Saturday, July 24, 2010

සින්හල පාඩම....

ඔන්න කාලෙකට ඉස්සර ටීවි එකෙ ගියා කතාවක් මට මතක විදිහට 2004 විතර..ඒකෙ රඟපෑවෙ ශ්‍රියන්ත මෙන්ඩිස්..කතාව මතක විදිහට බෝගල සවුන්දිරිස්...එතන හොඳටම මාන්සි වුන අපේ දුප්පත් සවුන්දිරිස් වලව්වෙ හාමු වාගෙ ඩයල් එකකින් වතුර ඉල්ලනව මෙහෙම "හාමුදුරුවනේ වතුර ටිකක් දාපාන් යටිබඩ පැලෙන්න වාගෙ"...කියල ඒක ඒ දවස්වල ඒ ටෙලියෙ ඇඩ් එකටත් ගියා..එතන හාමුදුරුවො කීවෙ වලව්වෙ හාමුදුරුවො වාගෙ කෙනෙක්ට...අපේ විමලයත් මහරජාට එහෙම කියන්න ඇති...අර "මූන්ට එරෙහි විමලේ" ඔන්ලයින් ස්ලයිඩ් ශෝ එකේ අවසාන ජවනිකාවෙදි...


ඉතින් දැන් ටික කාලෙකට කලින් අපේ චීවරදාරියෙක් ගැහැනු දැරිවියෙක් එක්ක පන්සලේදිම සිවුර නැතිව නිදාගෙන ඒක වීඩියෝ කරල කියල අපිට කාලෙකදි ආරන්චි උනා...වීඩියෝ එක හොයාගෙන මොකක්ද ඒ අසමජ්ජාති කුජීත වැඩේ කියල බලා කියාගන්න අපි වගේ දෑ හිතකාමී පොරවල් කෝමත් මාර උනන්දුයි නෙව...ඉතින් අමාරුවෙන් ඕක හොයාන දැන් ක්ලාස් දවසක කොල්ලෙක්ගෙ ගෙදර මොනිටරයක් ඉස්සරහ අපි සැට් එකම ඉඳගෙන කට ඇරන් බලන් ඉන්නවා...ඔන්න වැඩේ නැගල යනකොට අපේ එවුන් හඬ කවනවා...ලඟපාත අල්ලපු ගෙදර එකෙක් හිටියනම් හිතයි කාගෙහරි උලුක්කු අරිනව කියල..ඒතරම් ඩබින් අපේ වාචාලයන්ගෙ..ඉතින් උච්ච තැනකට ආවම අපේ එකෙක් අර රේපිත(රේප් වලට ලක්වූ) ගර්ල් වෙනුවෙන් ..
"හාමුදුරුවනේ වතුර ටිකක් දාපාන් යටිබඩ පැලෙන්න වාගෙ" කියල ගෑනු කටහඬින් කිව්ව හප්පේ අපේ උන් බඩ අල්ලන් කබරය දමනව වාගෙ හිනා උනා....රේපිත කිව්වට ඒක බලපු මටනම් එයා චූටි ලමයෙක්වත් රේපිත වෙනව වාගෙවත් පෙනුනෙ නෑ...හොඳ පලපුරුදු ස්වභාවයක් තමා පෙන්නුවෙ....

අපේ ක්ලාස් එකේ ඔය කතාව කිය කිය ඉඳලම අල්ලපු බී සී ක්ලාස් එකේ උන්ටත් කතාව බෝ වෙල දැන් ටොයිලට් යනකතා...සින්දු කියන ඒව නෑ..මගෙ යටිබඩ පැලෙන්නවගෙ මම යනව යටිබඩ බේරගන්න..එහෙමයි දොට්ට පිලට යන එක කොල්ලො කීවෙ....අපි ඔය කතාව පන්තියෙ කෙල්ලොන්ගෙනුත් අහනව ඉන්ටර්වල් එකෙදි "ඔයා යටිබඩේ ආරක්ශාව පිණිස යන ගමන්ද" උන් හිතන්නෙ මේ චී වල් ජාතියෙ එකක් කියල...දැනගත්තත් කෙල්ලො හිනා වෙන්නෙ රෙකෝඩ් කරගෙන පස්සෙ උන්ගෙ සෙට් එක සෙට් උනාමෙ නේ.....ඉතින් ඔය බී සී ක්ලාස් එකේ හාමුදුරුවො
ක්ලාස් එක දිගට අදිනව වාගෙලු දවසක් ඉතින් වාචාලයෙක්
"හාමුදුරුවනේ යටිබඩ පැලෙන්න වගේ වතුර ටිකක් දාන්න යන්නද කියල අහල"අහපු එකා හොයාගන්න බැරි උන නිසා අපිට ලොකු ඩ්‍රමකට ගහනව වාගෙ කොන්දවල් වලට තඩි බාන සද්දෙ ඇහුන අනික් ක්ලාස් එකට..ඉගනගන්නෙ බීසී උඹලව ශිස්ටාචාරෙට ගන්න මටනම් බැරිවෙයි..මේ ගෑනු ලමයි ඉන්නව කියලවත් බැලුවද???...වනචර වාචාලය....හප්පේ අපේ බී සී හාමුදුරුවන්ගෙ සිල් බේරෙනව....මට හිතෙන්නෙ හාමුදුරුවන්ට කෑල්ලක් වැරදි ව්දිහට ඇහිල වෙන්න ඇති නැත්නම් ඔය තරම් මල අතට ගන්න කතාවක් නෙමෙයි නෙව...

දැන් මේ සින්හල පාඩම ඉවරයි දැන් ඔය අය බලන්න
ඉහල වාක්‍ය ඛන්ඩ වල දම් අකුරින් මුද්‍රිත පේලි තුන එක වාගෙ උනාට යෙදීම කොහොමද වෙනස් වෙලා තියෙන්නෙ කියල...අකුරක් මිස් උනොත් හිරේ.... මම ලඟදි sms එකක් යවද්දි උස ගෑනු ලමයෙකුට ලිව්ව ඔයා හරිම මෝල්-ගහක්(moal-gahak) කියල මම මැදින් දාපු ඉරනිසා එයා කියවල කිබුනෙ මෝල් ගහක් කියල...මට හොඳටම බැනල sms තිබුන,,, පස්සෙ කෝල් කලාම තමා මම කීවෙ එතැන වන්ගෙඩිය එක්ක යූස් කරන මෝල්ගහ මිසක් මෝල් වූ ගසක් ගැන කියවුනේ නෑ කියල...

3 comments:

  1. SMS කෙරුවාව නම් මතක් කොරන්න එපා...හරියට අර සින්හලෙන් මැසේජ් එක කොටලා කොටලා අන්තිමට "ටකේ කරේ"....කියල ලීවා වගෙ තමා.:)))..

    ReplyDelete
  2. මටත් මතක් උනා ඔය පින් අතේ වීඩියෝව... එස් ම් එස් නම් හපොයි වැරදෙන්න අවස්ථා අනන්ත. පවුල් උනත් කැඩෙන්න බැරි නැහ.

    ReplyDelete