Monday, January 10, 2011

මා දකින ටැලිෆෝන් ලව්...(Telephony Love)

                    මා මුලින්ම මොබයිල් ටැලිෆෝන් එකක් මිලදී ගත්තේ මීට වසර 6කට පෙරයි..ඒ කාලයේ ගඩොල් භාග අයින් වී 3310 ජංගම දුරකථන කරළියට පැමිණි කාලයයි...එකල මා ඉගනගත් අවධිය විය ..කොල්ලන් කෙල්ලන් අතර ජංගම දුරකථන භාවිතය ඉහල ගියේය..අපි වැනි නිකමුන්ට ලෙහෙසියෙන් කෑලි සෙට් වෙන්නේ නැත..කෑල්ලක් සෙට් කරගැනීමට පැදිය යුතුය,,,චාටර කෑ යුතුය..ලැජ්ජා නහරය කපාගෙන කෙල්ලන් පසුපස යා යුතුය..එහෙත අපවැන්නෝ කෙල්ලක් පසුපස ගොස් කෙල්ල අකමැති උවහොත් එයට පාටි දාගෙන සංතෝස වෙති ..ඉස්සර අපේ සෙට් එකේ කෙල්ලෙක් ෆලෝ කරන්නට කොල්ලෙකුට අදහසක් පහලවීම යනු පාටියකි..කෑල්ල සෙට් උනොත් ප්‍රීතියට කති..වැරදුනොත් බූට් දුකට බොති..

                          ඉතින් මෙසේ නිකම්ම ඉන්නා විට ෆෝන් වලින් කතා කරන උන් එහිම එල්ලී කතා කරනු මට පෙනෙයි..මගේ මිතුරන් අතරටද ජංගම දුරකතන පැමිණෙයි..ජංගම දුරකතන ඇත්තෝ ඒවායින් බොහෝ විට කතා කරයි නැතහොත් කොටයි..මා සිතාගෙන සිටියේ මේ සෑම විටම කොල්ලන්ට දුරකථනයේ එහා පස ස්ටින්නේ ලස්සන කෙල්ලන් කියාය..මගේ මිතුරන්ද ජංගම දුරකථනයෙන් කෑලි සෙට් වෙන ආකාරය ඉතා ලක්ශනට විස්තර කරයි..ඉතින් මාගේ ෆෝන් උණ නගී..ගෙදර ගොස් අම්මාට ගෝරනාඩු කර යාන්තම් එකක් ගති..ගන්නට පෙර තාත්තා හා අම්මා ඒ පිළිබඳව දැක්වූ අදහස් බොහෝ වටින හෙයින් පහත් සඳහන් කරමි..

*හරි මංජුවට ඕක අරන් දුන්න කියල ඌ මක්ක කොරන්නෙයි අර ලොරිකාරයොන්ට බිස්නස් කාරයොන්ට එනෝ වගේ මූට කෝල් එනවයි..ඒ තාත්තාය..
*දැන් ඔය ගෙදර තියෙන එකටත් කාඩ් දාන්න විදිහක්(ගෙදර තිබුනේ ගඩොල් සයිස් මොටෝ එකකි ) නැතුව ඉන්නකොට අරගන්න තව එකක්"පාඩමක් පොතක් බැලිල්ලක් නෑ..පෝන් නම් වෙලාවට ඕනි...ඒ අම්මාය..
*ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද මම දැක්ක මූ මීය වගෙ කන්ද උඩට ගිහින් කෙල්ලෙක්ටද කොහෙද,, අර ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නව..ඒ අපේ ජන්මාන්තර වෛරක්කාර අයියාය..

                     අපේ පන්තියේ සිටිය කෙල්ලෙකුගේ නම්බරය හොයාගෙන ගෙදර අයට හසුවෙතැයි බියෙන් කන්ද උඩට ගොස් කතාකල අයුරු අපේ බ්‍රොදරාට පෙනී ඇත,,උගේ "වෙන්ඩ පවුල(pending wife)" එවූ ලිපියක් නංගී විසින් තාත්තාට භාර දී අඹගමුවේ ලොකු අක්කාගෙන් යැයි සිතා තාත්තා විවර කර ඇත...එහි තිබූ ලිපිය කියවූ තාත්තා කී වෙ..කෙල්ලෙක්නම් මැදෑ ඒකි ලෙඩ වාට්ටුවක්..නැති ලෙඩක් නෑ..සඳුද උණලු..අඟහරුවාද හවස කකුලෙ අමාරුවක්ලු...බදාද හීනෙන් බයවුනාලු..දවස් 7ටම ලෙඩ...මූත් කරගහල තියෙන්නෙ..ලස්සනේට..2ට ගනින්න බෑ වාගෙ ඉඳගෙන..ඒ අපේ අයියා නොමැති වෙලාවට තාත්තා අයියාට කැපූ දෙහි ගොඩෙන් එක දෙකකි..මොන කේස් ආවත් මට දැම්ම ලව් කේස් එන්නේ නැතැයි..තාත්තා සිතා ඇත.. එකල ජනප්‍රිය සිද්ධිය වූයේ අයියාගේ ප්‍රේම හසුන හෙයින් මගේ ෆෝන් උණ ගෙදර ප්‍රධාන මාතෘකාව නොවීම මට වාසි විය..

               ෆෝන් එක නිසාම මට ගැහැනු දෙතුන් දෙනෙකු නොව හතර 5ක්ම හමු විය ..එහෙත් ඒ ෆෝන් එකක් මිලදී ගෙන අවුරුදු 2-3ක් ගියායින් පසුය..එයින් පොත්ත සුදු වූ ලස්සන කෙල්ලෝ 2ක් මට සුපුරුදු පරිදි තැපැල් බූට් තැබීය..ඉතිරි අයගෙන් එක් ..කෙල්ලක සතුව පැවති දන්ත කල්‍යානය ගැලවීමේ කුසලතාවයෙ හේතුවෙන් ලිස්ට් එකෙන් ඉවත් කරන ලදී..ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු මට ප්‍රේම කර ඇත..එකල ඇය දිරූ කඳක් මෙන් මාංශ නොමැතිව සිටි බැවින් මා අකමැතිවිය,,එහෙත් පසුකලෙක වෙනත් කොල්ලන් විසින් යාලු කරගෙන දැන් ඇය වැර ගැන්වූ කොන්ක්‍රීට් මෙන් රිසි පමණට උස මහතලබාදී ඇත..දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..
තවත් ගැහැනු ලමයෙක් විය..දිනක් වැරදීමකින් ඇගේ නංගී මා හා කතා කලාය..ඉන්පසු කාලයාගේ ඇවැමෙන් මා ,නංගී ඇයට වඩා ලස්සන ඇතැයි සිතා අක්කා සමඟ තිබූ කතා කාලය..(දිනකට කතා කරන කාලය )නංගීට ලබා දෙන ලදී..මා හැන්ඩියෙකු හෝ ඛාන් කෙනෙකු නොවූ නිසා අක්කාද ඒ ගැන වැඩිපුර තැකීමක් නොකලේය..පසුව අක්කා ඉතා හදිස්සියේ කසාද බඳින ලදී...මා ඒ වනවිට ඇස් ගෙඩි දෙකින් දැක තිබුනේ අක්කාය...එහෙත් මා නංගී දුටු දින...හප්පේ මට තිබූ සංතෝසෙ...රූපය අනුව ගැහැනු වර්ග කිරීම නොහොබී..රූපය දිරයි..ආදී දේ පොත්වල ලියා ඇති බැවිනුත්..බොහෝ කලක් දවාට පායන චන්ද්‍රයා මෙන් මා පසුපස ඇය සිටි බැවිනුත් ඇගේ රූපය විස්තර නොකරමි..එහෙත් බොහෝ සරල ඇගේ ජීවත් වීමේ කලාව නම් මාගේ සිත් ගති...

ෆෝන් ලව සහ වෙනත් ලව්....
ෆෝන් ලව ගොඩක් වෙලාවට මන්දගාමීය සමහරවිට කෙල්ල ඇස් ගෙඩි දෙකින් දැකීමටද මාස ගනන් පෙරුම් පිරීමට සිදුවෙයි..එහෙත් අපේ අයියාගේ ලියුම් ලව් නම් ටිකක් ස්පීඩ් වෙයි..ඔවුනතර එක් ලිපියක කාල පරිච්චේදය කෙල්ලගේ සහ කොල්ලාගේ එකිනෙකා දැකීමට කතා කිරීමට ඇති ආසාව කුපිත කරවයි...දෙදෙනා ගෙන් එක් අයෙකු එක් වරකට එක් අදහසක් පමණක් දෙන නිසා...ඕනෑම අදහසක් කෙලිම්ම ලිවිය හැක පිලිතුරු එවෙලෙහිම නොලැබෙන නිසා ඒ තරම් ගින්නක් නැත..අපේ බාප්පා කෙනෙකු විසින් අත්හදා බලන ලද ක්ෂණික ලව බොහෝ විට ඉදිරියෙන් සිටින බව මා වැනි ආදරය කිරීමට කම්මැලියන් විසින් සිතයි..
අපේ බාප්පා පෙදරේරුවෙකි...ඔහු කසාද බැඳීමට පෙර අවසාන වරට කපරාරු ගසා ඇත්තේ ළඟදී යෝජිත විවාහයකින් දීගතල යෑමට සිටි ඔහුගේ වර්ථමාන බිරිදගේ මහ ගෙදරයි...වැඩ අවසාන වනවිට බාප්පා රැගෙන විත් ඇත්තේ ඔහුගේ ආම්පන්න කට්ටලය පමණක් නොවේ...තවත් වටිනා ගෙදර දොරේ උපකරණයකි...රෙදි සේදීම..කෑම ඉවීම,,පිලිවෙලට සිටීම,,,ඉතිරිකිරීම,අපිට කතන්දර කීම,,,අපේ පුන්චි අම්මා විසින් ඉතා හොඳින් කළාය..ඒ හා සංසන්දනය කරන විට අවුරුදු7-8ක ලවකින් පසු අපේ අයියා කුදලහගෙන ආවේ රේඩියෝ එකකි.ඇය නොදන්නා හෝ නොඇසූ කිසිවක් නැත,,කල යුතු මහාර්ඝ වැඩ බොහෝ තිබියදීත් කයිවාරු වනම් බොහෝ දිගය,,.එයට ඇමිණුම් ලෙස ගුරුපත්වීමක්,,උසස් පෙළ සමත්,,වංශවත්,,පොශ් ආදී බොහෝ දේ ආවත් අපේ පුන්චි අම්මා තුල කලින් සඳහන් කරන ලද බොහෝ දෙයෙහි ඇය සිටින්නේ පුන්චීට වඩා බොහෝ පහලිනි..මෙය අපේ අයියාද බොහෝ විට කියනු මා අසා ඇත..
ෆෝන් එකකින් පමණක් හඳුනාගෙන ප්‍රේම කරනවිට සැලකිලිමත් විය යුතු අංශ වෙයි...

ඒවායින් වැදගත් යැයි මාසිතන කීපයක් පහත ඇත,,..

ක්ලොක් එක..
මේකියන්නෙ මෙහෙම දෙයක් ඔබ අද උදේ 6.32ට නැඟිටල උදෙන්ම ගුඩ්මෝනින් කියල කතා කරල හෙටත් ඒ වෙලාවට එහෙම කලොත්..අනිද්ද 6.32 වෙත්දි කෙල්ල බලනව අද මොක්ද මේ කෝල් එක ආවෙ නැත්තෙ කියල..ඒ කියන්නෙ මම අත්දැකපු විදිහට ගැහැනු අය කාලයට සංවේදීයි..ඔබ නිතර රාත්‍රී 9.17ට ඇය අමතා පැය බාගයක් කතා කරන්නේ නම් ...ඔබ ට යම් දිනෙක වැඩ කෝටියක් තිබුනත් 9.17ට ඇයට මිස් කෝල් එකක් දී මැසේජ් එකක් හෝ දැමීම වැදගත්...

පැණි සීමාව..
ඔබ කතාකරන ගැහැනු ලමයා කරදරය පත් වූ විට ඔබද කඳුලු සැලීමට සැරසී සිටිය යුතුයි..කල් යල් බලා පැණි හැලිය යුතුය..ඔබගේ තෝරාගත් ගැහැනුළමයා ඉතා කෙලින් කතා කරන කෙනෙකු නම් ඇය පැණිවලට ආස නැත..එහත් බොහෝ දුරට ප්‍රේමය හා පැණි එකම පීල්ලක යයි...යතාර්ථ වාදී නවකතා..සිනමා,,ටෙලි ගුල්වල පුස්කද්දී පැණි පිරුණු බොළඳ දේ විශාල ලෙස මාකට් වන්නේ..වයසට ගියත් බොහෝඅය තරුණ කල කල බොළඳ ප්‍රේමයට තවමත් ආසා කරන නිසාය..නැතහොත් තමාට ගත නොහැකිවූ අත්දැකීම් වලට සිහිනෙන් හෝ සමවැදීමටය..

ජෝක් ප්‍රමාණය..
ගැහැණු ලමයෙක් මුලින්ම කෙතරම් කැමැත්තකින් සිටියත් කොල්ලෙක් හා කතා කිරීමට බයය..එමනිසා ගැහැනු ලමයෙක් මුලින්ම හමුවූ කල ඔබ දන්න තරමින් ජෝක් එකක් කර ඇය හා ඔබ අතර ඇති පරතරය අඩු තත්වයකට රැගෙන ආයුතු වෙයි..දිගින් දිගට හැමදේම ජෝක් ගන්නවාට කෙල්ලො කැමති නැත..ගැහැනු ළමයාගේ හිත්ගත් වීරයින් ස්ථාන හා දේවල් විහිලුවට ගැනීම ඔබ විසින් මුල් කලදී නොකල යුතුයි..දීර්ඝ කාලීනව උවත් හැමදේම ජෝක් කරගැනීම හොඳ නැත ..එය තුල යම් සංවේදී සිද්දි ඔබට මඟ හැරී යා හැක..

පණ්ඩිත ගතිය.
.බොහෝ දේ කියවූ..බොහෝ දේ ගැන ටිකක් වැඩිපුර දන්නා අය කෙල්ලෙක් සෙට් වූ විට සිය පන්ඩිත ගති විදහා දක්වයි..උදාහරණ ලෙස ඔබ දුර ඈත කොලොන්න කෝරලේ යුවතියක් බස් රියකදී හමූ උවහොත් ඇය හොඳ උගත් ළමයෙකු යැයි ඔබ අනාවරණය කරගන්නා තාක්කල් සිංහලෙන් කතා කල යුතුය..ඉංග්‍රීසි ඔබමින් ඔබේ කලර් පෙන්නීමට යෑම ඔබ මාන්නාක්කාරයෙකු බව පෙන්වීමකි..එසේම ගැහැනු ලමයා ශාරුක් ඛාන්ට ආසයැයි ඇය කීවොත් ඔබ ඔහු ගැන තියෙන ඔබදන්න සියල්ල කීමත් මහ අවාසියකි...එවිට එය මහ බෝරින් සංවාදයකි..ඇය වචනයක් කියයි..ඔබ එහි තේරුම් කියයි...

නිශ්ෂබ්ධ වීම...
ෆෝන් එකෙන් හෝ කෙලින්ම කතා කරත් ගැහැනු ළමෝ බහුතරය අසා සිටීමට වඩා කියවීමට ආසාය,, මුල් කලදී ඔබගේ කට පරිස්සම් කරගැනීමද වැදගත්ය..නැතිනම් ඔබ ඇහුම්කන් නොදෙන්නෙකු ලෙස ඇය වරදවා වටහා ගන්නවා ඇත,,,

අවසාන වශයෙන් කුමණ පොතක බ්ලොගක හෝ රූප රාමුවක කෙසේ තිබුනත් ඔබට ගැහැනු ළමයෙකු ෆෝන් එකෙන් හෝ යාලු කරගැනීමට කැපවීම අවශ්‍යය..මේ පුද්ගලයා මා ගැන ඔහුට වාසියක් නොවෙතත් සොයා බලනු ඇත යැයි ගැහැනු ළමයා සිතුවොත් සහ ආකර්ශනයක් වූවොත් එතැන සබඳතාවක් ඇති වෙනු ඇත...

21 comments:

  1. හප්පා.. මට නං එච්චරම පොරෝජනයක් නෑත් වගේ. (නැත්තෙත් නැතිවෙයි සමහරවිට).
    කෝකටත් වැඩක් වෙයි කියලා හිතෙන උන් දෙතුන් දෙනෙකුට ලින්ක් එක මේල් කලා.

    ReplyDelete
  2. @චාමි...
    ඈ... මොකක් ... ප්‍රයෝජනයක් නැත්තෙත් නැතිවෙයි කිව්වා... අපි එහෙම දන්නෑ... අතන පෝස්ටරයක්වත් වැටෙයි ඕං... ඈ

    @ඉන්දි...
    හැදෙන එකෙකුටනම් ඕං කියාපු උපදෙස් ටික... පට්ටයිලු ඈ... මොනව වුනත් මට නම් අප්පිරියම කරපු වැඩේ ඔය ටෙලිෆෝන් එකෙන් කතා කරන එක...

    ReplyDelete
  3. කෝකටත් කියල මාත් ඕන්න බුක්මාක් කොරා ගත්තා. රාළටත් ගම හාමිනේ කෙනෙක් ගේන්න හිතුනු දාක පොරෝජනවත් වෙයි නෙව.

    ReplyDelete
  4. මාර ලවු ස්ටෝරියක් නේ ආහ්.....මල් 7යි

    ReplyDelete
  5. එල එල මචෝ ඒ විදිහටවත් කරලා බලමු :P

    ReplyDelete
  6. මචං මට දැන් වෙලා නෑ බං මේක බලන්න.ටිකක් පොඩි එව්ව දාපන්කො.

    ReplyDelete
  7. ෂැක්.... මරු පාඩම..... :D

    ReplyDelete
  8. මූ නම් ෆෝන් ලව් ගැන Phd එකක් කරල වගේ. පට්ට

    ReplyDelete
  9. දැන් නම් ඉතින් මට මේක වුවමනා නෑ.. ඒත් ඉතින් වුවමනා වෙන තවත් අය ඉන්නවනේ.. :)
    මොනව වුනත් සිරා විග්‍රහය.. ජය වේවා
    -කාංචන

    ReplyDelete
  10. hikzzzzzzz patta katha tika banzzz

    samahara ewa kiyawaddi mata hina yanawaa

    machan sirawatama love karanawanam kella godaaak lassana wenna oni kiyala hitanna epaaa

    lassana kello trust karanna amarui banzzzzz athal ekatanam patta :D

    ReplyDelete
  11. නියමයි, නියමයි !

    ReplyDelete
  12. මේක සතිපතා යන පාඩමක්ද? ඕං මම රීඩරේට ඇඩ් කොරගත්තා.

    ReplyDelete
  13. බ්ලොග් කියන්නෙ පොඩි වෙන්න ඕනි දෙයක් ඒක හරි...ඒත් මේක දිගයි...අපි ඉන්නෙ ආසියානු ක්‍රමයෙ සමාජෙක එවැනි සමාජයක මිනිහෙක් මත පවුල,,සමාජය,,ආගම,,මිතුරන්,,මාධ්‍ය මඟින් ඇතිකරන බලපෑම බටහිර සමාජයට සාපේක්ශව වැඩියි..ඉතින් අපි යම් සිද්දියක් විස්තර කරන විට යොදන්න ඕනි වචන ගොඩක් වැඩියි..උදා:කෙල්ලෙක් ගෙදරින් පැනයෑමට බටහිර සමාජවල හේතුව ගොඩක් වෙලාවට කොල්ලෙක් හෝ එකක් දෙකක් වන හේතු..එහෙත් අපේ කෙල්ලෙක් ගෙදරින් යනව කියන්නෙ මහා කතාවක්..
    කොල්ලෙකු සිටීම,,ගෙවල්වලින් අකමැතිවීම,,මිතුරන් අවවාද කිරීම,,විභාග ෆේල් වීම,,නිකම් නිවසේ වැඩක් නොමැතිව සිටීම,,කොල්ලට හදිසි වීම..අම්මා නිතර බැනීම..ආදී දේවල් වල මික්ස් එකක් තමා සිද්දිය..කෙනෙක් හරි සරලව කොල්ලෙක් නිසාම කෙල්ලෙක් ගියා කියනවනම් ඒක හරි අඩු සම්භාවිතාවක් සහිත දෙයක් මේ සමාජෙ...
    කොහොම උනත් කොමෙන්ට් දාපු මේක කියවපු අයට බොහොම ස්තූතියි..ඒ වාගෙම කෙනෙකුට මේ වාගෙ ඒව දිරවන්නෙ නැත්නම් මේ බඩකඩුත්තුව වැඩක් නෑ කියල ගියත් ඒකත් ලොකු දෙයක්...

    ReplyDelete
  14. අයියෝ නෙගටිව් විදියට හිතන්න එපා, මේව නියමයි... ටිකක් දිග වුනත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නැතුව එක හුස්මටම කියෙව්වැහැකි. තව මේවගේ ඒව දාන්න... ලියන විදිය නම් වෙනස් කරන්න එපා, මේ වගේ පෝස්ට් එකකට හොඳට ගැලපෙනව.

    *ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද...* ඒ අයියගෙ වචන ටික නම් රතිඤ්ඥ කරලක් කනේ තියල පත්තු කෙරුව වගේ බොක්කටම වැදුන, XD මම හිතං හිටියෙ මට විතරයි මෙහෙම අයියල ඉන්නෙ කියල :D “ලෙඩ ලිස්ට් එකත්“ නියමයි. ලව් කරපු, කරන හා කරන්න ඉන්න අපි හැමෝටම ගොඩක් දැනගන්න දේවල් තියෙනව...

    ඔන්න මේ වගේ තව පෝස්ට් එකක් එනකං අපි බලං ඉන්නව එහෙනං...

    පාන්දර දෙකට විනාඩි 15ක්වත් නැති වුනාට, කමෙන්ට් එකක් නොදා නොගියෙ ඒ තරමටම කතාව හොඳ හින්දයි...

    ජයෙන් ජයම වේවා...
    දිගටම ලියන්න...

    ReplyDelete
  15. දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..

    මාද අත්දුටු සිදුවීමකි

    ෆෝන් ලව් නම් මට එපා වී ඇත. ඒත් යතා කාලේ යලි සලකා බැලිය යුතුය. මේ ලිප්ය නම් මසුරන්.

    ReplyDelete
  16. ඔය කිව්ව කරුණු ඔක්කෝම ටක්කෙටම හරි..
    අත්දැකීමෙන්ම කිව්වෙ ඔං...

    ReplyDelete
  17. චන්දිමාJanuary 22, 2011 at 7:23 PM

    රසවත් ලිපියක්. :D එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
  18. අර බල්ල ගේ කතාවෙන් පටන් ගත්තු බ්ලොග් ලිවිල්ලේ තවත් උපරිම ලියවිල්ලක් තමයි මේ.

    මේ අවවාද දැන් වැඩක් නැති වුනත්, උපදෙස් කියවා පුදුම වින්දනයක් ලැබුවා.

    ReplyDelete