Sunday, January 23, 2011

ටවර් හෝල් කලම්බෝ (Tower hall-Colomboo)

මරදාන ටවර් රඟහල සියලු පහසුකම් සහිතව නවීකරණ කටයුතු පසුගියදා අවසන් විය. එය නැවත විවෘත කිරීම නිමිත්තෙන් සම්මානනීය නාට්‍ය උළෙලක් පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා ඇත.
ඒ අනුව ජනවාරි 26 සිට 31 වන දින දක්වා දිනපතා පස්වරු 3.30ට හා 6.45ට මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට නියමිත බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
එම නාට්‍ය උළෙලේදී පහත පරිදි නාට්‍ය තිරගත වනබවද සංවිධාකයෝ පවසති.
ජනවාරි 26 – රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’
ජනවාරි 27 – ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’
ජනවාරි 28 – රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’
ජනවාරි 29 – ජාලිය රාජපක්ෂගේ ‘සොකරි නාටකය’
ජනවාරි 30 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටිකරත්තය’
ජනවාරි 31 –කලම්බෝ...කලම්බෝ ගැන බූන්දිය කියන දේ මෙතන ඇති කලම්බෝ ආයෙත් පෙන්නන්නෙ කොහේද කියල හොය හොය හිටිය...
අලුත් විදිහක නාට්‍ය විදිහක් බලන්න කැමති අය 31 ටවර් හෝල් එකට එන්නකියල මගේ බ්ලොග බලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනව...

මීට කලින් 31 පෙන්නන්න ඉඳල තියෙන්නෙ වෙන නාට්ටියක් මම පෙරෙයිද ටවර් එක ලඟින් එනකොට දැක්ක කලම්බෝ කියල නාට්ටිය වෙනස් වෙලා..පෝස්ටරෙත් අවසාන නාට්ටිය කලම්බෝ කියල වෙනස් වෙලා තිබ්බ...ඒත් තවම සමහර බ්ලොග් වල තියෙන්නෙ පරණ නාට්ටිය... 

වැඩිදුර තොරතුරු ඒ කීවෙ කෝමද කොතනින්ද ටිකට් හෙම ගන්නෙ කියල 0112431878 කියන අංකයෙන් සතියේ දිනවලදි කතාකරල ලබාගන්න පුලුවනි..මම හෙට විතර පෝස්ටරයක් හෙම දැක්කොත් දොරටුවෙන් හැර කලින් ටිකට් ගන්නෙ කොහෙන්ද කියල කස්ටිය දැනුවත් කරන්නම් කොමෙන්ට් එකකින් හරි....

2 comments:

  1. අලුත් ආරංචිය කන වැටුනෙ දැනුයි.බොහෝම ස්තුතියි තොරතුරට. කොහොමත් මං එච්චරම නාට්ටිය බලන කෙනෙක් නොවුනත් මාත් ඔය පැත්තෙ එන්නයි හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  2. නාට්‍ය කියන්නෙ අමුතුම ආතල් එකක්...ඇත්තටම අලුත් අත්දැකීමක් වෙයි නාට්‍ය නොබලපු කෙනෙකුට නාට්‍ය...කියන දේ...

    ReplyDelete