Monday, January 30, 2012

තට්ටු ගෙයි සිරකරුවා (the prisoner of flat)

එතකොට අපේ අප්පච්චි ගොයිය. මං ගොයිතැන්වලට ආස නෑ. ඒ නිසා මාව දැම්ම වෙදකං ඉගෙනගන්න. මං ආස උන් නෑ වෙදකමට. ඒත් අත්ත ගෙන් මං ගුරුකං කේන්දර බලන හැටි හෙම ඉගෙන ගත්ත. මං ගෙදර ඉන්න කොට අපේ පාවර ඇරෙනකොට වී හරියට බෙදුෙව නෑකියල ගමේ මුදලාලිගෙ පුතා ඇවිත් සද්ද දැම්ම. ඌ හිතන් නැතුව ඇති මං ඉන්නව කියල ඇතුලෙ. පස්සෙ මං ආව එලියට. මූ නවත්තන්නෙ නෑ..මූ අපේ අම්ම අප්ප ගැන මහ බලු කතා වගයක් කියන් ආව. තොපේ මහඑකයි තොගෙ  පවුලයි යන්න තැනක් නැතුව බඩවල් හදන් එහෙ මෙහෙ යනකොට අපේ අප්පච්චි ල තමයි ඉන්න හිටින්න තැනක් වැඩකරන්න කුඹුරක් දුන්නෙ. එහෙව් එවුන්ට බොලා කොකා පෙන්නනවා..ඌ එහෙමත් කිව්ව..
දැං අවුරුදු තිහකටත් එහා නිසා මට නිච්චි නෑ..ඒ කියපු ඔක්කොම..ඒත් මට ගහන්න මූ වැටේ තිබුන පොල්ලක් ගලෝගෙන ආව..ඇයිතෝ ගහන්නද කියලමං මන්නෙ අරන් පැන්න එලියට..අරූ ගැහුවෙ නෑ..මං ගැහුව..එතකොට ඔය මුදලාලිට හිටිය දෙවෙනි කොල්ල. මුදලාලිගෙන් පස්සෙ මැරකං කරගෙනගමම හොල්ලං හිටියෙ ඌ.ඌ මගේ කැති පාර ඔලුවට වැදිල මලා.

මුදලාලි නඩු කියල නඩු කියල අවුරුද්දක් විතරමං පොලිසියෙ තියල කොහොම හරි අවුරුදු තිහකට අච්චු කලා. ඒත් විසිපහකින් එලියට එන්න ලැබුන. හොඳට හිටිය නිසා. ඒක හදිස්සියෙ වුන දෙයක් උනාට මුදලාලිගෙ පැත්තෙ පෙරකදෝරු මහත්තුරු දක්ෂයො. උන් මාව කෝමහරි ඇතුලට දාන්න දක්ෂ උනා..
මේ කතා කරන්නේ පියරත්න නැමැති පුද්ගලෙයෙකි. වැවුනු රැවුල, කැලැල් මූන, සිනා වැඩි නැති මූන ඔහු ගේ වයස වැඩිකර පෙන්නයි. පියරත්න උන්නැහේ මගේ ජීවිතේ බේරුවේය. පියරත්න උන්නැහේ මගේ ජීවිතේ බේරුවේද නැත්නම් පියරත්න උන්නැහේ ගේ මීයා මගේ ජීවිතය බේරුවේද යන්න මහත් ගැටලුවකි. දිනක් මා වැලිමඩට යන අතරමගයි. රාත්‍රි බසයක් වූ එහි මා වාඩි වූ අසුනේ වාඩි වූ අනෙකා පියරත්නයි. මා ඔහු කවුද කොහි සිට පැමිනි කෙනෙක් දැයි නෙදැන සිටියෙමි. ඔහු අත මල්ලකි. එය උකුලේය. ඒ මල්ල ඇතුලේ ඇති යමක් දෙස පියරත්න උණ්නැහේ නිතර බලයි. යලිත් වසයි. අනික් බොහෝ රෑ බස් සගයන් මෙන් පියරත්න උණ්නැහේ මගේ ඇඟට පහත්වන්නට ආවේ නැත. බසය තේ බීමට නවත්වන ලදී. එතැනින් ඉක්බිති බසය ගමන් කිරීම ආරම්භ කලේ ස්වල්ප වේලාවකි. කීං කීං සද්දයක් පියරත්න මහතාගේ බෑගයෙන් නික්මෙන්නට විය. ඉන්පසු එවිට අවදියෙන් සිටි මගීන් පියරත්න උන්නැහේ දෙස බලන්නට විය. ඉන්පසු කොන්දොස්තර මහතා ඇවිත්..ලොකු උන්නැහේ සත්තු ගෙනියන්න බෑ බස්වල..යැයි කීය.. ඉන්පසුත් කීං කීං සද්දය ඇසුන බැවින් පියරත්න උන්නැහේ බසයෙන් බැස යෑමට තීරණය කලේය. ඊට පෙර මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවත් පියරත්න උන්නැහේද වැලිමඩට යෑමට සිටින බවත් අපි කතා කරගනෙ යම් විශ්වාසයක් ඇති කරගෙන තිබුනි. ඔහු මට කතාකොට අඩ නින්දේ සිටි මා අවධි කර මෙතන ඉන්න එපා වෙන සීට් එකකට යන්න යැයි කීය. එවිට බස් රියේ වෙනත් සීට් කිහිපයක්ම හිස් තිබූ බැවිනුත් නින්ද හොඳින් කරගෙන යෑමට වෙනත් සීට් එකක් වුව බාදාවක් නැති හෙයින් මා පියරත්න උන්නැහේ ගේ කීමට ඇහුම්කන් දී වෙනත් අසුනකට ගියෙමි. ඉන්පසු පියරත්න උන්නැහේ බැස ගියේය..

ස්වල්ප වෙලාවක් ගතවිය. බස්රිය මහා හඬින් ගසක වැදුනි. ඒ සමග විසිවුන මාද පෙරලී ගොස් වැටුනි. නමුත් තුවාල කිසිවක් නොවීය. කුමක් වීදැයි තරමක් සොයා බලන විට මාත් පියරත්න මහතාත් සිටි තැන පාර අයිනේ ගසක වැදී ඇත. එතැන කිසිවෙක් සිටියානම් චප්ප චොප්පං වී ජූස් ඇති වෙන තරමට එතැන තැලී තිබුනි. බස් රියේ ඒ පස සිටි බොහෝ දෙනෙකුට තුවාල අධිකය. අනෙක් පස ගිය මටත් තුවාල කීපයක් විය. එනමුත් කිසිවෙක් මේ අනතුරින් මරණයට පත් වූයේ නැත. බසය සෙමෙන් කන්දක් නගින අතර රියදුරු මහතාට නින්ද යෑම නිසා බසය මාර්ගයෙන් ඉවතට පැන ඇත. ඇල වෙමින් ඉදිරියට යමින් තිබූ බසය පහල ප්‍රපාතයට පෙර තිබූ පොල් ගසක ප්‍රමානයේ ගසක වැදී නැවතී ඇත. එම ගසද නැවී තිබෙනු මා පසුව දිටිමි. නින්දෙන් සිටි ඉරියව්වෙන්ම බසය ඇල වෙන විට වෙනත් තැනක සිටි මා පෙරලීම නිසා මගේ අස්ථි කීපයකට පීඩනයක් එල්ල වීම නිසා හටගත් තැලීම් හේතුවෙන් දින කීපයක් යනතෙක් ඇවිද්දේ සහ වෙනත් ක්‍රියාකාරකම් කලේ අපාසුවෙනි. මා කලින් පියරත්න උන්නැහේ සිටි අසුනේ සිටියේ නම් මා අද ජීවතුන් අතර නොමැති වන්නට ඉඩ තිබුනි. කෙසේ හෝ අවසානයේ පියරත්න උන්නැහේ කොහිදැයි හොයන්නට මට සිත්විය. නමුත් අවාසනාවන්ත ලෙස පියරත්න උන්නැහේ ගැන තොරතුරු සෙවිය හැකි මාර්ගයක් නොවීය. ඉන්පසු මා කලක් ගොස් කොළඹ බස් නැවතුමේ ගෑනු ලමයකු එනතුරු මග බලාගෙන රස්තියාදු වෙන අතර පියරත්න උන්නැහේ හදිසියේ දිටිමි. හනික දුවගොස් මා ඔහුට විස්තරය කීමි..
ඒ අවස්ථාවේ වෙනත් හදිසි ගමනක් යන බවත් අවැසිනම් කතා කරන්නැයිද කියා මට නොම්මරයක් දී ඔහු ගියේය. පසුකලෙක මා දුර ඇමතුමක් දුන් අතර එහිදී ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙසෙන බව ආරන්චි විය. ඇඹිලිපිටිය නගරයේ තට්ටු ගොඩනැගිල්ලක කාමරයක ඔහු විය. කාමරය මනාව අස් පරස් කර පිලිවෙලකට තිබුනි. කිනම් ආකාරයෙ පුද්ගලයෙකුදැයි නොදන්නා නිසා මා වෙනත් යාලුවෙක් සමග ගියෙමි. ඔහු පසුව යමු යමු යැයි පෙරැත්ත කරන විටඒ ගෝතයා නැතුව තනියම මේ මගේ ජීවිතය බේරු සොඳුරු මිනිසා හමුවන්නට ආවේ නම් මනා යැයි හැඟිනි..
ආගිය තොරතුරු කතාකර මා එදා සිද්දියට ගියෙමි..ඉතින් අංකල් එදා මොකද උනේ...?/හදිස්සියෙ බැහල ගියා..මීයෙක් කෑ ගැහුව..
ම්ම් ඒව පරණ කතානෙ ලමයො..ඉතින් දැන් කෝමද කැම්පස් ගිහින් ඉවරද...??ඔහු කිසියම් කරුණක් නිසා පසුබසින බව මට තේරුනි. මේ ලෝකෙ සිහියක් නැතුව පෝන් එකේ වෙලාව බලමින් සිටි මගේ මිතුරා නිසා මට ඔහුට පෙරැත්ත කොට යමක් ඇසි ය නොහැකි විය. නමුත් පසු දිනෙක මට පිලිතුරු ලැබුනි..

මෙහෙමයි එදා කෑගැහුවෙ මං සුරතලයට ඇති කරන මගේ සූකිරි..සූකිරී...සූකිරී..ඔහු කතාකරන්නට විය.. ඉන්පසු කෝ මේක? කියා සොයන්නට විය. මඳ වේලාවකින් අතේ අල්ල මත මීයෙකු තියාගෙන ඔහු ආවේය. මූට ලඟදි ලොකු ඇබැද්දියක් උනානෙ..මේ පූස් තඩියෙක් ඇවිත් මූ නෑවනේ බාල්දියක බැහැල..හෙහේ හෙහ්..
දැන් ඔය ලමයට මේක නිකම් පුදුම ඇති නේ..මං සත්තුන්ට හරි ආදරෙයි. මහ උලු ගෙදර ඉන්නකොට මූ මගේ යාලුවෙක්. මුගේ අනික් කස්ටියත් මගේ යාලුවො. ඒත් සූකිරිගෙ සීය තමයි මට ඇල්ලුව මීය. හිරගෙදර බල්ලො පූසො එහෙම නෑනෙ. ටික කලක් මං මූට කෑම දැම්ම..ඉන්පස්සෙ වතුර එහෙමත් දැම්ම. පස්සෙ හිරගෙදර කුටිය අස්සෙ දි මූ තමා මට හිටිය එකම සතා..හිරේ ඉන්නෙ වැරදි කරපු අය කියල ආයෙ ඔය ලමයට කියන්න ඕනි නෑනෙ..ඒත් මං වැරැද්දක් ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. උන් එක්ක එක්කාසු වෙලා කියන්න මහ ලොක කතා මට තිබුනෙ නෑ. කොටින්ම එකෙක් හිටිය..ඌ බාගෙට පිරිමියෙක්..ඌ ඉතින් ඌ ආතල් දීපු හැටි ඒව මේව කියනව..ඒත් මට එහෙමවත් කියන්න එකක් තිබුනෙ නෑ..කතන්දර අරෝ මේව තිබුනෙත් නෑ. මොකා ජනාධිපති උනාද මොකාමලාද කියල මට වගක් තිබුනෙත් නෑ. මුල් කාලෙදි අපේ අම්ම තාත්ත බලන්න ආව මාව. නමුත් නංගිල කසාද බන්දනකොට හිරගෙදර අය්ය කෙනෙක් ඉන්නව කියන එක එයාලට ලැජ්ජාවක් ඒ නිසා එයාල කසාද බඳින ඒවට කරදර වෙයි කියල මාව හැංගුව. කොහොමත් මං ගෙදර හිටපු කාලෙත් හොඳ කීකරු එකෙක් නෙමෙයි..දඩබ්බර කමක් නොතිබුනාට කිසි උදව්වක් කලේ නෑ අප්පච්චිටවත්. ඒ මනුස්සය උදැල්ල අරන් කුඹුරට ගිහින් වතුර හරවල ඇවිත් උදේට කන්න ලෑස්තිවෙනකොටත් අම්ම මාව කූද්දනව...
අතරමැද මා ඇසු ප්‍රශ්ණ සියල්ල මෙහි ඇතුලත් කිරීම නොකරන අතර ඔහුගේ කතාව පමණක් එනම් පිළිතුරු පත්‍රය පමණක් මෙහි පලකරමි. ඒ දකින කෙනකුට සියල්ල තේරුම් ගත හැකි වෙනු ඇතැයි සිතමි..
ඉතින් ඔය මීයො තුන් හතර දෙනෙක් මාත් එක්කම හැදිල මගේ ගුබ්බෙම ඉඳල..මං එලියෙ තියෙන වැඩට ගිහිං එනකල් බලං ඉන්නවා. ඉතින් මං මොකක් හරි කරෝල කෑල්ලක් හරි පොල් කෑල්ලක් හරි හොයාගන්න පුලුවං උනෝත මුංට ගෙනත් දෙනව..දවල් කෑමට කරෝල කෑමට දෙන දවසකනම් කරෝල ගත හැකි. උයන ගේ ඉන්න එකෙක් සේප් කරගෙන යන්තම් පොල් කෑල්ලක් ගත හැකි. ඔහොම ඉතින් අවුරුදු ගානක් ගෙවුන මුගේ මුත්තත් මගේ යාලුවෙක්..මුගේ තාත්තත් යාලුයි..දැන් මූ..මුන් ජීවත් වෙන්නෙ අවුරුදු තුන හතරක් තමයි..මං මුන් හැම තිස්සෙම ලග තියාගන්නෙ නෑ. ඒත් පොඩි කාලෙ ඉඳල පුරුදු කලාම ආය යැව්වත් ගිහිං උන්ගෙ පවුල් සංස්තා වැඩ කරල ආයෙ එනව..හිරේදිනම් මුංෙග පවුලෙ අය ඉන්න යාලුවො ඔක්කොම දන්නවා..ඒත් මෙහෙදි එහෙම නෑ..
.එතකොට අංකල් ඇක්සිඩන්ට් එක??

එදා ඇක්සිඩන්ට් එක දවසෙ ඩ්‍රයිවර් ටිකක් වෙහෙස ගතියකින් උන්නෙ..මේ සූකිරිත් හිටියෙ මගේ බැග් එකේ..මෙයා එක්කරන් ගියේ මං ගියේ වෙන නවාතැනක් හොයාගන්න වැඩකට නිසා..මුංටත් නවාතැන හොඳයිද බලන්නත් එපැයි.. ඉතින් මං කී වතාවක් දැක්ක ඩයිවර උන්නැහේ මූනට වතුර ගාගන්නව හෙම..අනික තේ බොන්න නැවැත්තුව කඩෙන් මිනිහ පොඩි සැර ටිකක් මොනාහරි ගත්ත. ආයෙ සීට් එකේ වාඩි වෙනකොට පොඩි වෙනසක් තිබුන. සීට් එකේ වාඩි වෙලා දෙපාරක් කෙල ගැහුව බස් එක ස්ටාට් කරන්න කලින්. මං මං දැනං උන්නු සාස්තරේ පාවිච්චි කලා පොඩ්ඩක්. මිනිහ බොන කෙනෙක් තමයි. මං දන්නෙ ජෝතිෂෙ විතරක් නෙමෙයි අංග ලක්සණ සාස්තරේත් දන්නවා. ඔය ලමය කලින් දවසෙ එක්කරන් ආවෙ මහ කලබල කාරයෙක්. එයාට කෙල්ලො දෙතුන් දෙනෙක් ඇති..හෙහේ හෙහේ හෙහේ..
ඔය ලමයත් කැම්පස් කියල මං කියන්න කලිං දැනං හිටිය. ඉතින් ඔහොම යනකොට තමයි මෙ සූකිරි කෑ ගහන්න ගත්තෙ. එතකොට මං දැනගත්ත මොකක්හරි වෙනසක් කියල..ඒ නිසා කොන්දොස්තර එක්ක ලොකුවලි දාගන්නෙ නැතුව මාරු උණා. කෝමහරි ඔය ලමයටත් කුමක් නමුත් අපල වගෙ දෙයක් මට පෙනුන. ඒනිසා මං කිව්ව සීට් එක මාරු කරන්න කියන්න ඕනි කියල හිතුන...
එතකොට පියරත්න අංකල් ජෝතිෂෙන් විතරක් නෙවෙයිද සාස්තර කියන්නෙ...
මං සාස්තර කියන්නෙ නෑ..කියන්නෙ අනාවැකි.ශරීර අංග පිළිබඳ විද්‍යාව, අත බලා සාස්තර කීම, ජෝතිශ සාස්ත්‍රය සහ තියුනු ඇස්දෙක තියෙනවනම් කෙනෙක් ගැන ගොඩක් දේ කියත හැකි. ඔය ලමය ශිෂ්‍යයෙක් කියන්න මට ඔය ලමයගෙ කේන්දර ඕනි නෑ..ඔය ලමයගේ අතේ මැනික් කටුව හරියෙ ගෙවිල තියෙන්නෙ ඔතන ගෙවෙන්නෙ සාමාන්‍යන් කොම්පියුටර් ගහන අයගෙ..ඔතනට උඩ හරිය පොඩ්ඩක් කලු වෙන්නෙ ලියන කියන අයගෙ...කැත්ත පාවිච්චි කරන අයගෙ අතේ කරගැට එන තැන්වල නෙමෙ උදැල්ල පාවිච්චි කරන අයගෙ ඉන්නෙ..කරගැට තිබුනත් අත් සුමුදු කිසි රලුවට දැනෙන්නෙ නැති ගතියක් තියෙන්නෙ ආන්ඩුවෙ වැඩවල යෙදෙන දුම්රිය මාර්ග සංවර්ධන වගේ සේවා වල මිනිස්සුන්ගෙ...ඔය කියන දැක්කම පේන දේවලුත් තව පොත්වල කියා තියෙන දේවලුයි ගත්තම යම් තාක් ප්‍රමාණයක දෙයක් අපිට කියන්න පුලුවනි...

ඉතින් අංකල් ඇයි සාස්තර පොට් එකක් දාන්නෙ නැත්තෙ...

මං මේ දවස්වල කුලියට කේන්දර බලනවා. මට ඔය කේන්දර එහම වැඩිය පුලුවං කම තිබුනෙ නෑ...පස්සෙ හිරේ හිටිය තුන් හතර දෙනෙක්ගෙන් අහගෙන වැඩේ ගොඩ ගියා..දැනටත් මං කෙලින්ම කේන්දර බලන්නෙ නෑ..ඔය බලන කෙනෙක් ලග වැඩ වැඩි උනාම මේ වගේ ඉල්ලගෙන ගෙනත් තියන් බලනවා..පොත් පත් කීපයක් සහිත ඔහුගේ මේසය මට පෙන්වන්නට විය. මට නම් මීයා ගෙන ආවේ අප්පිරියාවකි. නමුත් මේ ජීවිතය අයිති ඔහුටය. මට අප්පිරිය වූවාය කියා ඔහුට එය අදාල නැත...

Sunday, January 29, 2012

මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි.

මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි. 
මාතා හි යශෝධා
ලස්සන කෙල්ලෙක් සිටීම.
ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්‍රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාතා හි එසේ නැත. ඒ ගෑල්ලමයා කසාදා බැඳපු කෙනෙකි. ඇය සාමාන්‍යන් ලක්ෂණම යුවතියක් නොවේ. එහෙත් ඇය හසුකරගත් කැමරාව ඇගේ සැමියාටත් වඩා ඇගේ රසය වින්දනය කරන ආකාරයට රූප රාමු පෙලගස්වා ඇත. කැමරාවක් ඉදිරියේ දඟර නැටුම් දැමුවාට යමෙක් නිලියෙක් විය නොහැක. ඒ සඳහා මනා මෙහෙයවීමක් ඇවැසිය. කෙසේ හෝ ඇගේ රංගනය නම් වැඩිදියුනු විය යුතු තැන් කීපයක්ම මා දිටිමි. නමුත් ලාංකිකයින් ආසාකරන මට්ටමේ කාන්තා රුවක් යුද්ධය අස්සේ විඳින්නට සැලැස්වීම ගැන බුද්ධි මහතාට ස්තූතිවන්ත විය යුතුය. මේ චිත්‍රපටියේ ඇය අඩ නිරුවත්ව වත් එක් දර්ශනයක් වත් නොමැති අතර ඒ වෙනුවට ආසියානු කාන්තාවකගේ අපි දකින ලස්සන ඉස්මතු කර පෙන්නීමට ඒ සිනමාකරුවන් සමර්ථ වී ඇත.
හරි සෝක් සද්ද තිබීම...
එදා ජුරාසික් පාක් බලන්නට සිනමා ශාලාවට ගිය මම සිනමාවට අදාල සද්ද කිනම් ආකාරයට විය යුතුදැයි යාන්තමින් දැන ගතිමි. ජුරාසික් පාක්හි එක් නිය පහරක් වදින අවස්ථාවක් වුවත් ශබ්ධය ඔස්සේ උලුප්පා දක්වයි. වෙඩි හඬෙහි තාත්වික බව මා විඳ නැති මුත් නියමාකාර යුධ බිමක සද්දය කෙසේ විය හැකිදැයි මූලික අදහසක් එල් ටී ටී කරුවන් කොළඹට බෝම්බ හෙලීමේ සිද්ධියේදී දැක ගත්තෙමි. සිනමාත්මක ශබ්ධ පරිපාලනය මේ සිනමාපටයේ උපරිම ලෙස ඇත. එය බොහෝ විට වත්මන් දකුනු ඉන්දීය චිත්‍රපට වල සටන් ජවනිකා ද පසුකර හොලිවුඩ් මට්ටමට ගොස් ඇත. 
ඇත්ත යුද්ධය පෙන්නීම..
මේ රටේ යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගතව ඇතත් යුදබිම නිවැරදිව නිරූපනය කිරීමට යුද්ධය පැවති වසර තිහටවත් ඉන් ඉක්බිති වසර දෙක හමාරටවත් කල නොහැකි අසාර්ථක කර්තව්‍යක් විය. නමුත්මේ යුද්ධය කෙසේ වීදැයි නිවැරදි රූපයක් අපේ මනස තුල ඇතිකරන්නට මාතා සමත් වෙයි. සාමාන්‍ය ජනතාව තුවාල නොවන. අලුත් සෙබලුන් නොමැරෙන, එල් ටීටි එක විතරක් මැරෙන සූකිරි යුද්ධයක් වෙනුවටමේ අධ්‍යක්ෂ මහතා විසින් සැබෑ යුද්ධයේ තිබූ දර්ශන අපට ගෙනහැර පායි. 
නලු නිලියන් තේරීම.
මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නලුවෙකි. පසුගිය කාලයේ රූපවාහිනියේ මහේන්ද්‍ර හාපික් ඇඩ් එකක ටොයිලට් එකක් හෝදනු දිටිමි. මේ සිනමාපටයේ මහේනද්‍ර නිරූපනය කරන සෙබලාද ඒ ඇඩ් එකට ගැලපෙන අයුරින් චූ පාරක් දාන දර්ශනයක් ඇත. ගයාන් පෙරේරා,ධර්මප්‍රිය ඩයස් ආදින්ද ලෙසටම මෙහි රංගනය කරගෙනයයි. මේ චිත්‍රපටය පුරාවට අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මනාව ඉස්මතු වෙයි. නලුවන් අතර අපි කලින් දැක ඇති චරිත කෙතෙක් වුවත් ඒ අතර විශාල ලෙස අපව අපහසුතාවයට පත් නොකර යුද්ධ භූමිය නිරූපනය කරයි. සමස්ථයක් ලෙස එහි රඟ පෑ සාමාන්‍ය ජනතාව පවා නිවැරදිව පෙලගස්වා තාත්විකව නිරූපනය කොට ඇත. එහෙත් මේ සිනමාපටයේ ඇඳුම් වල ඇති අලුත් බව නම් පෙනෙන අඩුපාඩුවකි. එල් ටීටිය පැත්තේ අයට අවසන් දිනවල එවන් අලුත් ඇඳුම් තිබුනාය කියා පිලිගන්නට මට නම් බැරිය. 
ඇනිමේෂන් කලාව..
මෙහි ඇති පස්ට දර්ශනයක් නම් දේශීය ආදායම් ගොඩනැගිල්ලට ගුවන් යානය වැදීමේ දර්ශනයයි. ඒ ගුවන් දර්ශනයත් බොහෝ ඇනිමේෂන් දර්ශනත් නියම හොලිවුඩ් හෙවත් අමෙරිකානු චිත්‍රපට ප්‍රතිභාවෙන්ම නිර්මාණය කොට ඇත. අමෙරිකානු යුද ච්ත්‍රපටියකත් මේ චිත්‍රපටියෙත් සමහර තැන් වෙනස් වන්නේ භාෂාවෙන් ඇඳුෙමන් දර්ශන තලයෙන් පමණි. සිනමාත්මක බවින් මේ චිත්‍රපටිය අමෙරිකානු චිත්‍රපටි ප්‍රතිභාවම දක්වයි.ඇනිමේෂන් අස්සේ මේක ඇනිමේෂන්ය මේක ඇත්ත එකය කියා රේඛා වෙන්කර ගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ මට්ටමේ සංස්කරණයක් ද මේ සිනමාපටය සතුව ඇත.
අවසාන වශයෙන් මෙය හොලිවුඩ්හි සිංහල චිත්‍රපටියකි. මහින්දට කඩේ යන එකක්යැයි මෙය නොබලා සිටීම ඔබේ ඇස් දෙකට ඔබ කරන පාඩුවකි. සමාජගත දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඇත්කර කලා කෘතියක් දෙස පියවි ඇසින් බැලීමේ හැකියාව බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයින්ට නැත. ලාංකිකයෝ ඉරිදා පත්තරයක් ගෙන දේශපාලනයද, එහි ඕපාදූපද, නලු නිලියන් ගැනද, ක්‍රිකට් ගැනද, වෙළඳ පොල ගැනද එකවර දැන ගනිති. ඒ අනුව සිතන ඔවුන් සිතන්නේද කලා කෘතියක් තුල අපි හිතන හැමදේම නිරූපනය විය යුතුය කියලාය. ඔවුන් යුද්ධය නිරූපිත දෙයක් නම් මුලින්ම චිත්‍රපට කතාවේ බලන්නේ මූ මහින්ද පැත්තේද කොටි පැත්තේද පොනී පැත්තේද කියාය. අපි සිනමාශාලාවකට එන්නේ විසල් තිරයක අද්වීතිය ශබ්ධ සහිතව සාවධානව නිර්මාණය රසවිදීමටයි. බත් කන විට තේ වතුර බොනවිට. වෙන වැඩක් නැතිවිට බලන්නට තිබෙන ටෙලිනාට්‍යවලට එහා ගිය දැවැන්ත සිනමාත්මක සිනමාපට සමස්ථ සිංහල සිනමාව තුලම ඇත්තේ අතලොස්සකි. එයින් මේ මාතා චිත්‍රපටය චිත්‍රපටි කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කර ඇත. බුද්ධි මහතා ආන්ඩුවට මහින්දට කඩේ ගියාදැයි මා නොදනිමි. ඔහු කඩේ ගියායැයි මට ආරන්චි වුවොත් මා ඒ ගැන සතුටුවෙමි. මන්ද මහින්ද වටේ සිටින කලා කරුවන් අපි යැයි කියාගන්නා කෝච්චියක් පිරෙන්නට වන දේශමාමක කටුලෙවකන පරපුරට නිවැරදිව කඩේ යන්නේ මෙසේ යැයි පෙන්වීමට විශ්වනාත් බුද්ධි කීර්තිසේන මහතා සමත් වී ඇති බැවිනි.

Saturday, January 28, 2012

බක්මිටියාවට ගිය අතරමග ඇස් (by the way Bakmitiyawa)


කැළණි ගඟ
මගේ කලින් පෝස්ට් එකක් තියෙනව බක්මිටියාව ගැන. ඒ ගිය ගමනෙ සේයාරූ කතාබහක් දාන්න තමයි මේ සැට් උනේ.. මේ තියෙන්නෙ කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයේ රූ දසුනක් හංවැල්ල පැත්තෙන් කැළණි ගඟ බොහොම දරුණු විදියට ඛාදනය වෙලා. වැලිගොඩදැමීම නිසා. මේ වැලිගොඩදැමීමේ බලපත් කොළඹින් නිකුත් කෙරෙන්නේ නෑ. ඒවා නිකුත් වෙන්නෙ ගම්පහ දිශාවෙන්. ගම්පහ පැත්තෙන් තමයි වැලිගොඩදැමීම වෙන්නෙ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක මායිම වෙන්නෙ මේ කැළණි ගඟ තමයි..
කැළණි ගඟ













බක්මිටියාවේ සීයා.
.මේ ඉන්නෙ බකිමිටියාව විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පුංචි තේ කඩේට එකතුවෙච්ච අමුත්තෙක්. එතුමාගේ නම දන්නෙ නෑ. වලසෙක් සහ වැලහින්නක් සමඟ එකවර පොරබැද මේ තුමා ජයගෙන තිබෙනවා. එතෙන්දි වැලහින්නට එල්ල කරපු ප්‍රහාරයක් නිසා වැලහින්න ගිහින් ගහක දරුනු විදියට වැදුන කියල තමයි සීය කියන්නෙ. ඒ බොහොම ඉස්සර මේ පලාතෙ වලස්සු ඉන්න කාලෙදි තමයි. ඩී ඇස් මහත්තය මේ පැත්තෙ කස්ටිය පදිංචි කරනකොට මේ උන්නැහෙ මෙහෙ හෙන කොලුගැටයලු. ඉතින් මේ කොලුගැටයටත් ඉඩමක් ගෙයක් දොරක් කාරිය හම්බෙලා තියෙනව ඩී ඇස් මහත්තැන්ගෙන්. ඩී ඇස් සේනානායක කියන්නෙ ලංකාවේ මේ බස්නාහිර පැත්තට වඩා නැගෙනහිර පැත්තට ලොකූ සේවයක් කරපු උන්නාන්සෙ කෙනෙක්. මේ සීයයි ඒ කඩේ හිටපු අයයි කියන විදියට මේ සීයගෙ සරීරෙ වලස්සු එක්ක පොරබදපු, ඒ පොරේදි වෙච්ච ලකුනු වලට අමතරව තවත් සලකුනු දෙකක් තියෙනවා. එකක් ආමි එකෙන් වෙඩි කාපු එකක් අනික කොටන තුවක්කුවකින් කාපු වෙඩිල්ලක්. එල් ටී ටී එක නැගෙනහිර ඉන්න කාෙලත් එහෙන් ඈතට එලවපු කාලෙත් මේ උන්නැහැ ඔය කොහේ හරි අකුලක ගාටන්න ගිහිං වෙඩි පාරක් කන්ට ඇති. වල් ඌරො අලි මීමින්නො හෙමත් ඉහේ කෙස් ගානට දැකපු කෙනෙක්. මේ මනුස්සය බොහො ම ලොකු කෙරුම් ටිකක් කිව්ව. අපි ඉස්සර වලස්සු කොටි කියල ඇරියෙ නෑ. පොරබැදුව.. දැං ඉන්න බොලාට ඉතින් ඔය බටේ දික්කොරල සුටුස් ගාන්න විතරයි ඇහැක්කෙ..ඒ කිව්වෙ අහල හිටපු ග්‍රාමාරක්සක භටයින්ට ඇහෙන්න..උන් සෙට් එකත් හිනාවෙලා හිටිය.. සරීරයේ තැන් කීපෙකම තියෙන කැලැල් ඒ සීයගෙ ඉතිහාසය කියාපානව වගෙ කියල මට හිතුන..

මහත්තුරු බැහැල දුන්න තල්ලුව
මේ ගමන යන්න ඒ කිව්වෙ අම්පාර සිට අපි ගිය බක්මිටියාව ගමට යන්න ලොකු දිග උස වැව් බැම්මක් තරණය කරන්න වෙනවා. ඒ වැව් බැම්ම උඩ අපි එනකොට වැව් බැම්මෙ තිබුන ස්පිල් එක නැත්තං පිටවාන ගාවින් පෝර පස් ටිකක් අරන් ඒ කඳු කෑල්ල නැගගන්න බැරුව අපාසුවෙන් කෑගහන එන්ජිමක් එක්ක ටැක්ටර් එකක් හමු උනා. ඉතිං ඩයිවර් මහත්තයත් බැහැල එක අතකින් ටැට්ටරේ පොල්ල අල්ලන් අනික් අතින් තල්ලුව. අපි ඉතින් ඕක බලං ෆිල්ම් එකක් බලන්න වගේ හිටියෙ නෑ. සැට් එකම බැස්ස වැඩේට. බැහැල වලක වැටිල තිබුන අනෙක් පැත්තෙ රෝදෙත් උස්සල දුන්න තල්ලුවට ට්‍රැක්ටර් එක ගොඩ ආව. අපේ තල්ලුවට සිනා පාරකින් සංග්‍රහයක් දාල ට්‍රැක්ටර් ඩයිවර් මහත්තය යන්න ගියා.අපිත් හනි හනික රෑ බෝවෙන්ට කලින් එන් ඕනි නිසා ආව..

බක්මිටියාවට යන පාලම
අපේ රථ වාහනය
අපි ඒ ගමට යන්න ගියාට ඒ ගමට යන ප්‍රදානම පාරවල් දෙකේම පාලම් නෑ. මේ ආකාරායට එක් පාලමක් තිබුන. මම හිතන්නෙ මේ විදියට තියෙන්නෙ හදිස්සියෙ වැස්සොත් එහෙම මේ පාලම උඩින් කස්ටියට යන්න වෙන්න ඇති. අපි ගියේ මේ පාලම උඩින් නෙමෙ. යට තියෙන දිය පාර මතින් තමා වාහනේ ගියේ..
අම්බලන් වැවේ වැව් බැම්ම
අම්බලන් වැව
මේ තියෙන්නෙ අම්බලන් වැව කියන එක තමා. ඉස්සරහින් බස් එකක් යනව පේනව ඇති. පාර කෙතෙක් ලස්සනද කියලත් ඔබට මේ කලින් පිංතූරෙන් බලාගන්න පුලුවනි.






මං තුමා තෑගි දෙයි
                  මේ තියෙන්නෙ මං තෑගි දෙන අවස්ථාව. මෙතනදි මට තෑගි දෙන්න තිබුනෙ අට වසර ලමයිට. අට වසරෙ ලමයිඇවිත් මට වඳින්න හදනකොට මම ඔවුන් නැගිට්ටවන්න හැදුව. හරිගියේ නෑ. උන් එන්නෙ දුර තියා වැඳල තෑග්ග අරන් දුවන්න...ඉතින් මාත් ඔන් ඔහෙ වැඳපුදෙන් කියල හිටිය. අපරාදෙ කියන්නබෑ සෝක් සෙට් එකක් තමා හිටියෙ..
සුනාමි මැෂිම ගොයං කපන හැටි
 මෙ තියෙන්නෙ සුනාමි මැසිම. මේකෙන් ගොයං කපනව නොදැක්ක එකෙක් ඇහුව මේ කොක්කු ටික වෙලාවක මේ මැසිමට අහු වෙලා මැරිල යයිද කියල. නෑ ඒ යෝදයට වඩා මේ කොක්කුන්ට මොලේ තියෙනව මැසිම එනකොට ඈත් වෙලා ඉන්න.
අම්බලන් ඔය හන්දියෙ තේ කඩේ
මේ තියෙන්නෙ රොටි කඩය තියෙන්නෙ අම්බලන් ඔය හන්දියට පොඩියක් මෙහා. මේ තේවතුර කඩේ තිබුන සියලුම රොටි ටිකටයි , ඉඳිආප්ප ටිකටයි වග කියන්න මේ සැට් එක සමත් උනා. එදා දවසෙ අපිට පස්සෙ ගමේ කෙනෙක් රොටියක් කන්න ගොඩ වැදුන නම් ඉතින් සොරි ඩොට් කොං තමා. උදේ පාන්දර අපි ඉස්කෝලෙට යන් කලිං තමා මෙතනින් කෑවෙ. එතකොට හොඳට බඩගිනි වෙලාව. ඒ කඩේ මුදලාලි මහත්තයයි හිටපු අක්කයි අපිට රස සම්බෝල රොට් සහ ඉඳිආප්ප හදල තිබුන. අට දෙනෙක් බඩ පැලෙන්න කාලත් රුපියල් හාරසිය ගණනයි ගියෙ ප්ලේන්ටි වලටත් එක්ක.. ඉතින් ඒ මිනිස්සුන්ගෙ දවසෙ ආදායම ඒ වගේ දෙගුනයක් විතර ඇති. මොකද ඔය පේන සෝකේස් එක අපි කඩෙන් එලියට එනෙකොට තනිකර හිස් එකක් වෙලා තිබුන නිසා..
දීඝවාපී චෛත්‍යයය
මේ තියෙන්නෙ දීඝවාපී මහා සෑය. මුස්ලිම් ගම්මානයක් මැදින් ගිහිං මේකත් වැඳගෙනම තමා අපි ආයෙම කොළඹ එන්න ආවෙ. 
මේකෙදි අපි කලේ පොත් පත් ඇඳුම් පැලඳුම් සපත්තු සහ පන්ති කාමර වලට අවැසි දෑ වගේ විශාල පාසැල් උපකරණ තොගයක් බක්මිටියාව විදුහලට ලබා දීම. අර මම ටිකක් පොර වෙන්න ඕනි නිසා එක ළමයෙක්ගෙ පිංතූරයක් වැටෙන විදියට දැම්ම. ඒත් ඒ ළමයිගෙ අනික් පින්තූර දැම්මෙ නෑ. එතන පොඩි උත්සවයක් තිබුන. ඉන් පස්සෙ තමා අපි තෑගි බෙදා දුන්නෙ. ඒත් ඉතින් අපි වගේම මල්ලිල නංගිල දූල පුතාල ටිකක් නේ.. ඒත් ඒ අය කාගෙන්වත් අනේ පව්. හරිම දුකයි කියල අහනවට මං ආස නෑ. ඒ නිසා ඒ පාසැලේ ලමුන් ඉන්නෙ එක පින්තූරෙක විතරයි.

Friday, January 27, 2012

මා කොම්පැනියේ ප්‍රධාන විධාකයා වුනොත්.

.අපි පුංචි කාලේ එවැනි රචනා ලියයි. මටත් එවැනි රචනයක් ලියන්නට සිතුනි.
ක්ලීනින් සර්විස් එක අප්ග්‍රේඩ් කිරීම.
 අපේ කොම්පැනියේ මට අල්ලන්නේම නැති සෙක්ෂන් එකකි ක්ලීනින් සර්විස් එක. එය වහාම ක්‍රියාත්මක වන පරිදි නවීකරනය කල යුතුය. ලස්සන ගෑනු ලමයි පිරිසක් පාට් ටයිම් වැඩ පිණිස අරගෙන ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ගෙවිය යුතුය. දැනට සිටින ගෑනු අයට ගෙවන්නේ රුපියල් හයසීයකි දවසට. එය දෙගුනයකින් වැඩිකර පැය හතරක පමණ සේවාමුරයක් තබා ස්ටෑන්ඩ්බයි හදිසි පිරිසිදු කිරීම් සඳහා ආයුධ සන්නද්ධ පස් හය දෙනෙකු පත් කරමි. සියලුම ක්ලීනින් සේවකයින් සඳහා අයි පෝන් ලබාදෙන අතර ඒ හරහා ඔවුන්ට ඊ මේල් හරහා වැඩ සම්පාදනය සිදු කෙරේ. එක් අයකුට යම් පැමිණීමේ අපාසුතාවක් වෙතොත් හො වෙනත් දෙයක් වෙතොත් කෙලින්ම එය අයි පෝන් එක හරහා සියලුම පිරිසිදු කරන්නියන්ට හෝ එහි ප්‍රධානින්ට දැනුම් දිය හැක. අයි පෝන් එක ඇති නිසා කිසියම් දරුණු මීයෙක් මැරී සිටීම ආදි දේ වුවද අපිට ක්ලීනින් සර්විස් එකට පින්තූර සහිතව එම් එම් එස් මගින් දැනුම් දිය හැක. එවිට ඇවැසි බාල්දි ..සහ රසායන ද්‍රව්‍ය රැගෙන වහාම ක්ලීනින් සර්විස් එකට පැමිණිය හැක. ඔවුන්ට අලංකාර ඇඳුමක් ලබාදෙන අතර එය ගෑනු පිරිමි භේදයක් නැති කලිසමක් වෙයි. එයද පිරිසිදුව තිබිය යුතුය. ඒ ඇඳුම් සඳහාද අමතර වියදමක් ඔව්නට ගෙවනු ලබයි. මේ හරහා ක්ලීනින් සර්විස් එක කාර්යක්ෂම කිරීමට අමතරව සේවකයින් තුල ඇති තාක්ෂණික පරතරය අවම කිරීම බලාපොරොත්තු වෙයි. නවීන තාක්ෂණය සමඟ නිතරම තරඟකරන අප වැනි ආයතන තුල හදිස්සියට වීඩියෝවක් වත් පරිඝනකයේ ධාවනයකරගත නොහැකි මට්ටමේ සේවකයින් තවම සිටී. ක්ලීනින් සර්විස් එක වැනි පහල අය එවන් විශාල දේ භාවිතා කරන විට ඇතිවන ඉරිසියාව නිසා සේවකයින් ඉබේම නවීන තාක්ෂණ ක්‍රමවේද කරා යොමුවෙනු ඇත. කුඩා පිරිසිදු කරන්නියන්ටද අයි පොන් ලැබීමෙන් සේවක ශ්‍රේණි අතර ඇති පරතරද අවම වෙනු ඇත.

කැන්ටින එකතු කිරීම. 
 එකම ස්ථානයෙන් මිල ගනන් තුනකට මාලු පාන් ගෙඩියක් ගත හැකි ආයතනයක් ඇත්නම් ඒ අපේ ආයනයයි. එකම බිල්ඩින් කොටසක කැන්ටින ් තුනක් ඇත ඒ තුනේ මිල ගනන් තුනකි. මිල වැඩි එක ලොකු සේවකයින්ට වන අතර මැද එක මැද සේවකයින්ට වේ..අනික ඕනෑම අයකුට සරිලන ග්‍රොසරියකි. මේ ග්‍රොසරිය ඉදිරිපිට ඕපාදූප කතාකරන තැනක් වෙන අතර එය කාලය කන තැනකි. මා මේ කැන්ටින් තුන ඒකාබද්ද කොට නව එක් කැන්ටිමක් තනා එහි හැම අතටම සී සී ටීවී කැමරා සෙට් කර ඒවා ඇක්සස් කරගැන්මට ඕනෑම පීසි එකකින් පුලුවන් විදියට තනමි එවිට අවැසි කෑම එහි තිබේද. තමුන්ගේ ෆේවරිට් කෙල්ලා එහි ඇවිත් සිටීද? ආදි දේ කන්තෝරු කාමරයෙ සිටම බලාගත හැක. ගොසිප් කියවාගන්නට ඇනෝ සයිට් තුන හතරක් අපේ අහ්‍යන්තර ජාලයෙ ්ස්තාපනය කරනු ලබන අතර ඒවා හරහා ගොසිප් සහ නවතම නිවුස් බෙදා හැරේ. ඒ වෙනුවෙන් වට්ටි අම්මලා කීපදෙනෙක් ටෙන්ඩර් කැඳවා පත්කර ගොසිප් සොයාගන්නට පත් කරනු ලබයි. වට්ටි අම්මලාගේ වගකීම රසවත් දේ සොයා සයිට් අප්ඩේට් කරදීමයි..


ලයිබ්‍රරි එකතු කිරීම.
 විධායක ශ්‍රේණියේ අයට එකකුත් නිකම් අයට එකකුත් ලෙස ලයිබ්‍රි වර්ග දෙකක් අප ආයතනයේ පවතී. එනිසා ඒ ලයිබ්‍රි දෙක තුනම එකතු කර එකක් තනමි. එහි සාමාජිකත්වය ක්ලිනින් සර්විස් එකටත් ලබාදෙන අතර එහි පොත් පත් නිතර අලුත් කෙරේ. පිරිමින්ට පොත් තුනක් ගෙනයන්නට දෙන අතර ගෑල්ලමයිට දෙන්නේ එක් පොතකි බැහැර ගෙනයෑමට. ඒ හරහා නිතර ගෑල්ලමයි ලයිබ්‍රිෙය ්ගැවසීම නිසා පිරිමිනි කියවීමට යොමුවීම වැඩිවෙනු ඇත.

Tuesday, January 24, 2012

බක්මිටියාවට ගිය සවාරිය.

අම්පාර දිස්ත්‍රික්කයේ ඇති කොටි ගැහුව කොටි සිටි කල බොහොම ප්‍රසිද්ධ සිංහල ගමකි. දමන හංදියේ සිට සියඹලාන්ඩුව පැත්තට එනවිට අම්බලන්..... හන්දිය යැයි හන්දියක් ඇත. එයින් හැරී කිලෝමීටර හතලිස් ගානක් පැය දෙකක දුෂ්කර ගමනකින් ගෙවා විත් යලිත් හැරී ගමන් කලවිට බොහෝ සෙයින් නගරයෙන් ඈත් වූ බක්මිටියාව නැමැති ගම ඇත. එය සුන්දර ගමකි. අම්පාර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇති ලක්ෂණ ගමකි බක්මිටියාව. ලක්ෂණ උවත් බොහෝ සෙයින් නගරයට ඈත්ව පිහිටි නිසාත් කාලයක් තිස්සේ ත්‍රස්ථ ක්‍රියා වලින් පීඩිත ව තිබු නිසාත් මෙහි ජීවිත නම් බෝම කටුකය.

මා බක්මිටියාවට ගියේ ඇයි.
අප ආයතනය මගින් බෞද්ධ සංගමයෙන් අම්පාර ඈත ගමක පාසැලකට පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවයකට පසුගිය සතියේ මා ගියෙමි. ඒ වැඩසටහන අපේ ආයතනයේ මා දුටු මනාව සංවිධානය වූ වැඩසටහනකි. එහිදී ලමුන්ට දෙනු ලබන පාර්සලයේ ළමයාගේ නම පවා මුද්‍රණය කර අලවා තිබුනි. හැමදෙයක්ම මනාව සංවිධානය කර තිබුණි. මුලින් සිතා සිටියේ ළමුන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටයි. එහෙත් පසුව ඒ රෙදි මසාගැන්මත් ඒ ළමුන්ගේ දෙමාපියන්ට ගැටලු ඇතිකරන්නට හැකි බැවින් රෙදි මසා දෙන්නට අපි තීරණය කර ඇත. ඒ යටතේ කොළඹ සිට රෙදි මසා ගෙනගොස් දීමට හැදුවත් කොළඹ සුප්‍රසිද්ධ චීන රෙදි කඩයේ චීන මහතා කියා ඇත්තේ ඒ ගම්බද පෙදෙස් වල රෙදි මහන අයගේ ජීවිතයට වැදගත් විය හැකි බැවින් ඒ මුදල ඔවුන්ට ලැබෙන සේ ගම්බද පෙදෙසෙන්ම රෙදි මසා ගන්නා ලෙසයි. ඒ අනුව රෙදි වල මිම්ම ගෙන ඒ ඇඳුම් නිසියාකාරව ඒ පැත්තේම රෙදි මහන්නන් අතින් සිදුවිය. මේ ස්ථානය සොයා දී ඇත්තේ නැගෙනහිර පලාත භාර සංඝනායක හිමි විසිනි. උන්වහන්සේ මේ ගම ගැන එතරම් විස්තරයක් නොදන්නා අතර කිසිවෙකු කී දෙයක් මතකයෙ තබා පසුව අපිට දන්වා ඇත. ඒ අනුව පොත් පත් බෙදාදීමේ උත්සවයට පෙරදින ළමුන්ට ඇවැසි ඇඳුම් හා සපත්තු මේස් ලැබෙන්නට සැලැස්වූ අතර පාසැල් ඉතිහාසයේ ළමුන් සියල්ල එකවර ලස්සන ඇඳුමින් හැඩවූ දිනය එය වූ බව ඒ බක්මිටියාව විදුහලේ විදුහල් පති තුමා උත්සව දිනයේදී කීවේය..



විදුහල ගැන. 

විදුහලේ පිට්ටනියක් ඇත. එහි දැන් වොලිබෝල් පිච් එකකි. ඒ වොලිබෝල් පිච් එකෙන් ප්‍රැක්ටිස් වූ දරුවෝ ඩී එස් අයි සුපර් ස්පෝට් මිනි වොලිබෝල් ශූරතාවයේ සමස්ථ ලංකා වොලිබෝල් ශූරතාවය සඳහාද තරඟ වැදුනි. ඒ වොලිබෝල් තරඟ බැලු කෙනෙක් ඇත්නම් සපත්තු දුන්නද පුරුදු නැති නිසා සපත්තු ප්‍රතික්සේප කල අම්පාරේ ඈත ගමක විදුහලක සිසුන් පිරිසක් මතක් වෙනු ඇත. ඒ මේ බක්මිටියාව විද්‍යාලයේ සිසුන්ය. ඒ පිට්ටනිය යුද්ධ කාලයේ මෝටාර් රැඳුවුම් මධ්‍යස්ථානයකි. දැනටත් අත්හරින ලද හමුදා කඳවුරක් ලෙසත් දැනටත් සිවිල් ආකරක්ෂකයින් සිටිනා බිමක් ලෙසත් බක්මිටියාව පාසැල හැඳින්විය හැක. බක්මිටියාව පාසලේ පිට්ටනියේ එක් පැත්තක කටු කම්බි පොටවල් වලින් වටකල බිමකි. හමුදා කඳවුරක් ලෙස පාසැල භාවිත කල සමයේ කඳවුරට පිටින් හමුදාව විසින් වලදමන ලද බිම්බෝම්බ ඇති නිසා ඒ කොටසට බෝලයක් ගියත් ලමුන්ට ඇහිඳින්නට යන්නට අවසර නැත. නැගෙනහිර යුද්ධය අවසන්ව කලක් ගතව ඇතත්, පාසැල මගින් යුධ හමුදාවට දැනුම් දී ඇතත් තවමත් ඒ බිම්බෝම්බ ඉවත් වී නැත. ඒ පිට්ටනිය අවට බලන කෙනෙක්ට ඈතින් පේන මොණරාගල පෙදෙසේ කඳු ද ඉරිගු බටු මිරිස් තක්කාලි ආදි දේ ඇති හේන්ද මනාව දර්ශනය වේ. 


නල ජලය විදුලිය සහ පුලුල් මංමාවත්
පාසැලට ඇත්තේ ළිඳකි. එයින් ළමුන්ගේ දෙමාපියන් විසින් ගෙන ඇවිත් තිබුන වතුර අපිට බීමට ලැබුනි. ඊට අමතරව ජල ක්‍රමයක් පාසැලෙ නැත. පාසැලට නොව ගමටම එන පාරවල් දෙකම වැසි කලදී භාවිත කල නොහැක. ඇලක් හො දිය පාරක් මතින් තැනූ පාලම් දෙකක් ම කඩාගෙන ගොස් ඇති හෙයින් වාහනයක් වුව ගත යුතු වන්නේ අර වතුර ගෑවෙන මඩේ ටයර් ටික දමාගෙනය. වැසිකල වතුර වැඩිවිට මෙහි යෑම් ඊම් කෙසේ සිදුවන්නේදැයි නොදනී. එකලට පැරණි කැඩීගිය පාලම් මතින් දැමූ කණු සහ ලී මතින් ගමන් කරනවා වන්නට ඇත. විදුලිය නම් ගමට ඇවිත් තිබෙන ආකාරයක් පෙනුනි. වයර් ඇද තිබුනත් තවම ඒ වයර හරහා විදුලිය ගමට ලැබී තිබුනේ නැත.


පාසලේ අධ්‍යාපන තත්වය..
පාසලේ සිසුන් එකසිය පනහකට ආසන්න ගණනක් සිටී. ගුරුවරුන් දහතුනකි, පන්ති සාමාන්‍ය පෙළ පන්තිය දක්වා වෙයි. විදුහල් පති තුමා පැවසූ පරිදි අවට මහා විද්‍යාල මගින් මෙහි සිසුන් උසස් පෙළ සමත් වී එනතෙක් බලා සිටී. මන්ද බක්මිටියාවෙන් සමත්වෙන ළමුන් දක්ෂයින් වෙන නිසාලු. තතුදත් ආරන්චි වලින් ආරන්චිවූ ආකාරයට වරෙකට සාමාන්‍ය පෙල විභාගයෙන් පස් හයදෙනෙක් සමත් වෙයි. ගණිතයට විද්‍යාවට සුදුසුකම් ලත් ගුරුවරයෙක් නැත. එක් ගුරුවරයෙක් විසින් පෙළ පොත් බලාකියාගෙන අපාසුවෙන් ළමුන්ට ගණිතය සහ විද්‍යාව අකුරුකරයි.එහෙත් දැනට ඇති සිලබස් එකේ පාඨ ග්‍රන්ථ පුද්ගලිකව පරිශීලනය කර ඇති මා ගණිතය විද්‍යාව උසස් පෙළටවත් නොකල කෙනෙකු සාමාන්‍ය පෙළට උගන්වා ඒ ලමුන් විභාග සමත් වන බව අසා පුදුමයට පත් උනෙමි. 
තුන වසරේ සිට එකොළහ වසර දක්වාම ඇත්තේ එක් ඉංග්‍රීසි ගුරුවරයෙකි. එක් ගුරුවෙරයෙක් විශයයන් දෙක තුනක් කරයි. සමස්ථ ගුරු මන්ඩලය සහ විදුහල් පති ඇතුලු කාර්ය මන්ඩලයම අවුරුදු තිස්පහට අඩු තරුණ පිරිසක් වෙති. මෙයිනුත් දෙතුන් දෙනෙක් යම් තාක් අධ්‍යාපනයක් ලැබූ සිවිල් ආරක් ෂක සේවයෙ නිරත වූවො වෙති. ගමට ඉඳහිට දුෂ්කර මාරු ලත් ගුරුවරු ආවත් කෙසේ හෝ අම්පාර කන්තෝරු වලට රස්තියාදු වන ඔවුන් මාස තුන හතරකින් යලිත් පාසැල හැරදමා සැප සොයා ඉගිල්ලෙන බව මෙහි කටුක දිවි ගෙවන ගුරු භවතෙක් කීවේය. මෙහි වෙසෙන එක් ගුරු තුමකුගේ මව සහ පියා දෙදෙනාම පාරේ යනවිට කොටි විසින් වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු මටත් වඩා බාල අවුරුදු විසිහතරක විසිපහක කොල්ලෙකි. බුලත් කහට බැඳි කට, ගැමි වහරට අනුව යන ඔහුගේ භාෂාව, කිරි පාටින් නැති ඔහුට තිබිය හැකි හොඳම ඇඳුම විය හැකි ඇඳුමට යටින් ඇති මානුෂිය හදවත මට පෙනුනි. මේ ගම් වල ලමෝද නගරබද ලමෝ තරම් ඉගනීමේ මහා උනන්දුවක් නැති අය වෙයි. ගෙදර ගිය පසු පොත් බලන්ට ගනන් හදන්ට ඔවුන් පෙළඹීමක් ඇත්තේ එහෙමත් ගෙදරකය. නැත්තං අම්මා තාත්තා සමඟ ජීවිත සටනට උර දෙන්නට සිදුවෙයි. එක් ලමයෙක් පාසැල් පැමිනෙන්නේ සතියට එක් වරක් දෙකක් බවත් ඔහු මේ දින දෙකේ පැමිණ ඇත්තේ නව ඇඳුම් පොත් පත් ගන්නට බවත් ගුරුවරයෙක් කීය. මා අත් දැකීමෙන් දන්නා පරිදි මෙහි ළමුන් මෙල්ල කිරීමත් ලේසි නැත. වයසින් කුඩා වුවත් කටුක පරිසරය විසින් ඔවුන්ට වැඩිහිටි අත්දැකීම් ලබා දී ඇත. එබැවින් කියාදෙන පාඩම අසාගෙන සිටින ඒවා ධාරනය කරගන්නා යහපත් මානසිකත්වයක් මේ දරුවන් අතරින් ගොඩනැංවීම ලංකාවේ දක්ෂ ගුරුවරුන්ටත් කල හැකි දෙයැක්දැයි මට විටෙක සිතේ..
ඔවුන්ට කලක් කම්පියුටර් තුනක් වැඩ තිබී ඇත. පසුව එස් ටී එෆ් එකේ සිට හමුදාවට බලය ගිය පසු කරන්ට් ලබා ගන්න නොහැකි වූ නිසා ඒ රාජ්‍ය නොවන සංවිදාන වලින් ලැබුන ඒ කොම්පියුටර් තුනත් දැන් වැඩ නැත. එනම් එහි ලමයිට කම්පියුටර් යනු හීනයකි. එල් ටී ටීය සිටිකල එල් ටීටියටත් තමුන්ටත් සලකන්නට රාජ්‍ය නොවන සංවිධාන සිටියත් දැන් යුද්ධය ඉවර වී ඇති බැවින් එවන් සැලකිලි දැන් ඉඳහිටවත් තැතැයි ගම්වැසි සිවිල් ආරක්ෂකයෙක් පැවසීය.
දැනට පවතින ජංගම දුරකථන ජාල කිසිවකට බක්මිටියාවට සිග්නල් නැත. ඇත්තේ සීඩී එම් ඒ පමණි. ඒවාද ඇන්ටනා ගසාගෙන පාවිච්චි කල යුතුය. 


විසඳුම්..
ධර්මවාහිනී නම් රූප නාලිකාවේ සම්බන්ධීකාරක වූ මෙත්තවිහාරී ස්වාමින් වහන්සේ විසින් ලර්න් ටීවී නැමැති රූපවාහිනී චැනලයක් ඩයලොග් ටී වී හරහා මීට වසර දෙක තුනකට පෙර මුදාහරින ලදී. ඒ තුල පාසැල් වල දක්ෂ ගුරුවරු විසින් උගන්වන පාඩම් ඇතුලත් විය. ඒ හරහා සැටලයිට් තාක්ෂණය ඇති නිසා විදුලිය ඇති රූපවාහිනියක් ඇති ලංකාවේ ඕනෑම තැනක සිටින්නෙකුට පාසැල් පාඩම් ඉගනීමේ වාසනාව ලැබුනි. මෙවන් පාසැල් වලට ගණිතය ඉංග්‍රීසි විද්‍යාව, අයි ටී වැනි විශයන්ට ජෙනරේටරෙයක් ටීවි එකක් ඩයලොග් ටීවි කනෙක්ෂන් එකක් ලබා දී එවන් පාඩම් දක්නට වත් සලස්වන්නේ නම් එය දක්ෂ සිසුන්ට කරන මග පෙන්වීමකි. එසේම නිසිලෙස පුහුනුව නොලත් එහෙත් අවශ්‍යතාවය මත සේවය කරන ගුරුමහත්වරුන්ගේ දැනුම දියුණු කරගැන්මටත් ඒ වැනි වැඩ හේතු වෙයි. මේ ටී වී නාලිකාව මූල්‍යාධාර සහ රාජ්‍ය දායකත්වය මද වූ හෙයින ්දැනට නවතා ඇත. නමුත් දුෂ්කර පාසැල්වලට කුඩා රිවිෂන් පන්තියක් වත් මේ වැනි දෙය්ක හරහා ලබාදිය හැකිනම් ඒ මනා වැඩක් බව මා සිතමි. ජෙනෙරේටරයක් රුපියල් හතලිස් දාහකි ටීවි එකක් රුපියල් විසිදාහකි. ඩයලොග් කනෙක්ෂන් එක රුපියල් දහදාහකි. වර්ෂයකට ගුරුවරයෙකුට ගෙවන වැටුපටත් වඩා අඩු මුදලක් වැයකොට අගනා වටිනා අධ්‍යාපන වැඩසටහන් දරුවන්ට ලබාදීමට එවන් සැටලයිට් කනෙක්ෂන් එකකින් කල හැක. එය ඒ පැත්ත විතරක් බලා කල නෙහැක . නිරස ගණිතය විද්‍යාව මනා ලෙස නිර්මාණ ශීලිව ඉදිරපත් කල හැකි පුද්ගලයින් සොයා ඒ අදහස් දියුණු කොට අධ්‍යාපනයට යොදා ගත හැකිනම් එයද මනාය. එවිට එම වැඩසටහන් ටීවී එක තුල දරුවන් ආසා කරන ඒවා බවට පත්වෙයි. 

සසර කළකිරුණු සමහර විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාල සිසුන් මහණ වී හෝ වෙනත් දර්ශන වලට හසුව විවිධ තැන්හි නොයෙකුත් මාර්ග සොයනු මා දැක ඇත. එවන් පිරිසක් මෙවන් ස්ථානවලට ඇවිත් දවසට පැයක් දෙකක් තමා ලත් දැනුමෙන් ඉතා සුට්ටක් මේ දරුවන් වෙනුවෙන් වැය කරනවානම් එයද මනාය. භාවනා කරන කෙනෙකුට වුව සුදුසු ගල් ගුහා ගස් ආදියෙන් මේ ප්‍රදේශය පිරී ඇත. බුදුන් දවස මහත් පල ලැබීමට අනුහස් බොහෝ ඇති බදුන් අසලම සිටියැ යුතුයැයි සිතා සියලු හිමිවරු උන් වහන්සේ වටේ වත් අසූ  මහ සව්වන් වටේවත්  කැරකි කැරකි සිටියේ නැත. දුෂ්කර හද්දා පිටිසර ගම්වලට ගොස් නොයෙක් ශිල්ඥාණයන් ලබාදුන් හිමිවරු එකලත් විය.මෙකලත් ඈත ගමක ක්‍රීඩා පුහුනු කරන සංඝයා වහන්සේ නමක්මා පුවත් පතක දුටිමි. දවල් දානය පවා කලට වේලාවට නොලැබ උන් වහන්සේ මහත් කැපකිරීම් කර දරුවන් ක්‍රීඩාවට පුහුනු කරයි. කෙනෙක්ට එය බොදු භික්ෂුවට නොකලමනා දෙයක් යැයි සිතිය හැක. නමුත් උන් වහන්සේ එසේ ඒ දරුවන්ගේ කුශලතා දියුණු කර ඔවුන් සමාජයේ ස්ථාවර කිරීම බණ කිය කියා රට වටේ ඇවිදිනවාට වඩා මහත් පිණක් බව මගේ මතයයි. බොදු පමණක් නොව කිතුනු හින්දු මුස්ලිම් ඕනෑම ආගමක අයට ඇති සිවිල් බලය, මෙවන් සමාජයෙන් හැංගී ගිය මනුස්සයන් වෙනුවෙන් යොදවන්නේ නම් එය ඔවුන්ගේ කුමන දර්ශනයක හෝ දෙවිකෙනකුගේ හෝ ආශීර්වාදය ලබා ගැන්ම පිණිස හේතුවනු ඇත. 

Monday, January 16, 2012

දඬුවම් මාරුව (The Punishment Transfer)

සේපාල..සේපාල කිව්වාම ඒක පරණ නමකි කට්ටිය හිතන්නේ සේපාල හරි නාකියි කියලාය. සේපාල නාකි නැත. සේපාල කොලු ගැටයෙකි. අවුරුදු විසි අටක කොලු ගැටයෙකි. ඔහු වැඩ කරන්නේ අගනුවර කන්තෝරුවකය. සේපාල මේ කන්තෝරුවට ආස නැත. අගනුවර සේපාලට නොදිරවන්නේ සේපාල ගමේ බයියෙකු නිසා විය හැක. 
සේපාල දිනක් ඔහු ගේ ගම දිහා ඇති සිය කන්තෝරුවේ යම් කිසි වැඩකට ගියේය.එහිදී කපිල හමුවිය. කපිල තමුන්ගේ ශාඛාවේම වැඩ කල කෙනෙකි. කපිලට ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ද ඇත. සේපාලට ඒ කැටයං මතක නැත. මතක ඇත්තේ ඒ කෙල්ලා රට ගිය අවස්ථාවක කන්තෝරුවේ ටෙලිපෝනයෙකින් පිටරට කෝල් අරගෙන බැනුම් ඇසූ ආකාරයයි. කපිල සේපාල මෙන් නිවුනුසිත් ඇත්තෙක් නොවේ. ඔහු කලබලය. කඩිසරය.වාචාලය. ආ මචන් සේපාල දුටු කපිල කතා කලේය. මොකද බන්. තාම කොළඹද මම නම් මෙහෙ ආවෙ වෙලාවට ගමේ ඉඳල දුර උණත් මෙහෙ හොඳයි. බලහං මට කොම්පියුටරයක් තියෙනව. කබඩ් එකක් තියෙනව. 
සේපාලට තමුන්ගේ කන්තෝරුවේ තමුන්ට ඇති තැන මතක් විය. මේසයකි පුටුවකි අත්හැරදැමූ කබල් කබඩ් කෑල්ලකි. කොම්පියුටරයක් වත් නැත. පෝන් එකෙන් සිංදු අහන වැල කෑලි බලන සේපාලට කොම්පියුටර් ටිකක් ඉගෙන ගන්නට ආසාය.කොමිපියුටර් කෑල්ලක් ලැබෙනවා නම් මනායැයි සිතුනු වාර අනන්තය. නමුත් සේපාලට කම්පියුටරයක් නැත. දැන් ඉන්න සේපාලගේ බොස් ගෑනි සේපාලට කොම්පියුටර් අරන් දෙන්න තියා පෑනක් පැන්සලක් වත් සාක්කුවෙ දාගෙන යන්නට ඉඩක් දෙන්නේ නැත. 
කොළඹ නගරයේ දර්ශනයක්.
සේපාලට ලැබෙන්නේ කොල වල ඇති ගනන් එකතු කරන්නය. ඒකත් අතේ ඇති කැල් කියුලේටරයෙනි. කොම්පියුටර් අැත්නම් ඒවා ලේසි බව මිස් කියයි. නමුත් ඒ ගෑනි එක් අරන් දෙන්නේ නම් නැත. කපිලට ඇත්තේ ලස්සන පුටුවකි මේසයකි. ඒවගේම රාක්කයකි. ඌට ඇත්තේද මොකක් හෝ ටයිපින් වැඩකි. සේපාලට මිස් ගෑනි ගැන ඉරිසියාවක් ඇතිවිය. අවස්තා කීපයකදීම මාරුවක් ඉල්ලුවත් ඒ ගෑනි මාරුවක් හදා දුන්නේ නැත. හැමදාම කොල බලාගෙන ගනන් එකතු කිරීම සහ කොල එහෙ මෙහෙ ගෙනයෑම සේපාලට පැවරුනි. ඊට අමතරව තේ වතුර හැදීම, මිස්ට කෑම ගෙන ඒම ආදියද වෙයි. ඒ සියල්ලටම වඩා මිස්ගේ පවුල් කතාන්දර ගෙදර විස්තර ලෝකෙ වටේ සිටින උන්ට මහ හයියෙන් කෝල් එකෙන් කරන විස්තර අහ්න ඉන්න එක මහා කන්දොස් කිරියාවක්විය. දවසක් දෙකක් නම් මැදෑදැන් අවුරුදු දෙකක්ම මංමේ ටකරං කට කියන දේවල් අහගෙන හිටියනේ..

ඒ අතර කපිල කියවන්නට පටන් ගත්තේය..
මං මෙතන වැඩ බලන්නෙ මේ ඔක්කොම මගේ..එහෙ වගේ නෙමෙ බන් මෙහෙ එච්චර වැඩකුත් නෑ..අර ෆකීර්ලගෙ ලියුං ඇදිල්ල මට එපා උනා බන්. රස්සාවට ගන්නකොට උන් කිව්වෙ නෑනෙ ලියුං අදින්න තියෙනව කියල.
 .සේපාල දැනගත් පරිදි කපිලට ලැබුනේ දඬුවම් මාරුවකි. එහෙත් කපිලට ඒ හමුවුනු තැන වෙනත් අය අඩු බැවින් එහි තිබු බොහෝ දේ භාවිතා කිරීමට අවකාශ ලැබුනි. දඬුවම් මාරුව කෙසේ වෙතත් යන්තම් කොම්පියුටර් දැනගෙන සිටි කපිලට ඒ එතැන සිටි නාකි හොල්මන් ගොඩ අස්සේ කොම්පියුටර් වැඩ්ඩෙක් විය හැකිවිය.කොටිම්ම ලස්සන ගෑනු ලමයි කලිසන් ටයි කෝට් මහත්තුරු ආවාම වැඩට ඉදිරිපත් වෙන්නේද කපිලයාය.. කපිලගේ දඬුවම් මාරුව සේපාලට ගෙන එන්නේ ඉරිසියාවකි..කපිලයා කලේ එක් දෙයකි එනම් ලිපි වරදවා බෙදීමයි. ඉන් පෙර කපිල විසින් තමාට ලිපි එහෙ මෙහෙ ගෙනියන්නට බැරි යැයි ගෝරි ගොඩක් දාගෙන තිබුනි. නමුත් කපිල ඒ ගෝරි අස්සෙත් ලියුං ගෙනගියේය. අවසානයේ අැරියස් එකටම මුන්ට කිව්වට අහන්නෙ නෑ..ඉඳපල්ලකෝ කියා ලියුං වැරදියට බෙදුවේය. සෙක්ෂන් මාරු වී වැඩ කොට උඩ විය. කපිලයාගේ බොසා කපිලට එවෙලේම දුර තැනකට මාරු වීමක් දෙන ලදි. 
වෙනදා වගේම සේපාල අදත් කන්තෝරු ආවේය. කාර් එකට ගොස් මිස්ගේ මල්ල රැගෙන ආවේය. එය තැබූ කපිල උදෑසන රතු මුදලාලිගේ ආප්ප කඩේට ගියේ ආප්ප කෑමටම නොවේ. කපිලයා ගැන පේන කියූ පේන කාරයින්ට හොඳ වයින් දෙකක් කීමටය. කපිලයා ගැන රියදුරන් සහ පියන් වරු ගොඩදෙනෙක් කීවේ ඌට හොඳ චාටර් තැනක් සෙට් වෙන්න ඇති බවය. එහෙත් ඌට සෙට් වී ඇත්තේ මරු පොට් එකකි. අයිස් කඳකි. වැඩ බිංදුවක් නැත. මේ විස්තර කියන තෙක් සේපාලට ඉවසුමක් නැත. ආප්ප කන්න වාඩිවුන මුත් තවම ආප්ප වත් කන්න මිනිස්සුවත් රෙඩි නැත. ටිකක් ඉඳ කස්ටිය එකා දෙන්නා එකතු වූ පසු සේපාල කතාව පටන් ගත්තේය. මට ඊයෙ කපිල හම්බ උනා..සහ් ...ඌට තියෙන සැප කොප්පියුටරයයි. මේසයයි. පුටුවයි. සෝක් දඬුවම් මාරුව. නෑ බොරු..!!
කියා කීප දෙනෙක් කට ඇරන් බලා සිටී.
"එතන ඉන්න එවුං කොම්පියුටර් දන්ෙන නෑ. කපිලය තමයි එතන ලොක්ක වගේ කොප්පියුටර් ගහන්නෙ." ඒ අසා සිටි යූනියන් බුවෙක්..ඔන්න බලන්න අපේ මැනේජ්මන්ට් එකේ හැටි. මිනහෙක්ට දඬුවම් මාරුවක් දෙන්නෙ තිබුන තැනටත් වැඩිය හොඳ තැන්වලට...හොහ් හොහ් හොහ් හෝ..පිරිස හිනාවෙයි. කතාව එතනින් ඉවරය. සේපාල සිතුවේ කතාව නැගල යයි කියලාය. නමුත් එසේ සිදු උනේ නැත.
 සේපාල එයි.එනවා නොව පැද්දෙයි. පැද්දෙමින් ලිෆ්ට් එකට නැගෙයි. මේ මල කෝලමද සේපාලට එපා වී ඇත. පලවෙනි තට්ටුව කියන්නේ එක නොවේ. ඒ මදිවාට තව යටට බැසීමටත් එකක් ඇත. මැද මහලකින් නැගුනොත් සමහර විට ලිෆ්ට් එක උඩ යයි. ඉහලට යන්න හිටියොත් පහල යයි. පහලින් නැග්ගොත් අවුලක් නැත්තේය යන්නේ උඩටය. මෙය ලේසි වැඩකි. එහෙත් සේපාල එය ගනන් නොගනී. ඉගෙන ගන්නට උණන්දුවක් නැත. දැන් හොඳින් මේ වැඩ පුලුවන් විය හැකි උවත් සේපාල මෙහි ඉහල පහල යෑමට ආසාය.විටෙක සේපාල මෙයට කුනුහබ්බෙන් බැන්නත් සේපාල ලිෆ්ට් එකට ආසාය. විටෙක පහල යන්නට ඉහල බටන් එක ඔබන සේපාලට ඉහලම තට්ටුවේ ට්‍රේනින් සිටින තේ බොන්නට යන මිසිලා උඩට යනවිට කිහිප දෙනෙකුත් යලි පහල එනවිට කිහිප දෙනෙකුත් බැගින් ගොඩක් මිසිලා බලාගත හැක..උන්ට මිස්ලා යැයි කියන්නේ සාරිය අඳින නිසා පමණි. මිස්ලා කිව්වාට පුකවත් තන් දෙකවත් සාරියට ගැලපෙන්නට හැදී නතැයි සේපාලට සිතෙයි. එහෙත් මීට වඩා හැම අතින්ම ලේසි ගැමි පෙදෙසක ඇති කන්තෝරුවකට ඒ සියල්ලට වඩා ආශාවක් සේපාලට ඇත. මෙහි ඉන්නා මිස්ලාගේ මූන සුදු වැඩිය.තොල් රතු වැඩිය. වෙස් මූණක් වැනිය. සැරය..ඉංගිරිස් කියවන සුලුය. ගමේ උන් කන්තෝරුවේ නම් එහෙම සෝබන මිස්ලා නැතැයි සේපාල සිතයි. 
. සේපාල ලිෆ්ට් එකට නැගුනි. කට හැකර සිසිර නම් රියදුරෙක්ද සේපාල සමඟ ලිෆ්ට් එකේය. සිසිර සේපාලට කිට්ටු විය. මොකද බන් සේපාල උඹ මැටිද බන් අර අච්චර ලස්සන පිං කඳක් වගේ මිස් කෙනෙක්ගෙ කාමරේ ඉඳල උඹ පුකවත් මිරිකන්නෙ නැද්ද..   සේපාලට ලැජ්ජ හිතුනේය. එසැනින් කපිලගේ දඬුවම් මාරුව ගැන කියන්නට සේපාල ඉක්මන් විය. සිසිරයිය දන්නවයි වැඩක්..අර කපිලයට පනිෂ්මන්ට් ටාන්සර් එක තිබුනු ජොබ් එකට වඩා හොඳයිලු.....
හෙහේ හෙහේ..එහෙමද බන් උඹත් උඹේ මිස්ගෙ පුක මිරිකපන් ලොකුවට ජම්බෝලෙ වගේ තියෙන්න අල්ලපන් මෙන්න මෙහෙම තද කරල...එතකොට බොටත් පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක් ලැබෙයි.. සිසිර දත්මිටිකමින් අත් දෙක මිරිකා ගනිමින් මනසින් වුවත් තමුන්ගෙ බොස් වෙන මිස්ගේ පුක තදකරනු දැක සේපාලට ඉරිස්සියා ඇති විය. 
යන්න සිසිරයිය යන්න..ඒ මනුස්සය මගේ නැන්ද කෙනෙක් වගේ..
එහෙනම් ..*ම්බ ගාවින් මල් වට්ටියක් තියල වැඳපිය මෝල....සිසිර සිනාසෙමින් ඉවත යයි..
සේපාල කන්තෝරුවට ගියේ මැලවුන මුහුනිනි. කපිලට ලැබුන පනිෂ්මන්ට් ටාන්සර් එක සේපාලගේ මනසේ රැව්දෙයි. එසේම ලිෆ්ට් එකේදී සිසිර කිව් කතාවද ඇසේ. දිනක් ආවේය. එදා ඒ සී එක පොඩ්ඩක් වැඩිය. සේපාල ට සීතලය.සේපාලගේ බොස් වූ මිස් ගෑනු එකටත් සීතල වගේය. මේ ගෑනි මාරුවෙන්නෙත් නෑනෙ. සේපාල හිතයි. වෙන බොහෝ අය සිටින ලොකු තැනකටවත් දායි නේ එතකොට. සේපාල සිතයි. එක්වරම මිස් නැගිට කබඩ් එකක පොත් අදියි. ඇගේ අත් දෙකේම පොත්ය. කලින් සිසිර කිව් ජම්බෝල මෙන් රවුං පස්ස සේපාල දෙස බලාසිටිනවා යැයි සේපාලට සිතෙයි. සේපාල හැමදා ප්ලෑන් එකදා වැහි වලාවේ යැයි කියමින් කබඩ් එක ලඟට කිට්ටු වී මිස්ගේ ජම්බෝල ඇල්ලුවේය. ඉන්පසු ඉදිරිපස ජම්බෝලද අල්ලන්නට තැත්කරන අතරම මිස්ගේ අත තිබූ තඩි පොතක් සේපාලගේ ඔලුවට එල්ල විය. සේපාල පැත්තකට විසිවිය. වනචර බල්ල තෝ හිතුවද මේව සේල් දාල කියල අල්ලන්න. හෙමිජ්ජ වගේ මෙච්චර කල් හිටියම මමහිතුවෙ හැදිච්ච එකෙක් කියල..හිටපිය තොට ටාන්සර් එකක් නේ ඕන..දෙන්නම් තොට හෙටම එකක්...
සේපාල ස්ටක් වෙලාය..ඉන්පසු විනාඩි ගානක් ගෙවී ගියේය." තෝ කියනව එහෙම නෙමෙයි මේ ගැන වරුනාව. මට පාරෙ බැහැල යන්න බැරිවෙන්නෙ." කියා මිස් තවත් වැඩවල නිරත වුනේය. මිස් සාරිය හදා ගති. සේපාල හෙමින් කැපුනේ තමුන්ගේ අසුනටය. කාර්යාල වෙලාව පසුවිය. දැන් සේපාල මිස්ගේ මලු දෙක තුන කාර් එකට ගෙන යායුතුය. මිස් අද සේපාලට බෑග් දෙන පාටක් නැත. මිස්ම ගෙනියන්නට හදයි. එහෙත් ඒ ලැට්ටප් එක සහ අනික්වා මිස්ට බරයැයි සේපාල සිතයි. සේපාල සද්ද නැතුව මිස්ට කිට්ටු විය. මං ගන්නන්. හීන් හඬින් සේපාල කෙඳිරුවේය.
නෑ ඕනි නෑ සේපාල..මිස් කීවාය.
මිස්ගෙ තරහ අඩු වී ඇත.ඕනි නෑ කීවාට සේපාල බෑග් එක ගති. ඉන්පසු කාර් එකට බෑග් එක දැම්මේය. ඉන්පසු මිස් යලිත් සේපාල දෙස බැලීය. සිනාසුනි. 
කිසිත් නොකියා යන්නට ගියාය. 
සේපාල එදා පොඩි බියර් කෑන් එකක්ද බී බෝඩිමට ගියේය. කතාවේ කිසිදු කෑල්ලක් යාලුවන්ට නොකී මුත් තමුන්ට ටාන්සර එක හරියන්නට වගේ ඇති බවක් සේපාල යාලුවන්ට කීවේය. මිස්ගේ වයස හතලිස් ගානකි. එහෙත් අැයගේ මස් වැහැරී නැත. සිනිදුවට අසු වුනි. වසර හතරක සිය සේවා කාලය ඇතුලත මෙවන් දෙයක් කිරීම සේවය අත්හිටවීමට පවා හේතුවිය හැක. එහෙත් බොට දෙන්නම් ටාන්සර් එකක් යැයි කී වචන පෙල සේපාලට තවමත් මහත් සහනයකි. මේ කාලකන්නි ඔපිස් වල වසර හතරක්ම සිටි සේපාලට දැන් ඒවා ඇතිවෙලාය. කෙසේ හෝ වසර දෙක තුනක් සිටි මිස් තමාට එසේ දැඩි ලෙස අස්කරන තරම් දරුනු දෙයක් නොකරනු ඇතැයි සේපාල සිතීය.
.ඉන්පස්සේ දවස උදාවිය. සේපාල කන්තෝරු ගියේ දැඩි ලෙස වික්ෂිප්ත වෙලාය. මිස් මෙය රට වටා පතුරා තිබුනොත් ආප්ප කඩේටවත් යා නොහැක. යා යුතු නිසා ඔපිස් ගියේය. කිසිවෙක් සමග සේපාල කතා කරන්නට ගියේ නැත. වෙනදා වැඩ කටයුතු ඒ පරිදිම විය. අද සේපාලගේ මිස්ට මීටින් දවසකි. දවසම මීටින්ය. අවසානයේ. මිස් කලබලෙන් ඔපිස් විත්. තේකක් හදන්න සේපාල.. අප්පා හරි මහන්සි අප්පා..මොනවට තියෙන මීටින්ද මන් දන්නෑ..සේපාලලාට නම් මොකෝ මොකක් හරි දුන්නම අරන් යන එකනේ. නේද?..
සේපාලට පුදුමයකි. තො වනචරයා යැයි තමුන්ට බැන්න මිස්ම මේ ඇයි හොඳයි දාන්නට එයි. අවසන් දවස් වල හිරකාරයන්ටත් කැමති රස කෑම දෙයි. ඒ ආකාරයෙන් ටාන්සර් එකට ප්‍රථමයෙන් සේපාලට හොඳින් කතා කරනවා විය හැකියැයි සේපාල හිතයි.
මේ සේපාල..එන්න මේ කේක් කන්න..මීටින් එකේ දුන්න රස කේක්..ඒක ස්පෙෂල් එකක් ..ගොඩක් තිබුන නිසා කට්ටිය කෑලි අරන් ආව සර්වියට් වල දාන් මාත් එකක් ඔයාටත් ගෙනාව...ආ...මං කාල ආවෙ ඔයා කන්න..
.සේපාලට මෙයනම් පුදුමයකි. සේපාල කේක් කෑල්ලක් කමු නේද යැයි කිව්විට වෙනදා සේපාල නැගිට කැන්ටින් ගොස් කේක් කැබලි දෙකක් ගෙන එයි.  මිස් සාමාන්‍යෙන් සේපාල ලව්වා ගේන කෑම හැමදේම සේපාලටත් ගන්න යැයි කියයි. ඒ නැතිව යමක් ගෙන ආවොත් සේපාලට අනිවාර්යෙන් එයින් කඩාදෙන කෑල්ලක් කන්නට වෙයි. එහෙත් අද දින වැනි කේක් සේපාලට ගෙනා දවසක් නම් මතකයට එන්නේ නැත.
ඊලඟ දිනයට එලිවිය සියල්ලම පෙර පරිදි විය. අදවත් තමුන්ගේ පනිෂ්මන්ට් ටාන්සර් එක ලැබේයැයි සේපාල සිතුවේය. ටික වේලාවක් ගියේය. මිස් ඇවිත් පෙර පරිදි වැඩය. තමුන් ගන්න එකතු කරන අතර මිස් ගොස් ඒ සී එක වැඩිකරනු සේපාල දුටුවේය. ඉන්පසු පෙරදිනයේ පරිදි පොත් රාක්කය අවුස්සන්නට විය. සේපාල කාමරේ සීතලයි අර කර්ට්න් ඔක්කොම වහන්න. වීදුරු ඇති පැත්තේ ඔක්කොම කර්ටන් වහන ලද්දේ සේපාල විසිනි. ඒ සී එක අඩුකල විට කාමරේ සීතල වන බව සේපාල දනී. එහෙත් කර්ටන් මෙහාට එහාට කර ඒ සී එක වැඩි නොකලොත් කාමරේ සීතල අඩුවන්නේ කෙසේද?? සේපාල සිතන්නට විය..


සේපාල එන්නකො පොඩ්ඩක්..මයේ පොතක් නැතිවෙලානෙ අනේ..සේපාල බලල දෙන්නකො..
පොත් කබඩ් එක ලගට ගියේය. මිස් සමග ටික වේලාවක් පොත් තෝරන්නට විය. ඉන්පසු මිස් ලඟින්ම සිට සේපාලට පොත් තෝරන්නට අවකාශ දුන්නාය. ඉන්පසු ස්වල්ප වේලාවක් සේපාල දෙස බලාසිටි මිස්. සේපාල.. අද එහෙම එකක් නැද්ද. එදා විතරද?? 
ඉන්පසු ස්වල්ප වේලාවකින්.. සේපාල අත් දෙකකට තද වුනි ඒ අත් දෙක අතර තිබූ රබර් බැලුන් දෙකක් තම පපුවේ වැදෙනු සේපාලට දැනුනි. මනුස්සයෝ ඔයාව ටාන්සර් කරන්න ඕනි නම් මං ඒ දවස්වලම ටාන්සර් කරනවනේ කොල්ලෝ. ඔයා ඕනි නිසානෙ තියා ගත්තේ..ටික වේලාවක් ගිය කල මිස් කියන්නට විය. සේපාල ඇස් පියාගති. තොල් දෙකක් විත් සේපාලගේ කට කයි. චූටි මෙතන අපි සෙල්ලම් කලොත් මොකෙක් හරි බලං ඉඳල මටත් යන්න වෙයි මෙහෙන්. 
ඔයා වීකෙන්ඩ් එකේ අපේ ගෙදර එන්න. බයවෙන්න එපා. හිනාවෙලා ඉන්නකෝ..සේපාල..
 සති කීපයක් ගියේය.දැන් සේපාලට මිස්ගේ ගෙදර හුරුය. කාර්යබහුල ව්‍යාපාරිකයෙකු වූ ඇගේ සැමියාට ඇය ගැන හොයන්නට වෙලාවක් නැතිවීම. දරුවන් ඉගෙනගන්නට පෝලිම් කිරීම. ආදී දේ නිසා ඒ 43 ශ්‍රී වාහනයේ තාවකාලික නඩත්තු කටයුතු සේපාලට පැවරිනි. කලින් පැතූ ටාන්සර් එකට වඩා මේ ටාන්සර් එකත් නරක නෑ, රෙදි කිහිපයක් මතින් පිටින් මිරිකන්නට පෙරුම් පුරමින් බලා සිටි යමක් බටර් පාටින් බැබලි බැබලී ඇගේ සරාගී නෙත් අතරින් මිරිකන අතර අතර සේපාල සිතුවේය.

Sunday, January 15, 2012

බණ්ඩක්කා වගාව.

අපේ චෙයාර්මන්ගේ බන්ඩක්කා වගාව.
මේ මීට වසර දෙක තුනකට පෙර අපේ කොම්පැණිය හා සම්බන්ධ කතාවකි. එකල අපේ චෙයාර්මන් නොහොත් සභාපති සිටියේ ගෑනු කෙනෙකි. ඇය රජය හා සම්බන්ධ වැඩකටයුතුවලටත් සිය නම බැබලෙන වැඩකටයුතු වලටත් බෝම ප්‍රසිද්ධ ඇත්තියකි. ඇත්තියක් කීවේ ඇය ඇතින්නියක් තරමට මහත වන නිසා නොවේ. එය ව්‍යවහාරයකි. ඒ මහත්මිය වරක් රජය මගින් ක්‍රියාත්මක කල වැඩපිලිවෙලක් වූ අපි වවමු රට නගමු අප ආයතනය තුලත් ක්‍රියාත්මක කලේය. ඒ යටතේ කොළඹ පිහිටි ඉඩකඩ ඇති අපේ සමාගමට අයත් වෙනත් ශාඛාවක භූමිභාගයක් තෝරාගන්නා ලදී. දැන් ඉතින් ගොවිපල පටන් ගන්නා එක අපේ චෙයාමන් මැතිනිය අතින් සිද්ද විය.එය රූපවාහිනිෙය්ද සමහර විට පෙන්නන්නට ඇත. මේ ඇරඹුමට සති ගානකට පසු මට රාජකාරි වැඩකට ඒ ගොවිබිම පිහිටි ශාඛාවට යන්නට විය. එවිට හතලිහක පනහක මහ සෙනගක් ඇවිත් වැඩය..එකෙක් වල් ගලවයි. අනිකා හති අරියි. තවකෙක් බැනියම ගලවාගෙන වැඩය. තව කෙනෙක් කලිසම උස්සාගෙන වැඩය. අක්කර භාගයක භූමියේ එක් පඳුරට එකා ගානේ මිනිස්සු ගජරාමෙට වැඩය.
බණ්ඩක්කා කරලක්

 එදා සෙනසුරාදා දිනයකි. එදිනට මෙහි දවසම අයිති වන්නේ අතිකාල වලටය. අතිකාල පැයක් යනු එක් අයකුට පැයකට රුපියල් දෙසිය පනහකට වැඩි ගානකි. එබැවින් කට්ටිය චෙයාමන්ගේ වැඩට අතහිත දෙනු පිණිස පස්කකා වැඩ වල නිරත වී සිටී. එදින කාර්යාල කටයුතු නැත. පොඩි ලොකු බොස්ලා ඔක්කොම වැඩ බිමේය. ලොකු උදැල්ලෙන් කැපිය යුතු තණ පඳුරු අතින් අදිති. පැරණි ගස් ගලවති. අක්කර බාගයක් එදා දවස වැඩ කරන්නට කොම්පැණියෙන් ලොකු ගානක් යන්නට ඇත. එහෙත් කිසිවෙක් ඒවාට මුකුත් කියන්නේ නැත. මන්ද ඒවා චෙයාමන් මැතිනියගේ වැඩක් යැයි සිතන බැවිනි. එහෙත් ඇත්ත තත්වය එතුමිය නොදන්නවා විය හැක. නමුත් කස්ටිය එතුමිය පිටින් යවා කාර්යාල වැඩ කට්කර එහිවිත් බොරු වැඩක් කර අතපිහිදා දවසටම සරිලන අතිකාල රිසි සේ දමාගන්නට ඇත. සමාගම සේවකයින් කෘෂි වැඩවල යොදවන්නට වැයවූ සල්ලි වලින් සමාගමෙ සියල්ලන්ටම එලවලු මල්ලක් නොමිලේ දිය හැකිව තිබුනු බව මගේ අදහසයි. ඒ මා දුටු එක් දිනයකි අනික් දවස්වලත් එසේම වන්නට ඇත. 
 තවත් කලකින් එහි ගිය විට ලස්සනට එලවලු සැදී තිබුනි. වම්බටු ගස්වල වම්බටු එල්ලී තිබුනි. බන්ඩක්කා ගස් කරලින් බර වී අතු නැමී තිබුනි. මෙහි එලවලු නෙලන අකාරයක් මට පෙනුනේ නැත. එලවලු නිසි කලට නෙලන්නේ නැත්නම් එය වගාවට අහිතකර ලෙස බලපායි. පොල් වගාවක උවත් පොල් ගෙඩි ගසේම වේලෙන්නට තැබීම සාමාන්‍යන් පරිණත ගොවීන් නොකරන දෙයකි. කුරුම්බා යන්තම් පොල්වන විටම ගසින් පොල් කඩාගන්නේ නම් මීලග පොල් වලු විශාලව සැදේ. එලවලු වගාවලද එසේය.අර්තාපල් බීට් රුට් වැනි පොලව තුල අල ඇතිවෙන බෝග හැරුනකොට බන්ඩක්කා, වට්ටක්කා, පත්තක්කා, පතෝල වැටකොලු,කරිවිල, මෑ බෝංචි ආදි ඕනෑමෙ බෝගයක අස්වනු නෙලීම බෝග අස්වැන්න යන්තම් මොරන විටදී සිදුකල යුතුය. බන්ඩක්කා නම් දවස් දෙකකට වතාවක් නෙලිය යුතුය. ඉහත වගාවේ එසේ අස්වනු නෙළීමක් සිදු වනු නොදිටි අතර මා එයට වතුර දාන්නට සිටි කෙනෙකුගෙන් අසා දැනගත් පරිදි එසේ එලවලු නෙලීම සිදුවන්නේ සතියට එක් දිනකි. එය බොහෝවිට සෙනසුරාදා වෙන්නට ඇත. ඒ නෙලන ලද එලවලු ඒ අයටම බෙදාගන්නට ලැබෙන අවස්ථාවක්ද කියන ලදී. එවිට මා ඇසු අතුරු ප්‍රශ්ණයක් වූ 
ඉතින් මේ මෝරපු බණ්ඩක්ක වම්බටු එහෙම කලින් සතියෙ මැද වගේ කට්ටිය හොරෙන් වගේ කඩන් යන්නෙ නැද්ද? යන්නට පිලිතුරු දුන් ඒ මනුස්සයා කිව්වේ..
මොනව උනත් චෙයාමන්ගෙ වම්බටු නේ..ඒ නිසා කවුරුත් අත තියන්නේ නෑ. අනික හදිසියෙන් චෙයාමන් නෝනත් එනව නේ මේක බලන්න. එතකොට කෝ එලෝලු කියල ඇහුවොත් කියල වෙන් ඇති. 
මටත් තේරෙනව මහත්තය මේව මෝරල කියල ඒත් ඉතින් මොනා කරන්නද?
ඒ මනුස්සයා වතුර දැමීමටම යෙදවූ ක්ලිනින් සේවකයකු වන්නට ඇත..අක්කර බාගයක වගාව වෙනුවෙන් ඒ වූ ක්‍රියාවලියෙන් අපි වවමු යන්න නම් සිදුවිය. නමුත් රට නැගීමක් වන්නේ නම් නැත.  
එකල රජය මගින් ගෙනගිය ඒ අපි වවමු ක්‍රියාවලිය රතු පක්ෂයට මඩ ගැසීමට ගත් තැතක් බවත් සමහරුන්ගේ අදහසයි. දිග රැවුල් කොන්ඩා සහිත වැවීමේ පැත්ත ඔවුන් හොඳින් කරන හෙයින් එක් කලෙක කෘෂිකර්ම අමාත්‍යාංශය පවා ලබාගන්නට රතු පක්ෂය සමත් විය. 
බණ්ඩක්කා ගසක්
අත්හැරදැමූ එලවලු මැස්සක ඇති බන්ඩක්කා වගාවක්

අපේ ගෙවල් දිහෑ බන්ඩක්කා වගාව.
අපි මුලින් බිම් සකසා ඉමු.බිම් සැකසීම දන්නේ නැති අයෙක් ඉහත තැනට ගොස් බිම් සැකසීම බලාගත හැක.සාමාන්‍යන් අපේ ගමේ බන්ඩක්කා ගොඩ ඉඩම් වල සහ මඩ ඉඩම්වල යන දෙයාකාරයෙන්ම හිටවයි. ඒ දෙකේදීම කරන්නේ කුඩා පස් කඳු ගසා ඒ මත කුඩා පාත්තියක් සදා එහි බන්ඩක්කා ඇට තුන හතරක් හිටවාගෙන(පස් ගොඩ මත ඇඟිල්ලෙන් තැනූ සිදුරු වලට බන්ඩක්කා ඇට දමා වසා දමයි) යෑමයි. එසේ වගාකල බන්ඩක්කා වගාවක් රූපයේ ඇත. එසේ පස් කඳු අතර සාමාන්‍යන් අඩි දෙකක පමණ පරතරයක් පවත්වා ගනී. බටු මිරිස් තක්කාලි මෙන් නොව බන්ඩක්කා ඇට තවාන් දැමීමෙකින් තොරව කෙලින්ම හිටවනු ලබයි. එසේ පැලවෙන ඇට සති තුන හතරක් යනවිට මඳක් විශාල වෙයි. එවිට ඒ පැලය වටා පස් දැමීම කල යුතුය. පස් එකතු කර කන්දක් වැනි ආකාරයට සැදූ පසු එය ගසට අමතර ආරක්ෂාවක් මෙන්ම මූල පද්ධතිය ශක්තිමත් කිරීමට හේතුවකි. සාමාන්‍යනේ කර්මාන්තයක් ලෙස බන්ඩක්කා වගාවේදී අනිවාර්යෙන්ම පොහොර සහ කෘමිනාශක තෙල් යොදයි. මන්ද බන්ඩක්කා කරල ලේසියෙන්ම පණුවන් සහ කෘමින්ගේ හානිවලට ලක්වන හෙයිනි. හොඳ පොහොර පසුබිමක් යටතේ හැදෙන සාරවත් බන්ඩක්කා ගසකට උවදුරු එනවා අඩුය. නමුත් වර්ථමානයේ පවතින ජෙට් මොඩල් එකට බොහොම ඉක්මනින් විශාල පළදාවක් ලබාදෙන බීජ වලින් තැනෙන පැලවලට තෙල් පෝර ගැසීම බොහෝවිට අත්‍යාවශ්‍යය.
පෙර කීවාක් මෙන් බන්ඩක්කා නෙලීම නම් නිසි පරිදි කල යුතුය. බන්ඩක්කා දින දෙකෙන් දෙකට නෙලයි. බන්ඩක්කා නෙලීමට අපේ ගම දිහා ඇත්තෝන් නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියා වැනි කෙස් සිට පය දක්වා වැසුනු ඇඳුම් කට්ටලයක් ඇඳ ගනී. නැත්තම් බන්ඩක්කා ගසේ ගෑවුනු තැන කසන බූව ගෑවීමෙන් දවසම කස කසා ඉන්නට පුලුවන් වෙයි. දැන් කස්ටිය නීල් ආම්ස්ටෝන් හඳට ගිය ආකාරය මතක් කරනවා විය හැක. එසේ කීවේ උදාහරණයකි. සාමාන්‍යන් අර කලු ඇඳගත් මුස්ලිම් ගැහුනුන් මෙන් සම්පූර්ණයෙන් වසා ගැන්ම පසුව ඇතිවන කැසීම් වලින් වැලකීමට හේතු වෙයි. අත් වලටත් රබර් අත් වැසුම් දෙක්ක දාගැන්මෙන් වැඩේ තවත් ලේසි වෙයි.
පසු අස්වනු 
අස්වැන්න නෙලීමෙන් පසු අපි චිරාත් කාලයක් තිස්සේ කරන්නේ මලු වල ඔබා ඒවා ලොරි වලට දමා කොළඹට හෝ වෙනත් වෙලෙන්දන්ට යැවීමයි. නමුත් දැන් ඇති එලවලු කූඩා ක්‍රමය බන්ඩක්කා වැනි බෝගවලට නම් මනාව ගැලපේ. එය නිසා එලවලු තැලීම අඩුය. නමුත් දමන්නට පුලුවං එලවලු ප්‍රමාණය අඩු වීමනම් විශාල ගැටලුවකි.

Saturday, January 14, 2012

බුදු සමය පහලට හෙලන ප්‍රචාර..

පහුගිය කාලයේ ඔඩෙල් නැමැති ආයතනය මගින් නිර්මිත බැනියමක දලදා මාලිගයේ පිංතූරයක් තිබීම මහා ගැටලුවක් විය. එය මහා පුදුමයක් ඇතිකරන කාරණාවකි. මේ සිරිලක දළදා මාලිගා බොහෝ ඇත. ඉපැරණි රජ දවස බොහෝ ස්ථානයන් වල දලදා හිමියන් වැඩවාසය කොට ඇත. ඒ දලදා මාලිගා යනු භෞතික වස්තුවකි. ඒ අනුව පොලොන්නරුව අනුරාදපුරය දොගල්දොරුව සහ එකී මෙකී නොකී තැන්වල දලදාව සිටි බැවින් එවැන් තැන්වල පිංතූර යොදැගැන්ම වැරදිය. අර බ්ලොග් එකක කියා තිබුනා සේ රුපියල් දෙසීය කොලේ දලදා මාලිගාව මුද්‍රනය වී එය ඩෙනිම් සාක්කුවේ පස්සට යට වී තිබුන එක කාටවත් කරදරයක් වූ යේ නැත. නමුත් ටී ෂර්ට් එකක එය තිබීම ගැටලුවකි. එවන් කාරණා සම්බන්ධ ගැටලු එනවිට ඒවා විසඳන්නට මහා මාධ්‍ය සංදර්ශනයන්ද වෙයි. වරදක් උණානම් හිමිහිට ඒ කමිස ටික ඉවත්කර තවත් එවන් දේ නොවෙන ලෙස වගබලාගන්නවා වෙනුවට තවත් ලෝකෙට අඬබෙර ගසා ලොවෙත් නැති කුමන්ත්‍රන ගාවාගෙන අපිට නාට්ටි පෙන්නන්නේ සිංහල බොදු අය බහුතරය ළමා පැනඩෝල් පැණිය බොන වයසේ බබාලා ලෙස සිටිනා නිසාදැයි නොදනිමු.
ක්‍රිස්තුස් වහන්සේ ගේ රුව ඇතුලත් කමිසයක්.
 මේ ආශ්‍රිතව පැනනැගී මට ඇසුන කටකතාවක් මෙසේය. එකල දලදා වහන්සේ ලංකාවට වඩම්මනවිට ඒ දළදා වහන්සේ හේමමාලා කුමරියගේ හිස මත අලංකාරව බැබලි බැබලී ගෙන ආ ආකාරය සෝලියස් මෙන්දිස් මහතාගේ මනසේ ඇඳුන ඡායාරුපය අනුව කැළණි විහාරයේ සිතුවම් වී ඇත. ඒ කටකතාවේ එන ආකාරයට අනාරක්ෂිත ලෙස කෙස් අස්සේ දළදාව සඟවාගෙන එන්නට හේතු වී ඇත්තේ දන්ත කුමාරයාෙග් වනචර හිතයි. කලින් දළදා වහන්සේ හේමමාලා කුමරියගේ තන් දෙක අතර සුරැකිව කිසිවෙකුටත් නොපෙනන පරිදි සඟවාගෙන තබාගෙන ලංකාවට ඒමට පිටත්ව අැත.එසේ කර ඇත්තේ වඩා ආරක්ෂාව ලබා ගැන්මටය. දැන් මෙන් නොව එකල ගැහැනු වටිනා කියන දෑ සඟවාගන්නේ තන් දෙක අතර පිහිටි විශේෂ අවකාශයක වේ.ඒ තැන්හි තැබීම වැඩි ආරක්ෂාවට හේතු වන බව ඔවුන් සිතන්නට ඇත. නමුත් වනචර දන්ත කුමාරයා අර දන්ත ධාතුන් වහන්සේ තිබේදැයි බැලීමට නිතරම හේමමාලා කුමරියගේ හැට්ටය අස්ෙස් අතදාන්නටත් එයින් නොනැවතී විවිධ ආකාරයේ දේවල් කරගන්නටත් ගොස් ඇත. එවිට කිපුන හේමමාලා කුමරිය මේ මොන කෝලමක්දැයි කියා කොන්ඩ කට්ටක ආරක්සිත කොපුවක් සාදා " හුම් දැන් ඉතින් ඕනි හැටියෙ බලාගන්න එකැයි ඇත්තේ යැයි කියා හිෙස් ගසාගෙන ඇත්තේ දන්ත කුමාරයාගේ නොරිස්සුම් මුහුන යටතේදීය." ඒ අවස්ථාවේ හොඳින් ඇසගසාගෙන සිටි දන් ත කුමාරයා හේමමාලා කුමරියගේ හිස මඳක් ගැස්සී දන්ත ධාතුන් වහන්සේ ගැස්සෙන විට " කෝ ඉතින් අපිනෙ වැරදි කාරයො..තව පොඩ්ඩෙන් දන්ත ධාතුව බිම..කලින් තැන තිබුනනම් මං ඔය ඉඳල හිටල තියෙනවද කිය බලනව විතරනේ" යැයි මැසිවිලි කියා ඇත..කෙසේ හෝ එකල දන්ත ධාතුන් වහන්සේ ලංකාවට සුරක්ෂිතව වැඩමවී අද දක්වා පැවතීම අපේ රටෙ තිබු බුද්දාගමට ඇති ගරුත්වය විදහා පායි..
මෙවන් කතාන්දර තුලින් බුද්ධාගමට අවැඩක් වනු නොඅනුමානය. මේවා වැලැක්විය යුතුය. නමුත් මේවා වැලැක්විය යුත්තේ ගහ බැන අඬගහගෙන නොවේ..සාමයෙනි.

Friday, January 13, 2012

නිදහස් අධ්‍යාපනය නැතිකිරීමේ වාසි.

නිදහස් අධ්‍යාපනය හඳුන්වාදුන්නේ එක්දාස් නවසිය හතලිස් ගනන් වලයඑකල සිවිල් සේවය නිසිපරිදි ගෙනයෑමට මනුස්සයෝ අඩු නිසා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුනි. නමුත් අද සිවිල් සේවයට සහ වෙනත් අවැසි සේවාවන් වලට බොහෝ පිරිස් ඇතිපදමටත් වඩා සිටී. එබැවින් මේ කාලයේ නිදහස් අධ්‍යාපනයක් නඩත්තු කිරීම රජයකට අමතර බරකි.
ලංකාවේ අධ්‍යාපනයට යෙදෙවෙන මුදල අඩුය. එය කේස් ඇතිවන සුලු තරම් සුලු ගානකි. එහෙත් අධ්‍යාපනයට යෙදෙවෙන මුදල සියල්ල පාසැල් විශ්ව විදයාල කාර්මික විදයාල සහ අනෙකුත් නිදහස් අධ්‍යාපන ආයතන පිණිසම යෙදෙවේ. වෙනත් ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවෙන තරම්ය. උදාහරණයක් ලෙස දැන් තොරතුරු තාක්ෂණ සහ පරිඝනක දැනුම ඇති අය සහ මෙලෝ කම්පුයුටර් අලබෝලයක් නොදන්නා අය ලෙස සමාජය පැහැදිලි ලෙස දෙකට බෙදෙමින් ඇත. එය සමාජීය වශයෙන් සැලසුම් ඇතිකිරීමට සහ මනුස්සයන් පාලනය කිරීමේදී ගැටලු ඇතිවෙන තැනකි. වැඩිහිටි පරපුර වෙත සහ පරිඝනක නැති අයවලුන් සඳහා පරිඝනක දැනුම බෙදා පරිඝනක භාවිතය වැඩිකර කෘෂි, ධීවර, කර්මාන්ත ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාවය වැඩිකිරීම ගැන කතාවක් වත් නැත. හිටපුගමන් අකලට පොල් වට්ටවන්නා සේ තැනක දෙකක කුඩා ව්‍යාපෘති වෙයි. නමුත් සමස්ථයක් ලෙස වැඩිහිටි ඉංගිරිස්සි පරිඝනක දැනුම කෙරෙහි රජයට වැඩපිලිවෙලක් නැත..
 උපාධිධාරින් ඩිප්ලෝමාධාරීන් නැතිවීම රටට කේස් එකක් නෙමෙද??
අද ලංකාවේ සිටිය යුතු මට්ටමට වඩා උපාධිධාරින් සිටිති. වෛද්‍ය ක්ෂේත්‍රය හැරුණු විට අනෙක් සෑම ක්ෂේත්‍රයකම විශාල හිඟපාඩුවක් නැත. දැන් සමහර රජයේ තැනක ලිපිකාරයෙක් කලයුතු වැඩය උපාදිකාරයෙක් කරනු ලබයි. යම් තැනක තාක්ෂණික සේවකයෙක් කල යුතු වැඩය ඉන්ජිනේරු මහතෙකු කරයි. ඒ එසේ වන්නේ රටේ උගෙන ගෙන ඇති මනුස්සයින් සංඛ්‍යාව වැඩි වී ඒ සමාන්තරව කර්මාන්ත සහ වෙනත් ක්ෂේත්‍ර වල ධාරිතාව වැඩි වීම හේතුවෙනි. මෙයට කලයුතු වන්නේ කර්මාන්ත සහ නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමයි. නමුත් ඒ කාර්යය අපාසු බැවින් නිකම් අධ්‍යාපනය ලබා දීමට රජයෙන් වියදම් කරන විශාල මුදල කපාහැරිමේ වරදක් නැත..අධ්‍යාපනය යනු අද දින වෙනත් දියුණු රටවල සහ ලෝකයේ බලන විට විශාල පරාසයක පැතිරී ඇති විශයයන් ගානකින් සමන්විත දෙයකි. අද දින තැනෙන නව ලෝකයට සරිලන නව දැනුම තාක්ෂණය අනුව උපාදි සහ ඩිප්ලෝමාද නවීන විය යුතුය. රජය මගින් තනන ලද විශය නිර්දේශ සහ ක්ෂේත්‍ර වලට හිර නොවී නවී න දැනුම අවැසි පරිදි දැනගැන්මට නිදහස් අධ්‍යාපනය නැතිපරිසරයක් තුලදි හැකියාව ලැබේ..

ගමේ ගොඩේ අපිට ඉස්සරහට එන මාවත නැතිවෙයිද?
ගමේ සිටි සිරිපාලගේ පුතා වන සිරිසොම මලයා නගරයට විත් නගරයේ උපාදියක් ගෙන ඔහු නගරයේ පදිංචියට ගියාය කියා ඔහුට හැර වෙනත් කිසිවෙකුට උන සෙතක් නැත..ඔහුට පවා ගමේ සිට සිරිපාල කල දේකට උදව්වක් දීගෙන වැඩක් පලක් කරගෙන සිටියානම් අද සිරිපාල සිටින තැනට වඩා බොහෝ ඉහලට යන්නට සිරිසෝම සහ ඒ පවුල සමත් වනු ඇත. නමුත් මේ ඊනියා නිදහස් අධ්‍යාපනය නැමැති ප්‍රෝඩාව හරහා ගමේ සිටි දක්ෂ දියුණූ මනසක් ඇති පුද්ගලයින් නගරයේ ඇති මහා සමාජයේකුඩා ඉත්තන් බවට පත්කර ඇත. හුදෙක් නිදහස් අධ්‍යාපනය යනු පුද්ගලික මට්ටමේ ඉනිමගක් පමණි. මහා සමාජය අතින් ගත්කල නිදහස් අධ්‍යාපනය අදදින මහා විශාල පාලමක් තනා නැත. ගමේ දක්ෂයෙක් වෙයි..ඔහු නගරයට අදී..ඉන්පසු ඔහු කුඩා තැනකට කොටු කර ඔහුගේ සමස්ථ හැකියාවන් කේන්ද්‍රගත කොට ඔහු ලක්ෂයක් බවට පත්කරයි.මේ හැර ගමටමේ හරහා උන මහත් ලොකු අලගෙඩියක් නැත. ගමේ දක්ෂයින් ගමේම සිටියානම් කසිප්පු පියදාසගේ කොල්ලා පාර්ලිමේන්තු යන්නේ නැත. ඔවුන් ගමේ සිට ගම සංවිධානය කරමින් එයට නායකත්වය දෙනු ඇත. අදවී ඇත්තේ නායකයින් සියල්ල එක තැනකය..පිහිට ලැබිය යුතු බුද්ධිය අඩු පිරිස තවත් තැනකය..

 නිදහස් අධ්‍යාපනය දක්ෂයින් බිහිකරන්නේ නැත්ද?
නිදහස් අද්‍යාපනය හරහා අධ්‍යාපනයේ ඇති වටිනාකම ගම්‍ය වන්නේ නැත. නිකම් ඔහේ දෙන්නන් වාලේ ගන්නවාය. ගන්නන් වාලේ ලියනවාය. ඊට අමතරව වටිනාකමක් මෙහි නැත. විභාගය සමත් වීම එසයින්මන්ට් ගොඩ දෑම. ආදී සුලු සුලු කොස් වලට අද අධ්‍යාපන ක්‍රමයේ විශාල කොටසක් කැපවී ඇත. ඒතුල සිතා මතා යමක් කිරීමට හැකියාව ඇති නිර්මාණ ශීලි අයට වඩා ගිරවුන් ඉදිරියට එති. ගිරවුන්ම ජයගනිති. නමුත් පුද්ගලික අධ්‍යාපන ක්‍රමයක් තුල දක්ෂයින්ට තැනක් ඉබේම ලැබේ. බ්‍රොයිලර් කුකුලන් මෙන් කැම්පස් එක තුල පමණක් පොරවල් වන දැන් සිටින ලොුක අයියලාට වඩා සමාජිය අතින් පොහොසත් ප්‍රායෝගික අතින් දියුණු පීඩනයක් යටතේ වැඩකල හැකි අය පුද්ගලික අධ්‍යාපනයක් යටතේ වැඩිවැඩියෙන් බිහි වනු ඇත. එයට හේතුවක් වන්නේ ඔවුන් මුදල් සොයාගන්නා ගමන් හෝ නැත්නම් දෙමාපියන්ගෙ මැසිවිලි මැදින් සිය අධ්‍යාපනය කරගෙන යන බැවිනි..


අධ්‍යාපනය පුද්ගලීකරණය උනොත් තත්වය අඩු වෙයිද?
තත්වය අඩු වීම කතා කිරීමට කලින් අපිට තත්වයක් තිබේදැයි අපි කල්පනා කල යුතුව ඇත. අපේ රටේ විශ්ව විද්‍යාලයන් අතුරින් ලෝකයේ විශ්ව විද්‍යාල දහස ඇතුලට වත් ඇතුලත් වන්නට එකක් නැත. අපේ රටේ බිහිවන දහස් ගණනක් උපාධීකරුවන් අතරින් ලෝකයට යන්නේ ඉතාම අතලොස්සකි. රටට වැඩ ඇති වැඩ වල ඉන්නේ එහෙමත් එකෙකි. තමුන්ගේ දෙයක් නිශ්පාදනය කරගෙන තමුන්ගේ වටිනාකම් නිපදවාගන්නට හිතන්නේ ඉතාමත් ලොකු ඇගේ අමාරු කාරයෙක් පමණි. සියල්ලො ්ඉගනුම අහවර වී හති ඇරීමට සුව පුටු සොයති. මේ තත්වය නොසලකා හැරියත් යම් පාඨමාලාවක් හෝ වෙනත් උපාධියක් නිකම්ම වාගේ මුදලට දෙන්නේ යම් තැනකද එතැන වටිනාකම අඩුය. උපාදි සහතික දීමේදී ඩිප්ලෝමා දීමේදී පිළිගත් කිසිදු ස්ථානයක විභාග හෝ වෙනත් ඇගයීම් නැතුව මුදලට සහතික ලබා දෙන්නේ නම් එම ස්ථාවල දෙනු ලබන සහතික පසුකලක ඉබේම පිළිගැන්ම අඩු වී යයි.

Thursday, January 12, 2012

මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt)

මා අද උදේ දුම්රිය ස්ථානයේ සිට කන්තෝරුවට එන අතරමඟයි. ඒ අතර විශාල පශ්චාත් භාගයක් පෙන්නුම් කරන අපේ කන්තෝරු සංකීර්ණයේම සිටින, විධායක ශ්‍රේණියේ නිලධාරිණියක් මා පැමිණි දුම්රියේ පැමිණ මා පසුකර ගියාය. ඇය පසුපසින් තවත් තුන් හතර දෙනෙක් ගියෝය. මාද මේ කිනම් කලබලයක්දැයි බැලීමට පසුපසින් ගිය උන් පසුපස ගියෙමි. වී ඇත්තේ මාර සිද්ධියකි. අර මා කිව් නිලධාරිනිය කිටි කිටියේ හිරවෙන ආකාරයේ කලිසම් අඳින්නියකි. ඇයඒ සඳහා විශාල වෙහෙසක් දරයි. ඇවිදීම ආදි සියලු ඉරියව් වලින් පස්සම උලුප්පා පෙන්වීමට ඇය විශාල වෙහෙසක් දරයි. අලුතින් නිලයකට පත්වූ විද්‍යාපති උපාධිධාරිණියක් වන ඇයට එය නොගැලපෙන දෙයක් උවත් ඇය එසේ කරයි. ඇය අමාරුවෙන් විවිධ ඉරියව් වලින් සහ ඇඳුම් හරහා උලුප්පා පෙන්නුම් කරනදේ අපි නොබලා සිටීම ඇයට දුක හිතෙන කාර්යයක් විය හැකි බැවින්මා ඇතුලු මිතුරන් ඇය යනඑන හැම තැන ඇගේ පසුපස දෙස කට ඇරගෙන හෝ වහගෙන බලා සිටිමු. දැනට මාස ගණනක සිට ඇගේ ඇඳුම නිතිපතා කිටිකිටියේ තදවෙන එකකි..අද ඇතිවූ අරුමය නම් කිනම්  හෝ අකරතැබ්බයක්  නිසා ඇය පසුපස කොටසට යටට ඇඳි කලිසමක් පෙනීමයි. එය මහත්වූ කරුනක් නොවේ. සුපර් මෑන් බැට් මෑන් ස්පයිඩර් මෑන් වැනි කාටුන් චරිත,චිත්‍රපට වලට එනවිටත් යට ඇඳුම උඩට ඇඳගෙන සිටිනුමා දැක ඇත. එහෙත්මේ කාන්තාවක් බැවින් මිනිසුන් බලනවා විය හැක. සාමාන්‍යයෙන් කිටි කිටියේ හිරවෙන යටට ඇඳි සබ්බ සකලමනාව මැනවින් දාර සහිතව පෙන්නුම් කරන පරිදි අඳින ඇයගේ පස්ස තවත් ජනප්‍රිය කරගැන්මට මෙය තවත් උපායක්ද විය හැක. .
කෙසේ උවත් මාද බැලුවෙමි. අනෙක් අයද බලනු මම දිටිමි. තවත් කාන්තාවොද උඩට ඇඳි දුහුල් සේල වැනි සැට්ටයෙන් යන්තම් වැසී එහෙත් කදිමට අඟලක් දෙකක් දුරට යටට පේන ඇගේ යට ඇඳුම බල බලා ආවෝය..මා වහා නැවතුනේ මගේ ඇති ශීලයක් නිසා නොෙව්. ඇය සමග සමාන්තරව යෑම මට යම් ලැජ්ජාවක් ඇතිකල බැවිනි. මන්ද ඇය අපේ කන්තෝරු සංකීර්ණයේ වැඩ කරන ඉහල ශ්‍රේණියේ ගෑනු කෙනෙක්වූ නිසාය.


කාන්තා පස්ස ආකර්ශනීය උපාංගයක් වූයේ ඇයි.. .
ඩෙස්මන් මොරිස් නැමැති අය ලියූ නිරුවත් වානරයා නම් පොතෙහි ඇති මට මතක ඇති කොටසකට අනුව මිනිසාෙග් දරුවන් වැදීම අදාල වන්නේ කාන්තා පාර්ශවයටය. එම කර්තව්‍යයේදී එම කලලය දරා සිටීම සඳහා ඇගේ ඉණ සහ පසුපස කොටස් ඒ අනුකූලව විශාල ලෙස තැනී ඇත. ඊට අමතරව මනුස්සයා නැමැති සත්වයාගේ ස්ත්‍රී ලිංගික අවයවය පිහිටා ඇති ආකාරය අනුව ඇය සිටගෙන ගමන් කිරීමේදී ඇගේ ලිංගික අවයව අනෙක් තිරිසන් සතුන්ගේ පරිදි දර්ශනය නොවේ. සමහර ජාතිවල වඳුරන්ගේ ලිංගික අවයව ආශ්‍රිතව වර්ණ සපිරි ලෙස ආකර්ශනීය ආකාරයට ඇත. වඳුරන්ගේ චර්යාවන් අනුව ඔවුන්ට ඒ ලිංගික අවයව පැහැදිලිලෙස දර්ශනය වෙයි. නමුත් මනුස්ස සතාගේ ගෑනු සතාට එසේ පැහැදිලි ලෙස දර්ශනය කොට ආකර්ශනය ලබාගැන්මේ හැකියාවක් නැත. මන්ද එය පිහිටි ස්ථානය හිටගෙන කරන ක්‍රියාකාකරකම් වලදී දර්ශනය නොවන බැවිනි. එබැවින් ගැහැනු අයට සිය පශ්චාත් භාගය සහ ඉදිරිපස පියයුරු යුගල රවුං සහ මනාව නිමකල පෙනුමකින් නිර්මාණය වූයේලු. එ් හරහා සිටගෙන සිටීමේදී ත් කාන්තාවන්ට සෘංගාරාත්මක දර්ශණ නිකුත්කිරීමේ වාසනාව උදා වූ බව මානව විද්‍යඥයින්ගේ මතයයි. 
විශාල අලංකාර තක්කාලි ගෙඩියක්..
ඇඳුමින් හෙලි වන රහස්.. 
එසේ මනුසතාට ඉබේම නිර්මාණය වූ පුදර්ශනාත්මක අගයෙන් යුතු අංග ඇඳුම් මඟින් මනාව උලුප්පා පෙන්වීම සිදුකරයි. සාරිය ඔසරිය මගින්ද,මිනි ගවුම් දිග ගවුම් මගින්ද කරන්නේ එකම කර්තව්‍යයයි. එනම් කාන්තාවන්ගේ කාන්තා ස්වරූපය ඉස්මතු කර පෙන්වීමයි. නමුත් කාන්තාවන් වෙනත් රළු ඇඳුම් අඳින අවස්ථාවන් වලදී ඔවුන්ගේ කාන්තා ගතිය කැපීයන ආකාරයක් පෙන්නුම් කරයි. නමුත් පුරුෂයා හා සමව සේවාවෙහි නිරත අද කාන්තාවට සමාජීය වශයෙන් කාන්තා අනන්‍යතාවය නැමති දේ නඩත්තු කරනවාට වඩා තම පුද්ගල පෞරුෂයය නඩත්තු කරගැන්මට අවැසි බැවින් ඔවුන් කලිසම කරා යොමුවන්නට ඇත. නමුත් පසු කාලීනව ඒ හරහාත් කාන්තා බව නිරූපනය කරගැන්මට අවැසි වූ හෙයින් ස්වරූපය ඉස්මතු කර පෙන්වන ආකාරයේ කිටි කිටියේ තදවෙන ඇඳුම් කරලියට එන්නට ඇත. එහෙත් විශාල වියයුතු කොටස් විශාල ලෙස නොපිහිටි ගැහැනු අයට මේ කිටිකිටි ඇඳුම් ගෙන ආවේ සැනසීමක් නොවේ. විශාල කොට පෙන්වන යට ඇඳුම් ඇඳීමට සිදුවීම. ඇවිදින ඉරියව් වෙනස් කිරීමට සිදුවීම. සෙරප්පු සපත්තු වෙනස් කිරීමට සිදුවීම. සහ නවතම ජනප්‍රිය ආකාරය වන සිමෙන්ති වැනි සිලිකන් කුට්ටි වලින් කාන්තා ආකර්ශනය දෙනු ලබන අවයව පිරවීම වැනි කාර්යයන් කෙරෙයි. පසුගිය දිනවල ප්‍රංශයෙන් වාර්ථා වූ ආකාරයට පියයුරු විශාලනය සඳහා එසේ ඇතුලත් කරගත් සිලිකන් සිමෙන්ති බදාම වර්ගය විෂ සහිත වන බැවින් කාන්තාවන් තිස්දාහකට යලි සැත්කම් කොට ඒ අනුමැතියෙන් තොර සිලිකන් බදාම ඉවත්කල යුතු වෙයිලු..

ලාංකික සරල කෑල්ලට ගැලපෙන ඇඳුම...


ලාංකික අපි අයිතිවන්නේ ආසියානු පසුබිමටයි. ආසියානු රටාව තුල පෙනෙන දකින දේට වඩා සිත තුල ඇති මතිමතාන්තර වලට වඩා ලොකු තැනක් ලැබේ. ඒ අනුව ආසියානු ලඳ මෙසේ විය යුතුය. ඇය මෙසේ හැසිරිය යුතුය. මා කසාදයට ගන්නා ගෑනිය මේ ආකාර විය යුතුයැයි පැහැදිලිව පැලපදියම් වූ හෝ පැලපදියම් කරන ලද චිත්ත රූපයක් සෑම පිරිමියකුම සතු වෙයි. ඒ අනුව ආසියානු පිරිමි ආශා කරන්නේ හුදෙක් අවයව කෙලින්ම පෙන්වන හිතුනු දේ කියන රිසි සේ හැසිරෙන කාන්තාවන්ට වඩා ඔවුන්ට උගන්වා ඇති සරල ගැහැනු ලමුන්ටය. එහෙත් සැබෑ ලෝකයේ එවන් ගෑනු නැති බව දන්නේ ඔවුන් කසාද බැඳීමෙනුත් බොහෝ කලක් ගිය පසුය. ඒ නිසා බටහිර රටවල මීට දසවසකට පෙර තිබූ විලාසිතා නව ලෙස ගෙන හෝ බට හිර පන්නයට හැදුනු අය විසින් බාවිත කරන විලාසිතා අපේ අයට එතරම් දිරවන්නේ නැත. උදාහරණයක් ලෙස ලංකාවේ එක්තරා කලෙක කාර්යාල සඳහා කොටට ඇඳීමේ විලාසිතාවක් එන ලදී. නමුත් කිනම් හෝ කරුණක් නිසා දැන් එය කලිසම් හෝ සාරි වලට මාරු වී පරණ ක්‍රමයට යයි. එයට එක් හේතුවක් නම් ලංකාවේ ගැහැනු අය සතුව බටහිර රටවල මෙන් තනිකර බටර් පාට කකුල් නැතිවීම එක් හේතුවක් විය හැක. නමුත් එවන් විලාසිතා ගෑනුන්ට නොගැලපෙන බවට සිත තුල එල්ලා තැබූ මත හේතුවෙන් අවශේෂ කාරණා වලට හැර විවාහ වැනි කාරණාවලට යොමු වීමේදි ලාංකිය මොඩර්න් පිරිමියා කොටට අඳින කාන්තාවෝ දෙස වපර ඇසින් බලති. මා ලබා ඇති අත් දැකීම් අනුව ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පන විලාසිතා මඟින් කෙටිකාලීන කෂණික ආකර්ශනයක් කාන්තාවන් වෙත ලැබුනත් දිගුකාලීනව ඇයට ඒ හරහා ලැබෙන්ෙන් එතරම් හොඳ පිංතූරයක් නොවේ. එසේම ලාංකික වල් පිරිමි (මාද ඇතුලු) ගැහැනු විලාසිතා කරන විට ඒ විලාසිතා සහිත අංගය දෙස කන්න මෙන් බලනවා විනා වෙනත් ලක්ෂණ කෙරෙහි බලනවා අඩුය. උදාහරණ ලෙස අයෙක් විශාල දැනුම් සම්භාරයක් සහිත පුලුල් දැනුමක් සහිත ගැහැනු කෙනෙක් වී ඇය ඇඳන් එන ඇඳුම ලිංගිකත්වය උල්පන ආකාරයේ එකක් වෙයි නම් අපිට ඇය මතක හිටින්නේ ඇගේ දක්ෂතා අනුව නොවේ. ඇගේ ඇඳුම අනුවය. එය ඇය විසින් අමාරුවෙන් ලබාගන්නා ලද දක්ෂතා කැපී යාමට හෙතුවිය හැක. 


බටහිර මතය...
මා සාමන්‍යනේ දෙයක් කිමට පෙර දෙතුන් වතාවක් සොයා බැල්ම කරයි.මේ කාන්තා පස්ස ගැන සොයා බැලීමේදී බටහිර ලෝකයේ Kim Kardashian නැමැති කාන්තාවට විශාල පස්සක් හිමි බව සොයාගන්නා ලදී. ඇය නිරූපිකාවකි. ඇයගේ පස්ස ඇත්තද බොරුද යන්න සී එන් එන් වැනි විශාල ප්‍රමාණයේ නිවුස් චැනල් වල පවා ජනප්‍රිය වූ සංවාද ඇති වී ඇත. එයින් සමහරක් කියන්නේ ඇය පශ්චාත් භාගය නැවත පුරවා ඇති බවයි. සමහරෙක් ඇය ඇඳුමෙන් එය උලුප්පන බව කියති. කෙසේ වෙතත් ඒ යූටියුබ් වීඩියෝ නම් මනා ආතල් එකක් ලබාගත හැකි ඒවාය. එක් අවස්ථාවක මේ කියන නිරූපිකාව සිය පස්ස සත්‍ය බව පෙන්වීමට එක්ස් කිරණ පරීක්ෂණයකට පවා යොමු වී ඇත.  මේ පස්ස පිළිබඳ ගිය එක්තරා වාදකදී ඇයට 2006දි තිබුනේ කුඩා පස්සක් බවත් 2010දී එය විශාල වී ඇති බවත් කියයි. එහිදී සාමාන්‍යනේ කාන්තාවන්ගේ මහත් වන ආකාරය සලකා බලා නැතිබව මගේ අදහසයි. කාන්තාවන් මහත් වන ආකාර කීපයක් තිබේ..බඩ ආශ්‍රිත කොටස් මහත් වීම එකකි. අනික නම් කකුල් කලවා සහ පස්ස පැත්තෙ කොටස මහත් වීමයි. අධික පෝෂණය හේතුවෙන් ඇතිවන මේද මේ දෙකලවා වල සහ උදරීය කොටස් වල ගබඩා වීමේ සංසිද්ධියක්ද ඇත. ඊට අමතරව විවාහයෙන් පසු දරුවන් ඇතිවීම සඳහා ශරීරය හැඩගැස්විමේ ශරීරය මඟින් ඉටුකරන ව්‍යාපෘති මගින්ද පශ්චාත් භාගය විශාල කොට පෙන්වයි.ඒ වැනි කාරණාවක් නිසා ඇයෙගේ පස්ස 2006ට වඩා 2010දී ලොකු වූවා වන්නට ඇත..

Wednesday, January 11, 2012

ගොඩනැගිලි සේවා වෘත්තිය (Building service Engineering)

මෙය නව සංකල්පයක් අපි දන්නව ගොඩනැගිල්ලක් තැනීම කියන්නෙ සරල දෙයක් නෙමෙ.ඒ වගේම නඩත්තු කිරීමත් ලේසි පහසු දෙයක් නෙමෙයි. .ගොඩනැගිල්ලකට අවැසි සේවා සහ අවැසිතාවයන්ට අනුකූලව තැනුනු ක්ෂේත්‍රයක් තමයි ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හරහා ගොඩනැගිල්ලක අවකාශය තැනීමට අමතරව පරිපූර්ණ විය යුතු අංග සලකා බලනවා. අපි ඉංජිනේරුමය ක්‍රමවේදයක් භාවිත කරන්නෙ නිසියාකාර සැලසුමක් අනුව, අපිට සරිලන වියදමකින් අවැසි දේවල් නිපදවාගන්න. ඒක ගොඩනැගිල්ලකටත් අදාලයි.
මෙවන් කොටසක් මවන එක ලේසි වැඩක්ද?


අපි හිතමු ගෙයක් කියල ගෙයක් හදල අපි පදිංචියට එකපාර ඩොග් ගාල යන්න බෑනෙ..බොහොම ඉස්සර ගල් ගුහාවල ඉන්න කාලෙනම් කැට ලබ්බයි ගල් ආයුධ කෑලිටිකය් අරන් අපිට ඕනි තැනක ලැගල හිටිය හැකි. නමුත් අද වෙනකොට තත්වය සංකීර්ණයි. ජලය, විදුලිය,දුරකථන, ගෘහභාන්ඩ, හිරුඑළිය, අවකාශය වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න වෙනව. ඒ වගේම ගොඩක් අය ඉන්න ලොකු සයිස් බිල්ඩින් එකක නම් ටොයිලට් පද්ධතිය, ගිනි නිවීමේ පද්ධතිය, වායුසමණ පද්ධතිය, සහ වෙනත් ප්‍රථමාධාර වගේ දේවල් ගැන අපිට සැලකිල්ල යොමු කරන්න වෙනව. උදාහරණ විදියට අපි වැසිකිලි පද්ධතිය සලකමු. නිසියාකාරව තනන ලද තට්ටු ගොඩනැගිල්ලක වැසිකිලි පද්ධතියේ අවහිරතාවයක් ඇතිඋනොත් ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්..ගොඩනැගිල්ලකට අවැසි සියලු සේවා වන් එකවර සැලසුම් කිරීම නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑම ආදී කර්තව්‍යයන් සිදුකරන්න මේ වගේ ගොඩැනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව වැදගත් වෙනව. අපි සරල උදාහරණයක් ගමු..ඔන්න බිල්ඩිමේ එක තට්ටුවක ඒ සී එක වැඩ නෑ විදුලිබල කාන්දුවක් නිසා..ඉතින් අපි ඒකට අවැසි පරිදි සැකසීම් කරනවිට අපිට ගොඩනැගිල්ලේ මූලික දේවල් ගැන අවබෝධයක් නැත්නම් එනම් අනෙක් වතුර බට,වැසිකිලි බට, ආදිය ගැන සැලකිල්ලක් නැත්තනම් බිත්ති කඩල වයර් මාරු කරල අර විදුලි ගැටලුව විසඳනකොට තවත් විශාල ගැටලු ගානක් ඇතිවෙලා තියෙයි. ඒ නිසා මේ ගොඩනැගිලි සේවා සියල්ල එකතු කරපු ඉංජිනේරුමය ක්ෂේත්‍රයකට අපි කියෙනව ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියල. ඒකට අයිති දේවල් සලකා බලමු.
  • වාතාශ්‍රය සහ වායුසමන පද්ධති.(Ventilation & Air Conditioning)
  • සෝපාන සහ පිටවීමේ ඇතුල්වීමේ ආකාර..(Escalators)
  • සොබාවික සහ කෘතීම ආලෝකය(Lighting)
  • ගිනි නිවීමේ පද්ධති(Fire Protection)
  • විදුලිබල සැපයුම.(Power Supply)
  • දුරකථන අන්තර්ජාල සහ ජාල පහසුකම්(Network Facilitate)
  • සනීපාරක්ෂක සහ පිරිසිදු කිරිමේ සේවා.
  •  පයිප්ප හා බට එකලස් කිරීම..(Plumbing)


මේ ආකාරයට කොටස් ගානක තියෙන විශය පථයන් රාශියක් ගොඩනැගිලි සේවා ඉංජිනේරු අංශයට ඇතුලත් වෙනවා. මේ යටතේ ඒ ඒ දේවල් සැලසුම් කිරීම ඉදිකිරීම අධීක්ෂය කිරීම ආදිය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට පැවරෙන රාජකාරි වෙනවා. අමෙරිකාව කැනඩාව ඔස්ට්‍රෙලියාව එංගලන්තය ආදී රටවල ජනප්‍රිය ඉංජිනේරු ක්ෂේත්‍රයක් තමා මේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හැමදේ ගැනම ඉතා ගැඹුරින් සලකා බැලීමක් නොකලත් ගොඩනැගිල්ලකට සම්බන්ධ වෙන හැම පද්ධතියක් ගැනම මනා අවබෝධයක් ලබාගන්න මේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නන්ට පුලුවන් වනවා. යාන්ත්‍රික, විදුලි, සහ සිවිල් යන ප්‍රධාන ඉංජිනේරු අංශ තුනම මේ ඉංජිනේරු විද්‍යාවට ඇතුලත්. 
 මුලු ලෝකයම දැන් දැන් බලශක්තිය සම්බන්ධ ගැටලුවකට මුහුන දෙමින් ඉන්නවා. ඒ නිසාමේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාවත් දැන් බලශක්තිය සහ පරිසර හිතකාමී නවීන පන්නයේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමට නැඹුරු වෙමින් පවතිනවා. පද්ධති ගණනාවක් එකවර හැසිරවීම මගින් ඒ ඒ දේවල් වල ඇති සියලු අහිතකර මානයන් සොයාගෙන ඒවා නැතිකරන්න ක්‍රියාකරන්න පුලුවනි. උදාහරණයක් විදියට අපිට වායුසමණ පද්ධතිය සහ ගොඩනැගිල්ලට ආලෝකය සැපයීම යන දෙකම එකම තැනකින් සොයාබැලෙන අවස්ථාවකදි වායු සමණ පද්ධතියට වැයවන විදුලි බලය අඩුවෙන ආකාරයේ නව විසඳුම් හොයාගන්න අවකාශ ලැබෙනවා.


ලංකාවෙත් මේ සම්බන්ධ පාඨමාලා දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒ යටතේ උසස් ජාතික ඩිප්ලෝමා(HND), ඩිප්ලෝමා, පශ්චාත් උපාධි(Msc) රජයේ වගේම පුද්ගලික අංශයෙත් දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒවාට සම්බන්ධ වෙලා මේ වගේ ක්ෂේත්‍රයක් හැදෑරුවොත් ඕනි කාලෙක රැකියාවක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ..

Monday, January 9, 2012

ස්පර්ශක ආදරය (touch love) 2

එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය.
 කැන් අයි ස්පීක් ටු මිස් දීප්තිකා ප්ලීස්..ඒ සුමිත් ගොයියාගේ කටහඬ බව ඈට මතක් විය. එදින තමුන් සමග බීච් යෑමට අකලංක පැමිනෙන බවක් කියා තිබුනා දීප්තිකාට මතකය.
ඉතින් අපි යමුද පොඩි ගමනක්..ගමනක් කිව්වට ගමනක්ම නෙමෙ..මගේ යාලුවෙක් ඩ්‍රාමා එකක් හදල..ඌ මට ටිකට්ස් දෙකක් දුන්න යමුද බලන්න..අවුලක් නෑ සෝක් ඩ්‍රාමා එක..සුමිත් පවසන්නට විය..
දීප්තිකා ස්ටක් විය..කරගන්නට දෙයක් නැත..හදිසියේ නින්දෙන් අවදි වූ ගමන්ම නිසා බොරුවක් ලෝඩ් වන්නේද නැත.. සු..සු.සුමිත් අපි වෙන දවසක යන්ද අද බෑ අනේ..හරි මහන්සියි අප්පා...
ඈ දොස්තර නෝනලටත් මහන්සි ලෙඩ හැදෙනවද?/මෙහෙමයි මෙයා මෛක මගේ යාලුවෙක් කරන එකක් ආවෙ නැති උනොත් ඌ අවුල් වෙයි..එහෙනම් මං යන්නම් ඈ..මං ඔයාට බලකරන්නෙ නෑ..ඔයා ඉතින් වරු ගනන් ටෝක් කරල අරන් යන්න මට බෑ..කොහොමත් මට කෙල්ලො ටෝක් කරල ඇක්ස්පීරියන්ස් එකකුත් නෑ..මං පොත්වල දැකල තියෙනව කෙල්ලො පලවෙනි පාර කොහෙ හරි යන්න කතාකලාම බෑ කියනව..එහෙම වෙන්න ඇති..ඒත් ඔයා එයි කියල මං හිතුව..සුමිත් කීවේය...

පිස්සුද සුමිත් ඔයා හිතනවද මං නිකම් කොල්ලො ටෝක් කලාම කැමතිවෙලා එහෙ මෙහෙ යන්න අර ඕ ලෙවල් කරන එහෙම නැත්තං පැක්ටරියක වැඩ කරන ගර්ල් කෙනෙක් කියල..දීප්තිකාට තදවිය..
හරි හරි මැඩම් මං කතාකලේ නාට්ටියක් බලන්න නේ ඔයා තරහගන්න එපා..ඔයාට අද තරහත් යනව වැඩි අපි වෙන දවසක බලමු නේ..
සුමිත් තරහ වෙන්න එපා අපි වෙන දවසක යමු..මට පොඩි ස්ටඩි වැඩ වගයකුත් තියෙනව කරන්න..ඔයා දන්නවනේ ඉතින් මේ වගේ දවසක තමයි අපි වගේ අය හැම වැඩේම දාගන්නෙ..
සුමිත් එදා නාට්ටිය බලන්නට ගියේය..ඔහු නාට්ටිය බලා කොල්ලන් කීප දෙනකු සමග පාරේ එනවිට අකලංකගේ කාර් රථය මුහුනට හමු විය. ඒතුල දීප්තිකා විය. දීප්තිකා විසින් සුම්ත්ව දක්නා ලදී. සුමිත් යාලුවන් සමඟ යයි..යාලුවෙක් විසින් දෙසාබාන කුමක් හෝ සුමිත් අසාගෙන යයි.. ඔහුගේ සැහැල්ලු දිවිය ගැන දීප්තිකාට ආශාවක් ඇති උනි..
අකලංක හැමදාම දාන ඉංගිරිස් සින්දු සෙට් එකක් දාගෙන යයි. ඒ සින්දු ඔහු ආශා කරන ඒවා නොවේ..එහෙත් අකලංක එවන් සින්දු ඇසීමට පුරුදු වි සිටින්නේ ඔහු වැනි අන් අය ඒවා අසන නිසාය.. අකලංකට ඇත්තේ සමාජ උණකි..කාර් මාරු කිරීම..විදේශ සංචාර යෑම..ආදි ලොකු පැලැන්තියේ දේවලට ආශා කල අයෙකි අකලංක. වෙනත් මුදල් හදල් ඇති වෛද්‍යවරුන් යමකින් සතුටු වෙයිද එයින්ම අපිටත් සතුටු විය හැකියැයි හීනමානයක් අකලංක තුල ඇතැයි දීප්තිකාට සිතුනි.. දීප්තිකා එතරම් බරසාර හෝ ටයර් සහිත බඩසාර එකියක් නොවේ..එහෙත් අකලංකට ඇය සමඟ මුහුදු වෙරලේ ඇවිදින්නට උවමනා වූයේ එක්සයිස් උණ ඇඟට ගැසීම නිසාය..ඔහුගේ මිතුරන් රැලේ කීප දෙනෙකුද ඒ අතර හමුවෙයි.. මේ මගේ අනාගත ගෑනි යැයි තමුන්ගේ රූපය අනුන්ට පෙන්නීමේ උණක් ඔහු වෙත ඇතැයි දීප්තිකා සිතයි..ඇය ගැන ඇයටම පුදුමය..සුමිත් හමුවන්නට පෙර තමනුත් අකලංක සමග කිසිදු අමනාපයකින් තොරව ඔහේ ගියේය..ඔහු කරන දේම කලේය..ඒවා සොයා බලා වැඩිදියුණු කලේය..සංගම් වලට රැස්වීම් වලට සහභාගී විය. නමුත් දැන් දැන් අකලංක සහ ඔහුගේ බොහෝ දේ කෙරෙහි දීප්තිකාට ඇතිවන්නේ බොරු වැඩ හෝ සෝබන යන සිතුවිල්ලයි.. 
බොහෝ සැහැල්ලුවෙන් යාලුවාගේ තෙලට වැටී ගෙන සැහැල්ලු ඇඳුමින් සිය කාර් රථය පසුකර ගිය සුමිත් තමා නුදුටු බවත් මේ වෙලාවේ ඔහු වෙන කල්පනාවක යන්නට ඇති බවත් දීප්තිකා වටහාගති. නමුත් දීප්තිකා නැවතත් හැරී සුමිත් දෙස බැලීය. එය අකලංකට අසු විය.. කවුද දන්න කෙනෙක්ද අකලංක ඇසීය??
නෑ මගේ පේෂන්ට් කෙනෙක්..හොස්පිටල් එකේ හිටිය කෙනෙක්...දීප්තිකා උත්තර දුනි.
ව්‍යායාම කරන කතුන් පිරිසක්.
අකලංක සමග ව්‍යායාම පිණිස ගිය දීප්තිකාට වෙනදා පරිදි ප්ලාස්ටික් හිනාවක් දාගෙන අකලංකගේ යාලුවන් සමග සිනා සෙන්නට සිදු විය..නොයෙකුත් ව්‍යායාම වල නිරත වන්නට සිදු විය. එය මුහුද අයිනේ පිහිටි ලක්ෂණ තැනකි සවසට ව්‍යායාමයට පිරිස රැස්වෙන තැනකි..මෙවන් විටෙක සුමිත් ලඟ සිටියානම් හොර බලලා මෙන් තමා දෙස බලා සිටිනු ඇතැයිද..තමුන් ද ඔහු සමඟ සිතින් එක් තැන් වනු ඇතැයිද දීප්තිකාට සිතුනි..අකලංක ලෝකයේ වැඩ හිස මත දාගත්තෙකි..ඔහුට නව ඩිස්පැන්සරි දැමිය යුතුය..තවත් ඉගෙන ගත යුතුය..තවත් බොහෝ දේ කල යුතුය. නමුත් තමුන් සුමිත් සමඟ කතාකල ඒ වාට්ටු සමය තුලම ඔහුට මේ දේ අනාගතය වෙනුවෙන් කල ඇතැයි කිසිවක් නොවිය..ඔහු අද ජීවත් වීය..අද හැන්දෑව ඔහුට හැන්දෑවම විය..නමුත් තමා සහ අකලංක ජිවත් වන්නේ හෙටය..අද යනු කටුක දවසකි...නමුත් සුමිත්ට හෑම දවසම පූර්ණ දවසකි..කාලයක් තිස්සේ අධ්‍යාපණය සහ වෛද්‍ය වෘත්තිය සහ වෙනත් සමාජිය වටපිටාව මතින් ඇතිවුන ඒකාකාරි බව නැමැති ගංගාවේ අකලංක ගලන පැත්තටම පීනන අයෙකු ලෙසත් සුමිත් උඩුගංබලා පීනා එතැනම නැවතී සිටින්නෙකු ලෙසත් දීප්තිකාට වැටහුනි..


අවසන දවස් ගානක් තිස්සේ අකලංක සමග ආ ව්‍යායාම් ගමන් සේම මේ ගමනත් නියමිත පරිදි වෙලාවට නිමා විය..ඒ අතර කොතෙකුත් අනේ සුමිත් එක්ක ල ගියෑනම් යැයි ඇයට සිතුනි..අද ඔයා මොකද අමුතු වෙලා,,??මොනාහරි ප්‍රශ්ණයක්ද?? ඔයා ඔය හොස්පිට්ල් එකේ වැඩිකල් ඉන්න ඕනි නෑ..ඔහෙ වැඩ වැඩි තමයි..බලමු වෙන තැනක් ...මං දන්න කියන තැනක් හොයන්න බලන්නම්..කොදෙ වැඩ වැඩිකියල දැනගෙනත් ඔයා කිව්වනේ පුලුවං කියල..


අකලංක සිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මානසික ආතතියක් බවය..එතනින් එහාට එය එන්නට ඇත්තේ රජයේ රෝහල නිසාය යැයිද ඔහු සිතයි...
  එදා රෑ සුමිත්ට කෝල් කරන ලදී..ඔහු නාට්ටිය බලන්ට ගිය බවත්..එය ඔහු ආසා කරන එකක් වූ බවත් එහිදී හමු වූ යාලුවන් සමග බියර් එකක් ගසා ඉන්පසු බෝඩිමේ උන් සමග මිස්ට බීන්ගේ කොමඩියක් බලන බවත් එය නිමවු පසු වැඩිදුර කතාකල හැකිබවත් සුමිත් කීය..මේ යෝදයට කොමඩිය ලොකුයි මට වඩා..පිස්සා..යැයි දීප්තිකා සිතීය..එහෙත් ඒ පිස්සාට එය එසෙ විය යුතුය..


දිනක් දෙකක් ගතවිය..අකලංක වෙනත් යාලුවෙක් සමග පිටරට ගොසිනි..දීප්තිකා අකලංකට කතාකලේය..එදින අකලංක වෙනත් රටකය..ඉන්පසු සුමිත්ට කතා කලේය..
රෝහලේ රාජකාරි එතරම්ම නොවූ එදින සන්ධ්‍යාවේ කුමක් හෝ වැදගත් දෙයක් නැතිබව දීප්තිකාට දැනුනි..මේ නාට්ටිකාරයා..ඔයාගෙ නාට්ටි අද නැත්ද?/අපිට බලන්න ඈ..නිවාඩු දවසට ඩෝං ගාල නාට්ටිදානව විතරද?/
ම් මෙහෙමයි අද තියෙනව ෆිල්ම් පෙස්ටිවල් එකක්..නිකම් පෙන්නන්නෙ..කන්නත් දෙනව..මං හොරෙන් යන් ඉන්නෙ..ඔයත් එනවද??සුමිත් ඇසීය..

හොරෙන් යනවනම් මං මොකටද?/දීප්තිකා ඇසීය..
යාලුවො එක්ක ගියෑම උන්ෙග බණ අහගෙන ඉන්න වෙනව..අනික හරි කරදර..මේක ටිකක් හොඳම ෆිල්ම් එකක් මං නෙට් එකේ බැලුව..ඔයා එනවද??
යාලුවන්ට අසුවෙනවාට හොරෙන් යෑම..නිකම් කන්න යෑම දීප්ත්කාට නම් සුමිත්ගේ තවත් පිස්සු වැඩක් ලෙස පෙනුනි..
දීප්තිකා කාර් එකේ එනබවත් ඔහුටත් ලෑස්ති වී සිටින ලෙසත් කියා දීප්තිකා හවස ගොස් ඒ ෆිල්ම් බැලීමට ගියේය..ඒවා පෙන්වනුයේ නිකම් ය..මුදල් ගන්නේද නැත..එහෙත් එය රසවත් ෆිල්ම් එකක්ම විය.. ඔවුන් දෙදෙනා මුලදී ඈත් වී ගෙන බැලුවත් ව්රෝන් ටර්න් ෆිල්ම් එකෙහි ආකාරයේ වර්ගයේ බය හිතෙන දර්ශන කිහිපයක් වූ හෙයින් බිය වූ දිප්තිකා සුමිත්ගේ පපුවට තුරුලු විය..බය වෙන්න දෙයක් නෑ බබා..ඒ බොරු ..ඒත් සවුන්ඩ් නිසා මාරයි නේ යැයි කෙඳුරුවේ වසර ගණනක් එකට සිටි පෙම්වතුන් ලෙසටය..අවසන සිනමාශාලාවෙන් ඉවත යනවිට දෙදෙනා පෙම්වතුන් ලෙස ඉවතට ගියෝය..ඒ අතර සුමිත් විසින් හොරාට ආවාට, පසුව ආරන්චිය දැනගෙන ෆිල්ම් එක පටන් ගෙන විනාඩියකට දෙකකට පසු සුමිත්ගේ මිතුරන්පැමිණ තිබුණි..ජෝඩුව අලුත් බැන්ද කපල් එකක් පරිදි යද්දී මිතුරන්ට අසුවිය..නෑ මේ යාලුවෙක් යැයි කියන්නට සුමිත් හැදුවත් ඔවුන් ගිය විලාශය නිසා කියන්නට හදන බොරුව ලෝඩ් වන්නේ නැතැයි සුමිත්ට සිතුනි..සික් මුන් මෙතන්ටත් ඇවිත් යැයි සුමිත් සිතීය..
.ඒ ෆිල්ම් බැලීම අල්ලලා ගියේ, ෆිල්ම් එකේ හොඳටද නැත්නම් සුමිත් ගේ උණුසුම නිසාදැයි වටහාගන්නට දීප්තිකාට නුපුලුවන් විය..නමුත් තත්වය දරුණු විය..
ඉන්පසු දිනෙක අකලංක නොමැතිදිනෙක අකලංක ව්‍යායාම කරන ස්ථානයටම සුමිත් සමඟ දීප්තිකා ගියේය..එදා දින ව්‍යායාම නොදත් සුමිත් ගල් රූපයක් සේ දීප්තිකා දෙස බලා සිටී..සුමිත්ට ව්‍යායාම කියා දෙමින් දීප්තිකා නැවෙයි..ඇඹරෙයි..ඔයා මේන් මේ එක්සයිස් එක තමා බඩට කරන්න ඕනි..දීප්තිකා කියමින් එය කරයි..
ඒ උණාට මං ආස ඒකට නෙමෙයි...අර ඔයා ඉනෙන් නැමිල පස්ස පස්සට දාල ඉස්සරහට නැමිල කරන්නෙ ආන්න ඒකට..ඒක කරන්නෙ ඉනට නේ ලමයො..ඔයාට ඕනි කිව්වෙ බඩ එයි කියල බයට එක්සයිස් කරන්න නේ..දීප්තිකා කීවාය..
කවුද කිව්වෙ මං ඒක කරන්න ආසයි කියල..ඔයා ඉන ඉස්සරහට දැම්මම පස්ස කොටස ලස්සන......එය කියා නිම කිරීමට නොහැකිවිය..
වල් ගහ..මෙතන එක්සයිස් කරවන්න එක්කරන් ආවම..ටීචගෙ ලස්සන බලනවද??කියා ඇසීය..ඔයාට ගහන්න ඕන ග්‍රැමොක්සෝන් වලටත් වඩා හොඳ වල් නාශකයක්..මට මතකයි ඒ ලෙවල් කාලෙ මගේ ලඟින් හෙලවෙන්නෙ නෑ..හරියට සිකුරිටි වගේ..තාමත් හැදිල නෑ..මහලොකු ක්ලාක් මහත්තය...යැයි කියමින් ඔහුගේ උරහිසිට පහරක් එල්ල කිරීමට දීප්තිකා සැරසුනි..නමුත් සැනින් සුමිත් ඉවතට පැන්න හෙයින් දීප්තිකා මඳක් වැටුනි..
ඉන්පසු මඳ දුරක් ගිය සුමිත් එක්වර නැවතී ඇයට විහිලු කලේ දිවද අදිමිනි..ඔහු දිව අදින විට බොරු තරහක් මවාගත් දීප්තිකා ඔහු පසුපස පන්නන්නට විය.. ඉන්පසු සුදු කපල් එකක් පරිදි ඔවුන් දෙදෙනා ව්‍යායාම නවත්වා පෙම් කෙලින්නට පටන් ගති..


එක්වරම කැඩුනු ඔරුවක නැගී සිටි දෙපලගෙන් සුමිත් ඈත අහස දෙස බලා කල්පනා කරන්නට විය..ඉන්පසු පහත් හඬින් ..අපි ප්‍රමාදයි සුදු..මට ඔයාව ඕනි..ඒත්..අකලංක ඔයාට ලව් කරන්න අරන් අවුරුදු 4ක්...එයාට කොච්චර දුක හිතෙයිද?/මට මේ රටේ නැතිවෙන්න දෙයක් නෑ..මං ඔයාලගෙ ලෝකෙ දාල රට යන්න ඉන්නෙ..නැත්තං අපිට වෙන්නෙ තවත් බලාපොරොත්තු තියන් ඉන්න ගොඩක් අයගෙ බලාපොරොත්තු කඩා දාන්න..
එවන් දෙබසක් මෙවන් විටක දීප්තිකා බලාපොරොත්තු නොවීය..මේ ඇතිවුන සිද්ධි හෙවත් ව්‍යායාම කතා ෆිල්ම් බලන්න ගිය කතා සහ වාට්ටුවේ කතා අකලංක නොදැන සිටියා වන්නට නොහැක..ඔහු දැනගන්නට ඇත..නමුත් හරියටම අසුවන තෙක් ඔහු සිටිනු ඇත..දැන් අකලංක තමාගේ ලෝකයට බොහෝ දුරය..ප්‍රවීන වෛද්‍ය විශේෂඥයාට වඩා ක්ලාක් සුමිත්ට තමුන් කැමති වී ඇත..තමුන්ගේ හිත ක්ලාක් කාරයෙක් විසින් සොරාගෙන ඇත..ඇගේ යාලුවන් නෑයින්..තබා එකට වැඩකරන බොහෝ දෙනෙක් මේ සම්බණ්දයෙන් දක්වනු ලබන ප්‍රතිචාර සැහැල්ලු විය නොහැකි බව දීප්තිකාට දැනෙන්නට විය..
රෑ නිදිවරා පැය ගනන් කල්පනා කලත් ඇයට සුමිත් ගෙන් ඈත් විය හැකි මගක් වත් අකලංක ලංකර ගත හැකි මගක්වත් කල්පනා නොවීය..මෙතෙක් හිසමත තැබාගෙන එහෙමෙහෙ ගිය මහා බරක් පසෙක ලා සැහැල්ලු දිවියක් තමාට ලැබෙන සුන්දර අනාගතයක් ගැන් සිහින මැවෙන්නට විය..තමුන් කුඩා කල පැතු බොහෝ දේ තමාට මේ ලොව තුලම ඇත..
දීප්තිකාෙග් සිද්ධිය ඉන්පසු අකලංක වෙරිමතින් විත් දීප්තිකාගේ නිවසේදී දීප්තිකාට පහරදීමට සැරසීම..ඉන්පසු වලි දාගන්නවායැයි ඇනෙක්සි කරුවන් විසින් බ්ලැක් ලිස්ට් කරනු ලැබූ දීප්තිකාට ගමට යන්නට සිදු වීම..
ගමේ සිටි නෑයින් වෙත දන්වා සිය චරිතය සම්බන්ධ කටකතා අකලංක විසින්ම ගොතා තිබු බැවින් යලිත් ගමට යා නොහැකි වීම..
ආදි දේ නිසා හදිසියේ අකලංක සහ දීප්තිකා විවාහ විය..මෙහි මාසයක පමණ කාලයක් අප්‍රසිද්ධියේ සිට පසුව..ඔවුන් දීප්තිකාගේ යහලුවන්ගේ අනුභාවයෙන් ඕස්ට්‍රේලියාව කරා නික්මුනේය..
එහිදී වෛද්‍යවරියක්ම විය නොහැකි වුවත් දීප්තිකාට රැකියාවක් සොයාගත හැකිවිය. සුමිත්ද පෙර තිබු සැහැල්ලු බව මඳක් ඈත්කර තරමක් සාමකාමීව දිවිගෙවුමට හැකිවිය.
මේ කතාවේ පලමු කොටස මෙතැනින් කියවිය හැක..

ස්පර්ශක ආදරය (touch love)

ඒ පිටකොටුව බස් නැවතුමයි සුමිත් සහ දීප්තිකා යලි හමු වූයේ ඒ ටකරං මඩු වැනි පිටකොටුව බස් නැවතුමේදීය. සුමිත් දීප්තිකා ඉන්නවා දැක පෝලිමට එකතු විය..පෝලිම දිගු එකක් නොවූයෙන් දීප්තිකාට පසුපසින් සුම්ත්ට සෙට් විය හැකි විය..ඔවුන් දෙන්නාට දෙන්නා දනී.. නමුත් කතා බහක් නැත.. ඔවුන් දෙදෙනා බස් රියට නැග එක ළඟින් වාඩි විය. සුමිත් සාමාන්‍ය සොබාවයෙන්ම කුලෑටි කෙනෙකි. එතරම් සබා බිය දුරු කල අයෙකු නොවේ. එහෙත් දීප්තිකා එසේම නොවේ. රජයේ ජනප්‍රිය රෝහලක වෛද්‍යවරියක වූ ඇය සාමාන්‍ය වෛද්‍යවරියක් නොවන තරම් ඇය සමාජශීලිය. ඇය වෛද්‍යවරියකි. ඇයට අමාරුවෙන් කාර් එකේ නැඟ රිය පදවනවාට වඩා සුඛෝපබෝගී බසයක නැග යෑම මැනවැයි සිතී මේ සුෙඛා්පබෝගි බසයට නැංගාය. සුමිත් ටැග් වෙමින් සිට අවසානයේ ඔයාට මාව මතකදැයි ඇසීය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත. දීප්තිකා ගල් ගිල්ලා වැනිව සිටී. දීප්තිකා මං හිතන්නෙ ඔයාට මාව මතක ඇති. එවර සිහින් හඬින් දීප්තිකාගේ කණට කොඳුරන්නාක් මෙන් සුමිත් කීවේය. එවිට දීප්තිකා ඔයා අපි එක්ක නේ ක්ලාස් ගියේ මට මතකයි..කීය. ඔවුන් අතර තිබූ සම්බන්ධතාවයෙ ආකාරය අනුව ඔවුන්ට දිගටම කතාව කරගෙන යා හැකි මානසිකත්වයක් නොවීය. 

මේ දෙදෙනාම මීට අට වසරකට එපිට එකම රියේ එකම දෙසට පන්ති ගිය දෙදෙනකුය. ඔවුන් දෙදෙනා කොතෙකුත් ගැටී ඇත. නමුත් ඔවුන් අතර වචන නම් හුවමාරුවී නැත.
දිනක් සුමිත් සිය පොත් දෙකට අමතරව සීඩි කිහිපයක්ද ගෙන බස්රියට නැගුනේය.ඉන්පසු බස් නැවතුමකින් බසයටනැගි දීප්තිකා සුමිත් අසලය. කෙමෙන් කෙමෙන් තනි අතින් ඉහල බාර් එකේ එල්ලී සිටි සුමිත් දීප්තිකා අසලට ලං විය. දීප්තිකා හොරැහින් බැලීය. ඉන්පසු එදින සිදුවිය යුතු පරිදිම දෙන්නා වෙලෙමින් ගියේය. දින කීපයක් ගියේය. ඉසුරුමුණියේ පෙම් යුවලසේ දීප්තිකා සුමිත් දැන් බස් රියේ වෙලෙමින් යයි. එකළඟ බස් නැවතුම් දෙකක් ළඟින් නගින නිසා ඔවුන් දෙදෙනා සෙට් කිරීමට පාරේ ඇති වංගුවලටවත් කොන්දොස්තර මහතාටවත් ඩයිවර අයියාගේ තිරිංග පහරටවත් යලි යලිත් වෙහෙසීම අවැසි නොවේ. එහෙත් සවස පංති ඇරී පැමිණෙන විට නම් එය ටිකක් අමාරු කාරියකි. සමාර දිනෙක සුමිත් පසුපසින් නගින අතර දීප්තිකා නගින්නේ ඉදිරි දොරෙනි. එවිට කොන් මහතාගේ දැඩි පෙරැත්තයට පින්සිදු වන්නට දෙන්නාට බස් රියේ මැද හරියේදී එකට හමු විය හැක..
 මේ දෙදෙනාගේ අසාමාන්‍ය පලහිලව්ව දැකගත් සමහර අයෙක් දීප්තිකා වනාහි ස්ටාටර් මෝටර්රහිත ව ස්ටාට්වෙන ක්ෂණික වස්තුවක් යැයි සිතා දීප්තිකාට කිට්ටු විය. එහෙත් ඔවුන්ට ලැබුනේ රැවුම් ගෙරවුම්ය. දිනක් දීප්තිකා සුමිත් නැති දිනෙක බස් රියේ වාඩි වී යන අතර කොල්ලෙකු විසින් අනවශ්‍ය ලෙස කකුල් ඇල්ලීමට යෑමේදි දීප්තිකාට මාට්ටු විය. එදා දීප්තිකාගේ කුඩය කැලි හැලෙන තුරු අර අදාලකොල්ලාගේ කකුලට ගුටි සම්භ විය. අනික් සියලු දෙනාට දීප්තිකා රලු උවත් සුමිත් අසලදී වෙනමම ගනුදෙනුවකි තිබුනේ. සුමිත් දීප්තිකා අසලට කිට්ටු වෙනවාත් සමගම අර ජනප්‍රිය කුනුහරුප කතා වල එනවාක් මෙන් එකවර දෙදෙනා වැඩ පිලිවෙල පටන් ගන්නේ නැත. ක්‍රමයෙන් ක්‍රමය ඔවුන් දෙදෙනා වැඩ පිලිවෙල ගෙනයයි. බස් රියේ යන මේදෙදෙනා නොදන්නා අය මේ ජෝඩුවක් දෝ හෝයි සිතා බලමින් ඉරිසියා කරයි. ස්වල්ප දුරක් යනවිට ඔවුන් එයින් මුසපත් වෙයි.. දීප්තිකාගේ හුස්ම වේගය ඉහල යයි. සුමිත් ගේ සියලග දැවෙයි. මේ කාර්යය වෙනත් විශ්වාසවන්තම යාලුවෙකුට පැවසූවිට ලැබුනු උපදෙස් අනුව දීප්තිකාගේ පශ්චාත් භාගය අතින් ඇල්ලීමට සුමිත් වතාවක් උත්සාහ කලේය. නමුත් එදා සුමිත් දැවී හලු වී යන පරිදි දරුණු ආකාරයේ රැවීමකට ලක්වන්නට සුමිත්ට සිදුවිය. විශාල කැටයම් දැක්වීමට යෑම මෙවන් කුඩා පියවරයන් පවා අහිමි වී යැ හැකි බැවි සිතුනු බැවින් ඉන් පසු කෙරෙන ආකාරයට බස් රිය තදවෙන ආකාරයට මිරිකෙනවා විනා වෙනත් අමතර දේ ගැන සිතන්නට සුමිත් නොගියේය. එය සුමිත්ගේ මිතුරන් දුටු ආකාරයට පිරිමිකමට නොගැලපෙන්නක් විය. එහෙත් අනවශ්‍ය පිරිමිකම් දාන්නට ගොස් නිකම් දෙන දන්සැල නවත්වාගන්නට සුමිත් කැමති නොවීය..
  ඈ සමඟ කතා කල යුතුයැයි රෑ එලිවෙනකල් සිතාගෙන සිට ආවත් උදේ හමුවූ පසු ගුඩ් මොනින් කීමෙන් එහාට සුමිත්ට යා ගත නොහැකි විය. මේ හොර ආදරය දීප්තිකාගේ මිතුරියන් දැන සිටින්නටද ඇත. සමහර දිනෙක දීප්තිකාට හො සුමිත්ට වාඩිවීටම අවසර ලැබුනත් ඔවුන් දෙදෙනා එවිට මහා දානපතියන් මෙන් නැගිට සිටින අයවලුන්ගෙන් අසරණ පෙනුම ගෑවුන කෙනෙකුට අසුන දී සිටගෙන යති. දීප්තිකා දක්ෂ ශිෂ්‍යාවක වූවාය. සුමිත් නම් නටපු නැටුමකුත් ගහපු බෙරේකුත් කල දේකුත් නොකල දේකුත් නැති ලෝකයෙන් මඳක් ඈත්වූ කෙනෙකි. එතරම් කතාබහක් කිසිවෙකු සමග නැත. ඉගනීමටද එතරම් උනන්දුවක් නැත. 
 එකල දිනක් සුමිත්ගේ අම්මා සුමිත්ලාගේ අයියාට පතුරු යනතුරු බැන්නේය. එහි වරද ඇත්තෙ නංගී අතය. සුමිත්ගේ නංගී මෙ බලන්න අම්මෙ මේ කොල හරිම සුවඳයි මටත් ගෙනත් දෙන්න ඈ යැයි කියමින් අයියාගේ පෙම් හසුනක් සුමිත්ගේ අම්මාට දී ඇත. එය කියවා බලා කාරණය ධාරණය කරගත් අම්මා සුමිත්ද ආපසු දේශනාව පටන් ගත්තේ හෙමිජ්ජා වගේ උන්නාට සුම්ත්ද එතරම් පොතට නැඹුරු එකෙකු නොවන නිසාය..උඹලට පේන්නෙ නැද්ද අර මහ මනුස්සය කොයි තරම් මහන්සි වෙනව ද කියල. ඔව් ඉතින් බොලාට දැනෙන එකක්ය..
කොහේ හරි යන සකරවට්ටම් නලවන්න උඹල වියදම් කරන්නෙත් ඒ මනුස්සයයි දාඩිය සල්ලි. ඔන්න උඹල ඇතිවෙන්න බඩට කාපල්ල ඒ කමක් නෑ..ේම එක එක කුමාරිකාවොන්ට එක එක ජාති අරන් දෙන්න අර මනුස්සය දාඩිය මාන්සියෙන් හම්බ කරන සල්ලි වියදම් කරනව කියන්නෙ...??අර එකියක් ලියල තිබුන මගෙ පණ මට අරන් දුන් තෑග්ග නම් හරිම වටින එකක් කියල..ඔව් ඉතින් ඒකිගෙ අතින් පයින් ගියායැ...පණ බැරිනම් ආත්මෙ කිව්වම මොකද??
අනේ බොලාටත් පායනවනේ..තාත්ත දැනගත්තොත් ඔය කරන කෝස් එකත් නවත්තල කොළඹ අරී..අයියා ත් සුමිතුත් ඒ සියල්ල අසා සිටියේය. සුමිත්ට අම්මාගේ වචන කිඳා බැස්සේය. පසුදින ඔහු දීප්තිකාට දුරින් සිට යන්නට පටන් ගත්තේය.. නමුත් ලස්සන බාස්කට් බෝල් ගහන ගෑල්ලමයි අඳින වැනි සාය..ඒ මතින් ඉල්පී සුමිත් දෙස බලා හිනාවනවා වැනි ඇගේ උකුල සහ පස්ස දකින විට සුමිත්ගේ සිල් බිඳෙයි..යලිත් මලට ඇඳෙන බඹරා මෙන් ඇය ළඟටම කිට්ටු වෙයි..
 කෙසේ හෝ තාත්තා අයියාගේ කෝස් එක ලව් කේස් එක හේතුවෙන් නවත්වන ලදී..සුමිත්ද කොළඹට ආවේය..ඔහුට දිගු කලක් යනතෙක් යලිත් දීප්තිකා දකින්නට බැරිවිය. ඉන්පසු මාසයකින් දීප්තිකා යා යැයි සිතිය හැකි බසයට නැංගත් එදින දීප්තිකා නැති විය. කෙතෙක් ආරන්චි කර බැලුවත් ඇය ගැන තොරතුරක් සොයා ගත නොහැකි විය. ඇය නැවතී සිටියේ නෑදෑ කෙනෙක්ගේ නිවසේය යන ඇගේ යාලුවන් දැන සිටි කරුණ පමනක් සුමිත්ද දැනගති..


 අපි යලිත් සුඛොපබෝගි බසයට එමු. මඳ වේලාවකින් දෙදෙනාටම නින්ද යන්නට විය. කිහිප විටක් ඇගේ හිස සුමිත්ගේ උරය මත කඩාවැටෙන්ට ගියත් ඒ හැමවරම සොරි යැයි කියා නිහඩ විය. ඔයා තාමත් කොළඹද ඉන්නෙ?? එක්වරම දීප්තිකා කථාකරන්නට විය.. ඔව් මං කොළඹ ඉන්නෙ..එවිට ඔවුන් දෙදෙනා සම්මත ජෝඩුවක් පරිදි විය..ඔවුන් දෙදෙනා යලිත් හමුවිය. මේ අවස්ථාව වනවිට දීප්තිකා විවාහ ගිවිසිමට ඔන්න මෙන්න පෙම්වතියකි. සුමිත් තවම විවාහ ගැන යම්තම් වත් සිතා  නැත.
.
දොස්තර නෝනා කෙනෙක්..

  මෙකල සාමාන්‍යයෙන් වන පරිදි ඔවුන් දෙදෙනා දුරකථන අංක හුවමාරු කරගත්තෝය. ඉන්පසු රාත්‍රියේදී කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතර යම් උදරාබාධයක් හේතුවෙන් සුමිත්ට ඉස්පිරිතාලගත වන්නට සිදුවිය. එහෙත් සුමිත් දමාගෙන සිටි ලොකු සයිස් රක්ෂණ ඔප්පුවට සරිලන ලෙස දින ගණනක් සිටීමට සහ අපහසුතාවකින් තොරව ඒ කටයුතු කරගැන්ම සඳහා දීප්තිකා එවිට සිටි රෝහලට ඇතුල් වීමට සුමිත් සිතා ඒ ගැන දීප්තිකාගෙන් ඇසුවේය. දෙවරක් නොසිතා දීප්තිකා ඒ සඳහා අවසර දුන්නාය. සුමිත් සිතාසිටියාට වඩා තත්වය තරමක් දරුණු විය.. මුලදී සුමිත් බලන්නට කිසිවෙකුත් නිවසින් නොපැමිණියේය. සුමිත් සාමාන්‍යන් කිසිවෙකුට කරදර කිරීමට අකමැති කෙනෙකි. දීප්තිකාගේ පෙරැත්තය නිසාවත් ඔහු නිවසට නොකීමට සිටි අදහස් වෙනස් නොකලේය..කිසිවෙක් සුමිත් බලන්නට නොඑයි. නමුත් අවට සිටින අයට බොහෝ දේ සුමිත් ගෙනැවිත් දෙයි. එලියට යෑමට නෙැහැකි කල ලෙඩුන් බලන්නට එන අය රී ලෝඩ් දැමිමට ආදියට එලියට ගොස් එන විට සුමිත් ඔහුටත් අවට සිටින අයටත් සරිලන ලෙස බඩු ගෙනැවිත්දෙයි..තරමක අමාරුවෙන් සිටියත් සුමිත් ඔහු හදාගන්නා නෙස්ටමෝල්ට් එක හතර වටේම බෙදමින් නෙස්ටමෝල්ට් ජෝගුවක් පමණ හදාගෙන වටේ කරක් ගසමින් ඒවා බෙදයි.. සුමිත් එතරම් සමාජශීලි නැතත් ඔහුට ආවේනික කරුණාවන්ත හදවතක් විය. එය දීප්තිකා සිත බැඳ ගන්නට සමත් විය. තමුන්ගේ දියුණුව ගැන නිතර සොයාබලන අකලංක නැමැති දීප්තිකාගේ පෙම්වතාට වඩා අනුන්ගෙ ලෙඩ ගැන සොයාබලන සුමිත් දීප්තිකාට ගෙනාවේ මහත් සැනසීමකි. අකලංක කැම්පස් යන කාලෙයේ සිට දිප්තිකා දන්නා කියන කෙනෙකි.
නමුත් අකලංක සිය පවුල තමා සහ ඔහු හැර වෙනකෙක් දිහා බලන්නේ පිට අයෙක් වැනි ඇසකිනි. කොටින්ම සිය පවුලේ අය ගැන පවා අකලංකට ඇත්තේ දුරස්ථ හැඟීමකි. එය දීප්තිකාට දිරවන්නක් නොවීය. සුමිත් ඉස්පිරිතාලයේ නැවතී දින දෙකක් තුනක් ගියේය..ඉන්පසු එක් මිතුරෙක් සුමිත් බලන්නට ආවේය.. ඉන්පසු සිද්ධිය වෙනස්විය.. ඔහුගේ කාර්යාලයීය. සහ තවත්බොෙහා් මිතුරන් සුමිත් හමුවන්නට ආවේය. ඔහු ලෙඩ වී ඇතිබව නොදැන්වීම ගැන බොහෝ දෙනා දොස් පැවරුවේය..පසුව වාට්ටුවේ ජනප්‍රියතම චරිතයක් බවට සුමිත් පත්විය. තරුණ නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔහු වට සිටින විට දීප්තිකාගේ සිතෙ යම් කිසි කලබලයක් විය. එය කිමෙක්දැයි නොදන්නා නමුත් ඔහු ලග සිට විස්තර කතාකරන්නට හදන නර්ස් කෙනෙක් ගැන දීප්තිකාට ගෙන ආවේ සතුටක්නොව තරහවකි. තරමක් සංකීර්න ස්ථානයක ගෙඩියක් වැනියමක් ඇති වී තිබුණ බැවින් දින හතක් පමණ සුමිත් වාට්ටුවේ නැවතී සිටියේය. දීප්තිකාගේ යහලුවෙක් යැයි සිතු බැවින් සුමිත්ට ලැබුනු තැන ඉහල තැනක් විය.
  ඒ වාට්ටුවේ සිටි නිවාඩු දිනවල පවා දවසට දෙතුන් වරක් සුවදුක් බලන්නට ඒම දීප්තිකාගේ සිරිතක් විය. ඒ හේතුවෙන් අකලංක සමග යොදාගෙන තිබූ හමුවීම් කීපයක් අවලංගු කරන්නට ඇයට සිදුවිය. නමුත් සිත පුරා දිවයන අමුතුම මිහිරක් පැරණි මතක සුවඳ අතරින් හමායන්නාක් මෙන් සුමිත් අසල සිටින දීප්තිකාට දැනෙන්නට විය. කාර්යබහුල වෛද්‍ය දිවිය නිසා ජීවිතයේ ඇතිවි ඇති වේදනාකාරී බව දීප්තිකාට ඇතිකලේ වෙහෙසකි. ඒකාකාරී ජීවිතය කවදා කෙලෙස කෙදින  ඉවර වේදැයි ඇයට කීමට නොහැකි විය. තමුන්ගේ අත ලැබේ යැයි සිතා සිටින අකලංකද වෛද්‍ය වරයෙකි. තමා වැනිම පීඩනයකින් සිටින දවසේ පැය 10-12ක් වැඩ කරන කෙනෙක් සහකරු කරගැන්ම ගැන නැවත සිතාබලන්නට දීප්තිකාගේ සිත යොමුකලේ සුමිත් ගේ නෙත් අගින් ගිලිහෙන අහිංසක මනුෂ්‍යත්වයද නැත්නම් ඒ වටාබැඳි ඉපැරණි රාග ධාරාදැයි සිතාගැන්මට ශරීරය විනිවිද දැක ඇති දීප්තිකාට නුපුලුවන් විය..
  වැඩි කතාබහක් නැතත් අවට අය ගැන සැලකිල්ලෙන් සිටින කෑම ගැන්ම ආදි දේදි එකතුව වැඩකල සුමිත්ගේ නික්ම යෑම දීප්තිකාට වැඩියෙනුත් ඒ හා සමානවම නැතත් වාට්ටුව ආශ්‍රිත සියල්ලන්ගේම දුක් ඇතිවීමට හේතු විය. මිනිසුන් ලෙඩුන් පිරීසිටියත් සුමිත් නැති වාට්ටුව දීප්තිකාට පෙනුනේ මල සොහොනක් විලසිනි. සුමිත් මහත්තය ගියෑට පස්සෙ ඩොක්ට ටිකක් සැරවෙලා..අපි ටිකට් කපල යැව්ව වගේ නිකම් මෙයාගෙ ගෑස්..ඒ සුලු සේවකයෙක් ඒ ගැන ප්‍රකාශ කල අදහසකි..
 ඔයා ඇවිද්න්න දුරයන්න එපා..වැඩිය වෙහෙසෙන්න එපා..ඔහොම ඉන්න කන්සල්ටන්ට් කිව්ව ඔයාව ඉක්මනට යවන්න පුලුවන් වෙයි කියල..කිව් පසු සුමිත්ගේ ඇස්වලත් මුවේත් නැගෙන කාන්තිය දීප්තිකාට මතක් විය..
දින දෙක තුනකින් සුමිත් යලි කතාකලේය. ඔවුන් දෙදෙනාට ම ඇතිවූ සිත් වේදනා නිසාදෝ හෝ ඔවුන් එකිනෙකා දුරකථනයෙන් අැමතීමත් නැවතී තිබුණි. මේ ඔය වාට්ටුවෙ වටේ තියෙන කර්ටන් පරණ වෙලා තීන්ත පාරකුත් ගෑවොත් හොඳයි..එතකොට ඔයාටත් ඉන්න පුලුවන් නේ ලස්සන වාට්ටුවක..නේද දීප්ති??
ඉතින් සුමිත් ඒක ඩිරෙක්ටර් බලාගනී..ඔයා වදවෙන්න ඕනි නෑ..ඒ දීප්තිකාය..ඒ නැතත් ඕනි තරම් දානපතියො ඉද්දි ඔයා වගේ අය මේව කරන්න ඕනි වෙන එකක් නෑ සුමිත්..


 එහෙම කියන්න එපා දීප්ති ඔයා අපි වගේ යන්තම් මේ මිනිස්සුන්නගෙ සල්ලි නිසා ඉස්සරහට ආව අය නැතුව කවුරු මේව ගැන බලන්නද?/අවසන රොහල සමග කතාකොට එක් දිනක් තුල කම්කරුවන් 7-8 දෙනෙක් යොදවා තීන්ත ගෑමත් කර්ටන් දැමීමත් සිදුවිය. සුමිත්ගේ කැමැත්තක් නැතත් රෝහල් අධ්‍යක්ෂ වරයා විසින් බොහෝ කුඩාවට පවත්වන ලද උත්සවයකින් පසු කර්ටන් සහ අලංකාර වාට්ටුව බාරදෙන ලදී..ඒ වෙනුයෙන් රුපියල් ලක්ෂයක් පමණ වියදම් වන්නට ඇති බව දීප්තිකාට වැටහුනි.. රජයේ කන්තෝරුවක් හා සම්බන්ධ රාජකාරියක නිරත සුමිත්ට එය මාස තුන හතරක වැටුපක් මිස ඊට අඩු විය නොහැකි බව දීප්තිකාට තේරුණි. ඉන්ෂුවරන්ස් එක වුවත් එතරම් විශාල මුදලක් ලැබේද?


මගේ ඉන්ෂුවරන්ස් එකෙන් දවසට රුපියල් නවදාහක් ලැබෙනව..හොස්පිටල් හිටියොත්..මාසෙකට රුපිය්ල 10.000ක් ඉන්ෂුවරන්ස් එකට ගෙවනව.. මගේ පඩියේන් තුනෙන් එකක් ඉන්ෂුරන්ස් එකට..ඔයා ඊලගට අහන්නෙ ඇයි මේතරම් ලොකු ඉන්ෂුවරන්ස් එකක් කියල නේ..
 .ඔයා ගැන මං ගොඩක් බලාපොරොත්තු තියාගන හිටිය. එ්ත් ඉතින් අපි හමු උනේ නෑ.. පස්සෙ කාලෙක මට වෙන ගර්ල් පෙන් කෙනෙක් හමු උනා..මං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කලා ඒත් අවාසනාවට ඒක නැතිඋනා..මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක ඒ ගර්ල් යාලුවුනා.දැන් මාව දැක්කත් නොදන්න ගානට යනව..මගෙන් ෂුස් දෙකේ ඉඳල කොන්ඩ කට්ට දක්වා වියදම් අරගෙන මට වඩා හොඳ අත්තක් අහුඋනාම දාල ගියා..ඒක තමයි ලෝකෙ හැටි. පස්සෙ මං හිතුව මම තවත් කවදාවත් කසාද බඳින්නෙ නෑ කියල..ඉන්පස්ෙස ලෙඩක් දුකක් හැදුනොත් කියල ගන්න ලොකු ඉන්ෂුවරන්ස් එකක් දැම්ම..ඒකෙන් මං මලොත් ලකෂ පනහක් ලැබෙනව..කෝමද ආ..ලක්ෂ පනහක් කියන්නෙ මගේ මරණ ගෙදර තියයි නිකම් පාටියක් වගේ මගේ නෑයො..හහ් හහ් හහ්..හා...ඒකෙ එක කොන්දේසියක් තමයි ලොකු ගානක් ලැබෙන එක ලෙඩ උනාම..
ඉතින් සුමිත් ඔයාට ප්‍රයිවෙට් එකක නවතින්න තිබුන් නැද්ද ඔය තරම් ලොකු ගානක් දීලත්..ම්්ම්..ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ලක්ෂ දෙකහමාරක් ගෙවනව..ඒත් උන් ලගට ගියා කියල සල්ලි නාස්තිවෙනව විතරයි..
අඩු තරමෙ මේ සල්ලි වලින් වාට්ටුවෙ තීන්ත හරි ගෑවුනානේ..


ඒ උනාට ඔයා හිතන තරම් ලෝකෙ නරක නෑ සුමිත් ඔයාට ලස්සන ගර්ල කෙනෙක් ලැබෙයි ඔයාට සලකගෙන ඉන්න කෙනෙක්..

ඒ.ත් මට සල්ලි පස්සෙ දුවන්න තියෙන ආසාව කලින් සිද්දියෙන් නැති උනා..දැන් ගර්ල්කෙනෙක් හමු උනත් මට සල්ලි ඇත්තෙම නෑ..ප්ලෑනක් ඇත්තෙත් නෑ...මුකුත්ම නෑ වගේ නිසා කැමති වෙන එකක් නෑ..බාගෙදා කැමති වෙන්නත් පුලුහං..ඒත් මං ඉතින්වැඩිය ඕවට නෑ..ලෝකෙ කොයි තරම් දේවල් තියෙද ගැනු නැතුව..

  එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය..
 ( මේ කතාව තුල ඇති නං ගං හැර සියල්ල මනංකල්පිත වෙයි..)මෙහි..දෙවැනි කොටසක් ඇති අතර එය එතරම් රසවත් නොවනු ඇති යැයි සිතන බැවින් එය පලකලේ නැත..
  පසුව පලකරන ලද මේ කතාවේ දෙවැනි කොටස මෙතැනින් කියවිය හැක..

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...