Sunday, May 15, 2011

බත් කවන කොටු පනින සඳ

සාවෙක් ඇවුදින්
සඳින් නුඹව සොයන්
පනී වි විගසින්
කන්න පුතා බයියං

නිල් වන් අහසින්
කැල්මන් වස්සන්
වාගේ ඇවිදින්
ඔබ මගේ සඳ විලසින්

අහස් දෙස් බලමින්
මහ සද්දෙන්
බුරයි බල්ලන්
ස ඳ...ට, මා සිත මෙන්

මේ පින් ඇති සඳින්
එලිවූ දසුන්
ඇති දිනෙ රැයෙන්
සැඟවී, අප බෝ සතුන්

පනින්ට ඇත්නන්
මටත් සඳමෙන්
ඇගේ කවුලුවෙන්
සිදුහත් විලසින්..

පුතු නලවන්.
මා සනසන්
මෑ නිදයි සැනෙන්
සඳට හොරෙන්

දැන්
ඉකිබිඳිමින්
සඳ බලමින්
කියාවි, සඳ මෙන් පැමිනෙන්...

3 comments: