Tuesday, September 13, 2011

ඉගෙනගන්න රට කෙලවීම..(ඉස්ටඩි අබ්‍රෝඩ්)



ඇයි රට යන්නෙ...
මෙහෙ වගේ නෙමෙ එහෙ ඉගෙනගත්තම පිලිගන්නව..අනික එහෙ ඉගෙනගෙන ආවම ලෝකෙම පිලිගන්නවත් එක්ක..මෙහෙදි ජොබ් එකක් කරනගමන් ඉගෙනගන්න අමාරුයිනේ අනේ..එහෙ එහෙම නෑ මෙහෙට එනකොට ගානකුත් තලාගෙන එත හැකි..තව ඉතින් යූකේ ඔසී කියන්ෙන මේ ලබුගෙඩි රට වගේද ඇයි ක්ලයිමේට් එක...මෙහෙ එඩියුකේෂන් බැක්ග්‍රවුන්ඩ් එකකුත් නෑනෙ..උදේට බස්වල යනකොට අන්දෝ සන්සාරෙත් එක්ක එපාවෙනව කොහෙද මෙයා කාර් එක තිබුනත් යන්න පුලුවන්ද ට්‍රැෆික් නේ..එහෙ එහෙම නෑලු..යන්න ඕනි නිම් හැමවෙලේම වාහන..අර ලන්ඩන් වල එක ටිකට් එකක් ගත්තම මුලු නගරෙම කරග් ගහන්න පුලුවන්ලු නේ..මොන දේ උනත් ඉංගිරිස්සියෙන් ඒ රටේදිම ඉගෙන ගත්තොත් අඩුගානෙ මෙහෙදි ඉංගිරිස්සි ටික හරි හදාගන්න පුලුවන්නෙ..ඔය හේතු ටික හෝ වෙන හේතු රට යෑමට අපේ අයට ඇත....

අපිට ආදරේ ඇයි මේ තරම් ..
අපි ඩිංගිත්තක් නිකමට විනෝදයට වගේ ඔය රටයන ඒජන්සියකට ගියොත් ඒජන්සි කරුවා අපිට සල්ලි නැතිනම් ඉඩම උගස්කර ණය ලබාදී අපට ඉගැන්වීමට තරම් කාරුණිකය..එතරම් කාරුණික රටට හිතැති පිරිසකි පිටරට ඉගනීමට ලංකාවෙන් බඩු සප්ලයි කරන පොරවල්...ලංකාවෙන් යන සිසුන් ඒ අදාල විශ්ව විද්‍යාල සඳහා මූලික ගාස්තු ගෙවන විටම අදාල ඒජන්සි කරුට සිය ගතමන්ට් එක ලැබී හමාරය..ඉන්සුවරන්ස් එකකදී අපිව කරුණාවෙන් ඉන්සුවරන්ස් එකට දක්කාගෙන යෑම වෙනුවෙන් අපේ ඉන්ස්ටෝල්මන්ට් එකෙන් සියයට 20 ත් 45ත් අතර ප්‍රතිශතයක් රක්ෂණ නියෝජිතයා නොහොත් ඉන්සුවරන්ස් කාක්කා ලබාගන්නේ යම්සේද එසේම ප්‍රතිශත ගණනක් මෙ ස්ටඩි අබෝඩ් ඒජන්සි කරුවන්ට ලැබේ...කිසිදු මුදලක් අය නොකර ඔබට හොර සහතික මුද්‍රණය කිරීම් පවා නොමිලේ කරදෙන්නේ මේ ලැබෙන ඩොලර් තීරුව සඳහා බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු..හැර ගිය අය ගෙන්වන්නට ඔබ කැමති අය හරවන්නට යන වශී දැන්වීම්වලටත් වඩා දැන් දැන් පුවත්පත්වල මේ පිටරට අධ්‍යාපන කඩ වැහි වහින්නේ  වශී වලටත් වඩා පිටරටට කස්ටිය එලවීම වාසිදායී ජොබ් එකක් වන බැවිනි...

සමහරුන්ට වීසා නොලැබෙන්නේ ඇයි..  .
මීට අවුරුදු කීපයකට කලින්ට වඩා දැන් බොහෝ රටවල ආගමන විගමන නීති අපේ රටට තරමක් දැඩි ය...මන්ද ඒ රටවල ට ගොස් ඉගෙනගන්න යන සමහරු සොරකම් කිරීම වංචා කිරීම ආදී ජාතික අනන්‍යතාවයක් සහිත දේ එහිදීද කිරීමට ගොස් අපේ කාඩ් එක ලස්සනට තබා ඇති සෙයිනි..මීට කලකට පෙර ඔස්ටේලියාවට ගිය තරම් ලේසියෙන් දැන් නෑ කෙනෙකු බැලීමට වත් ඔසී යෑමට නොලැබී ඇත්තේ අපේ නියෝජනය ඒ රටවලට මීට කලින් ගිය අයවලුන් විසින් තබා ඇති බැවිනි..ශිෂ්‍ය වීසා ගැනීමේදි
*ඔවුන්ගේ භාෂාව හැසිරවීම හා එහි නිපුනතාව
*අපිට ඇති අධ්‍යාපනික පසුබිම...
*ඇති වෘත්තීය සුදුසුකම්...
*අප සතුව ඇති ආර්ථික පසුබිම... ආදි බොහෝ දේ සලකා බලනු ලබයි..අධ්‍යාපන සහතික නැතිනම් ඒවා අච්චු ගැසීමටත් ඉංගිරිසි නැත්න්ම ඉංගිරිසියෙන් යමක් හැදැරුවායැයි සහතික ඉදිරිපත් කිරීමටත්,,වෘත්තිය සුදුසුකම් ආදිය නැත්නම් ආයතන වල ලෙටර් හෙඩ්ස් පවා දමමින් එක්ස්පීරියන්ස් ලෙටර් සෑදිමටත් ස්ථාන ලංකාවේ ඇත...සල්ලි පෙන්නීමට අවැසි නම් ලක්ෂයක් ඇති අයෙක්ට ලක්ෂ 15ක් බැංකු ගිණුමක පෙන්නීමේ හැකි යාවද අපිට ඇත...එහෙත් අප කරන කපටිකම් බොහාමයක් දැන් ඒ රටවල ඉන්නා සුද්දන්ට මීටර් වී ඇති බැවින් අපි ලක්ෂ ගානක් වියදම් කර හොර පාර සොයන්නට තැනුවත් වීසා නොලෑබී යෑමට හැකි බව සතුටින් මතක් කර සිටිමු..එහෙත් පිටු පිරෙන්න ඇඩ් දෙන එම ආයතන වලට විරුද්ධව අකුරු දෙකක් වත් පත්තරේ පල කර ගැනීමට මේ සිරි ලංකා ද්වීපයේ නොහැකි බවද ගරු කටයුතු ලෙසම කියමු..අපෙ ගොස් ලක් ෂ දෙක තුන වියදම් කර සියලු ලේඛන සත්‍ය වුවත් වීසා නොලැබෙන්නේ නම් එයට අප රටේ උසාවි පොලිසි වලින් යමක් කල නොහැකි බව මගේ කුඩා ලීගල් මොල කෑල්ලට සිතේ..එවැන්නක් ඇතත් එයට වියදම් වූ ලක්ෂ දෙක තුනටත් වඩා ගානක් යා හැකි බව මට සිතේ...

අපි යන්නේ පට්ටම යුනි එකකට ඕයි....
කියා යන බොහෝ දෙනා එහි ගොස් සමහර විට මාස කීපයක් යනතුරුත් තමන් පැමීණ ඇත්තේ එම රටේ කොලීජියකට හෙවත් උසස් පාසැලකට බව නොදන්නා අවස්ථා තිබේ..කොලීජියකින් ගන්නා ප්‍රථම උපාධියත් විශ්ව විද්‍යාලයකින් ගන්නා ප්‍රථම උපාධියත් අතර වෙනසක් ඇත...එසේම සමහර කොලීජිවලට යොමු වී විශ්ව විද්‍යාල වල පලමු වසර දෙක උගෙත හැකි මුත් තෙවැනි සිව් වැනි වසර සඳහා වෙනත් යුනියක් සඳහා රෙජිස්ටර විය යුතු වෙයි..

සහ් එහෙන් දෙන ඩිගිරි තමයි ඩිග්රි...
බොහෝ දෙනා සිතා සිටින්නේ මේ අපි ලංකාවෙන් රෙජිස්ටර වී යන යූකේ සහ ඔසී යුනිවර්සිටි වල එංගලන්ත බබාලාද ඉගෙනගන්නවාය කියලාය...එහෙත් ඒ ඇත්ත විය හැකි මුත් ඒ එන්ගලන්තයේ 3 වෙනි පන්තියේ දුප්පත් මිනිසුන් සහ අපි වැනිම ආසියානු අප්‍රිකානු රටවල බහුතර මුහුනු ඒ කැම්පස් වල අප සමග සෙට් වීම දෛවෝපගත සිද්ධියකි...මේ බොහෝ ලංකාවේ පත්තර සහ මීඩියා වල පාරම් බාන යුනිවර්සිටි වල විශේසම අවධානය ඇත්තේ අපවැනි ආසියාතික සහ අප්‍රිකානු රටවල ඇති හැකි මිනිසුන්ගේ මුදල් වලටය...ඒවායේ ඉගෙනගන්නා බොහෝ සිසුන්ද ඒ වැනි රටවලින්ම ආ අය බව ඔබේ විදේශගත මිතුරන්ගේ සමූහ ඡායාරූප අධ්‍යයයනය කිරීමෙන් දත හැක...කැම්පස් කීවාට හැම එකම හැම තැනම පිලිගන්නේද නැත..බොහෝ යූ කේ යුනිවර්සිටි වල උපාදි ලංකාවේ රාජයේ ආයතන වලට ඇතුලත් වීමට වලංගු නැත...සමහර අංශ වලට ලංකාවේදි විශේෂ කඩඉම් විභාග වලට මුහුන දීමට සිදුවෙයි..උදාහරණ ලෙස වෙනත් කුමන රටක කුමන ආකාරයේ වෛද්‍ය උපාධියක් රැගෙන ආවත් ලංකාවේදි ලියාපදිංචි වෛද්‍ය වරයෙකු වීමට නම් ලංකාවේ පැවැත්වෙන ඉතා අපහසු විභාගයකට මුහුන දිය යුතුය...ඉංජිනේරු අංශය ගත්හොත් ලංකාවේ ඉංජිනේරු ආයතනය අනුමත විශ්ව විද්‍යාලයයක් නොවුනහොත් ලංකවේ වරලත් ඉංජිනේරුවකු වීමට කොතරම් ගරු උපාධි රැගෙන ආවත් බැරිය..එසේම රට රටවල උපාධි දෙන විදිද වෙනස්ය...උදාහරණී ලෙස යූ කේ හෙවත් එක්සත් රාජධානිය නිකුත් කරනු ලබන වසර තුනේ උපාධිය නියම උපාධියක් ලෙස කැනඩාව ඔස්ට්‍රෙලියාව,ලංකාව ,ඉංදියාව ආදි රටවල බොහෝ වෘත්තීය ආයතන පිලිගැන්මට මැලිකමක් දක්වයි..යමෙක් වසර තුනේ උපාධිය රැගෙන ලංකාවට පැමීන ලංකාවේදි එම් එස් සී එකකට යන්නේ නම් එම වසර තුනේ උපාධීය මෙහිදී පිලිගනීද යන්න විවීධ ක්ෂේත්‍ර අනුව තවමත් ගැටලු පවතින අංශයකි..

මොනව නැතත් බන් කාල ඇඳල ඉන්න පුලුවන් වෙයි නේ...
ලංකාව හරි සූටි රටකි...ඉතින් කහටගස්දිගිලියේ රැකියා නැත්නම් සියඹලාන්ඩුවට ගොස් රැකියා සොයාගැන්ම මෙහේ එතරම් දෙයක් නොවේ..එහෙත් විදේශයන්හ ිඑසේ නොවේ..සමහර පැතිවල රැකියාවක් සොයා ගැන්ම ඒ රටේ අයට පවා දුස්කර දෙයකි..දැන් දැන් ලංඩන් නුවර කෑමට වැඩ කිරීමට කැමති ලාංකීය සිසුන්ද ඇති වී ඇති බව සමහර පැති වල ඉන්නා ලාංකිකයින්ම සඳහන් කරයි..එසේම සෘතු බේදය නිසා සමහර කාලවල වෙනත් රැකියා සොයාගැන්ම ගැටලුවක් ව පවතී..ස්ටුඩන්ට් වීසා පතට ගතහැකි රැකියා සහ රැකියා කලහැකි පැය ගනන සමහර රටවල් විසින් දැඩි ලෙස සලකනු ලැබේ බොහෝ විට සතියකට පැය විස්සකට තිහකට වඩා වැඩ කල නොහැකි අවස්ථා එයි..ඒ ඒ රටේ නීතිය ප්‍රකාරවම ඇති ආකාරයයි...ඉතින් සමහරක් අවස්ථාවල ඉංජිනේරු පරිගණක,,වෛද්‍ය ආදි මිල අධික පාඨමාලා ගාස්තු සහිත විෂය ක්ශේත්‍රවල පාඨමාලා ගාස්තු ගෙවීමට මේ මුදලින් නොහැකි වීමට දඇති සම්භාවිතාවය වැඩිය..
අනේක් කරුණ නම් ඇති ජීවන වියදමයි..නැවතීමට කන්නට බොන්නට ඉන්නට ඇවැසි මුදල් සහ ඉගෙනගන් නා මුදල් යන සියලුම දේ සොයන්නට ගියොත් ඇත්තමට ප්‍රශ්ණයක් ඇතිවෙයි..ඒ ආපු කාරණය වන ඉගෙනගැන්ම මගහැරී යැමයි...සමහර ආහාර ද්‍රව්‍ය ලංකාවේ මිලට වඩා අඩු වුවත් සැම දෙයක්ම ඒ රටවල ලංකාවේ මෙන් සේල් නැත..උදාහරණ ලංකාවේ තරම් අඩුවට වටිනා රෙදිපිලි බොහොමයක් රටවල නැත..

අපි යන්නෙ පනින්න ඔය හුටාර් අපිට ඕනි නෑ...
දැන් ඒ සෙල්ලම් බොහොමයක් වාර ගනනක් සිදු වී හමාර වී ඇති බැවින් රට ගොස් පනින අයට කිසිම තඹ දොයිතුවක්වත් නැතුව තිබෙන සියලු දේ හැර දා ලංකාවට ඒමට සිදුවෙන අවස්ථා වැඩිය..මෙහේදි අහුවුනොත් බේරන්නට මොකෙක් හෝ සිටියත් එවන් නන්නාදුනන සමහර රටවල කහපැහැති සම ඇති අයට සලකන ආකාරය අපිසිතන තරම්ම සුන්දර නොවේ...

දැන් තෝ කියන්නෙ අපිට ඉගෙනගන්න රට යන්න බෑ කියලද??
ඕනෑම දෙයක් කචල් අඩුවෙන් කරගැන්මට විදි සහ ක්‍රම තිබේ...
ඉගෙනගන්නම රට යන්න නම් ක්‍රමයක් තිබේ...
ලංකාවේදි කොටසක් සම්පූර්න කොට අවසන් වසරට යෑම..මෙහිදී දැනට ජනප්‍රිය ලංකාවේ බොහෝ විෂයන් සඳහා වන පිලිගත් පාඨමාලා වලට විදෙස් උපාධි සඳහා සහන ලැබේ..ඒ අනුව ඉංජිනේරු නම් සිටි ඇන්ඩි ගිල්ඩ්ස්,එච් එන් ඩී...ආදියත්...එකවුන්ට් නම් සිමා,සී එම් ඒ..ඩබල් ඒ ටී..චාටර්ඩ් ආදියත් සහ ලංකාවේදිම පවත්වන සමහර උසස් ඩිප්ලෝමා ආදිය සඳහා ඒ රටේ උපාධි වලට  සහන කාල ලැබේ..ඒ සහන කාල වලදීත් අපි එන්ගලන්තයේ ඔස් ටේලියාවේ ම ඉගෙන ගත්තොත් අපිට තුන් හතර ගුනයක් වැඩි මුදලක් ඒ රටවලට ගෙවිය යුතු වෙයි.
අපයන විශ්ව විද්‍යාලයේ තත්වය බැලීම..යුනිවර් සිටි රෑන්කින් ස් හෙවත් යුනිවර්සිටි වර්ගීකරණ ලැයිස්තු අනුව අපිට අපි යන යුනිය කොයිවගේ එකක්දැයි බැලිය හැක..
ලංකාවේ ජොබ් තත්වය..ඉංජිනේරු නම් අයි ඊ ඇස් එල් සහ එකවුනට් පැත්තනම් ඒ ආයතන කොතෙක් මේ උපාධි සලකන්නේ ද යන්න ඒ ආයතන හරහාම දැන ගත හැකි නම් අගනේය..දැනට බොහෝ වෘත්තිකයින්ගේ ඉහල පුටු සිටින්නේ ඒ ආයතන සමඟ බැවින් ඒ ආයතන විසින් පිලිගතහොත් ජොබක් ගැනීම අවුලක් වෙන එකක් නැත..
මෙහිදී මෙන් අම්මා ලඟට තේ වතුර ගෙනත් දී කූද්දන්නට කෙනෙක් නොමැති රටක මෙහිදීට වඩා දැඩි කැමවීමක් අවැසි වෙයි...එවැනි තත්වයක් නැතිව එහි යෑම අපරාදෙ සල්ලි විය හැකි බැවින් තමා මෙරටදී දිගින් දිගටම දැඩි සේ අසාර්ථක අධ්‍යාපන මට්ටමක් හිමි අයෙක් නම් ක්සේත්‍රය වෙනස් කිරීම හෝ වෙනත් දෙයකට යොමුවීම හැර විදේශගත වී අධ්‍යාපනය ට යොමුවීම මුදල් අපතේ යැවීමකි..
මේ සියලු විස්තර හොඳ උවත් තමුන් අඩුතරමේ ඒ විදුහලේ ඉන්නා ලාංකික හෝ වෙනත් සිසුන් අමතා සහ තවත් ගිය කෙනෙක් සිටි නම්  විස්තර සොයා බලා යෑමම වටී..අප කරන්නේ අපේ සෙල්ලමක් නොව බොහෝ විට අසරණ දෙමාපියන් අවුරුදු ගනන් සටන් කොට උපයාගත් දාඩිය සල්ලි සමඟ වන සෙල්ලමක් වන බැවිනි...

16 comments:

  1. කටුක සත්‍යක් ඇඟට දැනෙන්නම කියල තියනව , බ්‍රිතාන්‍යයේ පිලිගත් විශ්ව විද්‍යාලයක උපාධිය අවුරුදු 3 වුනත් පිලිගැනීම නම් අඩුවක් තියනවයි කියල මම නම් අහල නැ . මොකද මම දන්න විදිහට ඔබ කියන රටවල් තුනේම බ්‍රිතාන්‍ය උපාධිවලට විතරක් නෙවෙයි , බ්‍රිතාන්‍ය වෘත්තීය සුදුසු කම් වලට පවා ඉහල පිලිගැනීමක් තියෙයි . අපේ රජයේ ජොබ් කෙසේ වෙතත් පුද්ගලික අංශය නම් ඉහලින්ම බ්‍රිතාන්‍ය උපාධි පිලිගන්නවා . වෙන එකක් තියා ලංකාවේ ඉඳන් හදාරන වෘත්තීය සුදුසු කම් , අනුබන්ධ ආයතනවල (විදිමත් ලෙස අනුබද්ධ ) උපාධි පවා

    ඒ නිසා ඒ කරුණට නම් ඒ තරම් එකඟ වෙන්නෙ නැ

    ReplyDelete
  2. නියම අදහස් ටික අයියෙ.බොහොම පිං.

    ReplyDelete
  3. ඇත්ත.අනික මේ කියන උපාධි පිස්සුවට ලංකාවේම ආයතන ඕන තරම් තියෙනවා කරගන්න පුළුවන් ,උදාහරණයක් විවුර්ත විශ්ව විද්‍යාලය(IESL,IIESL,City and Guilds,Btech HND,EC......for engineering).අනික ලංකාවේ පාර්ට් ටයිම් ජොබ් කොරන්න බෑ කියන අය බොරු සෝබනය නිසා පිට ගිහින් පිගන් හෝදනවා...(මම දන්නා ඇත්ත සිදුවීමක් අපේ සී.ජි.කොසේ එකේ කොල්ලෝ හිටිය රෑට පිළිගැනීමේ නිලදාරී ජොබ් කරලා උදේට ඉගෙන ගන්න ආව -ඒක වැදගත් නේ අනෙත් පිට රට සුද්දන්ගේ පිගන් තුට්ටු දෙකට හෝදනවට වඩා) ........

    ReplyDelete
  4. කියන්ඩ ඕනෙ ටික නියමෙටම ලියවිලා තියනවා.

    Tharinduhw122:
    පාර්ට් ටයිම් වැඩ ලංකාවෙ නෑ කියන එක නම් මාත් පිළිගන්නෙ නෑ. උවමනාවක් තියනවනම් ඕනෙ තරම් හොයාගන්ඩ පුලුවන්.

    ReplyDelete
  5. ම‍චං හැමදේම දන්නවවගේ ලියන්න යන්න එපා. SLII හෝ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයෙ නීති අනුව කිසිම විටක රක්ෂණ තැරැව්කාර සමාගමක හෝ නියෝජිතයක්කුට ප්‍රථම වසරේදී වත් 40% කොමිස් මුදලක් ගෙවන්න බැහැ. අනික කාක්කො කියල ඒ මිනිස්සුන්ට අපහාස කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. අනික ඔය රස්සාව කරල ජීවත් වෙන පවුල් නඩත්තු කරන්න දුක් විදින කොල්ලො කෙල්ලො අනන්තවත් ඉන්නව. උන් හොරමැරකම් තොකර ‍මේ වගේ අමාරු රස්වාක් කරන්නෙ ජීවත් වෙන්න. ඒක අවමානෙට ලක් කරල මිනිස්සුන්ට වැරදි අදහස් දීල උන්ගෙ බඩට ගහන්න එපා.කොම්පියුටරයක් ලග‍ට වෙලා මහදැන මුත්ත වෙන්නෙ නැතිව පරට බැහැල බලනව. අනික නොකිය කියන්නෙ ලංකාවෙ පුද්ගලික වි.විද්‍යාල දාන්න කියල නේද. ඔය මොන මගුල දැම්මත් පොඩි මිනිහට ඕවට යන්න සල්ලි නැහැ.පිට රට යන්නෙත් සල්ලි තියන වුන් මෙහෙ යන්නෙත් සල්ලි තියන වුන්.

    ReplyDelete
  6. බුවා...ඔබ කියන කාරණය ඇත්ත..ඔබ හරි වෙන තැනුත් තියෙනව..ඒත් මගේ යාලුවො කීප දෙනෙකුට අවාසනාවන්ත විදියට යූ කේ උපාධියට අදාල රැකියාව ලැබුනෙ නෑ..හැබැයි ඒ අය ඔක්කොම ඉංජිනේරු ක්ශේත්‍රයෙ...ආසන්නතම උදාහරණය ටෙලිකොම් ආයතනයෙන්ම පවත්වන එච් එන් ඩී පාඨමාලාව හදාරපු අයට ටෙලිකොම් එකේ ටෙක්නිකල් ඔපිසර තනතුරට ඉල්ලන්න බෑ...ඒක ටෙලිකොම් එක පිලිගන්නෙ නෑ එන් ඩී ටී එකට සමානයි කියල..

    ReplyDelete
  7. 1.රක්ෂණ නියෝජිතයෙකු වීමට අනිවාර්යෙයන්ම රක්ෂණ මන්ඩලයේ සහතිකලබැ ගත් අයෙක් විය යුතුය..එහෙත් එවන් සහතික නොලත් ඇහින්දාස් රක්ෂණ නියෝජිතයින් මගින් සමාගම් මිනිසුන්ෙග් මුදල් එකතු කිරීම් නොකරයිද??
    2.ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ නියෝජිතයින්ට වාරිකයට ගෙවනු ලබන කොමිස් මුදල කීයද?/
    3.අහිංසක මිනිසුන් නොදන්න රක්ෂනයකට පටලලා අනාත කරල හම්බකරන මිනිස්සු රැකගන්න අපි බ්ලොග් වල ඉඩ දෙන්න ඕනිද??
    4.ලිපිය අවසානෙට කියව්වනම් පිටරට යනවනම් යා යුතු විදිය ගැන කියල ඇති...

    රක්ෂණය ඉතා හොඳ දෙයකි..රක්ෂණ නියෝජිතයින්ද සමහරක් හොඳ අය වෙති..ඔවුන් නිවැරදිව කරන්නේ නම් එය නියම ගරු රැකියාවකි..එහෙත් සමාජය තුල රක්ෂණ තිත්ත වීමට රක්ෂණ දුටු සැනින් අහක බැලීමට තරම් මිනිසුන්ට එපා වී ඇත්තේ අපි වැනි වාඩි වී කොම්පියුටරයේ ටයිප් කර සිය ගණනකට අදහස් බෙදන බ්ලොග් කරුවන් නිසාද??

    ReplyDelete
  8. එහෙමද් . වෙන්න ඇති .ඉංජිනේරු ක්ෂෙත්‍රය ගැන දැනීම බොහොම අවමයි

    මම අදහස් කලේ වගේ CIMA. BCS , ACCA, CIM වෘත්තීය ආයතන සහ ලංකාවේ IIT ,APIIT වගේ බ්‍රිතාන්‍ය උපාධි ප්‍රධානය කරන ආයතන ගැන .

    ReplyDelete
  9. IBSL/ Regulation of Insurance Industry (Amendment) Act, No. 3 of 2011 සහ 2000 රක්ෂණ කර්මාන්තය විදිමත් කිරීමේ පනත් වලට අනුව.2000 වර්ෂයෙන් මෙපිට Sri Lanka Institute of Insurance (SLII) ආයතනය මගින් පවත්වන විභාගයෙන් සමත් වුවන්ට පමනක් රක්ෂණ නියෝජිතයකු ලෙස රක්ෂණ තැරැව්කාර සමාගමක රැකියාව කල හැක.එසේ නොමැති කිසිවකුට රක්ෂණ ‍වාරමුදල් එකතුකිරීම හෝ මොනයම් ආකාරයක රක්ෂණීය කටයුත්තක නිරතවිය නොහැක. ඕනෑම අයකුට රක්ෂණයක් ලබා ගැනීමට පෙර අදාල නියෝජිතයාගේ SLII ID card එක ඉල්ලා සිටීම‍ට හා පරීක්ෂාකිරීමට හැක.2000 වසරෙන් මෙපිට කිසිදු ජීවිත හෝ සාමාන්‍ය රක්ෂණ සමාගමක SLII විභාගය නොමැති නියෝජිතයෝ නොමැත.ඔබ මුලින් සදහන් කල කරුණ වැරදි සේම IBSL මගින් රක්ෂණ නියෝජිතයන්ට විභාග නොපවත්වයි IBSL මගින් රක්ෂණ තැරැවිකාර සමාගම් යාමනය කිරීම සිදු කරන අතර රක්ෂණ කර්මාන්තයේ රාජ්‍ය මැදිහත් වීම හා විධිමත් කිරීම සිදු කරයි.
    2.ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ ප්‍රෂ්ණයේදීත් ඔබ නැවත බොරුවට කරුණු නොදැන පාරම් බාන බව පෙනේ.ඉහත මා සදහන් කල INSURANCE BOARD OF SRI LANKA(IBSL) නීතිරීති වලට අනුව කිසිදු රක්ෂණ තැරැවිකාර සමාගමකට රක්ෂණ වාරමුදලෙන් 40%ක කොමිස් දීමනාවක් දිය නොහැක.ඉහත ඔබ පැවසු රක්ෂණ සමාගම අනිත් සමාගම් වලට සාපේක්ෂව වැ‍ඩිමුදලක් ගෙවන බව සත්‍යකි.එහෙත් එම අතිරේක මුදල ගෙවනුයේ ඔබ ලිපියේ සදහන් කල පරිදි පාරි‍භෝගිකයාගේ රක්ෂණ වාරිකයෙන් නොව සමාගමෙන් කරන අතිරේක ගෙවීමක් ලෙසය.‍
    3. රක්ෂණීය අයිතිය ඇත්තේ තමාට පමණී.ඊට අමතරව සැමියාට කාලාත්‍රයා සම්බන්දවත් එහි අනෙක් පසටත්, ආයතන හිමියාට ආයතනයක වැදගත්ම සේවකයා සම්බන්දවත් වැනි කිහිප අවස්ථෘ‍වන් වලදී ඉතා සීමිත රක්ෂණීය අයිතියක් ඇත.එසේ හෙයින් වෙන කිසිවකුටත් කිසිවකු රක්ෂනය කිරීමට නොහැක.මන්ද රක්ෂණය වීම හෝ නොවීම තමන් සතු දෙයකි, වාරික ගෙවීම හෝ නොගෙවීමද එසේමය.ඔබ ‍ඔය පවසන අහිංසක මිනිසුන් මට පැහැදිලි නැත. නමුත් මා දන්නා තරමින් රක්ෂණයක් අමාරුවෙන් හෝ දිගටම කරගෙන ‍යාම වටින්නේ දුප්පත් අහිංසක මිනිසුන්ටමය.මන්ද යම් ලෙ‍සකින් ආදායම ගෙන එන පුද්ගලයා මැරුනොත් ඔබ ගොස් ඒ මිනිසාගේ දරුපවුල‍ට කන්න නොදෙන බැවිනි. කරුනු නොදැන කටමැද දොඩවන වෙදා සිතනුයේ ලෙඩා මලත් බඩසුද්දයි කියාය. කෙසේවුවද ඔබ රක්ෂණ නියෝජිතයින් කාක්කන් ලෙස හැදින්වීමෙන්ම ඔබ කරුණු නොදැන දොඩවන බව පෙනේ. බුදුන් දේශනා කලේද කවුරුත් කියන පලියටවත් අතීතයේ සිට පැවතෙන නිසාවත් පිලි නොගන්නා ලෙසයි.ඔබද රක්ෂණ නියෝජිතයන් ගැන අතීත‍යේ සිට පැවත එන මතයම ගිරා පෝතකයකු ලෙස පවසා ඇතිබව පෙනේ.එම නිසා විචාරය අවිචාර කරනොගෙන කරන මෙන් ඉල්ලමි.නියම කොල්ලෙක් නම් "කාක්කා" ‍‍යැයි ඇමතීම සම්බන්දව ඔබ සමාව ඉල්ලිය යුතුය. මීට දකුණේ කොල්ලා

    ReplyDelete
  10. කාක්කන් ගේ අයිතිවාසිකම් පිළිබඳ සත්වවේදීන්ගේ සමුලුවකින් හෝ වෙනත් සත්ව සංවිධානයකින් ඉල්ලීමක් පැමිණියහොත් හැර මා මේ කාක් කතාව ඉල්ලා අස්කර නොගනිමි....
    කටුක සත්‍ය නම් බොහෝ රක්ෂණ ආයතන වල මුදල් එකතු කරන නියෝජිතයින්ට එවන් කිසිදු සහතිකයක් නොමැති වීමයි..
    මා සිටින්නේ පාරේය..ඔබට පාරට බැස මිනිසුන් දස දෙනෙකුගෙන් රක්ෂනය ගැන ඇති ආකල්පය අසා දැනගත හැක..ඉන් කී දෙනෙක් හොඳ කියනවාද කියා මා පුරෝ කථන දෙන්නේ නැත..
    අත්දැකීම් ජීවිතයට වැදගත් බැවින් එසේ කර බලන්න..

    ReplyDelete
  11. ඔබ පාරේ ඉන්නා බව පෙනේ එසේම ඔබ පාරේ සි‍ට පැහැරීම නිසා එය වසාගැනීම‍ට නොහැකිව සිටින බවද පෙනේ.එමනිසා මින් මතුවටත් නොදන්නා දෙමලෙට ගිහින් වරිගෙ නහනොගෙන ඉන්නා ලෙස ඉල්ලමි.අවවාදයක් ලෙස පවසනුයේ බුද්ද දේශනාවට අනුව නම් නැති ගුණ පෙන්වීමට යාම පරාභවයට හේතුවක් බවයි.මින් මතුව‍ට වත් blog වල නිකන් ලියන්න දුන්න පලියට දන්න මිනිහ වගේ නොදන්න දේවල් කියන්න ගිහින් හත්පොලේ උලාගෙන චාටර් නොවන ලෙස ඉල්ලමි.අන්තිම වශයෙන් සමාව ඉල්ලීම‍ට කොන්දක් ඇත්තේ නියම කොල්ලෙකුට පමණක් බව සදහන් නොකරාම බැරිය. මීට දකුනේ කොල්ලා.
    ප.ලි.
    මචං වැ‍ඩක් නැත්නම් ‍බොරු ලිය ලිය ඉදගෙන කාලෙ කන්නෙ නැතිව වරෙන් දකුණට වැඩක් දෙන්න.

    ReplyDelete
  12. ඔය උපාධිය පිළිගැනීම ගැන කියපු සමහර දේවල් ඇරෙන්න අනික් ඔක්කොම වගේ සහතික ඇත්ත. මම් අත්විඳල නැතත් මගෙ යාලුවො ගොඩක් ඔය කියපු තැන ඉන්න උදවිය.

    අර රක්ෂණ කතාව, මිනිස්සු ගොඩක් දෙනා රක්ෂණයට අකමැතියි සමහර වංචාකාරයන්ගෙ වැඩ නිසා. නමුත් ඒ වගේ දෙයක් මෙතන කියන එක මම දකින විදිහට වැරදියි අමිල. උදාහරණයක් ලෙස ටෙලිකොම් කාර්යාලයට වැඩක් කරගන්න ආ කෙනෙක් උඹෙන් වැඩක් කෙරෙන්න ගිය කාලෙ ගැන නොසතුටට පත් වෙලා බ්ලොග් එකක උඹට අපහාසය් වෙන විදිහට උඹ කරන රස්සාව පහත් කරලා ලිව්වොත් උඹට කොහොම දැනෙයිද. කොයි දේත් කියන්න විදිහක් තියෙනවා.

    ReplyDelete
  13. මෙහෙමය් රස්සාව රක්ෂණ ක්ෂේත්‍රයේ නම් හරියට නොකරන කිසිම කෙනෙකුට ඒකෙ ඉන්න බැහැ,අනික ඔය යු කේ ඉන්ලිනේරු උපාධි ගැන කියද්දී ලංකාවේ ඉංජිනේරු ආයතන වෙන IESL,IIESL මගින් අනුමත වෙන්න ඕන,අනික ආචාර්ය උපාධියකට යනවා නම් පෙර සුදුසුකම විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම(UGC) මගින් අනුමත ලැබූ සුදුසුකමක් වෙන්න ඕන,සමහර වෙලාවට ප්‍රායෝගික තත්ත්ව මත සහ විශේෂ හේතු මත විශ්ව විද්‍යාල වල විශේෂ මණ්ඩලයක් මගින් අනුමත වෙන සුදුසුකම් (අත්දැකීම් හා තනතුර/රැකියාවේ ප්‍රවීනත්වය )වී.වී.ප්‍ර.කො.ස. අනුමත නැතත් සඳහා ඉහල උපාධි වලට ඉඩ ලැබෙනවා.සමහර වෙලාවට ඔය කිසිම සුදුසුකමක් නැතත් විශේෂ පුද්ගලයන් (විශේෂ සුදුසුකම්)සඳහා ක්ෂණික සාමජිකත්ව(වරලත් බාවය )උනත් ලැබෙන්න පුළුවන්.{මේ මම දන්නා විදිය නීතියෙන් කොහොම පසුබිමක් තියෙනවද කියල මට ඉස්තිර කරන්න බැහැ ).
    අනික ලංකාවේ ආණ්ඩුවේ ලොකු පුටුවල ඉන්න ගොඩක් අය විශ්ව විද්‍යාලයේ පහලම මට්ටම් වල හිටපු අය.ඉතින් ඒ අය හරිම කුහක විදියට මේ යු කේ උපාධි දිහා බලන්නේ(ඉංගිරීසි දැනුමත් හුඟක් අඩු නිදාගන්න අය තමා බහුතරයක්).හරියට ඉගෙනගත්තු කොල්ලෝ (තරුණ අය ) කෙල්ලෝ ලංකාවේ ආණ්ඩුවේ ජොබ් වල ඉන්නේ නැහැ.ඉන්න පරණ එවුන් ඉන්න දෙන්නෙත් නැහැ.කොහොම උනත් උපාදිය යු කේ උනත් වෙන රටක උනත් ප්‍රයෝගිකව තමන් කොච්චර දුර ගිහින් තියෙනවද කියන එකෙන් තමා පුද්ගලික අංශයේ ඉහලට යන්න ලැබෙන්නේ.
    ඔය කොහෙන් බැලුවත් ඉගෙනගන්නේ ආණ්ඩුවේ රස්සාවක්/මොකක් හරි ජොබක් කරගන්න බලාගෙන නම් මන්ත්‍රී කෙනෙක් ලඟට උසස්පෙළ හරි සා/පෙ හරි කරලා යන එක ඔක්කොටම වඩා ලාබ වැඩක්. නමුත් ඉතින් තමන්ට ඇත්තටම ඒ ක්ෂේත්‍රයේ ඉහලට යන්න ආසනම් පාට් ටයිම් කරගෙන හරි මැරිලා මැරිලා සුදුසුකම හදාගන්න එක තමා වටින්නේ.අනික ලංකාවේ ජොබ් නැත්තම් කිසි දෙකට බය වෙන්න ඕන නැහැ පිට රට ඕන තරම් ජොබ් තියෙනවා (එවුන් අපේ එවුන්ට වඩා හොඳට සලකනවා ),අනික ලංකාවේ අපි දැන් පොඩියට කණ්ඩායමකුත් හදාගෙන යනවා https://www.facebook.com/groups/282614258421721/ .,එතකොට අපිට ජොබ් සෙට් වෙනකොටම (ඉන්ජිනීර්ස් ලට විතරය් මම නම් හැදුවේ,ඔයාලත් අනිත් ක්ෂේත්‍ර වලට හදාගන්න ) ඒකෙ දානවා.අපි අපි වැඩකරන තැන් වලට අපේ අයව සෙට් කරන්න උපරිම සපෝට් එක දෙනවා.
    තව වැඩි විස්තර ඉදිරියටත් මම කියන්නම්,කොහොම උනත් මම කියන එකම විශ්වාස කරන්න එපා පොඩ්ඩක් හොයල බලන්නකෝ.

    ReplyDelete
  14. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට කෙනෙක් ධනයත් කාලයත් වැය කරද්දී හැම විටම සොයා බලා දෙකම වැයෙන් ඊට නිසි වාසි ලැබෙනවා දැයි විමසා කළ යුත්තක්.

    මෙහෙ සුපිරි වාහන කොම්පැණි විසින් (ජර්මන්, ඉතාලි) පඩි ගෙවමින් පුහුණුව දෙන කාර්මික පාඨමාලා තියනවා. ඉවර වෙද්දී පඩියත් වැඩි, රස්සාවකුත් ස්ථිරයි. ඒ වගෙ වෙනත් කාර්මික අංශ වලට ද රැකියාවලට සුදුසු පාඨමාලා වලට යන අය අඩු නිසා මිලියන 14 ක් රැකියා විරහිත වූවත් පුරවා ගන්න බැරි රැකියා අවස්ථා තියනවා.

    ReplyDelete