Friday, December 16, 2011

Colombo car Race

car transporting for race

Ready to Race

engine of racing car
 අමෙරිකාවේ මහ රාත්‍රී පාරවල් වසාගෙන පවත්වන රේස් තහනම් වේ.ඒවා පසුපසින් පොලිසිය එලවාගෙන ගොස් ඒ කාර්කරුවන් සහ සංවිධාකයින් අල්වා දඬුවම් කරනු මා චිත්‍රපටවල සහ වීඩියො ගේම් වල දැක ඇත.එහෙත් ලංකාවේ ප්‍රධාන නගරයක ප්‍රධානම වීදි කීපයක් වසා තිබෙන තරඟයට තින්ත ගෑම්වල සිට ටයර් ඇතිරීම දක්වා බොහෝ දේ කරන්නේ ලංකා හමුදාව විසිනි.හමුදාව විසින් කාර් රේස් සංවිධානය කිරීම මෙහි පවතින සම්ප්‍රදායක්දැ යි මට වරෙක සිතේ.
අද කොටුවේ සියලු කාර්යාල පස්වරුවේ වැඩ නවත්වන ලදී.බොහෝ ආයතන පස්වරු 3 පමණ වනවිට වසා දමන ලදී. කොළඹ කොටුවේ ඇති බැංකු සහ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගම් ඒ අතර වෙයි. හෙට දිනයේද එම කාර්යාල සහ බැංකු මූල්‍ය ආයතන සියල්ල අත්‍යාවශ්‍ය රාජකාරි පමණක් කරනු ඇත.ශ්‍රී ලංකාවේ ඇති මූලික ස්ථානයක් වන ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ තරු පංතියේ හෝටල් කීපයක් වටා පැවැත්වෙන මෙම තරඟය එම හෝටල් සහ සේවා ස්ථාන සඳහා බාධාවක් වෙනු ඇත.

mini car collection

another mini car waiting for race
 මේ රේස් සඳහා අනුග්‍රහය දක්වන්නේ කාල්ටන් ක්‍රීඩා සමාජය යන නමින් හඳුන්වන ක්‍රීඩා සමාජයකි.එහි වාහන වලට ලබා දී ඇති අංක තහඩු වලද කාල්ටන් ස්පොට් නෙට්වර්ක් නම් රූපවාහිනි ආයතනයේ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.




 මගේ අදහස නම් ලංකාවේ වෙනත් ජනයා අඩු සංචාරක  ආකර්ශනය සහිත ප්‍රදේශයක මේ සංදර්ශන පැවැත්වූවා නම් වඩා සුදුසු බවය.එසේ වූවා නම් මේ තරම් වාහන තදබදයක් සහ ආර්ථික බාධාවක් රටට සිද්ද වන්නේ නැත. මේ හේතුවෙන් හෙටත් අනිද්දාත් කොළඹ ප්‍රධාන මාර්ග කීපයක්ම වසා ඇති හෙයින් ඒ මාර්ග හරහා කොළඹට පැමිණෙන රථවාහන වල දැඩි තදබදයක් ඇතිවිය හැක.එසේම රථවාහන අපාසුතාවය නිසා මේ කාර් පවත්වන සීමාවේ පවතින කාර්යාල වලට අමතරව වෙනත් කාර්යාල රැසක කටයුතු ඉරිදා සහ සෙනසුරාදා යන දෙදින අඩපන වනු ඇත.මේ දින දෙක නිවාඩු යැයි කෙනකුට කිය හැක.නමුත් බොහෝ පුද්ගලික ආයතන සෙනසුරාදා අඩුතරමේ වරුවක්වත් සිය සේවා පවත්වාගෙන යයි.


modified car
 කෙසේ උවත් අවසන අපේ දැඩි ලෙස දැවෙන ප්‍රශ්ණයක් වූ කාර් රේස් අවශ්‍යතාවය මනා ලෙස හඳුනා ගෙන එය සම්පූර්ණ කිරීමට සාධනීය පියවර ගැන්ම ගැන මගේ හදපිරි ප්‍රසංසාව රජය වෙත යොමු කරමි.
Transporting Bikes for race

Mini Car on the truck

4 comments:

  1. හමුදාව නමි මෙ බලු රේස් එක සංවිධානය කරන්නැ. එත් බාප්පා ආරක්ෂක ලේකමි හින්දා හමුදාව දාලා මෙ තුප්පහි වැඩ කොරවනවා. මෙ රේස් විතරක් නෙමෙ ශ්‍රි ලංකාවෙ ආරක්ෂාව අතින් වැදගත් වන නාවික හමුදා මුලස්ථානය අසල නාවික හමුදා සෙබලුන්ගේ සුභසාධක අරමුදලින් ඉදිකල Light House Gally Restaurant හි ඡොගි නටනවා. හමුදාවයි රටෙ ආරක්ෂාවයි බල්ලට ගිහින්....

    ReplyDelete
  2. ඔයා කියන දේ ඇත්ත.එත්.. පුද්ගලිකව මං මේ තරගාවලියට හුගක් කැමතියි.මේ වගේ අත්දකිමක් අපට නැහැ නේ.මෙවැනි දේවල් සදහා හමුදා ශ්‍රමය යොදා ගැනීම වැරද්දක්. නමුත් ජාතික ක්‍රියාවන් සදහා හමුදා ශ්‍රමය යොදා ගැනීමේ වැරද්දක් මං දකින්නේ නැහැ.මගේ පුද්ගලික මතය කිව්වේ.

    අපිනම් හෙට රේස් එක බලන්න යනවෝ ...........

    ReplyDelete
  3. හමුදාවයි රටෙ ආරක්ෂාවයි බල්ලට ගිහින්.... අපිට තව අඩුව තිබු එකදෙයක් නේද මේ... අනිත් හැමදෙම තියෙනවා... පාර වහලා කාර්යාල වහන කොට වැඩිය පාඩුවක් වෙනවෑ... තව නූඩ් බීච්... වගේ දෙකතුනක්... අර "ඇමරිකන් පයි" වගේ..... තිබුනනම් ලංකාව ගොඩ....

    ReplyDelete
  4. මුංගෙ ටෙන්ෂන් යන්න රේස් තියෙනව..මුං හිතන්න ඇති අපිටත් ටෙන්ෂන් දෙන්න මේවයින්..හුහ් අපි කාල බීල ආතල් එකේ ජොලියෙ ඉන්නව.144බස් එකක කොන්දොස්තර මහතෙකුගේ අදහසක්.

    ReplyDelete