Sunday, May 8, 2011

To be Sweetheart and Expired one

සුරපුරෙන් මෙහෙ ඇවිත්
මගේ ළඟින් දැවෙන සිත...
සනහමින්...
අපායෙන් එව්වදෝ
එකෙක් ගිය පසු
තව එකෙක් සැතිරියෝ..
නිල් නුවන් බබලවා
මුව කමල් සොලවලා
ගියේ ඈ තවත් මා
සිතේ රූ දසදහස් වර මවා..

මායමින් අල්වලා
ඈ කෙරේ බන්දවා..
ගෙන ගියේ මගේ සිත
තවතවත් අලවලා...
වරු ගනන් තැවුනු සිත
නුඹෙ මුවේ සිරි වදන්..
වල හොවා සතපලා
තබාලා සැනසි ඉන්නම්..

බෝ සෙයින් හැඬූ සිත
නැතුව කිසියම් හෝ දුකක්..
ඔබ ඇව්ත් සමතලා කර ගිහින්
ඉරිතැලී ගිහිපු මාගේ සොඳුරු සිත..
නෙතු විවර කර ඉන්නම්
සවන් හැරගෙන ඉන්නම්
මඟ බලාගෙන ඉන්නම්
එන්නකෝ සැනසුමක් රැගෙන සැනෙකින්..

ඇස් වසාගෙන ඉන්නේ
කන් පියාගෙන ඉන්නේ
තවත් නෑ මග බලා නම් ඉඳින්නේ
කල් ඉකුත් වූ පෙම්වතීයේ..

3 comments:

  1. ඕක පිරිමි හැමෝටම පොදු රෝගයක්. ටික කාලයක් යනකොට ආදරේ කරන කෙනාව කල් ඉකුත් වූ පෙම්වතියක් වෙනවා. මොනවා උනත් ලස්සන අදහස......

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට

    ReplyDelete
  3. කල් ඉකුත් පෙම්වතියන් ඉතින් තියාගෙන ජාඩි දාන්නයැ. හිතින් අහක් කරලා දානවා මිසක්.

    ReplyDelete