Sunday, October 17, 2010

peppermint ලිනක්ස්

peppermint ලිනක්ස්
මොකක්ද මේ...
පෙපර්මින්ට් ලිනක්ස් කියන්නෙ බොහොම අඩු ධාරිතාවක් සහිත තත්වයන් යටතේ භාවිතා කලහැකි වින්ඩෝස් තරම්ම ලස්සන අතුරුමුහුනතක් තියෙන ඔපරේටින් සිස්ටම් එකක්...ඒ වාගෙම මොකුත්ම නොදන්න වින්ඩෝස් යූසර් කෙනෙකුට උනත් කිසි ගේමක් නැතිව අලුත් විදිහට තමන්ගෙ පරණ කොම්පියුටරය පනගන්වගන්න පුලුවනි...

අනික්වත් එක්ක තියෙන විශේෂත්වය...
සාමාන්‍යයෙන් ගොඩක් අය කියන්නෙ පරණ පරිඝනකවලට දැනට භාවිත වන ලිනක්ස් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක පැරණි සංස්කරණයක් යොදා ගන්න කියල...ඒත් එහෙම කලත් අපිට අද තත්වෙට හරියන විදිහට භාවිතා කිරීම් කරන්න අමාරුයි මොකද??අද අපිට ඕනි වර්ඩ්,එක්සෙල් වාගෙ ඒව වගේම ගොඩක් වලාකුල් භාවිත (cloud Application Eg:google docs,online application)හා සමාජ ජාල භාවිතවලට (social Networking Eg:Skype,twitter,facebook)සහයෝගය පැරණි මෙහෙයුම් පද්ධති තුලින් නොලැබීම....

තව දෙයක් තමා උබන්ටු වලින් අඩු ධාරිතා මෙහෙයුම් පද්ධති විදිහට හඳුව්න්වල දීපු xඋබන්ටු(Xubuntu) ලුබන්ටු (Lubuntu)සහ ෆෙඩෝර අය ස්පින්(fedora spins) විදිහට හඳුන්වල දීපු xෆේස් (xfce)සහ එල් එක්x ඩී ඊ (LXDE)ලිනක්ස් වලට වඩා හොඳට පෙපර්මින්ට් වැඩ කරනව කියල මට හිතෙන්නෙ..මට තියෙන එච් පී වෙක්ට්‍(833Mhz Processor,384Mb RAM,10Gb HDD)පරිඝනකය කලින් සඳහන් කල අඩු බර (light weight linux)උබන්ටු හා ෆෙඩෝරා එක්ක දුවනවට වඩා වේගෙකින් පෙපර්මින්ට් එක්ක දුවනව..ඒ වාගෙම අන්තර්ජාල පරිහරණය කිරීමේදී සාමාන්‍යෙන් ටිකක් ස්පීඩ් එකකුත් එනව..තවදෙයක් මම ඉන්ටර්නෙට් යන්නෙ හුවාවි(Huawei)ඩොන්ගල් එකකින්.ඒකත් හොඳට සපෝට් පෙපර්මින්ට් එක්ක..

සාමාන්‍ය්යෙන් පෙන්ඩ්‍රයිව් ලිනක්ස්,පපී ලිනක්ස්,වෙක්ටර් ලිනක්ස්,ක්නොපික්ස් වාගෙ එව්ව තිබුනට මට හමු උන ගොඩක් මේ වාගෙ එව්ව හාඩ් ඩිස්ක් එකට ඉන්ස්ටෝල් කරන්න අමාරුයි..ඒ වාගෙම ක්නොපික්ස් වාගෙ ඒවයෙ තියෙන අතුරුමුහුනත් වලට වඩා පෙපර්මින්ට් ලස්සනයි.කියල මට හිතුනෙ...

තියෙන්නෙ මොනාද?
ඔෆිස් පැකේජය විදිහට තියෙන්නෙ ගූගල් ඩොක්ස්....ඒ වාගෙම මීඩියා ප්ලේයර් වාගෙ ඒවටත් ඔන්ලයින් වලින් තියෙන මෘදුකාංග තියෙනව,,අපිට අවශ්‍යනම් උබන්ටු ලිනක්ස් වලට දමන්න පුලුවන් ඕනිම මෘදුකාගයක්((application software) මේ පෙපර්මින්ට් ලිනක්ස් වලට භාවිතා කරන්න පුලුවනි..උදාහරණ විදිහට උබන්ටු වලට වී එල් සී ප්ලේයර් එක දමන විදිහටම මේ පෙපර්මින්ට් වලටත් දමන්න පුලුවනි...අපේ මූනුපොතට(facebook) ආසකරන මිතුරන්ට ඒ සඳහාම වෙන් වූ භාවිතයක් විදිහට එය භාවිතා කරන්න පුලුවනි...සාමාන්‍ය්යෙන් හොඳ වේගයකින් මූනුපොත වැඩකරනව මේ විශේෂ බ්‍රව්සර කොටස තුල...තව U ටියුබ් වීඩියෝත් වෙනමම බලන්න පුලුවන් විදිහට තියෙනව අතුරුජාල භාවිතාවක් විදිහට...
පරන ලැප්ටොප් වාගෙ එව්වට වාගෙම අලුත් කොම්පියුටර වලටත් හොඳ ස්ප්ප්ඩ් එකක් ගන්න පුලුවනි දෙයක් විදිහට තමා මම පෙපර්මින්ට් දකින්නෙ...මම භාවිත කලේ පෙපර්මින්ට් අයිස් කියන අලුත්ම වර්ශන් එකක්..අලුත් උනා කියල මේව බරෙන් නම් වැඩි නෑ...

ලින්ක්ස් වෙනමම දෙන්න ඕනි නෑ..සර්ච් එන්ජින් එකේ peppermint linux ගැහුවම උඩින්ම එයි..තව තියෙන විස්තරත් කියවල ඔයාලට හොඳ නම් අත්හදා බලාගන්න පුලුවනි..

2 comments: