Tuesday, March 8, 2011

giniyam wu weli kathare


ගිනියම් වූ වැලි කතරේ කෙම්බිම මට සොයා දෙන්න
නුඹේ නමින් සෙනෙහස් ගී පදවැල් අමුණා කියන්න
මඟ‍ තොටදී හමු උනාම ආදරයෙන් හිනා වෙන්න
අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමා වෙන්න

සුදු අරලිය මතක සුවඳ අප හදවත් ගොළු කරාවි
විසල් මැදුරු දොරට උඩින් හෙටත් පුරා හඳ වඩී වි
මතක තියා පිදු සෙනෙහේ අප දෙතැනක තනි කරාවි
නුඹ නැති මේ විසල් ලොවේ මගෙ ලෝකෙම නතර වේවි

පහන් තාරකා පායා රෑ අහසේ නිවී යාවි
තනිකම විත් හිත දොරකඩ ඇස උනු කඳුලින් තෙමාවි
හීන පැතුම් මල් පොඩි වී ඒ දුන් හිත සැඟව යාවි
හිත අද්දර ඔබෙ මතකය සැමදා මට රිදුම් දේවි
1422 giniyamu SeethalaWAP.Gprs.LT by indika27

2 comments:

  1. මෙය මාගේ පෙම්වතිය අවසන් වරට මගෙන් ඉල්ලා අසා එවූ ගීයයි..ඇයට එහි පදවැල් අවශ්‍ය්ව තිබිණ..(ඇය මට පෙම් නොකරයි.)එවකට අතුරුජාලයේ සුලභ නොවූ ගීතයක් වූ හෙයින් මෙසේ පලකලෙමි...

    ReplyDelete