Monday, October 24, 2011

ගමට බ්‍රෝඩ්බෑන්ඩ්..(SLT i sri lanka)

දැනට බ්‍රෝඩ් බෑන්ඩ් සේවා ලබාදෙන ක්‍රමය...
දැනට භෞතික වශයෙන්(Physical Layer) කේබල් මගින් ටෙලිකොම් ආයතනය මගින් තම පාරිභොගිකයින්ට සේවා අවශ්‍යතා සපුරා දෙයි...එහිදී බොහෝ විට ටෙලිකොම් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන(Telecom exchanges) වලට ප්‍රකාශ සන්දාම(Optical Fibre Cable) අදින අතර ඉන්පසු විවිධ උපකරණ ජාලයක්(Transmission & Distribution Equipments) ඔස්සේ නිවෙස් වලට සේවා ලබාදීම සිදුකරයි..එහිදී පසුපස ජාලය (Backbone network)හෙවත් ඒ මධ්‍යස්ථාන වලින් පිටට දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ප්‍රකාශ සන්දාම මගිනි..නමුත් ඉන් පිටතට එනම් කැබිනෙට්ටු(cabinet),විබෙදුම් පෙට්ටි(Distribution point),.නිවෙස් ආදි සෑම තැනකටම අදිනු ලබන්නේ තඹ සන්දාම(Copper Cable) වෙයි..අත්‍යවශ්‍ය අවස්ථාවලදී විශේෂ ගෙවීම් ක්‍රමවලට අනුකූලව වෙනත් ආයතන සඳහා ප්‍රකාශ සංදාම අදිනු ලබයි..මෙහි ඇති අවාසිදායක කරුණ වන්නේ කුමන කේබල භාවිතා කලත් නියමිත තත්ව අනුව තඹ සන්දාමයක් හරහා දත්ත බෙදිය හැකි උපරිම සීමාවක් යෙදී තිබීමයි..එනිසා ටෙලිකොම් ආයතනයට විශේෂ අවස්ථා කීපයක් හැරුණ කොට තම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට කිලෝමීටර 8කට 10කට වඩා දුරක් සඳහා අධිවේගී අන්තර්ජාල(Broadband Service) පහසුකම් ලබාදීමේ ගැටලු මතුවිය...


මේ රූපයේ දුරකථන සහ රවුටර සම්බන්ධවන උපාංගය ONU වන යන කොටස නව කැබිනෙට්ටු(MSAN) වෙයි..

.ඒවායින් ජාලය තුලට යන කහපැහැති කේබල ජාලය ප්‍රකාශ සංදාම(optical Network) ජාලය වෙයි..එන් ජී එන්(NGN) යනු සම්බන්ධිත නව ස්ව්චීකරන(Switching) සහ සේවා සැපයිමේ(service Providing) මෘදු අවකාශය( soft Environment) වෙයි..

යෝජිත නව ක්‍රමය...(Outdoor MSAN Cabinet)

නව ක්‍රමය යටතේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් තුල ඇති සියලුම උපාංග එක් විශාල කැබිනෙට්ටුවකට ඇතුලත් කොට තැනූ ඒකකයක්(MSAN- Multiple Service Access Nodes) මගින් පාරිභෝගික සේවා සම්පාදනය කල හැක..මෙහිදී කෙලින්ම ජාතික විදුලි ජාලය යටතේ එම නව කැබිනෙට්ටු  විදුලි බල කප්පාදුවකදී අමතර බල ගැන්වීමේ ක්‍රම(Power Backup) සහිතව පැමිනෙයි..එම කැබිනෙට්ටු වලට ප්‍රකාශ සංදාම මගින් පසු ජාලයේ සේවා ලබාදී විදුලි බලයද නිසියාකාරව ලබාදුන් විට ඉතා කෙටි කලක් තුලදී පහසුවෙන් ක්‍රියාත්මක කොට අපට අන්තර්ජාල සහ වෙනත් ජාලමය අවස්ථා සපුරාගත හැකිවෙනු ඇත..එනම් විශාල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඇතිකිරීමට ඒවා නඩත්තු කිරීමට යන විශාල මුදල් වලින් තොරව ආයතනයට ප්‍රධාණ මධ්‍යස්ථානයක හෝ ප්‍රධාන ප්‍රකාශ සංදාම ගමන් කරන මාර්ගයක සිට කිලෝමීටර 40ක් දුර තැනකට උව ප්‍රකාශ සංදාම හා අනෙක් පාරිබෝගිකයා සම්බන්ධ වන අන්තයේ කේබල නිවැරදිව එලා ගත හැකිනම් අධිවේගි අන්තර්ජාල පහසුකම් ලබාගත හැකිවෙනු ඇත..මෙහි ඇති වාසි බොහෝය..මේ සවිකරන උපාංගය ටෙලිකොම් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ලබාදෙන බොහෝ පාරිභෝගික සේවා ලබාදීමට සමත් නිසා කිසිදු අමතර එකතුකිරීමක් අවැසි වන්නේ නැත..තාක්ෂණය දියුනු වීම සමගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක වන සමස්ථ සංකීර්ණ කාර්යාවලියම ඉටු කිරීමට මේ නව කැබිනෙට්ටු සමත් වෙයි..එහිදී ප්‍රකාශ සංදාම මගින් විශාල දුරක් ජාලය ගමන් කරන නිසා තඹ සන්දාම වලින් ඇතිවන විවිධාකර දෝෂ ඇතිවීමද අඩුය..දැනට වැහි ඇති කල අන්තර්ජාලයේ ඇතිවන බිඳවැටීම් නව කැබිනෙට්ටු සහිත අයි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අවසන අවමවෙනු ඇත.
දැනට වැඩ ආරම්භ කරමින් පවතින මේ ක්‍රමය කලින් දියත් කල ස්කයි නෙට්වර්ක් මහා මෙහෙයුමට වඩා ප්‍රබල ලෙස ටෙලිකොම් ආයතනය කෙරෙහි සාධනීය ලෙස බලපානු ඇත..

4 comments:

  1. නියමයි නේ... අපිටත් ADSL ගත්තෑකි එනම් !

    ReplyDelete
  2. ඒ ඉතින් ඔයාලැයි පැත්තෙ තව ගොඩක් අය ඒ ඩී එස් එල් ගන්නව වගේ ඉන්නව නම් තමයි..නැත්තං ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න තැනකට ලොකු වියදමක් දරන එක අපරාදෙ නෙව...

    ReplyDelete
  3. sounds so good to me. i thought this was simply some kind of bare ADSL2+ deployment.

    ReplyDelete
  4. I think they can serve better if they use the real up-to-date and state-of-the-art technologies to serve their customers. If you dunno, our neighbour countries, India & Pakistan both having high speed internet connections of upto 52 Mbps downstream and 16 Mbps upstream via VDSL.

    ReplyDelete