Wednesday, September 21, 2011

ස්මිත් මහතා වොෂිංටනයට යයි..Mr. Smith Goes to Washington

ස්මිත් මහත්තයා යනු කැලෑබද අමෙරිකානු ප්‍රදේශයෙකින් එන සත්ව ආරක්ෂණය සම්බන්ධ කටේ කිරි සුවඳ යන්තමින් මැකී ගිය කජු කිරි කොලුවෙකි..එකල අමෙරිකාවේ සෙනට් මන්ත්‍රිවරයෙකු ලෙස ස්මිත් මහත්මයා තේරෙනු ලබයි..එවකට පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් මේ ස්මිත් මහත්තයාගේ පත්වීම නොරුස්සයි..එසේම පක්ෂයේ සිටින පක්ෂය ඇදගෙන යන පක්ෂයේ වැඩට මුදල් දෙන මහ ලොකු මුදලාලියාට මේ ස්මිත් කොලුවා නොරුස්සයි..එහෙත් එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වන ස්මිත් මහතා කෙසේ හෝ සෙනට් මන්ඩලයට පත්වන්නේ ඒ ප්‍රාන්තයේ සිටින කොලු කුරුට්ටන්ගේ නොමද ආශිර්වාදෙයිනි...ඉන්පසු දිගු දුම්රිය ගමනකින් පසු ස්මිත් මහත්තයා වොෂිංටනයට පැමිනෙයි..එවිට සිටින එවකට මිතුරු වැඩිහිටි සෙනට් මන්ත්‍රිවරයෙකුගේ දුවක් මේ ස්මිත් මහතාට හමු වෙන්නේ දුම්රියෙන් වොෂිංටනයට බසින අවස්ථාවේදිමය..එවිටත් ස්මිත් මහතා තරුණ සහ ළමා කැල අතර. අමෙරකානු රටම දන්නා කෙනෙකි...
වොෂිංටනයට කලින් නොපැමිණ ඇති මේ තරුණ ස්මිත් ලොක්කාට වොෂිංටනයේ ඇති බෝ දේ මහත් අරුමයක්මැ වෙයි...ආ ඉන්පෙර සිදුවු අපුරු සිදුවීමක් කිය යුතුයැ..මේ ස්මිත් ලොක්කා එන්නේ තමුන්ගේ යාලුවෝ කාන්ඩයක් ද දුම්රියේ දමාගෙනය..මේ යාලුවෝ නම් කූඩු වල දැමූ කුරුල්ලන් සිව්පාවුන් වැනි සමූහයකි..බොහොම යස පිළිගැනීමක් ඇතිව දුම්රියෙන් බසින ජෙපර්සන්ට දුම්රියේ අමතක වූ සතුන්ගේ කූඩු ටික මතක් වී ආයෙත් යයි..
ජෙපසර්සන් ස්මිත් නම් මේ කොල්ලා සෙනට් මන්ඩලය හෙවත් එවකට අමෙරිකානු පාර්ලිමේන්තුව ට පත්වී ප්‍රථම පනත ලෙස බෝයිස් කෑම්ප් නැත්තං යොවුන් කඳවුරු පිහිටවීමේ උත්සාහයක යෙදේ..නමුත් අවාසනාවකට ඔහුගේ ක්‍රියාදාමයට සෙනට් මන්ත්‍රි මන්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නැත...
ජෙපර්සන් ස්මිත් පලමු වරට වොෂිංටන් පැමිණ වොෂිංටනයේ ඇති දේ පිළිබඳ පුදුම වෙයි..ඔහුගේ ලේකම් වැනි රූමත් සහායිකාව ජෙපර්සන්ට මේ විස්තර කියාදීමේන් හෙම්බත් වෙයි..නමුත් පසුකලෙක ස්මිත් සතු අසාමාන්‍ය මානව හිතවාදය තේරුම් ගත් සහායිකාව ස්මිත් හා පෙමින් වෙලේ...
බෝයිස් කෑම්ප් එක පිහිටුවාගැනීමේ දි පක්ෂයේ බල අධිකාරියා වන බඩ ලොකු මුදලාලියාට එකඟ නොවීම නිසා ස්මිත් ලොක්කා සෙනට් මන්ඩලයෙන් පැන්නීමට සෙන්ට් මන්ත්‍රිවරුන් පෙලඹේ...
එහෙත් ඒ සියලු කෙනහිලිකම් අවසානයේ යම් අවසානයට ලඟා කර ගැන්මට ස්මිත් සමත් වෙයි...
මෙය 1939දී අමෙරිකාවේ තිරගත වූ අලංකාර සිනමාපටයකි..විනෝදාත්මක ශෛලියකින් එහෙත් අපි නිතර නොදකින ගැඹුරක් පෙන්වන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙයි..ෆිල්ම් එක මහා සිරා සම්භාව්‍ය එකක් නොවේ..එහෙත් ගොන් ජෝක්ද නොවේ..අපි එදිනෙදා ජීවිතයේ දකින සැබෑ මානව හිතවාදීන් දේශපාලනයට ගිය කල ඔවුන්ට මුහුනදීමට වන අකරතැබ්බය මනාව මෙම පින්තූරය තුලින් පෙන්වයි..
සිනමාව කතාවක් කිරීමට අමාරුය..මෙහි සිනමාපටය කලු සුදු වුවත් එකල තිබූ තාක්ෂණ මට්ටමෙන් උවත් අදටද ගැලපෙන අයුරින් මනාව නිමවා ඇත..
අපි අමෙරිකන් චිත්‍රපට ලෙස නිබඳවම දකින වලිබර සහ සිනාබර බහුතර ඒවාට වඩා අමෙරිකන් දේශපාලනයේම විශාල සිදුරක් පෙන්වාදෙන මේ ස්මිත් මහතාගේ කතාව වැදගත් එකකි..
මෙය බැලීමට අවැසි කෙනෙක්...Mr. Smith Goes to Washington යන්න අන්තර්ජාලයේ සොයා බා ගත හැකි වෙයි...




4 comments:

  1. අහල නොතිබුන කතාවක් . සොයාගෙන බලන්න ඕන. ස්තුතියි ඉන්දි

    ReplyDelete
  2. චිත්‍රපටිය මුලින් ම තිරගත වෙන්නෙ වොෂිංටනයේ constitution Hall එකේ 1939 දී.

    වොෂිංටනය ඇතුලත කරන ගණුදෙනු ගැන හැමදාම හෙළි කරන්න උදාහරණයට ගන්නෙ ඒ චිත්‍රපටියයි. නමුත් 1939 පස්සෙ අද දක්වා ඒ ගහන ගණුදෙනු වල අඩුවක් නම් නැහැ!!

    අමෙරිකන් මාධ්‍ය watergate දක්වා වොෂිංටනයේ සිද්ධ වෙන දේ හෙළි කරන්න අවස්ථාවක් ලැබුනොත් පසුබට වූයේ නැහැ. ඒත් ඊට පස්සෙ ඇමෙරිකන් මාධ්‍ය නිදි කියල තමයි හැමෝම කියන්නෙ. අද මහජනතාව ඒ වැඩේ බාරගෙන ඇත්තෙ (සමාජ වෙබ් අඩවි වලින්) ඒ නිසාම කියන එකත් තව මතයක්.

    හැබැයි මෙහෙමත් දැයක් තියනවා. ඇමෙරිකාවේ තහනම් නොවන ඔය චිත්‍රපටිය තහනම් වූයේ කුමන රටවල දැයි හොයා බලන්නත් ඕනෑ!!!

    ReplyDelete
  3. ඔය දේම තමා අද ඔබාමාට වෙන්නෙත්. අපේ බ්ලොග් ලියන ඇමරිකන් ඇන්ටි ඇතුලු රුවල් නැව් හිමි ධනපති පන්තියට, මධයම පාන්තිකයෙක් ජනාධිපති වීම දරා ගන්න බෑ. නමුත් පාර්ලිමේන්තුවේ ධනපති බහුතරය නිසා ඔහුගේ හොද අදහස් එකක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ

    ReplyDelete
  4. දෙයක් මිනිස්සුන්ට දැනෙන්න කියන විදිය ලස්සනට උගන්වන නියම සිනමා කෘතියක්..
    පුල් සිරා විධියට මේ ෆිල්ම් එක නැතුව ජෝක්ස් සහ ලව් ස්ටෝරියක් ඇඩ් කරල හරි ලස්සන කතාවක් විදියට ගෙනියනව...
    අපේ රටේ උනත් දේශපාලනය ගැන නිර්මාණ කරන අය ආදර්ශයට ගතයුතු සිනමා පටයක්...
    සමහරුන්ට දේශපාලනය කියන්නෙ බෝරින් දෙයක්..ඒ ප්‍රශ්ණ මේ විදියට නැතුව කතාකලොත් ඒ අයට මේ සත්‍ය අවබෝධ කරන්න අමාරුයි..

    ReplyDelete