Posts

Showing posts from May, 2011

අයියා අයිස් කන්ඩ ආසයි ?????

රුදුරු සැහැසි ගිම්හානේ
දැවෙන දිවෙන රැස් අතරින්..
ඇවිල්ලා එක මොහොතක්..
ගිම්හානයේ අයිස් පරුවතයක්....

ඉඩදෙන්න විඳගන්න...
ළඟ ඉන්න වර දෙන්න...
තව මොහොතක් සැනසෙන්න...
හැරදා පියා මා....එපා දියවෙන්න...

ළඟින් තිවූ ගල් අතරතුරේ සෙව්වා...
දුරින් මැ වූ හිම කොහිද කියා බැලුවා..
රකුසු ඇස් වසා තබා දොරමුව...
මෙන්නෝ ඇවිල්ලා....මයේම වූ..සුදෝ සුදු
අයිස් කඳ..

බත් කවන කොටු පනින සඳ

සාවෙක් ඇවුදින්
සඳින් නුඹව සොයන්
පනී වි විගසින්
කන්න පුතා බයියං

නිල් වන් අහසින්
කැල්මන් වස්සන්
වාගේ ඇවිදින්
ඔබ මගේ සඳ විලසින්

අහස් දෙස් බලමින්
මහ සද්දෙන්
බුරයි බල්ලන්
ස ඳ...ට, මා සිත මෙන්

මේ පින් ඇති සඳින්
එලිවූ දසුන්
ඇති දිනෙ රැයෙන්
සැඟවී, අප බෝ සතුන්

පනින්ට ඇත්නන්
මටත් සඳමෙන්
ඇගේ කවුලුවෙන්
සිදුහත් විලසින්..

පුතු නලවන්.
මා සනසන්
මෑ නිදයි සැනෙන්
සඳට හොරෙන්

ඈ දැන්
ඉකිබිඳිමින්
සඳ බලමින්
කියාවි, සඳ මෙන් පැමිනෙන්...

duel core do more

මේ විදිහට ගියොත් හෙට අනිද්ද වෙද්දි මේ රටේ ගෑනු පිරිමි බොහොම නරක විදිහෙ ආස්සර වලට පෙළඹෙනව
ඒ කියන්නෙ පිංවතුනි මේ සමාජෙ තියෙන පවුල කියන කුඩාම ඒකකේ විනාස වෙල මහ අවුලක් ඇති වෙනව....
අද මේ ටැලිපෝන අද හැමතැනම කෙල්ලගෙ කොල්ලගෙ බල්ලගෙ ඉඳල තියෙනව..මේවයින් තමයි පිංවතුනි අද මේ තමන්ගෙ දරුව නොදන්න එවුන්ට එකතු වෙල යන්න පුරුදු වෙල තියෙන්නෙ..
අපි මේ අද ඉන්න දරුවන්ට මේ වසවර්ති උපකරනෙ දෙන්න හොඳනෑ මොකද ජාතියක් ජංමයක් නැති නොයෙකුත් කන්ඩායං මේ පෝං එකෙන් සෙට් වෙල දරුවන් එක්ක මොනව කරනවද කියල දන්නෙ නෑ....

අනෙ හාමුදුරුවන්ගෙ කෙං ගෙඩිය..
දැං හාංදුරුවනේ වැඩිය ඕන නෑ අපි ගනිමු මේ ගමේම කී දෙනෙක් නං දැං ඔය ටැලිෆෝනි එකෙන් සැට් උනාද අර මතකද හාමුදුරුවනෙ ජොනතන් බාස්ගෙ කිසි ලස්සනක් නැතුව තැං කීපෙකිම්ම කතා කොරලත් මඟුල් හරිගියෙනැතුව කොළඹ යැව්ව නිමාලි කෙලී .,,උන්දැ කොළඹ ගිහිං කලිම්ම කොලේ පොන් එකක් ඇරං කොල්ලෙක් සැට් කොරගන්න එක...ගෙදරට නාකි වෙන් හිටපු ඒකිට මඟුලක් සෙට් උනේ ඒ පෝන් එක නිසා තමයි...සික් මටත් ඕක ටිකක් පුරුදු වෙල තිබුනනම් දැං කොයිවෙලේද ටිකට් එන්නෙ කියල බලං ඉන්න මට කනේ ගහං පිරිත් ටිකක් අහං ඉන්න තිබුන එතකොට අවසානෙට ඇහෙන්නෙ ප…

To be Sweetheart and Expired one

සුරපුරෙන් මෙහෙ ඇවිත්
මගේ ළඟින් දැවෙන සිත...
සනහමින්...
අපායෙන් එව්වදෝ
එකෙක් ගිය පසු
තව එකෙක් සැතිරියෝ..
නිල් නුවන් බබලවා
මුව කමල් සොලවලා
ගියේ ඈ තවත් මා
සිතේ රූ දසදහස් වර මවා..
මායමින් අල්වලා
ඈ කෙරේ බන්දවා..
ගෙන ගියේ මගේ සිත
තවතවත් අලවලා...
වරු ගනන් තැවුනු සිත
නුඹෙ මුවේ සිරි වදන්..
වල හොවා සතපලා
තබාලා සැනසි ඉන්නම්..
බෝ සෙයින් හැඬූ සිත
නැතුව කිසියම් හෝ දුකක්..
ඔබ ඇව්ත් සමතලා කර ගිහින්
ඉරිතැලී ගිහිපු මාගේ සොඳුරු සිත..
නෙතු විවර කර ඉන්නම්
සවන් හැරගෙන ඉන්නම්
මඟ බලාගෙන ඉන්නම්
එන්නකෝ සැනසුමක් රැගෙන සැනෙකින්..
ඇස් වසාගෙන ඉන්නේ
කන් පියාගෙන ඉන්නේ
තවත් නෑ මග බලා නම් ඉඳින්නේ
කල් ඉකුත් වූ පෙම්වතීයේ..

නටාශාගේ ඇමතුම (Natasha's Call)