Thursday, November 3, 2011

දියුනුවන මිනිසුන්ට ඉරිසියා කරමු..

මා මේ ලිපිය ලියන්නේ දියුණුව දැකීම පිණිස දැඩි කැපවීමකින් ඉදිරියට ඇදෙන මිනිසුන්ට ඉරිසියා කරනු පිණිසයි..
කලකට ඉහත ධර්මවාහිනී සහ ලර්න් ටී වී රූපවාහිනී නාලිකාවන් ක්‍රියාත්මක කල මෙත්තවිහාරී ස්වාමින් වහන්සේ මා දැක ඇති අමුතු චරිතයකි..උන්වහන්සේ වරක් මට මෑතකදී හමු විය..කලින් දැන අඳුනගෙන සිටි උන්වහන්සේගෙන් කොහොමද හාමුදුරුවනේ ටී වී එක..ධර්මවාහිනී එක නම් දැන් අර කලින් තියෙන ප්‍රෝග්‍රෑම් ටිකම ආයෙම දානව..ලර්න් ටීවී එකත් ඒ වගේ තමයි..තාම සිලබස් වෙනස් උනේ නෑනෙ..සිලබස් වෙනස් වෙනකල් ලර්න් ටීවී එකත් නැවත විකාශය වෙලා තියෙයි..හාමුදුරුවන් කිසිදු දුකක් නැතිව මෙසේ ප්‍රකාශ කලේය..මේ මෙත්තවිහාරී හිමි මේ රූපවාහිනී නාලිකා දෙක ප්‍රවර්ධනයට විශාල කාර්යයක් කලේය..ඩයලොග් ටීවී මගින් ලර්න් ටීවී යන අධ්‍යාපන නාලිකාව ආරම්භ කරන විටද එක් අවස්ථාවක මා උන්වහන‍්සේ හමුවන්නට ගියෙමි..හාමුදුරුවනේ ඔය චැනල් එක දාන්නෙ ඩයලොග් ටී වී එකෙන් නේ..ඉතින් ඕකෙන් වැඩක් වෙයිද??
යැයි මා ඇසීමි..
එවිට..දැන් ලංකාවෙ ඇතුලෙ ඕනි තැනකට ඩයලොග් ටීවි ගන්න පුලුවන් බෝම කොළඹින් ඈත ගම්වල ඉන්න සල්ලි ටිකක් තියෙන කෙනෙක්ට ටියුෂන් පන්තියක් තියෙනව වගේ මේ චැනල් එක දාගෙන ඉගෙනගන්න පුලුවනි..දුර පලාත් වල ටියුෂන් උනත් හොඳනෑනෙ..ඒ උණ්වහන්සේගේ අදහසයි...ඒ උනත් අවසන ඒ සියල්ල නොලැබුනු ධන පරිත්‍යාග සහ කැපවීමට කැමති මිනිසුන්ගේ අඩුපාඩුව නිසා අවසාන විය..
එහෙත් උණ්වහන්සේ ඒකිසිවෙකින් කම්පා නොවුනු කෙනෙක් විය..
දියුණුව පෙන්වන ක්‍රම කීපයක් අපි බලමු..
ලොකු ජංගම දුරකථන ලැට්ටප් ගැනීම..
ලංකාවේ මිනිසුන් බෞද්ධ යැයි කීවාට බෝ සෙයින් පුහු ආටෝපයට ආශා කරති..අයි පෑඩ් නැමැති උපකරණය වැඩිපුර වැදගත් වන්නේ අදාල ඇප්ලිකේෂන් සපෝට් කරන රටවලටයි..කොළඹටවත් හරියට සිග්නල් නැති..ඔන්ලයින් ඊබුක්,,ඔන්ලයින් මියුසික් ඔන්ලයින් ක්ලවුඩ් නැති කිසිදු කාර්යාලයීය කටයුත්තක් අයි පෑඩ් එකෙන් නොගන්නා අයවලුන් අයි පෑඩ් ගනිති..තවද ඉදිරියට ගොත් අයි මැක් ලැප් ගනිති..ඒත් නැත්නම් කුමක් හොෝවිශාල සැම්සුන් හෝ ඩෙල් හෝ වෙනත් ගැජට්ටුවක් මිලදී ගනී..සමහර ජංගම දුරකථන වල මිල බෝමැ අධිකය නමුත් ලංකාවේ මුදල් ඇති සහ නැති අය බෝමැ දෙනෙක් මේ ජංගම දුරකථන වලට බෝමආශා කරති...සල්ලි නැති ඇත්තන් සිතන්නේ මිල අධික ජංගමදුරකථනයක් ගෙන කනේ ගහගෙන එය ඔබ ඔබා යෑම ලැප්ටප් එකක් ගෙන එය හරව හරවා යෑම මහා ලොකු වැඩක්ය කියාය..මා දැන් වැඩකරන ආයතනයෙන් මට දී ඇත්තේ මීට වසර 8කට පමණ පෙර නිපදවූ පෙන්ටියම් වර්ගයේ පරිගණකයකි..එයට දැන් එක්ස් පී වැනි මෘදුකාංග දමා පරිහරණය කිරීම අපාසුය..මන්ද දැන් ඇති බෝමයක් ඇප්ලිකේෂන් වැඩකලනොහැකි බැවිනි..ඉන්පසු මගේ මතකය ගියේ මොබයිල් ෆෝනවලඇති සුලු ධාරිතාවයක් ඇති කුඩා හාඩ්වෙයාර් මත වැඩකරන ඇප්ලිකේෂන් ගැනයි..එසේ සොයා බලා පලමුව මා ගූගල්සමාගෙමෙන් දෙන ඇන්ඩ්
රොයිඩ යන ඩෙක්ස්ටොප් එස් එක මැෂින් එකට ඔබාගෙන බැලුවෙමි..නමුත් ඇන්ඩ්
රොයිඩ් එක එතරම් යසට වැඩ නොකල අතර කුමක් හෝ ඩ්
රයිවර් අවුලක් පැමිණිනි..ඉන්පසු වෙනත් ලිනක්ස් සංස්කරණ ගණනාවක් ගැන හදාරා ඉන්පසු මේ පරිඝනකයට අදාල සහ හොඳින් වැඩකරන ලිනක්ස් සංස්කරණයක් ඇතුලත් කොට ගතිමි..මේ පරිගණක බොහෝමයක්
වැඩකරන කාර්යාල වලින් අතුගෑවෙමින් යද්දී දැනටත් ලිනක්ස් මින්ට් එල් එක්ස් ඩී එන්වරන්මන්ට් එක යටතේ මා යහතින් ඕනෑ සෑම දෙයක්ම කරගනිමි..මේ මැසිමෙන් වැඩ කලයුතු ආකාරයක්ද තිබේ එක වැඩක් අස්සේ තවත් දාහක් ටැබ් ඕපන් කරගත හැකි කමක් මෙහි නැත..කෙසේ හෝ මට අවැසි සියලු වැඩ කිසි වදයකින් තොරව කරදීමට මේ පරන කසිකබල සමත්ය..නවතම ලැප්ටප් එකක් නොලැබී මේ පරණ කසිකබලක් ලැබීම මගේ කම්පීතර දැනුම වඩාලන්නට මහඟු පිටිවහලක් විය..
ඇමෙරිකාවට යෑම..
බොහෝ දෙනෙක් දියුනුවට ‍ෙම් රට බාධාවක් බව පවසති..එය යම්කිසි ඇත්තකින් යුතු කාරණාවකි..නමුත් අපි මේ රටාවට හැඩගැසීම රට යෑමට ඇති සිහින වලට වඩා වැදගත් බව මා සිතමි..මා ඇමෙරිකානු මධ්‍යස්ථානයේ විවිධාකාර වැඩසටහන්වලට සහභාගී වෙමි..එයට එන බෝ දෙනෙක් අමෙරිකාවට ආසාය..එසේම ලංකාවේ බෝ දෙනෙක් අමෙරිකාව නවසීලන්තය ඔස්ටේලියාවට යෑමට ආශා කරති..ඔවුන් සමහරෙක් ඒ රටවල පවතින සමාජීය කාලගුන දේශගුන තත්වයන් සහ වෙන් බාධාවන් නොහඳුනන්නෝ වෙති..කලක් ප්‍රසිද්ධ හිමිනමක් ව සිටි ගංගොඩවිල ‍‍සෝම ස්ථවිර පැවසුවේ ඕස්ට්‍රේලියාව,අමෙරිකාව,බ්‍රිතාන්‍ය ආදී රටවලින් ලාංකික පුරවැසියන් සමහරක්ට පුරවැසිකම හිමි උවත් ඒ අයට ලැබෙන්නේ ඒ රටවල 3 වෙනි පන්තියේ පුරවැසි කමක්ය කියාය..උන් වහන්සේ පැවසුව පරිදි මේ දියුණු රටවල ඇත් සුද්දන් ආසියාතිකයින්ට සැලකීම බෝමැ සවුත්තුය..අමෙරිකාව එන්ගලන්තය ඕස්ටේලියාව නවසීලන්තය ආදී රටවලට සංක්‍රමනය වීමට උත්සාහ ගන්නා බෝමයක් දෙනා ලංකාවේද ඉහල තනතුරු වල කිසිදු බාධාවකින් තොරව රැකියාවල නිරත වෙන අයවලුන් වෙති..නමුත් කිසියම් හෝ හීනමානයකට නතුව ඔවුන් ඒ රටවලට බඩගාති..මේ ළඟදී ගිය පත්තර පරිච්ච‍්දයක අමෙරිකාවේ ‍ෙකාල කාඩ් හිමි වී එරටට ගිය කෙනෙකුට වුනු සන්තෑසිය මා දිටිමි.එ‍හිදි කිසිදු තාක්ෂණ අධ්‍යාපනයක් නොමැතිව එරටට ගිය ඔහු රැකියාව ලෙස සුලු රැකියාවක් කරමින් සිටියදී පහරකෑමට ලක්වී ඇත..ඒ රටවල් බෝමයක් සීත සහ දැඩි උණුසුමක් යුතු ඒවා වෙති..මෙරට මෙන් ඕනෑම කාලයක ෂර්ට් එකක් නැතුව හුලං ඩිංගක් වැදීගෙන සිටීමේ අවකාශ ඒ බෝමයක්ම රටවල නැත..සමාජ විශමතාවය සහ වෙනත් බෝ ක්‍රියාකාරකම් අතින් ඒ රටවල් ඇත්තේ අපට වඩා ඉදිරියෙන් ‍විය හැකිය..එහෙත් අපි මෙහි සිටියාය කියා ඇත්තටම ඇති වෙනසක් මහා ලොකුවට නැත..මහින්ද හොරකං කලාය..රනිල් බකං නිලා හිටියාය කියා ඇත්තටම වැදගත් නැත..අපි හම්බකොලොත් අපිට කෑම ලැබේ..ඒත් අපි පණ දාගෙන හම්බ කලාය කියා අපිට පනදාගෙන කෑමට කටවල් හැටහතරක් නැත ඇත්තේ එකකි..
මගේ අයිඩියා එක..
අපිට කොයිතරන් වස්තව යාන වාහන වතුපිටි තිබුනත් අපිට තියෙන්නෙ ‍එක මනුස්ස සරීරයක් සහ දවසට පැය විසිහතරක් විතරයි..ඕක ඉතින් අර ටාගට් එක මේ ටාගට් ‍එක පස්සෙ පිස්සු බල්ලො වගේ එලවන්න වැය කලොත් කවද හරි ටාගට් එකට ගිය දවසට හිතෙයි අනේ මං මේ දුවන් ආවෙ මේ කෙංගෙඩිය ගන්නද කියල...
උදාහරණයක් විදියට මගේ බොසා මං වගේ සය ගුනයක විතර වැටුපක් මාසෙකට ගන්නව..දවසක් අපි දෙන්නම රෑ 8 විතර වෙනකල් ටෙන්ඩර් ඉවලුවේට් එකක..
ඉතින් ඒක ඉවරවෙන්න කලින් මගේ එවකට හිටපු ගර්ල් ෆෙන්ඩ් කතාකරනව..එතකොටම ටි වෙලාවකින් බොසාගෙ වයිෆ් කතාකරනව..
මටත් මල අපේ ලෝක්කටත් මල..බලන්න මේ ගෑනු හින්දි චිත්‍රපටියක හිටියත් කරන්නෙ වදයක්මනේ ..මේ අපිටත් එහෙමයි..සැහ්...‍මේක ඇති නේ ඊලග එක බලමු...ඒ අපේ බොසාය..
අපි දෙන්නම කන්න එදා පීස ගෙන්න ගත්ත..ඒත් ඉතින් පීස නැත්තම් ඒ වෙලාවට බිත්තර රොට් හරි කනව..සර් කාරය කිව්වෙ සැහ් ඉන්දි මේ බම්බුවට වඩා හොඳයි බිත්තර රොට් දෙකක් දාගත්තනම්..කියල..මොකද එදාපීස අජූතයි ලුනු සුට්ටක් වැඩියි..
දැන් ඔන්න මිනිහ යන වෙලාව..ඉන්දි මේ වෙහිකල් එකක් තියෙනවද දන්නෑනේ..ඔයා යන්නෙ කෝමද??වෙහිකල් එකක් සොයාගතිමි..ඔහු පැය 2-ක් දෙකහමාරක් කොළඹ වටේ කැරකි කැරකි සිට්ද්දී මා තව විනාඩි 30කින් බස් එකේන ගොස් බුසු ගා බෝඩිමේය..
එකල බොහෝ විට එකම වෙලාවට කාර්යාලට ඒම..එකම වෙලාවට කාර්යාලයෙන් යෑම අප දෙදනාම කලේය..එවිට ඔහුට ඉතිරි වන්නේ මට ඇති කාලයමය...සමහර දිනෙක නයිට් ක්ලබ් එකක හෝ වෙනත් තැනක ගොස් ගෙදර යනවා විය හැක..එහෙත් ඒවා හි වැඩිපුර ඇලෙන එකෙක් නොවේ අපේ බොසා...
සමහර විට මාස 3-4කට වතාවක් පුද්ගලික හෝ ‍ආයතනික විසිට්ස් වලට ඔහු ලංකාවෙන් පිට යයි..අපරාදෙ කියන්න බෑ ගිහින් දකින ගොඩක් දේවල් අනික් උන් ‍එක් ක ටෙලිපෝන් එකෙන් කියෝන නිසා අවුලක් නෑ..ඉතින් එහෙම දවසට මමත් කලින් දැ‍නගෙන මාත් නිවාඩු දාල යාලුවො එක්ක සෙට්වෙනව..සමාර වෙලාවට ලංකාවෙ ටිප් යනව..හිටපු ගමන් අපේ ඈත පැතිවලතියෙන එක එක සයිට් විසිට් කරන්නත් යැවෙනව..මෙතන සල්ලි අතින් සය ගුණයකටත් වඩා වෙනසක් තිබුනට බොසා සහ මම යන දෙන්නටම හිමි වෙන්නෙ එකම කාලය..එකම පසුබිම,,එකම මිනිසුන්...ඉතින් මට නවටනයටවයකවය
වවවහිතෙන්නෙ ජීවත්වෙන් සල්ලි ඕනි ඒත් ජීවිතේ කියන්නෙ සල්ලි වස්තුව වරප්‍රසාද නෙමෙයි...

6 comments:

  1. මේ අවුල් වලින් බර ප්‍රමාණයක් සිහින බිස්නස් එකේ ප්‍රතිඵල. මේ ළඟදි අපි කීප දෙනෙක් අපේ පළාතෙ දුප්පත්ම පවුලක මැටි ගහල හදපු ගේකට දේශපාලනඥයෙකුගේ සහයෝගයද ඇතිව තහඩු සෙවිලි කරල දෙන්න ගියා. වහලෙ කඩන්න කලින් මුලින්ම කරන්න උනේ (වැහි දවස් නිසා) ගෙදර වටින බඩු අල්ලපු ගෙදරට අදින එක. ෆ්‍රිජ් 1යි, ලොකු ටීටී 1යි, තඩි සයිස් සවුන්ඩ් සෙටප් එකයි,ඔය වගේ බඩු ගොඩක්. අන්තිමට බලද්දි මේ හාදයා හම්බකරන එක මදි සිංගර් එකේ වාරික ගෙවන්නවත්.ඉතින් අර බඩු උඩින් ඉටිකොල දාගෙන දිරපු පොල්අතු වහලෙ තෙමි තෙමී ඉඳලා.

    ReplyDelete
  2. (quote)කලක් ප්‍රසිද්ධ හිමිනමක් ව සිටි ගංගොඩවිල ‍‍සෝම ස්ථවිර පැවසුවේ ඕස්ට්‍රේලියාව,අමෙරිකාව,බ්‍රිතාන්‍ය ආදී රටවලින් ලාංකික පුරවැසියන් සමහරක්ට පුරවැසිකම හිමි උවත් ඒ අයට ලැබෙන්නේ ඒ රටවල 3 වෙනි පන්තියේ පුරවැසි කමක්ය කියාය..(/quote)

    සෝම හාමුදුරුවෝ එහෙම කිව්වද නැද්ද මම දන්නේ නැහැ, නමුත් ඔබ කියන කථාව වැරදියි. ස්ථිර පුරවැසි භාවය හම්බුනාම සෝමාලියාවෙන් ආවත් ඔස්ට්‍රේලියාවෙන් ආවත් කොහෙන් ආවත්, හැමෝම සමානයි, අයිතිවාසිකම් සමානයි. ලංකාවෙන් සංක්‍රමණය වෙලා වෙනත් රටවල ඉතා හොඳ රැකියාවන් කරන මිනිස්සු ඕන තරම්.

    (quote)උන් වහන්සේ පැවසුව පරිදි මේ දියුණු රටවල ඇත් සුද්දන් ආසියාතිකයින්ට සැලකීම බෝමැ සවුත්තුය.(/quote)

    සමස්තයක් විදිහට ගත්තම චීනුන් සහ ඉන්දියානුවන් ජීවත් වෙන විදිහේ ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට චීන්නු බස්වල, කෝච්චිවල හරියට හොරෙන් යනවා, අහුවුනායින් පස්සේ කියනවා ඉන්ග්‍රීසි බැහැ, අළුතෙන් ආවේ කියලා. ඉන්දියානුවෝ ඒ අය යන ඕන රටක් ඉන්දියාව කර ගන්නවා. අපිවත් ගොඩක් අය අදුන ගන්නේ ඉන්දියානුවන් විදිහට, ඒකයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව හැම මනුස්සයම තුන්වෙනි පන්තියේ මිනිස්සුන් විදිහට සළකන්නේ නැහැ.

    (quote)නමුත් කිසියම් හෝ හීනමානයකට නතුව ඔවුන් ඒ රටවලට බඩගාති..(/quote)

    ඔබ කරන්නේ අධිසමාන්‍යකරණ්යකි. ඔබේ තර්කය සැමටම අදාල නැත. උගත් වැදගත් මිනිසුන් බහුතරයක් රට හැර යන්නේ හීනමානය නිසාද? නැතිනම් සිස්ටම් එකේ අවුලක් නිසාද?

    (quote).මහින්ද හොරකං කලාය..රනිල් බකං නිලා හිටියාය කියා ඇත්තටම වැදගත් නැත..අපි හම්බකොලොත් අපිට කෑම ලැබේ..ඒත් අපි පණ දාගෙන හම්බ කලාය කියා අපිට පනදාගෙන කෑමට කටවල් හැටහතරක් නැත ඇත්තේ එකකි..(/quote)

    මෙවැනි ප්‍රකාශනවලට කෙසේ පිළිතුරු දෙම්දැයි මා නොදනිමි. බොහෝ දේ කිව හැකිය. නමුත් මොකටද?

    මෙතන ඇත්තේ පාට පක්ශ පිළිබඳ අවුලක් නොවේ, චින්තනයේ එසේත් නැතිනම් ඇටිටියුඩ් එකේ අවුලකි. ලංකාව එකතැන පල් වෙන්නේ ඒ නිසාය.

    ReplyDelete
  3. @ මාලන්,
    //චින්තනයේ එසේත් නැතිනම් ඇටිටියුඩ් එකේ අවුලකි. ලංකාව එකතැන පල් වෙන්නේ ඒ නිසාය.//
    උඹ කියද්දි මතක් උනේ. මම මරුවට මාර කැමති ඌ මම කැමතිම විදිහට ඔය පොයින්ට් එක ගේන නිසා. ඌ කියන්නෙ අපිත් තමිල්නාඩු තමයි කියලා. ඒක ඇත්තක් බං. දිනපතා හැම මොහොතෙම මම අවට වෙන දේවල් දකිද්දි නැවත නැවත මතක් වෙන්නෙ ඕක.

    ReplyDelete
  4. අපොයි...!! මොනා කියන්නද මන්ද...මට බර සිංහල ලියන්නත් බැහැනෙ අප්ප..

    ReplyDelete
  5. පෝස්ට් එකේ අන්තර්ගතය මාතෘකාවට ගැලපෙනව

    මෙහෙම දෙයක් තියෙයි බොහෝ වෙලාවට මැක් පරිඝනකයක් ගන්න එක සාමාන්‍යයෙන් ක්ලාස් එක පෙන්නන්න කරන වැඩක් කොහොමටත් . මොකද ඒ මුදලට ඉඩ වඩා සැහෙන්න වැඩ කොටසක් කරගන්න පුලුවන් පරිඝනක ගන්න පුලුවන් . හැබැයි ඉතින් ඔබ පරණ කොම්පියුටරයට එල්ලිලා ඉත්දි වෙන කෙනෙක් අලුත් පරිගනකයක් හෝ මැක් එකක් ගැනීම ගැන චෝදනා කරන්න හැකියාවක් නැ . එකිනෙකාගේ අව්ශ්‍යතාවයන් හා රසවින්දයන් එකිනෙකට වෙනස්

    ReplyDelete
  6. ඇපල් කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනි...දැන් ඇපල් කියන්නෙ මෙහෙ මෝස්තරයක් විතරයි..
    2බුවා...අපිට ඇපල් එකෙන් දෙන මියුසික් කොලටියට සවිඳින්න අපේ රටේ මියුසික් තියෙනවද/?
    ඒක ඇවිල්ල තනිකර අර ලොකු අයට තියෙන නිසා ගන්න ෆැෂන් එකක්..

    2 මාලන් මොන දියුණු රටට ගියත් අපිට එකපාර ඔයකියන ප්‍රථම පන්තියේ පුරවැසිබාවය ගන්න බෑ..රට යන අය ඇත්තටම ලෝකෙට පෙන්නනව අනේ අපි හරි සුවිට් විදියට ඒ රටවල ඉන්නව කියල..ඒත් ඇත්ත ඒකද??
    ඔසී අමෙරිකා යන අය කියන්නෙ ඒ රටවල නගරයෙන් එහා හරි පාලු ගතියක්තියෙලු..මිනිස්සු හිනාවෙන්නෙ කතාකරන්ෙන නැති පාලු සෝනක ඉන්නව වගේ ඔහේ ඉන්නව..උදේ වැඩට යනව හවස එනව..ඒත් ලංකාවෙන් ගිහිපු කරුමෙට ඔහේ ඉන්නව..මෙහෙ ඉන්න අයට අපිනම් ලෝකෝත්තර සැප අරන් ඉන්නව කියල පෙන්නනව....

    තවදෙයක් ප්‍රජාන්තත්‍රවාදය කියල කියන්නෙ රනිල්ට මහින්දට බනින එක නෙමෙයි..ඒ අය විවේචනය කරන එක නෙමෙයි..
    සමාජයට එරෙහිවන ඕනෑම දෙයකට දැඩිව එරෙහි වීම..මෙහෙ ඉන්න බුවාල පරක්කු වෙච්ච කෝච්චියට දුවල දුවල ගිහින් දනි පනි ගාල නැගල ආයෙත් කෝච්චි පරක්කු වෙනවට බනිනව...ගෝඨාභය බැසිල්ල ඇමෙරිකාවෙදි හොරු,වංචාකාරයො නෙමෙයි..ඒතෙ මෙහෙදි නැව් පිටින් ගිලිනව..මොකද මෙහෙ ඉන්න උගුඩුවො ඒව එහෙම වෙනකල් බලා කියාගෙන බැන බැන ඉන්න නිසා..එක අතකින් ඇගේ ලේ කෝප නොකරගෙන නිවුස් බලන්නෙ නැතුව හිටියනම් ඒකත් හරි...

    2වින්චැට්..ඒක වෙන්න පුලුවන්..මේ බර සිංහල මහ විකාරයක්..මම කියවපු පොතපත ගොඩක් තියෙන්නෙ බර සිංහල වලින් ඉතින් එතකොට මං මොනාහරි ලියනකොටත් අර ගතිය එනව..

    චාමිට ඉතින් ආයෙ මොන තැන්කූද??නේ..
    ඇවිත් ගිය අයට තුති..නාව අයටත් තුති..

    ReplyDelete