Wednesday, November 2, 2011

City and Guilds Graduate Diploma Issues

ලෝකයේ ඉංජිනේරුවන් සහතික කරන ආයතන ගනනාවකි..ඒ අතරින් එක්සත් රාජධානියේ ඉන්ජිනේරු කවුන්සිලය යම් පිලිගැන්මක් අත්කරගෙන ඇත..ලංකාවේද සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය මගින් මේ ඉංජිනේරු පාඨමාලා සඳහා පන්ති පැවැත්වීම සිදුකරන ලදී..නමුත් විභාග පවත්වන ආයතනය වූ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් හා එක්සත් රාජධානියේ ඉන්ජිනේරු කවුන්සිලය අතර සිදුවූ යම් මතබේධයක් හේතුවෙන් 2011න් පසු ඉංජිනේරු කවුන්සිල විභාග මේ ආකාරයට නොපැවැත්වීමට තීරණය කොට තිබේ..එනම් 2011න් පසු ඉන්පෙර පැවැත්වූ විභාග වල රිපීට් එක්සෑම් හෙවත් නැවත විභාග පැවැත්වීමක් හැර වෙන නව විභාග පැවැත්වීමක් සිදු වන්නේ නැත..
මෙයින් වැඩිපුරම අවධානයට ලක්වූයේ එක්සත් රාජධානි ඉංජිනේරු විභාග සයවන මට්ටම හැදෑරූ අයවලුන්ටය..ඒ සයවන මට්ටම මෙහිදී ග්‍රැජුවේට් ඩිප්ලෝමා නොහොත් උපාධි ඩිප්ලෝමා ලෙස හඳුන්වනු ලබයි..
ලංකාවේ ඉන්පසු මේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා සඳහා ඉදිරිපත් වන සුදුසුකම් ලත්
NDT-National Diploma in Technology
HNDE - Higher National Diploma in Engineering
NDES - National Diploma in Engineering Science
C & G Advanced Diploma
ECUK L5 diploma

ඩිප්ලෝමාධාරී සිසුන් සඳහා වරලත් ඉංජිනේරුවකු වීම සඳහා ඉදිරියට යෑමට තිබූ පහසු මගක් ඇහිරෙනු ලැබුනි..
නමුත් ලංකාවේ ඒ උපාධි ඩිප්ලෝමා සඳහා පන්ති පැවැත්වූ ආයතන විසින් අත්තනෝමතික ලෙස දැනට නව පාඨමාලා පැවැත්වීම අරඹා ඇත..නමුත් කිසිවෙකු නව අනුමත විශය නිර්දේශයක්වත් නියමිත පාඨමාලා අනුරුවක් වත් දැක නැත..සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ලංකාවේ ශාඛාව විසින් විමසු විට ඔවුන් විසින් පැවසුවේ තවමත් මේ විශය නිර්දේශ අදාල පාර්ශව වලින් අනුමත කරවාගෙන නැති බවයි..එසේම තවමත් ලංකාවේ ඉංජිනේරු ආයතනය මෙම පාඨමාලාව අනුමත කර නැති බවත් දැන්වීය..මෙහිදී සමහර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ මතය වන්නේ ලංකාවේදිම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එක මගින් තැනු පාඨමාලාවක් සඳහා මෙසේ නව විශය නිර්දේශ සකස්ෙ කොට පන්ති පැවැත්වෙන බවකි..එසේ ලංකාවේ තැනූ පාඨමාලාවක් නම් එහි පිළිගැනීම සහ තත්ව සහතික පිළිබඳ ඇත්තේ විශාල ගැටලුවකි..සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකෙහි ලංකා ශාඛාව  විසින් තනනලද  ලංකාවේ ඉංජිනේරු කවුන්සිලය විසින් පවා දැනට සහතික නොකරන ලද පාඨමාලාවක්
 1.ආරම්භ කලායැයි අණබෙර ගසාගෙන පන්ති පැවැත්වීම කෙතෙක් සාධාරනද?
2.දැනට තැනෙනවා යැයි කියන සහ තැනී ඇතැයි කියන මේ නව උපාධි ඩිප්ලෝමාවේ පාඨාමලා හැඩය සහ ස්වරූපය කුමක්ද??එය ඇත්තේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වෙබ් අඩවියේ කුමන ස්ථානයකද?
3.එසේම ඒ නව පාඨමාලාව අනුමත විය යුත්තේ ලංකාවේ ඉංජිනේරු කවුන්සිලයෙන් පමණක් නම් අනෙක් රටවල් සඳහා ඒ විශය කොටස් සහ විශය නිර්දේශ තවම නිකුත් නොකර ඇත්තේ මන්ද??
4.කලින් තිබූ එක්සත් රාජධානියේ උපාධි ඩිප්ලෝමාවට හිමි තැනම මේ සඳහා ලැබේදැයි සහතික වන්නේ කවුරුන්ද??

මේ ඉංජිනේරු කවුන්සිල එක්සෑම් පිළිබඳ වෙබ් අඩවියයි
මේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ග්‍රැජුවේට් ඩිප්ලෝමා අඩවියයි..
මේ නව ඇඩ්වටයිසින් කම්පැනියක අඩවියයි..
මෙවන් ගැටලුවක් වෙනත් රටවලට ඇති නොවන්නේ ඒ රටවල මෙසේ උපාධි මට්ටමේ ඩිප්ලෝමා පැවැත්වීමේ උවමනාවක් නැති හෙයිනි..මන්ද විශ්ව විද්‍යාල සඳහා ඒ රටවල උපාධි සඳහා එක් එක් දැනුම් මට්ටම් අනුව කුශලතාවයන් අනුව එක් එක් වර්ශ සහ සෙමෙස්තර සඳහා කෙලින්ම ඇතුලත් වීමේ පහසුකම තිබෙන හෙයිනි..


5 comments:

  1. sometimes this is not to be a truth...
    but I think There are lot of problems to solve before starts the graduate dip

    ReplyDelete
  2. Ane macho ICBT eke QS in HND eka genath visthara dapan ko

    ReplyDelete
  3. ethakota c&g diploma valued nedda

    ReplyDelete
  4. නැහැ එහෙම එකක් නෑ ඩිප් එක වැලියුඩ් නමුත් මේ තියෙන්නෙ අර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ල එක්සෑම් විතරක් තියපු ඉන්ජිනියරින් කවුන්සිල් එක් සෑම් කේස් එකක්...
    මං අයිසී බීටි එච් එන් ඩී ගැන දන්නෙ නෑ..ඒත් බී ටෙක් එඩෙක්සල් සර්ටිෆිකේට් එක ලැබෙනවනම් ගොඩ..
    ඒක යූකේවල යුනිවර්සිටි කීපයක පිලිගන්නව..
    සහතිකය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි කෝස් කරන්න කලින්..කෙියි තරන් බයිල කිව්වත් අපි ගොඩක් වෙලාවට ඉගෙනගෙන ජොබ් කරන්නෙ ලංකාවෙ නේ ලංකාවෙදි ඔය මොන මහත්තය මොන ස්කිල් තිබිල ආවත් සහතික නැත්තං ඇනෙනව...

    ReplyDelete