Wednesday, May 25, 2011

අයියා අයිස් කන්ඩ ආසයි ?????

රුදුරු සැහැසි ගිම්හානේ
දැවෙන දිවෙන රැස් අතරින්..
ඇවිල්ලා එක මොහොතක්..
ගිම්හානයේ අයිස් පරුවතයක්....

ඉඩදෙන්න විඳගන්න...
ළඟ ඉන්න වර දෙන්න...
තව මොහොතක් සැනසෙන්න...
හැරදා පියා මා....එපා දියවෙන්න...

ළඟින් තිවූ ගල් අතරතුරේ සෙව්වා...
දුරින් මැ වූ හිම කොහිද කියා බැලුවා..
රකුසු ඇස් වසා තබා දොරමුව...
මෙන්නෝ ඇවිල්ලා....මයේම වූ..සුදෝ සුදු
අයිස් කඳ..

Sunday, May 15, 2011

බත් කවන කොටු පනින සඳ

සාවෙක් ඇවුදින්
සඳින් නුඹව සොයන්
පනී වි විගසින්
කන්න පුතා බයියං

නිල් වන් අහසින්
කැල්මන් වස්සන්
වාගේ ඇවිදින්
ඔබ මගේ සඳ විලසින්

අහස් දෙස් බලමින්
මහ සද්දෙන්
බුරයි බල්ලන්
ස ඳ...ට, මා සිත මෙන්

මේ පින් ඇති සඳින්
එලිවූ දසුන්
ඇති දිනෙ රැයෙන්
සැඟවී, අප බෝ සතුන්

පනින්ට ඇත්නන්
මටත් සඳමෙන්
ඇගේ කවුලුවෙන්
සිදුහත් විලසින්..

පුතු නලවන්.
මා සනසන්
මෑ නිදයි සැනෙන්
සඳට හොරෙන්

දැන්
ඉකිබිඳිමින්
සඳ බලමින්
කියාවි, සඳ මෙන් පැමිනෙන්...

duel core do more





මේ විදිහට ගියොත් හෙට අනිද්ද වෙද්දි මේ රටේ ගෑනු පිරිමි බොහොම නරක විදිහෙ ආස්සර වලට පෙළඹෙනව
ඒ කියන්නෙ පිංවතුනි මේ සමාජෙ තියෙන පවුල කියන කුඩාම ඒකකේ විනාස වෙල මහ අවුලක් ඇති වෙනව....
අද මේ ටැලිපෝන අද හැමතැනම කෙල්ලගෙ කොල්ලගෙ බල්ලගෙ ඉඳල තියෙනව..මේවයින් තමයි පිංවතුනි අද මේ තමන්ගෙ දරුව නොදන්න එවුන්ට එකතු වෙල යන්න පුරුදු වෙල තියෙන්නෙ..
අපි මේ අද ඉන්න දරුවන්ට මේ වසවර්ති උපකරනෙ දෙන්න හොඳනෑ මොකද ජාතියක් ජංමයක් නැති නොයෙකුත් කන්ඩායං මේ පෝං එකෙන් සෙට් වෙල දරුවන් එක්ක මොනව කරනවද කියල දන්නෙ නෑ....

අනෙ හාමුදුරුවන්ගෙ කෙං ගෙඩිය..
දැං හාංදුරුවනේ වැඩිය ඕන නෑ අපි ගනිමු මේ ගමේම කී දෙනෙක් නං දැං ඔය ටැලිෆෝනි එකෙන් සැට් උනාද අර මතකද හාමුදුරුවනෙ ජොනතන් බාස්ගෙ කිසි ලස්සනක් නැතුව තැං කීපෙකිම්ම කතා කොරලත් මඟුල් හරිගියෙනැතුව කොළඹ යැව්ව නිමාලි කෙලී .,,උන්දැ කොළඹ ගිහිං කලිම්ම කොලේ පොන් එකක් ඇරං කොල්ලෙක් සැට් කොරගන්න එක...ගෙදරට නාකි වෙන් හිටපු ඒකිට මඟුලක් සෙට් උනේ ඒ පෝන් එක නිසා තමයි...සික් මටත් ඕක ටිකක් පුරුදු වෙල තිබුනනම් දැං කොයිවෙලේද ටිකට් එන්නෙ කියල බලං ඉන්න මට කනේ ගහං පිරිත් ටිකක් අහං ඉන්න තිබුන එතකොට අවසානෙට ඇහෙන්නෙ පිරිත් නිසා කොයිවෙලේ මැරුනත් ඩෝං ගාල දිවිය ලෝකෙ..
.හාමුදුරුවො කිව්ව නෙව දැං ඔය ඉස්සර වාගෙ නෙමෙ දැං පෝං එක නිසා සමාජෙ නරක් වෙනව කියල මං අහන්නෙ හාංදුරුවනේ ඉස්සර ඔය ගෑනු මිනිස්සු ලස්සනට බැඳල කියල හිටියද???නෑ නෙ
ඉස්සර කොහොමද සමහර පවුල් වල උංට එක එක පාට ලමයි..මේව හාමුදුරුවොන්ට කියල ඉතිං ඒතරං රහසවලුත් නෙවෙයි නෙව..උපාසකම්මල රැකෝඩ් එක ලෙසටම දෙනව නෙව...පෝයට ආවම..දැං නං ඉතිං හාමුදුරුවන්ට ඒව ආරංචි වෙනව වැඩි....එක සිද්දිය දැං හාමුදුරුවන්ට තුං හතර දෙනෙක් ෆෝන් එකෙන් කියනව නෙව..ඉස්සර නං ඉතිං ඔය පෝයකට පිං කමකට කවුරු හරි ආවොත් හාමුදුරුවන්ගෙ කනේ වැටෙන ඒව දැං ඉතිං උපාසකම්මල නිකං ඉන්නකොට පෝං එකෙන් කියනව නෙව...
මමත් ඔය පංසලේ ආපු 3-4 දොහේ දැකල තියෙනව හාමුදුරුවොත් පෝං එකේම ඉන්නව...සමහර වෙලාවට හාමුදුරුවො ඒකෙ එල්ලිල කිරනවත් එක්ක...
ෆෝන් එක නං ඉතිං වැඩි තමයි ඒත් හාමුදුරුවනේ දැං කොල්ලො කෙල්ලො අපේ කාලෙ වාගෙ යංතං ඇටෙන් පොත්තෙං මෝරල එනකොට සැට්වෙල පැනල යනව අඩුයි ඔය ෆෝන් එකෙම්ම ඒව මේව කොට කොට ඉන්නව මිසෙක..



Sunday, May 8, 2011

To be Sweetheart and Expired one

සුරපුරෙන් මෙහෙ ඇවිත්
මගේ ළඟින් දැවෙන සිත...
සනහමින්...
අපායෙන් එව්වදෝ
එකෙක් ගිය පසු
තව එකෙක් සැතිරියෝ..
නිල් නුවන් බබලවා
මුව කමල් සොලවලා
ගියේ ඈ තවත් මා
සිතේ රූ දසදහස් වර මවා..

මායමින් අල්වලා
ඈ කෙරේ බන්දවා..
ගෙන ගියේ මගේ සිත
තවතවත් අලවලා...
වරු ගනන් තැවුනු සිත
නුඹෙ මුවේ සිරි වදන්..
වල හොවා සතපලා
තබාලා සැනසි ඉන්නම්..

බෝ සෙයින් හැඬූ සිත
නැතුව කිසියම් හෝ දුකක්..
ඔබ ඇව්ත් සමතලා කර ගිහින්
ඉරිතැලී ගිහිපු මාගේ සොඳුරු සිත..
නෙතු විවර කර ඉන්නම්
සවන් හැරගෙන ඉන්නම්
මඟ බලාගෙන ඉන්නම්
එන්නකෝ සැනසුමක් රැගෙන සැනෙකින්..

ඇස් වසාගෙන ඉන්නේ
කන් පියාගෙන ඉන්නේ
තවත් නෑ මග බලා නම් ඉඳින්නේ
කල් ඉකුත් වූ පෙම්වතීයේ..

Tuesday, May 3, 2011

නටාශාගේ ඇමතුම (Natasha's Call)


නටාශා ඊයෙ රාත්තිරි කථා කලා..
හා දැං අපි අමතක වෙලාද??මොකද කෝල් එකක්වත් නැත්තෙ තරහ වෙලද??
නෑ අනෙ මම මේ ඔයා ගැන හිතල කතා නොකර හිටියෙ...අපි මෙහෙම හැමදාම කතා කරල කරල පස්සෙ අපි අතර සම්බන්ධයක් ඇතිවෙල එයිට පස්සෙ ඔයාට ලොකු සයිස් දුකක් ඇතිවෙල....ඔයා මානසිකව වැටිල අතපය කඩාගත්තොත් කියල තමා මම කථා නොකර හිටියෙ..
හද්දිස්සියෙ සුනාමියක් ඇවිත් ඔයා මගේ ළඟට ගහගෙන ඇවිත් ඊට පස්සෙ මාව ප්‍රෙග්නන්ට් වෙයි වගේ කියල හෙම ඔයාට හිතුනෙ නැද්ද??
මම දන්නව ඔයාට තියෙන්නෙ මහ ගල් හිතක් කවදාවත් ඔයා මම ගැන නෙමෙයි කිසි කෙනෙක් ගැන හිතන්නෙ නෑ..
අනෙ මගෙ කට.. එතකොට ඔයාගෙ හිත තමා ලොවෙත් හිත මෙන්න සෝක් එකට සෝකෙන් බර වෙන හිත.. අඩුතරමෙ ඔයා ආච්චි ඩවුන් උන දවසෙවත් ඇඬුවද නෑනෙ..ඉන්නකං දත් ගලව ගලව හිටිය..
ඔයා මල දවසක මම එන්නම් ඔයාගෙ හදවත දාගෙන වීල්බැරෝ එකක..
ඇයි ඔයා හිතුවද අර ඔයා වාගෙ දකින දකින අයට තෑගි දෙන්න මං ළඟ හදවත් දෙක තුනක් තියෙනව කියල...මොකෝ නෑ කියන්නද..අර මම ගිහිං ප්ලේන්ටියක් හදන් එන්න ගිය ටිකට මගෙ ෆෝන් එක මයුරි අක්ක ඉස්සුවහම ඔයා එයත් එක්ක මල් කඩ.... එතකොට එයාගෙන් ෆෝ න් නම්බරේ ඉල්ලගෙන..පස්සෙ එයාත් එක්කත් යාලුවෙන්න ගිහිං...මගෙන් අහගන්න එපා කාළඟද වීල් බැරෝවකින් ගෙනියන්න තරං හදවත් තියෙන්නෙ කියල...මෙතන..
ආච්චි නැති වෙන්න කලිං මං එයාට සලකල තියෙන්නෙ ඔයා කියන්න ඕනි නෑ මට අපේ ආච්චි වෙනුවෙන් අඬන්න..මම අඬාගන්නම්
ඉතිං ඕකට ඔය තරඩං දෝං යන්න දෙයක් නෑ..මම කිව්වෙ ඔයාට හදවතක් නෙමෙ තියෙන්නෙ ගලක් කියල...එම්බාම් කරනකොට ගල බර නිසා අයින් කරල,, මිනිය ගෙනියනකොට පස්සෙන් ගෙනියනව .වීල්බැරෝවෙන්..නටාෂාගේ ශෛලමය හෘදය වස්තුව කියල ගහගෙන ලොකු බෝඩ් එකක්...
ඉහි..ඉහි..හිනාවෙනහැටි වඳුරුපැටිය වාගෙ...හරි හිනා ...ඔව්වට හිනා යය් බල්ලන්ට
...එතකොට හිනාවත් දැං ස්ත්රී පුරුශ භේදයක් තියෙනව වාගෙ..බල්ලන්ට විතරයි හිනාව..
මොකද කෝල් කලේ...ඇයි ඔයාලගෙ මහලොකු දානෙ ඉවරද..මෙයා ඉතිං චීෆ් ගෙස්ට් නේ දානෙ..හැමවෙලේම කතාකලොත් මම බිසී පස්සෙ ගන්නම්..අනුමානයක් නෑ කොහෙ හරි කොල්ලො සෙට් එක්ක පැණි හල හල ඉන් ඇති..මේ පාර ඇඩ්රස් හෙම ගත්තෙ නැද්ද??
අනේ මේ...ඔයත් නිකං මහ රෑ දොලහට විතර මිස් කෝල් දෙකක් ගහල සුදු වෙන්න යන්න එපා..එදා අර මූසල ගඟ ලඟ හිටියට පස්සෙ දවස් දෙකකට විතර පස්සෙ අනික් මිස් එක ආවෙ..මැසේජ් එකක් ගහගන්න බෑ..මෙතන මගේ ලේ පුච්චනව.
.Ganga නැතුව gaga කියල ලියන්නෙ ගොඩයො...ඔයා ඉතිං මම ලියපු (mama ganga langa innawa) කියන එක ගංග කෙනෙක් ළඟ ඉන්නව කියල රට මාරු කරගත්තට මට කරන්න දෙයක් නෑ...
කෝ ඔයාලගෙ දානෙ හොරාට දුන්න මිසක් අපිට කිව්වෙ නෑ නෙ
මට ඔයාට කියන්න කියල අම්ම කිව්ව..ඒත් ඉතිං අක්ක ත් ආවෙ නැති නිසා මට ඔයාට කියන්න මොනාද වාගෙ හිතුන..
ඒක නෙමෙ අනේ මේ ගොන් චාරික වැඩේ කාලනෙ..අපි කඩුවෙල ගිහිං ෆිල්ම් බලපු එක ලොකු නැන්ද දැනගෙනනේ...
***නටාෂාගේ පියා බොහෝ සැර පරුෂ ගතිගුණ ඇත්තෙකි..ඔහු ගැහැනු 3ක් සහ පිරිමි 4ක් සිටින පවුලේ වැඩිමහලු සහෝදරයා වෙය්..නටාෂාගේ ලොකු නැන්දා ගුරුවරියකව සිට ඇත..එහිදී ඇතිකරගත් ප්රේම සබඳතාවයකට නටාෂාගේ පියා දැඩි ලෙස විරුද්ද වීම නිසා ලොකු නැන්දා එදා සිට අද දක්වාම දසසිල් මාතාවක් ලෙස කල් ගෙවයි..පසුගිය සාමාන් පෙළ විභාගයෙන් යාන්තම් සමත් වූ චාරික නම් ලොකු නැන්දාට බාල නැන්දාගේ, වැඩිමහලු දරුවාය..ඔහු උපදින අවස්ථාවේදීම ඇගේ මවගේ අභාවය සිදුවී අවුරුද්දේ දානයද හමාර වූ පසු චාරිකගේ පියා වෙනත් කසාදයක් කරගන්නා ලදී.. මුලදී හොඳින් සැලකුවත් කුඩම්මා පසුව වෙනස් වී ඇත..චාරික සමඟ සෙල්ලම් කිරිමට යැවූ වෙනත් නෑදෑ කොලුවෙක් චාරිකට පුංචි අම්මා පහරදෙන බවත්...හරිහැටි නොසලකන බවත් කියා ඇත..ඉන්පසු චාරික ලොකු අම්මා වන මෙහෙනින් වහන්සේ සහ ආච්චි සමඟ වැඩෙන්නට විය..***
ඉතිං ඔයාගෙ හැටි මම දන්නෙ නැද්ද ගිහිං ඇව්ත් කොහේහරි ඉඳන් ලොකුකම කියවන්න ඇති.. නැත්නං චාරික එහෙම පාවා දෙන්නෙ නෑ..
අනෙ මේ මම ඔයාට මේක කිව්වෙත් දැං තමයි ආරංචි උනාටත් පස්සෙ..ඔයා මොනා දන්නවද කේලං චාරික ගැන
අපේ ප්ලෑන් ඔක්කොම වතුරෙ නේ..ලොකු නැන්ද නැති වෙනකල් ඉඳල ..චම්පි අක්කත් එක්ක සෙට්වෙල ..නාන්න ලිඳට යනව කියල මහ කෙබරයක් ඇදබාල,, ලිඳ ලඟට ගිහිං ..ඇඳුම් මාරු කරල..ඔක්කොම සෙට් කරගෙන ගියෙ..
ඒ මදිවට ෆිල්ම් එක බලන්න ආපු උන්ට හිනා නොයන ලෙඩක් තියෙනව.. මායි චම්පියි තමයි මුලු හෝල් එකෙම හිනා උනේ අනික් උන් කන්න වාගෙ අපි දිහා බලං ඉන්නව..අර ගොං චාරිකය කියනව..ඔය දෙන්න හිනා උනේ මොනවටද කියල කට්ටිය බලං ඉන්න ඇතිලු..
ඉතිං තාත්තට ආරංචි උනොත් හෙම මාර කේස් එක නේ..මට මැවිල පේනව මරු ඩබලට කුචු කැවිල වාගෙ හිනා උන හැටි..
මටනම් අපේ ලොකු නැන්ද විස්වාස නෑ.... කියය්ද දන්නෙත් නෑ..කිව්වොත් මේ නතාෂා කෝටුමස්..
ඔයාලගෙ ලොකු අම්ම දහසිල් උනාට කිසිම කරුණාවක් නැති කෙනෙක් වාගෙ නේද??
අනේ එයාගෙ කරුනාව..මම ඔයාට කිව්වද අර බෙහෙත් පැකට්‍ ගෙ කථාව??
නෑ...එ් මොකද්ද ඒ ලොකුනැන්ද බෙහෙත් පැකට් කරනවද??
නෑ හලෝ...මේ අපිට අයිති ගෙදරකනේ ලොකු නැන්ද ඉන්නෙ.. මේ වත්ත ‍වටේම ඉංග්‍රීසි ටී අකුරක හැඩේට කෑල්ලක් අයිතියි අල්ලපු ගෙදර අං කල්ට.. මිනිහ කැමති නෑ වැඩිය අපි මේ ඉඩම ගත්තට..අපේ තාත්තගෙන් මිනිහ 7-8 වතාවක් අහල තිබුන මේ ඉඩම විකුනනවද කියල..මිනිහ කරන්නෙ බෙහෙත් පැකට් කරල විකුනන එක..එයාට තියෙයි තට්ටු බිල්ඩින් එකකුත් මේ බෙහෙත් පැකට් වලටම..මම හිතන්නෙ අර කසාය එහෙම පැකට් කරල විකුනනව..ඒ අය
ඉතිං මිනිහගෙ ට්‍රයි එක තිබුනෙම අපේ ඉඩමත් අල්ල ගන්නම තමා..පස්සෙ ඉතිං මේ අපේ ලොකු නැන්ද කඩා පහත් උනානෙ..අපේ ලොකුනැන්ද ඇත්තටමත් සුදුයි ලොකුයි..අපේ චම්පි අක්ක කියනව මේ මෙහෙනින් වහන්සෙට නම් නිකං සිවුරු හරියන්නෙ නෑ සාරි වගෙ ලොකු ඒව තමයි හරියන්නෙ කියලත්..ඉතිං මේ ලොකු නැන්ද ආපු දවස්වල මේ බෙහෙත් පැකට් පාරෙ ඉදන් කථාකරල තියෙනව සික් මේ සිවුරු ගෑනියෙක් ඇව්ත් නැත්තං මං මේකෑල්ලත් කෝමහරි ගන්නවනේ..ඉතිං ඕක අපේ ලොකු අම්මට ඇහිල..ඉතිං එදා ඉඳල අපේ ලොකු අම්ම මේ බෙහෙත් පැකට් එක්ක නයි වෛරයි..ඒ මනුස්සය දන්නෙ නැතිව ඇති තාප්පෙන් එහා පැත්තෙ ඉඳන් ලොකු නැන්ද මේ කතා අහං ඉන්නව කියල..
දවසක් මේ එහා වත්තෙ වතුර ටැංකියක් වහන්න දාපු ශීට් එකක් ගෑවෙනවලු ටිකක් සද්දෙට අ‍පේ ගෙදර බිත්තියෙ..එ් ගෙවල් දෙක එක ළඟමයි තියෙන්නෙ..ඉතිං බෙහෙත් පැකට්ට එකපාරක් සත්තමක් දාල කියල මේක වදිනව රෑට නිදාගන්නත් නෑ කියල..බෙහෙත් පැකට් පොඩියක් කොළ එහාට මෙහෙට කරල දැන් හරි කියල..පස්සෙ මහ හයියෙන් සුළඟත් එක්ක වහින වෙලාවක මේක මහ සද්දයක් දෙනවලු ඒ මදිවට වතුරත් වැටෙනවලු අර සීට් කෑල්ල නිසා..අපේ ලොකු නැන්දගෙ රතු කට්ට පැනල සිවුරත් හදාගෙන හෙම ගේ ඉස්සරහට ගිහිං මහ සද්දෙන් බෙහෙත් පැකට්ට කිව්වලු..
“අඩෝ බෙහෙත් පැකට්..උඹ ඔය සීට් එක ගලවනවද නැත්තං මම ඇව්ත් ඔහේගෙ සීට් එක ගලවන්නද” කියල..පස්සෙ ඔය වැඩේ දුරදිග ගිහිං ලොකු නැන්ද පොලිස්සිත් ගිහිං පස්සෙ බැලින්නම් ඒ ලොකු නැන්ද ගිහිං කියල තියෙන පොලිස්සියෙ ඉන්න ලොක්ක මේ බෙහෙත් පැකට්ගෙම ලොකු පුතෙක්ලු..ඊට පස්සෙ එයාම ඇවිත් වැඩේ ශේප් කරල දීල..අපේ චාරික තමයි ‍මේක හරි ලස්සනට ඇට් කරල පෙන්නන්නෙ..අඩෝ බෙහෙත් පැකට් කියල..
බෙහෙත් පැකට්ගෙනම් ඒ තරං තරහක් නැතුව ඇති ඒත් නැන්ද නම් තාම නයි වෛරයි..
අපේ ආච්චි නැතිඋන වෙලේ මේ බෙහෙත් පැකට් ඇව්ත් හිටිය මල ගෙදර..වැඩ කෝටියක් අස්සෙ ලොකු නැන්ද අඬ අඬ හිටියෙ..ඒත් මේ බේත් ආව විතරයි ලොකු නැන්ද ෆෝම් වෙල අපේ රට ඉඳල ආපු චූටි බාප්පත් එක්ක අඬ අඬ කියනවලු “මල්ලියෙ අර බෙහෙත් පැකට් මූසලයව කවුද මෙහෙට වැද්ද ගත්තෙ කියල..” හොද වෙලාවට ඒ මනුස්සයට ඇහිල නෑ..රට ඉඳන් ආපු චූටි බාප්ප ඕව දන්නෙ නෑනෙ ..පස්සෙ චූටි බාප්ප ඇව්ත් අපෙන් අහනව කොහෙද බෙහෙත් පැකට් කියන කෙනා ඉන්නෙ කියල..ආචිචි මැරුන සෝකෙට මමත් අඬන්න ඕනි කියල මූන හදාගත්ත විතරයි මේ චූටි බාප්පෙක් ඇව්ත් බෙහෙත් පැකට් එකක් ගැන අහල අපි හිනැස්සුව..මමයි චම්පියි බැනුනුත් ඇහුව මේ වෙලාව තැන නොබල හිකිස්  ගානව කියල..පුංචිගෙන්..හ්ම්..එයා හිතන්නෙ එයා බුම්මං ඉන්නව වාගෙ අපි ඔක්කොම බුම්මං ඉන්න ඕනි කියල..
ඔයාගෙ කථා හැමදාම කථා විතරනේ...අපිව ඉතිං මී ට් වෙන්න කැමති නෑනෙ..
එහෙම එකක් නෑ අනෙ අපෙ ගෙවල්වල අය එකතු උනාම හැමදාම වලි,, ඔයාට එන්න කියල දානෙට.. ඔයා එනකොට වලියක් වෙලා තිබ්බොත් ඔයා හිතය් මාත් පොර කිකිළ් ටයිප් එකක් කියල..
හිතන්න දෙයක් නෑ කෝමත් ඒමනෙ
මේ.. අපේ අම්ම කෑ ගහනව ෆෝන් එකද රෑට කන්නෙ කියල..තාත්තට ඇහුනොත් එයත් රෙකෝඩින් පටන් ගනී..එහෙනම් මම තියන්නම්...රෑ වෙලා ගන්නම්..
බායි...