Friday, November 4, 2011

ෆේස්බුක් එකේ සිංහල පොන්ටුව ලස්සන කරගමු(Install new sinhala font to browser)

අද අපි ඉගෙනගන්නෙ යන්නෙ ලස්සන සිංහල පොන්ට්(Font) එකක් වෙබ් බ්‍රව්සරයට(web browser) දාගන්න ආකාරය..

 ෆයර් ෆොක්ස් සඳහා...(For firefox)
ෆයර් ෆොක්ස් සඳහා තියෙන විදිය ඔය මාතෘකාව එබුවම ඉංගිරිස්සියෙන් එයි... අපි ටිකක් හොයල බැලුවොත් හෙම මුලින්ම අර තියෙන ඉහල බාර් එකේ ඒ කිව්වෙ අර ෆයිල්-File එඩිට්-Edit වීව්-View හිස්ටරි-History බුක්මාක්-Bookmark හෙම තියෙන තැන-(Menu bar) තියෙන එඩිට්-Edit කියන එක ඔබන්න ඕනි
ඉන්පස්සෙ ඒ එඩිට් එබුවම එන බාර් එකේ යටම තැන තියෙන ප්‍රිෆරන්සස්-Preferences කියෙන එක ඔබන්න ඕනි
දැන් කට්ටිය ඒක ඔබාගෙන ඇති ඊලග දර්ශනය එනකල් ඊලග එකත් හරිම සිම්පල්...

 දැන් ප්‍රිපරන්සස් වල තියෙන කන්ටෙන්ට්-content කියන එක ඔබාගන්න දැන් තියෙන්නෙ ඒ ප්‍රිපරන්සස් කන්ටෙන්ට් අස්සෙ තියෙන මේ පහල වින්ඩෝවෙ පෙන්නුම් කරන ආකාරයට අර තියෙන ඩිෆෝල්ට් පොන්ට් කියන තැනට ගිහින් තමුන්ගෙ පොන්ට් එක භාෂිතකම්ප්ලෙක්ස් සෑන්ස් වලට වෙනස් කරන එක තමා..



ක්‍රෝම් සඳහා....
මේක මම කලින් මේන් මේ පෝස්ට් එකේ .විස්තර කරල තියෙනව..එතැන තියෙන්නෙ එල්කේ ලග් කියන පොන්ට් එකට ඩිපෝල්ට් පොන්ට් එක මාරු කරන හැටි..ඒතනටම ගිහින් ඒ එල් කේ ලග් කියන පොන්ට් එක නැතුව එතනම පුස්කොල පොත හරි වෙනත් පොන්ට් එකක් හරි ඉන්ස්ටෝල් කරගත්තම හරි ලස්සනට අපිට සිංහල බලාකියා ගන්න පුලුවනි..මේ පහල තියෙන පිංතූරු දෙක අපිට ලස්සන නව පොන්ට් දෙක පෙන්නනව සිංහල යුනිකෝඩ් වෙබ් අඩවි බලාකියා ගන්න..

1.ඇයි ඔය මගුල දාගන්න ඕනි ආන්න වැදගත් පස්නයක් ඒ තමයි අපිට නිකම් තියෙන පොන්ට් එකේ අවුලක් තිබීම..දැන් බලන්න බෝම ඉස්සර කාලෙ කොම්පීතරවල 2003දි විතර එන්නෙ ටයිම්ස් නිව් රෝමන්-Times new Roman කියන පොන්ට් එක ඒකෙ එකම අකුරෙ සමාර තැන් පිම්බිලා සමාර තැන් ඇකිලිලා පේනව උදාහරනයට ගත්තොත් ඉංගිරිස් ඕ-o අකුර දෙපැත්තෙන් වැඩිවෙලා ඉහලිනුනිය පහලිනුයි අඩු වෙලා තමයි පෙන්නුවෙ ඒත් පස්සෙ කාලෙක ඔපිස් පැකේජ් එක ඇතුලු ගොඩක් ඇප්ලිකේෂන් වල සම්පූර්ණ අකුරම එකම පලලකින් පෙන්නන කැලිබ්රි-Calibri වගේ පොන්ටයකට මාරු උනා..කොට්ම්ම ඉස්සර තිබුන වෙබ් අඩවි වල තිබුන අර කටෝර ඉංගිරිස් පොත්වලතිබුන රෝමන් පොන්ට් එක වෙනුවට කැලිබ්රි-calibri ටයිප් එකට මාරු උනා..මේ ලගත් වෙනකල්ම සිංහල පොන්ට් එකෙ විජේසේකර පෝමැට් එක තිබුනෙ ඒවිදියට..දවසක් මේ සිංහල පොන්ට් එක බලල යාලුවෙක් කියපි මේක ඇවිල්ල අර මලගෙවල්වල අකුරු අඳින පොන්ට් එකනේද කියල..ඒකත් ඇත්ත ඉස්සර අච්චු කන්තෝරු වලතිබුන හෙන හද්ද පරණ පොන්ට් පාරක් තමා තිබුනෙ  අපිට මේ ලගත් වෙනකල්. තිබුනෙ..

දැං මොනාද ඔය අලුත් පොන්ට්
භාෂිත පොන්ට් සහිත වෙබ් දසුනක්..
 
පුස්කොල පොත පොන්ට් එක සහිත වෙබ් දසුනක්

ඉතින් මේ පොන්ට් ඇතුලත් කරන්නෙ කෝමද කියන එකනම් හරිම සරලලෙස කලින් කියල ඇති..මේකට කලින් ඔබේ පරිගණකයට සිංහල යුනිකෝඩ ස්ථාපනය කරල තිබීම වැදගත් වෙයි..කොහොමත් මෙගා බයිට් විස්සකට අඩු මේ යුනිකෝඩ් කිට් එක දාගෙන ඉන්න එක වැදගත් වෙයි කොයි වැෙඩ්ටත්..ඒක දාගන්න එක මේ ලින්ක් එකෙන් කරගන්න පුලුවන් වෙයි.

ඒත් එක්කම සිංහල ගැන ටිකක් විස්තර තියන  මෙතෙන්ට .ගිහිං ආවට කිසිම පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...

මේ පොන්ටුව ස්තාපනය කරගත්තට පස්සෙ ඔයාලට සිංහල යුනිකේත තියෙන ඕනිම වැදගත් තැනකට(මුනුපොත ටුවිටර බස් මේල්) යන්න පුලුවන් අලංකාර පොන්ට් එක දමාගෙන....

මමත් අර අලුත් විදියට බ්ලොග් පෙන්නන බ්ලොගර් ඩයිනමික් වීව් එකකට මාරු උනා කෙනෙක්ට අපාසු වගේ නම් කියල යන්න ඈ..

4 comments:

  1. කොහොමද මේ ෆන්ට් ගන්නේ? ඒවා වීව් කරන්නේ අපිට විතරද? අනිත් පැත්තෙන් බලන කෙනාටත් පේනවද?

    ReplyDelete
  2. අපිට විතරයි මේව වීව් කරන්නෙ අනික් පැත්තෙ බලන අයට පේන්නෙ නෑ..ඒ අයත් මේ ෆොන්ට් එක බ්‍රව්සරයේ තියෙන ෆොන්ට් එකට දාල තිබුනොත් අපිටත් පෙන්නයි..
    අනික මේ යටතේ ගන්න පුලුවන් වෙන්නෙ තියෙන බ්‍රව්සරයෙ තියෙන සිංහල පොන්ට් 2-3ක් විතරයි..ඉස්සරහට ගොඩක් සිංහල ෆොන්ට් යූසර්ස්ල වැඩි උනාම ඔබ කියන විදියට අපි දාන පොන්ට් එකම වීව් කරන විදියක් එයි...ඒත් හැම පොන්ට් එකක්ම නෙමෙයි කීපයක්..

    ReplyDelete
  3. කොහෙන්ද මේ ෆොන්ට් ගන්නේ?

    ReplyDelete
  4. මේ ෆයර් ෆොක්ස් වලට තියෙන ෆොන්ට් එකනම් ඕල්රෙඩි ෆයර් ෆොක්ස් වල තියෙනව...භාෂිත කියල තියෙනව ඒ බ්‍රව්සරයෙ සෙට්න්ග්ස් වල ෆොන්ට්ස් වලට ගියෑම..ඒ ෆොන්ට් එක බ්‍රව්සරයේ ෆොන්ට් එක විදියට දුන්නම හරි...
    කරන විදිය මේකෙ කියල ඇති..
    ක්‍රෝම් ගැනනම් දන්නෙ නෑ..ඒත් තියනෙව කියල මම එකපාරක් දැක්ක..එත් ඔ්ය් පුස්කොල පොත නම් මට අහුවෙලත් නෑ ඒක යාලුවෙක් ගෙ ස්ක්‍රින් සොට් එකක්..ඒකත් අර කියන විදියට ගියොත් බ්‍රව්සරේ ෆොන්ට එක මාරු කලාම හරියයි..

    ReplyDelete