Thursday, October 14, 2010

හරකා mute වීම...

හරක අපේ යාලුවෙක් වෙලත් එයාට කතා කරන්න බැරි මොකද???ගිරව සැලලිහිනිය වගේ සත්තු වගේම බල්ලො වාගෙ අයත් ටිකක් ලෙන්ගතු තාලෙට සද්දයක් හරි දමාගන්න පුලුවන් උනාට හරකට තියෙන්නෙ එකම වොයිස් එකක්....

ඉතින් මේ හරකට කතා කරන්න පුලුවන් වෙලා තිබුන බෝම ඉස්සර කාලෙ...ඒත් මාර සීන් එකක් නිසා හරකට කතාව බැරි උනා....

හරක බොහොම ලෙන්ගතුවිදිහට ගම ගෙදරක වාසය කලා...ගම ගෙදර තම ස්වාමිය වෙච්ච ගමරාලට බොහොම හිත්වත්ව මේ හරක ඉන්නව....බොහොම කාලයක් දෙන්න සාමෙන් සහයෝගෙන් හිටිය...හරක හරි මොල කාරය සාමාන්‍යයෙන් මිනිස්සුන්ට නැති සමහර සෙන්සර්(සංවේදක ) හරකට පිහිටල තියනව...ඒකිව්වෙ නිකම්ම නිකම් ඔය ඇහෙන පේන දැනෙන එව්වම නෙමෙයි...අනාගතේ වෙන දේවල් දකින්න පුලුවන් හැකියාවත් මේ බුද්ධිමත් සතාට පිහිටල තිබුන....

දවසක් අපේ මේ බුද්ධිමත් හරකට පේනව තමන්ගෙ බොස් වෙන ගමාරලව හමු වෙන්න හෙට මාරය එනව කියල..හෙට කිව්වට හෙට රෑට එනව කියල අපේ හරක මීටර් කරගන්නව...ඉතින් මේ අදහස ගමයට කිව්වම ගමය ටිකක් නෙමෙයි අම්බානකට බය වෙනව....

බය වෙන්නෙ ඔය මාරය එන්නෙ ගමය එක්ක සෙල්ලම කරන්න නෙමෙයි නේ..එන්නෙ ගමයගෙ ප්‍රාණය කියන එක අරගෙන යන්න..ඉතින් ගමය දහ අතේ කල්පනා කරනව...අනේ මම මොකක්ද මේකට කරන්නෙ...මට කියල මේ වාගෙ වෙලාවක කවුරු නම් පිහිට වෙයිද???ඇරත් මොන ජගතද මාරය එක්ක හැප්පෙන්නෙ....

ඉතින් මෙහෙම ඉන්නකොට අපේ හරකයි ටිකිරි මොලේට ප්ලැටිනම් අදහසක් එනව...සාමාන්‍යයෙන් මාරය කියන්නෙත් මනුස්සයම වගේ කෙනෙක් නෙව...අපේ මනුස්ස ගතිත් මේ මාරයට තියෙනව...ඉතින් ඒ අනුව සාමාන්‍යයෙන් මාරය උනත් අපි ආහාරයට ගන්න බත් වලට උඩින් යන්නෙවත් පාගන්නෙවත් නෑ..කොහොමින් කොහොම හරි හරකයි අයිඩියා එක වෙන්නෙ මේ මාරය බත් නොපෑගීම කියන පොයින්ට් එක..ඉතින් මාරය එන දවසෙ ගෙදර මහා විසාල මුට්ටි වලට මහා බත් දන්සලකට වාගෙ බත් උයල ..අපේ ගමරාලය ගේ මැදින් තියල වටේම බත් කඳු ගහල තිබ්බ මාරය එනකල්...ඔන්න ඉතින් අර 9/11 ප්‍රහාරයට යානාව එන්න වගේ අහස පොලොව එහෙම පොඩ්ඩක් හොල්ලල කාරිය මාරය ගම ගේ දිහාට ආව...

මාරය පිටදි කොයි තරම් ගුවන් කරනම් දැම්මත් ගේ ඇතුලෙ ඒව කරන්න ටිකක් අමාරුයි....ටිකක් හිතන්න අපිට පොඩි සයිස් හෙලිකොප්ටර එන්ජිමක් ලැබුනත් ගේ ඇතුලෙ ඕව ටෙස්ට් කර්න්න බෑ නෙ...යන වේගෙට කොන්ට්‍රෝල් නැති උනොත්..ඉතින් කෑලිත් නෑනෙ...ඉතින් ඒක නිසා මාරය ගේ ළඟටම ගුවනින් ඇවිත් අදෘශමාන වේශයෙන්ම පයින්ම ඇතුලට යන්න තමා ට්‍රයි කලේ... ආව ඇතුලට තිව්ව ගේ ඇතුලට අඩිය මහ බත් තල්ලියක් ඇලුන මාර කකුලෙ...බැලුව මොකක්ද උනේ කියල...එතකොට තමා තේරුනේ ගමය ගෙ සහ අපේ බුලට් එකේ උපාය...කලබලේ ගැන තමන්ටම දොස් කියාගත්ත මාරය බැලුව වටපිට..ඔන්න එතකොට එනව හිකිස් සද්දයක් .එතකොට ඔය සීන් එක බලාගෙන නිකම් බැල්කනි ටිකට් මිස්ට බීන් වගේ ෂෝ එක බල බල ෆට්ට ආතල් එකෙ හිනා වෙ වී ඉන්න හරකව මාට්ටු වෙනව මාරයට...හිනාවෙන්ම මාරයට මීටර් වෙනව මේක හරකගෙ ප්ලෑනක් කියල...මාරයට නැඟපු නැඟිල්ල කියන්න දෙයක් නෑනෙ...වෙන කෙනෙකුට කියන්නෙවත්,පවරන්නෙවත් නැතිව මාරයම ආපු මිශන් එක ෆේල් උනා මේ හරක නිසා...

කෝමද දැන් යමලෝකෙ තියා දිවියලෝකෙවත් පාරෙ බැහැල රෙද්දක් ඇඳන් යන්නෙ මේ ගොන් හරකට පරාද වෙලා....ඉතින් බොහොම සැරට තද උනු තද වීම කකුලට එකතුකරාල උඩපැනල වීරිය අරගෙන අර ගෝඨයිම්බරය මහ සෝනට ගහනව වාගෙ දරුණු කික් එකක් නැත්නම් මුශ්ඨි පහරක් දෙනව හර්කගෙ කටට මාරයගෙ කකුලෙන්....කිසි සූදානමක් නැතිව අසරන හරකට වැදුන පහර නිසා එතෙක් කල් බොහොම ලස්සනට තිබ්බ හරක් දත් සෙට් එකත් කැත විදිහටම ඇතුලට යනව...

ඉතින් ඒ ගහපු පාරට හරකගෙ කතාකරන්න තියෙන ඔක්කොම හාඩ්,සොෆ්ට් වෙයාර් ඔක්කොම ආයෙම ගොඩ දාගන්න බැරි විදිහට ක්‍රෑශ් වෙනව...එදා ඉඳන් තමා හරකට ඔය දැන් තියෙන කැත කට සහ උම්බෑ නොයිස් එක විතර ක් ඇවිල්ල තියෙන්නෙ....

7 comments:

  1. ela ela thwa liyanna....

    ReplyDelete
  2. හිනා වෙලා කදුළුත් ආව මචෝ..............

    ReplyDelete
  3. දියවන්නාව පැත්තෙ තප්පුලන හරක් සෙට් එකට මාරයාගේ මිෂන් එකේ බලපෑමක් නෑ වගේ.

    ReplyDelete
  4. හික්ස් හික්ස්.. මරු කථාව... එල කිරි...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මනුස්සයෙක්ට උදව් කරන්න ගිහින් හරකට වුණු වින්නැහියක මහත................

    ReplyDelete