Wednesday, June 29, 2011

කොලර නැති කමිසය..

සාමික පිට කොටුවට ආවේ නිවෙස බලා යෑමටයි..බස් කීපයක් විය..ඒවායේ ඉඩද බෝ විය.එහෙත් කුමක් හෝ අඩුවක් නිසා ඔහු‍ගේ සිත වද දෙන්නට විය...වෙනදා නම් සාමික බස් රිය එනතෙක් නොඉවසිල්ලෙන් සිටී..එහෙත් දැන් තමා පිළිගන්නට ගෙදර ඇත්තේ අම්මා පමණකියැයි සාමිකට මතක් විය..කැම්පස් ගිය කාලයේ මෙන් බැජියක් හෝ ඇන්ට්යක් හෝ අඩුතර‍මේ යකින්නක්වැනි එකක් වත් එයිදෝ හෝයි සාමික මඟ බලා සිටී..එහෙත් ඉතා හදිසියේ දිනෙක හැර නිතර එවැනි වාසි නොලැබෙන බව සාමික අත්දැකීමෙන්ම දනී..කිසියම් කරුනකට දෙදෙනා අතර අමනාපයක් උවත් දෙදෙනාගෙන් කෙනෙකු නිහඞ වීම සාමාන්‍ය සිරිතයි..එහෙත් මෙවර වෙරෝනි වෙනදා තරම් මෙල්ල වූයේ නැත..සාමිකද දැඩි ලෙසම සිටියේය අවසන ‍මම යනව ගෙදර යැයි ඇය බඩු අසු‍රාගෙන ගෙදර ගියාය..

සාමික බසය බලන අතරතුර කල්පනා ලොව මල්වනේ අතරමංවෙමින් සිටින අතර..හුරුපුරුදු කටහඬක් සාමික අමතන්ට විය..සාමික මොකද මේ බස් බිස්නස් එකකට වත් අතදාන්නද යන්නෙ..සාමික කෝමත් ඉතින් බිස්නස් කාරයනෙ..මේ ඇවිත් දැන් සාමික අමතන්නේ සාමික වෙරෝනිකා දෙපලගේ ප්‍රේමයේ සපෝටර කන්‍යාවිය වන නයනාය..නයනාට තවම සඳ පායා නැත..ඇය ගේ අඟපසග හොඳින් පරිලෝකනය කල(scan) සාමික තීරනය කලේය..නයනා ලස්සන නැතැයි කිය නොහැක..එහෙත් ඇ‍ෙග් සරීරය පිරිමියෙකුට හිමි වූවානම් කෙතෙක් ලස්සනදැයි මීට කලිනුත් කිහිපවර ඇය හොඳින් නිරීක්ශනය කර ඇති සාමික සිතීය..පුලුලු උර,සිනාසෙන මුව,බෝ‍සෙයින් අඩු සබකෝලය වඩා ‍වටින්නේ කොල්ලෙකුට බව සාමික ගේ අදහස විය..

කොහෙද මේ...යැයි ඇරඹු කතාවෙන් ඇරඹි ඔවුන් මීලඟට යන බස්රියේ අසුනකට බර විය..ඉන්පසු ආගිය තොරතුරු කතා කරන්නට විය..කෝමද වෙරෝනි හොඳින් ඉන්නවද යැයි නයනා අසන්නට විය..

වරදක් නෑතු ව ඇති යැයි සාමික පැවසීය..

 වරදක් නෑ ඒක නිකම් මාර උත්තරයක්ෙන්..උඹල නිකම් ලව් කරන කාලෙ ඔහොම කිව්වනම් කමක් නැ..දැන් වරදක් තියෙනවද කියල සාමික දැනගන්න එපැයි..

අපිෙ ම් දවස්වල වෙනම ඉන්නෙ..අපි අතර පොඩි කතාවක් ගිහින් වෙන්වුනා..සාමික කීය..

මම දන්නව සාමික වෙරෝනි ගැන එයා චූටි දේටත් ගොඩක් අඬන්න බලන් ඉන්න ටැප් එකක්..ඔයා ඉතින් ඒක නොදැන්නවයි..ඇයි මේ...නයනා කීය

සාමික තමුන් කොටුවක් වත් පනින්න ඇතිනේද?/

ඇත්තට පැන්නනම් කමක් නෑ බන්..ඒක හිතන් ඇති මම ඇත්තටම කොටු පැන්න කියල...

මේ නිකම්ම යන එකනේ බන් කියපන් මුලු සිද්දියම මොකද උනේ කියල..

මගේ බර්ත් ඩේ එක ගිය සතියෙ සෙනසුරාද තිබුනෙ ඉතින් මගේ බර්ත් ඩේ එකට මම කොලඹින් ටී ෂර්ට් 1කුත් ඇරන් ගියා අඳින්න..වෙරෝනි ඇඳුම් ගත්තට මට අල්ලන්නෙ නෑ මම ම ඇරන් ගියා..

ඉතින් මම සාමාන්‍යයෙන් ගන්නෙ කොලර් එක නැති ටී සර්ට් නේ..ඒත් මේ වෙරෝනි කිව්වට අහන්නෙම නෑ හැමදාම ගේන්නෙ කොලර් තියෙන ටී සර්ට්..

මම ඉතින් එදා බර්ත් ඩේ එක දවසෙ අපේ සීයලෑ ගෙදර යන්න කියල අඳිනකොට වෙරෝනි ඇවිත් එයා ගෙනාපු නිල් සර්ට් එක මට දුන්න මම කිව්ව වෙරෝනි මට මේක අඳින්න බෑ වෙන කොලර නැති එකක් ගන්න කියල..

එයාට තරහ ඇවිත් එහෙනම් ඔිනි එකක් ඇඳ ගන්නව මගෙ මොකෝ කියල කිව්ව..එතැනින් ඉවරයි..එදා දවසෙ කිසි අවුලක් උනේ නෑ..

පස්සෙ ඉරිද මාකට් යන්න හදනකොට අනේ සාමික මේක මාකට් වත් ඇඳන් යන්න කියල අර ටී සර්ට් කොලර් තියන ටයිප් එක ගෙන්ත් දෙනව..

මටත් මල පැන්න..මේ වගෙ මඟුල් මම අඳින්නෙ නෑ කියල දැන් එක පාරක් දෙපාරක් කිව්ව නේද??ඇයි මේ..

ඔයත් දන්නව හොඳටම මම ඔය ටයිප් එක අඳින්නෙ නෑ කියල ඒත් හැමදාම ඕකම උස්සන් එනව කියල කිව්ව..

පස්සෙ ඉතින් ලව් කෙරෙන කාලෙ මගේ තිබුන අවුල් ටිකක් කියල දැනුත් කොලඹ කෙල්ලෙක් මෙයාට කියනවද කොහෙද කොලර් නැති ඒව අඳින්න කියල කිව්ව..

පස්සෙ දෙන්න එක්ක හොඳට බැනගෙන එයා ගියා එයාලගෙ අම්මලැ දිහා..

ඉතින් කෝල් එකක්වත් දුන්නෙ නැද්ද??

ඒ නයනාය...

නෑ එයා දුන්නෙත් නෑ මම ගත්තෙත් නැ..


හ්ම් එහෙමද//මම ඉතින් ඕව දන්නෙ නෑ ...ඔයාලගෙ දේවල් නෙ..මේ පාර ගියාම ඔය ලොකුව පැත්තකින් තියල වෙරෝනිව බලන්න ගියානම් ඉවරයි..

නැත්නම් නිකම් ....අනේ මන්ද...



එසේ නිහඬතාව මැද විනාඩි ගනනක් ගත විය..

මේ සාමික ඔයා ඉස්සරම ක්ලාස් එනකොට කොලර තියන ටී සර්ට් ඇඳන් ආවනේ..

මට යන්තම් මතකයි..වෙරෝනි දවසක් කිව්ව ඒ සුදු කොලර් තියෙන ටී එකට සාමික ස්මාට් නේ "කියල

මමනම් කීවෙ ටී එක නැතුවත් ස්මාට් ඇති නේ කියල...

ඒ ඉස්සර තිබුන ජීවිතේ...

මේ ඇත්තට ඔයා ඉස්සර ගොඩක් ෂර්ට්ම ඇන්දට ඔයා කොලර් තියන ටී එකකුත් ඇන්ද මට මතකයි..

ඇයි මේ දැන් අකමැති..

හ් ම්...අනේ මන්ද මට හිතෙනව කොලර් තියෙන ඒව ඇන්දම මට මැච් නැති ගතියක් එනව..

එතැනින් යලිත් නිෂ්ශබ්ධතාවය ඇති වන්නට විය..සාමික ත් නයනාත් යලිත් ලෝක දෙකක තනි වී යන්නට විය..නයානාට සාමික කොලර් නැති ටී පමණක් ඇඳිම විහිලුවකි..මන්ද ඇයද එකල මොහු කොලර් ඇති ටී එකකින් පැමිනෙනු දැක ඇති බැවිනි..වෙරෝනි නම් කොලර් ඇති ටී වලට කැමති හේතුව නයනාට කෙමෙන් සිහි වන්නට විය..ටියුෂන් අතර දිනක් වෙරෝනි.. 
මේ නයනො ඔයාට පොඩ්ඩක් මට උදව් කරන්න පුලුවන්ද..

මොකක්ද??

මම දෙනව පාර්සලයක් අර අපේ ගෙදර ටියුශන් එන සහීල්ට දෙන්න පුලුවනිද??

මම කෝමද සහිල්ව දන්නෙ කොහෙදිද දෙන්නෙ..

හරි මම සහීල්ව උඹලයෙ ගෙදර එවන්නම් උඹ මේක දීපන්..

මේ මොන කෝලමක්ද බන් සහීල් උඹට උගන්නන්න් සතියට දෙපාරක් විතර උඹලයෙ ගෙදර එනව උඹට බෑ මේ පාර්සලේවත් දීගන්න...සහිල් සහිල් කියල තැන් තැන් වල ලිව්වට උඹට සහිල් ලැබෙන්නෙ නෑ...කෙලින් මොනා හරි කරපන්..

මේ උඹ කෝමද දන්නෙ සහිල් කියල මම තැන් තැන්වල ලියනව කියල..

 මම දැක්ක දවසක් අර පේපර් එක ලියන්න දුන්න වෙලාවෙ ත් උඹ එ් නම ඩෙස් එකේ ලියල තියනව...

හරි නයන උඹ කියන්නෙ මේක දෙන්න බැරිද??

සහිල්ගෙ උපන් දිනේ අනිද්ද මම එයාට කියන්නම් ඔයාගෙ පොතක් තියෙනව මට ඕනි ඒක ගෙනත් දෙන්න කියල කියන්නම් ..එයා ඇවිත් මේක ගනී...


වෙරෝනි කිව් අයුරින්ම සිදු විය..ඒ අතර සිදුවූ එක් දෙයක් නම් නයනා විසින් පාර්සලය සීරුවෙන් කඩා බැලීමයි..

එය සහිල් නිතර අඳින කොලර ඇති ටී ෂර්ට් වර්ගයේ එකකි... එෙ තෑගි පෙට්ටිය සෙමෙන් කැඩූ අයුරු යලිත් ටී එක නවා පැක් කල අයුරු නයනාට මතක් වන්නට විය..

සහිල් වෙරෝනි කතාව කෙසේ වූවාද කියා කියන්නට දෙයක් නයනා නොදනී..එහෙත් තෑග්ග ගැනීමෙදි ලැජ් ජාවෙන් ඇඹරුන අයුරු සහ තවත් එවන් දේ කීපයක් මතක් වූ නයනා සාහිල්ට වෙරෝනිගෙන් මනාපය ඇසීමට තරම් දැඩි සිත් පහල කරගැන්ම අමාරුවන්ට ඇතැයි සිතීය..

මේ කල්පනා ලොව අතර එක්වරම සාමික නයනා යැයි කීය..

ඔව් ඔයා කියන එක හරි මම ඉස්සර කොලර් තියෙන ටී ඇන්ද තමා..

ඒත් පස්සෙ ඒක වෙනස් උනා...

හ්ම්...

මම කැම්පස් ගිහින් ඉවරවෙල ජොබක් එනකල් අපේ මාම කෙනෙක් ලඟ එකවුන්ට් කොම්පුයුටර් වැඩ කලා..ඒතරන් සල්ලි ලැබුන් නෑ..ඒත් ඉතින් මොකක් හරි ජොබක් නේ...එතැනදි හමු උනා අක්ක කෙනෙක් බස් එකෙ යනකොට...ඒ කාලෙ ඔයයි වෙරෝනියි ත් මොනාහරි ජොබ් එකකට ගියා මට මතකයි බැංකුවකද කොහෙද??

ඔව් අපි අර සංවර්ධන බැංකුව එකවුන්ට් වැඩවලට ගියා..ඉතින් සාමික, ඔයයි වෙරෝනිය් ඒ දවස්වල හොඳටම යාලුයි නේ...

හුම් ඒක ඒම නම් තමා... 
කෝම හරි හැමදාම බස් එකේ යන මේ අක්කයි මමයි යාලු උනා..එතකොට ඔයාලව හමු වෙන්නෙ සති අන්තෙ විතරනේ..

ඉතින් ඉතින්...ඒ නයනාය..

ඒ අක්ක ට නිවාඩු තිබ්බෙ බදාද..මමත් ඉතින් තියෙන වැඩ ඔක්කොම ක්ලියර් කරල බදාද හවස පනිනව..මුලින් පන්සල් ගිහින් පස්සෙ ෆිල්ම් ගිහින් ඊට පස්සෙ ඉතින් ...රූම් තමයි...

\චිකේ සාමික ඔයා නම්....වෙරෝනිත් ඒ දවස්වල ඔයා එක්ක නේ...

හුම් ඒක ඇත්ත..මේ නයනා මේක ඔයා විතරයි දන්නෙ ඈ..වැරදිලා හරි වෙරෝනි දැන ගත්තොත් ඒ ඔයා නිසාම තමයි..

ඉතින් ඒක නැවතුනාද නැත්නම් තාමත්.....ඒ නයනාය...

නෑ වෙරෝනිව බඳින්න මාස ගානකට කලින් නැවතුනා....ඒක නෙමෙ කතාව..ඒ අක්ක හමු උන හැම වෙලාවෙම මගේ කොලර් එකේ බොත්තම දානව..ආයෙම ගලවනව..ටී ෂර්ට් එකක්නම් එයා ඒකෙ කොලර් එක වටේම අල්ලනව..ඒක ගැන මාර විස්තර දෙනව..මල්ලි මේක ෆේල් ...මේව අපිනම් කවදාවත් පාස් කරන්නෙ නෑ...බලන්න මේ මෙෂර්මන්ට්....කිසිම ලස්සනක් නෑ..නීට් එක ගෑවිලාවත් නෑ.ඔයා අනිත් දවසෙ මේක අඳින්ෙන නෑ හරිද...

ඉතින් ඔහොම මම ඇඳන් යන ෂර්ට් වලත් කොලර් වලට ඒව මේව කියනව...

මෙයා ගාමන්ට් එකක කොලර් එක මහන කෙනෙක්..කලින් තැන කරල තියෙන්නෙ සර්ට් වලට, ස්වීටර් වලට කොලර් අල්ලපු එක.දවසේ පැය 14ක් සතියට දවස් 6ක් ඒ වගෙ මම දැනුවත්ව අවුරුදු 3 හමාරක්..එයා කොලර් එකත් එක්ක..මට සතියට සැරයක් යන මේ ගමන මාර බෝර්....රස්සාව උනත් කස්ටමර් හරි වෙනස් වෙනව නේ..ඒත එයා..දවසෙම එකම කොලර් එක එකම තැන එකම මැසිම එකම කොලර් එක...එයා සර්ට් එකක් ගන්න ගියත් කොලර් එක හොඳට බලනව..එයා මට ටී ෂර්ට් 3ක් ගෙනැත් දුන් න ඒ ඔක්කොම කොලර් තියෙන ඒව..

මම එයාට අනුකම්පා කලේ නෑ..මම එයාට ඒව මේව අර්න් දෙන්න ඇති ..කන්න බොන්න අර්න් දෙන්න ඇති..ඇඳුම් අරන්  දෙන්න ඇති..ඒත් ඒ හැමදේම ගනුදෙනුවක්..කස්ටමර් සෙලර් එකපාර මාරුවෙන ගනුදෙනුවක්...මට ඒකෙන් වෙන්වෙන එක මාර දුකක් උනේ..

එයා අරන් දීපු ටී සර්ට් එකක්වත් වෙරෝනි දැකල නෑ..ඔක්කොම බෝඩිමෙ තිබුනෙ..

පස්සෙ මට . බඳින්න ඕනි කිව්වම එයා ගමට ගියා...මම දන්නෙවත් නෑ..

එයා පස්සෙ බැඳල කියල ආරන්චි උනා..

ඒත් ඇත්තද දන්නෙ නෑ..

ඉතින් ඒකද කොලර් ටී ඔයාට අල්ලන්නෙ නැත්තෙ..ඒ නයනාය...

අපි දැනං හිටිය අපි එකතු වෙන්නෙ නෑ කියල...ඒත් අනේ මන්ද..මම ඒ අක්ක අරන් දීපු ටී 3 ම දුන්න මගේ යාලුවන්ට...ඒත් කොලර් තියෙන ටී අඳින්නෙ නෑ කියල මම හිතාගත්ත..

මම අඳින ටී එකෙ කොලර් එක එයා මහපු එකක් නෙමෙයි ....ඒ ත් අනේ මන්ද..

නයනාට ඇතුලින් මොවුන් දෙදෙනා ගැනම සිනා පහල විය..

එහෙත් ඒ ජීවිත ගැන ඒ විඳීමට.... ඉරිසියා කිරීම හැර නයනාට වෙන යමක් ඉතිරි නොවීය.

.

8 comments:

  1. ඔබ වෙනස්ම තැනකට අප රැගෙන යනවා...... කදිමයි..

    ReplyDelete
  2. හ්ම්ම්ම්..ලස්සන කතාවක්..සමහර තැන්වල අත් නැති ටී ගැනත් සමහර තැන්වල කොලර් නැති ටී ගැනත් කියන කොට මට පොඩ්ඩක් විතර පැටලීමක් ඇති වුනා...

    ReplyDelete
  3. බලනකොට දෙන්නගෙම අතීතේ හිටපු ‍හොල්මන් නිසයි වර්තමානෙ අවුල් වෙලා තියෙන්නෙ. නිකංම නිකං රෙදි කෑල්ලකට කරන්න පුළුවන් දෙයක්....

    සටහන නියමයි මචන්...

    ReplyDelete
  4. කොලර් එකක් කරපු හරියක්.

    ReplyDelete
  5. ගොඩක් අකුරු වැරදි තියනව..අත් කොලර් වැරැද්ද..එහෙමත් තිබුන..අමාරුවෙන් හරි කියෙව්ව අයට තුති....

    ReplyDelete
  6. අකුරු වැරදි , වාක්‍ය වැරදි තිබුන තමයි.ඒත් මාත් සිංහල නිසා ඒව ගලපාන කියෙවුවා.නමුත් පිළිවලට තිබ්බනම් තවත් ලස්සනයි යාළු.

    පුංචි දේකින් ගැඹුරු කතාවක් කියල ඔයා.

    අපි ආදරය කරපු. නමුත් අපි ආදරෙයි කියල අපිම දන්නෙ නැති අයව, අපි අපි ආදරෙයි කියල හිතන අය තුලින් නිතරම සොයනවා.ඒක අපිත් නොදැනම සිද්ධ වෙන වරදක්.

    අපි ආදරෙයි කියල හිතන් අපි ආදරය කරන්නෙ ඇත්තටම අපි ආදරේ කරන දේට නෙමෙයි කියල දැන ගන්න තරම් අපේ හිත් හැඩගැහිලා නැහැ. මොකද , අනිත් සමාජ කාරණා එක්ක බැලුවම , අපි ආදරය කරන කෙනා අපිට නොගැලපීම නිසා වෙන්න පුලුවන්.

    ඔය වගේ කොච්චර ගති ගුණ අපි ළඟ අපිත් නොදැනුවත්ව තියනව ද?

    හරිම අගේ ඇති කතාව. අනිත් දවසෙ , තකහනියෙන් පබ්ලිෂ් නොකර , ආයෙ කියවල බලන්න...

    චාර්මි ෆේස් බුක් එකේ දාපු ලිනික් එකක් දිගේ තමයි මේ පෝස්ට් එකට ආවේ. චාමි (රෙයාර් ගේට් ) ටත් ස්තූතියි.

    ReplyDelete
  7. ජීවිතේ ගැන ගැඹුරු දෙයක් කියන කතාවක්......

    ඉන්දි, ඒත් කියවද්දි වෙහෙස ගතියක් දැනෙන එක නම් නොකියාම බැහැ.වාක්‍ය ගැලපීම ගැන පොඩ්ඩක් මීට වඩා හිතුවොත් හොඳයි කියලයි මගේ අදහස....අමනාප වෙන්න ඔට්ටු නෑ ඔන්න දොස් කීවය කියල. ඔබේ පරිකල්පන හැකියාව ඇත්තටම විශිෂ්ටයි....

    ReplyDelete
  8. අවසානය හිතාගන්න බැරි වුනා..ලස්සනට ගලා හැලෙනවා.ස්තූතියි. මම බුකියේ සහ ප්ලස් වලත් මේක බෙදාගන්නවා...

    ReplyDelete