Sunday, August 21, 2011

හඬපටයක් බ්ලොග් එකට එකතු කරගැනීම..(Add a sound clip to blog)

ඇත්තටම වීඩියෝ පටයක් අපිට බ්ලොග් එකකට හරි වෙනත් තැනකට හරි එකතුකරගන්න හරිම ලෙහෙසි ක්‍රමයක් තියෙනව ඒක තමයි යූටියුබ්(You Tube) කියන්නෙ යූටියුබ් හරහා පුලුවන් වීඩියො එකක් සුරුස් ගාල දාල ලෝකෙවටේ ඉන්න දාස් ගානක් ට එකපාර බලන්න සලස්වන්න..

හඬපටයක් බ්ලොග් එකකට දමන්න වෙන අවස්ථා...
ඒකනම් බ්ලොග් එක අයිති කෙනාගෙ තෝරාගැනීමක්.ගීතයක්,සංගීත ඛන්ඩයක්,විශේෂ ශබ්ධයක් අපිට තියනව කියල හිතන්න අකුරු වලින් විස්තර කරන්න අමාරු වෙන..උදාහරණයට ගත්තොත් ඔබට පුලුවනි ටාසන් විදියට කෑ ගහන්න නැත්නම්  කුරුල්ලෙක් විදියට ඇක්ට් එකක් දෙන්න..ඒ වාගෙ එකක් යාලුවන් අතර බෙදාගන්න විදිය ගැන අදහසක් තියෙනවනම් මේ ක්‍රමය බාවිතා කරන්න පුලුවන්..ඇත්තටම මම පහලින් කතාකරන සවුන්ඩ් ක්ලවුඩ් යොදාගන්න එකෙන් තියන වාසිය තමයි සම්ප්‍රධායික ෆයිල් ෂෙයාරින් වලදි වගේ බාගත කිරීම් අවසානයේ(div share, file sonic, mediafire) ඇසීමට ලැබීම හෝ එම හඩපටය යූටියුබ් වලට ඇඩ් කිරීමට වඩා පහසුවෙන් අපිට අපේ ශබ්ධ හුවමාරු කිරීමෙ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ලැබීම..මම පුද්ගලිකව ලබපු අත්දැකීමක් තමයි අපි අමාරුවෙන් තාලෙ අල්ලගෙන පොඩි ලස්සන තාලෙකට අමුතු තාලෙ කවියක් දෙකක් ලියල දැම්මම ඒකවි කියවන අයට ඒ තාලෙ අහුවෙන්නෙ නෑ..ඒ අය කියවන්නෙ සමහර විට නිසඳැසක් කියවනව වගේ..මේ හඬ හුවමාරු ක්‍රමවේදය හරහා මට පුලුවන් වුනා සුලුවෙන් හරි ඒ කවි කියවෙන තාලෙ අල්ලල දෙන්න..තව දෙයක් ගොඩක් අය සින්දුවක් හුවමාරු කරගන්නෙ මීඩියාෆයර් හරහා...ඒක මහ ලෝක ලෙඩක්.. වෙයිටින් ඉන්න වෙනව බාගත වෙනකල් අනික ටිකක් ඒ සයිට් එකේ ඉන්නත් වෙනව..මේ සවුන්ඩ් ක්ලවුඩ් වලින් ෂෙයාර් කරනවනම් අර යූටියුබ් වලින් වගේ එවෙලෙම ඩවුන් වෙන්නෙ නැතුවම අහන්න පුලුවනි..

දැං කෝමද සද්දෙ දාන්න යන්නෙ....
මම භාවිතා කරන්නෙ සවුන්ඩ් ක්ලවුඩ් කියන වෙබි අවකාශය තමයි වොයිස් එක ෂෙයාර් කරගන්න..නමුත් වෙන කෙනෙකුට වෙන ජාතියක වෙබ් අවකාශයක් භාවිතා කරන්න පුලුවනි...මේ ගැන සරලවම කිව්වොත් මේ ක ඇවිල්ල අර යූටියුබ් වලම වීඩියෝ පාට් එක නැතුව කෙලින්ම ඔඩියෝ පාට් එක විතරක් ගන්න වැඩක්...

අපි අවස්ථා ගණනකින් මේ ශබ්ධය හුවමාරු කිරීම සලකා බලමු..

භාවිත කරන වෙබ් අවකාශය ...
මෙහිදී සවුන්ඩ් ක්ලවුඩ්(sound cloud) වලදි කෙලින්ම අපේ ශබ්ධය පටිගත කරගන්න පුලුවන්..ඒත් එහිදි අපට ලැබෙන්නෙ විශාල ප්‍රමාණයේ ගොනුවක්..එවැනි විශාල මෙගාබයිට් ගනනක ගොනුවක් සංසරණය වීමේදි අඩු වේගයක් සහිත අන්තර්ජාල පරිහරණය කරන්නන්ට ඒ ගොනුව ඇසීමේදි ගැටලු ඇතිවෙන්න පුලුවන්.අනික අමෙරිකාවෙ යුරෝපයෙ වගේ අපිට ස්ථාවර අගයක වේගයක් සහිත අතුරුජාල සබදතාවයක් කියන එක හීනයක්...අපේ කනෙක්ෂන් එක වේගය වෙනස් කරනවනම්, මේ ශබ්ධය අප්ලෝඩින් වලදි ගැටලු ඇතිවෙන්න පුලුවනි..අනික කෙලින්ම පටිගත කිරීමේදි අපි සංස්කරණය කිරීමට ලැබෙන්නෙ අඩු අවස්ථා ප්‍රමානයක්..උදා අපි හිතමු ඒකාකාර වෙනත් ශබ්ධයකින් හෝ එකවර පැමිනෙන මිතුරෙක් කියාගෙන එන පරුෂ වචනයකින් බාධා උනා කියල..ඒ වෙලාවට අපි ඒ කොටස් සංස් කරණයකරගන්න නොයෙක් වධ වේදනා විදින්න වෙනව...ඒ වෙබ් අවකාශෙ ඇතුලෙම ශබ්ධ පරිපාලනය.(online Audio Editing) කරන්න ගියොත්.

ශබ්ධය පටිගත කිරීම..(Recording)
වින්ඩෝස් සෙවන් වල නම් ශබ්ධ පටිගත කිරීමට විශේෂ යෙදුමක් එහි මූලික ස්ථාපනය කිරීමෙදිම නොමිලේම ඇතුලත් වෙනව...උබන්ටු මින්ට්,ෆෙඩෝර,සූස්,පපී, ආදි අටෝරාසියක් ලිනක්ස් සංස්කරණ බොහොමයකත් මේ ආකාරයේ ශබ්ධ පටිගත කිරීමේ යෙදුමක් මෙහෙයුම් පද්ධතිය(Operating system) සමග එන මූලික යෙදුමක් (default Application) විදියටම එනව..ඒත් ඒකෙන් පටිගත කලත් අපිට එඩිට් කරගන්න ගියාම වෙනත් මෘදුකාංග (Software) භාවිතා කරන්න වෙනව..අනික මේ මූලිකව එන මේ යෙදුමට වඩා වැඩි තත්වයක් අපිට වෙනත් මෘදුකාංගයක් භාවිත කරල ලබාගන්න පුලුවනි..අපි දැන් ශබ්ධය පටිගත කරන්න යොදාගන්න යන්නෙ ඕඩසිටි (Audacity) කියන මෘදුකාංගය..මේ මෘදුකාංගය ලිනක්ස් වින්ඩෝස් බේදයක් නැතුව(Cross platform) බොහොමයක් මෙහෙයුම් පද්ධති වලදි හොදින් ක්‍රියාත්මක වෙනව..අනික මේ මෘදුකාංගය නොමිලේම සැපෙයෙන කුඩා මෙගාබයිට් ගණනක (Light weight application) එකක් වන නිසා තවත් පහසුවක් ලැබෙනව අපිට ස්ථාපනය කිරීමේදි..

ශබ්ධ සංස්කරණය කිරීම...(Sound editing)
ශබ්ධ සංස්කරණය කියන්නෙ නම් විශාල විදියෙ දෙයක්...ඒකට විවිධාකාරයෙ මිල අධික මෘදුකාංග වගේම මිල අඩු සහ පෙනුම අඩු නොමිලේ තියෙන මෘදුකාංග තියෙනව..විශෘල ප්‍රමාණයේ ශබ්ධ පරිපාලන මෘදුකාංගයක් හොරකොපියක් ලෙස ස්ථාපනය කරගන්නට ප්‍රථම කල්පනා කරන්න අවැසියි අපි මේ මෘදුකාංගයෙන් ගන්න වන ප්‍රයෝජන මොනවද කියල..අපිට ඕනි වොයිස් කට් එකක් හදාගන්න..රෙකෝඩ් කරගන්න..ෆයිල් ෆෝමැට් එක මාරුකරගන්න...පොඩ්ඩක් නොයිස් අඩු කරගන්න වගේ නම් ඒ දේවලට මේ කියන ඕඩසිටි මෘදුකාංගය හරහා ලොකු සාධාරනයක් කරගන්න පුලුවනි..මෙතනදි මම භාවිත කරන්නෙ ඕඩසිටි(Audacity) නිසා ඔයාලත් ඒකම භාවිත කරන්න ඕනි නෑ..ඒත් බර සහ යූසර් ඉන්ටෆේස් එක අතින් මට ලේසි වගේ මේක..තවත් සොයාබැලීම් කලොත් වටිනා මෙවැනි වෙනත් මෘදුකාංගයක් සොයාගන්න පුලුවන් වෙයි..අපිට ඕනිම සවුන්ඩ්ඉන්පුට් එකක් හරහා ලැබෙන ශබ්ධය පටිගත කරන්නත් ඒ ශබ්ධය සංස්කරණය කරන්නත් ඒ වගේම ශබ්ධය අදාල ෆයිල් ෆෝමැට් එකකින් ලබා ගන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවනි...එසේම අපි සිතමු අතරමග එඩිට්න් කටයුතු නතර කරල වෙන වැඩක් කරන්න උනා කියල ඒ වෙලාවට අපිට ෆයිල් එක සේව් කරල පස්සෙ එඩිට් කරගන්නත් පුලුවනි...මේ ඕඩසිටි වලට කුඩා තව ප්ලගින් එකක් සෙට් කරගන්න වෙනව සවුන්ඩ් එක එම්පී 3(mp 3) ක්‍රමයට සකසගන්න..ඒක සර්ච් කරල සරලවම දාගන්න පුලුවනි... 

 එක්ස්පෝට් හෙවත් තනාගත් ෆයිල් එක වෙනත් සවුන්ඩ් ෆෝමැට් එකකට අනුව සේව් කිරීම... 

සවුන්ඩ් ක්ලවුඩ්(Sound Cloud) ගැන වෙනත් දේ...
දැං ඉතින් අර පබිලිස් සිල්ව මහත්තය ටී වි එකේ කෑමක් හදන ආකාරයට, අමුමිරිස් තෙලට දාන එක ටී වි එකේ යනකොටම කපාගත් අවුමිරිස් ටික පමණට රත්වූ පොල්තෙල් වලට එක්කරන්න කියනව වගේ අපි ඕඩසිටි වලින් රෙකොඩ් කරල එඩිට් කරල එම් පී ත්‍රි හෝ වෙනත් ෆයිල් එකකට අරන් සේව් කරගත් ඕඩියෝ ක්ලිප් එක සවුන්ඩ් ක්ලවුඩ් වලට දාන හැටි..සවුන්ඩ් ක්ලවුඩ් එකවුන්ට් එකක් හදාගන්න හැටි හෙම කියන්න ඕනි කියල මම හිතන්නෙ නෑ..දැං පින්තූරයක් අපි අප්ලෝඩ් කරගන්නෙ කෝමද අන්න හෙම තමයි මෙතනදි ඕඩියෝ එකදාන්න වෙන්නෙ..පස්සෙ ඒ තමන් දාපු ඕඩියෝ එකේ ලින්ක් එක අරන් ඕනි දේවාලෙක ඕන තැනක ඇතුලත් කරගන්න පුලුවනි..ෂෙයාර් කියල බට්න් එක ලගින් ලින්ක් එක හෝ කෝඩ් කැබැල්ල කෙලින්ම බ්ලොග් එකට දැම්මම යස අගේට ප්ලේයර් කෑල්ලක් වගේ සවුන්ඩ් එක පෙන්නුම් කරනව..
.මේ හරහා එකම හඩපටය වෙනස් වෙනස් වෙබ් අඩවි සහ අවකාශ කීපයකටම භාවිත කරන්න පුලුවනි..ඒ වගේම තමන්ට උනත් තැන් තැන් වලට මාරු වෙද්දි එතැන අන්තර්ජාල පහසුව තිබෙනවනම් මේ හඩපට අහන්න පුලුවනි...මනුපොත,ටුවිටර,ගූගල් බස,ගූගල් ප්ලස්,වර්ඩ්ප්‍රෙස්,බ්ලොගර් වගේ අන්තර්ජාල සමාජිය යෙදුම් ගණනාවකට මේ සවුන්ඩ් ක්ලවුඩ් සහාය දක්වනව..මෙගාබයිට් 200ක වැනි අගයක් හුවමාරු කරගන්නට එක විද්‍යුත් තැපැල් ලිපිනයක් මගින් සම්බන්ධ වෙන අයට පුලුවනි..මෙතැන මේ දේම කරන වෙනත් වෙබ් අවකාශ ඇති..ඒත් මම කරල තියෙන්නෙ මේක නිසා මම මේ ගැන කිව්වෙ..මේ වගේ මම දාපු සවුන්ඩ් ක්ලිප් ටිකක් පහල ඇති උදාහරන වලට.. 1422 giniyamu SeethalaWAP.Gprs.LT by indika27

වැරැද්දක් ඇත්නම් පෙන්නල යන්න කාරුණික වෙයි කියල මම හිතනව..මම දක්ෂයෙක් නම් නෙමෙයි මේ ගැන.. දක්ෂයෙක් උනත් වරදින්න බැ කියල එකක් නෑ නෙව..

3 comments:

  1. මචං මම මේක ගැන මාස ගාණක් හොය හොය හිටියා..පස්සේ මේ ඊයේ පෙරේදා යන්තං හම්බ උනත් දැනට මේ දවස්වල අත් හදා බලන්නවත් හරි හමන් දෙයක් නැහැ..ඒ ඉස්සරහට ඕන උන ගමන් මේ ලිපියෙන් මට සෑහෙන්න උදව්වක් ගතෑකි.

    ReplyDelete
  2. ස්තූතිය් ඔබට.....

    ReplyDelete
  3. මටත් මේක ඕනවෙලා තිබුන දෙයක් ..පලකෙරුවට ස්තුතියි

    ReplyDelete