Tuesday, October 12, 2010

ප්‍රේමය සහ ලන්කාව....

ලංකාවේ පෙම්වතෙක් වතියක් වීමට අවැසි යටිතල පහසුකම්=ෆෝන් එකක්,බැටරි දෙකක්,ෆේස්බුක් එකවුන්ට් එකක්,ඉන්ටර්නෙට්,ඔබ වැරදිලාවත් උයන්,මඟතොට,වෙනත් ස්තානවල සහ අඩුමිල කාමර ප්‍රේමය සඳහා තෝරා නොගන්න,,...තරු හෝටල් කාමරනම් වරදක් නැත...මන්ද .තරු හෝටල් වලට පොලිස්සියේ සදාචාරය වලංගු නොවන බැවිනි....
මෙන්න ඔබට උදාහරණ....
*ගාලු කොටුවේ පෙම්වතුන් ඊයේ දින අල්ලාගෙන පොලිස්සිය අවවාද ලබා දී ඇත....
*කුරුනෑගල ලැගුම්හල් වල සිටි ජෝඩු 45ක් පොලිසිය විසින් අල්ලාගෙන ඇත(පසුගිය සතියේ)...
*මින්පෙර කුරුනෑගලම ප්‍රේම කරමින් උයන්වල සිටි ජෝඩු අත් අඩන්ගුවට ගෙන ඇත...

7 comments:

  1. අන්න හරි පෝන්, පේස්බුක්, ස්කයිප් ඔයවගේ දේවල් එක්ක සම්බන්ධ වෙලා ප්‍රේම කලාට කමක් නෑ. ඒව සිරුරුවල යථාර්තයෙන් ඈත සිහින ලෝක වල කොටස්නෙ.
    ඒක තමයි මේ රටේ න්‍යාය. සිහින තුල තමයි හැමදේම සාක්ෂාත් කරගන්නෙ. හීන තමයි රටේ ලොක්කගෙ ඉඳල කවුරුත් බෙදා හරින්නෙ. මිනිස්සු ජීවත්වෙන්නෙත් ඒ හීන තුල.
    පියවි දේවල් අයිති අනෙකුන් වෙනුවෙන් හීන නිශ්පාදනය කරන උතුමන්ට විතරයි.

    ReplyDelete
  2. ලොකු කට්ටිය ලව් කරන්න යන්නෙ සිංගප්පූරුවටනේ... අපි වගේ කට්ටියට දැන් ලව් කරන්න වෙන්නෙත් ගමේ සියාතු මාම කසිප්පු විකුණනව වගේ... :D

    ReplyDelete
  3. සදාචාරය කියන දෙ බලෙන් ම්නිස්සුන්ට ඔබ්බවන්න ගියොත් එක නැති වෙලා යනවා. හැබැයි මිනිස්සුන්ට දැනෙන්න සැලැස් වුවොත් මිනිස්සු එකට ආදරෙ කරයි. අපිට ඉතිහාසයෙ ජිවත් වුනු හැටි දකින්න, අහන්න ක්‍රමයක් තිබුනා නම් මෙ නිති දාන පණ්ඩිත ගොබ්බයින්ට හොම්බෙන් යන කියලා දෙන්න තිබුනා සංස්කෘතිය මෙකයි. සදාචාරය මෙකයි කියලා. කොහෙවත් නැති එකක් තමයි මෙතන අපි අපෙදේ කියලා තුරුල් කරන් ඉන්නෙ..

    ReplyDelete
  4. මදෑ කොලා.මම මේ බලාගෙන හිටියෙ ලංකාවෙ ගණිකා සේවය නීති ගත කරයි කියල.එව්වත් දැන් ඉතින් හීන තමා.

    ReplyDelete
  5. මමත් බලාගෙන හිටියෙ ලංකාවෙ ගණිකා සේවය නීති ගත කරයි කියල බO. virtual love තම‍යි කොරන්න වෙන්නෙ.උන් ආතල් අරන් අපේ පොඩි ආතල් 1ත් කඩන 1 තමයි බලු වෑඩෙ..

    ReplyDelete
  6. මේ නීතිගත නොවූ ගණිකා ජාවාරම මින් වසර කීපයකට කලිනුත් කෙසේ ව්‍යාප්ත වීදැයි දැනගන්න මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ පොත කියවන්න....මා කියන්නේ ඔවුන් බඩු ගහන නිසා අපිට බඩු ගහන්න දෙන්න කියල නෙමෙයි...සමාජය මඟින් ලින්ගිකත්වය මත ආදරය මත පටවා ඇති අසීමිත බර පිළිබඳ පෙන්වීමයි..

    ReplyDelete
  7. ලංකාව ඇතුලෙ බඩු ගහන්න බලන් ඉන්න අයත් ලංකාවට යමක් දෙන්න ඔනා මුලින්ම. එ තමයි, තමන්ගෙ අම්මලා, දුවලත්, බිරින්දැවරුන්වත් එක්කම් තමන් බිස්නස් එකට යන්න ඔනා. තමන්ගෙ එක එක ශක්තින් අනුව තමයි තමුන්වෙතට විරුද්ද ලිංගික සහකාරිය ඇදෙන්නෙ. සල්ලි වලටවත්, ආශාවටවත් මිනිස්සු සමාජ අසම්මතයට යොමු වෙනවා කියන්නෙ ලොකු කරදරයක්, පිට මිනිස්සුන්ට නෙමෙ තමන්ගෙ මිනිස්සුන්ට.
    තාත්තලා අයහපතට යොමු වෙද්දි දරුවො හරි මඟෙ යන්නෙ නැහැ. එවා දරුවන්ගෙ පිටිපස්සෙනුත් එනවා. නමුත් දැන් නම් ප්‍රශ්නයක් නැහැ හැමොම වැරදි කරනවානෙ.

    ReplyDelete