Monday, December 5, 2011

අඩුවෙන් ඉගෙනගෙන වැඩියෙන් ගන්න ඒසී කරන්න සෙට්වෙන්න

ඒ සී කියන්නෙ එයා කන්ඩිෂනින්..සිංහලෙන්ම කිව්වොත් වායුසමණය තමා නම..මේ වායුසමණ කාර්මික ශිල්පීන් කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙම බෝම දුර්ලභ ජාතියක්.මේ වායුසමණ කාර්මික ශිල්පියෙක් හෙවත් අමු සිංහලෙන් ඒසී බාසෙක් එහෙම නැත්තං ෆිජ් හදන බාසෙක් වෙනව කියන්නෙ හරිම ලේසි වැඩක්..හැබැයි ඉතින් ලේසියි කිව්වට ඔය කියන තරම්ම ලේසි නෑ.අපේ රටේ කොල්ලො කැමති නෑ මේ වගේ රස්සාවල් කරන්න.ඒක රස්සාවලවත් ඒ අයගෙවත් තියෙන වැරැද්දම නෙමෙ රස්සාවලට තියෙන තත්වය පිළිබඳ ගැටලුවක්.මේ රස්සාවල් හෙවත් තාක්ෂණ සේවකයෙක් හෙවත් ටෙක්නීෂියන් කෙනෙක් කියන්නෙ බොහොම ගරු කටයුතු රැකියාවක් තමා දියුණු රටවල.ඒත් අපිලංකාවෙ මේසන් බාස් කෙනෙක් පයිප්ප බාස් කෙනෙක් ඒ සී බාස් කෙනෙක්ව දකින්නෙ බුලත්විඩ කාගෙන සරමක් ගහගෙන බීඩියක් අදින හද්ද වන්නියෙ බාසාවක් කතාකරන පොස් තියා ඒ ලගටවත් ගන්න බැරි කෙනෙක් විදියට.

නමුත් වෙනත් රටවල ටෙක්නීෂියන්ස්ල,ඉන්ජිනියර්ස්ල,සහඅනෙකුත් සියලුම සේවකයින්ට අදාල ඇඳුම් තියෙනව..ඒවට සාමාන්‍යයෙන් ඕවරෝල්කියල කියනව.තමුන් මොන මහත්තය උනත් රැකියාවට යන කොට යන්න වෙන්නෙමේ ඕවරෝල් එක ගහල තමයි.මං දැකල තියෙනව ලංකා විදුලි පුද්ගලික සමාගම කියන සමාගමේ සේවකයොමේ ආකාරයේ අලංකාර ඕවරෝල් ඇඳුමක් ඇඳගෙන වැඩ කරනව.ඒ වගේම ලංකාවේම කොළඹ නැව් තටාකාංගනය අනුබද්ධව තියෙන ඩොක්යාඩ් වැනි ආයතනවල අනිවාර්යයෙන්ම ඕවරෝ්ල ඇඳගෙන ඉන්න වෙන ස්ථාන තියෙනව..ඒ තැන්වලදි මොහු ඇවිල්ලා ඉන්ජිනේරුතුමාය,මොහු ඇවිල්ලාතේ හදන එකාය,මූ ඇවිල්ලා සයිට් එකේ වැඩ පුරුදුවෙන ට්‍රේනින් එකාය,මේ නම් වැඩ කරන එකෙකි කියාය කියා අඳුනා ගන්නේඒ වැඩ කරන අය අඳින තොප්පියෙන් පමණී.අනෙක් සෑම ආරක්ෂිත ඇඳුමක් පැළඳුමක්ම එක සමානය..බූට්ස් අත්වැසුම්,මුකවාඩම්,ආදිය සියල්ලටම සමානය.එවන් පිලිගැන්මක් ඇති ජාත්‍යන්තර ප්‍රමිති සහිත ආයතනවල ටෙක්නීසියන් කෙනෙක් හෙවත් තාක්ෂණ සේවකයෙක් වෙනවාය කියන්නේ විශාල අත්දැකීමකි..එසේම ලංකාවේ කෙසේ වෙතත් වෙනත් රටවල සමාජය මේ උන්දෑ අපේගේ හැදු බාසාය.මූ නම් අපි එන හෝටල් වලට වැද්ද නොගත යුතුය.මේ වඩ්ඩා හෙවත් වඩු බාසාගේ දුව ලස්සන උනා මේ කෙල්ලාගේ තාත්තා වඩ්ඩකි.කියා කොන් කිරීමක් නම් නැත..මුදල් ඉපයීමද දියුණු රටවල බොහෝ විට සමානය..ඔස්ත්‍රෙලියාව,යුරෝපිය රටවල්,අමෙරිකාව.නවසීලන්තය ආදි රටවල තාක්ෂණ සේවකයින් සමහර අවස්ථාවල වෛද්‍යවරුන්ටත් වඩා වැටුප්හා සමාජ තත්වයක් ලබනු නිරීක්ෂණය කල හැක..
අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් සරසවි යන ලංකාවේ බහුතරය පවා කසාද බැඳීම් වැනි කාරනවාලදී තවමත් පරණ වල්ගය හලා ගැන්මට බැරිව තාත්තා කවුද අප්පා කවුද ඔව්නගේ රැකියා කෙසේද සමාජ තත්වය කෙසේද යන්න සලකා බලන වෙලාවල් තියෙනව..

 ඔබට වරුසාවකට හෝ ලංකාදීපහෝ වෙනත් ඉරිදා පුවත්පතක විදෙස් රැකියා තීරුවක් හමු වුවහොත් මැදපෙරදිග රැකියා තීරුවේ මේ ආකාරයේ වායුසමණ තාක්ෂණ ශිල්පීන්ට කෙතරම් වටිනාකමක් ඇත්දැයි දැකබලාගත හැක..සාමාන්‍යනේ දැනට කුඩා පලපුරුදු කාලයක් ඇති වායුසමණ ශිල්පින්ට පවා රුපියල් හැටදාහක පමන වැටුපකට මැදපෙරදිග සඳහා විදෙස් ගත වීමේ හැකියාව ඇත.එසේම එසේ පලපුරුදු වායුසමණ ශිල්පියෙක්ට පිලිගත් සහතික සහ භාෂාව පිළිබඳ නිපුනතාවය තිබෙනවනම් ඔවුන්ට වෙනත් දියුණු රටවල් සඳහාද යොමුවීමේ වැඩි අවකාශයක් ලැබෙනව.ඒ වගේම වායුසමණශිල්පියෙක් ලෙස පුරුදුවන්නාට නිසඟයෙන්ම රෙෆ්රිජරේෂන් හෙවත් ශීතකරණ අලුත්වැඩියාව වැනි යමක් හදාරන්නට අවකාශ ලැබෙනව..යම් කිසි ආකාරයකින් විෙදස් ගත වීම් හෝ වෙනත් අදහසක් නැත්නම් ශීතකරණ අලුත්වැඩියා වැඩපලක,වාහන වායුසමණ අලුත්වැඩියා වැඩපලක,නැත්නම් ලංකාවේ ඇති ඉදිකිරීම් සමාගමක පිළිගත් වැටුපකට සේවය කිරීමේ හැකියාව තිබෙනවා.


ලංකාවේ ඇති වායුසමණ විද්‍යාව ඉගෙනගත හැකි මාර්ග..

 තාක්ෂණික විද්‍යාල වල මේ වායුසමණ විද්‍යාව විෂය පථයක් විදියට උගන්නනව..ඒ වගේම අර්ධකාලිනව මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය,රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුනු මධ්‍යස්ථානය,මහරගම තරුණ සේවා සභාව,මරදාන කාර්මික විද්‍යාලයය වගේ තැනවල මේ වායුසමණ තාක්ෂනය උගන්නනව.ඒව වගේම සිටි අැන්ඩ් ගිල්ඩ්ස් එකෙනුත් පාඨමාලාවක් මේ වායුසමණ තාක්ෂණය සම්බන්ධයෙන් තියෙනවා..මේ පාඨමාලා බොහොමයක් අවුරුද්දකට අඩු කාලයකින් නිමාවන ඒවා.ඒ වාගෙම රුපියල් පාලොස් දාහකට අඩුවෙන් කරගන්නත් අවකාශ ලැබෙනව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එක ඇරුනම අනික් ඒව.ඒ වගේම දැන් අලුතින් ඇවිල්ල තියෙනව පුද්ගලික මැෂින් පුරුදු කරන ස්ථාන බැකෝ පුරුදුකරණ ස්ථාන වගේ ඒව..ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නම් දන්නෙ නෑ ඒත් ඉලෙක්ට්‍රිකල්,වෙල්ඩින්,වායුසමණ ආදි තාක්ෂණ ක්ෂේත්‍ර සඳහා නම් දැනට සුදුසුම වෙන්නෙ රාජ්‍ය හෝ ජාත්‍යාන්තරව පිළිගත් සහතික දෙන තැනක් තමා..අපේ රජය යටතේ හරි වෙනත් රටක පිළිගත් ආයතනයකින් හරි දෙන සහතිකයක් ලෝකෙ ගොඩක් තැන්වල පිළිගන්නව.නමුත් තමුන්ගෙ නමින් ගමේ නමින් පටන් අරන් තියෙන පොඩි පොඩි තැන්වල තිබෙන පාඨමාලාවට තිබෙන තත්වය ගැන නම් කියන්න දන්නෙ ඒ කරපු අය සහ ඒවගේ අයිතිකරුවන් විතරයි.

වායුසමන ශිල්පියෙකු ගොඩාක් සල්ලි ගන්න නම් ඉගෙන ගත යුතු දේවල්...

මෙතනදි වැඩිපුර කීයක් හරි රට ගිහින් ගන්න නම් බාෂාව පිළිබඳ දැනගෙන ඉන්න එක වැදගත් ඉංගිරිස් වචන ටිකක් හරි තේරෙන්නෙ නැති කෙනෙක් ව වැඩට ගන්න වෙනත් රටවල ඉන්න අය කැමති වෙනව අඩුයි.ඉතින් දෙවැනි බාෂාවක් ලෙස ඉංගිරිසි වැඩිදියුණු කරගැන්ම මේ විශය හෙවත් වායුසමණ විශයම වැඩිදුර ඉගනීමටත් ඒ වගේම හොඳ තැනක රස්සාවක් හොයාගන්නත්වැදගත් වෙනව.ඊට අමතරව මේ වායුසමණ ක්ෂේත්‍රය වයරින් සහ මෝටර කටයුතු සම්බන්ධයෙනුත් යම් යම් සම්බන්ධතා තියාගන්නව.යම් කෙනෙක් මේ ක්ෂේත්‍රය ඔස්සේ ඉහලට යන්න හිතන් ඉන්නවනම්  ඉලෙක්ට්‍රිකල් දැනගෙන ඉන්න එක වැදගත්. ඉලෙක්ට්‍රිකල් වලට තියෙන පොඩි පාඨමාලාවක් තව මෝටර ගැන පාඨමාලාවක් කාරිය ඉගෙනගත්තට කිසිම අඩුවක් නම් වෙන්නෙනෑ මේ කෂේත්‍රය ඇතුලෙදි..ඒ වගේම දැන් තාක්ෂණය දියුණුයි ලෝකෙ අලුත් දැන්බාස්ලට ජොබ් එන්නෙ අන්තර්ජාලයෙන් ඔටෝ කැඩ් වලින් ඇඳපු සොෆ්ට් කොපියක් ලෙස සමහර හදිසි වෙලාවට.ඉතින්  ඔටෝ කැඩ් දැනගෙන ඉන්න එකත් තමුන්ගෙ අනාගතේට වැඩදායී වෙයි..මේ දේවල් නැති කෙනෙක් කැපෙනව කියල අදහස් වෙන්නෙ නෑ.නමුත්මේ දේවල් තියෙන කෙනෙක්ට අන් අය අතර කැපී පෙනෙන්න පුලුවන් කම ලැබෙනවා.

වැඩ කරන්න ලැබෙන පසුබිම...

මේ වැඩ කරන්න ලැබෙන පසුබිම කිව්වෙ වැඩකරන එන්වයරන්මන්ට් එක කියන දේ.වායුසමණ ශිල්පියෙක් ලෙස පුරුදුවෙලා පුටුවකට බරදීල මේසයක් උඩ තියෙන කොළ කැබලි කියවන්න කොම්පියුටරයක බොත්තම් ඔබන්න නම් අවකාශ ලැබනෙව අඩුයි..තමුන් ටිකක් කය වෙහෙසා මනස වෙහෙසා වැඩකල යුතුයි.නමුත් අර ලංකාවෙන් කොරියන් ගිහින් කරන මහා බර වැඩ වගේ තඩි සයිස් කම්කරු වැඩ නම් ලැබෙන්නෙ අඩුවෙන්..ඇණ මුරිච්චි වෙල්ඩින් වයරින් වගේ වැඩ ටිකක් තමා ඒ සී තාක්ෂණ ශිල්පියෙකුට ලැබෙන්නෙ.ඔබ යම් කිසි අරමුණක් සඳහා විදෙස් ගත වන්නට අදහස් කරනවානම් වඩා උචිත වෙන්නෙ නිසි පුහුනුවකින් පසු කාර්මික ආදි ක්ෂේත්‍රයකට යොමුවීම.මොකද ලෝකෙ වටේ රස්සාව කරල නහින දෙහින කාලෙට පවුලක් පන්සලක් වෙලා ගමේ වැඩක් හරි කරගන්න පුලුවං කාර්මික දෙයක් කලොත් නැත්තං පිටරට ගිහිං කානුහාරන වැඩ,පිරිසිදු කරන වැඩ,සුපර් මාකට් වැඩ,වේටර් වැඩ,ලේබර් වැඩ කලොත් අපි එහේදි කීයක් ගත්තත් ආය වෙන රටකට හරි ලංකාවට හරි ආවොත් ඉන්න වෙන්නෙ හුලං බිබී තමා..

6 comments:

  1. මෙව්වා නන් සැහෙන්න වටිනවා ඇ...

    ReplyDelete
  2. වටිනා ලිපියක්

    ReplyDelete
  3. aniwa mama karanneth meka tama....denata 90000k sallry gannawa mama qatar wala

    ReplyDelete
  4. වටිනා ලිපියක්. මමත් A/C Cours එකක් කරනවා. මේ දෙසැම්බර් course එක ඉවරයි.

    ReplyDelete