Tuesday, September 20, 2011

නෙට් නැතුව බ්ලොග් ලියන්න(scribefire sinhala)

අපි බ්ලොග් ලියන්නෙ කෝමද?
අපිට බ්ලොග් ලියන්න ගොඩක් වෙලාවට උපයෝගි කරගන්න පුලුවන් ඒ බ්ලොගින් සයිට් එකෙන් ඒ කීවෙ වර්ඩ් ප්‍රෙස්(Word press) හරි බ්ලොගර්(Blogger) හරි ලබාදෙන ඔන්ලයින් ස්ක්‍රින් එක..නැත්නම් වර්ඩ් හරි වෙනත් අකුරු හැසුරුමක් භාවිතා කරල අපිට ලියල පස්සෙ කොපි කර ගන්න පුලුවනි...මේ ඔන්ලයින් ලිවිල්ලටම අපිට අවැසිනම් කෙලින්ම බ්ලොගර් හරි වර්ඩ්ප්‍රෙස් හරි භාවිතා කරන්නෙ නැතුව ගූගල් ඩොක්ස්(G docs) සහ සෝහෝ(Soho) වගේ ඔන්ලයින් එකක හරි ඊ මේලයක ලියල පස්සෙ කොපි කරගන්නත් පුලුවන්....

අපිට ඒ විදියට ලියන කොට එන අවුල් මොනාද?
අපි ඔන්ලයින් බ්ලොග් ලියනකොට අන්තර්ජාල සබඳතාවය හරියාකාරව නැතිනම් අපට පොඩි ප්‍රශ්ණයක් ඇතිවෙනව..අපේ අතින් වැරදීමෙකින් හරි ටැබ් එක හරි බ්‍රව්සරය ක්‍රියාවිරහිත උනොත් ගබඩා නොවුන දත්ත මැකීයාමේ අවධානමක් එනව...අනික් ප්‍රශ්ණය තමා බ්ලොග් ලියන්නෙ සිංහලෙන් නම් සමහර අවස්ථාවල පසු සංස්කරණ කටයුතු වලදිත් සමහර විට ඒ ලියන අවස්තාවෙදිත් නොයෙකුත් ගැටලු වලට මුහුන දෙනව...සංස්කරණය කිරීමෙදි වාක්‍ය සහ වචන වල ව්‍යාකරණ සහ අකුරු වැරදි හදන්න හෙම සිංහල භාවිතා කරනකොට ඇත්තෙන්ම අමාරුයි ඔන්ලයින්ම  බ්ලොග් ලියන අවස්ථාවදි...අනික් කරුණ තමයි බ්ලොග් අපි වර්ඩ් එකක හරි වෙනත් දත්ත ඇතුල් කිරීමේ එකතුවක කිරීමෙදි අකුරු පින්තූර ආදිය අපිට අවැසි විධියට අවැසි ආකාරයට මෙහෙයවාගත නොහැකි වීම..අපි මෙහෙම හිතමු අපිට අවශ්‍යයි කවි පද හතරක් ලියල එහි එලිසම පේලිය එක ලඟින් හිටින විදියට තියාගන්න..ඒ අවස්ථාවදි අපි වෙනත් ටෙක්ස්ට් එඩිටර් එකක ලස්සනට ඒ පද ටික පේලියට හදා ගත්තට බ්ලොග් එකේ ටෙක්ස්ට් එඩිටර් එකට ගේනකොට ඒකෙ ලස්සන පේලි නැතිවෙලා යනව..අනික් දේ තමයි බ්ලොග් කියන්නෙ ලියන රචනාවක් ම නෙමෙයි..අපිට ඇවැසි වෙනව වෙනත් වෙබ් පිටු වල ලින්ක් දමන්න,නැත්තං වීඩියෝ පින්තූර ආදිය එකතු කරන්න ..ඒ වගේ වෙලාවක කෙලින්ම බ්ලොග් එක ඇතුලෙම ලීවෙ නැති උනාම අපිට ලොකු කරදරයකට මුහුන දෙන්න වෙනව බ්ලොග් එක හසුරවාගැනීමෙදි...මෙන්න මේ වාගෙ වෙලාවට වැදගත් වෙනව අන්තර්ජාලය නොමැති අවස්ථාවෙදිත් වැඩකරන බ්ලොග් එඩිටින් ඇප්ලිකේෂන් එකක්..සිංහලෙන් කිව්වොත් ඕෆ්ලයින් බ්ලොග් එඩිටර එකක්...

විවිධ බ්ලොග් එඩිටර් වර්ග....
මීට වසර කිහිපයකට කලින් ඔන්ලයින් බ්ලොග් කරන්න අවැසි උන අන්තර්ජාල සහ වෙනත් යටිතල පහසුකම් ඒ තරම් දියුණු වෙලා තිබුනෙ නෑ..උදාහරනයකට ගත්තොත් ඒ දවස්වල බ්ලොග් ලියන අයට සමහර විට එච් ටී එම් එල් වගේ පරිඝනක භාෂාවක් දැන සිටීම වඩා ප්‍රයෝජනවත් උනා..නමුත් අද තියෙන සමාජ ජාල දියුණුවත් එක්කම බ්ලොග් කෙරුවාවත් ටිකක් අපේ ආච්චිටත් තේරෙන තරම් දියුණුවක් ලැබුවා..ඉතින් මේ හා සමාන්තරව අපේ සිංහල ටයිපින් සහ සිංහල එඩිට් කරීමේ පහසුව නම් දියුණු වෙලා නෑ...ඒ එක්කම අද හැමෝටම තියෙන මූලික ගැටලුවක් වෙන ඒකාකාර වේගයක අන්තර්ජාල සබඳතාවක් නැතිවීමත් බ්ලොග් ලිවීමේදි ගැටලු ඇතිකරනව..මට දැනුන තැනක් කිව්වොත් මම උබන්ටු සහ ඩේබියන් ලිනක්ස් මූලික වුන මෙහෙයුම් පද්ධති භාවිත කරන කෙනෙක්..ගූගල් ක්‍රෝම් කියන වෙබ් බ්‍රව්සරයෙ සිංහල නිවැරදිව පෙන්නුම් කරන්නෙ නැති ගැටලුව තියෙනව මම ක්රෝම් දාගත්ත දවසෙ ඉඳල මේ දක්වා..
ඉතින් ඉස්සර ඒ කිව්වෙ මීට වසරකට දෙකකට ඉහත බ්ලොග් එඩිටර් කියල මෘදුකාංග ජනප්‍රිය වෙලා තිබුන..එතැනදි බ්ලොග් එක අර වර්ඩ් හරි නැත්තම් පවර් පොයින්ට් හදනව වගේ ඒ මෘදුකාංගය ඇතුලෙ හදාන පස්සෙ කෙලින්ම අප්ලෝඩ් කරගන්න හැකියාව තිබුන..මේ වාගෙ ජනප්‍රිය උපාංගයක් තමයි වින්ඩෝස්ලයිව් ව්රයිටර් කියන්නෙ .තවත් ලිනක්ස් සඳහා බ්ලොගීලෝ කියල එකකුත් වින්ඩෝස් සඳහා වෙනත් ඇප්ලිකේෂන් සොට් වෙයාර් ගනනාවකුත් තිබුන.නමුත් වලාකුල් පරිගනක හෙවත් ක්ලවුඩ් කම්පියුටින් කියන දේ ජනප්‍රිය වීමත් එක්ක වෙබ් එඩිටින් සිස්ටම් ඔන්ලයින් ම කරන්න හැකියාව ලැබුන..ඒත් මේ වෙනකොට ලංකාවෙ අපි ඉන්නෙ 4 වෙනි පරම්පරාවෙ කියන දුරකථන ජාල එක්ක උනත් මීට අවුරුදු  2-3කට පෙර වෙනත් රටවල තුන්වෙනි පරම්පරාවෙ දුරකථන ජාලවලිනුත් මීට වඩා වේගයක් ලබාගන්න පුලුවන් උනා..ඒත් ඒ අතින් අපි තාම ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්...අපි ඔන්ලයින් තියෙන ගූගල් ඩොක්ස් ගත්තත් ඒකෙ තියෙන ප්‍රසන්ටේෂන් සෑදිමෙ වගේ කටයුත්තකට අවැසි වේගය ලැබෙන්නෙ අපේ රටේ සීමිත පිරිසකට පමණයි...ඉතින් මේ පහසුකම් මත අපිට බ්ලොග් එකක් බොහොම යසට තනාගන්න පුලුවන් බ්ලොග් එඩිටින් මෘදුකාංග භාවිත කරල...

ස්ක්‍රිබ්ෆයර් වලින් වැඩ කරන හැටි....(How Work Through Scribfire)
ස්ක්‍රිබ්ෆයර් කියන මේ මෘදුකාංගය ඇත්තටම වර්ඩ් පවර්පොයින්ට් හදන සොට්වෙයාර වගේ මහ විසාල ගානක ධාරිතාවෙන් යුක්ත එකක් නම් නෙමේ..මේ මෘදුකාංගය තියෙන්නෙ ෆයර්ෆොක්ස්,ක්‍රෝම්,ඔපෙරා වාගෙ වෙබ් බ්‍රව්සර සමග එන අමතර එකතුකිරීමක් විදියට..ෆයර් ෆොක්ස් වලනම් ඇඩ් ඔන් එකක් විදියට තමා මේක එන්නෙ ක්‍රෝම වලත් ඒ විදියෙම අමතර එකතුකරගැන්මේ  සඳහා ඇති කුඩා කොටසක් තමයි මේ ස්ක්‍රිබ්ෆයර් කියන්නෙ....මේ කියන මෘදුකාංගය මේ වෙබ් අඩවියෙන් ගෙන පහසුවෙන් ම එකතුකරගන්න පුලුවනි..ඒ සඳහා මේ වෙබ් අඩවිය විවිධාකාරයෙන් මගපෙන්වී ම් කරල තියෙනව...ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය සඳහා එෆ්8 කියන බොත්තම එබූ විටත් ක්‍රෝමියම් සඳහාත් එවැනිම හොට් කී හරහාත් මේ ඇප්ලිකේෂන් එකත් එක්ක එකතුවෙන්න පුලුවනි..ක්‍රෝමියම් සඳහා ඇති මේ වැඩසටහන එක ටැබ් එකක් මත පමණක් ක්‍රියා කරන නිසා වෙනත් වැඩක නිරත වෙන ගමන්ම බ්ලොග් ලියන්නට එඩිට් කරන්නට මෙයින් අපිට හැකියාව පවතිනවා..වෙබ් අඩවියට ඇඩ් ඕන් නැත්නම් එකතුකිරීම් තියෙන තැනට ගිහින් මේ ඉංගිරිස් නමින් සෙවීමක් කලත් මේ සූටි මෘදුකාංග කෑල්ල පෙන්නුම් කරනව...හදිසියෙ අපිට වෙන වැඩක් යෙදුනොත් බ්ලොගින් මග දාල ඩොංගල් එක හරි සම්බන්ධිත වෙනත් කොටස ගලවලදාල ලැප් එක අරන් දුවන්න පුලුවන් මේ ඇඩ් ඔන් එක තියෙනවනම්..මොකද හැම දෙයක්ම පබ්ලිෂ් කරනකල් රැඳෙන්නෙ කොම්පීතරේ ඇතුලෙ නිසා...
මම කලින් වරුවක් හොයල මෘදුකාංගයක් එකතු කරගත්ත බ්ලොග් ලියන්න ඒත් ඒක අන්තර්ජාලයට නිවැරදිව කනෙක්ට් වෙන්නෙ නැති පස්නයක් ආව ඒ වෙනකොට මම ස්ක්‍රිබ්ෆයර් ගැන දැනහිටියත් මං හිතුවෙ නෑ මේ තරන් ලස්සන අතුරු මූනතක් ස්ක්‍රිබ්ෆයර් වල ඇති කියල....ඉතින් මට ගූගල් බස් එකේදිත් යාලුවෙක් කිව්ව ඕෆ්ලයින් බ්ලොග් එඩිට් කරන්න මේ ඇප්ලිකේෂන් එක වැදගත් කියල ..එතුමටත් ස්තූතිය් කියනව ආ...
මේ තියෙන්නේ මේ ඇඩ් ඔන් එක දාගත්තු ෆයර්ෆොක්ස් බ්‍රව්සරයක බ්ලොග් ලියන අවස්ථාවක ගත්ත ජායාරුපයක්....


7 comments:

  1. මාත් කාලයක් මේ වැඩසටහන භාවිතා කරලා තියනවා. නෙට් නැති වෙලාවට කියාපු එඩිටරේ

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මේක අපීත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  3. ස්තූතියි! මේක මටත් සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි වගේ...

    ReplyDelete
  4. හොද editor එකක් වගේ මම මේ දැන් configure කර ගත්තේ. zoho එකට වඩා හොදයි වගේ...

    ReplyDelete
  5. ලිපිය ගොඩක් වැදගත්,මමත් දැනට Windows Live writer පාවිච්චි කරන කෙනෙක්.

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ඔබට. මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් වේවි.

    ReplyDelete