Thursday, November 17, 2011

ඉන්පසු සිදූයේ කුමක්ද?

වේලාව රෑ එකොලහයි තිහයි...
රාත්‍රී බසයකි...
එතෙක් පිටුපස ආසනයේ සිටි ගැහැනු ලමෝ දෙදෙනකු මා සිටි අසුන අසල අසුනකට පැමිනියේය..
දැන් ගමනාන්තයට ඇත්තේ තව පැයක පමණ කාලයකි...
ටික වේලාවක් ගිය පසු තරුණයෙකු වූ බස් අයිතිකරු සහ කොන්ෙදාස්තර අර කෙල්ලන් දෙදෙනාට කිට්ටු විය...ඩබල් සීට් එකක් වූ එහි වීදුරුව කෙලවර සිටි ලස්සන වැඩි ගැහැනු ලමයා දොයි බබා කියයි...
අර පැමිණි බස් හිමි තරුණයා ඒ අය සිටි අසුනට ඉදිරි අසුනේ වාඩි විය..වාඩි වී අර නිදිනැති ගැහැනු ලමයාට කතා කරයි...
නිදි නැති ගැහැනු ලමයා බෑ කියයි...
ඉන්පසු දෙතුන් විටක් ඇවිටිලි කිරීමෙන් පසු ඇය ඉදිරි අසුනට යයි...එවිට එම කෙල්ලාගේ ඇස් වලින් කඳුලු පනිනු සහ වටපිට බලා ලැජ්ජාවෙන් ඇඹරෙනු මාදිටිමි..මා එවිට සිටියේ නිදි ඇඩ් එකේ දෑස් අඩවන් කරගෙනය...
දැන් අර බස්හිමි සහ කෙල්ලක් කතාවය..ඉතිරි සීට් එකේ නිදි යුවතිය අවධිවන විට ඒ අඩුවට කොන්දොස්තර එකතු විය...
දැන් රෑ වෙලානෙ මේ වෙලාවේ ඔයාලට යන්න බෑනෙ..අපි ඉඳල උදේට යමු...
ඒ කොන්දා කෙල්ලට කියනු ලැබීය...ඉන්පසු ටික වෙලාවකින් එක් කෙල්ලක බස් එකේ මුකුතත් බෑ යැයි කීය...
කලින් සීට් මාරු කල පලමු කෙල්ලා දැන් අර බස්හිමි තරුණයා සමග දැඩි ලෙස කතාවය..
දෙවැනි අසුනේ සිටින දෙවනි කපල් එකත් කතාවය...
කොන්දා තමාට ඇති කන්ටැක්ස් කියවයි..තත්වය පවුල් පසුබිම කියයි...එවිට අර තාවකාලික පෙම්වතිය ඇයි අයියඔය තරම් දේවල් තියාගෙන මේ වගේ රස්සාවක් කරන්නෙ??
යැයි කියයි..ඉන්පසු කොන්දා මදක්..සයිලස් වයි...
මේ කතාවලින් මට ඇසෙන්නේ ඉතා සුලු ප්‍රමාණයකි..ඔවුන් සිව් දෙනාම සෙමෙන් කතා නොකලත් එය ලේලන්ඩ් එකක් වූ නිසා මට සියල්ල ඇසුනේ නැත...
වරක් එක් කෙල්ලක් විසින් සිය මල්ල ට අතදා බිල් කීපයක් ගනී...
ඒ බිල් උක්ස් මධ්‍යස්ථානයකට රත්‍රන් බඩු තබා ගන්නා ලද බිල්ය...
ඇය ිබි්ල් කීපය පෙන්නා යලි බෑගෙයේ දාගති..
ඉන්පසු අවසාන ටවුමට මෙහා වූ කුඩා ටවුමේ පිරවුම් හලෙන් තෙල් ගසා රියදුරුට බස් රියේ මගින් බස්වන්නට පවරා අර ගැහැනු ලමුන් දෙදෙනාත් කොන්දොස්තර සහ බස් හිමි යන සතර දෙනො බැස ගති...
කෙල්ලන් එතැන බහින්නට සිටියේ නැත..එහේත් තෙල් ගසා හමාර වී බස් රියට නැගි බස් අයිතිකරු කතා කරල හෙයින් ඉකිමනින් කොන්ඩ සදා කලිසම් උස්සාගෙන ටී ෂර්ට් පහත් කරගෙන කෂණික මේකප් එකකින් පසු ඔවුන් දෙදෙනා බැස ගියේය...

මහ රෑ දොලහට සෙඩ් එකක් ලගය..ජෝඩු 2කි ...බොහොවිට ස්වල්ප වේලාවකින් තුන් සක රියක් විත් ඔවුන් ලැගුම්හලකට රැගෙන යන්නට ඇත...
පව් නේ ....
1.අනාත නාත වූ ගැමි කෙල්ලන් දෙදෙනකු අතරමං වූවා වන්නට පුලුවන..
2.දවසම මහන්සි වී සිටි බස් කොන්දොස්තර සහ බස්හිමි සතු දවසේ වැටුප විනාඩි 10ක සැප පිණිසි ඉවර වූවා වන්නටද පුලුවන...
ඔබ කැමති කුමන කතාවටද??1ටද 2කටද??
එහෙත් කාරණා දෙකම ඔප්පු කරගැන්මට මා ඇසූ දුටු දේවල් මඳ බව මා සිතමි...
එහෙත් මෙයි ස්ත්‍රී දූෂණ්‍යක් ලෙස හෝ අතවරයක් ලෙස හැඳින්විය නොහැක...
http://blogkasun.blogspot.com/2011/11/blog-post_16.html

5 comments:

  1. මෙවන් කතන්දරයකදී බොහෝ පාඨකයනට නොමදව දැනෙනු ඇත්තේ ඉරිසියා රසයයි. එනිසා 1 දිනනු ඇත.

    ReplyDelete
  2. දෙකම වැරදිය...ලංකාවෙ කෙල්ලොත් දැන් රුමේනියන්,යුක්‍රේනියන්, කෙල්ලන් මෙන් සිතන්නට කරන්නට පුරුදු වී ඇතැයි මට සිතේ....උන් බොහෝ දෙනෙක් සිතන්නේ කියන්නේ මෙසේය....
    1.........''අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ........අපිට කිසිම දෙයක් දෙවියො දීල නැහැ,ලස්සන ඇඟවල්(ශරීරය.) හැරෙන්න...ඉතින් අපි අපිට තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්නවා.....''

    2........''මේ කුණුවෙලා ගඳ ගහල පනුවො කාල පොළවට පස් වෙන ශරීරයෙන් ප්‍රයෝජනයක් ගන්න උඹලට බැරි උනාට අපි මොනා කරන්නද? ස්ටුපිඩ්ස්...!!''

    ReplyDelete
  3. අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ
    මේක දැන් ඇත්ත වේගෙන යනව....දැන් දැන් ගාමන්ට් වල සැලරි අඩුවෙලා ජොබ් නැතිවෙලා යනව...ඔබට මට තරම් ගණිතය බැරි ඉංගිරිසි බැරි බොහෝ ගැහැනු ලමුන්ට කොල්ලෙක් සොයාගැන්ම වගේම රැකියාවක් සොයාගැන්මත් කිසිසේත් පහසු නෑ...
    කෙනෙක් කියන්න පුලුවන් ඉගෙනගන්න කියල...ඒත් ඉතින් ජොබක් ගන්න ඉගෙනගන්න ලොකු ගානක් වැයවෙනව...
    අපි දකින තරම් ගම්වල ඉන්න නාගරික බහුතර දෙමාපියො හොඳ නෑ..ගොඩක් අය දුවට දෑවැද්ද දෙන්න උත්සාහ කරන තරම්වත් උගන්නන්න සල්ලි වියදම් කරන්න කැමති නෑ....අපි අවබෝධ කරගන්නෙ නැති ඇත්ත තමයි කොයි තරම් හොඳ ක්‍රමවේදවලට ඉගැන්නුවත් ඉගෙන ගන්න බැරිවෙන පිරිසක් ඉතිරිවෙනව...ඒ අයට රැකියා කරන්න අයිතිය ලබාදෙන සමාජීය වගකීමක්...අනික ගනන් ඉංගීසි උපාධී කරලත් සමාරු කරන්නෙ තුට්ටු දෙකේ අටපාස් කොලිපයිඩ් ජොබ්ස්...කාන්තා රැකියා වියුක්තය මේ පැරණි රැකියාව නැවත ප්‍රචලිත වෙන්න හේතුවක්...

    කොල්ලන්ගෙ පැත්තෙන් ගත්තොත් අද කාලෙ තියෙන වටපිටාවත් එක්ක ටිකක් යහමින් මාටිය ගහගන්න ලැබෙන කොන්දොස්තර සහ ඒ වාගෙ රැකියා නිසාත් විදේශගත වී ඇතිකරගත් මුදල් නිසාත් ඔවුන් මෙවන් දේට වියදම් කරන්න සෙට් වෙනව....

    මේ ලිපියම වෙන විදියකට කෙල්ලො දෙන්නට කොල්ලො දෙන්නට බැනල ලිව්වනම් මීට වඩා හිට් වෙයි....හිට් එකට පෝස්ට් එක දෙන්න මට අවැසි උනේ නෑ..

    ReplyDelete
  4. කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් ඔය රස්සාවට පුරුදු වෙන ගැහැනු උදවිය තමන්ගේ ජීවිතේට ලොකු බලපෑමක් කරගන්නවා... සල්ලි වලින් ඒක නවත්තන්න බෑ.

    නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප මීට වඩා වෙනස් වුනොත් හොඳයි. මොනවා වුනත් ඒ ගැහැනු උදවියටත් ගෞරවයෙන් ජීවත් වීමේ අයිතියක් තියෙනවා

    ReplyDelete
  5. කිරිල්ලීගේ අදහසට එකඟ වෙමි. සියල්ල වෙනස් වීගෙන යයි

    ReplyDelete