Saturday, January 22, 2011

පනාමුරේ ඇතා



ඇත්ගාල..

අලින් නිතර පැමිණෙන ස්ථානයක ඔවුන්ට නොදැනෙන පරිදි විශාල ප්‍රදේශයක් වටකොට කම්බි ගසයි..කම්බි කණු සිටවනුයේ ගැඹුරුවලවල් වලට කනු බස්සවා ඒකනු සෙලවෙන්ට රිසි සේ තැබීමෙනි..එවිට අලින් විසින් කම්බි වැටට පහරදුන් කල යලිත් එම කම්බි විත් අලියාගේ ඇඟේ වදී..ඇත්ගාලක් පැවැත්වීමෙන් හීලෑ අලි සමඟින් එකතුව අලින් අල්ලා ගැනීමත් ඉන්පසු බැඳීමත් සිදුකරයි..මෙසේ මෙවැනි අලි ඇල්ලීමේ මහා ඇත්ගාලක් අවසාන වරට ලංකාවේ පැවත්වෙන්නේ පනාමුර ප්‍රදේශයේය..

අලි ගාල පටන් ගත් දින සිට එම රැලේ නායකයා වූ ඇතාගෙන් වූයේ මහත් ගැහැටකි...ඇත්ගොව්වෝ සිය දිවි රැක ගත්තේ මහත් වෑයමෙනි..ඇත්තු අල්ලන්නට එන හීලෑ ඇතුන්ටද පහර පිට පහර දී එලවා දැමීමට පනාමුරේ ඇත් රජු සමත් වීය...කෙසේ වතුදු සාමාන්‍යයෙන් ගතවන කාලයකට වඩා වැඩි කාලයක් ඇත්ගාල පවත්වීමට සංවිධායකයිනට සිදුවිය..

දේශපාලනික පසුබිම..

එම ඇත්ගාල පැවත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය..දෙවන ලෝක යුද සමයේ විදේශිකයින් හා උරෙනුර ගැටී යුද්ධයට සහාය දැක්වූ නිසාද මඩුවන්වෙල වලව්ව සම්බන්ධ අවසාන සිංහල රදලයෙකු වූ නිසාද කීර්තිමත් උගතෙකු වූනිසාද එතුමාට රටතුල කතානායක කමට හිමිකම් කීමට ඕනෑවටත් වඩා සුදුසුකම් වීය...

මඩුවන්වෙල දිසාව ගැන මා බොහෝ කතා අසා ඇත ..එහෙත් මටනම් ඔහු නිකම් අහංකාර සිංහල රදලයෙකු පමණි..එකල ගෙවල්වල වැඩිවිය පත්වූ ගැහැනු ළමුන් පලමුවෙන්ම මඩුවන්වෙල දිසාව වෙත යොමුකොට සිටිය යුතු නීතියක් තිබුනේලු..ඒ වාගේම රටේ විදේශ විනිමය වැඩි කිරීමටදෝ මඩුවන්වෙල විසින් අලිගාල් විශාල ප්‍රමානයක් පවත්වා ඇතුන් පිටරට ඇරිය බව පරණ විස්තර අපිට පවසයි..සිය සිංහල රදල බව ආරක්ශා කරගැනීමට විනා අහින්සක සිංහල ගැමියන් වෙනුවෙන් පෙනීසිටි චරිතයක් නොවේ මඩුවන්වෙල දිසාව..එවැනි අයෙකුගේ කුහක දිවි පෙවෙතේ අහංකාර අවස්ථා කීපයක් දක්වා ඒවා සිංහල පොත් වලට රිංගවා විශය නිර්දේශ තැනුවෝ ළමුන් තුල කිනම් වූ කුශලතාවයක් වර්ධනය කිරීමට උත්සාහ කලේ දැයි මටනම් ගැටලුවකි...

මේ ඇත්ගාල දින ගණනක් පැවැත්වීමට හේතු වූයේ කිසි ලෙසකින්වත් රැලේ නායක ඇතාව මෙල්ල කරගැනීමට නොහැකි වීමයි..එකල සිටි වාමාංශික දේශපාලකයි න් ඇතුලු බොහෝ පිරිස් මේ අමානුශික වධය පිළිබඳ උද්ඝෝශන පැවැත්වීය..එවිට ආන්ඩුකාර වරයා හෝ කතානායක වූ මොලමුරේ වැනි අයටත් ඉතිරි රදලයින්ටත් මෙය භාදාවක් විනි..එසේම මේ අලි සංහාර වලට විරුද්ධව මහා ජනමතයක් ඇති වීමට එය බලපෑවේය..එවිට මොලමුරේ මහතාද අපේ නාමික නිදහස ලබාගැනීමට පුරෝගාමී වූවෙක් ලෙස සැලකීය..එහෙත් අදමෙන් එක ජයග්‍රහනයකින් දෙනෝ දාහක් නොසන්ඩාල වැඩ වහගත හැකි මාධ්ය නොතිබීම ඇත් රජාගේ අමරණීයත්වයට හේතු වීයයි මා සිතමි..

මෙම ඇතා සාමාන්‍ය එකෙකුට වඩා විශාල සරීර ප්‍රමානයෙන් යුක්තවීය..එසේම උගේ ගති ලක්ශන අනුව ඌ වටිනා එකෙක්ම විය..මඬුවන්වෙල දිසාවගේ මුනුබුරෙකු ඇත් මන්තර වලින් ඇතා මෙල්ල කිරීමට ගොස් සිය දිවි බේරාගත්තේ අනූ නවයෙනි...ඔහු පවසා තිබුනේ ඇතා කුලප්පු වී ඇති නිසා මන්තර අහන්නේ නැති බවකි..තවත් අලි මන්තර කරුවන්..හීලෑ අලින් යොදා ගත් ප්‍රකට අලි අල්ලන්නන් රැසකගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ගඟට කැපූ හිනි මෙනි..කාලය සමඟ දේශීය මෙන්ම විදේශ මාධ්‍ය වලද මෙය ප්‍රධාන මාතෘකාවක් විය..ඇත්ගාලේ ප්‍රධාන චරිතයක් වූ මොලමුරේට මෙය මහා ප්‍රශ්ණයක් විය..

අවසන තීරණයකට පැමිනුනි..අලුතින් ඇල්වූ අලි සියල්ල ගස් බැඳ ගාලේ දොර හැර ඇතාට යන්නට අවකාශ දෙන ලදී..එහෙත් සිය වරිගයේ උන් දුක් විඳිද්දී සිය සැප තකන මනුශ්‍යයිනට වඩා ඇතාගේ සිත බලවත් විය ..තමාට පැන යන්නට සියලු අවකාශ තිබියදීත් ..මෙතෙක් ගාල වටේ ලූ කණු වල ශක්තියට මහා බලයකින් පහර එල්ල කරමින් නිදහස සෙවූ ඇත් රජු..ඒ සියල්ල සිය හිතසුව පිණිසම නොවන බව මොනවට පසක් කරගනිමින් හැරලූ ද්වාර සහිත ගාලෙන් කිසිදු භෞතික බන්ධනයක් රහිතවම(අනික් අලි මෙන් මෙම ඇතාට කිසිදු කඹයක් හෝ නොවුනි ) වුව සිය මිතුරන් හැර යෑම ප්‍රතික්ශේප කලේය..

දැන් විසඳුම් දෙකකි,,එකක් අලි සියල්ල නිදහස් කොට ඇත්ගාල වසා දැමිය යුතුය..නැතහොත් හස්තියා මරණයට පත්කල යුතුය..එහෙත් අතලෙවකන්නට මී කඩන සිරිතක් දේශපාලන හෝ ව්‍යාපාරික ලොවතුල නොහේ..ඉදින් කිසිවෙකුට වරදක් නොවූ අහිංසක සිව්පාවාට මරණ දඬුවමම හිමි විය..පලමුව රත්නපුර පොලීසියට භාරදුන් නමුත් මෙය ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම කල නොහැකි බවක් පැවසූ නිසා එවක ලංකාවේ සිටි හොඳම වෙඩික්කරුවා..පිඹගෙන ගිගුම් දෙමින් නාලාගිරි විලාසෙන්,,මේ අලුත් බටයක් ගෙන සිටින සුද්දා පෙරමුනට පැමිණි වීරයාගේ බොරු ඇස සිදුරු වී ලේ මුසුව ගියේය..සද්ධන්තයා පොලොවට බර විය..මෙතෙක් වේලා මුදලට ලොබින් හෝ සිය ජීවිකාව පිනිස හෝ ඇත් ගාලේ සිට මෙම දැවැන්තයා ඇල්ලීමට කුරුමානම් ඇල්ලූ ඇත්ගොව්වෝ..මෙවැනි පව්කාර වැඩක් වුවත් ඇතිදේ බැලීමට පැමිනි ජනකායෝ සිය ඇස් මොහොතකට කඳුලින් තෙත් වන්නට හලෝය..

ඇතා මලත් බොහෝ වැදගත් අය මෙය හෙලා දුටුවේය..අලිගාල් සම්බන්ධ ජන අප්‍රසාදය වැඩි විය..මා මතකය නිවැරදි නම් එය අවසාන ඇත්ගාල විය..එසේම ඉන්පසු අලි සම්බන්ධ බොහෝ නීති රීති පොත්වලට එන ලදී..ලංකාවේ අලි ගහනය සීඝ්‍ර ලෙස අඩුවීමට හේතු වූ ඇත්ගාල් නැතිවීමට මහා වීරයානෝගේ දිවි දීම හේතු විය..එකල එය චිත්‍රපටි,, ගීත බිහිවීමට හේතු වූ මහා කාරනාවක් වීය..කොටින්ම ඒ මහා වීරයානෝ දෙස් විදෙස් හී පතල විය..ඇත්ගාල පැවැත්වූ තැන පුරාවිද්‍යා ස්ථානයක් විය..මඩුවන්වෙල මොලමුරේ වරුන්ට අකමැත්තෙන් වුව මේ හදිසි ඉල්ලම අත් හරින්නට ලෙයින් පිදූ ඒ පනා මුරේ ඉතිහාසය ඉවහල් වීය..

සමහරෙක් මලත් නොමලේය..මන්ද උන් දෙනෝ දහක් දෙනා අඬන මරණය හා සිනාසුන හෙයිනි...
පනාමුරේ ඇතාගේ කොත්තු සින්දුව මෙතන
පරණ සින්දුව ඒ කීවෙ ඔරිජිනල් එක මෙතන

6 comments:

  1. චන්දිමාJanuary 22, 2011 at 6:40 PM

    භෞතිකව මළත් නොමැරෙන නමක් ඉතිරි කළ ඇතෙක්. නොදන්න අයටත් දැන ගැන්ම පිණිස මේ කතාව සටහන් කර තැබුවාට තුති.

    ReplyDelete
  2. මං හිතන් හිටියෙත් මඩුවන්වෙල දිසාවේ කියන්නේ දුප්පතුන්ට උදව් කළ හොද රදළ නායකයෙක් කියලා. බලන් ගියාම ඒක වැරදියිනේ.

    ReplyDelete
  3. බලන්න Geoffrey Bawa තමා මම දන්න විදියට වඩිවියට පත් වූ ගෑණුදරුවන් ගේ සිද්ධියට සම්බන්ධ???

    ReplyDelete
  4. පනාමුරේ ඇති ගැන එහෙන්මෙහෙන් අහලා තිබූණාට මේ විස්තර දැනගත්තේ මේ ලිපිය නිසා.. බොහෝම ස්තූතියි ස‍හෝ. වැදගත් ලිපියක්!

    ReplyDelete
  5. මඩුවන්වෙල රටේ මහත්තය නේ....ඉතින් ගෑනු දරුවො එහෙම වැඩිවිය පත් උනාම රටේ මහත්තය ට ඉදිරිපත් කරන්න ඕනි වෙලා තිබ්බලු...මම දන්න කොලොන්න පැත්තෙ පසුකාලෙක වැඩ කරපු රජයෙ සේවකයෙක්ගෙන් තමා මම දැනගත්තෙ..පස්සෙ මම ඒ පැත්තෙ යාලුවො 2-3න් දෙනෙකුගෙනුත් ඇහුව...ඒ අයත් කිව්ව එහෙම කතාවක් තියෙනව කියල...එහෙම කියනවනම් ආතර් සී ක්ලාක් මහත්මයත් කිමිදුම්කරුවෙක් ලු ඉස්සර...ගාල්ල හික්කඩුව වැල්ලෙ හිටපු පිරිමි ළමුන්ට ඔහුත් මනාප වෙලා තියනව...

    ReplyDelete
  6. පනාමුරේ ඇත් රාජා කියල බොහෝ අවස්ථාවල භාවිත වුනාට අද මමත් මේ ගැන දැන ගත්තේ මේ ලිපියෙන් .බොහෝම ස්තූතියි

    ReplyDelete