Thursday, October 21, 2010

වෙළඳ සිරි.....

මා එකල පාරේ වැඩ බිමක අධීක්ශක වරයෙක් විය..දිවා ආහාරය ගෙන විවේකය ගත කිරීමට ස්ථානයක් නොවූ හෙයින් වැඩට යොදාගන්නා බූම් ට්‍රක් රියම මගේ විවේක ස්ථානය විය..එම අවස්ථාවේ පාරේ විවිධ බඩු රැගෙන වෙළඳාමේ යෙදෙන සෙල්ස් මන් වරු කිහිපයක් හමු විය..ඔවුන් ලඟ තිබූ විදුලි පන්දමක් සහ පිහියක් මට සහ අපේ කොන්ත්‍රාක් සමාගමේ රියදුරුට දුන් නමුත් ඔහු විසින් සහ මවිසින් ඒ පිළ්බඳ උනන්දුවක් නොදක්වන ලදී..ඔවුන් ස්මඟ ගැහැනු ළමුන් කීප දෙනෙකුත් සිටි මුත් මා හට පිහියා විකිනීමට ආවේ පිරිමි ළමයෙකි..
ගෑනු ළමයි වෙලත් ගෙදරට වෙලා ඉන්න බැරි හැටි..මම කීවෙමි
රියදුරු: මහත්තය ඔය කෙල්ලො ගොඩක් ඉගනගතපු අය සමහරු උසස් පෙල පවා හොඳට පාස්වෙලා ඉන්නෙ..සමහර විට ගෙවල්වල අය හිතන් ඉන්නෙ ලස්සනට ඇඳන් ආවම හොඳ තැනක කියල..
මා: ඔව් ඉතින් අද ජොබක් හොයාගැනීම මනුස්ස ආත්මයක් ලැබීමටත් වඩා දුර්ලභ වෙලා නෙ...
රියදුරු: ඒත් මහත්තය ඔය කෙල්ලො තමා අමාරු කාරියො..ඕකුන් යන්නෙම නැහැනෙ..
පහුගිය දවසක මම කඩවත වැඩ කරද්දි කෙල්ලෙක් හමු උනා..මේ වගේම පිහියක් අරගෙනඉතින් හදපු රට කැපෙන කැපීම ගොඩක් දේවල් කන පිරෙන්නම කිව්ව..ඒක කිචන් ක්නයිෆ් එකක්ලු..ඒ පාර මම කිව්ව ඉතින් මට මොකටද කිචන් ක්නයිෆ් කියල..එහෙනම් මේක මහත්තයගෙ නෝනට ගිහින් දෙන්න කියල මේ කෙල්ල කියපි...මම කිව්ව මම බැඳලත් නෑ කියල..ඒ ගමන මේකි කියනව බැන්දත් නැතත් මේ වාගෙ එකක් බොහොම වටිනවනෙ අනික මේ වගේ ප්‍රයිස් එකකට...
රියදුරු: හා!!! එහෙනම් පිහියට දෙකක් ගන්නම් නංගි මාව බඳිනවද???
ඉන්පසු කෙල්ල ගියේ කොහේදැයි සොයාගත නොහැකි වූ බව ඩ්‍රය්වර විසින් පවසන ලදී...

මම: ඉතින් ඔය මිනිස්සු කන චාටරේක හැටි උදේ ඉඳන් හවස් වෙනකල් හරියට කෑමක්වත් නැතිව...ටෝච්,,බැටරි,,පිහි,,ඉලෙක්ට්‍රික්බඩු,,ඉතින් ඔව්වයෙන් කොහොම් ජීවත් වෙනවද මන්ද මේ අපිට නිකනුත් 1000ක් 2000ක් ගත්තත් දවසට බදි කොට....අනික මම පත්තරවල දැකල තියෙනව සමහරුන්ට 40000ක්50000ක් පඩි දෙනව කියල...මොන බොරුද ඕවයින් කොහෙද ඒ තරන් ලාබ...
රියදුරු: නැහැ ඔව්වයින් තියෙනව අපි හීනෙන්වත් හිතන් නැති ලාභ...ඔය කෑල්ලක් වැටෙන්නෙ බොහොම අඩු ගානට මුන් ඔව්ව පිටරට ඉඳල ගෙන්නන්නෙ හරිම අඩු ගානට...අනික මේ ගොඩක් එව්වයෙ නම හොඳ එකක් තිබුනට ඒව බොරු....
මම: ඔව් මමත් අහල තියෙනව පිටකොටුවෙ රුපියල් 12ට තියෙන සීඩී 1ක් ලංකාවට ගෙන්නන්න යන්නෙ රුපියල් 2ක් වගෙ ගානක්ලු නේද...
රියදුරු: මම ඒකනම් දන්නෙ නෑ..මහත්තය දන්නවද ඔය සින්ගර් එකේ තියෙන මැශින් ඉදිකටුවක් කීයක් වෙනවද කියල....
මම:හරියට දන්නෙ නෑ රුපියල් 30-40ක් වෙයි...සමහරවිට
රියදුරු: ඕකම ඔය විදිහටම ගත හැකි රුපියලක්වත් යන්නෙ නැතිව සත හැත්තපහකට විතර,,,නම ලාංඡන සයිස් එක ඔක්කොම එක්ක...
මම:නෑ..වෙන්න බෑ....බැරිනෑ බොස් ඒව තමා මොලෙන් දෙන වැඩ....
රියදුරු: සමහරවිට අහල ඇති කඩෙන් ගන්න සමහර බ්ලේඩ්,,රේසර් කැපෙන්නෙ නෑ කියල....
මම:ඔව්..අපේ තාත්තත් සමහර දවසට අලුත් බ්ලේඩ් අරගෙන කැපෙන්නෙ නෑ කියල බනිනව පලු යන්න....
රියදුරු: සාමාන්‍යයෙන් ගිලට්,බික් වගේ එකක් රේසරේ රුපියල් 25ක් විතර වෙනවනම් මුදලාලිට 22ට ඒජන්ට්ල දමනවනම් වෙන අය ඉන්නව රුපියල් 15ට දමන අය..ඉතින් ඒ වගේම ලේබල පාට මාක් කවර ඔක්කොම හරි නිසා මුදලාලියත් මේ අලුත් ඒජන්ට් කෙනාගෙන් බඩු ගන්න ව...සමහර මුදලාලිල දන්නව හොර ඒව කියල ඒත් ලොකු කුට්ටියක් වැටෙන නිසා ගන්නව...
මම මේ නිකම් කියනව නෙමෙයි..මෙහෙට එන්න කලින් මගේ මස්සිනයි මමයි තව දෙන්නෙකුයි එකතුවෙලා කරේ ඒ වගේ වැඩ තමයි...සමහර වෙලාවට මෝඩ මුදලාලිල රුපියල් 5ට දමන බ්ලේඩ් රුපියල් 2ට විතර දැම්මම ගන්නව පොරි හැලෙන්න ..උන් හිතන්නෙ අල ලූනු ගානට මිනිස්සු රේසර් ගන්නව කියල...අපේ මස්සිනා කියනව සමහර වෙලාවට මුන්ගෙ රැවුල් බලන් ඉද්දි ඇදෙන්වද කොහෙද කියල...ඔය වගෙ මහ ගොඩක් ගන්න අයට අපි තෑගිත් දෙනව...
මහත්තය දන්නව ඇති අර ටිකක් දිගසයිස් අගින් කාචයක් වගේ තියෙන කෑලි ටෝච් වලට දමන බල්බ්...

මම: ඔව් අර අලුතින් එන ඒවනෙ...(සැබැවින්ම මම ටෝච් බල්බ් මිස එවැනි හැඩ බල්බ දැක තිබුනේ නැත..)
රියදුරු: ඕක හොඳ බල්බ් එක නිකන් ඒවට වඩා කල් තියෙනව..එලියත් කොලටි..
අපි දවසක් හොඳ වාසියක් ලැබිල බොනව..බාර් එකෙ...
මායි මස්සිනයි තව දෙන්නෙකුයි...මස්සිනා කාරයට පිටකොටුවෙ තම්බියෙක් සෙට් වෙලා...මිනිහ බිස්නස් කාරයලු...අපි කලින් කරේ ඇන්කර් කියෙන බල්බ් එක හොරාට ගෙන්නපු කෙනෙක්ගෙ ඩීලර්ල විදිහට...ඉතින් ඔය ඇන්කර් බල්බ් එකක් එන්නෙ රුපියල් 2ට අපිට දෙන්නෙ 8ට අපි මුදලාලියලට දෙන්නෙ 12ට..ඉතින් අලුතින් හම්බ උන තම්බියෙක් කියල මස්සිනාට බල්බ් මීට වඩා අඩුවෙන් ගන්න පුලුවන් කියල....
මේ අපි බොන බාර් එකෙ තිබුන පින්තූරයක් කෙල්ලෙක් දිය ඇල්ලක් ලඟ ඉඳගෙන කකුල් දෙක උඩට නමාගෙන ගලක් උඩ වාඩිවෙලාඅත් දෙකත් කකුල් උඩ තියන් ඔලුවත් බිමට නමාගෙන අත් දෙක අස්සෙ දමාගෙන...සමහරවිට මහත්තය දැකල ඇති...හරි ලස්සන පින්තූරෙ..(ඇත්තෙන්ම මටනම් එවැනි පින්තූරයක් මතකයේ ඇත ..කලකට ඉහතදී බොහෝ තැන්වල තිබූ ජනප්‍රිය පින්තූරයකි..)
ඉතින් ඔය පින්තූරෙන් තමා අපිට අයිඩියා එක ආවෙ...

අපි මේඩ් ඉන් ජැපෑන් කියල බල්බ් එකේම ගහන්න කිව්ව...බඳේ...එයිට අමතරව හිතාචි කියලත් ගහන්න කිව්ව...ඉතින් ඔහොම කියලා අපි අර මුස්ලිම් මහත්තය මාර්ගෙන් චීනෙන් බල්බ් 50,000ක් ඕඩර් කලා පලවෙනි පාර...කියපු විදිහට බඩු ආව....
ඔය දවසවල අපේ ගෙදර එක කම්හලයි...බල්බ් පෙට්ටි ගහන එක...කේක් පෙට්ටි ප්‍රින්ට් කරන තැනකින් අරමම කලින් කිව්වෙ බාර් එකේ තිබුන පින්තූරෙ කවරෙට දමල ලස්සන පෙට්ටියක් ගහ ගත්ත...ඒ වගේම ඇතුලටත් කවර සෙට් කරගත්ත...
බල්බ් එකක් අපිට මෙහෙට ගේන්න ගියේ රුපියලයි සත හැටයි..ඉතින් ඔය කවර පැකින් ගාස්තු ඔක්කොම එක්ක රුපියල් 2ක් වෙයි බල්බ් එකක්...එතකොට බල්බ් වැඩිපුර විකුනුනේ එවරෙඩි..ඒක කඩේට දමන්නෙ රුපියල් 13.50ට අපි දමන්න ගත්තෙ රුපියල් 9.50ට බල්බ් 60පෙට්ටියක්ම ගත්තොත් 9.00යි පෙට්ටි 10ක් නම් 8.75යි..ඔය විදිහට තමයි....ඉතින් ඔය බල්බ් පෙට්ටි 10ක් ගත්තොත් අපි හිතාචි ටෝච් එකක් දුන්න කොම්පැනියෙන් කියල...බල්බ් පෙට්ටි 10ක බල්බ්=600යි ටෝච් එක හොඳම රුපියල් 600ක එකක් උවත් අපිය ලාභය=600*(9.00-2.00)=600*7=රු4200යි ඉතින් ටෝච් එකට දෙකක් උනත් අපිට දෙන්න පුලුවනි...අපි දුන්නෙ පිටකොටුවෙන් තෝරගතපු හිටාචි නම තියෙන ටෝච්...එකකට රුපියල් 200ක් වැටෙන්න ඇති ටෝච් වලට...

බල්බ් පෙට්ටි 50ට බයිසිකලයක් දුන්න...තව බල්බ් පෙට්ටි 100ක් ගත්තොත් ටීවී 1කුත් දුන්න...අපි ටී වී 10ක් විතර දුන්න....වැඩියත්ම බල්බ් එක ගත්තෙ බල්බ් එකේම ගහල තියෙනව නෙ මේඩ් ඉන් ජැපෑන් හිතාචි කියල...ඉතින් සැක තුන් හිතකවත් නෑ...අනික බල්බ් එකත් හොඳයි ලු....

ඉතින් ඔයකාලෙ එවරෙඩි කොම්පැනියෙ ඩීලර්ලට කිසිම බිස්නස් එකක් තිබ්බෙ නෑලු බල්බ් වලින්....රාජාන්ගනේ වැලිකන්ද වගේ අනුරාධපුර පොලොන්නරුව පැත්තෙ ගම්වල තාම තියෙනවලු කඩවල ඔය බල්බ්...ඇයි ඉතින් ඔව්ව වෙන දේකට ගන්නෙයි..ටෝච් එකටම විතර නේ....
ටිකක් ලොකු මුදලාලිල විසාල තොග ගත්තෙ ලාභ නිසා....ඒත් උන් දැනං හිටියෙ නෑ අපි පොඩි කඩවලටත් බඩු දමනව කියල...
මහත්ත්යො චීනෙ ඉන්දියාව කියන්නෙ හරි දියුනු මොලේ තියෙන මිනිස්සු ඉන්න රටවල්...ඔය ලන්කාවෙ තියෙන්නෙ දහජරාව ගොඩක් හොඳයි කියල ගත්තට සමහර වෙලාවට ලොකු ඒජන්තයොත් කරන්නෙ රටින් නම ගහගෙන ගෙන්නන එක....
මම:හප්පෝ මමනම් තවත් හොඳයි කියල බලනව මිස ලේබලේනම් ලොවෙත් බලන්නෙ නෑ...

මෙය සත්‍යම සිද්ධියක් වන අතර සමහරවිට දුර පලාත්වල මෙවැනි ටෝච් බල්බ් තවම තිබිය හැක...

මා මෙය ලිවූයේ ඉතා පැහැදිලිව අසුස් යැයි මුද්‍රනය කොට ඇති එසේම සූක්ශම ලෙස අසුස් ලේබල ගසා ඇති...වොරන්ටි කැටලොග්,,,සීඩී සියල්ල ඇති..අලංකාර පෙට්ටියකින් මා අසුස් එල් සී ඩී මොනිටරයක් මිලදී ගතිමි... විඩෝස්වලදී හඳුනාගත හැක්කේ අසුස් ලෙස පමණි...එහෙත් උබන්ටු ලිනක්ස් වලින් බූට් වී තිරයේ රෙසලූශන් සැකසීමට ගියවිට උබන්ටු ලිනක්ස් වෙතින් මොනිටරය හඳුනාගෙන තිබුනේ අශික් වැනි චීන නමකිනි....මාද හසු වී තිබේ,,එහෙත් අවුරුදු 3ක වොරන්ටිය ඇත...

3 comments:

  1. හප්පොච්චියේ.... ! අපි ඇන්දෙන ඇන්දිල්ල :P

    ReplyDelete
  2. අසූස්, අශීක් වෙනකොට කොහොමද ආතල් එක නේද?
    බාල බඩුවක් අඩු මිලට දෙන එක එකක්. නමුත් රවට්ටලා දෙන එක අමු හොරකමක්.

    ReplyDelete