඇගෙන් මනාපය විමසීමි..එස් එම් එස් හුවමාරුවක් වූ එය අවසන කිසිදු පැහැදිලි හෝ අපැහැදිලි ප්‍රතිචාරයක් රහිත පසුබිමක් දින 2-3ක් තිබූ අතර එය වැරදියට අල්ලාගත් මා ඇය මාහට අමනාප යයි වටහාගන්නා ලදී..එහෙත් ඒ වනවිට මායැවූ සමහර පණිවිඩ ඇයට දරාගත නොහැකි වූ අවලාද වූ නිසා අප යලිත් කතා නොකර සිටියෙමු..

කිසිදු භෞතික හේතුවක් නොමැතිව කතා නොකර සිටින අප දෙදෙනා බොහෝ යාලුවන්ට ප්‍රශ්නයක් ඇතිකලේය..ඇයද මාද අප දෙදෙනාට වූ කිනම් හෝ ලොකුකමක් නිසා සිද්දිය එක් අයෙකු හැර වෙනත් කිසිවෙකු නොදැන සිටින ලදී..ඉන්පසු ආවේ සිරිසේන වාරයයි පවුල් පසුබිමින් ප්‍රබලයෙකු වූ සිරිසේන එකසිතක් ඇතිව කැමැත්ත විමසා නොතිබිනි..මා ඇසීමෙන් සතියකට පසු ඔහු කරලියට පැමිණ සිටි අතර කිසියම් වූ හේතුවක් නිසා ඒ මඟුලද නොකෙරෙන තැනකට යෙදිනි...

ඇතිවූ ආර්ථික ප්‍රශ්න නිසා මමත්..හොඳ රැකියාවක් සෙට්වූ නිසා සිරිසේනත් අපගේ ඉගනීම් සම්පූරණ වීමට ප්‍රථම රැකියාවලට යොමුවිය..එකම සමාගමේ වෙනස් අංශ දෙකක සුලු සේවකයෙක් ලෙස මමත් නිලධාරියකු ලෙස ඔහුත් සේවය කලෙමි..බොහෝ කල් ගතවුවත් දයාවතී හා මා ටැලිෆෝනයෙන් හෝ කතාකලේ නැත..එහෙත්
සිරිසේන ඇය සමඟ කතාන්දර කියමින් සිට ඇත..ඒ අතර අප තිදෙනාම කලකදී එකට හමු වූ පාඨමාලාව් ඇයද සම්පූර්ණ නොකර වෙනත් රැකියාවකට යොමු වී ඇති බව මට අසන්නට ලැබිනි..යාන්ත්‍රික සහකාර ඉංජිනේරු වරුන් වීමට පැමිනි අප තිදෙනාම එම සිහිනය හැර යෑම හරිම පුදුම දෙයකි..අප පන්තියේ මුලින් සිටි හතලිස් ගනනින් සම්පූර්න කිරීමට කිසිදු අදහසක් නැතිව තව අයෙකුගේ වටිනා නිදහස් අධ්‍යාපන අවස්තාව පැහැර ගැනීමට අකාරුණික වී තිබුනේ අප තිදෙනා පමණි..

මීට මාස ගනනකට ප්‍රථම යහලුවෙකුගේ අවශ්‍යතාවයකට අප ආයතනයට පැමිණි දයාවතී හා මා හමුවිය.එකල මෙන්ම එදිනද ඇගේ ප්‍රියතම ස්ටයිල් එකක් වූ ඩෙනිම හා කලු සැට්ටය ඇයට මනා පෙනුමක් එකතු කර තිබිණි.හොඳින් කා බී පරණ කේස් අමතක කර අප කතාකල අතර ඇය වැඩිදුර ඉගනීම පිණිස එන්ගලන්තයට විදේශගත වීමට අදහස් කරගෙන සිටින බව දැනගතිමි..වෙනත් යහලුව්කුගෙන් ඇය විදේශගත වන්නේ ඇගේ අක්කා එන්ගලන්තයේ සිටින හෙයින් යැයිද මා දැනගතිමි..ඇයගේ අක්කා එංගලන්තයේ නම් ඇයගේ පියා සිකියුරිටි ඔපිසර කෙනෙකු වීම බොරුවක්ද??කිසිදු ආකාරයකින් ඇය අක්කා එංගලන්තයේ සිටින බව අපට නොහැඟුවේ ඇයි..වීසා ඇති රැකියාවක් කරන මට්ටමේ අක්කා කෙනෙකු සිටි නංගී අපට දුප්පත් ලෙස පෙනුනේ කිනම් අපගේ වරදක් නිසාද??එවැනි සරල ප්‍රශ්ණ කීපයක්ම මට ඇතිවිය..

ඊයේ මා හමුවීමට අප පන්තියේ එකට සිටි ගජ මිතුරෙකු පැමිණියේය..උඹ දයාවතී එක්ක කොක්කක් තිබුනද කියා මගෙන් ඔහු ඇසීය..නෑ යැයි මම කීවේ නොසැලකිලිමත් බවක් ආරූඩ කරගනිමිනි..හා එහෙනම් කමක් නෑ යයි ඔහු කීය..එහෙත් මා යලි බල කරන්නට වූ නිසා ඔහු කතාව කීය..ඔහු කීව ආකාරයෙන්ම මා ඉදිරිපත් කරමි..උඹට මතකද අපිත් එක්ක අර ඒ සී කෝස් එකක කරපු කෙමිකල් ඉංජිනියර්..ආරියපාල ..ඌ දවසක් මගෙන් අහනව දයාවතී දන්නවද කියල..

ඌ හෙන වයසයිනෙ(31) බන් අපිට වැඩිය ඉතින් මට පුදුමයි මූට කෝමද දයාවතී සෙට් උනේ කියල..හා එහෙනම් මූ ඒකි වැඩකරන ඔෆිස් එක පැත්තෙයන්න ඇති ඒපැන්නේ මාය..තෝ හිටපන් පනින්නැතිව..මෙහෙමයි සිද්දිය දයාවතීලගෙ අක්ක ආරියපාලගෙ යාලු ෆිට් එකක්,, උන් දෙන්න ෆේස්බුක් එකෙන් සෙට්වෙලා තමයි
දයාවතී සෙට් කරල අක්ක දයාවතී යූකේ වලට ආරියපාල එක්කම ගන්න..ට්‍රයි කරල.ආරියපාලයත් රට යන්න තමා ඉඳල තියෙන්නෙ ඉගනගන්න,, ඒත් ඌට බැඳල ඩබලක්ම වෙලා යන්න තමා ඔක්කොම ප්ලෑන ..විස්තරේ විදිහට අක්ක තමා වැඩේ ඔක්කොම රන් කරල තියෙන්නෙ..අක්ක දයාවතී ගැන ඉංග්‍රීසි පත්තරේක ඇඩ් එකකුත් දමල තිබුන කියල තමා චමිතය කිව්වෙ...ඉතිං ඉතිං වැඩේ හරිද දැන්.ඒ මාය .දන්නෑ බන් මම දන්නෙ ඔච්චරයි..

දැන් පරීක්ෂන නිරීක්ෂන හමාරය මගේ නිගමනය පහත වෙයි...
මා හා
සිරිසේන යන දෙදෙනාම යූකේ සිහින ඇත්තෝ වූ හෙයින් අපට කහ සිග්නල් වැටී ඇත..එහෙත් දෙදෙනාටම ඩ්‍රෝවින් එකක්(ප්ලෑනක් ) නොමැති වූ නිසා අප දෙදෙනාට දයාවතී කෑමැති වී නැත..එනම් රතු හෝ කොල නැතිව කහ දැල්වෙමින් තිබී ඇත්තේ හොඳ ස්තිර යූකේ ප්ලෑනක් එනතුරුය..

4 comments:

  1. මේක නම් මරු කතාවක් ... බලන් ගියාම දයාවතී ආදරය කරල තියෙන්නෙ යූ.කේ වලටනෙ :D

    ReplyDelete
  2. මම දන්නෙ නෑ අනික් අය ගැන ඒත් මගෙ ජීවිතේනම් මම ගොඩක් දයාවතීල දැකල තියනව...(ගතිගුණ,චරිතෙ,රූපේ,ටයිප් එක,උස මහත )ඔක්කොම තිබුනත් ගොඩක් කෙල්ලො තමන්ගෙ හිතේ තියෙන වාණිජ වටිනකම් එනකම් හරියට බහ දෙන්නෙ නෑ...කොල්ලො අතර මේ වාගෙ රොබෝල නැතුව නෙමෙ ඒත් කෙල්ලො ප්‍රතිශතය වැඩියි...

    ReplyDelete
  3. සිරා සීන් 1ක් ද?
    මට දයාවතීගෙන් වැඩක් නෑ
    මට වටින්නෙ කොල්ලො දෙන්න
    උන් නියමෙට ලද දෙයින් සතුටු වෙලා තියෙනව

    ---එනම් රතු හෝ කොල නැතිව කහ දැල්වෙමින් තිබී ඇත්තේ හොඳ ස්තිර යූකේ ප්ලෑනක් එනතුරුය-හොදට හිත හදාගෙන තියනව
    දාන්න 5 ක්
    එලකිරි

    ReplyDelete
  4. දෙන්නගෙන් එකෙක් මම අනික මගේ ෆිට් එකක් ඒත් අපි කවදාවත් ඔය හේතුවට තරහ වෙලා නෑ...නම් විතරයි බොරු...අපි දෙන්නම හිතාන හිටියෙ අනික් එකාට වැඩිපුර කැමති කියල..සිකේ

    ReplyDelete