Thursday, December 29, 2011

ඇති යන්තම් මල්ලිට කැම්පස් යන්න බෑනෙව..

.මං අක්කාගේ කුඩා එකාට ඇපල් පාර්සලය දෙමින් ගෙට ගොඩ උනෙමි.දැං අපේ අම්මා කොහොමද පුතේ කියා අහන්නේ නැත. ඇය ටීවී බලයි. එහෙත් ටීවී එකේ යන කතාවේ නම්ඒ පුතා ගෙදර එන වාරයක් ගානේ අම්මා කෝහොමද පුතේ කියා අසයි. ටීවී කාරයාට කතාව දුවාගත යුතුය. අපේ  අම්මාත් මාත් මෙන් ලෝක දෙකක ඔවුන් සිටියේවී නම් ටීවී කාරයාට කතාව ඇදගෙන යා නොහැක. මන්ද එවිට දෙබස් නැති වෙන බැවිනි. මල්ලි ගෙදර නැත.ඌ මට වඩා මැරෑටියාය. ජොබක් යැයි හඳුන්වන මහාර්ග රැකියා වස්තුවක් ඌ හොයාගෙන ඇත.ඒ මොකද්දයි මා දැනගත යුතුව ඇත. එහෙත් නොදනී. වැඩ කරන්නේ ටෑර් කොම්පැනියකි. යූනියන් සිකා කිව් පරිදි ටෑර් කොම්පැනි කාරයින්ට ඒවා මෙරට අරින්නට ලැබී ඇත්තේ ලංකාවේ වරදිනි. වෙන රටවල පරිසරවේදින් සමාජ විද්‍යාඥයින් විරෝධතා පවත්වන හෙයින්ඒ වැනි අනාරක්ෂිත කර්මාන්ත ඒරටවල කිරීම අමාරුය. 
යූනියන් සිකාගෙ බම්බුව.අනේ හොඳයි ඌ ඒකට වත් ගිය එක. නැත්තං මං වගේ.. වෙනව.. අම්මා ප්‍රවෘත්ති වල පාස් උන අයගේ විස්තර බලයි.  අපේ එකාට තමයි බැරි. යැයි තාත්තා සමග කියයි. එහෙත් ඇය යටි සිතින් මල්ලීට කැම්පස් යෑමට නොහැකි වීම ගැන සතුටු වෙනවා ඇත.මා උපාධිය ගන්නා තෙක් ඈ සිතා සිටියේ උපාදිය මහා වටිනා දෙයක් කියාය. එහේත උපාදියෙන් පසු ඉන්ටවු 20කට විතර ගියවිට ඇයට උපාධිය එපාවිය.මා කලිසං අඳිමි. ඉංගිරිස්සිත් දනිමි. කොම්පියුටරත් වැල බැලීමෙන්ම පුරුදු වූෙය් කැම්පස් සගයින්ට පින්සිද්ද වන්නටය. මසකටමා කොහුමෝලේ වැඩකර ලබන රුපියල් විසිපන්දාහ තිස්දාහ ලගින්වත් යන වැටුපක් නැති කංකානම් පියන් ජොබ් කරන්නට මට බැරිය. තාත්තා අම්මා පවා ඒ වැනි දේට කැමති නැත.

රස්සා ගන්න කොන්ටැක් තිබිය යුතුය. මට කොන්ටැක් නැත. එය සෝකජනකය. එහෙත් නැත. නිවාඩු දවස්වලත් මා කලේ කොහු මෝලේ වැඩ කිරීමය. කැම්පස් එකේ උන් මා සෙනසුරාදා ඉරිදා කැම්පස් එක තුල දුටුවේ වී නම්ඒ විභාගයක් ආසන්නයේ පමණි. මං යූනියන් කලේ නැත. නමුත් තාත්තාගෙන් අම්මාගෙන් බැනුම් අහගන්නට තරම් හොඳ පොටෝ එකක් පත්තරේ යවාගත්තමි. ගමටම නිවුස් වල ටීවි එකේ මගේ රූපය පෙනී තිබුනි. අපි අලයෝය. මෙලෝ වැඩකට නැතියෝය කියමින් අයියලා අපි ඉදිරියට දමා පස්සට ගොස් සැඟවුනි. මොන බහුබූතයක් උනත් කොරන විදියට කොර යුතුයැයි සිතූ අපි අල ගෙඩි දෙක තුනක් වැඩේ ලීඩ් කලේය. කැම්පස් එකේ ඇතුලට ආරන්චිවේ යැයි මහා ලොකු පොරවල් සැගවී සිටියෝය. දිවිහිමියෙන් මේ සරීරෙ ලේ පාරමැද වැටුනත් ඉදිරියමැයි කියා කිවුවෝ මටත් පහල බැජ් එකක කජු කිරි කෙලි කොල්ලන් ඉදිරියට දමා සැගව ගියේය. දැන් පෙලපාලිය ඉදිරියේ මාය. කැමර් වල ඇත්තේ මාය. ඇත්තටම ඉදිරියේ සිටියේ මාය. දැන් පොලිසියෙන් ගැසීමට ඔන්න මෙන්නය. මට හැමදා අසා පුරුදු වචන සෙට් එක මතක්විය. එසේම ඒවාට මගේ වදන්ද එකතු විය. ගුටිකන්නට පෙර දුවන පිරිස අඩුකරගත යුතුයැයි සිතු මා පේමන්ට් එකේ ගැට්ටකට නැගුනි.
අපි මුන්ගෙන් කාර් ඉල්ලන්නෙ නෑ..අපි මුන්ගෙන් ගෙවල් ඉල්ලන්නෙ නෑ..අපි මුන්ගෙන් වැඩි පඩි ඉල්ලන්ෙන..ඉල්ලන්නෙ රටට සේවය කරන්න අපිට උපාදිය ගන්න සලස්සන්න කියලයි..අපේ නංගිල මල්ලිලලට ඒ අවස්ථාව දෙන්න කියලයි..ඉතින් මේ වගේ වෙලාවක පසු බැසීම උපක්‍රමිකයි කියල හිතන උගුඩුවො වගේ ගුල් අස්සෙ ඉන්නෙ නැතුව ලෝකෙට අපේ ශක්තිය පෙන්නන වෙලාව ඇවිල්ල සහෝදරවරුණි. කතා කරල සාකච්චා කරල මේව විසඳන්න තරම් මුන්ට ඔලුවක් නැති උනාට අපේ ඔලුවට අර කලුපාට තොප්පිය වැටිල ලස්සනට අපි අනාගෙතේ හදා ගෙන එනකල් අපේ දෙමාපියො දහදුක් විඳිනව ඇති. ආන්න ඒ අය ගැන හිතල පස්ස නැතුව ඉසසරහ පෙරට ගමු සහෝදරවරුනි. 
ඉන්පසු තත්වය මා සිතුවාට වඩා වියරු විය. කඳුලු ගෑස් හමුවේත් සමහර අලුත් බැජ් එකේ සිසුවියන් සිසුන් පලවාහැරීම අපහසු විය. වියරු වැටුනු සමහරු දේපල හානි කලහ.
ව්‍යාපාරය අවසානයේ ජයග්‍රාහී ලෙස මගේ අදහස් කීපයක්ද පුවත්පතක ගොස් තිබුනි. එතැන ලමුන් එසේ කඳුලු ගෑස් වලටත් නොදැමුනු පිරිසක් වීමට මගේ කතා කෑලි ටික ඉවහල් වී ඇති බව මට පසුව වැටහුනි.
පොදු දේවලට හානි කිරීම නිසා මා පොලිසි ගෙන ගියේය. එහෙත් පොලිස් අධිකාරි මහතා මගේ ගම නම ආදිය අසා ඔහු මේ කැම්පස් එකේම සිසුවෙකු වූ නිසා බේරෙන්නට ලැබිනි.
කිසිම දේකට නැතිව සිටි මා හට එය මහා තොප්පියක් විය. මා කන්න වගේ ඔවුන් දෙස බලං හිටියත් මා ඔවුන් කෑවත් මගේ දෙස නොබැලූ නංගිලා අයියා කෑවද දැන්ද ආවෙ යැයි කැන්ටිමේදි අහන ගතියක් ආවේය. 
දේශකවරු පවා සිද්ධිය දැක තිබුණි. එහෙත් දේශකවරුන් විසින් සිතාගෙන සිටි විරුවන් පොරවල් අතර මා නොසිටි හෙයින් අයි ටී කල සහ තවත් විශයයන් කීපයක දේශකවරු හැර අනෙක් අය මට ඉරිසිස්යා කලේය. මට සුවර්ම පේපර් වල ලකුනු මට වඩා මැටි මෝල්ලුන්ටත් වඩා අඩු විය. කලක් තිස්සේ සුවල්ප වසයේන් බැබලි බැබලි නොසිට එකවර අකුණක් පරිදි බැබලුනු මා බොහෝ සිසු නායක යැයි නම් ගත් සිංහ නරින්ට නොදිරවන්නට විය.
 වලි බේරීම ආදී කටයුතු වලට මා ඉන්පසු දායක විය. දෙමලුන්ට ගැසීමේ මානසික රෝගයක් බවට මා ප්‍රසිද්ධ වේදිකාවල පැවති අදහස් වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කලේය..බණ අසාගෙන සිටින තෙල්වල තෙල්වලට උඩින් පාවෙන වතුර මෙන් මා අනවශ්‍ය ප්‍රශ්ණ දැම්මෙමි. ඒවා දේශපාලන රතු පක්ෂවල ගිරවුන්ට ගැරඬියාට භූමිතෙල් මෙන් පිලිකුල් විය. නමුත් මා පසුපස සිටි පිරිස විශාල හෙයින් ඔවුන්ගේ පාර්ශවය නිහඩ විය.
"මං උඹලව හැදුවෙ ඇස් දෙකක් වගේ. " එක එකාගෙන් ගුටි කන්න නෙමෙයි බොල. ඒ අපේ අම්මාය. අපේ අම්මා ඒ දෙබස් කීවේ මා ගුටිකන ලද අර ඉහත කී සිද්දියෙන් පසුය. මට එක් දෙයක් වැටහුනි. අම්මා ටෙලි නාට්ටි බලනවා වැඩිය. ඇය මෙ තරම් දෙබස් කියවන්නට දක්ෂ වී ඇත්තේ ඒ නිසාය. තාත්තා වෙනත් වෙලාවක් බලා කුලප්පු කර අම්මාගේ ටෙලි බැලිල්ල සීමා කල යුතුය. අර මනුස්සය කකුල් රිදෙනකල් කොහු මෝලෙ ඇවිදල මහන්සි වෙන සල්ලි වලින් බොලාට ඉගැන්නුවෙ මේව කරන්නද ?? උඹලට කරදඬු උස්මාත් උනාම ලොකු මිනිස්සු වෙනව. අර බලපං එතන හිටපු වෙන එකෙක්වත් කෑ ගැහුවද උඹ තරම්.. ඔව් උඹ ඉතින් ආසින් පාත් වුන එකානෙ.. බොට අම්මල අප්පල නෑ..තොපි දෙයියො මවල තියෙන්නෙ.. බලාපිය තොගෙ බුරිය. ඒක තියෙනවද කියල..ඇයි තෝ හිතන් ඉන්නෙ අහසින් වැඩ්ඩිල කියලනේ අර වගේ බය නැතුව ඉස්සරහට යන්න..

අවසාන දෙබස් අම්මා නිර්මාණය කොටගෙන ඇත. ඒවා දුකය. ඒත් මට ඇඬුනේ නැත. අම්මාගේ නිර්මාණ ශක්තිය ගැන සතුටු වීමි. දැන් අම්මා මේ නිවිහැනහිල්ලේ දුක් මූඩ් එකෙන් ටීවි එක බැලුවත් ඇයට දැන් මල්ලී ගැන මෙවන් කතාන්දර ගොතන්නට වෙන්නේ නැත. ඇය සැනසුම් සුසුම් හෙලනු ඇත.





ප්‍රේමය..සහ ලව...
අර ඉහත කී සිද්දියේදි මා ලඟින් දැවටුනු ගෑනු පරානයක් විය. චිත්‍රපටිවල පරිදිම අපි දෙන්නා වතුරට නෑවුනි. ඒ වතුරට නෑවුන විට බදාගන්නට සිද්දවෙන ජවනිකාවක් නොවේ අපිදෙන්නාට ලැබී තිබුනේ. මා වතුර පාරට අනෙක් පස හෙවත් පුක පැත්ත හරවාගතිමි. එහෙත් අකර්ශා ඇගේ පිරුණු තන් දෙක ඉදිරියට දාගෙන සිටී. මට ඇගේ බෝල තන් දෙක පෙනේ..තද පරුෂ වතුර මතින් රෙදි අතරින් පේන ඒ දසුනට මට රාගයට වඩා දුක ඇතිවිය. මා ඇය කවර් කලෙමි. නංගි තමුසෙට තේරෙන්නෙ නැත්ද ඕයි.. යනව පස්සට මේක අස්සෙ රිංගන්නෙ ලබ්බ කන්නද.. බලාපං බොලාගෙ රැග් දීපු ලොකු අක්කල..ටෝක් දීපු අයියල..උන් ඇති පස්සෙ හැංගිලා දුවපිය. එහෙට.. මා එසේ කීවත් ඇයත් අගේ පිරිසත් පසුපසට නොගිය අතර එසේම සිටියේය. පසුව මා විසින් විසිර යෑමට සිග්නල් එක දී විසිරෙව්වෙමි. ඇය සීතලේ වෙවුලනු මා දිටිමි. එහෙත් ඇය බදාගන්නට තබා අඩුතරමේ ඇගේ නමවත් මා දන්නේ නැත. එහේත ඒ ලෙංගතු ඇස්දෙක මට යමක් ඇතුල් කලේය. ඉන්පසු සිතන  දේ සිදුවිය. අකර්ශා මගේ කොක්ක විය. ඇය මට කැමති විය. ඒ සිද්දියේ වීරයා වූ නිසාම නොව ඇය මා හට කලින් සිට කැමති වන්නට ඇති යැයි මා සිතිමි. 
මා ඇයට බූට් එක තැබුවේ උපාධියත් රැගෙන පසුවය. තිව්ව බූට් එකක් නැත. විය යුතු ලෙසටම විය. මා හට ඇය බලන්නට යන්න බැරිවිය. ඇය වෙනත් කෙනෙක් සමග යාලු වන්නට ඇත..මා කොහු මෝලේ වැඩකල ජිම්සිකා නම් ගෑනු ලමයෙකු සමග යාලු විය. ජිම්සිකා බෝලයක් වගේය. මහතය. මා ඇයට ආසය. තේ වතුර බොන විට ඇය මා ලගින් විත් වාඩි උනා යැයි ලිවීමට හැක. නමුත් වූෙය් තේ වතුර එකෙත් පැණි හැලෙන සේ පැණි හලමින් මා ජිම්සිකා ලඟට යෑමය.. කෙසේ හෝ අමාරුවෙන් වෙව්ලමින් මා ජිම් ගෙන් කැමැත්ත ඇසීමි. පිස්සුද තමුසෙට. උපාදියක් තියං කෙල්ලෙක් කැම්පස් එකේ තියං මෙහේ මගෙන් කැමැත්ත අහන්න. ඒ දෙවැනි වාක්කිය කිව්වේ කැමැත්ත ඇසූ දෙවැනි දවසේය. පලමු දවසේ නිකම් සිටියාය. ඒකලින් එක නැති බව කියා මා ඇය යාලු කරගතිමි. ඇය ආකර්ශාට වඩා හොඳය. ආකර්ශාට ලොකු මිදුලක් තට්ටු දෙකක් බාත්රූම් සහිත නිවසක් ඇවැසිය. ජිම්සිකාට කාමර දෙකකුත් සාලෙකුත් ඇතිය. එහෙත් මට නම් ඇඳ තියාගන්න කාමරයක් තිබුනත් ඇතිය. ආකර්ශාට ලොකු ටොයෝටා කාර් එකක් තව අවුරුදු 10කින් ගත යුතුය. ජිම්සිකාට ත්‍රී විල් එකක් තිබුනාම ඇත. මට නම් තාත්තාගේ පරණ චැලිය වෙනුවට වෙනත් සීටී හන්ඩ්‍රන්ඩ් එකක් තිබුනොත් ඇතිය.
මිල අඩු වෙලෙන්දා ජයගන්නාසේ ජිම් සිකා ජය ගති. ආකර්ශා එවිට මා අත්හැර සිටියේ නොවේ. එහෙත් කිසිදු අනාගත බලාපොරොත්තුවක් රහිත ගතිය ඇයට නොදිරවන්නක්ම විය. ජිම්සිකා ඉදිරියට එන්නට ආකර්ශා ලග තිබූ බර බලාපොරොත්ත සහ ජිම්සිකාගේ තප්පදොර ඇඟ හේතුවිය.
මා උපාධි කාරයෙක් බව දැනගත් කොහු මෝල් මුදලාලි මා කොහු පැටවීම බෑම ආදියෙන් ඉවත්කර ලියන මහත්තයා බවට උසසක් කලේය. නමුත් කොහු මිටි ගාන ගනන් කර බෑම පැටවීම පරණ ලියන්නාටම කරගන්න දී මා කොහු වැඩවලම නිරත වීමි.පරණ ලියන්නා ටී වි එකබලනවා මෙන් බලාගෙන ලොකු පොන්ට් එකෙන් කරන එකවුන්ට් වැඩටික මා පැයෙන් දෙකෙන් වැඩ ඉවර වී කරදෙමි. මුදලාලියා මා රස්සා හොයන වැඩය නවත්තන්නට තාත්තා උසිගන්නා තිබුනි. "සොමිපාල කොල්ල උපාධි ගත්ත කියල මොකො බන් හඳට යවන්නයැ". ඔන් න මං කිය ල මේව අරන් යන එකක්යැ. කොල්ල දක්සය ඌට ඔය වැඩටික කරන් ගියෝතින් මං නොසලකා ඉන්නවයි බන්...යයි කියන්නට ඇත. ඒ තැටිය මුදලාලි දැමූ ආකාරයට වඩා සැර අඩුවෙන් තාත්තා අම්මාට කියනු මා අසා සිටියෙමි.
එහෙත් සන්ඩේ ඔබ්සවර් බැලීම. වේකන්සි බැලීම. ඉන්ටවු යෑම. දැන් මට පුරුදු වීඇත. මසකට වරක් ඉන්ටවු එකකට නොගියොත් නිකම් නෑවෙ නෑ වගේ අවුලක් එයි. මා සමග ඉන්ටවු යන පිරිසක්ද සිටී. ඔක්කොම නැතත් එකෙක් දෙන්නෙක් හෝ දන්නා කියන උන් ඉන්ටවු යන්නට පෙර සිටී. සමහර අය කැම්පස් එකේ මල්ලිලා අක්කලා සහ බැජ් එකේය. සමහරක් උන් නම් ඉන්ටවු වලින්ම දැන අඳුන ගත් උන්ය. බාගෙදා ඉන්ටවු හමාර වී කලෙක්ෂන් දමා පොඩ්ඩක් තොලේ ගා වැනි වැනි ගෙදර එන්නට ඒ යාලුවන් මට සහයෝගය දේ. එහෙත් ඉන්ටවු ඉවර වී බොනවා යැයි අම්මා දන්නේ නැත. ගෙදර එයි අම්මා ටීවි බලයි. මා කුස්සියෙන් බෙදන් කයි. සමහර විට අද එක කොහොම ?? යන පස්නයට තාත්තාට උත්තර දෙන්නට වෙයි.. මා දැන් ජොබ් සෙට් වූ විට අහන්නේ පඩියය. ගොඩක් උන් මහ ලොකු ජොබ් දෙන්නේ හෙන අඩු පඩියටයි. මේ ලඟදි එකෙක් කෝල් එකක් දී පඩියත් ලොකු එකක් දෙන්නට කතා කලේය. එහෙත් වෙලාවට මට ඩ්‍රයිවින් බැරි විය. නැත්තං ඌ දන්නා අඳුනන එකෙක් නිසා ඒ රස්සාවට මට බෑ යැයි කීමට ගොඩක් වෙලා යනු ඇත..
(නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි)

Tuesday, December 27, 2011

අධිවේගී මාර්ගයේ වැරැද්දක් ( Expressway Foulty)

.ඕනෑම ඉංජිනේරුමය ව්‍යාපෘතියක ක්‍රමවේදයක් පවතී..එයින් කලින් නිර්මාණය කරගත් සැලසුමක් අනුව වැඩ සිද්දෙ වෙයි. දක්ෂිණ අධිවේගි මාර්ගයේද එසේය. එහි සිමෙන්ති සහ නිර්මිත කොන්ක්‍රිට් පැහැයෙන්ම එහි ඇති නිර්මිත අවකාශය තිබෙන්නට හැර ඇත්තේඒ අධිවේගි මාර්ගය කලින් සැලසුම් කරන ලද නිර්මාණ ශිල්පියාගේ අදහසක් අනුවය. ඒ අනුව අපේ පාසැලේ තාප්පය මෙන් මෙහි ඇති අවකාශ වල සිතුවම් ඇඳීමක් හෝ තීන්ත තැවරීමක් සිදු වන්නේ නැත. අධිවේගි මාර්ගයේ පාලම් පවා එක්තරා විදියකට තනා ඇත. එය ලස්සනය අවුලක් නැත..නමුත් අධිවේගි මාර්ගයේ යන අයෙකුට ගලේ පැහැරු බලලාගේ ක්‍රියාව මෙන් වැඩක් දක්ණට ඇත. එනම් සිග්නලින් සඳහා සිටවූ කණුමතින් සන්දාම හෙවත් කේබල ඇද ඇති ආකාරයයි. එම ක්‍රියාවේ ඇති හදිස්සියක් මිස වෙනත් කිසිවක් එයින් නිරූපනය නොවේ. එක් මායිමක එක් සීමාවක සිට අලංකාරව කේබල ඇද ඇත්නම් එය ගෙන එන්නේ ලස්සනකි.නමුත් කඳු ඇති කලුගල් ස්ථර වලදී එක් විදියකටත් සමහර ස්ථානවල ඇදේටත්..සමහරක් ස්ථානවල කිසිදු පිලිවෙලක් නැති විදියටත් කේබල ඇද ඇති ආකාරය කැතය..
කොට්ටාව මන්සන්ධියේ කේබල ඇති දර්ශනයක්

මා දන්නා අාකාරයට මාර්ග සංවර්ධන අධිකාරියට සිය කැමරා පද්ධතිය සහ පිවිසුම් එකිනෙක සම්බන්ධ කරන සන්නිවේදන පද්ධතිය සම්බන්ධ කරන ආකාරය මතක් වී ඇත්තේ 2011 ජූලි අගෝස්තු මාස වලය.එතැන් සිට ලහි ලහියේ මේ ඔප්ටිකල් ෆයිබර් කේබල්(ප්‍රකාශ සංදාම) ඇදීම් සිද්ද විය.නොවැම්බර් දක්වා වන මාස දෙක තුනක කාලයක් තුල අධිවේගී මාර්ගයේ කේබල පද්ධතිය සම්පූර්න කර අවසන් කල යුතුව තිබුණි..


මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ කණූ සිටුවීමට පමණක් රුපියල් මිලියන තිහකට අධික මුදලක් වැයවන්නට ඇත.මන්ද කිලෝමීටර සියයක් සඳහා නවතම කනු හෝ ආධාරක යෙදීමට සිදුවූ නිසාය.නමුත් කලින් මාර්ගය තනන විටම මේ සිග්නලින් හෙවත් සංඥා සඳහා අවැසි කේබල මාර්ගයක් භූගතව යොදා තිබුණි නම් බොහෝ මුදලක් ඉතිරි කරගත හැකිව තිබුණි.එසේ වුනි නම් එය කේබල වලත් සංඥා පද්ධතියේත් අමතර ආරක්සාවට හේතු වනු ඇත.


.මෙවන් ආකාරයේ කැත දර්ශන සහ ඉහලින් අදින සංදාම මගින් ඒ අධිවේගි මාර්ගය පුරාවට ඇති සමමිතික සහ නිර්මිත අවකාශයේ ඇති සුන්දරත්වය එක්වරම බිඳහෙලා තිබේ.මෙවන් බයිලා අපිට නොතේරෙනවා වුවත් සාමාන්‍යනේ මෙවන් ව්‍යාපෘති දියුණු රටවල සිදුවන විට අවට ඇති භූමි දර්ශන ගැනත් සැලකිලිමත් ව නිර්මාණ කරනු ලබයි.
අධිවේගි මාර්ගයේ පාලමක්
 සමස්ථ කේබල ගුවනින් ඇදීමේ සංකල්පයම අපිට පෙන්වන්නේ ලංකාවේ මාර්ග සැලසුම් වල පවතින අලි සයිස් හිලකි. එනම් වෙනත් අතිරේක සේවාවන් සඳහා වෙනත් මාර්ගයක් හෝ හිස් බට නොදා තමුන්ගේ පාර හැදීමේ කර්තව්‍යය පමණක් සැලකීමේ අඩුපාඩුවයි. සමහර රටවල මාර්ග තැනීමේදි මාර්ගයට සමාන්තරව වෙනත් ඉඩකඩක් සර්විස්(සේවා කටයුතු) සඳහා වෙන්කරනු ලබයි. එනම් කැනීම් කටයුතු කර භූගත නල එලීම් සඳහාම පාරේ කොටසක් වෙන්ව පවතී. එය පාරට පරිභාහිරව පවතින්නක් බැවින් මාර්ගයේ යන එන වාහන වලට හෝ ඒ පවතින රටාවට එම කැනීම් කරන නල හෝ කේබල අලුත්වැඩියා කරන කන්ඩායම් බාදාවක් ඇති නොකරයි.  නැතිනම් අවැසි සේවා සඳහා සීමා ලකුණු කොට නියමිත බට වලදමා භූගත ලෙස කේබල සහ වතුර බට ඇදීමට අවකාශ ලබාදෙයි.

එක් කන්දක් මත සුවිශාල කුලුනු 4-5ක් ඉදිකරීම.කෙතරම් නාගරික ප්‍රදේශයක් උවත් කේබල භූගත නොකිරීම ආදි දේ සාමාන්‍ය කරණය වී ඇති රටකට මෙවන් දේ සාමාන්‍ය විය හැක.නමුත් යන්නේ ආශ්චර්යයකට නම් මෙවන් අඩුපාඩු ඇති නව නිර්මාණ වෙනත් රටවලින් ලංකාවට එන අයට ලබාදෙන්නේ නම් නවතම ආශ්චරියයන් රැසකි.
තවත් අධිවේගි මාර්ග රැසක් සහ නව මහා මාර්ග ඉදිවීමට පවතී. එවන් අවස්ථාවල පවා මෙවන් ක්‍රියා වලට නොගොස් සර්විස් සඳහා වෙනමම බූගත සංදාම ඇදීමේ පහසුව ඇතිකර නිර්මාණ ඉදිකරන්නේ නම් එය රටටත් ජනතාවටත් කරන විශේෂ සැලකිල්ලකි.

Monday, December 26, 2011

දූවිලි ඇල්ල බලන්නට ගියෙමි.Visit Of Dhuwili Ella

අපි කලින් ගියේ වෙඩින් මගුල් ගෙදරක ඉන් පස්සෙ තමා දූවිලි ඇල්ල බලන්න ගියේ.වෙඩින් මගුල් ගෙදර තිබුනෙත් ඒ පැත්තකම තමා.මේ කඩේ තිබුනෙ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසිම් මාර්ගයේ ඉඳල අම්බලන්ගොඩ පැත්තට නෙමෙයි අනික් පැත්තට යනකොට. කඩේ නම මල ෆුඩ්ස් උනාට කෑමනම් පංකාදු 5යි.මේ බෝඩ් එකේ ඇත්තටම තියෙන්නෙ මලී ෆුඩ්ස් කියල ඒත් බලන කෙනෙකුට පේන්නෙ මල ෆුඩ්ස් කියල එහෙම වෙලා තියෙන්නෙ උඩ තියෙන ටියුබ් ලයිට් එක පහත් වෙච්චි නිසා වෙන්න ඕනි.
Dhuuli Ella Entrance
Pitadeniya Rd Near Dhuwili Ella
 මේ තියෙන්නෙ දූවිලි ඇල්ලට ප්‍රවේශ වෙන මාර්ගය.නෙලුව කියන ගමට ගිහින් දූවිලි ඇල්ලට යන්නෙ කොහෙන්ද කියල ඒ කඩපිලේ කෙනෙක්ගෙන් අහන්න එතෙකොට පාර කියයි.නෙලුවට යන්නෙ නම් සාමාන්‍ය යෙන් කලුතරට ගිහින් ඉන්පස්සෙ මතුගමට ගිහින් ආන් එහෙම වගේ ක්‍රමයකට.මෙතිනින් එහාට තියෙන්නෙ ලංකාගම කියන සිංහරාජ පාරිසරික කලාපය.එහෙත් තවත් දිය ඇලි සහ විශාල වටිනාකමකින් යුතු පාරිසරික ස්ථාන තියනව කියල තමයි ආරන්චිය ඒත් අපිට එහෙ යන්න බැරි උනා..
Dhuwili Ella Small Pond
මෙ තියෙන්නෙ දිය ඇල්ලට පහලින්ම තියෙන කුඩා පොකුණක්..දිය ඇල්ල ට පිවිසුම් මාර්ගය තියෙන්නෙ දිය ඇල්ල සිට පහලින්..පහලින් පටන් අරගෙන ඉහලටම නැගගෙන යෑමක් තමා තියෙන්නෙ.මෙතනදි මේ දිය ඇල්ලෙ තියෙන විශේෂත්වයක් තමා එකම දිය ඇල්ල අවස්ථා කීපයකින් එනම් උස මට්ටම් කීපයකින් නැරඹ්මේ පහසුව.
Dhuwili Ella
මෙතනින් පෙන්නුම් කරන්නෙ දිය ඇල්ල පෙනෙන පහලම සීමාවේ සිට පෙනෙන ආකාරය.එතනදි හරිම ලස්සනට දිය ඇල්ල පේනව.ඒත් අපි හිතන්නෙ මේ තැනදි දිය ඇල්ල ඉවරයි කියල නමුත් මෙතනින් පේන වීව් එක අඩු උනාට දිය ඇල්ල ඉවරම නෑ..ආරක්ෂක පඩිපෙල් දිගේත් ඉතිරි ගල් මුල් දිගේත් ඉහලට යන අපිට මේ ඇල්ලේ ඉහල ස්ථරවල තියෙන චමත්කාරය විඳගන්න පුලුවනි.
Dhuwili Ella

Dhuwili Ella
Dhuwili Ella

මේ දිය ඇල්ලට නම එන්න ඇත්තෙ සමාරවිට දූවිලි වගේ ජල බිඳිති ඇඟට විදින නිසා වෙන්න පුලුවන්.එහෙම නැත්තං ඉතින් දූවිලි කියල රජ කුමාරිකාවක් තමුන්ගෙ පෙංවතා නැති සොවින් පැන්නද කියල කියන්ත් බෑ.කොහොම උනත්මේ ඇල්ලෙ දෙවන කොටසින් ඇතුල් වෙන කෙනෙක් සුට්ටක් ඇතුලට ගියොතින් දූවිලි සමාන ජල බිඳිති විඳගන්න පුලුවනි.

Upper section of Dhuwili Ella
ඇල්ල ඉහලම කොටසෙදි වතුර ගලාගෙන එන්නෙ කැලේ මැදින්..පඳුරු අස්සෙන් ගල් අතරින් සූටි දිය ඇලි ඇතිවෙන පරිදි මේ වතුරු ගලාගෙන එනව.එතනින් එහාට තියෙන්නෙ මහා ජලාශයක් කියල මම හිතන් හිටියෙ..නැහැ එතනින් එහාට එනම් මේ දිය ඇල්ලෙ ඇරඹුම ලඟ තියෙන්නෙ දොල පාරක්. මේ දිය ඇල්ලෙ ඉහලම කොටසෙ තියෙන ලස්සන බලන්න නම් ඉතින් අපි ගල් මුල් අල්ලගෙන ඉහලටම යන්ට වෙනව...
Butterfly near Dhuwili Ella
මේ පරිසරය ඇත්තටම චමත්කාරයි.බොහෝ සමනලුන් කුරුල්ලන් ඉන්නවා.ඒ වගේම දිය ඇල්ල බලන්ට කවුරුත් නැති අවස්ථාවක ගියොත් බය හිතෙන තරම් ගුප්ත ගතියකුත් තියෙනවා.මෙ ඇල්ලට ඉර එලිය කෙලින්ම වැටෙනව අඩුයි.වටේම කැලෙන් වැහිල.ඒ නිසා වායුසමණ යන්ත්‍රයක් අසල හිටිය වගේ පහසුවක් දැනෙනව දවල් 12ට ඇල්ලට ගියත්.
Puswelak
 මෙතනට ඇතුල් වෙන්න රුපියල් තිහක් ගන්නවා.අපි යනකොට උදේ 8.30යි මේ ස්ථානයේ දොරවල් අරින්නෙ 9.00ට වහන්නෙ 5.00ට හරියට ආන්ඩුවෙ කන්තෝරු වගේ.පුදුමයි කෑමට දිය ඇල්ල වැහුවෙ නැති එක.කොහොම උනත් යම් යම් සිමෙන්ති අඩුපාඩු නිසා කෂය වීම් තිබුනත් ලේසියෙන් ඉහලට යන්න පඩි පේලියක් තියෙනවා.නාකියා ගන්න ඇවැසි අයට ඉහල ගිහින් කරගන්නත් පුලුවන් නැත්නම්.බොහොම සීතල වතුර තියෙන ආරක්ෂිත පොකුණු 2ක් ඉදිකරල තියෙනවා.ඒ පොකුණුවලට ජලය එන්නෙත් අර ඇලි වලින් වැටෙන වතුර වලින්ම තමයි. ටිකක් ඉතින් අමුතුවට නාකියා ගන්ට ඕනිනම් රෙදි කඩමාලු ටික අරන් ඉහලට ගියෑනම් නාගන්ටත් තිබුන. මේ වගේ තැනකින් නානකොට මම නම් හිතන්නෙ අර හැමදාම ගාන සබන් සැම්පු ෆේස්වොස් බොඩිවොෂ් නොගා නානවනම් හොඳයි. මොකද මේ ජලය එන්නෙ බොහොම උඩ ස්ථරයක ඉඳන්..එතැනින් පහල සිටින අයට සබන් නැතුව නාන්න තරම් සබන් ප්‍රමාණයක් එනව 10-12 දෙනෙක් උඩහ එක පාර සබන් ගාල නෑවොත්.
A flower Near Dhuwili Ella
 සාමාන්‍යයෙන් මේ පරිසර පද්ධති ඕනෑම එකක් නරඹන්න යනවනම් ඉටිකොල ප්ලාස්ටික් බෝතල් හලල එන්න එපා.ඒක හරි අසික්කිත වැඩක්.ඇයි අපිට කන්න බොන්න ගෙනියන දේවල් වල ඇසුරුම් ආයෙ අරන් එන්න බැරි.කාල බීල ඉවර උනාම ඒ ඇසුරුම් වල බරත් බෝම අඩුයි නේ. ඉතින් අපාසුවක් එන එකක් නෑ ඔය ටික ආයෙම වාහනේ දාෙගන අරන් එන එක.
Southern Expressway Kottawa Entrance


මේ ස්ථානය බලන්න කොළඹ ඉඳල එන කෙනෙක්ට අධිවේගි මාර්ගයේ මතුගම පිවිසුම භාවිත කරන්න පුලුවනි.මතුගම වලල්ලාවිට පැලවත්ත නෙලුව හරහා ඇවිත්  දූලි ඇල්ල ළඟින් නවතින්නෙ නැතුව ලංකාගම සිංහරාජ කොටස් වගේ ගොඩක් දේවල් වලට කොට්ටාව සිට පැය 3ක් ඇතුලත ලඟා වෙන්න හැකියාව දැන් තියෙනවා.එහෙම බැලුවොත් අපිට දවසෙ ට්‍රිප් එකකින් මේ ඔක්කොම කවර් කරගන්න පුලුවන් ටිකක් උදෙන් ම ආවොතින්.. ඒ කියන්නෙ උදේ පහට කොට්ටාවෙන් පිටත් වෙන්න පුලුවන් උනොත් 8.30 -9.00 වනවිට කිසි කරදරයක් නැතුව නෙලුවට ඇවිත් දූලි ඇල්ලට ලඟා වෙන්න පුලුවන් අධිවේගි මාර්ගයේ ආවොත්.

Friday, December 23, 2011

HNDE Board ඉස් removed by SB

උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් විසින් එම පාඨමාලාවේ නාමපුවරුව සවිකරගනු ලැබුවේ 2006 වර්ෂයේදී ඔවුන් විසින් පවත්වන ලද 20 වන සංවත්සරය පවත්වා ඉතිරි වූ මුදල් යෙදවීමෙනි.එම ආයතනය හැඳින්විය යුත්තේ ආයතනයේ නමිනි.නමුත් පරිපාලන ක්‍රමය සම්බන්ධයෙන් ඇතිවු ගැටලු නිසා සිසුන් උසස් තාක්ෂණික ආයතනය කියන නම ආයතනයේ ඇතිකිරීමට විරුද්ධ වෙනවා.එයින් පසු පරිපාලනය සමඟ සාකච්චා කොට විශ්වා වර්ණපාල මහතා උසස් අධ්‍යාපන ඇමතිව සිටි 2008-2009 කාලයේදි සිසුන් විසින් මේ පහත සඳහන් නාමපුවරු සවිකරනු ලබනවා.මෙතනදි අර නිල්පාටින් පේන නාමපුවරුව සවිකරන්න රුපියල් ලක්ෂයක පමණ මුදලක් යෙදෙනවා.ඒ හැම සතයක්ම සිසුන් විසින් ඔවුන්ගේ 20 වෙනි සංවත්සරය පැවැත්වීම සඳහා මහජනතාවගෙන් එකතු කරගත් මුදල් වේ.නමුත් එස් බී ඇමතිතුමා ආ පසු තිබූ දැඩි මර්ධනකාරී වටපිටාව යටතේ මෙම නාමපුවරු දෙකම ඉවත්කරනු ලබනවා.ඒ අනුව සිසුන් විසින් තනන ලද ස්මාරක ඉවත් කිරීම.නිර්මාණ පුවරු ඉවත් කිරීම.සිසුන් විසින් සංවිධානය කරනල ලද උත්සව අවලංගු කිරීම.ශිෂ්‍ය සංගම් ගිණුම් සම්බන්ධව සොයාබැලීම. අවසන ශිෂ්‍ය සංගමය තහනම් කිරීම දක්වා එස් බී මහතා සිය අණසක පතුරුවනවා. සිසුන් ගේ ක්‍රියාකරකම් සම්බන්ධ කුඩා කුඩා ගැටලු තිබූ ආචාර්යවරු සිටයත් මෙතරම් දැඩි මර්ධනයක් සිසුන්ට ලබා දීමට ඔවුන් කල දේ කුමක්ද යන්න සියල්ලන්ටම ඇතිවුනේ ප්‍රශ්ණයක්. 
  අවසන ශිෂ්‍ය සංගම් වලට සම්බන්ධ සිසුන්ගේ පන්ති තහනම් කර ඔවුන් ජේ වී පී කරුවන් ලෙස හංවඩු ගසා රාජ්‍ය මාධ්‍යවල දේශන පැවැත්වීමත් ඇමති තුමා විසින් සිදුකලා..මේ හරහා පන්ති තහනමට ලක්වූ සිසුන් දැඩි අපහසුතාවයට පත් උනා.කිසිදු අවස්ථාවක ඒ වනවිට පැවති ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයට කෙලින්ම සම්බන්ධ උනේ නෑ..මේ ලක්ෂයක් පමණ වියදමක් ගිය,. ආයතනයෙ පැවැත්වූ එකම පාඨමාලාවේ නම සඳහන් නාමපුවරුව කිසිදු හිරිකිතයක් නැතුව ඉහලින් ආ අණ පරිදි යුද හමුදා සෙබලුන් විසින් ඉවත් කරනවා.ආයතනයක ඉදිරිපිට එම ආයතනයෙ තිබෙන පාඨමාලාවක නම ඇතුලත් නාමපුවරු සවිකිරීම කිනම් ආකාරයේ වරදක්ද කියා බහුතර සිසුන්ටත් මේ දැන්වීම සවිකරන කාලයේ ආයතනයේ සිට දැන් එලියේ සිටින බහුතර සිසුන්ටත් විශාල ගැටලුවක්. මේ සියල්ල එකතුවන්නේ කිනම් අරමුණක් යටතටද යන්න ඉන්පසු සති කිපයකින් සන්ෙඩ් ඔබ්සවර් පත්තරේ ගිය දැන්වීමකින් අපට අනාවරණය කරගන්න හැකි වුනා.එවකට අලුතින්ම තනා තිබූ විද්‍යාගාර පහසුකම් එවකට සිසුන්ටත් නොලැබී තිබුන වාතාවරණය යටතේ නව පී එල් සී පාඨමාලාවන් සඳහා පුද්ගලික පාඨමාලාවන් කිහිපයක් එම නවීන විද්‍යාගාර යොදා කරන බවට දැන්වීමක් පලවී තිබුනා..එනම් පුද්ගලී කරණය කොට තුට්ටු දෙකට පාඨමාලාවන් පැවැත්වීමේ පලමු පියවර තබා තිබුනා.දින 12ක් පැවැත්වෙන එම පාඨමාලාවට නියම උනු මිල රුපියල් 40 දාහක්.
මේ ලිපිය පලවීමත් සමඟ සමහරවිට කලින් තහනමු වූ ශිෂ්‍ය සංගමේ සිටි තවත් අභ්‍යන්තර සිසුන් කීපදෙනකුගේ පන්ති තහනම් වන්නට පුලුවනි.මෙය බලන කවුරු හෝ සිටීනම් මේ ලිපිය ලියන්නේ ඇතුලේ සිසුවෙකු නොවන බවත් එලියේ සිට ආචාර්යවරුන් හරහාත් ආදි සිසුන් හරහාත් තොරතුරු මත බවත් සඳහන් කරමි..

කොස් ගහ වැටුනා..

මල් වැලක්
සුන්දර කොස්ගහ බිම වැටුනා...
අන්දර වැට බාගෙට තැලුනා..
ගින්දර ගෙඩි ඈත විසි උනා..
පලබර ගහ අපිට නැති උනා...

විදුලිය කම්බිත් කැඩිලා...

කරටිය පොල්ගහෙ කැඩිලා..
හොඳටම සද්දෙත් දාලා..
හෙනයට කොස් ගහ වැටිලා..

පොලොස් මාලු කඩේ දෙස බලයි..

වැල වල රස මතකෙට පමණයි..
බත් නැති කල කොස්ද නැති හැඩයි..
කොස් ගහ කෝ අත්ත(සීය) විත් බලයි..

ටේල් බයික් එකෙක් ආ සැටී..

ගසවට රෑ කරක් ගැහු හැටී..
මහ සද්දෙන් ඩෝසරා හැටී..
වැටුන කොස් ගහත් නැතිවු හැටී.
.

( අවසන් කවියෙන් කියවෙන්නේ මහ රෑ මැෂින් කියත් මගින් කුට්ටිකර ඩෝසරයිකින් කොස් ගස අරන් ගිය සැටි වෙයි..)

කලුකුමා..

.මේ ඉන්නෙ කලුකුමා කියන සතා.. මූ අමෙරිකාවෙ ජනප්‍රිය සතෙක්ලු. මේ ඉන්නෙ ලංකාවෙ ඉන්න කලුකුමෙක්. මේක අනින්න එයි කියල කස්ටිය දැනුවත් කල නිසා තිබුන ලස්සනම පින්තූරෙ ගැස්සිලා කැතඋනා..මේ කලුකුමා මං පින්තූර ගන්නකොට මල පැනල පිඹගෙන ආව. මම මාරු උනා.පොඩි ලමයෙක් බයිසිකලේක ඇවිත් මේක බලන් හිටිය. එයාගෙ පස්සෙන් කලුකුමා එලෙව්ව. මං එතකොට එතනින් මාරු වෙලා.
කලුකුමා
කලුකුමා
කලුකුමා

Wednesday, December 21, 2011

අධිවේග කතාන්දර (expressway stories)

මව සහ දුව..
 දුව පාඩම් වැඩක් නැත්තං පොඩ්ඩක් මෙහාට එන්න කාරණාවක් කතා කරන්න..තියෙනව..
ඇයි අම්මා මං ෆිසික්ස් පොත ගත්ත විතරයි.දැන් නම් මට උයන්න එන්න බෑ අප්පා..

ආ දුවට උයන්න තමා එන්න බැරි අර කොල්ලෙක් එක්ක අතන මෙතන රෝන්දෙ ගහන්න පුලුවං ක්ලාස් යනව කියල..

නෙත්මිගේ පපුව රෙදි මෝලක් මෙන් ගැහෙන්නට විය. කවුරුවත් දැක්කාවත්ද.. .සුම්ත් සමඟ හයි වේ එකෙන් ගොස් හික්කඩුව පැත්තේ රවුමක් ගහන්නට කතා වන විටම මෙ ගැන අම්මලාට ආරන්චි උනොත් වන සන්තෑසිය ගැන සුමිත් දැනුවත් කලා නොවදෙ? නමුත් දැන් වී ඇති සන්තෑසිය..?? පරිස්සමට තැබූ හකුරු මුල කූඹි කන්නත් පෙර දියවී ගියාදෝයි නෙත්මිට සිතෙන්නට විය..

ඔව් ඉතින් අම්මලටත් මට වැඩිය රටේ මිනිස්සු කියන දේවල් වටිනවනේ..අපි අතර එස් එම් එස් වලින් එහෙම දෙයක් තිබුනට අපි තාම හරියට දැකලවත් නෑ.. කවුරුහරි ඉරිසියාවට කියපු එකක් ආරන්චි වෙලා වෙන්න ඇති.. මේ වටේ ඉන්න අය ගැන... ආයෙත් අහන්න දෙයක් නෑනෙ... අර .ඉස්සරහ ගෙදර චමිල ෆිල්ම් බලන්න කියල කාමර වල ගිහින් චාටර් උනානෙ.. අම්මල ඉතින් ඒ වගේ ඉරිසිය කාරයො කියන ඒව විශ්වාස කරනව.. අනික නුගේගොඩ ක්ලාස් ගිහින් මං පැයක් ඇතුලත ගෙදරනේ. තව කොහේ යන්න වෙලාවක්ද? අඩු තරමෙ එහෙ මෙහෙ යන්න තියා ක්ලාස් එක ඇතුලෙ හචිමක්වත් යවන්න ඉඩක් නෑ මේ ඉකොන් සර් එක්ක..


වෙන කෙනෙක් කිව්වනම් කමක් නෑ... උඹලගෙ සීය දැකල තියෙන්නෙ. .තාත්තට කියන්න කලින් ඇවිත් මට කිව්වෙ දුව ගැන බලාගන්න කියල. මට පුදුමෙ නුගේගොඩින් ක්ලාස් ගිය ලමය කොහොමද 10 විතර වෙනකොට හික්කඩුව පැත්තෙන් දකින්නෙ?? ඒ මනුස්සයටත් දැන් මොලේ හොඳනැද්ද මන්ද.. නැත්තං කොළඹට යන්නම කීය වෙනවද කෝක උනත් ඒ මනුස්සය කිව් විදියට දුවම තමා ඉඳල තියෙන්නෙ..ඇඳුමෙ පාටත් කිව්වෙ..


.ඇඳුම් වල පාටනම් අම්මෙ ඉතින් අහන්න දෙයක්යැ.. මේ කැන්ඩි එකෙන් ඇඳුම් ගන්නවට වඩා හොඳයි මහරගම පොලෙන් රෙදි ගන්න එක.. කැන්ඩි එකේ තියෙන ටී එකක් ගත්තම ක්ලාස් එකේ විස්සක් විතර ඒක ඇඳන් ඇවිත් යුනිෙෆා්ම් එක වගේ. .මං අම්මට කී පාරක් කිව්වද කොළඹ යන් කියල රෙදි ගන්න..


මට සැක ඔයාල අර හයිවේ එකෙවත් හික්කඩු ගියෑද කියල.. තාත්ත කිව්ව ලබන සතියෙ පාටියක් දාන් ඉන්නව අම්බලන්ගොඩ පැත්තෙ හයි වේ එක නිසා දැන් පාටිත් ලේසියි කියල.. අනේ මන්ද... කොහොම උනත් දරුවෝ ගෑල්ලමයෙක් විදියට මමත් ඒ දවස්වල හිටිය.. හැමෝම ආසයි ඉගිල්ලෙන්න.. ඒත් තටු කැඩුනම අලවන්න හාකබොන්ඩ් ගාන්න ඔය සුමිත්වත් කවුරුවත් නෑ.. අවසානෙ ආන් අරය තට්ට කඩන් නට්ටං වෙලා කියල හිනාවෙන්න මිනිස්සු පිරිල ඉඳී...


(දුව අඬයි...) අම්මට මාව විස්වාස නැත්ද අම්මා..මොනාද අම්ම මං කවදාවත් එහෙම ගමනක් යයිද?අනික අම්මත් අර මොලේ හොඳනැති සීය කියන ඒව අහල මට බනින්න පටන් ගන්නව..ඉහි ඉහි..

.හරි හරි ලමයො ගියේ නැත්තං කමක් නෑ..ඒත් ඔය ලමයගේ කාමරේ කුරු කුරුව වැඩියි පෝන් එකේ එල්ලිල කියල තාත්ත බැන්න.. මං ඉතින් ලමයි පාඩං කරනව ඇති කියල කිව්ව..ඔන්න තාත්තට අහුවුන දවසට අපි නෑ..

නෙත්මි තවත් ටික වෙලාවක් සිට වහා කාමරයට ගොස් දොර වසාගෙන සුමිත්ට කෝල් එකක් ගත්තාය. 

මේ මෙච්චර කල් ෆිල්ම් බැලුව ඇති කියල ඔයා මාව එක්කන් ගියාට තවත්නම් මට එන්න බෑ.. බෑ කිව්වොත් බෑමයි.. ඔයා මහලොකුවට හික්කඩුවෙ කවුරුත් නෑ කියල එක්කං ගියෑට අපේ සීය යාලුවෙක් බලන්න එහෙ ගිහිං.අපිව දැකල..
අයියෝ ලමයො අඬන්න දෙයක් නෑ..අපි එහෙනම් පානදුරේ යං.. එහෙ හරි ලස්සනයි ලු අප්පා..
මේ ඔයාට පාන දුරේ බැරිනම් නාන දුරේ යන්න මටනම් තවත් බෑ.
.අයියෝ සුදු අපිට යන්න තියෙන්න බීච් විතරද මගේ යාලුවෙක් කිව්ව ලස්සන කන්දක් තියෙනව පොඩි ගෙස්ට් එකක් ලග හෙන දුර තැනක හයිවේ එන්ටරන්ස් එකක් කිස්ටුව..අනේ එහෙනම් ඔයාලෙ නෑයො තියා මොකෙක්වත් නෑ..එහෙ යං සුදූ..ඔයා දන්නවනේ මං ගැන..
ඔයාටත් පුදුම හදිස්සියක් නේ තියෙන්න..කොහොම උනත් මේ මාසෙ නම් කොහෙවත් බෑ..තව ටික දවසකින් හයි වේ එකෙ කවුරුහරි කෙනෙක් ඉඳල අපේ තාත්තිට කියල තිබ්බොත් හෙම ඉවරයි..තාත්තිලත් පාටි වලට දැන් යන්නෙ එන්නෙ හයි වේ එකෙන්මලු...

 යාලුවන් පිරිස..
මචං මේ මේ පාර ආතල් එකක් ගන්න අපි යමු ගාලු.. අඩේ පැයයි නේ බන්. .අපි කසුනයගෙ අයියගෙන් ඉල්ල ගමු වෑන් එක.. කසුනයට ඩ්‍රයිවිනුත් පුලුවන්නේ.
ඒ උනාට මට බෑ බං..
 අනේ උඹෙ බොරු සිල්...පික්සු නැතුව වරේන් බන්..
. උඹල දන් නෑ අපේ අක්කත් කොහේද ගිහිං ද මොකද්ද හයි වේ කතාවක් මට යන්තමට ඇහුන..අනික අපේ තාත්ත ඉන්නතේ ගාල්ලෙ..
ඔව් ඔව් බොලයි තාත්ත ඉඳි උඹ එනවද කිය කිය බල බල..හික්ස්..
 මම මේ බොලයි අක්කයි වැරැද්දක් කියනව නෙමෙ..මේ මම ෆිල්ම් බලන්න ගියපු දවස් දෙක තුනකදිම මම දැකල තියෙනව බොලයි අක්ක හොර බැලලි වගේ අර මූකලන් බස්සකේගෙ අතෙ එල්ලිලා ඇවිත් මුනු මුනු ගගා ඉන්නව..ඉතින් බං ඒවට යන්න හොඳයි හයි වේ ගියැම කචල්..අනේ මන්ද බොලාගෙ සිස්ටම්...
.හරි එහෙනම් ගාල්ලෙ බෑ පොඩ්ඩක් ගාල්ලට එහා තැනක්ගමු..අපේ පියතුමා කොහෙ ඉඳීද මන්ද බන්ස්..
 හරි හරි එහෙනම් විභාගෙ ඉවර උන දවසට පස්වෙන්ද හරී..සෙට් නේ..සල්ලි දැම්ම ඇහිඳල තියාගනිල්ල ඈ..හයිවේ එකත් නිකම්ම නෙමෙයි නේ..ගියා පැය බාගෙන් බිව්ව පැය 3න්,. හෑව තව පැය දෙකක්., ආයෙත් පැය බාගෙන් මෙහෙ..හවසක මලගෙදරක් හරි පිරිතක් හරි කියල බො යන්නක් දාල ගියෑම බීල ආතල් අරන් 9 වෙනකොට ගෙදරත් බහිත හැකි...


 .මව සහ පියා..
 මේ මං අර කාරනාව ගැන දුවගෙන් ඇහුව..දුවකියන්නෙ එහෙම එකක් නෑමයි කියලනේ..මේ ඒක අපි පස්සෙ ආවම කතා කරමු.අර සුමන අංකල්ලගෙ දුව රට යනව කියල මට එයාපෝට් එන්න කිව්ව..මට ඇඳන් යන්න අලුත් සාරියක් තිබ්බෙ නෑනෙ..මං ගත්ත මෙයා සාරියක්..ඒත් පොඩි අවුලක් අනේ..


 අයියෝ ඉතින් අර අල්මාරිය පිරිල තියෙන්නෙ සාරි නේ..තව මොකටද?

 ආ ඔයා කියයි..ඒව දැන් පරණයිත් එක්ක..අනික තියෙන සාරි 2-3 දැන් හැමෝම දන්නව..තනි සාරි කියල නමකුත් හැදේ ඒව ඇන්දොත්.මේ ඒක නෙමෙ මට සාරි එකට හරියන බ්ලවුස් රෙද්ද හොයාගන්න බැරි උනා අනේ..අනිද්ද තියෙන්නෙ ඉවන්ට් එක..මං හැදුවෙ උදේට ගාලු ඇවිත් ඔයත් එක්ක කලර් මැච් කරල හොඳට හොයන්න..

ඔයාට පික්සුද අනේ..ඔයත් එක්ක සාරි හැට්ට හොයන්න යන්න ඇරි මට වෙන වැඩ නැද්ද? මං වැඩකරන්නෙ ෆැෂන් කොම්පැනියක නෙමෙ.. අනික ඔයා මොකටද .කවදාවත් නැතුව ගාල්ලෙ සාරි බ්ලවුස් හොයන්නෙ..වෙනද කලුතර හරි කොළඹ හරි යනව නේ..

 හරි ඔයාට එන් බැරිනම් මං එනව තනියම ඇවිත්. හොයාගන්නව. අර සුමති දුව දැන් ගෝල් වල ඩේලි වැඩට එනව හයි වේ එකෙන් කාර් එකේ..එයා තමා කිව්වෙ ගෝල් වල ෆෝට් එකේ සොප් එකක් තියනව කියල..ඔයාට නම් අපි කියන කිසි දෙයක් කරන්න බෑ..ඔන්න බොන්න කතා කලොත් හයිවේ එකේ අස්ප රේස් ගිහිං හරි ඒ වැඩේ නම් කරගන්නව..
 .හරි හරි බබා ඔයා එන්නකෝ..ආවහම බලමු..මං කට් එකක් දාල එන්න බලන්නම්..අපි කොටුවෙ ඔයාගෙ බ්ලවුස් කඩේටත් ගිහිං..ඒකත් බලල කොටුවත් බලල එමුකෝ...

Tuesday, December 20, 2011

ගොඩ ගොවිතැනට පස සකස් කරගන්නා ආකාරය

අපිට ගොඩක් වෙලාවට හරියට සුද්ද පවිත්‍ර කරපු ඉඩමක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. කලින් වගාවක් කරපු ඉඩමක් අපි ගත්තත් ඒක වල්වැදිල බැද්ද හැදිල තිබෙන තත්වයෙන් තමා අපිට ඒක ලැබෙන්නෙ. මුලින්ම ඉඩමක් ගත්තහම ඒකෙ මායිම අපි විසින් නිර්ණය කරගන්න ඕනි. අලුත් ඉඩං ලැබුනම සමහරු කරන්නෙ ඉවක් බවක් නැතුව ඔහේ සුද්ද පවිත්‍ර කරන්න යන එක. කලින්ම ඉඩම හොඳහැටි මායිං කාරිය බලාගෙන ඉන්පස්ෙස වැඩේට බහින්න ඕනි.
පැරණි එලවලු මැස්සක බණ්ඩක්කා සිටුවන ලද අවස්ථාවක්..

මෙතැනදි මම කියන්නෙ වියලි කලාපෙයේ සහ අර්ධ ශුෂ්ක කලාපවල කෙරෙන ගොඩ ගොවිතැන ගැන. මේවට වඩා වෙනස් ඇති නුවර එලිය වැලිමඩ පැත්තෙ කෙරෙන ගොවිතැන් කටයුතු. මේ සඳහා සුදුසු වෙන්නෙ වැසි වැටිම අඩු කාල වකවානුවක් තමයි. කලින්ම අපි කරන්න ඕනි තියෙන ගස් කපා ගන්න එක තමා. මහා විසාල, මිනිස්සුන්ටත් වඩා උස බැද්දක් හෙම තියනෙවනම් කලිම්ම කම්මලක් අල්ලල කැත්ත පොරව හොඳට මුවහත් තියන් ලැස්ති වෙන්න ඕනි. කොණක ඉඳල බැද්ද කපල ඉන්පහු මහ ගස් එහෙමත් පත බාල හොඳට ගිනිතියාගන්න ඕනි. අමු ගස් කෝමද ගිනිගන්නෙ කියල කෙනෙක් හිතයි. ඒකට ඉතින් සතියක් දෙකක් ඔහෙ පෙල්ලල තිව්වම හරි.හොඳට කෑට ගැහුනට පස්සෙ කපාගතපු ගස් ටික මහ ගොඩවල් ගහල ගිනිතියාගන්න ඕනි. කෙනෙක් කියන්න පුලුවං අනේ කොම්පෝස්ට් කරන්න තිබුන ඒව කියල. ඒත් ඒ වගේ වැල් බයිල මේ වගේ මහ නාහෙට අහන්නෙ නැති ගස් කොළං එක්ක කරන්න අමාරුයි. හොඳට ගිනි තියාගත්තම ඉතිරි වෙන මහ දඬු කෑලි ටික ගානකට කපල තියාගන්න ඕනි. ඉන්පස්සෙ තියෙන්නෙ ඉතින් මුල් ගැලවිල්ල තමයි. විශාල පඳුරු සහ කපන ලද විශාල ගස්වල මුල් ගැලවිල්ල නම් එපාම කරපු වැඩක්. තියෙන බූටෑවට බැද්දට කැත්තෙන් ගහනව වගේ නෙමෙ මුල් ගැලවිල්ල. මුල් අයින් කරන්නෙ මුල් තිබුනම මේ මුල් වලින් වැස්සට පස්සෙ ආයෙත් අර ගඳපාන,කටුපිල,එරමිණියා වගේ පඳුරු ගස් සහ විශාල ගස් මතුවෙන්න පුලුවං නිසා. අනෙක මුල් තිබුනම ඒවයෙ ගොයිතැං කරන්න ගියෑම හරි අකරතැබ්බ වලට මූනපානව.  ඔය උදලු වැඩ කරද්දි මුල් වල වැදිල ආයුද කැඩෙනව. ටිකක් ඇවිදින්න කුරුල්ලො එලවන්න එහෙම උඩ බලං යද්දි ඕවයෙ පැටලිලා වැටෙනව. ඒ නිසා කලිම්ම මහ මුල් ටික ගලවල තියාගන්න එක හොඳයි..
හෑම
හානව කියන එක ආකාර කීපයකට සිද්ද වෙනව. අද කාලෙනම් බැද්ද කැපීමේ සිට අනෙක් පස සකස් කිරීම මුල් ගැලවීම ආදී බොහෝ කාරණා කාරනා ඩෝසර යන්ත්‍ර භාවිතා කරල සිද්ද වෙනව. නමුත් ඩොසර භාවිතය වගාවලට ඒතරම්ම සුදුසු නෑ. එක කාරණාවක් තමා පසෙහි මතුපිට ඇති පෝර ගතිය සහිත තට්ටුව යටවී යට ඇති නිසරු පස් උඩට ඒම. අනික් කාරණාව තමයි මේ ඩෝසර වල තියෙන අධික බරට පස තද වීම. දිගින් දිගටම ඩෝසර භාවිතා කලාම පස් අතර තියෙන හිදැස් අඩුවීමේ දෝෂයක් එන්න පුලුවන් කියල මම අමෙරිකානු පරිවර්ථන සඟරාවක දැක්ක මතකයි. කාලයක් ගොයිතැන් නොකල බිමක් නම් කලින් ගොවිතැන් කරල තිබුනත් සුදුසු වෙන්නෙ මහට්‍රැක්ටර් එකකින් හා ගන්න එක තමා. මේ මහට්‍රැක්ටර් වලින් හාන ආකාර දෙකක් තියෙනව එකක් කෝප්ප නගුල අනික කූරු නගුල. කෝප්ප නගුලෙන් අඩියක් විතර තියෙන පස් තට්ටුවක් කෝප්ප කෝප්ප වගේ කානු සහ ගැටි ඇතිවෙන විදියට පෙරලගෙන යනව. මේ මොන හෑම කරන්නත් වැස්සක් වැටිල පස බුරුල් වුනොත් තමා හොඳ. නැත්තං වෙන්නෙ නිකම් හාන්න යන්න කුලිය අපරාද වෙන එක විතරයි. මෙහෙම එක වැස්සකට හොඳට මහ ටැක්ටර් එකකින් හා ගත්තහම පස්සෙ මහ ට්‍රැක්ටර් එකේම කූරු නගුලෙන් හරි පොඩි ට්‍රැක්ටර් එකක රොටවේටරයින් හරි හා ගන්න එක කරන්න ඕනි. ඒ තරම්ම හදිස්සියක් නැත්නම් ලොකු උදැල්ලක් අරන් මේ පස් කඳු ටිකත් එක්කම කොටා ගන්නත් පුලුවනි. අපේ පියා එක්වරක් මිලදී ගත් ඉඩමක අැටවරා නැමැති වල් උවදුරු සැරටම තිබුන. මේ ඇටවරා කියන වල් ශාකයේ මුල් සහ අල අඩියක් පමණ ගැඹුරට යනව. ඒ නිසා අපේ පියා කලේ මිනිස්සු දෙතුන් දෙනෙක් එකතු කරන් අර කෝප්ප නගුලෙන් හාපු පස ආයෙම කොටල හදාගන්න එක. එහෙම කොටනකොට අහුවෙන ඇටවරා කැබලි එකතු කරගෙන පස්සෙ වේලෙන්න අැරල පුලුස්සනව. නැත්නම් මොන විදියට හාල තිබුනත් වැස්සක් ආවම බෝගයට කලින් ඇටවරා පැලවෙලා ප්‍රශ්ණ ඇතිවෙන්න තිබුන.


අගල් දැමීම...
මේ විදියෙ අගල් දැමීම බොහොම වැදගත් වෙන්නෙ වැසි වතුර බැසයෑමේ කර්තව්‍යයට තමා. අපි කලින් වතුර බහින දිහෑව හොඳට බලල ඉඩම මැදින් අගලක් දෙකක් දාල තියෙන එක වැදගත්. නැත්තං අර ඉඩමෙ තියන මුලු සාරයම හෝදගෙන පහත් පැත්තට ගලාගෙන යනව. හොඳට ජලය රැඳෙන පහත් බිමක නම් ගැඹුරු අගල් පද්ධතියක් අවශ්‍ය වෙනව. නැත්නම් දිගින් දිගට වහින කාලවලදි අර බෝග වතුරෙම තිබිල මැලවිලා යන්න අවධානමක් තියෙනවා.


 දැන් දැන් සමහර පලාත් වල වතුර නැතිවීම සහ වී ගොවිතැන පාඩු වීම නිසා ගොඩ ගොවිතැන් කටයුතු වලට කුඹුරු ඉඩම් යොදාගන්නව. එතනදි අර කලින් කිව්ව වගේ මහා ලොකු ව්‍යායාමයක් දෙන්න අවශ්‍ය නෑ. ඒත් ඉතින් කලින්ම රොටරි කරල තිබුනනම් පස්සෙ වරුසාව වැහැල වතුර බැහැල ගිය ගමන් පස් කඳු ගහගෙන වැඩේ පටන් ගන්න පුලුවනි. නැත්තං බැද්ද නැතිකරන්නයි ආයෙම වලවල් හදන්නයි ඔක්කොම එකපාර කරන්න හිටියොත් ඉතින් වැස්ස ඉවරවෙනකල් වැඩ ගොඩගැහෙන එක තමයි වෙන්නෙ. 

ඇට හිටවීම..
මෙහෙම හදාගත්ත පසක අපි මුලින්ම වහින වැස්සට ගජරාමෙට වලවල් පේලි කපාගන්න ඕනි. වට්ටක්ක,පිපිඤ්ඥ වැටකොලු පතෝල කරිවිල මෑ වගේ බෝගවලට අඩියක විතර වටප්‍රමාණය තියෙන වලක් කපල තියනව.. පස්සෙ ආයෙත් වහිනකොට අර වලවල් ගොඩකරල එවෙලමෙ හිටවන එක තමා තියෙන වැඩේ.
ඉරිඟු කව්පි මු ඇට, රටකජු වගේ බෝග නම් සකස් කරගත්ත පොලවෙම එක උදලු පාරක් ගහල හිටවනව.නැත්නම් පේලියට ඇට තවරල ඒකට උඩින් පස් දාල තියෙනව.
බණ්ඩක්ක වගේ එකක් කෙලින්ම වලවල් කපන්නෙ නැතුව පස්ගොඩවල් ගහල ඒක තුනී කරල හිටවගන්නත් පුලුවනි.
ඊට අමතරව බටු මිරිස් තක්කාලි ආදිය හිටවනව නම් ඒ බටු මිරිස් තක්කාලි කලින් තවන් දමා ලැබුනු කුඩා පැල හිටවන එක තමා සාමාන්‍යනේ කෙරෙන්නෙ.


Monday, December 19, 2011

අඩෝ මොකද්ද මූසලයො දේශපාලනේ කියන්නෙ..

මේ දැනට ඉන්න විරුද්ධ පාක්ෂිකයින් බලයට පත්කලාම හරි...එහෙම නැත්නම් පවතින ක්‍රමය චූන් වන පරිදි රතුපාටින් අයිසින් දැම්මම හරි... මේ ක්‍රමය වෙනස් වෙනව කියල හිතන් ඉන්නවනම් ඒ අයට වැරදිලා..එක්දාස් නමසිය අනූ හතර සිට අද දක්වා කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.ඒ කියන්නෙ එකිනෙකට වෙනස් ජවිපෙ,යූ ඇන් පී,චන්ද්‍රිකා,රනිල් ආතල් දෙන්න දන්නෙ නෑද? එහෙම නැත්තං අපේ අය ආතල් ගන්න දන්නෙ නැද්ද?. අපි සාමාන්‍යනේ විනාඩි 10ක් වියදම් කරන්නෙ
  •  සින්දු දෙකක් අහන්න..
  • වැලක් බලන්න..
  • වෙබ් සයිට් එකක් බලන්න..
  • පේස් බුක් යන්න..
  • ගොසිප් එකක් බලන්න
  • සර්ච් කරන්න 
වගේ දේකට.. ඉතින් මං එක සූටි විනාඩි 10ක් මේයූටියුබ් වීඩියෝ 3න් 1ක් අහල බලන්න..මේක අර අනික් දේවල් තරම් වැදගත් නෑ..කොටිම්ම මචං මං අරවගේ එකක් දැක්ක.මරු වීඩියෝ එක..ෆට්ටයි කියන්න තරම් වටින්නෙ නෑ..ඒත් අටපට්ටම වගේ හෙලුවෙං ඉඳන් ඇඳුම් ඇන්දම දැනෙන ආතල් එක ගැන කියන විකාර වලට වඩාමේ වගේ දෙයක් වැදගත් වෙයි මනසට..
 
අංක 2 වීඩියෝව..
අංක 3 වීඩියෝව..
.
මේ වැඩසටහන මෙහෙයපු නාරදටත් ඒ රූපවාහින් චැනලයටත් මගේ ප්‍රණාමය පළ කරනවා.

Saturday, December 17, 2011

වනචර දිසාපාමොක්

හම්මේ යන්තම් ඇති ළමයිගෙ ගණන් ටික බැලුව.දැන් යන්තම් කලුවර වැටීගෙන එනව.අල්ලපු ගෙදර ශ්‍යාම, (මේක ලේසියට අල්ලපු ගෙදර කිව්වට තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ) සහ එයාගෙ මහත්තය දර්ශන ගස්ලබු ගහේ ගෙඩියකට අනිනව..ශ්‍යාමා සාය පලල් කරගෙන ඉන්නව.මට ඒක දැකල ගොඩාක් ලොකූවට චූන් ගියේ නෑ.මොකද ඒ සාය ඇතුලෙ තියෙන අංගෝපාංග මං දැකල තිබුන නිසා.ඒක මහා වනචර වැඩක්.ඒත් ඒක එහෙම වෙලා තිබුන.දැන් දර්ශන ගස්ලබු ගෙඩියට අනිනව.එයින් එක ගස්ලබු ගෙඩියක් වවුලො කාල.දැන් ශ්‍යාමා සාය පලල් කරගෙන ගහ යට ඉන්නව සායට ගස්ලබු ගෙඩිය වට්ටගන්න.ඉතින් දර්ශන ඇන්න ඒත් නියම ගෙඩියට වදින්නේ නෑ.දර්ශනට මල පැනල..යෝදියේ ඕක පලල් කරන් හිටියට හරියනවයි.අත්දෙක හරිගස්සන් හිටු අත්දෙකට ගන්න.මං අැන්නම උඹ අල්ලපිය.අර ටී වී එකේ ඩිල්සාන් අල්ලන්නෙ ආන්න ඒ වගේ.වාක්‍ය හමාර වී එයට ඩිල්ෂාන් එනවිට ඔහුගේ මුවේ තිබුණ තරහව අඩු වී තිබුණි.

දර්ශන ඇන්නේය ඉලක්කයටම ඇන්නේය.අගින් කිරි වෑස්සෙමින් ශ්‍යාමාගේ සාය මතට ගස්ලබු ගෙඩිය වැටුනි. එක්වරම මා වත්කරගෙන බොමින් සිටි තේ ටික විසිරී ගියේ සිදුවූ සිදුවීමටය.ඇගේ සායට වැටුනු ගස් ලබු ගෙඩියේ බරට ඇගේ සාය පහලටම වැටුනි.
කලකදී සුදු වී යැයි අනුමානයෙන් දතහැකි පාටක් තිබූ  ඇගේ දුඹුරුපැහැ ගැන්වූ යටසාය තිබුනු නිසා හොඳට තිබුනි. දර්ශන බනී.මං උඹට කිව්වෙ අත්දෙකින් අල්ලන්න නෙව. උඹ පැනල සාය උස්සන් හිටිය.අනේ.....බොලාගෙ මොලේ හැදිමිටේවත් නැතුව ඇති...ඒ බලා සිටින කෙලිපැංචිය අම්මි මොලේ කෝමද හැඳිමිටට එන්නෙ..??මේන් මේ දෝනියන්දැටත් තාත්ත උත්තරයක් දුන්නනම් කියා ශ්‍යාමා මහ හයියේන් එය කියයි..

මා දැන් විවාහ විය යුතුය.ඒ මගේ අම්මාගේ උපදේශයයි.ගොන්කටුආර විදුහලේ සිටින වැඩ හැකි එකම ගුරුවරයා ලෙස පත්වූ මා හෙවත් කිත්සිරි වන පුද්ගලයා ඔහුගේ මව කියන ආකාරයට දැන් පිලිවෙලක් විය යුතුය.එහෙත් කිත්සිරි වන මට කසාද එතරම් ප්‍රිය දෙයක් නොවේ.එහෙත් කොහෙන් හෝ අම්මා ටොයිං කෑල්ලක් හොයා මට ගෙනත් දෙනු ඇතැයි මා සිතයි.මින් කලකට පෙර පටන්ගත් ශ්‍යාමා සහ මගේ අනියම් සම්බන්ධය ගමම දැනගෙනත් ජයග්‍රාහී ලෙස තවම පවතී.එම කතාවේ මුල හරිය හරියට සිංහල චිත්‍රපටියක ලිංගික දර්ශනයක් මෙනි.එහෙත් එ්වායේ වන පරිදි උලමෙක් කෑගැහුවේවත් මහ රෑක වැස්ෙස්වත් නැත.උනේ මන්ද සිද්දිය පටන් ගන්නේ මොංගල් මානසිකත්වයකින් පාරේ ගිය මාගේ ඇලපතේ බ්‍රෙික් නැතුව පාරෙන් පැන්න පොඩි ටැට්ටරයක් වැදීමෙනි.ටැට්ටරේ පහල කොටසක් මගේ ඇලපත හෙවත් කලවයේ වැදුනි.දැන්මට අමාරුය.එහෙත් කිසිත් නැති ලෙස නෝන්ඩිය පසෙක ලා.මා අසනීප පිටම බෝඩිමට ආවේය.එදින රෑ එතරම් අමාරු නොවුවත් පසුව අමාරු විය.

උදෑසන නැගිට්ට විට වේදනාව දැඩි විය.කෑම ගෙදරින් කොල්ලකු විත් මට කෑම එක තබා ගොස් ඇත.උදෑසන නැගිටින්නට ලමුන්ට අණදෙන මා නැගිටින්නේ 7ට ය.එහෙත් නැගිටීම අමාරුය.කරගන්නට දෙයක් නැත.මා ජනේලයෙන් එබෙන විට පාරෙන් එහාපැත්තේ දර්ශන සිටිනු දිටීය.ඔහු වැඩට යන්නට සැරසේ.දර්ශන කැඳවාගෙන මා අපාසු බව කීවෙමි.දර්ශන ත්‍රිවිල් එකක් ගෙනවිත් ගස්වෙදෙක් දක්වා එහි යන ලෙස මට කියා ඔහු වැඩට ගියේය.මං වැඩ ඇරී එදින නිවාඩු බව ලොකු මහත්තයා හෙවත් ප්‍රින්සිපල් සර්ට කියන්ටැයි ලමයෙක්ට කියා බෙහේත හේත් රැගෙන ආමි.

ඉන්පසු මා තනියෙන් තෙල් ගා ගන්නට ගති.ඒ අතර ශ්‍යාමා පැමිණියේය.ඇය මහත කතකි.ඇගේ ඉණ වට්ටියක් මෙන් පලලය.එහෙත් පියකරු මූනක් ඇයට ඇත.මහත්තය තනියමද තෙල් ගා ගන්නෙ.ඕම කලාම වැඩක් නෑ..කියා ඈ කීමි.මා කිසිත් නොදොඩා තෙල් ගාගන්ට ගති.එහෙත් කාරිය අමාරුය.කෝ ඉන්න මහත්තය මං ගාන්න.ඇය එදින තෙල් ගෑම සිදුකර වෙදා දුන් කසායද උණුකර දී ගියේය.ඉන්පසු රෑට තෙල් ගෑමට දර්ශන ආවේය.තෙල් ගා තුන්වැනි දවසේ කොටු දමන සිද්ධිය සිදු විය.එවිට කකුල තරමක් සුව වී තිබුණි. දර්ශනගේ අතට වඩා ඔයාගේ අත සිනිදුයි.
ඈ මහත්තය මං ගෑනු නිසානේ.මහත්තය හොඳයි කියල කෙල්ලො කියනව මං අහල තියෙනව.කොහෙද අපි ඉන්න කාලෙ නෙමෙයි නේ මහත්තය ආවෙ.මං ඉස්කෝලෙ යන කාලෙ මහත්තය වගේ තරුණ කෙනෙක් ඉස්කෝලෙට ආව ඇවිත් මාස 3යි හිටියෙ ගියා.

මං ඇගේ අත ඇල්ලීමි.කිසිදු ප්‍රතිචාරයක් නැත.ඉන්පසු ඇේග අතේ තිබු තෙල් මගේ පිට දෙසද මගේ අතේ තිබු තෙල් ඇගේ පිට දෙසද තැවරෙන ලෙස වැඩ සිදුවුනි.කකුල අමාරු වුවත් එම ව්‍යායාම නම් මට ගෙනාවේ දිව සම්පතකි.එතෙක් විඩියෝ වලින් පත්තර වලින් දැක තිබූ සෙලුව එතරම් පියකරු නොවෙන දෙයක් බව මා දැක ගතිමි.එහෙත් ඒ තුල මුසු වූ ආලය සහ රාගාන්විත බව මා කුල්මත් කලේය.සමාරවිට මැයගේ මහා ශරීරය වෙනුවට වෙනත් කයක් තිබුනි නම් ප්‍රමෝදය දැඩි විය හැක.එහෙත් මැයගේ තිබූ මා කෙරෙහි වන ලැදියාව රාගය ජනනය කිරීමට විශේෂයෙන් දායක වීතිබුනි.

ඇය දිනක ඇඬුවාය.එහෙත් බොහෝ විට සිනාසුනාය.ඇයට මේ සිදුවීම මට තරම් මානසික වදයක් නොවීය.ඒ අතර මේ කඩමන්ඩියේන් ඈත දර්ශනගේ වගාවට අලි පැන එය සම්පූර්ණයෙන් පාගා දමා තිබුනි.මා වහා ඉදිරිපත් වී බීජ වලට පෝරවලට සහනාධාර දුන්නේ හුදෙක් දානමය අදහසින් නොවේ.කල් ගත විය.ඇයට ලමයෙක් එන්නට විය.ඇය කියන පරිදි ඒ මගේ ලමයාය.දැනටද ඇගේ ලමයා මගේ බව මටද සිතේ.එහෙත් වාසනාවට මෙන් ඒ කෙලිපැංචිය අැගේ අම්මාගේ මුහුන වැන් මුහුනකින් යුක්ත වූවාය.

ශ්‍යාමා කිව් පරිදි දර්ශනට ලමයි නැතිය.ඒ බව ඇයට දැනී ඇත්තේ කෙසේදැයි මා නොදනී.දර්ශනගේ අම්මා පැමිණි දිනෙක අතීතයේ දිනෙක මේ මගේත් ශ්‍යාමාගේත් හුටපටය ආරන්චි විය.එහෙත් එතෙක් කල් දර්ශන එය නොදැනම සිටියේදැයි ගැටලුවකි.සමහරවිට දර්ශන එය දැන සිටින්නටද ඇත.පිට පිටම දවස් දෙක තුනක් දර්ශන බීමතින් පැමිණියේය.මා ගේ කාමරය අසලින් යන විට ආ ඉස්කෝල පොඩි මහත්තයා..කියමින් යයි.තුන්වැනි දිනෙක වැනි වැනී බෝතල් බාගයකුත් .කිහිලි ගන්නාගෙන දර්ශන එයි.මං අාෙව මහත්තය හම්බුවෙන්න.මට තියෙනව කාරනයක් කතා කරගන්න.
මාද එහිදි අරක්කු ටිකක් බොන ලදී.අපේ අම්ම කියනව මහත්තය අපේ ගෑනිත් එක්ක නිදාගන්නව කියල.අනේ මන්ද.අපේ ගෑනිත් මහත්තයට හරි ලෙංගතුයි.මං කල්පනා කොලේ මහත්තය මගේ ගෑනි අරන් පැනල යයිද කියල.මහත්තය අපට ගොඩක් සලකල තියෙනව.මං මේ දවස් දෙක තුනේම බීගෙන ආවෙ මහත්තයට බනින්න.කුනුහබ්බ කියන්න.ඒත් ඒක හරියන්නෙ නෑ..අපි කන බත්පතේ රෙන්න තරම් පහත් මිනිස්සු නෙමෙ.

බොහොම ඉස්සර අපේ අප්පුච්චලට ඕනි උනා මං කසාද බන්දන්න.මං ගොයියනේ මහත්තයො.යන යන තැන ගෑනු මට කැමති උනේ නෑ.මේ ගෑනි තමයි කැමති උනේ.ඔය අම්මල ඇවිල්ල එක එක පොඩි වැරදි හොයන් කෑගැහුවට....මමනේ දන්නෙ මහත්තයො ගෑනියෙක් ගන් තියෙන අමාරුව.මමත් කොයි තරන් නං හෙව්වද.යාලුවො ත් එක්ක මගුල්ම කීයක් බලන්න ගියෑද.ගොවි තැන කිව්වම කවුරුත් කැමති නෑ.දැංවගේ නෙමෙ ඒ කාලෙ ගොවිතැනුත් සරුය් මට.ඉන්න බැරි පාලුවක් හිතට එනව රෑට පැල්කොටේ තනියම ඉන්නකොට.ඉතින් මේ ගෑනු අපට කැමති නෑ.මටත් වීල් එකක් බයික් කෙකක් තිබුනනම් මුං කැමති වෙයි.කොහෙද අපේ අප්පුච්චි මං වීල් එකක් ගන්නවට කැමති උන එකක්යැ.උන්දැට ඕනි උනේ ටැට්ටේර්..කෙහෙම්මල් ටැට්ටරේ..මේ ශ්‍යාමත් වීල් කාරයෙක් එක්ක කලිං හුට්ටපරයක් තිබුන කෙනෙක් කියල මට කලිම්ම ආරංචි උනා.ඒත් ඉතින් මට කන්න බොන්න ටිකවත් හදල දෙන් නැතෑ කියල මට හිතුනෙ.

අනේ මන්ද මහත්තයො මටත් හිතුන මේක ආරන්චි උණ වෙලාවෙ මහත්තයට කැත්ත උස්සන් ඇවිත් කොටන්න.එ්ත් මට හිත හදාගන්න බැරි උනා.උලව්වේ මහ රන්ඩු අල්ලල ලමයිත් නැති මයෙ වාහෙ අරන් මහත්තය ගියොත්.මං ආයිත් තනිකං දෝස හැදිච්ච එකාවෙගේ මේ ගෙදර තනියම හිටපංකෝ..අනේ මන්ද..මහත්තැල උගත්..පෝසැත්..ඒ වගේ අයට ගෑනු කැමති වැඩි.මට ඕක තේරුනේ මගුල් බලන්නම ගිහිං.අනික මං වගේ කලු කුම්බර යෙක්යැ මහත්තය.අනේ මන්ද මේ ඉස්කෝලෙට අලුතින් ආපු හැම මහත්තයෙක් ගැනම කතා හැදුන එක එක වල් දේවල් එක්ක.ඒත් මහත්තයට ඒව අඩුයි.එහෙව් කෙනා මෙහෙම...
කෝම උනත් කාලයක් තනියම කතාකොරන්නවත් කවුරුවත් නැතුව උදැල්ල මත්තෙ නැහුනු මට දැන් හැන්දෑවට උදෑහනට හරි වචනයක් දොඩන්ට හරි ගෑනියෙක් ඉන්නව.පොත් පත් අස්සෙ හිටියට මහත්තයලැගේත් අරව වැඩ නෙව..හැහැ හැහැ හැහැ හැහැ..ගා සිනාසෙන්නට විය.මං යනව.බයවෙන් එපා මං අපේ අම්ම බැන්න කියල මහත්තයට කොටන්න එන්නෙ නෑ.

කතාවල සිදුවෙන පරිදි මේ වචන කීපෙන් පසු මා කතාව නැවැත්විය යුතුය.එහෙත් එය එසෙ සිදු නොවීය.එක්කෝ මං ඇගේ ගෙට රිංගයි නැත්නම් ඇය මෙහි විත් තේ සදා පොත් අස්පස් කර යයි.නාගරික සමාජයෙ මෙන් මේ පොඩි කඩමන්ඩියේ සෙනග නැත.කඩ කීපයක් ඇතත් ඒවාට සෙනග එන්නේද හැන්දෑවට හා උදේටය.

දර්ශන කීව් තරම්ම මා හොඳ කෙනෙකු නොවේය.මං ස්කෝලේ කෙල්ලන් කීප දෙනකුම සිතින් නිරුවත් කර ඇත.පොත් වල තිබෙන පරිදි චේතනාව කර්මය නම් මා වැරදිය.ගනන් වරද්දන විට මා ලමයිට ගසයි.එවිට කීපදෙනෙක් හෝ මීලග දිනයේ ගනන් හදාගෙන එයි.කෙල්ලන්ගේ කොන්දට හෝ කොටුවකින් පසුපසට ගසයි.මා කොන්දට අත්ලෙන් ගසනා දිනෙක සිසුවියක් නොසිතූ පරිදි ගනන් නොසෑදී යැයි නැගිට්ටේය.ඇය නිතර ගනන් හදන එකියකි.මා ඇයට ගැසීමට පෙර පොත බැලීමි.ඇය ගනන් සදා තිබුනි.පසු දිනෙක ඇය ගනන් නොසදාම තිබුනි.ඉන්පසු මා ඇය පසුපසින් දිනක් පාරේ යනවිට පැමිනියේ කතාබහටය.එහෙත් එවැන්නක් කිරීම වැරදි යැයි මා සිතු නිසා වචන කීපයකින් පසු මා ඇය ඉවත් කරගති.එහෙත් එක්තරා දිනෙක ලමුන් අඩු වැසි දිනෙක සර් ඇය ිසර් මට විතරක් සර් ගහන්නෙ නැත්තෙ ඇයි දැයි ඇසීය.වැසි දිනයේ ලොකු ඉස්කෝලෙ මහතා පාසැල වසා දැමීමට සැරසුනි.නමින් නිමේෂා වූ ඇය එදින මගෙන් ගන්න් ඇසීමට ඇතැයි නැවතුනි.ඇය දක්ෂ ශිෂ්‍යාවක වු බැවිනුත් විභාගයට කිට්ටු දිනයක් වූ බැවිනුත් සැක අඩු පරිසරයකි නර්මාණය උනේ. සර් හරියට ගල් පිලිමයක් වගේ මං කොච්චර සර් දිහා බලන් හිටියත් සර් බලන්නෙ නෑ.හරි අහංකාරයි.අපි දුප්පත් ඇති ..අපිට සල්ලි නැතුව ඇති.අපි ලස්සනත් නැතුව ඇති.අපිට ක්‍රීම් ගාන්න සල්ලිත් නෑ.
සර්ව බලන්න ගොඩක් අය ඇති සර් ලයි ගමේ. මා ඇගේ අතින් ඇල්ලුවෙමි.ඉන්පසු මා ඇය  බදාගති.ඉන්පසු ඇය විසින් කිටි කිටියේ මා බදාගන්නා ලදී.මා ඇය බලෙන් ඉවත්කරන ලදී.ලමයෝ මං මේ ඇඳුම දාන් හිටියට ඇතුලෙන් කොල්ලෙක්.ඒත් කවුරු උනත් මං ඔයාලගේ පාර පේනනන කෙනා.ඔයා ලස්සන කෙනෙක්..මේ විබාගෙ පාස් වෙලා නගරෙට ගියෑම කොල්ලො ගොඩාක් පස්සෙන් එයි.ලව් ගොඩක් දරුණුයි.ඒත් ලව් ඉස්සරහ ගලක් කරගන්න පුලුවන් හිත ඇති මිනිස්සු දිනනව.බැරි උන් ඒකට ම යටවෙලා මැරෙනව.මං මෙතන උදාහරණ කියන්න ඕනි නෑනෙ..පැනල ගිහිපු ස්කෝලෙ ලමයි අද ඉන්න තැන ගැන.මං ලොක්කෙක් නෙමෙ.මට වඩා ගොඩාක් ලොකු අය මේ ලෝකෙ ඇති.

ඉන්පසු ඇය පැන යලිත් මා බදාගති.එහෙත් ඒ සීමාවෙන් ඇය නවත්වන්නට මට හැකිවිය.ඉන්පසු ඇය සිතු සේ පාසැලින් ගියාය.එහෙත් ඒ ගියේ විශිෂ්ඨ ලෙස විභාගය සමත් වීමෙන් පසුය.හම්මේ දැන් මේ දිනපොතේ පිටු ගානක් ලියල. දැංවත් නිදාගන්න යන්න ඕනි.

(මේ කතාවේ නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි)

Friday, December 16, 2011

Colombo car Race

car transporting for race

Ready to Race

engine of racing car
 අමෙරිකාවේ මහ රාත්‍රී පාරවල් වසාගෙන පවත්වන රේස් තහනම් වේ.ඒවා පසුපසින් පොලිසිය එලවාගෙන ගොස් ඒ කාර්කරුවන් සහ සංවිධාකයින් අල්වා දඬුවම් කරනු මා චිත්‍රපටවල සහ වීඩියො ගේම් වල දැක ඇත.එහෙත් ලංකාවේ ප්‍රධාන නගරයක ප්‍රධානම වීදි කීපයක් වසා තිබෙන තරඟයට තින්ත ගෑම්වල සිට ටයර් ඇතිරීම දක්වා බොහෝ දේ කරන්නේ ලංකා හමුදාව විසිනි.හමුදාව විසින් කාර් රේස් සංවිධානය කිරීම මෙහි පවතින සම්ප්‍රදායක්දැ යි මට වරෙක සිතේ.
අද කොටුවේ සියලු කාර්යාල පස්වරුවේ වැඩ නවත්වන ලදී.බොහෝ ආයතන පස්වරු 3 පමණ වනවිට වසා දමන ලදී. කොළඹ කොටුවේ ඇති බැංකු සහ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගම් ඒ අතර වෙයි. හෙට දිනයේද එම කාර්යාල සහ බැංකු මූල්‍ය ආයතන සියල්ල අත්‍යාවශ්‍ය රාජකාරි පමණක් කරනු ඇත.ශ්‍රී ලංකාවේ ඇති මූලික ස්ථානයක් වන ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ තරු පංතියේ හෝටල් කීපයක් වටා පැවැත්වෙන මෙම තරඟය එම හෝටල් සහ සේවා ස්ථාන සඳහා බාධාවක් වෙනු ඇත.

mini car collection

another mini car waiting for race
 මේ රේස් සඳහා අනුග්‍රහය දක්වන්නේ කාල්ටන් ක්‍රීඩා සමාජය යන නමින් හඳුන්වන ක්‍රීඩා සමාජයකි.එහි වාහන වලට ලබා දී ඇති අංක තහඩු වලද කාල්ටන් ස්පොට් නෙට්වර්ක් නම් රූපවාහිනි ආයතනයේ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.




 මගේ අදහස නම් ලංකාවේ වෙනත් ජනයා අඩු සංචාරක  ආකර්ශනය සහිත ප්‍රදේශයක මේ සංදර්ශන පැවැත්වූවා නම් වඩා සුදුසු බවය.එසේ වූවා නම් මේ තරම් වාහන තදබදයක් සහ ආර්ථික බාධාවක් රටට සිද්ද වන්නේ නැත. මේ හේතුවෙන් හෙටත් අනිද්දාත් කොළඹ ප්‍රධාන මාර්ග කීපයක්ම වසා ඇති හෙයින් ඒ මාර්ග හරහා කොළඹට පැමිණෙන රථවාහන වල දැඩි තදබදයක් ඇතිවිය හැක.එසේම රථවාහන අපාසුතාවය නිසා මේ කාර් පවත්වන සීමාවේ පවතින කාර්යාල වලට අමතරව වෙනත් කාර්යාල රැසක කටයුතු ඉරිදා සහ සෙනසුරාදා යන දෙදින අඩපන වනු ඇත.මේ දින දෙක නිවාඩු යැයි කෙනකුට කිය හැක.නමුත් බොහෝ පුද්ගලික ආයතන සෙනසුරාදා අඩුතරමේ වරුවක්වත් සිය සේවා පවත්වාගෙන යයි.


modified car
 කෙසේ උවත් අවසන අපේ දැඩි ලෙස දැවෙන ප්‍රශ්ණයක් වූ කාර් රේස් අවශ්‍යතාවය මනා ලෙස හඳුනා ගෙන එය සම්පූර්ණ කිරීමට සාධනීය පියවර ගැන්ම ගැන මගේ හදපිරි ප්‍රසංසාව රජය වෙත යොමු කරමි.
Transporting Bikes for race

Mini Car on the truck

එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිවෙලා

එංගලන්තයේ සිසුන් දැන් දැන් ලිංගික දේවලින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇති බවත් ගෑනු ලමුන් සහ පිරිමි ළමුන් ගණිකා වෘත්තියෙන් මුදල් හම්බ කරගෙන ඉගෙන ගැන්මට යොමුවී ඇති බවත් එංගලන්ත ජාතික ශිෂ්‍ය සංගමය පවසයි.මෙතෙක් කලක් ඔවුන්ට රජයෙන් දුන් අධ්‍යාපනය සඳහා වන සහන නොලැබී යෑම මෙසේ සිසුන් ගණිකා වෘත්තිය කරා නැඹුරු වීම වැඩිවීමට හේතු වී ඇතැයි ඔවුන් පවසයි.
මෙසේ සිසුන් ලිංගික වෙළඳාම් වලට සිය ශරීරය දන් දීමට යොමු වී ඇත්තේ එක්සත් රාජධානිය මේ වන විට මුහුන පා ඇති දැඩි ආර්ථික අවපාතය හේතුවෙනි.ජීවන වියදම සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ඇවැසි වෙනත් පහසුකම් වල මිල සීඝ්‍රයෙන් ඉහල යෑම ඔවුන් ගණිකා වෘත්තිය කරා යොමුකිරීමට අනුබල දී ඇත.

පසුගිය වසර දහය තුල ලිංගික වැඩවලින් මුදල් උපයන සිසුන් ප්‍රතිශතය සියයට 3 සිට සියයට විසිපහක් දක්වා සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බවත් මේ වාර්ථාව කියයි.මෙතනින් ඔබට මේ සියලු තොරතුරු ඉංග්‍රීසි බාෂාවෙන් බලාගත හැක.
අධ්‍යාපන පෞද්ගලිකරණය ගැන සහ සහ එංගලන්ත සහ එක්සත් රාජධානි වල අධ්‍යාපනය හැදෑරීමට යන අය මේ මානය ගැනත් සැලකිලිමත් වීම උච්ත බව මගේ අදහසයි..උපුටනය බීබීසි පුවත්.

Thursday, December 15, 2011

පාඩම් කර සමතුන් තෝරමු..

මා දන්නා කියන ගෑනු ලමයෙකි.අපි සතියට දෙතුන් දිනක් ජංගම දුරකථනයෙන් කථා කරයි.ඇයගේ පවුලේ බොහෝ තොරතුරු මාත් මගේ පවුලේ බොහෝ තොරතුරු ඇයත් දනී.ඇය මා දැක ඇත ඒත් මා විසින් ඇය දැක නැත.ඇගේ මව දැන් පිටරට පුහුනුවකය.අවුරුදු 22ක ගැහැනු ලමයකු වෙන ඇය දැන් නැවතී සිටින්නේ ඇගේ අක්කාගේ නිවසේය.ඇය මට අමතරව තවත් පිරිමි ලමයෙක්ට කතා කරයි ඒ ඇගේ අනාගත ස්වාමි පුරුෂයානෝය.එහෙත් වටපිටේ අය සිතන්නේ මාත් ඇගේ පෙම්වතුන් ලැයිස්තුවේ සිටින බවයි.ඇති වූ විෂ්වාශභංග වීම් වැඩි වූ හෙයින් අපට එවැන්නක් ඇති කරගැන්මට නොහැකිවිය.බොහෝ මුදල් ඇති බරසාර පවුල් පසුබිමක් ඇති නිසා ඇය කෙතෙක් ලක්ෂන විය හැකි වුවත් මා ඇයට අකමැති විය.
ඇය නැවතී සිටින දැන් නිවසේ ඇගේ අක්කාට අපූරු සුරතල් කටහඬක් ඇති හතර වසරේ ඉගනුම ලබන දුවනියක් සිටී.
මෑත කල සිට මා කතාකරන සයුරී නම් ගැහැනු ලමයා අර හතර වසරේ දැරියට පාඩම් කියා දෙයි.බෙහෙවින් කරුණාවන්ත ලෙස ඇය පාඩම් කියාදෙනු මා අසා ඇත." දෝනී ...කන කරවගන්න හදන්නෙ නැතුව ඇවිත් මේ ඊලඟ ටික පාඩම් කරනවා..." දෝනී...මේ ගණන් ටික තාම මෙතන..තාත්තට කියල කෝටුපාරක් දෙන්න කලින් මේටික හදල ඉවර කරනවා...යැයි අණ දෙයි.මට මෙය මහත් ගැටලුවකි.බොහෝ වර උපදෙස් දුන්නත් ඇය නම් තැනිය නොහැක.එය නොමේ කාරණය මෑත දිනක් ඒ දැරියගෙන් ඇය දැරිය වඩා කැමති බෝයි ෆෙන්ඩ් මමද නැත්නම් අනෙක් පුද්ගලයාදැයි අසා ඇත.අනෙකා බෝ සෙයින් කලු කෙනෙකි..ආ ඒ අංකල් අපේ පුංචිට කලු වැඩියි..ඒත් මං අනිත් පෝන් එකෙන් කතාකරන අංකල්ට ආසත් නෑ..ඒ අංකල් අපේ අම්මගෙ පාට කියල ඔයා දවසක් කීවනේ..
 මට දැනෙන ආකාරයට ඇගේ අම්මා ඇයට පිලුකුලකි.එයට හේතුවද මා දනී.ඒ දැරියට සෙල්ලම් කරන්නට දුව පනින්නට..කෝලම් කරන්නට කිසිදු අවකාශයක් නොදෙන ඇගේ මව නොයෙක් වෙරවීරිය දමමින් හදන්නේ දුව ශිෂ්‍යත්වය පාස් කරවන්නටය.ඇගේ චූටි දුව දැනට යන්නේද ජනප්‍රිය පාසලකටය.එහෙත් ඇගේ මවට ඇය කොළඹ හෝ නුවර යැවිමට අවැසි වී ඇත.මව්පියන් මෙසේ තම දූදරුවන්ගෙන් විභාග සඳහා පලිගන්නා අවස්ථා මා කොතෙකුත් දැක ඇත.ශිෂ්‍යත්වය යනු ඉන් ප්‍රධානම එකකි.මාද ශිෂ්‍යත්වය සමත්වී වෙනත් පාසැලට ගිය කෙනෙක්මි.මට මතක ඇති පරිදි මා ශිෂ්‍යත්ව පංති ගියේ සති දෙක තුනකි.එය එසේ වූයේ මගේ වූ හිතුවක්කාර කමටය.ශිෂ්‍යත්ව පංතියට එකල රුපියල් පනහක් මාසයට ගනී.රුපියල් පනහක් මාසයට අයකල පන්තිය වෙනත් පොතක් ගන්නට රුපියල් එකසිය විසිපහක් ඉල්ලීය.මටද ඒ මුදල ගෙදරින් ඉල්ලුවානම් නොදී අරින්නේ නැත.එහෙත් මගේ අතිපන්ඩිත කමට පංති ඕනේ නෑ දැං තියෙන ස්කෝලෙ හොදයි කියා සිටීමි.සාමාන්‍යන් සෑම විශයකටම ලකුනු 90 ට වැඩි ලකුනු තිබු මා පසුපස එතරම් නොදුවන මගේ මව්පියෝ ද එතරම් ශිෂ්‍යත්ව පන්තියකට යැවීමට වැරවෑයම් නොකලේය.
  එහෙත් මා සමත් විය.මහා ඉහලින් සමත් නොවූවත් එවකට මා පෙනීසිටි දිස්ත්‍රික් ලකුනු මට්ටමට වඩා ලකුනු 18ක් මට ලැබී තිබුණි..ඒ අසා තිබූ සමහර ප්‍රශ්ණ මා කියවු පොතපත වල තිබුනු ඒවා විය.එවිට අපේ නෑදැ සහ සමාර හිතවතුන් මගේ මව්පියන්ට දොස් පැවරුවේ මා පංති යැව්වානම් මීට වඩා ලකුනු ප්‍රමාණයක් ලබාගන්නට ඉඩතිබූ බවයි.කෙසේ වෙතත් මට ශිෂ්‍යත්වය අවසානයේ වෙනත් පාසැලකට යන්නට අදහසක් නොතිබුනි.එහෙත් එම පාසැලේ සිටි දක්ෂම මා සමග සිටි බොහෝ දෙනෙක් වෙනත් පාසැල් වලට ශිෂ්‍යත්වය හරහා ගියෝය.එසේම එසේ ශිෂ්‍යත්වය හැර වෙනත් හේතු මතද සමහරෙක් මාරු විය.එකල තිබුනු තත්වය අනුව ඒ පාසැලේ සිටියානම් මට පන්තියේ පලවෙනියා ගැන්ම කජු කනවා වැනි වැඩකි.එක්වරක් එක් විෂයකට වාර විභාගයේ  පෙනී සිටිමට නොහැකිවත් මා පන්තියේ දහ වෙනියාගෙන් පෙර ස්ථානයක් ලබාගති.එහෙත් දුකට කාරණය නම් මා ගිය නව පාසැලේ ශිෂ්‍යත්වය සමත් ලමුන් පනස් ගානක් අතරින් මට ලැබුනේ විසි හතර වෙනි ස්ථානයයි.එහෙත් අපේ ගෙදර අම්මා තාත්තා එතරම් කම්පා වුනු බවක් මට නම් මතක නැත.
 දැන් ශිෂ්‍යත්වය යනු ළමුන්ගේ සෙල්ලමක් නොව අම්මලාගේ තාත්තලාගේ සෙල්ලමකි.අනෙක් විභාගද එසේමය.පන්ති යන්නේ නැත්නම් විභාග සමත්විය නොහැකි යැයි දැඩි මතයක් ළමුන් මෙන්ම දෙමාපියන් අතරද ඇත.මා සාමාන්‍ය පෙල විභාගය මුලින්ම ලිව්වේ මේ දෙදාස් ගනන් වලය.එහිදි ඉංග්‍රීසි වලට හොඳින් පන්ති ගියමුත් ගණිතය සහ විද්‍යාවට පන්ති ගියේ පන්ති යා යුතු යැයි අවට සිටි උන් කී නිසාමය.අවසන මට ගණිතයට සම්මානයක් පමණි ලැබුනේ.ඒ ගණිතයට ලැබුනු සොච්චම් රිසාල්ට් එකෙන් උසස් පෙල ගණිතය කරන්නට දුන්නේ මගේ පාසැලේ ඇති හොඳකම නිසාය.මා පාසැල් ගිය කලද බුද්ධාගමට පවා පන්ති ගිය ලමෝ වූහ.ඒ සමහරක් ගේ රිසාල්ට් මා තරම් වත් හොඳ නැත.සමාර අයට හත වසරේ සිට 11 වසර දක්වාම සතියේ දින හතරක් සවස පන්ති තිබුනි.නමුත් මා නම් කිසිම අවුලක් නැතුව 11 වසර විභාගය කටඋඩ තියාගෙනත් බෝල ගැසීමට සහ නොයෙක් පොත් පත් කියවීමට වාසනාව ලද්දෙක් විය.එවකට කේජී කරුණාතිලක මහතා පරිවර්ථනය කල ටාසන් පොත් සියල්ලත් එතුමාගේම මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් සියල්ලත්,ඩ්‍රැකියුලා සහ එවක ජනප්‍රිය වූ හෝම්ස් කථාන්දරත් මා බොහොමයක් 11වසර වනවිට කියවා තිබුණි.දැන් බැලුවොත් මා සාර්ථක කෙනෙකැයි නොකියමි.ඒ පසුව සිදුවු අත්වැරැද්දකි.ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ 3ක් ලැබුවෙක් කෙසේ විය යුතු දැයි සමාජය තීරණය කරනු ලබන අංශ වලට මා අකමැති වීමේ අතිපන්ඩිත ගතිය මෙතෙක් වූ පසුබැස්මට හේතු විය.එහෙත් උසස් පෙල කල පාසැල් ගුරුවරයෙක්ගෙන් කෙමෙස්ටි විශයට සාමාන්‍ය සාමාර්ථයක් ලබාගන්නට වත් බොලාට නොහැකි යයි නියත විවරණ ලැබූ මා ඒ කල ගත් සාමාර්ථ සම්බන්ධයෙන් බොහෝ සෑහිමකට පත්විය.
   මේ අකාරයට බ්ලොග් ලිවිය යුත්තේ පොරවල්ය.එනම් දුක දිනා ණය ගත් මිනිසුන්ය.අපි වැනි දුක දිනා දුකම ගත් මිනිසුන් මේවා ලියන විට ඒවා අගේ නැත.දැන් ඔයා කවුද ඔයා මොනා කරන කෙනෙක්දැයි ඇසුවොතින් මා දෙන පිලිතුර බහුතරය සෑහිමකට පත්වෙන තනතුරක් නොවේය.ඒ මේ සමාජයේ බහුතර දිශානතියයි.සෑම දෙයක්ම මුදල සහ වටිනාකම් මත යැපේ.
   මා පාසැල් ගිය කල යාලුවෙක් විය.ඔහු සිරිමත් ලෙස ගමු.සිරිමත් බෝ සෙයින් කීකරුය.බෝම දක්ෂය.ඔහු කීප වතාවක් මොනිටර කම කල අතර ක්‍රීඩා හැර අනෙක් බෝමයක් කුෂලතා ඔහු සතු විය.ඔහු මීට වසර 4-5කට පෙර එනම් අපි උසස්පෙල තෙවනර වර කිරීමට පන්ති යන අතර මියගියේ සියදිවි නසාගැන්මකිනි.එවකට සාමාන්‍ය පෙල පන්තිවල සිටි දක්ෂතම සිසුවා ඔහු විය.අපි නිකම් බාස්ලා වුනෙමු.අපි පාස්වෙති.ලකුනුත් ගනිති නමුත් ඉහලම ලකුනු නොවේ.නමුත් සිරිමත් එසේ නොවේ ඔහු ලියන සෑම පේපරේටම මැක්සිමම් ලකුනු වලට වඩා අඩුවන්නේ ලකුනු කීපයකි..සිරිමත්ගේ පියා නැත.පියා ඔහු කුඩා කලම මව හැර වෙනත් ගෑනියෙකු සමග ගොස්ය.සිරිමත් මරණයට සති කීපයකට පෙර ඔහුම කියූ පරිදි ඔහු සිතාගෙන සිට ඇත්තේ උසස් කෙනෙකු වී උසස් ලෙස සමාජගත වීමටයි.සාමාන්‍ය පෙල සහ ඊට පෙර අත් දක්ෂයෙකු වූ සිරිමත් හට ඒ කුෂලතා උසස් පෙලට පවත්වාගන්නට බැරිවිය.ඔහුගේ සිහින මාලිග සියල්ල කඩා වැටුනි.අවසන ඔහු සිය දිවි නසාගන්නට තීරණය කලේය.මෙසේ තමුන්ට සමාජය,දෙමාපියන්,සහ අනෙක් අය සපයන ඉලක්ක වෙත යන්නට බැරි වූ කල ඒ හැම දෙනාම දුක්වෙති.හැම දෙනාම පසු තැවෙති.ඒවා දරාගන්නට අපාසු අය මෙවන් දරුනු තීරණවලට එලඹෙති.
       මා දන්නා ඥාති සහෝදරයෙක් වේ.ඇයට මේ වර සාමාන්‍ය පෙල ලියන මට්ටමෙ ්දුවණියකි.ඒ දුවණිය හැඩය මෝස්තර ගොඩය.ඇයට පාඩම් කියාදෙන්නට මා කීපවරක් ගියේය.ඇය නිසකයෙන්ම මෙවර ලියන සාමාන්‍යපෙල විභාගයෙන් විෂයයන් කීපයකින්ම අසමත් වෙයි.විභාගය ලංවන්නට ලංවන්නට ඒ ලමයාට ඒ ඥාති සහෝදරයා සහ ඇගේ බිරිඳගෙන් ලැබුනේ අප්‍රමාණ පීඩනයකි.විටෙක රාත්‍රී 10 වනතුරුත් ඇයට පන්ති විය.මා උසස් පෙල කලත් රාත්‍රී 9.30ට නිදාගත් දවස් ගාන වැඩිය.මට එය පුදුම කරුණක් විය.පසුගිය දිනෙක පිංකම් ගෙදරකට පැමිණි ඒ ඥාති සහෝදරයා මත්පැන් පානය කරන අතර ඇඬුවේය.ඉකි ගසමින් මහ හයියෙන් ඇඬුවේය.ඇගේ දුවට වෙනත් ප්‍රේම සම්බන්ධයක් තිබී අැති බවත්..ඔහු කෙතෙක් කීවත් ඇයට දඬුවම් කලත් ඒ නැවතිය නෙහැකි වූ බවත්.අනෙක් බොහො සමාන්තර ලමුන් නෑයින්ගේ ලමුන් ඉගෙන ගනිද්දී ඔවුන්ට උපදෙස් දුන් පන්ඩිතයෙකු වූ තමාගේ දුවනිය තමාට හදාගත නොහැකි වූ බවත් කියා දුක්වීය.ඔහුතු බිරිදත් රාජ්‍ය අංශයේ විශාල තනතුරු දැරුවෝ වෙති.ඔවුන දෙදෙනාට දරුවන් ගැන කලින් හොයාබැල්මට වෙලාවක් නොවීය.දෙදෙනාම එන්නේ හවස 6ත් පහුවීය.එතෙක් වෙනත් වැඩකාරියක හෝ නැත්නම් තනියම අර ගැහැනු ලමයා සහ පිරිමි ලමයා පසුවෙයි.සති අන්තයේත් බොහො රාජකාරි ඇති එම දෙපලට මේ විභාගය කටට ඇවිත් අවසන් මාස 6ක් වනතෙක් දරුවන් මතක් වූයේ නැත.වෙළඳ සැල්වලට ගොස් අත පිරෙන්නට හිත පිරෙන්නට බඩු අරන් දීම ඔවුන් දරුවන්ට සැලකූ ආකාරය වෙයි.ඔවුන් එසේ හැදීම හිතුවක්කාර ලෙස ඔවුන් ඉල්ලන ඉල්ලන දේ අරන් දීම වැරදි බව බොහො ්ෙදනා කීය.එහෙත් ඔවුන් සිතුවේ ඔවුන් දෙදෙනාම ඉගෙන ගත් බැවින් දරුවන්ද ඉබේම ඉගෙනගනු ඇත කියාය.එහෙත් ප්‍රථිපල එනවිටවත් ඔවුන්ට මෝඩකම් තේරුම්යාදැයි මට සැක සහිතය.

මේ වැනිව දරුවන් අසාර්ථක ලෙස තනා පසුව ඉගෙනුමට යොමු කිරීමට වියදම් කොට බලකොට තෙරපීම වැඩක් නැති වැඩකි.එසේම සෑම දරුවාම විශිෂ්ඨයෙක් කිරීමට තැනීමත් දරුවාට කරන අසාධාරණයකි.එක්තරා දක්ෂ පාසැල් ගුරුවරයෙක් අපට නිතර කිවූ දෙයක් මතක් වේ.උඹල දවසට පැය දෙකක් තනියම ගනන් හදාපල්ල.බොලාට මේ බලුපොරෙන් පාස්වෙල කැම්පස් යන්න බැරිවෙයි.නමුත් අඩුතරමෙ සී තුනක්වත් ගත හැකි වෙයි.එහෙම නැතුව කකුල් වතුරු වල දාගෙන නිදිමරන තරමට මිනිස්සු කැම්පස් යනවනම් බන් මේ මගේ නෙවෙයි බොලාගේ ඔලුවල තියනෙ කෙස් ගානට මං උගන්නපු උන් දැන් කැම්පස් වල ඉඳී.හෙහ් හේ හෙහ් හේ..

Wednesday, December 14, 2011

එලවලු කූඩා ගැටලුව (The Problem Of Vegitable Baskets)

මේ උද්ඝොෂණය කරන කුමන්ත්‍රණ කරුවන් කවරුහද?
උද්ඝෝෂණයේ ගුවන් දසුනක්
 මේ උද්ඝෝෂනය තිබුනේ කොටුව දුම්රිය පොල ඉදිරිපිටයි අද දින කොළඹ රථවාහන තදබදය දෙගුන තෙගුණ කරන්නට මේ මැනිං සේවක උද්ඝෝෂනයත් තවත් ජනතා විමුක්ති පෙරමුණු උද්ඝෝෂනයත් හේතු විය.උදේ සිට හවස මේ ලියන වේලාව වන සවස පහ පසු වනතුරුත් කිසිදු විසඳුමක් මේ සඳහා නොවීය.උද්ඝෝෂක පිරිස සාකච්චා වලට අකමැති බවත් සාකච්චා කොට විසඳුම් දිය හැකි අයෙක් තමන් සිටින තැනට පැමිණ පාෙරන් තමන් නැගිටුවන්නට උත්සාහ කල යුතු බවත් උද්ඝෝෂකයින්ගේ අදහස විය.
උද්ඝෝෂනයේ ගුවන් දසුනක්
 මේ උද්ඝෝෂනය පවත්වන්නේ මැනිං වෙළඳ පොලේ සේවය කරන සේවක පිරිසයි.සේවකයින් අතර ඇති සියලුම ස්ථර පුරා පැතිරී ඇතිමේ සාමකාමී උද්ඝෝෂන ව්‍යාපාරය කරන්නේ ප්‍රකට ප්ලාස්ටික් බකට් සටනට එරෙහිවයි.කාගේ හෝ උවමනාවකටමේ උද්ගෝෂන වෙනවාය යන්න ඇමති තුමාගේ අදහසයි.එහෙත් මෙරට සිදුවන සෑම රාජ්‍ය විරෝධි වැඩක්ම අධිරාජ්‍යාවාදී කුමන්ත්‍රණ ලෙස දැකීම සාමාන්‍ය කරණයවී ඇතිනිසා ජොනී මැතිගේ එම පැරණි තැටිය කිසි වැදැගැම්මකට නැති එකකි.මැනිං වෙළඳ පොල යනු සතර අපායකි.එහි වැසි දිනක යන කෙනෙකුට ලංකාවේ ප්‍රධානම එලවලු මූලස්ථානයේ අසිරිය මොනවට විඳ ගතහැක.ඉතාසීමිත ඉඩ කඩක පැදුරු කඩමාල්ලක් එලාගත හැකි මට්ටමේ වර්ගමීටර 3-4ක කොටසක් කඩයක් නොහොත් කඩ කැබැල්ලක් ලෙස සැලකේ.බොහෝ විට බයින් ඇන්ඩ් සෙලින් ඉන්ස්ටන්ට් සිස් එකකට සිදුවන මෙහි පිටින් එන එලවලු එවෙලේම වෙනත් අයට විකිනීම සිදු වෙයි.මෙහි නවිකරණය වීම අවස්ථා ගනනාවකදි රජයේ පුවත්පත් සහ පුවත් සොයන පත්තර කඩ කාරයින්ගෙ නිබද අවධානයට ලක් උවත් මෙහි අදටත් වැසි දිනක මෙහි යන එන කෙනෙක් මුහුනදෙන අත්දැකීම පැරණි වල කක්කුස්සියක් අසලින් ගැවසෙන කෙනෙකුගේ මනසේ ඇඳෙන සිතුවිලි මෙන් පිවිතුරුය.
කෙසෙල් ගෙඩි සහ බිස්කට් බුදින උද්ඝෝෂණ කරුවෙක්
 මේ උද්ඝෝෂණය කරන සමහර මෙහි සිටින මැනිං මුදලාලිගේ දිනක ලාභය පමණක් රුපිය්ල දස දහස් ගණනක් වන අවස්ථා ඇත.මෙහි මිළ තීරණය කරන්නේ කවුරුන්ද යන්න පුදුමාකාර ගැටලුවකි.සාමාන්‍යෙන් එලවලු කිලෝවකින් ගොවියාට ලැබෙන නාමික මිලට ඔහු මැනිං වෙළඳ පොලේ සිල්ලර කොටසට පැමීනියත් ලබාගත හැකි වන්නේ එලවලු පන්සීයකි.එය කෙසේ වනවාද කියා නොදනී.එහෙත් මනා ලෙස අධ්‍යයනය කරන්නෙකුට මෙහි එලවලු වලින් ගොවියාට ලැබෙන මිලත් පාරිභෝගිකයාට ලැබෙන මිලත් අතර ඇති දැඩි වෙනස බලාගත හැක.මේ මැනිං වෙළඳ පොලට කෙලින්ම ගොවියාට බඩු එවිය හැකි ක්‍රමවේද ඇත.  එයිනුත් ගොවියා විසින් මේ අතරමැදි වෙලෙන්දාට සියයට දහයක කොමිස් මුදලකුත් ලොරි වල ප්‍රවාහන කුලිත් බෑම සහ අනෙක් කටයුතු සඳහා වන කුලීත් ගොවියා හෝ බඩු කොළඹට එවන පාර්ශවය විසින් දැරිය යුතුය.අපි සරලව සිතමු රුපියල් 100ට යන කරිවිල කිලෝවකින්..අවසන ගොවියාට ලැබෙන්නේ රුපියල් 65ත් 70ත් අතර මුදලකි..ඒ රුපියල් සීයට කිලෝවක් අලෙවි වන කරවිල පාරිභෝගිකයාට යන්නේ පන්සීයක් රුපියල් සීයට වශයෙනි.


කෙසෙල් බෙදන මැනිං සේවකයෙක්
 මේ මැනිං වෙළඳ පොල තියෙන ආකාරයට කූඩා භාවිතය අපාසුය.වෙලෙන්දාට ලැබී ඇති වර්ග මීටර 3-4ක පරාසය තුල කූඩා එහෙ මෙහ කරගැන්ම අපාසුය.හිස්කූඩා හැසිරවීම අපාසුය.විශාල කූඩාවල ඇති එලවලු ෆෝක් ලිෆ්ට් වලින් ඔසවන,දොඹකර වලින් එලවලු බාන.විශාල ප්‍රමාණයේ ෆුඩ් සිටි වැනි වෙළඳ සැල් සඳහානම් මේ ක්‍රමය සුදුසුය.මේ මැනිං වෙලඳ පොල සහ අනෙකුත් පොදු වෙළඳ පොලවල් විශාල කූඩා දැමීමට ඒවා හැසිරීමට කොතෙක් දුරට තාක්ෂණික අතින් යටිතල පහසුකම් අතින් සවිමත්ද?මා මැනිං වෙළඳ පොල ඇස් දෙකින් දැක ඇත.ඒවා එලවලු හුවමාරු කරන ස්ථානයකැයි කියා සිතිය හැක්කේ එලවලු ඇති නිසාම පමණි.නැත්න්ම ඒවා පරණ යකඩ හුවමාරු වන කුඩා මීගුල් සමූහයක් වැනි ස්ථානයකි.
වැඩ නවත්වා ඇති මැනිං පිරිස තැන්තැන්වල සාකච්චා කරමින්
 ගොවීන් හෝ ගම්බද සුලු වෙලෙන්දන් විසින් එක් එලවලු මල්ලක් මෙහි එවීමට රුපිය්ල එකසිය පනහකට වැඩි මුදලක් වියදම් කල යුතුව ඇත.එවන් වටපිටාවකදී මේ කූඩා භාවිත කලහොත් සමාරවිට කූඩාවල වටිනාකමට වඩා එලවලු වල වටිනාකම අඩුවීමේ අවධානමක්ද පවතී.එලවලු වටිනාකම මේකය කියා ස්ථාවර අගයක් නැත.කාලගුණය අනුව එය වෙනස් වෙයි. ගොවීන්ට සහ පාරිභෝගිකයා පිට පැටවෙන මෙම බර තවත් එක් බරක් මිස මෙහි ඇති හොඳක් නම් මට නොපෙනේ.පතෝල දිග මැකරල්,ආදිය මෙසේ කූඩා වල බහා අලෙවි කරන්නේ කෙසේද.අනික් කරුණ නම් ලොරි කරුවන් මෙයට අකමැති වීමයි.කොළඹට හෝ වෙනත් නගරයකට පැමිණෙන ලොරි නැවත හිස් ඇසුරුම් රැගෙන යෑමට කැමති නැත.ඔවුන්ට වෙනත් පිනා හයර් එකක් ගොස් හෝ නගරයෙන් ගමේ සිල්ලර කඩේට සීනි පිටි මුට්ට කීපයක් ගෙනගොස් කීයක් හරි ගත හැකි අවස්ථාව මේ හිස් කූඩා නිසා නැති වී යනු ඇත.එය එසේ වනවාය කියන්නේ අනිවාර්යෙන්ම ගොවීයාට සහ පාරිබෝගිකයාට ලැබෙන ප්‍රවාහන කුලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහල යෑමයි.සමහරු වැල්ලේ මාලිග ඉදිකරනවා මෙන්..අතරමැදියාවත් ලොරිකාරයාවත් නාට්ටාමිවත් මේවා නොමිලයේ ගොවියාට ආලයෙන් අමතර සේවා කරදෙන්නේ නැත.ඔවුන් විසින් ඔවුන් චාටර් වෙන සෑම අවස්ථාවක් සඳහාම නව මිල වැඩිවීම් ආදේශ වනු ඇත.එනම් එලවලු මිල තවදුරටත් ඉහල යා හැකි අතර ගොවියාට ලැබෙන පනම් හතර තුනක් ලෙස පහල බැසීමට මෙය හේතුවිය හැක.
වාඩි වී සිට වැඩේට දායක වෙන පිරිස
 මෙවන් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට යම් කිසි ක්‍රමවේදයක් තිබිය යුතුය.ආරක්ෂිත ඇසුරුම්කරණය ගැන ගොවියාට ප්‍රායෝගික වැඩමුලු කන්න බොන්න දී පැවැත්විය යුතුය.හැකිනම් ඒවාට සහභාගී වී මේ දැනුම අවශෝෂනය කරගැන්මට කැමති ගොවියාට රජයෙන් කුඩා පොහොර මිටියක්,මේ නව හිස් ඇසුරුම් දෙක තුනක්,හෝ කිසියම් සුලු මුදලක් ලබා දිය යුතුය.සියල්ල මුදලට යට වී ඇති සමාජයක නිලධාරින් ,රථයක් නොමැතිව එලියට නොබහින ඒ සී එක නැතිව කාර්යාලයට නොයන සමාජයක පහලම මට්ටමින් පමණක් නිකම් සිට කරන කැපවීම් අපේක්ෂා කිරීම හාස්‍යජනකය.
උද්ඝෝෂනයේ තවත් දසුනක්.
 අවසානයේ සියල්ල යලිත් සාමාන්‍ය කරණය වනු ඇත.යලිත් පොර මලු භාවිතයට එනු ඇත.එහෙත් ඒ සියල්ලට වැරදි කරුවා ගොවියාත් අතරමැදියාත් වෙනු ඇත.ඔවුන්ට දැනුම ලබාදීමට ඔවුන් දිරිමත් කිරීමට අපේ බදු මුදලින් පඩි ලබන ඇත්තෝන්..තවත් බෝ කලක් යහතින් වැජඹෙනු ඇත.ජොනිස්ටන් ඇමතිතුමා සම්බන්ධ සිමෙන්ති,බිත්තර,පොල්,කුකුල් මස් කථාන්දර මා අවසන මතක් කරමි.කිසිවෙකු තවමත් වැරදි කරුවන් නොවේ.ඔබේ බදු මුදල් පිටරට සිමෙන්ති,කුකුල් මස්,බිත්තර,පොල් සඳහා ඉබේ යැවී ඇත.ඔවුන් යහතින් ඇත.ප්ලාස්ටික් කූඩා කතාන්දරයත් එසේම අවසන් වනු ඇත.

Tuesday, December 13, 2011

මා ණය පත්‍රයක සාඩම්බර හිමිකරුවෙකි.(I am a Credit card vacant)

1.මා දිනක් මිතුරකු හමුවන්නට ගියේ සති අන්තයේ මට පැවති පංතියක් අවසානයේය.එහිදි විවාහක එම මිතුරාගේ නිවසට යම් ආගන්තුකයෙක් පැමිණ තිබුණි ඔහු ඉන්ෂුවරන්ස් කරුවෙකි..කැටයම් සියල්ල අවසානයේ මා සැලකිය යුතු වාරිකයක් සහිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගතිමි.
2.රක්ෂනය රැගෙන එයට අදාල වාරික මුදල් කෙළින්ම මගේ බැංකු පොතෙන් පඩි දිනට පසුදින ලබාගත හැකි වනසේ ස්ථාවර නියෝගයක් හරහා මුදල් යැවූ බැවින් නියමිත දිනට අනිවාර්යයෙන්ම රක්ෂණ වාරිකය රක්ෂණ සමාගම වෙත ගියේය.යම් ප්‍රමාදයක් හෝ වෙත්දැයි බියෙන් මා කෝකටත් කියා අමතර වාරිකයක් වැඩිපුර ගෙවා ඉන්පසු රක්ෂණ සමාගමට බැංකුව මගින් ස්ථාවර නියෝගය යැවීමට කාරුණික විය.තැපැල් ප්‍රමාද බැංකු ප්‍රමාද ආදි කිසිවක් නිසා වාරිකයක් තරමක් ප්‍රමාද උවත් එවිට කිසිදු ගැටලුවකින් තොරව රක්ෂණ වාරික ගෙවීම සිදුවෙනු ඇත.


3.මේ ළඟදී මා රක්ෂනයට බඳවාගත් යහලුවා පැමිණ මට ණය කාඩ්පතක් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පතක් ගන්නට ආරාධනා කලේය.මාගේ රක්ෂණ ඔප්පුව බරසාර එකක් වන බැවින් සාමාන්‍යන් ඇති ක්‍රෙඩිට් ලිමිට් එක නොහොත් උපරිම ණය පරිමාණයට වඩා වැඩි ණය කාඩ්පතක් ලබාගත හැකි බවත් ණය කාඩ්පත් ගැනීම හදිස්සියකදි වැදගත් වන බවත් පවසා ඔහු විසින් මා හොඳින් අන්දන ලදී.පොස් වීමට මග බලා සිටිම මා වැන්නන්ට ක්‍රෙඩිට් කාඩ් යනු තව එක කාඩ් එකක් නොවේ.එය අපි සමාජගත වීමේ තවත් ඉදිරි පිම්මක් ලෙස අපි බහුතරය සිතමු.මුදල් පසුම්බිය අදින විට එහි පාට පාට ණය කාඩ්පත් කීපයක් තිබීම මහත් අභිමානයට කාරණයක් ලෙස සිතන උන්දලාද සිටිති. මාරු කාසි මුදල් පසුම්බියේ තිබුනත් ෆුඩ් සිටියෙන් එලෝලු දෙසිය පනහක් ගත්තත් ණය කාඩ්පතෙන්ම ගෙවන අය මා දැක ඇත.එබැවින් මා කිසිදු අකමැත්තක් නොදක්වා එයට කැමති වීමි.






4.මා සැමදෙයම පවසන මාගේ නෑදෑ කෙනෙකු මෙන් සිටින මට අදාල කන්තෝරුවේ වැඩකරන කෙනෙක් සිටී.ඇය මා සමග කුලුපගුය.මට වඩා ලොකු පඩියක්ද තනතුරක්ද ඇයට හිමි නමුත් ඇය මා හා හොඳින් කතාකරනු ලබයි.මා මේ ණය කාඩ් පත ගැන ඇයට කීවෙමි.ඇයගේ පිලිතුර සංක්ෂිප්ත කර අපි බලමු.
  මෙහෙමයි අපිත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනව.මාසෙම බඩු අරන් මාසෙ අන්තිමට අපි දෙන්නගෙ පඩිය ආහම දෙන්නගෙ ක්‍රෙඩිට් කාඩ් එකට දාගන්නව.ඔකෙ වැඩේ තියෙන්නෙ හදිසියට සල්ලි වලින් ගෙවන්න අපි පුරුදුවෙලා නෑ.හදිස්සියෙ මල ගෙදරක් වෙලා කාර් එකේ දුර යන්න උනොත් අපි දෙන්නම ගාව සල්ලි නෑ ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක තියෙන නිසා බය නැතුව තෙල් ගහන් ගිය හැකි.අනික බබාට,අපිට ඕනි දෙයක් හිතුන වෙලාවක ගන්න පුලුවන් නේ.හැබැයි ඉතින් ඕවයෙ පොලී ගැන නම් දන්නෙ නෑ.මාසෙ අන්තිමට තියෙන මුලු ගානම ගිහින් ගෙවනව..ගොඩක් අය කියනව පොලිය වැඩියි කියල.මාත් ඕක අයින් කරන්න ඉන්නෙ ඒත් ඉතින් දැන් මේකට පුරුදු වෙලා..


5.තව මාගේ ම්ිතුරෙකු සිටී ඔහුගේ භාර්යාව විශාල වැටුපක හිමිකාරියක.ඔහුද තරමක වැටුපක් ගනී.අපි ඔහුගේ පිලිතුරත් බලමු.
ආ ක්‍රෙඩිට් කාඩ්ද..උඹ දන් නෑ අපේ වයිප්ට ගෝල්ඩ් කාඩ් එකක් දීල තියෙන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එකම ලක් ෂ දෙකක්..ඒ උනාට මං ආස නෑ..වයිෆ් නම් කියන්ෙන බඩු ගන්න සල්ලි උස්සන් යනවට වඩා මේක වැදගත් කියල..හැබැයි මාසෙ කියන දවසට ගෙව්වෙ නැත්තං ඉතින් දඩ තමයි..


6.මා සති අන්තයේ නිවෙසට ගිය කල අපේ නැන්දා කෙනෙකු ඇවිත් තිබුණි ඇයටද මා ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන්මට යන බව පැවසුවෙමි.ඒ විස්තරය කෙසේද යත්....මේ ණය කාඩ්පත් ගැනීමේදි මා හට කතාකල යාලුවා අයිති සමාගම විසින් අයෙකුට ණය කාඩ්පතක් පිරිනැමීමේදී ණය කාඩ්පත ඉල්ලුම්කරු විසින් ස්ථාවර දුරකථන අංකයක් සැපයිය යුතුය..මටවත් අපේ ගෙදර අයටවත් මෙගේ සහෝදර සහෝදරියන්ටවත් ස්ථාවර දුරකථන නැත.එබැවින් එය මහා ගැටලුවක් විය.අවසානේ මේ නැන්දාව සිහි විය..ඇයට ස්තාවර දුරකථනයක් ඇත.නමුත් ඇය ගෙදර සිටින වෙලාවක් අල්ලා ගැන්ම අමාරුය.කෙසේ හෝ ඇය නම් අවුලක් නැතුව අහන දේකට එහෙයි කියා උත්තර දිමට හැකි කෙනෙකු බැවින් මා ඇය තෝරා ගතිමි..අපි ඇගේ අදහස බලමු..
ඔය පාල මාමත් (ඇගේ සැමියා) නිකම් දෙනව කියල කාඩ් එකක් එකපාරක් ඇරන් තිබුන.ඉතින් මේ උන්දැ දන්නවයි ඉංගිරිසි.ඔය කොළඹ වැඩකරනකොට මොකෙක් හරි අරන් දීල.දිග ලියුම් මිටි ගනන් ආව ගෙදර.ඒ එක එක කොම්පැනිවලින් බඩු ගන්න ආපුවලු.ඉතින් මේ මිනිහත් ඔය මක්කද අරන්.ඒ පාර එනව අච්චර ගෙවන්න මෙච්චර ගෙවන්න කිය කිය ලියුං.ඉතින් ඔහොම ගෙව්වයි කියමුකෝ.ඔන්න යාලුවෙකුට බඩු වගයක් ගන්න කියල මේ පාල මාම කාඩ් එක වෙන කෙනෙකුට දීල. ඒ මිනිහ බඩු ගොඩක් අරන් කාඩ් එක මේ උණ්නැහෙට දීල මාරු වෙලා.කොටින්ම මිනිහ රත්නපුරේ පැත්තට මාරුවක් හදන් ගිහින්.ඉතින් අර ණය ටික ඔක්කොම මේ ගොං මිනිහට ගෙවන්න උනා..දන්නැත්තං ඔය උඹල ගෙන්වත් අහන්න එපැයි.කොහෙද මොඩකම ලොකුයි නෙව මුදලිකමටත් වැඩිය.මං නං කියන්නෙ ඕව ඕනි නෑ.චතූට නයක් ඕන්නං ටිකක් කලිං කියන්න.මං අර සණසෙ ණය ටික ගෙවල ඉවර උනාම ණය අරන් දෙන්නම්.(එසේ කීවාට ඇයගෙන් ණය ගැන්ම ලෝක බැංකුවෙන් ගැන්ම හා සමය.ඇයගෙන් ණයක් ගෙන මා ලැට්ටප් එකක් ගත්තත් ඇය ලෝකෙ වටේ කිය කිය යන්නේ අර මං කොල්ලට ලැට්ටප් එකකුත් අරන් දුන්නා කියාය.)


7.කලක් හෙවත් මාසයක් හමාරක් ගතවිය.කාඩ් එක නොලැබුනි.සිතූපරිදිම අපේ නැන්දා ගෙදර සිට නැත.එනිසා මාගේ තොරතුරු සම්පූර්ණ නැති බැවින් වැඩේ බකල් විය.එහෙත් මටත් වඩා කාඩ් එක ගැන උනන්දු ඇති මගේ මිතුරු කාඩ් ඒජන්තයා වැඩේ ඇරියේ නැත.මචං අපේ ඔෆිස් එකෙන් කෝල් කරනකොට උඹලගෙ නැන්ද ඉඳල නෑනෙ බන්..නැද්ද නැන්දගෙ මොබයිල් එකක්.ඇයට මොබයිල් එකක් ඇතත් එය ඔන් වෙන්නේ ත් එයට සල් ලි වැටෙන්නේත් දුර ගමනක් යන විටය.ඔය කැටයම් සියල්ල යාලුවා උනත් කාඩ් ඒජන්තයාට කිව හැකිද?එනිසා මා නෑනෙ බන් නැන්දට ඕව තේරෙන් නෑ කියා කීමි.එයින්ද තව මසක් හමාරක් ගිය කල නැවත පෝරං කොල සැට් එක අරන් කාඩ් ඒජන්ත මිතුරා ආවේය..ඇවිත් පෙර පරිධිම අස්සන් ටික විතරක් අරගෙන ගියේය..මොකද්දෝ ලියුමකටත් අස්සන් ගත්තේය..අනේ මගෙ මොකෝ කියා මාද අස්සන් කලෙමි.දැන් අර සිම් කාඩ් ගන්නවා මෙන් කජු කන වැඩකි මේ වැනි දේවලුත්..සියල්ල පොටෝ කොපි ගනී.ඉන්පසු ඒජන්තයා ඒවා තියාෙගන ඔහුට ඉඩ ඇති වෙලාවක පෝරං කොල පුරවයි.අපි අස්සන් කරයි.මෙහි ඇති කැතම පැත්ත නම් අපේ රටේ තියන කුමන හෝ නිතියක ලොකු සිදුරක් නිසා මේ ලේඛණවල සිංහල පරිවර්තනයක් නොමැති වීමයි.මා ජංගම දුරකථන සමාගම් 3කින් සිම්පත් මිලදී ගෙන ඇත.ඔවුන් තුන් දෙනා ළගම මේ ලිපි ලේඛන වල සිංහල පිටපත් නැත.අඩුතරමේ තමුන් අස්සන් කරන්නේ මොන කෙංගෙඩියකටදැයි නොදත් බොහෝ දෙනා මා වැනිව, නිකන් තියෙන අස්සන නේ..ඔන්න ඔහෙ කියා අස්සන් කරති.එහේත අස්සන් කර ගෙදර ගොස් නිවිහැනහිල්ලේ කියවා බැලීමට වත් ඉතා අඩුමිල කඩදාසියක අඩු මිල සිංහල භාෂා  මුදුිතයක්වත් ලබාදෙනවානම් එවන් අායතන ගැන ජනතාව පැහැදෙනවා වැඩිය.එහෙත් ඔය හැම සමාගමක්ම සිය දැන්වීම් නම් අමු සිංහල බාෂාවේන් දැමීමට කාරුණික වෙයි.
දැන් අස්සන් ගෙන ඔහු ගොස් යලි කෝල් දී පෙර මෙන් නැති නව විශ්වාසවන්ත නොම්මරය්ක ඉල්ලයි.මෙවිට මගේ නුවනට පහල උනේ අපේ බාප්පා කෙනෙකි.ඔහු වැඩකරන්නේ කොළඹ රාජ්‍ය සේවයේ ආයතනයක පරිපාලන නිලධාරියෙකු ලෙසයි.මගේ නමටත් වැඩේටත් ගැලපෙන බැවින් ඔහුගේ නම සහ විස්තර දුනිමි..


8.ඉන්පසු වූයේ තරමක් බාරදූර කාර්යයකි.එනම් බාප්පා  දැනුවත් කිරීමයි.මා ගැන විස්තර අසා ණය කාඩ් සමාගමකින් ඔබ අමතාවිය.එවිට මා දන්නවාය කියන්නය යන්න මට ඔහුට දැනුම් දීමට තිබුණි.පරණ ප්‍රින්සිපල් ආකාර කන්ෙතා්රු වචනමාලාවක් සහ කටපාඩම් ආයතන සංග්‍රහයක් සහිත අපේ මාමා රත්නයට මා කෝල් කලෙමි..දැන් බලමු ඔහුගේ අදහස..


දැන් ඔය ලමය මොකටද ඕක ගන්නෙ?මං හිතන්නෙ ඔය ලමයට ඕව වැදගත් නෑ..ඔය වයසට සල්ලි ටිකක් ඉතිරි කරගන්න විදියක් කල්පනා කරල බලන්න.මං මේ අත්දැකීමෙන් කියන්නෙ ඔය ණය කාඩ්කියන්නෙ මහ ප්‍රෝඩාවක්.ඔන්න මටත් තිබුන අර චීන බැංකුවක කාඩ් එකක් ඕකේන වතාවක් මං කොහේ හරි ගියෑම ඩීසල් ගැහුව වාහනේට.මෙන්න ඉන් පස්සෙ බිලක් වගේ එනව මාසෙන් මාසෙට.මං දවසක් බැලුව මේ මොකද මේ පන්සිය ගානක් තුන්සිය ගානක් වගේ අඩු ගානක් එන්නෙ කියල.බැලුවහම මුන් එවන්නෙ පොලිය විතරයි..සදාකාලිකව අර ණය මුදල තියනෙව පොලිය හැමදාම එනව.පස්සෙ මං ඕ සල්ලි ටික ගෙවල දැම්ම.ඉන් පස්සෙ මට පොඩි මුදලක් බැරි වෙලා ඉතිරි වෙලා තිබුණ.රුපිය් දා හතරක් විතර.මාසෙ අන්තිමට මුන් අර රුපියල් දාහතරටත් පොලියක් හදල එවලනේ..ඒ අතර ඉතින් ලෝ කෙ නැති බඩු අර කඩේ මේ කඩේ තියනව.කන බොන තැන් හෝටල් තියනව කියල බඩු ගන්න ඩිස්කවුන්ට් දෙනව කියල ලියුං එනව.මං ඉතින් ඔය පොලී ගෙව ගෙව ඉන්න ඕනි නැති නිසා ගත්තෙ නෑ.ඉන් පස්ෙස මං අර රුපියල් දාහතරට රුපියල් පනහක්මද කොහෙද දැම්ම.ඉන් පස්සෙ මුන් ලියුං එවනව ඔබට තව රුපියල් විසි ගණනක් තියෙනව ඔබ මොකද බඩු ගන්නෙ නැත්තෙ කියල අහල.උන්ට ඕනි අපි ණය කාරයො කරන්න.අපි ණය වෙන තරමට තමා උන් පෝසත් වෙන්නෙ..
මං(බාප්පා) වැඩකරන ඔෆිස් එකේ මයිනර් ස්ටාෆ් කෙනෙක් මං එක්ක තරහත් උනා ඔය කාඩ් කතාවකට.මේ යෝදය කාඩ් එකෙන් බඩු අරන් ගිහින් කාල බීල ජොලි කරල ලක්ෂ එකහමාරක විතර ලොකු ගානක.පස්සෙ මූ ගෙවල නැතුව අර ණය කාඩ් සමාගම උසාවි ගිහිං.උසාවියෙන් ලස්සනට උසාවි නියෝගය ආව පඩියෙන් රුපියල් පන්සී්‍යක් ඇර සියලුම මුදල් වහාම අර සමාගමට මාස්පතා යවන්න කියල.කොටින්ම ඒ මිනිහගේ පඩිය විදියට ඒ සමාගමට දීල තිබුනෙ මුලු ලැබෙන එලවන්ස්ද දීමනාද ඕක්කොම එක්ක..ඒ නිසා ආයෙ ඒ මනුස්සයට ඉතිරි උනේ ඔවර් ටයිම් එක විතරයි.පඩි වැටුනම මේ මිනිහ ආව මොකද්ද ඒ ඕ මහත්තය කරල තියෙන කැත වැෙඩ් කියල.ඉතින් මං ඒ මනුස්සයට පෙන්නල දුන්න උසාවි නියෝගයක් ආවම අපිට කරන්න දෙයක් නෑ කියල.ඒත් ඒ මිනිහ මං එක්ක තරහවෙලා ගියා.ඒ මිනිහ නිකම් දෙන පලියට ණය අරන් කාල ඒව ගෙවාගන්න බැරි උනාම හිගාකන මට්ටමට වැටුන.හැමෝම හිතන්නෙ අර පොඩි පොලියක් මුදලක් ආවම ඒක තමා මුලු මුදල කියල..නෑ ඒක නෙමෙ ලොකු මුදලක් තියෙනව.අනික ඔය තියෙන කොන්දේසි මොනාද කියල හෙවිල්ලක් බැලිල්ලලක් නෑ.ඔහෙ දෙන පලියට ගන්නව.අරන් වැඩ වැරදුනාම නිකම් කොම්පැණි වලටයි අපිටයි බණිනව..
හරි තමුන්ට ඕනිම නම් මං ඕක ඇහුවම තමුන් අඳුනනව කියන්නම්..එත් මට තියෙන අත්දැකීම ඒකයි..
මා විසින් ණය කාඩ්පත ගැනීම පිළිබඳව ඉන්පසු බෝඩිමේ මිතුරන්ගෙන් ඇසීමි.
9.බොට දැන් ඔය කාඩ් එකට අවුරුද්දට නිකම්ම තිබුනත් රුපියල් එක්දාස් පන්සියක් විතර ගෙවන්න වෙයි..නිකමට හිතපන් අපරාදෙනේ..
ඒ උනාට මචං හදිසියකදි ඒ රුපියල් දාහට වඩා ඕක  වටිය්නේ..උඹ ඕනි මංගල්ලයක් නටා ගනින් ..අපි නෑ.


10.අවසාන වශයෙන් මා ඒ ණය කාඩ්පත් ඒජන්ත මිතුරාගෙන් පස්න ඇසීමි..ඒ අනුව ණය කාඩ්පත භාවිත නොකලහොත් අවුරුද්දට ගෙවිය යුතු වන්නේ රුපියල් දාහකි.එසේම නියමිත දිනයට ගෙවනවානම් සහ කල්පනාවෙන් ගෙවනවානම් මෙය හිතන තරම් අවුලක් නැත.මා නම් සිතන්නේ සමහර ඇප්ලිකේෂන් අපි තිබුනාට කවදාවත් භාවිතා කරන්නේ නැත.මා දැන් මේ කන්තෝරුවේ කෙනෙකුගෙන් හදිසියට රුපියල් සීයක් ඉල්ලා ගත්තත්.. මා විසින් එය පසුදින ඇති වැඩ පෙන්නුම් කරන ගූගල් කැලැන්ඩරයට දමා ගනිමි.එවිට පසු දින පාන්දර මේල් එකට ලොග් වන විටම අර රුපියල් සීය මගේ මතකයට එයි.විසාල ණය මුදලක් නම් මා එය පඩි දිනට පසු දින ඇති වැඩකටයුතු සහිත මාගේ දින දර්ශනයට ඇතුල් කරගමි.එවිට පඩි දිනට පසු දිනට මට මතක නැති ණය මුදල මගේ කැලැන්ඩරය විසින් මේලය මත පෙන්නුම් කරනු ලබයි..මාගේ දත්ත සිම්පත ලබාගෙන දැනට වසර දෙක හමාරකි එය කිසිම විටෙක මුදල් නොමැති කම නිසා අත් හිටවීමක් සිදුවී නැත.මන්ද මා විසින් ඒ ගෙවීමට ඇති දිනයේම හො ්ඊට පෙර ඒවා දිනපොතේ ලියාගෙන කලට වේලාවට ගෙවා ඇති බැවිනි.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...