Friday, January 7, 2011

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (BCS Exams)

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (British computer society) කියන එක මඟින් තියෙනව වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය(chartered institute of IT) මඟින් තමා විභාග පැවැත් වෙන්නෙ..මේක ඇවිල්ල වෘත්තීය සුදුසුකම්(Professional qualification) සපයන පාඨමාලාවක්..මේකෙන් ශ්‍රී ලංකාව ඇතුලත ඉඳගෙන ලෝකෙම පිලිගන්න තොරතුරු තාක්ශණ සුදුසුකම් ලබාගන්න පුලුවන්...

කොහේද තියෙන්නෙ..

මේ වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය එක්සත් රාජධානිය(UK) මූලික කරගෙන රටවල් ගණනාවක විභාග පවත්වනව..ලංකාවෙත් විභාග පැවැත්වෙනව...
මේ පාඨමාලාව කොටස් 3කින් සමන්විත වෙනවා..

සහතික පත්‍ර(certificate level)

මෙය විශයන් 3කින් සමන්විත වන අතර මෙහිදී බොහෝ සිසුන්ට අමාරු විශයක් වන්නේ මෘදුකාංග සංවර්ධනය නම් වූ ප්‍රෝග්‍රැමින් කොටස් අදාල වන විශයයි..එම විශය සඳහා පිළිතුරු ලිවීමට C ජාවා හෝ පැස්කල් යන ඕනෑම පරිඝනක භාශාවක් යොදාගත හැක..

ඩිප්ලෝමා(Diploma)

පරිගණක ජාලකරණය(Networking),,තොරතුරු ක්‍රමවේද(Information Systems),ක්‍රමලේඛන(Programming) ආදී බොහෝ විශය පථවලට අයත් වන විදිහෙ විශයන් ඩිප්ලෝමාවෙදි තෝරාගන්න පුලුවනි ..මුලු විශයයන් 4යි එකක් අනිවාර්යය විශයක්..

උපාධි ඩිප්ලෝමා (Post Graduate diploma)

මුලු ඩිප්ලෝමාව සම්පූර්ණ වෙන්න නම් මෙහිදී විශයන් 3ක් සහ ව්‍යාපෘතියක් සිසුවා විසින් සම්පූර්ණ කල යුතු වෙනවා..ඩිප්ලෝමාවේදී තෝරාගත් විශයන් වැඩිදුරටත් අධ්‍යයනය කරන්න මෙහිදී අවස්ථාව එනව..

මොනවද මේ වල වාසි සහ විශේෂ ප්‍රථිලාභ

මේකෙ තියෙන වාසිය තමා ඉතා අඩු කාලෙකින් උපාධියට ආසන්න සමාන තොරතුරු තාක්ශණ සුදුසුකමක් ලබාගැනීමට හැකිවීම..මේකෙ උපාධි ඩිප්ලෝමා සහ එහි ව්‍යාපෘතිය සම්පූර්න අයට කෙලින්ම මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ශනික (Master of IT)විද්‍යාපති උපාධිය හදාරන්න පුලුවනි..ඒ වාගෙම එක්සත් රාජධානිය ඇතුලු ලෝකෙ පුරා විසිරුන විශ්ව විද්‍යාල බොහොමයකින් කෙලින්ම විද්‍යාපති උපාධියට (M IT or M sc in IT)ඇතුලත් වෙන්න පුලුවන් අවස්ථාව තියෙනව මේ උපාදි ඩිලෝමාව සම්පූර්ණ කල අයට...

මූලික සුදුසුකම්..

මේ පාඨමාලවට ගණික දැනුම වැදගත් වෙනව..ඒ වාගෙම උසස් පෙළ විද්‍යා ගණිත සිසුන්ට මේ පාඨමාලාව බොහොම හොඳින් කරගෙන යන්න පුලුවනි මූලික තොරතුරු තාක්ශනික දැනුම නොමැති උවත්...මෙහිදී ගොඩක් වෙලාවට තොරතුරු තාක්ශනයේ තියෙන බොහෝ යෙදීම හා ක්‍රමවේද පිළිබඳව හැදෑරීම් කරනවා විනා එම විශයන් බොහෝ ගැඹුරට කරන්නෙ නෑ..සියලුම විභාග පැවැත්වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන් නිසා ඉංග්‍රීසි භාශාමය දැනුමක් තිබීමත් වැදගත් ..

විභාග ක්‍රමය

මේ තත්ව 3 සඳහාම විභාග ඔක්තෝම්බර මුල මාසයේදී සහ අප්‍රේල් මාසයේවිභාග පැවැත් වෙනව...ලංකාවෙත් කොළඹ සහ නුවර මධ්‍යස්ථානවලදි විභාග පැවැත් වෙනව...මෙහිදී එක් තත්වයක් සම්පූරණයෙන්ම ඉවර නොකර වුවද අනෙකුත් තත්ව වල විභාග සඳහා පෙනී සිටින්න පුලුවනි..මේ විභාග වලට පෙනී ඉන්න කලින් හෝ විභාග අයදුම්පත්‍ර භාර දෙන අවස්ථාවේදී විභාග අයදුම්කරුවන් බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතුයි..මේ සාමාජිකත්වය ගත්තහා අපිට නොමිලේ සඟරාවක් ගෙදරටම එනව..ඒ වාගෙම අපිට වෙබ් අවකාශය තුලින් තොරතුරු තාක්ශනයේ නව නැවුම් තොරතුරු ලබාගන්නටත් පුලුවන් වෙනව...
ගාස්තු
සාමාජිකත්ව ගාස්තු-40/=
සහතිකපත්‍ර පාඨමාලාවේ එක් විශයකට ගාස්තු-38/=
ඩිප්ලෝමා විශයකට ගාස්තු-43/=
උපාධි ඩිප්ලෝමා ගාස්තු-81/=
ව්‍යාපෘති ගාස්තු-100/=
මුලු මුදල=40+(38*3)+(43*4)+(81*3)+100=426/=
මේ මුදල තියෙන්නෙ පවුම් වලින්....මේ ගාන රුපියල් වෙන්න දෙසීයෙකින් විතර ගුණ වෙන්න ඕනි.. තව ඉතින් පාඨමාලාව හදාරන්න ආයතන වලටත් ගෙවන්න වෙනව..
Certificate Level: Rs. 22,500
Diploma Level Rs.35,000
PGD Level Rs. 48,000
සාමාන්‍යයෙන් මේ වාගෙ ගානක් යනව ඉගනගන්න වියදම විදිහට...(මේ තියෙන්නෙ ඊ සොෆ්ට් එකේ මිල ගනන්)..

රැකියා

ඇත්තටම මේ ක්‍රමය ඔස්සෙ කෙලින්ම රැකියා නම් ලැබෙන්නෙ නෑම වාගෙ තමා ..වෙනත් ක්ශේත්‍රයක ඉන්න කෙනෙකුට තොරතුරු තාක්ශනික සුදුසුකම් ලබාගන්න,,තමන් දැන් වැඩ කරන තැනින් උසස් වීමක් ගන්න,, උපාධියට සමාන සුදුසුකමක් ලබාගන්න පුලුවනි මේ සිස්ටම් එකෙන්..ඒත් රැකියා මූලික ක්‍රමයක් නෙමෙයි මේකෙ තියෙන්නෙ..කොටින්ම තොරතුරු තාක්ශනය පිළිබඳව හැදෑරීමක් තමා..කොහොම උනත් මොරටුව කොළඹ විශවවිද්‍යාලවල ලබාදෙන තොරතුරු තාක්ශන උපාධියට සමාන නුදුසුකම් වසර එකහමාරක කාලෙකින් ලබාගන්න පුලුවන් BCS එක්සෑම් හරහා..

3 comments:

  1. කාලෙක ඉඳලා හොය හොය හිටපු තොරතුරු ටිකක්
    ස්තූතියි..

    ReplyDelete
  2. සිරාවටම.... Thanks මචං....

    ReplyDelete
  3. මම මේ ගැන හොය හොය හිටියේ මේ මාසේ 15 මේක පටන්ගන්නවා කියලා ආරංචියක් ලැබුනු නිසා.සෑහෙන්න වටිනවා අයියේ බොහෝම ස්තූතියි....

    ReplyDelete