Sunday, December 26, 2010

දෙවියෝ දුන් ටී සුනාමිය... Holy T sunami

මා සිටියේ සිටිනාමලුවේ අපේ නැන්දලාගෙ ගෙදර..ඉතින් නිමල් අයිය අජිත් අයිය සහ තව එකෙක් දෙන්නෙක් එක්ක මොනාහරි නයි ටිකක් ඇර ඇර අපි පාන්දරම වත්තෙ කඩුල්ල ලඟ තිබුන ජෑම් ගහ යට වාඩි වෙලා උන්න...ටික වෙලාවක් යද්දි අපේ අල්ලපු ගෙදර පොඩි අයියගෙ කොල්ල ඇවිත් කියපි තංගල්ලට මූද ගොඩ ගලල පොලේ අය ගහගෙන ගිහින් කියල...ගත්තගමන් අපි සෙට් එක ඌට පරුශ වචනෙන් බැන්න..මොන පිස්සුද යකෝ තොට අමු කැවිලද...ඇයි විහාරමහා දේවිල ගන්න ඕනි වෙලාද....කියල අර අල්ලපු ගෙදර පොඩ්ඩගෙ කොල්ලට හොඳටම බැනපි...
නෑ ඇත්ත දැන් රේඩි එකෙත් කියනව...ඉංදියාවටත් තියෙනවලු...ඌ මොනා කීවත් අපි නෙවෙයි සැලුනෙ...
ඊට පස්සෙ කොල්ලගෙ අම්ම ආපි ගෙදරින් එලියට අනේ මල්ලි අපේ අම්ම පොලේ ගියා පොලට මූදු වතුර දානවලු උන්දැ කොහේද මන්දන්නෙ නෑ...කෝ මේ පොඩ්ඩය්යත් නෑනෙ..කොහේ මක බෑ වෙනවද මන්ද..එතකොට තමයි තේ රුනෙ සිද්ධිය සීරියස් කියල...අජිත් අයියය් මමයි එක බයික් එකක...අපේ නිමල් ලොක්කයි වෙන එකකයි වෙන බයික් එකක...අපේ නැන්දයි එයාගෙ දූලයි අඬනව යන්න එපා කියල..
ඉතින් අපි තංගලු යනකොට ගෑනු මිනිස්සු බඩු අකුලගෙන එනව බයික් වාහන ලයිට් දාගෙන එනව....යන්න එපා බලන්නවත් කියල තමා හැමෝම කියන්නෙ..තෙමුන හවුස්කෝට් එකක් පිටින් හිටිය අම්මකෙනෙක් හෝ ගාල අඬ අඬ කියනව අනේ පුතාල ඛෙද බොලා යන්නෙ මැරෙන්නද???හිටපල්ලා බන්..හිටපල්ල..
පි යනකොය 9.40 විතර වෙලා ඒ වෙලාවෙත් රැලි ගහනව..බස් එකක ඉස්සරහ පැත්ත එක කඩේකත් ඒ එක්කම පස්ස වෙනත් කඩේකත් හැපෙන්න තරම් රැල්ල සැර්යි කිව්වම අපිත් බය උනා....ඉතින් අපිට නිමල් අයියල මඟ ඇරුන අපි තන්ගල්ලෙ ශෙඩ් දෙක ලඟට කිට්ටු උනා...මහා සෙනඟ..අපි දැක්ක පස්සෙ ආපු රැලි වලින් කෙසෙල් කැන් එලෝලු මලු පාවෙලා යනව...එතකොට මම හිටියෙ තන්ගෙල්ලෙ බෙලි අත්ත පාරෙ ශෙඩ් එක ළඟ....ගෙදර අය බයවෙන හින්ද අපි ආයෙම නැන්දලගෙ ගෙදර ගියා...අපේ නිමල් අයියනම් මිනී හෙමත් දැකල තිබුන...අපි ආවට පැයකට විතර පස්සෙ උන්දැ ආවෙ...
අපි ගෙදර අවමවත් රේඩියෝවල ඉන්න පකිස් බූරුවොන්ට තොරතුරු ඇවිත් තිබ්බෙ නෑ...එක චැනල් එකක් සුනාමි බලන්න වරායට ගිහින් සුනාමියට නැව් උඩයන හැටි විස්තර කරනව...ඒ වෙනකොට සුනාමිය ඇවිත් පැයකටත් වැඩියි..අම්පාර පැත්තට වතුර දමල ගොඩක් වෙලා ගිහින්..මම මේ ළඟ කාලෙකදි පොතුවිල් ගිහාමයි දැක්කෙ සුනාමියෙ නියම ස්වරූපය...එහෙ කිලෝමීටරයකට එහා මහ වතුර පාර ඇවිත් බිල්ඩින් කැඩිල...මිනිස්සුන්ට බුදු සරණ වෙන්න ඇති ගොඩක් අයට...අපේ බුවාල මූද ඇතුලට ගියාම මාලු අල්ලන්න ගිහින් තියෙනව සමහර හික්කඩුව පැත්තෙ උන මූදට වැටවල් ගහන්නත් සෙට් උන කියල මම අහල තියෙනව...මම දැන් ඉන්න ඔෆිස් එකේ බොස්ල ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ පානදුර හෝටලේක..මූද ඈතට යනකොට එකෙක් ඉඳ මේක ටිඅකක් සෙන්ටිමෙන්ටල් වෙලා කට්ටියම අඬගහම් වාහනවලින් ගිහිල්ල.


එදා මාතර කෙමෙස්ට්‍රි ක්ලාස් එකක් ශ්‍රීනාත් සර්ගෙ ඉතින් ඇතිවුන තත්වෙ ගැන පැහැදිලි චිත්‍රයක් නැති නිසා සර් කියල කට්ටියට මූද පැත්තට දුවන්නෙ නැතිව අනික් පැත්තට දුවන්න කියල...එතකොට අර මූද අයිනෙ ඉඳල ක්ලාස් ආපු ගන්දර,දෙවුන්දර,දික්වැල්ල ,මිරිස්ස,වැලිගම හිටපු කොල්ලො කෙල්ලොත් හක්මන අකුරැස්ස පැත්තට දුවල...මට මතකහැටියට එදා තිබ්බ කොමස් ක්ලාස් වගයක ලමයිටත් දුවන්න කියල තිබ්බ..


මට ගෙදර එන්න උවමනාව තිබුනත් නැන්දල යන්න එපා කිව්ව...ඉතින් ඊලඟ දවසෙ මම උදෙන්ම ගියා ගෙදර යන්න...තන්ගල්ලට ආවම ඒ වෙනකොට බසුත් ඇත්තෙම නෑ වාගෙ...හම්බන්තොට මිනී බලන්න යන්න මිනිස්සු ගොඩක් හිටිය සමහරු ගොඩක් දුකින්...සමහරුනම් මේ සිද්දියෙන් කොච්චර විපතක් උනත් ලයිෆ් එකට පහත් උන හදිසි වෙනස නිසා හරි ප්‍රීතියෙන් උන්නෙ...තංගල්ලට ආපු මට මතක් උනා අපේ ආච්චිලගෙ නෑයො වගයක් ඉන්නව බීච් රෝඩ් එකෙ...මමත් වැඩර් වාගෙ ගියා බීච් රෝඩ් එකට..යනකොටත් පොලිසියෙන් හමුදාවෙන් මුර,,, ළඟට යන්න බැරි උනත් ඈතින්ම දැක්ක ආච්චිල හිටපු ගෙදර එතන නෑ කියල..ඉතින් මම ගෙදර ගිය ගමන් අපේ අම්මට කිව්ව හරි අම්මෙ දැන් තංගල්ලෙ මලගෙදර යන්න සෙට් වෙන්න කියල.


පස්සෙ හවස ආරන්චි කරල බලනකොට නත්තල් නිවාඩුවට අපේ තන්ගල්ලෙ ආච්චි සහ පිරිස ගිහින් තියෙනව පුතාල බලන්න කොළඹ..නත්තල් නිවාඩුවට...


ඉතින් අපේ තාත්ත මට කොන්තරත් එකක් බාර දුන්න පාරට ගිහින් බලන්න ආදාර එකතු කොරනවද කියල....අර ලොකු එකාට  කියන්න උදෙන්ම සූට් එක ගහන් සිරි බලන්න යන්නෙ නැතිව පොල් ගෙඩි ටිකක් කඩන්න කියල...දැන් තාම බැංකු හෙමත් වැඩ නෑ...අර බැංකුවෙ ගෑනිගෙ මොකෙක්ද නැති වෙලා කියල හොයනවලු..නිවාඩු දමල( ඒ කීවේ ග්‍රාමීය බැංකුව ගැනය එවිට ලඟ තිබූ නගරයේ බැංකුද බොහෝවිට එසේම විය...)...


මා පාරට යනවිට බොහෝ පිරිස් පාරේ ආදාර එකතුකරමින් සහ යමින් සිටියහ...කුඩාම සයිස් කොල්ලන් කෙල්ලන් කීපදෙනෙකු හැරුනවිට පාරේ යන බොහොමයක් මිනිසුන් මරණ මෙන් සුදුමැලි උන්විය...ටීවී වල වැඩියෙන් පෙන්නුවේ කෝච්චියේ විස්තරය උවද හම්බන්තොට තතවය බොහෝ දරුණු විය...පවුල්වල පොලේ ගිය බොහෝ දෙනෙක් මුහුදේ විය හැකි බව බහුතර අදහස විය...එහෙත් ඉන් දින 2-3කට පසුව කරගන් ලේවායේ(දැන් වරාය හැදෙන හරිය ) කෙළවරවලට ගසාගෙන ගිය මිනීබැකෝ වලින් පැටවූබවත් බොහෝ ඒවා කුනු ගඳින් යුතු වී ඇති බවත් ආරන්චි විය...එකෙක් මැරිච්ච මුස්ලිම් ගෑනියෙක්ගෙ මාලයක් කඩන්න පහත් වෙලා  අක්කේ කියාගෙන...ඌව දෝසරෙන්ම ගහල මරල මිනී ගොඩටම දාල ...එය ඉතා කැත උවත් සිදුවුනු සිද්දි අටෝරාශියකින් එකකි..


අපේ "නෝනක්කා" නැමැති ලොකු අම්මාගේ මහත්තයාගේ නංගී සුනාමි දින හම්බන්තොට පොලේ ගොස් යලිත් කිසි දිනෙක ආවේ නැත..ඇය ඇගේ ළමයා අතින් ගෙන සිටි අතර තවත් ළමයෙක් ඇයගේ කුසින් ජනවාරියේ උපදින්නට සිටියේය.


මියගිය පසුව ඇගේ කිසිවක් සොයාගත නොහැකිවිය නමුත් සුනාමියෙන් මාස 6කට පසුව මා ඇය මැරුන පසු ඡායාරූපයක දිටිමි....හම්බන්තොට කරගන් ලේවාය අසබඩ හමුදා සෙබලු කිහිපයක් මැද මිනිය පටවන්නට මොහොතකට පෙර ගත් එම ඡායාරූපයේ ඇය ඇගේ ලැබෙන්නට සිටි දරුවා හදිසියේම වදා තිබිනි..උන් මියගොස් සිටි ආකාරය කෙතරම් ඛේදජනකද...මා එය දුටුවේ එන්ජී ඕ කාරයෙක් පිටරටට පෙන්වීමට( ආධාර එකතු කර ගැනීමට ) එකතු කරගත් පින්තූර ගොඩකිනි...මා එය ඉන්පසු කිසිවෙකුටත් නොකීමි..
මන්ද ඇගේ තුන්මාසේ දානය දින තබා තිබූ ඇගේ රූපයට වඩා බොහෝ අර පින්තූරය පීඩා ගෙනදෙන්නක් වූ බැවිනි.
සුනාමිය ගැන බොහෝදේ ලීමට ඇතිමුත් මටත් කියවන ඔබටත් මෙය පොතක් නොව බ්ලොගකි...
මා මෙය දෙවියෝ දුන්නා යැයි කීවේ අපිට ලොකු වෙනසක් වන්නට සහ යලිත් පෙර පරිදි ආත්මාර්ථකාමී වී ගසා කන්නට බහුතරයකට ටික කලක් ගතවුනු බැවිනි...ඇත්තටම මනුශ්‍යත්වය බොහෝ සුන්දරය...මා සුනා මියට පසුදින පාරේ සිටිනවිට බුලත් කහටින් පාට උන කටින් හද්දා පරණ ට්‍රැක්ටරයකින් වැරහැලි ඇඳ මහ මුට්ටියකුත් කොස් ගෙඩි 20-30ක් පටවාගෙන පවුලක් තංගල්ලට ගියෝය..එය ඔවුනට කලහැකි උපරිමය විය...මා එය බාලාසිට තාත්තා දුන් පොල් මල්ල පසුව ආ කොස් පිරුණු ලොරි භාගයකට පටවා යැවීමි..

2 comments:

  1. ඇඩෙනවා බං. කතා කරගන්න බෑ. මගේ ලොකු අප්පච්චිත් මලා.

    ReplyDelete