Saturday, September 4, 2010

රාජගිරියෙ යෑම.....

අවශ්‍ය දේ....

* තරමක් අමාරු ලෙඩක්...(මහ දරුණු උනත් කමක් නෑ)..ඒත් උණට හෙම්බිරිස්සාවට උනත් කියාපු තැන...
* වැඩ නැති සතියේ දිනක හෝ සෙනසුරාදා දිනෙක වරුවක්....
* බෝතල 2ක් පමණ...එකක් මිලිලීටර 400ක් පමන වීමත් අනෙක ඊට වඩා කුඩා වීමත් ප්‍රමාණවත් වෙයි...

ස්තානයට යන අයුරු....
කොහේ හෝ දිල්ලියක සිට ආවත් කමක් නෑ බොරැල්ලට එන්න...ඇවිත් රාජගිරියෙ ආයුරුවේදෙට යන්නෙ කෝමද කියල 5 දෙනෙකුගෙන් විතර අහන්න...වැඩිදෙනෙක් කියන පාරෙ බස් එකෙ රුපියල් 6ක් දීල ඩයිවර අය්යට කියල ටිකක් අමාරු ඇඩ් එකක් දමල ආයුර්වේදෙ ලඟින්ම බැහැ ගන්න....බොරැල්ලට එන්න දන්නෙ නැති චූටි බබාල දන්න කෙනෙක් එක්ක එන එක සරීරෙට හොඳා...නැත්නම් තියෙන ලෙඩේ මදිවට තව ලෙඩ ඉන්කමින් ෆ්‍රී එන්න පුලුවනි....

ගිහිපු ගමන් මොකද කරන්නෙ....
හා ඉතින් ඕක ඇතුලට රින්ග ගත්තම පෝලිම් ඉවරවෙලා කීයට බෙහෙත් අරගෙන එන්න වෙයිද දන්නෙ නෑ නෙව ...ඉතින් ඒ නිසා උදේ වරුවක හෙම ආවනම් කොළකැඳ එකක් හවස නම් ඔය තියෙන වෙන කැඳ එකක් ගත්තට කමක් නෑ....චර්ම රෝගයක් හැදිල ආවත් ලෙඩෙක් නෙව..ඉතින් සප්පායම් වෙලාම යන එක හොඳයි...කැඳ එකක් 30ය් මූලස්තානෙ නිසා කියන්න තරන් අවුලක් නෑ....

කොහොමද රෙජිස්ටර වෙන්නෙ
හප්පා ඒකනම් පෝලිමේ ඉන්න වැඩක් දවස අනුව කාලෙ අනුව..ලෙඩ්ඩු ගනන අනුව පෝලිමේ දිග වෙනස් වෙනව...මෙහෙ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එකට කියන්නෙ තුන්ඩු ගන්නව කියල...ඉතින් ඔය තුන්ඩු ගන්න පෝලිම් දෙකයි...ඔයා කෝඩු කාරයෙක්නම් අහන්න කාගෙන්හරි අලුත් තුන්ඩු දෙන්නෙ කොතනද කියල....බයවෙන්න එපා ඉන්ග්‍රීසි, කැඩිච්ච ඉන්ග්‍රීසි...ලීක් පොරවල් මෙහෙ අඩුයි..කිව්වට මොකද කඩ්ඩනම් ඇත්තෙම නෑ වගෙ....

බෙහෙත් ගැනීම...
තුන්ඩු ගන්න තැන ඉන්න ඇන්ටි අක්ක කියනව යන්න ඕනි කාමරේ ,,,ගිහින්...ඒ දොස්තර මහත්තය හමුවෙන පෝලිමේ ඉන්න ඕනි..මෙතනදි නම් පෝලිමට පුටු තියල තියෙන නිසා කිසි අවුලක් නෑ...ඉතින් දොස්තර මහත්තය හෝ නෝන ලංවෙනකොටම අර මම කිව්ව වොයිස් රෙකෝඩරේ හරි..ෆෝන් එකේ එහෙම කරන විදිහ හරි සක්‍රිය කරගන්න...දැන් ලැජ්ජාව බය ඕෆ් කරෙගෙන තියෙන ලෙඩේ ඔක්කොම කියන්න....දොස්තර මහත්තයට බොරු හෙම කියන්න එපා....අර වොයිස් රෙකෝඩරේ දමන්න කීවෙ දොස්තරමහත්තය කියන බෙහෙත් සහ ඒ අනුපිලිවෙල පොඩ්ඩක් රැකෝඩ් කරගන්න ..මොකද ඒව අහල පුරුදු නැති අපි වගේ හාෆ් බොයිල් බුවාලට බුවීලට ඔය බෙහෙත් ගන්න විදිහ මතක හිටිනව අඩුයි නෙව...

ෆාමසිය...
ඊලඟට එන්නෙ බෙහත් ගන්න සැට් වෙන වෙලාව....දොස්තර ලියල දීපු එක අර බෙහෙත් දෙන තැන ඉන්න මහත්තයට හරි නෝනට හරි දෙන්න ඕනි..මතක ඇතුව අර ගෙනාපු බෝතල ඉදිරිපත් කරන්න ඕනි..ඊටපස්සෙ ඔය කන්කානම් මහත්තය කියන විදිහ මතක තියා ගන්න ඕනි..ඇහුනෙ නැත්නම් අපැහැදිලි නම් ගෙදර ගිහින් පිස්සු කෙලින්නෙ නැතිව බැනුම් අහල හරි එව්ව හරියට අහගන්නව හොඳයි...මතක තියා ගත්තොත් හොඳවෙන්නෙ තමන්ගෙ ලෙඩේ....

ගාස්තු....
ඉතින් ඔය සමහර බෙහෙත් හරිම වටින එව්ව...ඔය ආයුර්වේදෙ සමහර බෙහෙත්නෑ...ඉතින් එලියෙ කඩේකින් ගන්න පුලුවන් කියල තමන්ම කියල ගන්න බෙහෙත් නෑ වගේ කියල දැනුනොත්....ඒ වාගෙ පිටින්ගන්න දෙයකට ඇරුනම හෙම්බිරිස්සවකට ගියත් රුපියල් 400-500ක් වටින බෙහෙත් නිකන් දෙනව ආයුර්වේදෙ....

දෙන එව්ව බොන එක තමා අමාරු...
ඔය කියන තරම්ම තිත්ත නෑ හැම බෙහෙතක්ම...සමහර එව්ව ඇත්තටම බිව්ව ගමන් ගෑව ගමන් ලෙඩ හොඳ වෙනව...ඒත් ඒ බෙහෙත් නිකම් ලැබුන කියල අපතෙ දමන්නෙ නැතිව ඉවර වෙනකල් කිව්ව විදිහට බොන්න....ලෙඩේ සම්පූර්ණයෙන්ම හොඳ නෑ වාගෙ හිතෙනවනම් ආයෙම ඇවිත් පරණැ තුන්ඩුවම අරගෙන බෙහෙත් ගන්න...

අතුරු ආබාධ..
ඇත්තටම ඒ වාගෙ දේවල් ඇත්තෙම නෑ මෙවයෙ...

2 comments: