Saturday, October 1, 2011

Lankan Locomotive Engineering skills (දුම්රිය ඉංජිනේරුවෝ)

දේශපාලනය ගැන කතාකර වැඩක් නැත..එහෙත් වසං වන දේ පිළිබඳ කතා කල යුතුය..


එම් නයින් කතාව....(M9 Locomotive Engines)
මීට වසර කීපයකට ප්‍රථම ලංකාවට දුම්රිය එංජින් ප්‍රංශ රටෙන් ගෙන්වන ලදී..එහෙත් ඒ ගෙනා එන්ජින් 10න් අද වෙන විට වැඩ ඇත්තේ 3කි..එයින් පෙනී යන්නේ 7ක් වැඩ නැති බවය..අපි දැන් ව්‍යාපෘතිය දෙස බලමු..මෙය ගෙන්වීමට ක්‍රියාකල විට ප්‍රධාන වශයෙන් රාජය සහ නිලධාරින් ලෙස කන්ඩායම් දෙකක් තිබුනි..බොහෝ දුම්රිය ඉංජිනේරුවන්ගේ පැත්ත වන නිලධාරින්ගේ පැත්ත කැමති වූයේ අමෙරිකාව කොරියාව ආදි රටවලින් දුම්රිය ආනයන කිරීමටයි..නමුත් එවිට රජය කැමති වූයේ ප්‍රංශයෙන් දුම්රිය ගෙන්වීමටයි..ප්‍රංශය යනු ඉංජිනේරු විද්‍යාව අනුව එතරම් අවුල් රටක් නොවේ..ඇල්ස්ට්‍රොම් නැමැති කොම්පැණිය ගැන බැලූවිට එය සිරියාව ඊශ්‍රායලය ඇතුලු රටවල් ගානකට දුම්රිය එන්ජින් අපනයනය කර තිබෙන කීර්තිමත් කොම්පැණියකි..දැන් මෙන්ම එකල මේ දුම්රිය එන්ජින් සහ මැදිරි ගැන කතා කරන ඉංජිනේරු බුවාලාට අදහස් තිබුනේ අමෙරිකන් ජෙනරල් මෝටර්ස් සහ කොරියාවේ සැම්සුන්ග් වැනි ආයතන වලින් දුම්රිය ගෙන්වීමටයි..නමුත් ඒ වන විටත් ගෙනැවිත් තිබූ එම් 8 වර්ගයේ දුම්රිය එන්ජින් ගෙන ඇවිත් තිබුනේ ඉංදියාවෙනි..එයද මා දන්නා තරමට එවක තිබූ කැනඩා එංජිමක් අනුකරණය කොට තැනූ ඒවාය..නමුත් ඒ ගෙනා ඉම් 8 වර්ගයේ එන්ජින් කිසිදු අවුලකින් තොරව අදටත් ධාවන තත්වයේ ඇත...එහෙත් කිසිවෙක් එම් 9 දුම්රිය එන්ජින් ගෙන්වන විට ඒ වා ඉංදියාවෙන් ගෙන්වන්නැයි ඉල්ලුවේ නැත..මේ පිළිබඳ සනාථ කිරීමට අවැසි පුවත් පත් ලිපි තවමත් අන්තර්ජාලයේ පවතී...අවැසි කෙනෙකුට එම ලිපි අන්තර් ජාලයේ සොයා බලාගත හැක..
තවත් ජනප්‍රිය කතාවක් නම් මේ එන්ජින් ගෙන්වූ කොම්පැනිය අද වසා ඇතිබවයි.එහෙත් මෙන්න මේ වෙබ් අඩවියනේ දැනට එම සමාගම පිළිබඳ තොරතුරු ලබාගත හැක...
එසේම මෙසේ ගෙනා දුම්රිය ඇන්ජින් 10න් 7ක්ම භාවිත කොල නොහැකි මට්ටමට ආවේ ඇයි..බොහෝ එන්ජින් ගෙනා පසු මසක්වත් වැඩ නොකරම ඇත..ඒ එන්ජින් වලට සිදු වී ඇත්තේ කුමක්ද..එවිට ඉතිරි තුන එනම් එන්ජින් 3 වැඩකරන්නේ කෙසේද?
දුම්රිය හෝ වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍රයක ඉංජිනේරුවන්ගේ කාර්යභාරය වන්නේ නට් එකක් බෝල්ට් එකක් ගිය පසු ඒ නට් එක හෝ බෝල්ට් එකේ වර්ගය හා සයිස් එක මැන එය පිටරට්න් ආනයනය කිරීම නම් මේවායේ කිසිදු වරදක් නැත..එහෙත් ඉහල වැටුපක් බරපැනක් යොදා නඩත්තු කරනු ලබන ඉංජිනේරු අංශයක් යනු ඊට වඩා පැතිරුණ මට්ටමක පිරිසක් විය යුතුය..මේ ඇන්ජිමේ මේ මේ කෑලි ටික සවුත්තුයි මේ ව දාන්න ඕනි යැයි ගෙඩි පිටින් කොටස් ගෙන්වීම හැර ලංකාවේ දුම්රිය අංගන රත්මලාන ආදී දුම්රිය වැඩපල වල ඇති යන්ත්‍ර සූත්‍ර වලට වැඩ ලබාදී..පලපුරුදු අයට සහ නව පරපුරට ගවේෂන අවස්ථා ලබාදී ප්‍රශ්ණ විසඳීමේ උවමනාවක් පෙනන තෙක් මානයේවත් නැත..ප්‍රංශයේ හෝ වෙනත් රටක ඉංජිනේරුවන් යනු දෙවියන් වහන්සේ ලා නොවේ..ඔවුන්ද අපි මෙන්ම සම් මස් ලේ ඇති බත් නැතත් ඒ සමාන ආහාර ගන්නා තැනැත්තෝ වෙති..කුලසිංහ මහතා වැනි කීර්තිමත් විද්‍යාඥයන් සිටි මේ සිරිලක ට සෑම දේකටම අවැසි කෑලි රටින් ගෙන්නීමට යෑම කොමිස් කෑම ට දිව දික්කිරීමක් හැර වෙන කුමක් ලෙස අපි අවබෝධ කරගන්ටදැයි මට නොතේරේ...මේ අතර එකල පලවූ පුවත්පතක මේ එන්ජින් ප්‍රංශයට මෙන් ලංකාවට සුදුසු නැත යැයි පැවසූ ඉංජිනේරු වැකිද විය..එයට හේතු ලෙස දක්වා තිබුනේ ලංකාවේ තරම් දූවිලි සහ මුහුදුබඩ ලවණ ගතියක් ඒ රටවල නොමැති බවයි..එහෙත් මා ප්‍රංශයේ ගිය ලංකාවේ කෙනෙකුගෙන් දැනගත් ආකාරයට ප්‍රංශ රට ඒතරම් සුමුදු කාලගුන සහිත රටක් නොවේ..එහිද ලංකාවේ මෙන් මුහුදුබඩ දුම්රිය මාර්ග ඇත..ඒවාද මේ ලංකාවේ මාර්ග මෙන් දූවිල්ලෙන් ගහනය...මා හට නිල නොවන මට්ටමෙන් ආරංචි වූ ආකාරයට ,වී ඇත්තේ දුම්රිය එන්ජින් ගෙනැවිත් මෙහිදී අඳබාල අප්ඩේට් නොවූ ඔලු සහිත තාක්ෂනඥයින් විසින් දුම්රිය එන්ජිම මස් කල පසු නැවත යථා පරිදි පද්ධති සවිකර ගත නොවුන බවයි..විශේෂයෙන් දුම්රිය එන්ජිමේ සිසිලන පද්ධති නියමිත පරිදි ස්ථාපනය කිරීමට මෙරට කාර්මිකයින් සමත් වී නැත...අපි වෙනත් රටකින් කුමන භාන්ඩයක් අලුතින් ගත්තත් ඒ සඳහා අඩු තරමේ අවුරුද්දකවත් සේවා වගකීමක් හිමිය..මේ දුම්රිය ඇන්ජින්වල අදාල නොවන සංවේදි කොටස් ගලවා තිබූ හෙයින් එසේ නොමිලේ ලබාදුන් සේවා වගකීම් ලබාගත නොහැකි හෙයින් එවැනි වගකීම් ලබාගැන්මේ උත්සාහ දුම්රිය එන්ජින් මෙරටට ගෙනා කාලයේදිම ඩවුන් වුන එන්ජින් සඳහාවත් සිදුවුනේ නැත..
පසුගිය අවුරුදු 2-3 ඇතුලතදීද කීප විටක් මේ දුම්රිය ඇන්ජින් වලට අවැසි උපාංග ගෙන්වීමට ප්‍රංශ කොම්පැනියම සොයා උපදෙස් කැඳවා තිබේ..ඒ අනුව මේ එන්ජින් අලුත් වැඩියා කිරීමට තවත් එංජිමක් ගෙනෙන මුදලම යනවා යැයි කියනවා හැර ඒ සඳහා වෙනත් විසඳුම් සෙවීමට අප රට ඉන්නා දුම්රිය සේවකයෝ උත්සාහ නොකරති..නමුත් මෙවන් එන්ජින් ඉංදියාවේද බාවිත වන බැවින්  ඉංදීය කර්මාන්තශාලා සහ කාර්මික ප්‍රජාව අපේ මේ ගෙන්වූ එන්ජින් වල වන දෝෂ වලට පිලියම් යෙදීමට රාජ්‍ය මට්ටමින් තබා දුම්රිය වෘත්තිය සමිති මට්ටමින් වත් උත්සාහයක් මේ වන තෙක් රැගෙන නැත..
එසේම අපේ රට විශ්ව විද්‍යාල තුනකින් විදුලි,යාන්ත්‍රික,ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රවලට උපාධි දෙනු ලබයි..එයින් 2ක මා දන්නා පරිදි විද්‍යාපති හෙවත් මාස්ට්ර් ඩිග්රි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව පිරිනමන්නේ විවිධාකාරයේ ඉංජිනේරු කුශලතාවයන් සලකා බැලීමෙනි..මෙවන් විටෙකදී ඇතිවන ගැටලුවට දේශපාලන අධිකාරිය හෝ, දූෂිත නිලදාරින්ට අවස්ථා නොදී දුම්රිය එන්ජින් ගැටලුව ගවේෂනය කර විසඳුම් ගැනීමට ඉදිරිපත් වන්නේ නම් එය රටේ ඉංජිනේරු දැනුමට මෙන්ම බදුගෙවන දහස් ගනනකගේ අහිංසක මුදල් වලටද සෙතක් සාන්තියක්ම උදා කරනු ඇත..


වත්මන් අලව්ව තත්වය....
මෙහිදී ඉංදියානු දුම්රිය ගැන ඇති ජන්මාන්තර වෛරය මිසෙක කිසිදු ආකාරයක තාක්ෂණික දෝෂයක් මානම් දුම්රිය වල දුටුවේ නැත..ඒ අවස්ථාවේ සිග්නල් එක වැටී තිබුනත් එය රියදුරුට පෙනීමේ සම්භාවිතාවය අඩු බවත් ඒ සංඥා කුලුන පිහිටා ඇති ආකාරයේ තාක්ෂනික ගැටලුවක් තිබෙන බවටත් මාධ්‍ය වාර්තා පලවිය..එසේම මාද බොහෝ විට අත්දැක ඇති දුම්රිය තිරිංග පද්ධති දෝෂ ගැන නම් කිව හැක්කේ එවන් දෝෂ හරිහැට අධ්‍යනය කිරීමක් සිදු නොවන බවය..දුම්රිය අංගනයේ සිට කොළඹ කොටුවට එන දුම්රිය කොටුවෙන් පිටත් වන්නට ප්‍රථම තිරිංග හිරවෙන තත්වයට අපේ දුම්රියවල තිරිංග පද්ධති අංගන තුලදී පරීක්ෂා කිරීම් සිදුවෙන බව කියන්නට කැමැත්තෙමි..මා එසේ මරදානේ දුම්රිය අංගනයේ සිට කොටුවට පැමිණ තිරිංග හිරවී කොටුවෙන් ලේට් වෙන නගරාන්තර දුම්රිය දැක තිබේ...ඒ වා සම්බන්ධයෙන් සලකන විට එවන් අනාරක්ෂිතව ලබාදෙන දුම්රියක නැගී පැය 12ක් බදුල්ලට යනවාට වඩා කැඩි කැඩි හෝ බස් වලින් පැය 7කින් බදුල්ලට යා හැකි බව ජනයා සිතන බව පෙනේ...ඉංදියාව දුම්රිය සම්බන්ධයෙන් බොහේ ජනප්‍රිය රටකි..එහි එක් දුම්රිය පෙට්ටියකට නැගෙන මගියා කිලෝමීටර 3000ක් වනතෙක් සිටින්නේ එකම මැදිරියේය..එසේම දින දෙකකට පෙර පිටත්වෙන. දුම්රියක වුවත් සෑම දුම්රිය ස්තානයකම නවත්වන වේලාව පිටත්වන වේලාව වරදින්නේ ඉතාම කලාතුරකිනි..අපේ දුම්රිය සේවයට උපරිම දුර කිලෝමීටර 400ක් වත් නැති දුම්රිය ගමන් ඇතිවිට මෙසේ තිරිංග පද්ධතියවත් පරීක්ෂා කොට වෙලාවට ධාවනය නොකල හැකිව ඇත්තේ මන්දැයි ගැටලුවකි...
මේ ගැටලුවත් සමග නැගෙන තවත් චෝදනාව්ක් වන්නේ නව එස් 11 දුම්රිය වල නියමු කුටිය ෆයිබර් ග්ලාස් වලින් තනා ඇති බවකි...සාමාන්‍යයෙන් මෙවන් විටෙක අලව්ව දුම්රිය අනතුර මෙසේ නොවී දුම්රිය පීලි පැන පෙරලෙන තත්වයකට ආවේ නම් අනතුර තුල ඇති මරණ සංඛ්‍යාව මීට වඩා බෝ සෙයින් වැඩිවන්නට තිබුනි ..නමුත් මෙහිදී කිසිම පීලි පැන්මක් නැතිව..දුම්රිය දෙක එකක් අනෙකේ එබී ගොස් තිබීම මගීන්ගේ පැත්තෙන් වාසියකි..එහෙත් දුම්රිය රියදුරන් මිස මගීන් උන්නාද මලාද කියා කිසිදු වැදගත් කමක් නැති දුම්රිය සේවකයෝ ෆයිබර් වෙනුවට ශක්තිමත් බඳක් සහිත නියමු කුටි ඉල්වති..මෙවන් අවස්ථාවක නියමු කුටිය සහ එස් 11 දුම්රියේ ඉදිරිපස බඳ ශක්තිමත්ව තිබුනි නම් විය හැකි විනාසය වැඩිවන්නේ එවිට පීලි පැන්මක් අනිවාරයෙන්ම සිදුවීමේ සම්භාවිතාවය වැඩි නිසාය...
ඉංදියාවේ බිස්නස් කිරීම සහ ගිවිසුම් වලට එලඹීම වෙනත් රටක් සමඟ ගනුදෙනු කිරීමට වඩා අමාරු කාරණාවකි..කිසිවිටෙකත් ඉංදීය සමාගම් එරටට පාඩු වී ලංකාවට වාසිගෙනෙන විසඳුම් ඉදිරිපත් කිරීමට එකඟ නොවේ..එවන් අවස්ථාවල තාක්ෂණික දෝෂ තාක්ෂණික ක්‍රමවේද යන් ඔස්සේම ගොස් පෙන්වාදීම වැදගත් වෙයි..එස් 11 දුම්රියවල තිරිංග පද්ධති දෝෂ සහිත නම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉංදියාව සමඟ මැදිහත් වී ඒ තිරිංග පද්ධති නැවත ස්ථාපනය කිරීම හෝ දෝෂ නිරාකරණය කිරීමකල යුතුය..දැන් නවීන බර වාහන පවා ෆයිබර් ග්ලාස් වලින් එන වටිපිටාවක ශක්තිමත් සැහැල්ලු ෆයිබර් එපා යැයි කීම විහිලුවකි..එසේම තින්ත ගෑමේ දෝෂ, ලස්සන මදිවීම..,,.බඳ ෆයිබර් වීම ආදි ප්‍රාථමික හේතු මත කීර්තිමත් දුම්රිය සේවයක් ඇති සහ කීර්තිමත් මිල අඩු කාර්මික පසුබිමක් ඇති ඉංදියාවේන දුම්රිය ගේන්න එපායැයි කීම දුම්රියෙන් යන මෙන්ම කිසිදා දුම්රියෙන් නොගිය ඈත ගම්වල බදුගෙවන ජනයාට කරන අවාසියකි..
.
මාධ්‍ය වලින් ගොස් ඇමතිතුමා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරුන් සමඟ සාකච්චා කරති... වෘත්තිය සමිති සමඟ සාකච්චා කරති..ඉන්පසු සති අන්ත පුවත්පත්වල පිටු පුරවති..එය ඉතා ලේසි වැඩකි..එහෙත් අසල්වැසි ඉංදියාවේ පවතින දුම්රිය සේවයටත් වඩා ගව් ගනනකින් යල්පැන ගිය දුම්රිය සේවයක් ඇතිවීමට මේ පිරිස් දෙකම වගකිව යුතු බව මාධ්‍ය කොපි කරුවන්ට වැටහෙන්නේ නැත..
එම් නයින් සම්බනධ කතාවට එකතු විය යුතු කතාවක් හෙවත් එක් එන්ජිමක් සාදාගත් සිද්දියක් තිබෙන අතර එය සිදු වී ඇත්තේ පසුගිය වසරේ මේ කාලයේ වෙයි..නමුත් එක් එන්ජිමක් තනා ඉතිරිය ගැන නොබලා මෙතෙක් කල් පොල් ගානවාදැයි ඇසීමට එය ඉතිරි කරමි..අද දින පලවූ ලංකාදීප පුවත්පතේ තිබෙන ආකාරයට එම් 9 න් එන්ජින් 7ක් මේ වනවිට වැඩ නැති බව සඳහන් කරමි..
 ඉහත අලංකාර පින්තූරය සඳහා දායකත්වය ප්‍රවීන් ඉන්ද්‍රනාම මහතාය.


34 comments:

  1. මේ විදියට දුම්රිය දෙපාර්තමේන්තුව සුපුරුදු විදියට පාඩු ලැබීම මිස ලාභ ලැබීමක් සිදු‍වුණොත් ඒකත් අර ආශ්චර්යය ගොඩටම තමයි වැටෙන්නෙ.

    ReplyDelete
  2. මිත්‍රයා, ඔබ දුම්රිය එන්ජින් හෝ ඒ සම්බන්ද හිසි දෙයක් ගැන දන්නෙ නැති බවයි පේන්නෙ. ඔය පින්තූරෙ තියෙන්නෙ M9 එන්ජිමක් නෙමෙයි. ඒ වගේම M9 එන්ජින් ඉන්දියාවෙ පාවිච්චි වෙන්නෙත් නෑ.

    මේ බ්ලොග් එකෙ ඔබේ ගැටලුව ගැන හොඳ විස්තරයක් තියෙනවා.
    http://locolanka.blogspot.com/

    ReplyDelete
  3. මෙතන තියනවා විස්තරේ

    http://locolanka.blogspot.com/2011/02/m9.html

    ReplyDelete
  4. මං ඒක කියෙව්ව...
    http://www.alstom.com/India/.
    මේ තියෙන්නෙ අල්ස්ටොම් කම්පැනියෙ ඉන්දියානු ශාඛාව..ඒ දුම්රිය එන්ජින් 10 විශේෂ ඉල්ලීමකට අනුව තමා හදල තියෙන්නෙ..
    ඒ බ්ලොග් එකත් වැදගත් තොරතුරු බෝමයක් දෙනව..
    සාමාන්‍යනේ මේ වගේ නව නිපැයුම් ගෙන්වන විට ඒ අවැසි ටෙන්ඩර් ඩොක් වල අනිවාර්යෙන්ම ටෙස්ටින්,ට්‍රේනින් තියෙන්න ඕනි...මේ කියන කාරනා අනුව ට්‍රේනින් තිබිල නෑ වගේ...
    අනික තවත් දෙයක් තමා විකිපීඩියා එකෙත් කියලතිබුනට මේ ලාංකිය එම් 9 අසාර්ථකයි කියල තවම ඒ ගැන නිල ඉංග්‍රීසි ඩොක් එකක් නෑ මොකද කේෂ් එක කියල..එහෙම දැම්මනම් ඒක අල්ස්ටොම් කම්පැනි එකටත් කේස් වෙන එකක්...
    පිංතූරෙට එම් 9න් දැම්මෙ නැත්තෙ ලස්සනමදි නිසා..
    සමහර කාලවල රජයන් එලඹෙන යම් යම් විදේශිය ගිවිසුම් ආදිය නිසා රජයන්ට මේ වගේ ඒවට අතදාල ගෙන්නන්න වෙනව...
    ඒත් ඒ අවස්ථාවලදි සේවකයින් නිවැරදිව වැඩකරල අඩුතරමෙ ට්‍රේනින් එකක්වත් ඉල්ල ගන්න බලනවනම් ඒක වැදගත්..
    සාමාන්‍යන් පහල මට්ටමේ සේවකයින් උදේ මල්ල අරන් ඇව්ත දෙන වැඩක් තියෙන වැඩක් කරල හවස ගෙදර යනව...
    ඒ වගේම ඉහල මට්ටමේ සේවකයිනුත් උදේ ඇවිත් දෙන දේ කාල වෙන දේ බලං ඉඳල කිසිවක් අලුතින් ඉදිරිපත් නොකර යනවනම්..අපරාදෙ නේද අර ඉහල නිලධාරින්ට ගෙවන වැඩි වැටුප....

    ReplyDelete
  5. 01.Currently there are five M9 locos in the train service. Another one is going to release in future. Those locos rehabilitated by using Sri Lankan knowledge. ( Arthur C Clarke Institute for Modern Technologies and SLR )
    02.General Motors (GM) locos still in the service ( since 1960's )
    03.First be an Engineer and then Criticize Sri Lankan Engineering.
    04.Before post any article first study the background well.

    ReplyDelete
  6. @ Anonymous

    Well said. +1

    ReplyDelete
  7. M9
    Main article: Sri Lanka Railways M9

    The Sri Lankan M9 locomotive is a 6 axle machine with 1,800 horsepower produced from a Ruston 12 cylinder engine.[19] Ten units were ordered in 1997 and delivered in 2000, costing 190 million Sri Lankan Rupees each[citation needed]. The locomotives are painted in a yellow, white and blue livery,[20] and are numbered 864 to 873.[21] As of 2010 only 3 were in operation due to technical problems,[1] earning them the unfortunate title "Most Unsuccessful locomotive in Sri Lanka Railway".[22] The first of the 7 inoperative locomotives, number 869, was returned to service after 6 years in September 2010, following work by the Arthur C. Clarke Institute for Modern Technologies (ACCIMT).[23]

    http://en.wikipedia.org/wiki/Alstom_Prima_diesel_locomotives

    It said only one loco released.

    විකිපීඩියා බේස් වෙන්නෙ රේල්වේ එකම කියන තොරතුරු මත...
    බලන්න විකියෙ තියන ලින්ක් ටික..තව ඕනි නම් අද ලංකාදීපය බලන්න..
    ජෙනරල් මෝටර්ස් 1960 හදපු ඒව දැන් හදන්නෙ නැතුව ඇති..ඒ ගෙනාවත් 1997 තාක්ෂනේ ගොඩ දාගන්න බැරි සෙට් කෝමද 2011 ජෙනරල් මෝටර්ස් වල ප්‍රොඩක්ට්ස් වලට සර්විස් දෙන්නෙ....

    ReplyDelete
  8. යාළුවා , ඔයා කෝච්චි වල ගිහින් තියනවා ද?
    ගිහින් තියනවා නම් M9 Engine කීයක් තියනවද කියල දන්නා අය ඕන තරම් ඉන්නවා
    be practical, don't refer web or wiki :P

    ReplyDelete
  9. * Before post any article first study the background well.

    * be practical, don't refer web or wiki..

    මේ කමෙන්ට් දෙකෙන් මොකද්ද මන් කරන්න ඕනි..

    දෘෂ්‍යමානය සත්‍යක් නම් විද්‍යාව කොස් කොටන්නද??

    විකියෙ බලන්න එන්ජින් නොම්මර පවා තියෙනව..

    ReplyDelete
  10. සහොදරයා ඔබ මේ ලිපියේ වෙනස් කල යුතු ප්‍රධානම තැන දැනට ලංකාවේ එම් 9 කීයක්‌ ධාවනය වනවාද යන්නය. එම් 9 අංක 864, 866, 869, 870, 872 යන ලොකොමොටිව් 5 ම දැනට ධාවනය වේ. ඇනෝ 1 ට හිස නමමි. දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න. මේ පිළිබද හොඳ අධ්‍යනයක් කර ලිපියේ සන්ශෝධන කරන්න. කීප දිනක් කොටුව දුම්රිය පලට පැමිණ මෙම එම් 9 ලොකෝ 5 ම ධාවනය වන සැටි දැක බලා ගන්න.

    ReplyDelete
  11. දැන් තමා තේරෙන්නේ ! ඔබ තුමා මුළු ලොවම දකින්නේ Wikipedia එකෙන් බව.ඔබ තුමාට ඕන නම් ඔය දුවන M9 engine දැන් තියන තැන් උනත් මට කියන්න පුළුවන්.

    ReplyDelete
  12. තව වැරදි සහගත් තැන කීපයක් නිවැරදි කරනු කැමැත්තෙමි.

    1. ඔබගේ ලිපිය පල කර ඇත්තේ ඔක්තෝබර් 01 වනදාය. ඔබ එහි අවසානයට ලියා ඇත්තේ අද දින ලන්කාදීපය බලන ලෙසය. ඒ අනුව අප බැලිය යුත්තේ ඔක්තෝබර් 1 ලංකාදීපයයි. එහෙත් ඔබ ඔක්තෝබර් 02 වන දින පල කර ඇති කොමෙන්ටුවකත් සඳකැන් කර ඇත්තේ "අද දින ලංකාදීපය" බලන ලෙසයි. නිවැරදිවම අප බැලිය යුත්තේ කවර ලන්කාදීපයද? නැත්නම් එම් 9
    පිලිබඳ ලිපි දෙකක් දින දෙකේම පලවුනිද?

    2. විකිපීඩියා යනු විශ්වකෝෂයක් නොවේ. එය පදනම වන්නේ මිනිසුන් පල කරන ලිපි මතය. ඊට ලිපි ඇතුලත් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව නොව කවුරු හෝ පුද්ගලයෙක් විසිනි. එම නිසා විකිපීඩියා හි ඇති තොරතුරු 100% සත්‍ය යයි කිව නොහැක. ඊට හොඳ උදාහරණයක් දෙනු කැමැත්තෙමි. මා මොරටුව විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීටයේ යාන්තික ඉන්ජිනීරු ශිෂ්‍යයෙක්මි. අප සිදුකරන කිසිදු ව්‍යාපෘතියකට හෝ වාර්තාවකට විකිපීඩියා දත්ත ඇතුලත් කිරීම නිවැරදි ලෙස පිළිගන්නේ නැත. මන්දයත් විකියේ දත්ත ඕනෑම පුද්ගලයෙකුට වෙනස් කිරීමට හෝ ඇතුලත් කිරීමට ඉඩ ලබා ඩී ඇති නිසා එම දත්ත අපේ ව්‍යාපෘති වලට සුදුසු නැති බව මහාචාර්ය වරුන් විසින් අප වෙත අවධාරණය කර ඇත.

    3. විකිපීඩියා හි දැක්වෙන්නේ " As of 2010 only 3 were in operation due to technical problems" ලෙසය. එහි පැහැදිලිවම කියන්නේ වසර 2010 වන විට ක්‍රියාත්මක වන්නේ එම් 9 ලොකො 3 ක් කියාය. මේ වසර 2011 ඔක්තෝබර් ය. ඔබ ඔබේ ලිපියේ දැක්වෙන කරුණ නිවැරදි බ පෙන්වීමට පාදක කරගෙන ඇත්තේ වසරකටත් වඩා පැරණි දත්තයකි.

    4. ජෙනරල් මෝටර්ස් එන්ජින් ලංකාවට ඉතා සුදුසු ඒවා බව 1954 සිට 1966 දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ එම් 2 ලොකොමොටිව් 14 ත් 1979 දී ගෙන්වූ එම් 6 ලොකො 16 ත් 1981 දී ගෙන්වූ එම් 7 ලොකො 16 ත් පැහැදිලි සාක්ෂි දරයි. රස්ටන් ප්‍රීමා එන්ජිමක් වුවද ජෙනරල් මෝටර්ස්, බ්‍රෂ්, පැක්ස්මන්, කැටපිලර්, මර්ලීස්, රෝල්ස් රොයිස් ආදී වූ කවර එන්ජිමක් වුවද ගොඩ දැමීමේ හැකියාව අප සතුව ඇත. 1953 දී මර්ලීස් එන්ජිමක් තිබු එම් 1 ලොකොමටිව් එක රම්පාල මහතා විසින් ගොඩ දැමු ආකාරයටම 2000 දී මෙරටට පැමිණි එම් 9 10න් 5ක් ගොඩ දැමීමට ආතර් සී ක්ලාර්ක් ආයතනයට හැකි වුවා සේම ඉදිරියටත් මෙරටට ගෙන්වන ලොකො වල ගැටළු සහගත තත්වයන් නිරාකරණය කිරීමට මෙරට ඉන්ජිනේරුවන් පහල වන බව නොඅනුමානය.

    ReplyDelete
  13. good explanation Lihil,
    i am also Mora (mech 05'). We know how reliable is Wikipedia.
    ;)

    @ indi,
    better to edit your post.

    ReplyDelete
  14. @Anno: Thanks big brother. We were told not to use wikipedia as an information source no? By the way I am Mech '09 :)

    ReplyDelete
  15. ලිහිනි උත්පල කියල තියන විදිහටම මේ ලිපියේ දෝශ ගොඩක් තියනවා. M9 පහක් දැනට ධාවනයේ යෙදනවා. ඒවාගෙ අංක ලිහිනි දක්වල තියනවා. අනික මේවාගෙන් කොටසක් ධාවනයෙන් ඉවත් වීම ගැන දුම්රිය ඉන්ජිනේවන්ට කෙලින්ම ඇඟිල්ල දික් කිරීම සාධාරණ නෑ කියලයි මම හිතන්නෙ. මොකද කලින් එන්ජින් 3ක් විතරක් දුවපු M9 දැන් පහක් දුවන්නේ ඔවුන්ගේ උත්සාහය නිසා. 873 දරණ එන්ජිමත් දැන් නැවත ධාවන තත්වයට ගන්න උත්සාහ කරමින් තියනවා.

    S11 සම්බන්ධයෙන් කතාකරන කොට හුදකලාව තර්ක කරනවට වඩා හොඳයි ඊට ටික කාලෙකට කලින් චීනෙන් ගෙනාපු S10 එකක සංසන්දනය කරල කතා කලානම්. අලව්ව අනතුරේ දැනට තියන සාක්ෂි අනුව හෙළිවෙන්නෙ S11 එකේ තිරිංග ක්‍රියාත්මක වෙලාම නෑ කියන එක. අමතක කරන්න එපා මේක අළුත්ම දුම්රියක් තිරිංග හිරවෙන පරණ එකක් නෙමෙයි.

    ReplyDelete
  16. සුසිත: ඔබ නිවැරදියි. 873 රත්මලානේ වැස්සට තෙමි තෙමි හිද දැන් යලිත් වර්ක්ෂොප් එක තුලට ගෙන ඇත. බොහෝ දුරට යලිත් එය ධාවන මට්ටමට ගෙන ඒමේ වැඩකටයුතු අරඹනු ඇත. ( ප.ලි. මම ලිහිණි නෙමෙයි. ලිහිල් :) )

    ReplyDelete
  17. ඔබ දුම්රිය එන්ජින් හෝ ඒ සම්බන්ද හිසි දෙයක් ගැන දන්නෙ නැති බවයි පේන්නෙ

    ReplyDelete
  18. @ලිහිල්

    හත්තිලව්වයි. මගේ ප්‍රමාද දෝශය සමාවෙන්ඩ ඕන මචං.

    ReplyDelete
  19. @සුසිත : ලංකාවේ දුවන්නේ එම් 9 තුන නම් ඔය වෙච්ච වැරැද්ද මොකද්ද සහොදරයා :)

    ReplyDelete
  20. 302 යි..මේ මගේ මේ පෝස්ට් එක කියවපු ගාන..2011 ඔක් 02 වෙනිදා ලංකාදීපයෙ දුම්රිය සම්බනධ ලිපිය කියවපු ගාන කීයද??
    එතකොට විකිපීඩියා එකේ ලිපිය කියවපු ගාන කීයද??
    විකිපීඩියා එකේ විස්තර තියෙන්නෙ පැහැදිලි සාක්ෂි ඇතුව..
    ඉතින් ඒව වෙනස් කලොත් විකිය වෙනස් කරයි තමන්ගෙ තොරතුර..
    එස් එල් ආර් සයිට්ස් වලත් තාම මේ ගැන නෑ..
    ලෝකෙ මිනිස්සු මගේ මේ සිංහල ගොමස්කඩේ බලන්නෙ නෑ..
    ටිකක් හරි දන්න කෙනෙක් විකිය බැලුවොත් උන් හිතයි..මේ වගේ හිඟන රටවල්වලට අල්ස්ටොම් වගේ කම්පැනි වලින් බඩු දෙන එකත් හොඳ නෑ කියල...මොකද 2010 වනතුරු 10න් 7ක් මේන්ටනන්ස් බැරි නිසා අතහැරල තිබුන නිසා...

    ගෝත්‍රිකවාදයට ජයවේවා...මං ඔබේ ගෝත්‍රයට නෙමේ පහර ගහල වෙන තැනකට..ඒක පොඩ්ඩක් බලා ගන්න..ඕකේ...

    ReplyDelete
  21. ඔබ දකින දැයක් ඒ දකින විදියට කතා කරන්නට උත්සාහයක් ගැනීම නිහඬ ව සිටිනවාට වඩා අතිශයින් නිර්භීතය.

    කෝච්චියක් ගැන කතා කරන්නට කෝච්චියක ගිහින් තියෙන්නට ද අවශ්‍ය නැත.

    යම් වරදක් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා නිවරද කරනවා වෙනුවට ඔබ ඉංජිනේරුවෙක් නෙමෙයි ඒ නිසා ඉංජිනේරු දේවල් ගැන කතා කරන්න එන්න එපා යැයි කියනා අයට සවන් දීම නිසා ලෝකය යන්නේ ඉස්සරහට නොව ආපස්සට යි.

    විකිපිඩීයාවේ වැරදි ඇත්නම් ඒවා සදොස් කරන්නට දන්නා අයවළුන්ට හැකිය. ඒ ගැන විහිළු කරමින් සිටීමෙන් තමන්ගේ දන්නා කම ලොවට පෙනෙන්නේ නැත!!

    විකිපීඩියාවේ අගය නම් එය නිවරදි කරත හැකියාවම ය. නැත්නම් අපිට හැමදාම තමන් පමණක් දන්නේ යැයි කියා ගන්නා විද්වත් මත පමණක් ඉතිරි වනු ඇත.

    Wikipedia (i/ˌwɪkɨˈpiːdiə/ or i/ˌwɪkiˈpiːdiə/ wik-i-pee-dee-ə) is a free, web-based, collaborative, multilingual encyclopedia project supported by the non-profit Wikimedia Foundation. Its 19.7 million articles (over 3.7 million in English) have been written collaboratively by volunteers around the world. Almost all of its articles can be edited by anyone with access to the site,[3] and it has about 90,000 regularly active contributors.[4] As of July 2011, there are editions of Wikipedia in 282 languages. It has become the largest and most popular general reference work on the Internet,[5][6][7][8] ranking seventh globally among all websites on Alexa and having 365 million readers.[5][9] It is estimated that Wikipedia receives 2.7 billion monthly pageviews from the United States alone.[10]

    ReplyDelete
  22. මචන් එෆ් බී එකේ ඉන්නවන සදරුවන් කියල යාලුවෙක්.. මිනිහ එම්9 වලට පනට වගේ සලකනවා... සදරුවන් කියන නිසා නෙවෙයි.. අපි කව්රුත් දන්නවා එම් 9 එන්ජිම ගැන. ඔබ කියන්න උත්සහ කරන දේ පැහැදිලි. අරුණි කියල තියෙන එකත් ඇත්ත.. ඒත් එම් 9 වල ඇත්ත කතාව උබ කියන කතාවට වඩා ගොඩක් වෙනස්.. එස්11 සම්බන්දව මම උබ එක්ක එකගයි..

    ජය..

    ReplyDelete
  23. ඔබ කියන විදිහට ලංකාවේ දුම්රිය ඉන්ජිනේරුවෙකුගේ ඉහල වැටුප හා කියද?
    නොදන්නා දේවල් කියන්න එපා.
    Its 22900(Basic)+5850(cola)
    any one who has B.Sc Engineering wont like that,while drivers and guards get 3,4 times than that.thats the main reason most of them leave the place.admire those who try to do something

    ReplyDelete
  24. @අරුණි: ඔබ ඔබේම වලිගය පාගාගෙන ඇති බවක් මට පෙනේ.

    1. ඔහුගේ නිර්භීතකම මෙහි කිසි කෙනෙක් අවතක්සේරු කර නැත. එවන් කොමෙන්ටුවක් මෙහි තිබීනම් උපුටා දක්වනු මැනවි.

    2. කෝච්චියක යන එන පුද්ගලයාට දුම්රිය සේවාව පිලිබඳ අංශු මාත්රීය හෝ වැඩිපුර දැනුමක්, කෝච්චියක යන් නැති පුද්ගලයාට වඩා තිබෙන බව නොඅනුමානය.(තැපෑලෙන් පිහිනීමට ඉගෙන ගත නොහැක. ඔබ වතුරට පැනිය යුතුය. වතුරට පැන්න පුද්ගලයා, ගොඩ සිට පිහිනිය හැකිය කියා පාරම් බාන පුද්ගලයාට වඩා පිහිනිමට හපනෙකි)

    3. මෙහිදී මා කීවේ ඔහුට එම් 9 පිළිබඳව කතා කරන්න එපා කියා නොවේ. මා පැවසුවේ අපට විකිපීඩියා හි දත්ත නිවැරදි දත්ත ලෙස සලකන්නට එපා කියා දැනුවත් කර ඇති බවය. මා මෙහිදී පෙන්වා දුන්නේ ලිපියේ විකිපීඩියා දත්තවල ඇති වැරදි ස්වභාවය, ධාවනය වන එම් 9 සංඛ්‍යාව සහ දින වකවානු වල ඇති වැරදි ස්වභාවය පිළිබඳවය. ඔබ පැවසූ ආකාරයට "යම් වරදක් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා නිවරද කරනවා වෙනුවට" තවත් එම වරදම මේ ලිපියේ දකින්නට ලැබෙන්නේ ඇයිදැයි මා විමසීමට කැමැත්තෙමි? ලෝකය ඉදිරියට මිස පස්සට නොයාමට නම් එම වැරදි නිවැරදි කිරීමට ලේඛකයා නිහතමානී වී නැත්තේ ඇයිදැයි විමසනු කැමැත්තෙමි?

    4.
    විකියේ ඇති දත්ත එසේ වෙනස් කරන්නෙත් තවත් "එක් පුද්ගලයෙක්" මිස දුම්රිය දෙපාර්තමේන්තුව නොවේ. ඔබ උපුටා දැක්වූ ආකාරයට "Almost all of its articles can be edited by anyone with access to the site" .මෙයින් කියවෙන්නේ දුම්රිය පිලිබඳ හාන්කවිසියක් වත් නොදන්නා අයකුට වුවද මෙහි සන්ශෝධන කල හැකි බවය. එසේ නම් විකියේ තිබෙන ලිපි වල නිවැරදි භාවය පිළිබඳව ඔබට දිය හැකි සහතිකය කුමක්ද?

    5. විකියේ ඇති තවත් සුවිශේෂී අගයක් නම් නිවැරදි තොරතුරු ඇතුලත් කල පසු තවත් අයෙකුට ඊට වැරදි තොරතුරු නැවත ඇතුලත් කිරීමට ඇති හැකියාවය.

    ReplyDelete
  25. @ Lihil Uthpala Subasinghe,

    වලිගයක් තිබුණා නම් පාගා ගන්නට පුලුවන්. එහෙත් පරිණාමය වෙද්දී වලිගය හැලී ගොස් ඇත!!!

    මා නිර්භීතයි කීවේ හිතක තිබුණු අදහස් පිට අය හා බෙදා ගන්නට උත්සාහයක් ගැනීම ය. අදහසක් ලියා ලෝකයාට කියවන්නට දැමීම හැම විටක ම නිර්භීත ය. වැඩි කමෙන්ටු වලින් අවතක්සේරු කර ඇත්තේ ඒ උත්සාහයයි.

    මන්ද, වැරදි පෙන්වා දීමට ලිහිල් නැමති ඔබට හැකියාවක් ලැබුනේ ද ලේඛකයා සටහන පළ කළ හෙයිනි. ඒ නිසා දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය නොදැන ලියන්නට යන්න එපා යැයි කිම නිසා සිංහලෙන් කියවන බොහෝ අයට කියවන්නට ඇති දෑ අඩු වී යයි. //දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න.// කියා ඇත්තේ ඔබ විසිනි.

    නිර්භීත විය යුත්තේ සියල්ල දැන ගන්නට බලා සිටීම නොව දන්නා පමණින් යමක් බෙදා හදා ගැනීමයි. නැත්නම් විද්වත් අය ඉංග්‍රීසියෙන් පමණක් පළ කරන ශාස්ත්‍රීය ලිපි හා කැම්පස් වල පුස්කන නිබන්ධන ලියද්දී සෙසු සමාජය හැමදාම වල්පල් දොඩවමින් සිටියි.

    තැපෑලෙන් ගෙන්වා ගත් පොත් පිංචකින් පිහිනන්නට ඉගෙන ගත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ය. ඔව් වතුරට පනින්න ඕන තමයි ඉගෙන ගන්න. ඒත් ඔයාලා පොඩ්ඩක් උදව් කරන්න ඕන මිසක් කකුලින් ඇදලා පිහිනන්න හදන එක්කෙනාව ගිල්වලා මරන්න හදන්න හොඳ නෑනේ.

    ලිපියේ ඇති අඩුපාඩු දැන් කිහිප දෙනෙක් මෙතැනට පැමිණ පෙන්වා දී ඇත. බ්ලොගයක ඇති වටිනාකම එයයි. අයෙක් යමක් ලියද්දී ඒ ගැන විවිධ වූ පුද්ගලයන්ට පැමිණ මත ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. ඒ නිසා ලිපිය අලුතින් ලියන්නට අවශ්‍ය නැත. එහි සාවද්‍යතාවය ගැන තීරණ ගන්නේ කියවන අපි විසිනි. නැතිව නිබන්ධන කමිටුවක් විසින් නොවේ.

    ලේඛකයා ලියූ දේවල් සහ අනිත් පේරා මෝරා අය ලියූ දේවල් ද කියවා අපි, එනම් ලංකාවේ කෝච්චි වල යන්නෙත් නැති අයට, අපිට කැමති විදියට ඒ ගැන හිතන්න අවස්ථාවක් පෑදීම. මෙතැන පුද්ගලික උත්සාහයක්. ඒක දන්න නිසා අපි මේක කියවන්න එන්නෙත් ඒ ඇසින් මෙය කියවන්නයි.

    නමුත්, විකිපීඩියාව බ්ලොගයකට වඩා වෙනස්. එය නිතර යාවත්කාලීන වන මූලාශ්‍ර සපයා තොරතුරු එකතු කරත හැකි තැනක්. විකිපීඩියාවේ ඇති විස්තරය වැරදි නම් තතු දන්නා අය විසින් එය නිවැරදි කළ යුතුයි. ඒකයි විකිපීඩියාවේ වැදගත්කම. කාටවත් වැරදි ලියන්න බැහැ. දන්න අය ඇවිත් වැරදි නිවැරදි කරන නිසා. කවුරු හරි ඇවිත් වැරදි තොරතුරු නැවත දානවා නිවැරදි තතු ඇති අය නැවත ඒවා වෙනස් කළ යුතුයි. ඒවා නිවැරදි නොකර අපෝ ඕවයෙ තියන්නෙ බොරු කියා සිටීමෙන් පාඩුව ඒ ගැන තොරතුරු හොයන්න කැමති සෙසු අයට අර ශාස්ත්‍රීය ලිපි හා පුස්කන නිබන්ධන කියවන්න නැති අයට කොහෙන් තතු සොයා ගන්න ද? ඉංජිනේරු උපාධියක් නැත්තෙකුට ඒ ගැන විමසන්නට අවසර නැද්ද?

    අපගේ උත්සාහය විය යුත්තේ හැමට තොරතුරු ලබා දීම. නැතිව තොරතුරු තමනට පමණක් තබා ගැනීම නොවේ.

    ReplyDelete
  26. @අරුණි: "අද දින පලවූ ලංකාදීප පුවත්පතේ තිබෙන ආකාරයට එම් 9 න් එන්ජින් 7ක් මේ වනවිට වැඩ නැති බව සඳහන් කරමි" මෙලෙස බ්ලොගයේ සදහන්ව ඇති අමූලික බොරුව යලි මතක කර දෙමින් මම නවතිමි. බීරි අලින්ට වීනා ගයා වැඩක් නැත.

    ReplyDelete
  27. මෙම ලේඛකයාට සුදු හුණු ගෑමට හදන පුද්ගලයා වෙතයි.... මට පෙනෙන්නේ ඔබට ඇත්තෙ සිංහල භාශාව පිළිබඳ ප්‍රශ්නයකි. //දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න.// යන්නෙන් අදහස් වන්නේ ඉන්ජිනේරුවන්ට හැරෙන්න වෙන කාටවත් දුම්රිය පිළිබඳ කථා කිරීමට නොහැකි බව නොවේ. "නොදැන පල නොකරන්න" යන්නෙන් කියවෙන්නේ "දැන ගෙන පලකරන්න" යන්නයි. ලංකාවේ දුම්රිය ගැන රසායන විද්‍යාඥයෙක්, දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ඇතුළු "ඉංජිනේරුවන් නොවන" වෙනත් අය කෘති පල කොට ඇත. නමුත් ඔවුන් ඉතා උවමනාවෙන් කරුණු රැස් කර විශ්වාසනීය කරුණු ඉදිරිපත් කර ඇත. නමුත් මෙහි සඳහන් බොහෝ කරුණු එක්කෝ අසත්‍යය නැතිනම් අසම්පූර්ණය. මා ඉල්ලන්නේ ඒවා නිවැරදි කරගන්නා ලෙසයි. යමෙක් වරදක් පෙන්වා දුන්විට "ගෝත්‍රිකවාදීන් කෑගසනවා" යැයි උඩ පනින්නේ නැතිව වරද නිවැරදි කිරීමට උත්සහ කරන්න. මෙවැනි ලිපියකින් අභියෝගයක් කරන විට එය ශක්තිමත් විය යුතුය. වරදට එරෙහිව සටන් කල යුතුය, නමුත් කාලතුවක්කු හටනකට මලකඩ කෑ පිහියක් රැගෙන යාමෙන් පලක් නැත. එසේ වුවහොත් සිදුවන්නේ ගහන්න ගොස් ගුටි කා ගෙදර යාමටයි. බලන්න මෙහි ඉහත දක්වා ඇති http://locolanka.blogspot.com/2011/02/m9.html ලිපිය, එහි සම්පූර්ණත්වය සහ පිළිවෙල. එය ලියා ඇත්තේ ඉංජිනේරුවෙකු නොවේ. නමුත් කොතරම් කරුණු ප්‍රමාණයක් එහි ඇත්ද? උවමනාවක් තිබෙන පුද්ගලයාට අවශ්‍ය තැන් වලින් ඒවා ලබාගත හැක. කණගාටුවට තවත් කරුණක් වන්නේ, මෙම ලේඛකයා එම ලිපිය පරිශීලනය කර තිබෙන බව කීවත් එහි ඇති කරුණු මෙහි බොරු කර ලියා තිබීමයි. උදා : අපේ ඉංජෝ ජෙනරල් මොටර්ස් එන්ජින් අනුමත කරද්දි සිරියාව ප්‍රංස එන්ජින් ගත් බව මෙහි සඳහන් කර තිබේ. නමුත් සිරියාව ගත් එන්ජින් වල ජව එන්ජිම (ප්‍රයිම් මූවර්) ජෙනරල් මෝටර්ස් එකකි, අපි ගත් එන්ජින් වල ඇත්තේ රස්ටන් වර්ගයේ සාමුද්‍රික ජව එන්ජිමකි. මෙවැනි දෝෂ රාශීයක් මෙහි තිබේ. ඉතින් ගහ දන්නා අයට කොල කඩාපෑමට ගොස් නාගෙන තිබෙන්නේ මොහුය. එයට මෙහි අදහස් පලකල කිසිවෙකුට දොස් පැවරිය නොහැක.

    ReplyDelete
  28. ලංකාවේ ඉරිදා සිංහල පුවත්පත් සෙනසුරාදා නිකුත්වෙයි..
    2011 ඔක් 02 වෙනිදා යැයි මා සඳහන් කලා නම් මා බ්ලොග් එක ලියන දින වන 01 වන දින වන නිසා හෙට ලංකාදීප පුවත්පතේ තියන දෙයක් සාධක ලෙස ගැනීම වැරදිය...එනිසාය අද දින පලවූ යන විශේෂනය යෙදුවේ..

    ReplyDelete
  29. අනුන්ගේ දින පොත් ලියන්න ගිහින් මට කෙලෙවෙලා !

    ReplyDelete
  30. මේ... පොඩි උපදෙසක් දෙන්නම් කැමතිනම්. Facebook එකේ ඉන්නවා Sandaruwan kudahetty කියල කෙනෙක්. මිනිහ M9 එකේ නට් එකක් බෝල්ට් එකක් ගානෙ දන්නවා. ඔයා එයා එක්ක පොඩ්ඩක් කතා කරල බලන්නකෝ. හොඳේ..

    ReplyDelete
  31. නිතර ඔය කියන තැන් හරහා කෝච්චියෙන්ම විතරක් ගමනේ යෙදෙන කෙනෙක් හැටියට ගමනාන්තයට යනකම් සිහිවෙන්නේ... හරියට සිග්නල් වැටිලද, පීලි පනියිද ? වැරදි රේල් පාරක ට්‍රේන් එකක් එයිද.. කියලමයි. කවදාවත් වෙලාවට දුම්‍ රියක් ගමන ආරම්භ කරන්නේ නෑ, එහෙම ඇරඹුව දවසක මග හැම තැනම නතර කරගෙන ඉන්නවා.

    ReplyDelete
  32. @indi : එසේනම් ඔබ ඔක්තෝබර් 01 වනදා පල කල ලිපියෙත් 02 වනදා පලකල කොමෙන්ටුවෙත් "අද දින ලංකාදීපයේ" ලෙස දැක්වූයේ මන්ද? බ්ලොග් ලිපියක් ලිවීමේදී අද දින හෙට දින ආදී යෙදුම් වලින් සිදුවන්නේ පාඨකයා නොමග යාමය. දිනය "ඔක්තෝබර් 02 වනදා" ලංකාදීපය ලෙස යොදන්න.

    @අයන් ඩෙවිල්: නිවැරදියි ඔබ. මා පලකල අදහස මෙහි ඉන්නෑ අයට නිවැරදිව පැහැදිලි කර දුන්නාට තුති.
    මේ ලේඛකයා සහ අනුගාමිකයා ලොකොමොටිව් එක සහ එහි අභ්යන්තර එන්ජිම යන දෙකෙහි වෙනස නොදන්නා බව පෙනේ. සිරියාව සහ ශ්‍රී ලංකාව දෙකම ප්‍රංශයෙන් ආනයනය කලේ "ඇල්ස්ටම්" නමැති ලොකොමොටිව් එකයි. මෙරටට ගෙන්වූ ඇල්ස්ටම් ලොකො එකේ තිබූයේ රස්ටන් ප්‍රීමා නම් එන්ජිමකි (අයන් ඩෙවිල් කියූ ආකාරයට ප්‍රයිම් මූවර් නැතිනම් ප්‍රධාන ජව සැපයුම). එම එන්ජිම මීට පෙර ලොකොමොටිව් එකක බල සැපයුමක් ලෙස භාවිතා කර තිබී නැත. එය භාවිතා වී තිබුනේ නාවික යාත්‍රා වල ජව සැපයුම් එන්ජිමක් ලෙසයි. නමුත් සිරියාවට යැවු ඇල්ස්ටම් ලොකො එකේ තිබුනේ ජෙනරල් මෝටර්ස් එන්ජිමකි. ජෙනරල් මෝටර්ස් එන්ජිම මෙරටට කොපමණ උචිත දැයි මා ඉහත කොමෙන්ටුවක දක්වා ඇත (උදාහරණද සහිතව)

    ReplyDelete
  33. මචං ඔය ෆේස් බුක් එකේ ඉන්නවයි කියපු M9 නට් ඇන්ඩ් බෝල්ට් එකක් ගානෙ දන්න පොර බැරිද රේල්වේ එකට ජොයින් කරන්න. අපේ අවාශනාවකට මිනිහ වැරදි තැනක වගේ ඉන්නෙ. මිනිහ ඉන්න තිබුනෙ රේල්වේ එකේ. ‍අවුරුදු 20ක් - 25ක් ට රේල්වේ එකේ එන්ජින් එක්ක වැඩකරල ගත්ත එක්ස්පීරියන්ස් එකෙනුත් උපංගෙයි දෝස අරින්න බැරි මේ එන්ජිම ඔය කියන පොර ගෙන්න ගත්තනම් ගොඩදාගත හැකි වෙයි..

    ReplyDelete