Saturday, June 18, 2011

අදින්නාදානා වලට මෘදුකාංග අකැපද??



මම හොරකමින් වැලකෙමි කියා අපි පුංචි කාලෙ උගනිමු..උදේ හවස මන්තර මෙන් කියවාගෙන ගියත් අපට මේ පන්සිල් වල තේරුම හරියටම මීටර වන්නට තව කාලයක් ගත වෙයි..එවිට අද්නාදානා යනු නුදුන් දේ නොගැනීම වෙයි..අන්සතු හෝ අන්සතු වීමට නියමිත ගෑනු පරාණයකට පැණි පෙරා එය නතු කර ගෑනිම අමු සිංහලෙන් සිත සොරා ගැනීම නම් වෙයි..මගේ අදහස නම් හිතේ හොරකං කරන්න දෙයක් විෙස්සයෙන් නැත ඒ කරන්නේ අමු බොරුවක් වෙයි. එතැන සිද්දවෙන අලුත් හොරකමක් නෑත කෙල්ලෙක් ඒ(A) කොල්ලාටත් බී(B) කොල්ලාටත් යන දෙදෙනාටම කැමති නම් ඒ කොල්ලන් වරදක් කරනැත හොරකන් කරපු කෙංගෙඩියකුත් නැත..කෙල්ල හෙවත් පෙම්වතිය දෙදෙනෙකුට ආදරය බෙදීමට තරම් ආදරණීය වීම එක හේතුවක් බව මගේ අදහසයි..දැන් වැල් වටාරන් ඉවරයි..නිගමනය සිත සොරකම් කිරීම සොරකමක් නොවේ..



පිංවතුනි මේ කුඩාම කුඩා සොරකමක් උනත් අපිට නුදුන් දේ නොගැනීම ලෙස දකින්න පුලුවනි..ඉතිං අනුන්ගෙ දේ කඩා වඩාගෙන ජීවත් වෙනව කියන්නෙ පිංවතුනි ඒ අයට තමුන්ගෙ ජීවිතේටම ඒව පඩිසන් දෙනව..අද පත්තරයක් අරන් බලන්න හොරකං නිසා කී දෙනෙක් නම් අසරන වෙලාද කියල..නිකම් ලස්සන තරුන කාලෙ හිරේ විලංගුවෙ වැටිල දුක් විඳින්න වෙනව වාගෙම ඒ සොරකම් කරන ධනය යොදවල කරන හැම දෙයක්ම යන්නෙ අගතියකට.... මෙහෙම බණ කියන හාමුදුරුෙවා අවසානෙ ඉස්සරහින්ම වාඩිවෙලා ඉන්න සද්ගුනවත් දානපති උපාසක් උන්නැහේලට පින් වැඩිපුර දීල බණ ඉවර කරනව..ඔය බණ අහන කී දෙනෙක් හොරකමින් දියුනු වුන අයද කියල ඒ බණ අහන ඇත්තො හිතන්නෙ නෑ...ඒ අස්සෙ පන්සලෙන්ම ගනිපු ඇලුමිනියම් මුට්ටි කෑල්ලක් පාත්තරේ විදියට තියෙන හොර අටපිරිකරක් පූජා කරල නිවන් සැප ප්‍රාර්ථනා කරගන්නව...ඉතිං එතැනම කොයි තරන් නං වංචාවක් සිද්ද වෙනවද??



මෘදුකාංග තනන්ෙන් අමෙරිකාව වැනි දියුනු රටවලය..බොෝ මෘදුකාංග වෙලෙන්දෝ හෙවත් සමාගම් වල අයිතිකරුෙවා් මහා ධනවත්හු වෙත්..අනික බොහෝ මෘදුකාංග සමාගම්වල ඉහල පුටුවල සිටින්නේ සුදු මහත්තුරුය උන් ඉස්සර මෙන්ම දැන්ද අපේ ධනය සූරා කති...එවැනි කාරනා නිසා මෘදුකාංග සොරා ගත්තාට කම් නෑත..අපි නුදුන් දෙයක් නොගැනීම සොරකමනම්..අපි ලබාගන්නා දේ අයිතිකාර තැනැත්තාට ඇති වස්තුව දේපල සහ අපිට නැති මුදල් නිසා සොරකම හොඳ සොඳුරු එකක් වන්නේ නැත...පරිඝනකයක් මිලදී ගෙන එයට මෘදුකාංග ඇතුලු කරනවිටම එය විසින් ඇතුල් කරනු ලබන මෘදුකාංගයට අදාල කේත ඉල්ලනු ලබයි..අන්තර්ජාලයෙන් හෝ ඒ සීඩී තැටියේම වූ හොර කේත අංක ඇතුලු කොට අපි කිසි ආයාසයකින් තොරව මෘදුකාංග ඇතුලත් කරගැනීමේ පහසුකම ඇත.



මෙසේ මෘදුකාංග ඇතුල් කොට ගෙන වැඩකරන සියයට අසූවකට වැඩි පිරිස මේ ඇතුල් කොරන්නේ හොර මෘදුකාංගයක්මැ බව දැනගනම ඇතුල් කොරයි.ඉතිං ඒවායින් වැඩකටයුතුද කොරයි...සමහර විට පන්සිල් වල දෙවන සිල් පදය කඩමින්ම කිසි හිරිකිතයක් නැතිව ධර්මයද බලනවා සහ ප්‍රචාරයකරනවා වෙන්නට පුලුවන..



මේ මෘදුකාංග නිපදන සමාගම් බොහොමයක් සිය මූලස්ථාන අමෙරිකාව යුරෝපය,සහ කැනඩාව තුල පිහිටා ඇතිමුත් ඒවායේ සිට අඩු ම්ලට අමිල සේවයක් සලසන දක්ශ සේවකයින් ලොව පුරාම විසිරී පැතිරී සිටී..අප ශ්‍රී ලංකාවේද දක්ශයෝ සිය හැකියාව වෙනත් රටවලට දක්වා මෘදුකාංග නිර්මාණය කිරීමේ ආ ඒ ආශ්‍රිත රැකියා කරමින් විශාල විදේශ ධනයක් මේ රටට ගෙන එයි..අපි හොර මෘදුකාංග බාවිතා කිරීමෙන් කරනුයේ ඒ මෘදුකාංග ලිවී මේ හසුරු කුසලතාවය වර්ධනය කරගෙන සිටින බහුතරගේ සහ ඒ පුහුනුවන්නන්ගේ අගය එනම් ඔවුන්ගේ වෙළද අගය අඩු කර ලීමට වක්‍රව දායක වෙති..අමු සිංහලෙන් කීවොත් උන්ගේ ජොබ් එකට කෙලීමට සප් එක දීමකි...,

12 comments:

  1. බිල්ලාJune 18, 2011 at 4:57 PM

    මේකනෙ මල්ලි, දැන් බලන්න අපි හුස්ම ගන්න කොට උනත් සත්තු දාස් ගාණක් මැරෙනවා, එහෙම බැලුවොත් අපි පාණාතිපාතා කොරලා අනිවා අපායෙ යන්න එපෑ, එහෙම නැතුව කට්ටිය ඕනතරං දෙව්ලොව ගියාය කියල පත පොතේ තියෙන්නේ, මොකද දන්නවද, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ දිවැසින් බලලා ඔය සිල් රකින්න බෑ කියලනේ, අදින්නාදානෙත් එහෙම තමා..

    ReplyDelete
  2. හ්ම් ඔන්න ඕක නම් සෑහෙන්න හිතන්න ඕන වෙන දෙයක්.බොරු කියන්නේ මොනවටද මම පාවිච්චි කරන වින්ඩෝස් එකත් හොර කොපියක්ම තමා.
    ලිනක්ස් එක්ක වැඩ කලාට සම්පූර්ණයෙන්ම වින්ඩෝස් අතෑරලා ලිනක්ස් වලට බහින්න තරම් ගටක් තාම ආවෙ නෑ නොවැ.

    ReplyDelete
  3. IDM කියන ආයතනෙ එක්තරා ශාඛාවක පාඨමාලාවක් හදාරපු මගේ නංගිට ඒකට ඕනි වින්ඩෝස් සොෆ්ට්වෙයාර් ඔක්කොම හොර කොපි විදියට දීල තිබුන..
    .ගෙදරදි ප්‍රැක්ටිස් වෙන්න කියල...
    තව එතැන තිබුන පරිඝනක එකක වත් වින්ඩෝස් අනුමත පිටපතක් ඉන්ස්ටෝල් කරල තිබිලත් නෑ..
    .
    මට කොතනින්ද පටන් ගන්නෙ කියල කියන්න තේරෙන්නෙ නෑ...ඒත් මේක නොවිය යුතු දෙයක්...

    ReplyDelete
  4. මගෙත් හිතට වධ දෙන කාරණාවක් , බොහොම ඉස්සර බ්ලොග් පොස්ට් එකකුත් ලිව්ව ඒ ගැන

    http://pandaslif.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  5. කතාව ඇත්ත; මොකටද ඉතින් පව් පුරෝ ගන්නේ FOSS තියෙද්දි

    ReplyDelete
  6. pita rata wal ape rate shramaya suragena kana hatiyata eka pawak nemei. ape raten ganna dewal walata return 1 hatiyata karanawa kiyala hithganna.
    hithata wada dena aya innawanam salli dila ganna. kawuruth epa kiyanne na.

    ReplyDelete
  7. ලංකාවෙ ඉන්න ලොකු ලොකු මිනිස්සු කරන ‍දේවල් වල හැටියට ඇමරිකාවෙ විසිකරන පරිගණක අඩු ගාණකට අරන් පාවිච්චි කරන අපේ පොඩි උන් ඔය හොර කොපියක් දාගන පාවිච්චි කරන එක අදින්නාදානයක් නෙමෙයි.

    ReplyDelete
  8. නොදැන කරපු පව් ගොඩට එකත් එකතු වෙලාද?

    හොරකමක් කියන අදහසින් නොකලොත් එක හොරකමක් වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  9. iam softwere robber too. but i canot doing enithing about. because iam poor

    ReplyDelete
  10. අනේ ඔයත් දන්න දෙවල්. ඔය හාමුදුරු ටෝක් එක දුන්නෙ ඔයා නේද? පන්සලත් ඉවර කරල වගේ ඇවිත් තියෙන්නෙ. මේකත් කියවල බලන්නකො එතකොට ඔයාට සසරම කල කිරේවි. http://wayabawiththi.blogspot.com/2009/09/blog-post_7380.html

    වින්ඩෝස් වල වැඩ කරන හුගක් මෘදුකාංග දැං ලිනක්ස් වල වැඩ කරන විදියටත් සකසන්න පුළුවන්. ඉතින් දැන්මම මේ ලිපියත් කියවල නිකම් ලිනක්ස් දාගෙන වැඩ කරලම බලන්නකො. http://linuxformee.blogspot.com/2011/01/wine.html

    ReplyDelete
  11. සහෝ මට හිතෙන විදිහට අපිත් ඔය කියන ඒව වල හවුල් කරුවො තමයි. ඒත් ඔහොම නියම විදියටම කරන්න ගියාම වියදමක් දරන්න වෙනවනෙ. සමහර විට ඕක සාමාන‍‍ය පඩියක් ගන්න කෙනෙකුට අමාරු වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් ලොකු පඩි ගන්න කෙනාට විතරයි ඕව කැප වෙන්නෙ. ඒක එතකොට මොන ගොඩටද අයිතිවෙන්නෙ. ඒ ගොල්ලො එහෙම නොදුන්නොත්.. දුප්පතාට ඕව අකැපද...
    එහෙමත් දෙයක් තියෙනව නේද මේක ඇතුලෙ. මට හිතුන විදියට කිව්වෙ ඕං.. බනින්නෙපා.. මං පවූ..

    ReplyDelete
  12. මම දකින්නෙ බ්ලොග් කියන්නෙ අර ඉස්සර වගේ කෙනෙක් කියෝනව අපි කිර කිර අහන් ඉන්නව කියන එකම නෙමෙ...
    අදහස් හුවමාරු වෙන්න ඕනි තැනක්...
    ඹයාලට ස්තූතියි....
    තමුන්ගෙ අදහස ඉදිරිපත් කලාට....

    ReplyDelete