Saturday, August 13, 2011

The Return of Greece devil

අපි කන්තෝරු ආවහම විවිධාකාරයේ බයිට් අපට හමු වෙනව ..අලුත් බයිට් එක තමා ග්‍රීස් ඩෙවිල් කියන එක.කන බොනකොට යන එනකොට කයියක් තලාගන්න මේ බයිට් මාර පොරෝජන් වෙනව අපිට.අපේ මිස් කෙනෙක් ඉන්නව එයා රෑ වෙනකල් බබත් එක්ක බලං හිටියලු ඉංග්‍රීසි ප්‍රවෘත්ති යනකල් මොකද ග්‍රීස් යකාට කියන ඉංග්‍රිසි නම දැනගන්න..මේක ග්‍රීක් කියල කියෙව්වනම් අර ග්‍රීසියෙ පරණකාලෙ තියෙන දෙවිවරුන්ගෙ නම් සැටිවෙයි..ඒත් මේ ග්‍රීස් නේ..මේ කියම්න ග්‍රීස් ඩෙවිල් කියන නම තමා ඉංගිරිසියෙන් ග්‍රීස් යක්කු ලෙස ප්‍රවෘත්තිවල  හඳුන්වල තියෙන නම..
මම අපේ ගම දිහැ ගියාම මීට මාස 3-4කට කලින් ටැප් අැරල යන ගෙවල් වල රෑට එබිල යන බූතයෙක් ඉඳල තිබුන.එයාට කස්ටිය එක එක නම් කිව්ව..දැන් තව කෙනෙක් දවසක් ගෙදර කවුරුත් නැති දවසක අපේ නැන්දලැයි ගෙදර කඩුල්ල පනිනව අල්ලපු ගෙදර කොල්ල දැකල තියනව කලු එකෙක්..හරියටම නිච්චි නෑලු ඒත් මිනිහෙක් කියල ෂුවර්..ඒ ගෙදර අයියගේ යාලුවෙක් වෙන් ඇති කියල අර කොල්ල හිතල තියෙන්නෙ..දැන් ඔය ග්‍රීස් යකා වගේ එකෙක් නැන්දලගෙ ගෙදරවගේම අවට ගෙවල් කීපයකම සැරිසරල තියෙනවලු..ටැප් ඇරීම,වලංගෙඩි බිඳීම,මිදුල අතුගෑම,සද්දෙන් දිවීම,ගෑනු කාමරවලට එබීම ආදි දේවල් තමා මේ ග්‍රීස් යකාගෙ කර්තව්‍යය වෙන්නෙ..කලිං පාරක නම් එහෙම එකෙක් ඇවිත් කෙල්ලෙක් බදාගෙන තිබුන ඒත් මේ අලුත් එකා එහෙම නෑ..
දැං ඕකට පොලිස් මහත්තයෙක් දවසක් ඔන්න ටීවි එකේ කතාව..මෙහෙම යකෙක් නෑ මේ ඉන්නෙ විවිධ මානසික මට්ටම්වල මිනිස්සු..හිකිස් ගාන්න තිබුන ප්‍රවෘත්ති පේස්බුක් එකේවත් ගියානම්..ඕන පොඩි එකෙක් දන්නව ඇත්තටම මේ එන්නෙ යක්කු නෙමෙ නියම මිනිස්සු කියල එහෙව් එකේ මේ  පොලිස් ලොක්ක අර තරුටික පෙන්නගෙන ලැජ්ජ නැතුව කියනව අනේ මේ මේ යක්කු නෑ ඒ ඉන්නෙ මිනිස්සු කියල..


මම පහුගිය දොහේ මේ ආමර් වීදිය පැත්තෙ බත්කඩේකට ගියා කන්න..එතනත් ග්‍රීස් යක්කු කතාව..එකෙක් කිව්ව මේ එන්නෙ හමුදාවෙ අයලු..හමුදාවට විශේෂ පුහුනුවක් දීලලු තියෙන්න..මේ විදියට ගෙවල් වලට ගිහිං කට්ටිය බයකරල ආයෙම එන කට්ටියලු පාස් වෙන්නෙ..එහෙම වැරදිලාවත් පොලෝසියට අහු වෙන උන්ට ලකුනු නෑලු..අනේ මන්ද ඇත්තද කියන්න කොලොන්නාව පැත්තෙ එහෙම එකෙක් පොල් ගහකට නැගල ඉඳල පස්සෙ මිනිස්සු එන්න ගත්තම මේ පොර පොල්  ගහෙන් පැනල සැනෙන් නැතිවෙලා ගියාලු..ඒක හමදාවෙ පුහුනුවක් බව තමයි කස්ටියගෙ අදහස උනේ..පොලිසියට කිව්වත් වැඩක් නෑ කියලයි ඒ අයගෙ මතය උනේ..
සමහර විට කෙනෙක් කියන්න පුලුවන් මේ වගේ කතා පතුරන එක වැරදියි කියල..ඒත් ඉතින් මේ වරකට දෙතුන් සීයකට වඩා නොකියවන බ්ලොග් එකෙකින් කොරනවට වඩා සමාජෙ අද ග්‍රීස් යකුන්ට බය වෙලා...


සමහර පැතිවල මිනිස්සු දැන් නිදාගන්නෙ කැත්ත පොල්ල ලඟ තියන් තමා නිදා ගන්නෙ..
අනික් විස්තර ටික අනෙක් බ්ලොග් වල ඇති විස්තර විදියට..
.තව දෙයක් සමහර අයගෙ මානසික මට්ටම් අසාමාන්‍යයි..තව කෙනෙක් කරන දේවල් හොරෙන් බලන්න යොමුවන අය ඒක විනෝදාංශයක් කරගත් අයත් ඉන්නව..මේ පාරනම් ඒ අයටත් අටවිසි බුදු සරණයි..

7 comments:

  1. ග්‍රීස් යක්කු විතරද ඉන්නෙ ? ග්‍රීස් යකින්නියො නැද්ද ?

    ReplyDelete
  2. ඇත්තටම ලංකාවෙ යක්කු දෙවිවරු ගොඩක් හිටියට ගෑනු යකුන් ඉන්නෙ බොහොම අඩු ගනනක්..
    පත්තිනි අම්මා වල්ලි අම්මා වගේ නම් කීපයක් විතරයි ඇහෙන්නෙ...
    ග්‍රීස් යකින්නියො ආවොත් යකින්න බදාගන්න කලිං ගිහිං අපේ අය බදාගෙන මොනාහරි කරගන්නව මිසෙක කවුද පත්තර වල දමන්නෙ../

    ReplyDelete
  3. ග්‍රීස් යක්කු ගැන නම් කියලා වැඩක් නෑ.ලගදී අපේ ගෙදරට අල්ලපු ගෙදර හෝටලයක් දාලා,ඒකේ උයන මනුස්සයා දැන් අපේ ගේ පැත්තට සම්මාන දාගන ඉන්නෙ නිතරම.බයේ බෑ.කොයි වෙලෙත් හොම්බ දික්කරන් ඉන්නව,කේවට්ටයා වගේ දැන් අපි තාප්පේ ගහනව ඒ පැත්තේන් බැරිම තැන.අපේ ආරක්ශාව අපි බලාගන්න එපැයි.

    ඔය ග්‍රීස් යක්කු කියන්නෙ එක්කො හොරකමේ යන උන්,නැත්තම් මානසික අසහන කාරයෝ.

    ReplyDelete
  4. @ ඉන්දි
    එතකොට මෝහිනී සහ සොදුරි (නුවර පැත්තෙ කට්ටිය නම් දන්නවා) වැටෙන්නේ නැද්ද ඔය යකින්නියන්ගේ ජාතියට

    ReplyDelete
  5. කාලෙකට පස්සේ කෙටි ලිපියක්, අසහන කාරයින්ට බයවෙච්චි නිසා තමයි ඔය ග්‍රීස් යකාට පණ ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  6. ග්‍රීස් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ...

    ReplyDelete
  7. මානසික පිස්සෝ නෙන්නම්.. උන් පව් ගෙවනවා..අනිත් උන්ටත් පව් දෙනවා..

    ReplyDelete