Thursday, July 29, 2010

විඳීම හා විදීම.....

මම වැඩකරන සයිට් එකෙ ලේබරස්ල ඉන්නව,..සාමාන්‍යයෙන් අපි සයිට් එකෙ තියෙන වලවල් වලට බහින්නෙ නෑ,,මොකද ඒවයෙ තියෙන වතුර සහ දූවිලි අපේ ඇඟේ ගෑ වෙන්න පුලුවන් නිසා..ඉතින් ලන්කාවෙ නිසා අපි සුපර්වයිසරල විදිහට ලස්සනට යන්නත් ඕනි..අද අපේ සයිට් එකට ඇවිත් හිටිය ට්‍රේනර්ස්ල විදිහට ඉන්න ඩිප්ලෝමා ශිෂ්‍යයො වගයක් ඉතින් ඔය කට්ටිය අතර හිටිය හරිම හුරුබුහුටි නංගි කෙනෙක්..ඉතින් එයායි එයාගෙ තව වාලුවෙකුයි ආවෙ පස්සෙ...ඉතින් මම සයිට් එකේ ටිකක් ජූනියර් සුපර්වයිසර කෙනෙක්..මම මෙතෙක් වෙලා ට්‍රේනර්ලට එව්ව මෙව්ව කිය කිය හිටිය..ඒත් අරලස්සන ගෑනු ලමය ආව විතරයි අපේ ඉන්න සීනියර් සුපර්වයිසර් වැඩේට හොට දානව...සයිට් වලටම නාකි උන ඇරෙන්න වෙන මොනාවත් දන්නෙ නැති මේ පිනා මම දෙයක් කියනකොට මහ කපටි විදිහට පැනල ලකුනු දමාගන්න මාර ට්‍රයි එක.. මිනිහට අඩුතරමෙ හතලිහක්වත් ඇති..මේ අලුත් රංගන අර ගර්ල්ට දමන පැනි කියල මට මීටර උනා....

ටික වෙලාවකින් අර ට්‍රේනර්ස්ල වෙන තැනකට ගියා...තවත් ටික වෙලාවකින් අර අපේ සීනියර් සුප්ප අර ලස්සන ගර්ල් තුයි එයාගෙ බෝයි කියල හිතන්න පුලුවන් පිරිමි ලමයයි එක්ක එනව ආයෙම කලින් මෑන් හෝල්(පාරෙ තියෙන වලක් වගේ එකක්) එක ලඟට ඇවිත් පොර කිව්ව බහින්න කියල...මේක මාරම චාන්ස් එකක් මේ වාගෙ කාටවත් දෙන්නෙ නෑ ඔයාල බැහැල ඉගනගන්න කියල...ඉතින් මෙතන මොකද වෙන්නෙ කියල ටිකක් මමත් කිට්ටු උනා..ඉතින් අර බෝයි දෙපාරක් හිතුවෙ නෑ

පැන්න වලට..දැන් ඔය වලට අර ගර්ල්වත් බස්සන්න තමා අපේ මේ සුප්ප හදන්නෙ..මම දඩස් ගාල අතින් දුන්න සිග්නල් එකක් බහින්න එපා කියල..ගර්ල්ට ඉතින් එයා මා දිහා බලල සුප්පට බෑ කිව්ව..එතකොටම අර පැනපු හරක මෑන් හෝල් එකෙන් තීයෙන උමඟ වගෙ එකෙ ඇවිදින්න ගිහින් කකුල් මඩ ගාගෙන..(මෙතන මෑන් හෝල් එකෙන් මීටර 20ක් විතර දිගට උමගක් වගෙ තියනව ) මම කිව්ව නංගි ඔයා බහින්න ඕනි නෑ..අර එක්කෙනෙක් මඩ නාගෙන ඉන්නව පේනවනෙ කියල..සුප්ප මගෙ දිහා බලල ඒ වුනාට මේව ඉගනගන්න ඕනිනෙ කියල කිව්ව...

පස්සෙ අපේ සුප්ප කියනව මාර හුරුබුහිටි කෑල්ල කෝ උඹ උදැල්ල දැම්මනෙ...මං හිතන්නෙ උඹ මොනාහරි ලයින් එකක් තිබුන ඒ කෙල්ලට කියල...මම දැක්ක උඹ දිහා ඒක බලන් ඉන්නව...ඇත්තටම වලට බහින්න කියල සුප්ප බලකරපු වෙලාවෙ මම අතින් සිග්නල් එක දුන්නට සුප්ප වලට බැසීමේ ආනිසන්ස කියනකොට කෙල්ල මගේ මූන දිහා බලාගෙන හිටිය...ඒ මූනෙ බය අහින්සක පෙනුමක් ඇරෙන්න වෙන මොකවත් දැක්කෙ නෑ මම...

මගේ ඇස්වල වරදක්ද මන්ද මට ඔය වගේ ගැහැනු ලමයින්ට ට්‍රයි කරන ඒ වින්දනය මහ ඉහලින් සලකන අය ගොඩක් මීට් වෙනව..පුදුමෙ කියන්නෙ ඒ වාගෙ දේවල් මහ ඉහලින් සලකන ගැහැනු ලමයිතුත් ඉන්නව ගොඩක්...
මම ඉන්ස්ටිටියුට් හිටපු කාලෙත් ඔයවගෙ එක ගෑනු ලමයි ඇන්ටිල නංගිල යාලුවො කියල මෙලෝ හැඟීමක් නැතිව ට්‍රයි කරන සෙට් එකක්ම හිටිය..මම වගේ හිටපු සෙට් එක ලෝකෙ පෙරලුනත් no women no cry ඔහෙ ඉන්නව කියන ජාතියෙ උන්..

අපිට සමහරවිට ගෑනු ලමයි කොල කාඩ් දුන්නත් අර මොකක්ද ලයිට් වගෙ මීටර් වෙන්නෙ ඒ ගෑනු ලමය වෙන කොල්ලෙකුත් හොයාගෙන ඉවර උනාම...අපි සෙට් එකම එන්ගලන්තෙ යන්න හිටියෙ මේ සමාජෙ තියෙන සබඳතාවල සන්කීර්ණ භාවය අපිට අඳුනගන්න අමරු උන නිසා...තව හේතුවක් තමා අපි ඉන්ග්ලිශ් ෆිල්ම් වල ගොඩක් පැනි නැතිව ගෑනු ලමයි සෙට්කරගන්න විදිහ වරු ගනන් ෆෝන් වල එල්ලිල නැතිව ලව් කරනවිදිහ අපිට හරි ෆ්‍රෙන්ඩ්ලි උන නිසා...

මම අද අර විදිහට බාදා කලේ නැතිව ගර්ල් වලේ බැහැල අපේ සුපර්වයිසරත් බැහැල කොල්ල මඩ නිසා එලියට ඇවිත් තිබුනනම් සමහරවිට තව සතියකින් අර ගර්ල් අපේ සුප්පගෙ අතෙ එල්ලිල යනව දකින්න තිබුන...අපේ සීනියර් සුපර්වයිසරය සම්බන්ධ ඔයවගේකතා ගොඩක් තියනව..කලින් ගෙවල් වල්ට ගිහින් නව සේවාවන් හඳුන්වාදෙන අංශයක හිටපු අපේ සුපර්වයිසරය ගෙවල් වල තනියම හිටපු ගැහැනු අය එක්ක යාලුවෙන්නත් යාලුවෙලා එයාට ඕනි ප්‍රයෝජනය ගන්නත් මාර දක්ශයි කියල මෙයා එක්ක කලින් හිටපු ඩ්‍රයිවර අයියෙක් මට කිව්ව...

ඒ නොකීවත් මෙයාගෙ වැඩ ගොඩක් තැන්වල මම අහල තියෙනව...
මට වෙලාවකට හිතෙනව මේ වගේ දේවල් වැරදියි කියල අඳුනගෙන ලේ බල කරගන්න අපේ හිත තමා වැරදි....බීපු සුපර්වයිසරය දවසක් ළමයි දෙන්නෙක් ඉන්න ගෑනු කෙනෙක් බස් එකක්කදි මීට් වෙලා එක්කගෙන ගිහින් සම්බන්දෙ දිගට ගෙනියපු හැටි කියනකොට මට හිතුනෙ....ළමයි ඉන්න ගෑනිට අවුලකුත් නැත්නම්....පවුලක් ඉන්න සුප්පටත් අවුලක් නැත්නම්,,,මේක අහන අනික් උන්ටත් හිනා වෙන්න යනවනම්...ඇයි මම විතරක්...බීපු තැන නොබී හිටියත් උන්ටත් වඩා හයි යෙන් මම උගේ රස වල් කතා වලට හිනා උනා...හොහ් හොහ් හොහ්

4 comments:

  1. මම නම් ඕවාට මැදිහත් වෙන්න කැමති නෑ,..හරිද වැරදිද කියලා නම් දන්නේ නෑ....මොකද අන්තිමට අපි තමා නරක මිස්සු වෙන්නේ......උන්ට හොඳ නම් අපිට මොකද?...මොළයක් තියෙනවානෙව හිතලා බලන්න.....

    ReplyDelete
  2. හේමලයා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ....

    ReplyDelete
  3. හේමලයා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ....

    ReplyDelete