Posts

Showing posts from August, 2010

රම්බා විහාරය

රම්බා විහාරය

තියෙන්නෙ:හම්බන්තොට දිස්ත්‍රික්කයෙ..අම්බලන්තොට ඉඳල ඇඹිලිපිටි යන්න තියෙන නෝන ගම පාරෙ කිලෝමීටර 5-6ක් ගියාම..

බලන්න තියෙන්නෙ:නටඹුන්....වර්ෂ දහස් ගනනකට එපිට ඉතිහාසයකට අයිති පරම්පරා ගනනක නෂ්ටාවශේෂ..දැනට දකින්න තියෙන්නෙ නම්..වර්ශ 1500කට එපිට ඉතිහාසයකට අයිති හඳුනා නොගත් ගොඩ නැගිලි කීපයක් විතරයි..කැනීම් කරල තියෙන්නෙ බෝම ටිකයි....

මේ නටඹුන් අයිති කාටද??:මෙතනදි කියන්න තියෙන්නෙ ඒ කාරනාව නම් තාම හරියට කවුරුත් දන්නෙ නෑ...ඒත් මේ කියන්නෙ අනුරාධපුරයටම සමාන්තරව රුහුනෙ තිබුනු වෙනත් ශිෂ්ඨාචාරයක් කියල තමා ගොඩක් විද්වත් අයගෙ අදහස වෙන්නෙ...දුටුගැමුනු පරම්පරාවෙ ඉඳල පොලොන්නරුව රාජධානිය අවසාන වෙනකල් කාලයට අයිති නටඹුන් ගොඩක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙ දකින්න තියෙනවා...

ඇයි මේව හැන්ගිලා තියෙන්නෙ:මොකද ජනප්‍රිය නැත්තෙ...අනුරාධපුරයෙ ඉඳල කෝට්ටේ දක්වා වන අපේ ජනප්‍රිය ඉතිහාසෙ අපිට ඉගනගන්න ලේසි වෙලා තියෙන්නෙ ස්ථාවර ලිඛිත සාධක ගණනාව තියෙන නිසා..සින්හලෙන්ම කිව්වොත් වන්ශකතා,,වෙනත් සාහිත්‍ය කෘති හරහා අපිට ඉතිහාසෙ ගැන දැනගන්න පුලුවනි..ඒත් මේ රම්බා විහාර භූමිය සතුව තියෙන නටඹුන් ගැන තියෙන ලිඛිත සාක්ෂි බොහොම අඩුයි..එක්ක…