Monday, July 26, 2010

හෙට නිදහස් උසස් අධ්‍යාපනය ඕෆ් කලොත් අනිද්දට මොකද වෙන්නෙ...

මෙතන මම සංකල්පීය උපකල්පනයක් කරනව උසස් අද්‍යාපනය නොමිලේ ලබාදීම රජය විසින් අත් හිටවනව කියල ඉන්පස්සෙ වෙන දේවල් ටිකක් මට හිතෙන හැටියට කියනව...මගේ බ්ලොග් එක බලනා අය මේ ක හුදෙක් සංකල්පීය දෙයක් මිස කොන්ද නැති අපේ දෙශපාලනය කවදාවත් නොකරන දෙයක් බව මතක තියාගන්න..
මේක වෙන්න පුලුවන් මෙහෙමයි අද සිට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හෝ අනිකුත් තාක්ශනික නොවන සියලුම උසස් අද්‍යපන ආයතන වලට සිසුන් බඳවා නොගෙන සිටීමට රජය තීරණය කිරීම..එතකොට ඉන්න පිරිස උපාදි හෝ ඩිප්ලෝමා ලාභී වෙලා යනව ඊලඟ බැජ් එකක් නෑ.. තිබුනත් තියෙන්නෙ සල්ලි ගෙවල ඉගනගන්න ක්‍රමයක්..

එතකොට අපේ දුප්පත් අම්ම තාත්තගෙ දුවා දරුවො මොනව කරයිද??ඒ අය ගොඩක් කල් උද්ඝෝශනය කරයි ඒත් ඒ පින් කැම්පස් ආයෙ නො එන බව දැනගත්තහම ඒව නැවතිලා යයි..එතකොට එකපාරටම පාසැල් වලින් උසස් පෙල කරල ලමයි විසාල සංඛ්‍යාවක් ශ්‍රම වෙළඳපොලට එකතු වෙනව...උදාහරන විදිහට ආට් කොමස් කරන අයට සෘජු ආකාරයේ රැකියා ගත පාඨමාලා නොමැති නිසා ඔවුන්ට ගොඩක් කල් බලාන ඉන්න වෙයි..

අවුරුදු 21කින් පස්සෙ කරන්න දෙයක් හෝ කෝස් එකක් කරන්න සල්ලි නැති අය විදේශරැකියා කරා සීග්‍ර ලෙස යොමු වේවි..ඒ වාගෙම ලන්කාවෙ රැකියා විරහිතවන ප්‍රමාණය සීග්‍ර ලෙස ක්ෂනිකව වැඩිවෙන නිසා බොහෝ ක්ෂෙත්‍ර වල අඩු වැටුප් වලට වැඩකරන්න් වැඩිවිය හැක..

බොහෝ දෙමාපියො බැංකුවල සල්ලි දමාගෙන නිවාස නය වලට යටකරගෙන ඉන්න සල්ලි අත දිග හැරල වියදම් කරල තමන්ගෙ පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරාවි...

රැකියා සොයගැනීමේ අපහසුව සහ අනාගතය අපැහැදිලි වීම මත විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබාදීම නතරක සැනින් කලා විශය ධාරාව කරා යොමුවන පිරිස ඉතා අඩු වේවි...

පෞද්ගලික අද්යාපනයට විශාල පාරිභෝගික පිරිසක් එකවර එකතු වීම නිසා උපාදි පාඨමාලාවල මිල මීට වඩා බොහෝ සෙයින් අඩුවේවි..තරඟකාරී බව නිසා විවිධ නිර්ණායක ඔස්සේ තම තමන්ගේ අධ්‍යාපන ආයතනයන්හි ගුනාත්මක බව ආරක්ශා කර ගැනීමට ඔවුන් පෙලඹේවි..උදාහරණ ලෙස බිස්කට් කොම්පැනියක් අලෙවිය වර්ධනය කරගැනීමට ගැලපෙන මිලක් නියමකිරීම සහ නිශ්පාදන්යේ තත්වය ආරක්ශා කරගත යුතු වෙයි..

රැකියා සොයගැනීමට වන තරඟකාරී වටපිටාව නිසා බොහෝදුරට රැකියා ඉලක්කගත කාර්මික පාඨමාලා වල ජනප්‍රිය බව වැඩිවෙනු ඇත...

දැනට ක්‍රියාත්මක යැපුම් කෘශි කර්මාන්ත වෙනුවට ආර්ථික වාසි සහගත උපාය කරා ගොවියා යනු ඇත..

3 comments:

  1. අදහස නම් හොඳයි...ඒත් ඔය කියන වෙනස කොරන්න තරම් නිර්භය පාලකයෝ ඉඳීවිද....අනිත් කරුන නම් විශ්ව විද්‍යාලවල යනු දැනුම සපයන ආයතන මිස රැකියා වලට පුහුණුව ලබාදෙන ආයතන නොවන බව අපිට කවදා වැටහේවිද?....:(

    ReplyDelete
  2. බොහෝ වැරදි සහිත දෙයක් නැතිවීම කියන්නෙ තව නව නැඹුරුවක ඇරඹුම කියල ගොඩක් අය හිතන්නෙ නෑ....ඒ අය හිතන්නෙ උසස් අධ්‍යාපනය නිකම් නොලැබුනාම ලමයි කරන්න මුකුත්ම නැති රික්තයකට වැටෙනව කියල...

    ReplyDelete
  3. @ හේමලයා,
    ප්‍රශණේ තියෙන්නෙ දැන් දැනුම සපයන්නෙත් නෑ. පුහුණුව ලබා දෙන්නෙත් නෑ.
    මේකට නිශ්චිත දැක්මක් නැති එකයි ප්‍රශ්ණේ.
    මම දන්න ප්‍රාදේශීය ලේකම් වරයෙක් ඉන්නවා රසායන විද්‍යා උපාධිධාරියෙක්. ඔහු කිව්වෙ ඔහුගේ උපාධිය වෙනුවෙන් වැය කල රටේ සම්පත් සහ ඔහුගේ කාලය ගැන ඇත්තටම දුක හිතෙනවා කියලා.

    ReplyDelete