Monday, July 25, 2011

chandraya

චන්ද්‍රයා දිලෙනා වු දා ඒ ඈත ආකාසේ
පී දී ඇදී එන සීත නල රැල පුබුදුවයි පෙරසේ
එන්න දෝ අහිසින් නැගී හෝ පියඹලා රහසේ
මං කාටවත් නොපෙනි වලාකුල් අතර හොර රහසේ

රෑ කුමාරී මල් සුවද දෙනවා..
එලි දිදී කනමැදිරියන් එනවා..
මෙගෙ සිත ඔබ ළඟම නැවතෙනවා
පිනිදි දී කඳුලැල් නෙතට එනවා..

පෙර දිනක මා පාලු නසනට ඔබෙ හඬම මා ළඟමැ වූ දිනයේ
කවමදාවත් දුරින් වන්නට කිසිලෙසින් වත් පැතුම් නෑ දුටුයේ
එන්නෙ දෝ ආයේ
මට දෙන්නෙ දෝ ආලේ.
. chandraya by indika27

4 comments:

  1. සාමාන්‍යයෙන් මේකෙ ශබ්ධය අඩංගු කොටස පෙන්වීමට(ලෝඩ් වීමට) මඳ වෙලාවක් ගන්නව..කරුණාකර ඒ සද්දෙ පොඩ්ඩක් අහල කියන විදිය යන්තම් හරි දැනගෙන යයි කියල මම හිතනව..

    ReplyDelete
  2. ගෙදර කට්ටියට ඇහෙයි කියලද හිමින් සිංදුව කිව්වෙ....
    ලස්සනයි......ඉතින් කවද්ද මේක වෙළඳපොලට දාන්නේ.....

    ReplyDelete
  3. කියෙව්වම දැනුනේ නෑ මේක මෙච්චර ලස්සනයි කියල, ඇහුවම තමයි බොක්කටම වැදුනේ, අපූරු නිර්මාණයක්..

    ReplyDelete
  4. අනගි කටහඬක් නෙව තියෙන්නෙ!!! ස්තූතියි බෙදාගත්තට. දැන් ඉස්සරහ දී ලියන අතර අළුත් කවියක් දෙකක් දාන්නම ඕනා ඔන්න. ඔය කටහඩෙන්ම පොඩි කතන්දරයක් දෙකක් දැම්මා නම් මොකද?

    ReplyDelete