Saturday, July 9, 2011

107 බාහ්‍ය ජාතකය

ලෝකනාථයන් වහන්සේ මැණික් කඳක් මෙන් දිලිසි දිලිසී දම් සබා මන්ඩපයට වන්හ..එතෙක් විවිධ කථාවෙහි සිටි භික්ෂූහු වහා නිශ්ෂබ්ධ විය..වෙනදාද එය එසේ උවත් අද ඉතා ඉක්මනින්ම කතාව නැවතුන බව පෙනුනි..
ලෝකනාථයෝ:-.භික්ෂූනි..මා එන්නාට පූර්ව භාගයේ කිනම් කතාවක් කලේද....
භික්ෂූහු:-...ස්වාමිනි ඔබ වහන්සේ විසින් කෙරන්ට නොකලමනා කථාවක් කලෙමි..
ලෝකනාථයෝ.:-.කිනම් කථාවක්දැ???
භික්ෂූහු.:-.අද උදෑසන අපි ගිය දානය ගැන කථාවකි ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස..
......( එදින දාවල් දානයතිබුනේ මල්ල රජදරු කෙනෙකුගේ නිවසේය..ඒ නිවසට වන් බුදු පාමොක් මහ සඟ රුවනට කිසිදු අඩුවක් පාඩුවක් නොවන්නට සියලු බොජනයෙන් පූරණව දානය ලැබුනේය..එහෙත් වෙනත් රජ සිටු මැදුරුවද දන් වලට වඩින මහ සඟ රුවනට තරමක් වෙනස් දර්ශනයක් විය..එනම් රජගේ බිසොවුන් නාන්සේ ගේ රූ සෝබාවය..වෙනත් බෝ රජ සිටු මැති ගෙවල දනට වඩින තවමත් රහත් නොවූ භික්ෂූන්ට එහිදී වසන දන් බෙදන හැසිරෙන අලංකාර ලක්ශන කාන්තාවෝ දෙන්නේ විශේෂ ආකල්ප සමාධියෙකි..එහෙත් මේ රජගේ අග බිසොවුන් තෙමේ පුරුෂයෙකුට හිමි දෙඋරින් යුක්ත,කිසිදු ශෝබාවක් නොමැති ස්ථුල සරීරයෙන් යුතු දුටුවන්ට කිසිම ආකල්ප සමාධියක් ලබා නොදෙන උස මහත එකියක වූවාය..දාස් ගානක් සිටින අන්තප්පුරයට නායකව මෙවන් අග බිසොවක් සිටීම එතෙක් සම්පූර්ණ චිත්ත සමාධියට නොපත් භික්ෂු පිරිසට ඇති කලේ මහත් ගැටලුවකි)...
භික්ෂූහු:-...ස්වාමින් මල්ල රජ බෝ සැප ඇති රජෙක් වීත්..සිය රාජයේ ඕනෑම අයුරක ආකල්ප සමාධි ජනිත කෙරෙන යුවතියන් කෙනෙක් තෝරා ගැනීමේ හැකිකම තිබියදීත් මේ පෙරලී එන විසල් කොට යක් බඳු ගැහැනියක අගබිසවට තිබාගෙ න කෙසේ නම් ඇය සමඟ අභිරමනය කෙරේද කියා අපි නොකලමනා කථා කියමින් සිටියෝ යැයි..
එතැන සිටි තරුන හිමිවරු ලජ්ජාවෙන් ඇඹරෙද්දී මාලු වරු විසින් ලෝකනාථයන් වහන්සේට කථාව සැලකරන ලදී...
ලෝකනාථයන් වහන්සේ....
මේ මල්ල රජදරුවන් කලින් ආත්ම වලදිත් මේ වාගෙම ස්ථුල කිසිදු ආකල්ප සමාධියක් නොදෙන ස්ත්‍රින් සමඟ අභිරමනය කෙරම්න් බෝසතුටින් කල් ගෙවා ඇති සෙයින් මේ ආත්ම භවයේදි රජට කිසිදු අපාසුවක් විය නොහැකි යැයි පැවසීය..
භික්ෂූහු.:-..වලාකුලින් වැසුන සඳක් මෙන් පසින් වැසුනු වටිනා මැණිකක් මෙන් භවාන්තරයෙන් වැසීගිය එම පුවත් අපහට කරුණාවෙන් දේශනාකරන සේක්වා..ආරාධිත බුදුන් පහත පරිදි දේශනාව පෙළ ගස්වන ලදී.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙකුන් වාසය කරන කල්හි මේ ස්ත්‍රිය මේ පරිදිම කිසිදු ශෝබාවක් ආකල්ප සමාධියක් නැතිවැ ජනපදවාසිව ඉපිද අනුනට බැලමෙහෙ කොට දිවි සරි කරගන්නී රාජ අංගනය සමීපයට පැමිණ ශරීර අවලංජනයෙන් පීඩිතව එතැනම අත් කඩෙකින් අසවල් වූ ස්ථානය වසාගෙන මල මුත්‍රා බාහ්‍ය කොට නැගී සිටියාය..එකෙනෙහිම සී මැදුරු කවුලුවෙන් අවට සිරි බලන රජ තෙමේ කිසිදු බිය සැකක් නැතිව එතැනම අත්කඩින් වසා මලමුත්‍ර බාහ්‍ය කොට නැඟී සිටි ස්ත්‍රිය දුටුවේයැ..ස්ත්‍රිය මෙසේ මෙතැන එක්වර මුත්‍රා කිරීමට තරම් නිරෝග නිර්භය ඇත්තියක නම් ඇය ආකල්ප සමාධියක් නැතත් මා හට එක් පුත්‍රයෙක් වැදුවේ වීනම් ඒ ප්‍රත්‍රයා බෝ ශිල්ප යෙහි කෙල පැමිණ සක්විති රජ වීමටද සමර්ථ වේයැයි නුවනින් විමසා බලා අවසන ඒ ස්ත්‍රිය ගෙන්වා සලු පිලි අන්දවා අභිශේක කොට අගමෙහෙසුන් තනතුරේ වඩා හිඳුවේය..
ඒ ස්ත්‍රියත් පෙර වූ දුක් දිවි මතකයට ඉතිරි කර රජ තෙමේ ගේ ඇසුර දිනාගෙන බෝ සැපෙන් කල් ගෙවී යනතුර රාජ බන්ධනයෙන්ද ස්ත්‍රියගේ අනුභාවයෙන්ද බල මුසු වූ පින්වත් කුමාර කෙනෙකු වදන ලද්දේය..ඒකුමාර තෙම බරනැස් රජගෙන පසුව රජ පැමිණ වූ කෞශල්‍යය හේතුවෙන්ම චක්‍රවර්ති රජ පැමිණ චක්‍රවර්ති රාජ ශ්‍රි අනුභව කලාහුය..
මේ අතර ඒ රට මෙසේ දොලොස් දහසක් අන්තප්පුරයට අගතැන්පත්ව බිසොවුන් නාන්සේ සිටින අතර චක්‍රවර්ති රජ කුමාර අවධියේදී බ්‍රහ්මදත්ත රජ බැහැ දකින්නට බෝ සිල්පයෙහි කෙල පැමිණි බමුනෙක් පැමිණ ලද අවසරයෙන් මේ බිසොවුන්ගේ සිද්ධියත් එයින් රජට ලැබුන වාසියත් ඇයට ලැබුන භාග්‍යත් දැක රජගේ ණුවන පිළිබඳ දේශනා කොට උගතමනා ගණිත මිණිත..වේද,,අක්ශර ගාන්ධර්ව,.ආදි ශිල්ප පූර්ණව කෙල පැමින උගත් උන් බෝ සිටින වගත් එසේ උවත් තමාට සුදුසු වූ සිල්ප ස්වකීය ඟඳානයෙන්ම අවබෝධ කරගන්නා පුදුගලෙයෝ නම් විරලම වෙතැයි පැවසීය...එසේම එම ස්ත්‍රිය ශරීර අවලංජිත අවස්ථාවේ රජගේ තිබූ අසමසම බුද්ධිය වර්ණනා කොට දේශනා පැවැත්වීය.
මේ දේශනාව අවසන බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිලිබඳ දේශනා කොට රජ බිසව් දෙපල මේ දෙදෙ නාම බවත් බමුණා නම් අනුශාස තමන් වහන්සේයැයි..වදාරා කුසල් අකුසල් ප්‍රත්‍යක්ශ කොට වදාරා එකල මෙන් මේ සම්බුදු වර මෙන්ම පෙරත් බෝ අයට කලමනා නොකලමනා දේ දේශනා කල වීයැයි පැවසූ සේක..
.....නිමි.....












3 comments:

  1. (මේකට මොකද්ද කමෙන්ටුවක් එදා දාන්න හැදුවට බැරි උනා. ඒක දැන් මතකත් නෑ.....)

    කොහොම උනත් මේ වගේ ජාතක කතාවක් එදා නිර්මාණය කිරීමේ අරමුණ නම් බොහොම සිත් ගන්නාසුළු එකක් වෙන්න ඕනෙ

    ReplyDelete
  2. යන්තන් ඇති එකෙක් හරි සම්පූර්නයෙන් කියවල තියෙන එක

    ReplyDelete
  3. ඒ කියන්නෙ සයිස් එක පිලිබඳව ගැටළුවක් නෑ. හිත ගියොත් අවස්ථාව තියෙනවා...

    අනෙ අම්මප මේ පොඩි සාදුලටත් හිතෙන ඒව...

    ReplyDelete