Saturday, December 3, 2011

Airtel Broadband speed

මට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන අතර එහි නම එයාර්ටෙල් වෙයි..එය ලාබ නිසා මා මිලදී ගතිමි..එය ස්වභාවයෙන්ම වේගයෙන් අඩු එකකි..මා එය භාවිත කරන්නේ පිටකොටුව ප්‍රදේශයෙ සිටය..පිටකොටුව ප්‍රදේශය වඩා කාර්යබහුල ප්‍රදේශයකි..එයට සංඥා නොමැති වීම කණගාටුය.
මා විසින් මේ එයාටෙල් සමාගමට රුපියල් තුන්සීය ගණනක් ගෙවනු ලබයි..එය විශාල මුදලක්නම් නොවේය..එහෙත් මීට වඩා වේගය තිබේනම් හොඳය..කිසි අවස්ථාවක කිලෝබයිට්ටු හැටක වේගයකින්වත් මෙලෝ සංසාරයක් බාගන්නට මේ හුලංටෙල් කාරයෝඉඩ නොදෙති..බොහෝවිට කිලෝබයිට් දහයත් තිහත් අතර වේගයකිනි බාගත වීම සිදුවන්නේ..
මා මෙය පිටරවල ඇති අන්තර්ජාල සම්බන්ධතා සමග සන්සන්දනය කර බැලුවෙමි.ජාත්‍යන්තර මට්ටම හා සැලකූවිට අප ඇත්තේ බෝම පහලිනි..මේ එයාටෙල් සම්බන්ධතාවය වේගයෙන් ඉතා අඩු එකක් බව එසේ සමස්ථ අන්තර්ජාල වේග හා සැසැඳීමේදි පෙනීයයි..
ලෝක වශයෙන් ගත්විට මධ්‍යන්‍ය වේගය මෙගාබයිට් නවයක් ආසන්නයේ යයි නමුත් මේ රූපයේ දැක්වෙන්නේ එක මෙගාබයිට් එකක්වත් තත්පරයකදී අපි නොලැබෙන බවකි..මේ ආකාරයේ ගැටලුවක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනයේද ඇතිබව කාලිංග ඇතුලත්මුදලි. මහතා විසින් කියා තිබුණි..මේ පහත ඇත්තේ විවිධ අවස්ථාවලදී මා විසින් ගන්නා ලද වේග ගණනය කිරීම් කීපයකි..මා භාවිත කරන මාසික ගාස්තුව රුපියල් තුන්සිය ගණනක එයාටෙල් අන්තර්ජාල සබඳතාවය ගැනය මෙහි දැක්වෙන්නේ..


TEST_DATE TIME_ZONE DOWNLOAD_MEGABITS UPLOAD_MEGABITS LATENCY_MS SERVER_NAME DISTANCE_MILES
10/13/2011 3:01:00 AM GMT 0.34 0.11 304 Colombo 0
10/13/2011 3:09:00 AM GMT 1.39 0.1 540 Trondheim 5150
10/13/2011 3:11:00 AM GMT 0.64 0.1 495 Mumbai 950
11/10/2011 5:56:00 AM GMT 0.06 0.08 615 Chennai 450
11/11/2011 11:50:00 AM GMT 0.52 0.08 595 Mumbai 950
11/18/2011 5:22:00 AM GMT 0.11 0.1 653 Aubervilliers 5300
11/18/2011 5:27:00 AM GMT 0.11 0.1 478 Colombo 0
11/18/2011 11:15:00 AM GMT 0.04 0.1 513 Colombo 0
11/18/2011 11:20:00 AM GMT 0.15 0.08 625 Mumbai 950
11/18/2011 12:10:00 PM GMT 0.13 0.1 366 Phuket Province 1250
11/18/2011 12:14:00 PM GMT 0.11 0.09 461 Colombo 0
11/18/2011 1:49:00 PM GMT 0.09 0.11 432 Phuket Province 1250
11/19/2011 3:35:00 AM GMT 0.14 0.1 414 Phuket Province 1250
12/3/2011 5:03:00 AM GMT 0.42 0.08 340 Male 500
12/3/2011 5:05:00 AM GMT 0.6 0.11 320 Phuket Province 1250

1 comment:

  1. හම්ඹේ අපේ පැත්තට ඔය හුළං ටෙල් 3ජී සිග්නල් හුලන්ගටවත් ගහගෙන එන් නැනේ...හැමදේටම ඩයලොග් තමයි...

    ReplyDelete