Saturday, January 22, 2011

සමාධි ප්‍රසංගය කැළණිය විද්‍යාර්තීන්

ඊයේ එල්ෆින්ස්ටන් රඟහලේ ප්‍රසංගයක් පැවැත්වුනි..

එය බැලීමට මා ටිකට් එකක් රැගෙන ගියෙමි..

ටිකට් එක රුපියල් 500කි....

එය නමින් සමාධි නම් විය..

එය කැළණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන්ගේ වැඩක් විය..

සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්,කසුන් කල්හාර,දීපිකා ප්‍රියදර්ශනී එහි ගීත ගායනා කරන ලදී...

වෙලාවට පටන් ගන්නට ඔවුනට නොහැකිවිය...

පටන් ගත් පසු විවිධ වේලාවන් වල ශාලාවට පිරිස ඇතුල්වීම අපට බාධාවක් විය..

පිළිගැනීමේ කථා දෙකක් විය..

ස්තූති කතාවද කුලියට ගත් අයි ටී එන් නිවේදකයා විසින් තුන් හතර වතාවකට වඩා කරන ලදී..

මුල් හරියේදී කල සිසු සිසුවියන්ගේ වේදිකාව භාරදීමට ගත් වෙලාව බොහෝ වෙහෙසකර විය..

තවද වායු සමන පද්ධතිවල හෝ වෙනත් හේතුවක් නිසා ගායන වාදන ප්‍රේක්ශක හැමදෙනා පෝරනුවක දැමුවා මෙන් දහදියෙන් තෙත් විය..

තුන් දෙනාගෙන් කසුන් හා ඉතිරි දෙදෙනාට වාදක කන්ඩායමේ සහයෝගය හොඳින් ලැබුනත් අමරසිරි මහතාට එසේ නියමිත සහයෝගය නොලැබුනු බව මගේ අදහසයි...

මුලු ප්‍රසංගය පුරාවට අසූචි වලින් නහවන්නට හා මඩ නා ගන්නට සහ ප්‍රේක්ශකයින් වල් මත් කරන්නට අයි ටි එන් එකේ නිවේදක නම් වූ ඌරෙකු කුලියට ගෙන තිබුනි...

මා ඌරා ගැන කිසිත් නොකියමි..මන්ද උන්ගේ ජන්ම ගති නොවෙනස් වෙන හෙයිනි..

එහෙත් මෙවැනි වැදගත් ප්‍රසංගයකට මෙවන් තැනක හැසිරෙන්නවත් නොදන්න එකෙකු ගෙන්වා ගැනීමට තරම් කැලනි විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තීන්ට වූ දැනුමත්..ඌ ලවා කැමති සින්දු කියවා ගැනීමට ගත් උත්සාහයත් ඇත්තෙන්ම උඩුගංබලා යෑමකි..

ශාලාවක් තෝරාගෙන ගායකයින් වාදකයින් ගෙන්වාගෙන එය සරසා ප්‍රසංගයක් තැබීම ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදායේ උඩුගංබලා යෑමක්ලු...

අනේ නිශ්මි,බාලෙ,වීරසූරිය උඹල මැරිල අපිට ඉතිරි කරල ගිහිපු පොලොස් කොට්ටෝරුවොන්ගෙ හැටි...

ගම්වල අට පාස් බෝක්කු උඩ ඉන්න කොල්ලොත් මේ විද්‍යාර්තීන්ට වඩා ලස්සනට වෙලාවට කලාවට සහ කලාකරුවන්ගේ ගෞරවය සහ ගීත නොනැසෙන පරිදි ප්‍රසංග පවත්වනව...

3 comments:

  1. ඉන්දි - පට්ට ඇත්ත බන්.මටත් එපා වුණ ටික ඒ විදියට උඹටත් දැනිල තියෙනව.අපරාදෙ. අර ඌරව දාගෙන කෑව උන්.මම දැක්ක විදියට ඌ,ආව ගායකයන්ව ජෝක් එකට ගත්ත.කොහොම හරි ඌ නිසා එක්කෙනෙක් සින්දු 6යි බාග 4යිකිවුව.හැබැයි අර ඌරට දීපු සල්ලියි කාලෙයි අනුව වෙන ගායෙක්ව ගෙන්නුවනම් ගොඩ.උඹට මතකනම් කැලණියෙ උන් හැම තිස්සෙම කිවුව උන්ගෙං විතරයි, පළවෙනි එක මේ වගේ , නිකං බයිල‍්‍.. මට නම් හිතුනෙ උන් තමා බලල නැත්තෙ.අඩුගානේ ගිය නොවැම්බරේ ජපුරෙන් කරපු ගී සරසි බැලුවනම් වැරදි ටික්වත්(ජපුර කරපු) අඩු කරගන්න තිබ්බ.නැත්තම් එදා ආ වසන්ත රෝහණව ගෙන්නගන්න තිබ්බ කථනයට.අඩුගානේ සිංදු තෝරණ හැටි ඉගෙන ගන්න තිබුණ.බලමුකො ලබන අවුරුද්දෙවත්.අහ් තව දෙයක් පට්ට පොඩි ඉන්ටවල් එකකුත් දුන්නනෙ උන්ට ජෝගි දාන්න..එතනට යනකොට තිබ්බ සමාධියත් නැතිවුණා එනකොට.

    ReplyDelete
  2. තැන් කූ බන් මම හිතුවෙ මම එතනට නොගැලපුන අවලස්සන තාර පැටියෙක් කියල...
    උන් ඌරට දීපු පිකප් එක අනුව මට හිතුනෙ ඒක බන් කැම්පස් ආතල් එකේ හැටි....කියල...

    ReplyDelete
  3. ඕක කරල තියෙන්නේ සල්ලි හොයන්නනේ. නැතුව විශ්ව විද්‍යාලේ කලාව නංවන්නයැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණ නම් කරන්ණ තිබුනේ ඇතුලෙ උන්ට සින්දු කියන්න පුරුදු වෙන්න චාන්ස් එකක් දෙන්න නේ.
    ඔය රුපියල් 500 දීල සීඩී එකක් ගත්ත නං කැත නැතුව අවුරුදු 10ක් අහන්න තිබුන නේද?

    ReplyDelete